07.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවාත්ම අවධානයෙන් මෙහි අසුන් ගන්න. මම ජීවාත්මයක්මි යන්න නොකඩවා ඔබ තුළට ධාරණය කර ගන්න. ජීවාත්ම අවධානයට පත්වන්න! ඔබගේ සත්‍ය වාර්තාව ලියන්න, ඔබ නොකඩවා නුවණැත්තන් වන අතර මහා යහපතක් අත්දකිනු ඇත.

ප්‍රශ්නය:
මේ අසීමිත නාටකය දන්නා දරුවන් ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු නීතිය කුමක්ද?

පිළිතුර:
මෙය සෑම නළුවෙකුටම ඔහුට අයිති වේලාවට ඔහුගේ චරිත කොටස රඟ පෑමට තිබෙන අවිනාශී නාටකයයි. ඕනෑම නළුවෙක් ඔහුට සාම දනව්වේ සදාකාලිකව සිටීමට අවශ්‍ය යැයි පැවසීම නීතියට පටහැනිය. ඔහුට එවිට නළුවෙක් යැයි නොකියනු ඇත. මෙම අසීමිත දේ ඔබට පවසන්නේ අසීමිත පියාම පමණයි.

ඕම් ශාන්ති.
තමන්ව ජීවාත්මයන් ලෙසින් සලකමින් මෙහි අසුන් ගන්න. ශාරීරික අවධානය අතහැර අසුන් ගන්න. අසීමිත පියා ඔබලාට පැහැදිලි කරමින් සිටියි. මේ දේවල් පැහැදිලි කිරීමට ඇත්තේ ඥානය නොමැති අයටයි. අප ජීවාත්මයන් අඥාන යැයි පරම පියා පැවසූ කළ, ඔහු කියන්නේ සත්‍යයක් බව ඔබ තේරුම් ගනී. ජීවාත්මයක් වන මා අවිනාශී වන අතර මෙම ශරීරය විනාශ වෙයි. මා ජීවාත්ම අවධානය අත්හැර ශරීර අවධානයේ සිර විය. එමනිසා, මා අඥානයෙකි. පරම පියා කියනවා ශරීර අවධානයට පැමිණීම නිසා සෑම දරුවෙක්ම අඥානයින් බවට පත්ව ඇත. ඔබව දැන් පරම පියා විසින් ජීවාත්ම අවධානයට පත් කර ඇත. එබැවින්, ඔබ සම්පූර්ණයෙන්ම නුවණැත්තන් බවට පත්වෙමින් සිටිනවා. සමහරු මෙලෙස වී ඇති අතර අනෙක් අය මෙසේ වීමට උත්සාහ දරමින් සිටිති.. ඔබ අඥානී වීමට කල්ප භාගයක් ගත විය. දැන් මේ අවසන් උපතේදී ඔබ ඥානවන්තයන් වෙන්න ඕන. චක්‍රයෙන් භාගයක් පුරා ඔබ ක්‍රමයෙන් අඥාන වී දැන් සියයට සියයක්ම අඥානී වෙලා! නාටකයේ සැළැස්ම අනුව ඔබ ශරීර අවධානයට පත් වෙමින් දිගටම වැටුණා. දැන් ඔබලාට අවබෝධය ලැබී තිබේ. ඒ කෙසේවෙතත්, දිව්‍යමය ගුණධර්මත් ඔබ අරගත යුතුව තිබෙන නිසා විශාල උත්සාහයක් ඔබ විසින් දැරිය යුතුව ඇත. ඔබ සම්පූර්ණයෙන් පාරිශුද්ධ වී, කලා 16 න් පිරී, සියලු ගුණධර්ම වලින් පිරී සිටි බව ඔබ දරුවන් දනී. දැන් මේ කාලයේදී ඔබ ගුණධර්ම රහිතව සිටී. ගුණධර්ම කිසිවක් ඉතිරිව නැත. ඔබ දරුවන් මෙම නාටකය අනුපිළිවෙලින්, තමන්ගේ උත්සාහය අනුව අවබෝධ කර ගෙන සිටී. ඔබෙන් ඇතැම් අය මෙය අවබෝධ කිරීමට වසර ගණනාවක් අරගෙන ඇත. කොහොමවුණත්, නවකයින් ඉතා බුද්ධිමත් වී සිටී. ඔවුන් අන් අයවත් එසේ පත් කරවීමට නොකඩවා උත්සාහ කරති. සමහර අය කිසිම දෙයක් අවබෝධ කරගෙන නොමැත ඔවුන් ඔහේ අඥානව සිටිති. ඔබව බුද්ධිමත් කරවීමට පරම පියා පැමිණ ඇත. ඔබ අඥානයින් වූයේ මායා නිසා බව ඔබට දැන් වැටහේ. අප වනද්නීයත්වයට පත්ව සිටි කළ අපි බුද්ධිමත්ව සිටියෙමු, අනතුරුව අප බැතිමතුන් වූ හෙයින් අප අඥානයින් වුණා. ආදී සනාතන දේවතා ධර්මය අතුරුදහන් විය. ලොවෙහි කිසිවෙකුත් මේ දේවල් නොදනී. ලක්ෂ්මී සහ නාරායන්ගේ රාජ්‍ය පාලන කාලයේ ඔවුන් බොහෝ ඥානවන්ත වී සිටියා. පරම පියා කියයි එය ඔබටත් අදාලයි. එය ඔබට අදාල යැයි ඔබ සිතිය යුතුයි. මේ දේවල් ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුය. ඔබට මේ ගැන පරම පියා හැරෙන්නට වෙන කිසිවෙකුට පැහැදිලි කර දිය නොහැක. ඔබට දැන් වැටහෙන්නට ඇති පරම පියා තමයි අති උසස්ම කෙනාත්, වඩාත්ම ඥානවන්ත කෙනාත් වන්නේ කියා. ඔහු තමයි ඥාන සාගරය. සියල්ලන්ටම ගැලවීම පිරිනමන්නා සහ පාරිශුද්ධ කරුවා. මේ සියලු වර්ණනා එක්කෙනෙකුගේයි. මේ අති උසස්ම පියා පැමිණ, දරුව දරුව යැයි පවසමින් ඔබට හොඳාකාරව පැහැදිලි කරයි දරුවනි, ඔබ දැන් පාරිශුද්ධ වෙන්න ඕන. මේ සඳහා එකම එක ඖෂධයක් පරම පියා සතුව ඇත. ඔහු කියයි යෝගා කිරීම මඟින් අනාගත උපත් 21 ට ඔබ නිරෝගීව සිටිනවා ඇත. ඔබේ සියලු රෝග සහ විඳවීම් අහවර වී ඔබ මුක්ති දනව්වට යනවා ඇත. මේ සදාතනික ශල්‍යවෛද්‍යවරයා සතුව ඇතිතේ එකම එක ඖෂධයකි. ඔහු ඇවිත් එක් එන්නතක් ජීවාත්මයන්ට දෙනවා. ඉගෙනගෙන නීතිවේදියෙක් හෝ ඉංජිනේරුවෙක් වන්නේ එක්කෙනෙකු පමණක් නොවෙයි. නැහැ, සෑම කෙනෙක්ටම තම තමන්ට කියා වෘත්තියත් තියෙනවා. ඇවිත් අපව අපිරිසිදු බවින් පිරිසිදු කරන්න යැයි ඔබ පරම පියාට කතා කළා. මන්ද යත් අපිරිසිදු වී සිටීමෙහි දුක ඇත. නිහඬ දනව්ව පිරිසිදු ලෝකය යැයි නොකියයි. දිව්‍යලෝකයට පමණයි පවිත්‍ර ලෝකය යැයි කියන්නේ. සාමය, සතුට අවශ්‍ය වන්නේ මනුෂ්‍යයන්ට බව කියැවේ. ශරීර නොමැති තැන සැබෑ සාමය පවතී. එයටයි ශාන්ත දනව්ව යැයි කියන්නේ. බොහෝ අය කියනවා, ඔවුන්ට ශාන්ත දනව්වේම සිටින්න ඕන යැයි කියා. එහෙත් එය නීතිය නොවේ. එය එසේ වූයේනම් ඔවුන්ට නළුවන් යැයි නොකියනු ඇත. ඔය දරුවන්ට දැන් නාටකය අවබෝධ වුණා. නළුවෙකුට ඔහුගේ රංගනය ඉදිරිපත් කරන්නට වූ විට ඔහු වේදිකාව මතට එයි. මේ අසීමිත දේවල් පැහැදිලි කරන්නේ අසීමිත පියා පමණි. ඔහුට ඥාන සාගරය කියා ද කියති. ඔහු සියල්ලන්ටම ගැලවුම පිරිනමන්නා සේම පාරිශුද්ධකරුවාද වේ. සියල්ලන්ම පාරිශුද්ධ කරන්නේ මහාභූතයන් විය නොහැකියි. ජලය ආදිය මූල ධාතූන්ය. එසේනම්, ඒවා ගැලවුම ලබා දෙන්නේ කෙසේද? කොටස් රඟ දක්වන්නේ ජීවාත්මයන්ය. හතයෝගා රංගනයන් රඟදක්වන්නේ ජීවාත්මයන්මය. බුද්ධිමත් අයයි මේ දේවල් වටහා ගන්නේ. මනුෂ්‍යයන් කෙසේ වන්දනීය වේද සහ වඳින්නන් වේද යන්න අන් අයට පැහැදිලි කිරීමට මඟ සෑදීමට පරම පියා ඔබට බොහෝ සේ පැහැදිලි කළා. වන්දනීයත්වයට සුදුසු වූවන් නව ලෝකයේ සිටින අතර වඳින්නන් පැරණි ලෝකයේ සිටිති. පාරිශුද්ධ අය වඳින්නට සුදුස්සන්ය. එහෙත් අපවිත්‍ර අය වඳින්නන් වේ. මෙහි සැවොම අපවිත්‍රයි, මන්ද, ඔවුන් උපත ලද්දේ පාපය තුළිනි. එහි ඔවුන් උසස්ය. මෙසේ සිහිපත් කර තිබෙනවා ඔවුන් සම්පූර්ණයෙන්ම උසස් අය වේ. ඔබ දරුවනුත් එසේ විය යුතුයි. මෙයට උත්සාහය අවශ්‍ය කරයි. ප්‍රධානම දෙය තමයි සිහිපත් කිරීම. ඔබ සැවොම කියනවා ස්මරණයේ හිඳීම අපහසු යැයි කියා, ඔබට වුවමනා තරම් වෙලාවක් හිඳීම කළ නොහැකියි කියා. ඔබ අවංකව ඔබගේ වාර්තාව ලියූවේනම් විශාල වාසියක් ඔබ අත්විඳිනු ඇත. පරම පියා මන්මනාභව ඥානය ඔබ දරුවන්ට දෙයි. ඔබ මෙය අවබෝධයකින් යුතුව කියයි. පරම පියා ඔබට සෑම දෙයෙහිම නියම අර්ථය නිරවද්‍යව පැහැදිලි කරයි. ඇතැම් දරුවන් පියාගෙන් විවිධ ප්‍රශ්න අසති. එමනිසා, පියා ඔවුන්ගේ හදවත දිනා ගන්නට ඔවුන්ට පිළිතුරු දෙයි. කෙසේවෙතත්, පරම පියා කියයි මගේ කාර්යය අපවිත්‍ර අයව පවිත්‍ර කිරීමයි. මේ සඳහායි ඔබ මට කතා කළේ. ඔබ පවිත්‍රව සිටි අවධිය ඔබ ජීවාත්මයන් දනී. ඔබේ ශරීර පවා එවිට පවිත්‍රය. දැන් ජීවාත්මයන් සහ ශරීර අපවිත්‍ර වී ඇත. උපත් 84 හි ගිණුම තිබේ. මේ ලෝකය දැන් කටු කැළයක් වී ඇති බව ඔබ දැන් දනී. ලක්ෂ්මී සහ නාරායන් මල් වේ. කටු ඔවුන් (ප්‍රතිමා) ඉදිරියට ගොස් කියති ඔබ සියලු ගුණධර්ම වලින් පිරී සිටිති අප පාපී වංචනිකයන්ය. විශාලම කටුව රාගය නම් වූ පාපයයි. පරම පියා කියයි මෙය ජයගෙන ලොව ජය ගත්තන් වන්න. මිනිසුන් කියනවා දෙවියන් කුමක් හෝ ස්වරූපයකින් එතැයි කියා, එනම් ඔහු ඇතුළු විය යුත්තේ භාග්‍ය රථයටයි. ඔහුට එය යලිත් අළුත් කරන්නට, පැරණි ලොවට එන්නට වෙනවා. නව ලොව සතෝප්‍රධාන් කියාත්, පැරණි ලොව තමෝප්‍රධාන් කියාත් හඳුන්වනු ලබයි. දැන් එය පැරණි ලොව වූ හෙයින් අනිවාර්යෙන්ම පරම පියාට එන්න වෙනවා. නිර්මාපකයා කියන්නේ පරම පියාටයි. ඔහු ඉතා පහසුවෙන් ඔබ දරුවන්ට පැහැදිලි කරයි! ඔබ බොහෝ සතුට අත්විඳිය යුතුයී! ඔබ කවුරු හෝ ඔබේ කර්මය නිසා විඳවන්නේ නම් එය විඳින්න වෙනවා. ඒ වෙනුවෙන් බාබාට ආශීර්වාද දිය නොහැකියි. ඔබ මට කතා කළා බාබා එන්න ඇවිත් අපට අපේ උරුමය ලබා දෙන්න! ඔබට පරම පියාගෙන් මොනවාද වුවමනා කරන උරුමය? මුක්තිය සහ ජීවන මුක්තියයි. ඥාන සාගරය වූ ඒකායන පියා පමණයි මුක්තිය සහ ජීවන මුක්තිය පිරිනමන්නා වන්නේ. මේ නිසයි ඥානය පිරිනමන්නා කියා ඔහුව හඳුන්වන්නේ. පරමාත්ම දෙවියන් ඥානය දුන් නමුත් ඔහු එය දුන්නේ කවදාදැයි හෝ කවුරු තුළින් එය දුන්නේ දැයි කිසිවෙකු නොදනී. ඔවුන් සියල්ල එකට මිශ්‍රකොට ඇත. ඔහු ඥානය දුන්නේ කාටද කියා කිසිවෙකු නොදන්නේය. දැන් මෙම බ්‍රහ්මා මෙහි සිටිනවා. ඔහු නාරායන් වූ බවත් උපත් 84ක් ගත් බවත් ඔහු දනී. ඔහු දැන් අංක එක වේ. බාබා ඔහුගේ දෑස විවර වූ අත්දැකීමේ වින්දනය අන් අයට පැවසුවා. ඔබත් කියනවා ඔබේ ඇස් විවෘත වුණා තෙවැනි ඇස විවෘත වුණා කියා. පරම පියා ගැනත්, මුළු චක්‍රය ගැනත් මුළු ඥානයම ලැබූ බව ඔබ කියයි. මම කවුරු වුණත්, කෙබඳු කෙනෙක් වුණත් කියන ඥානයෙන් මගේ ඇස් විවර වුණා. එය එවන් වූ පුදුමයකි! මුලින්ම, මම ජීවාත්මයක්, නමුත් මම සැලකුවේ මා ශරීරයක් කියායි. ජීවාත්මය කියයි මා එක් ශරීරයක් හැර තව එකක් ගත්තා. එත් එක්කම මා ජීවාත්මයක් බව අමතක කොට ශරීර අවධානයට පත් වූවා. අන්න ඒ නිසයි මම පළමුවෙන් ඔබට වටහා දී ඔබව මෙතැන ඉන්දවා ජීවාත්මයක් ලෙස සලකන්න යැයි ඔබට තේරුම් කෙරෙව්වේ. මෙය දිගටම ඔබ තුළ ධාරණය කරන්න මම ජීවාත්මයක්මි. ඔබ තමාව ජීවාත්මයක් යැයි නොසැලකුවොත් ඔබට පරම පියා අමතක වෙයි.. ඔබ නැවත නැවත ශරීර අවධානයට පත්වන බව ඇත්තෙන්ම ඔබට හැඟෙයි. ඔබ උත්සාහ කළ යුතුයි. මෙහි හිඳිනා අතරේ ජීවාත්ම අවධාන මනෝ ස්ථිතියේ සිටින්න. පරම පියා කියයි මම පැමිණ සිටින්නේ ඔබ දරුවනට රාජධානිය දෙන්නටයි. ඔබ කල්ප භාගයක්ම මා සිහිපත් කරමින් සිටියා. යම් අවස්ථාවක් ඔවුන් ඉදිරියට ආ විට ඕ රාමා! යැයි ඔවුන් කෑ ගසති. ඒ කෙසේවෙතත්, ඔවුන් දන්නේ නැහැ ඊෂ්වර කවුද හෝ රාමා කවුද කියා. ඥාන සාගරය, පාරිශුද්ධකරුවා, සියලු දෙනාගේම ගැලවුම්කරුවා, ත්‍රිමූර්ති පරම පියා, පරමාත්ම ජීවය ශිවා බව ඔබ ඔප්පු කර පෙන්විය යුතුයි. බ්‍රහ්මා, විශ්ණු, ශන්කර්ගේ උපත එකට සිදුවෙයි. එය හුදෙක් ශිව ජයන්තිය පමණක් නොවෙයි, නමුත් ත්‍රිමූර්ති ශිව ජයන්තියයි. ශිවාගේ උපන් දිනය ඇති විට අනිවාර්යෙන්ම එය බ්‍රහ්මාගේද උපත් දිනය වෙයි. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරයි. නමුත් බ්‍රහ්මා මොනවාද කළේ? ලෞකික පියෙක් සිටී, අභිබැවූ (පාරලෞකික) පියෙක් සිටී. එවිට මෙම අසහාය පියා සිටී (අලෞකික). මොහු ප්‍රජාපිතා බ්‍රහ්මායි. පරම පියා කියයි ඔබට දැන් නව ලොව සඳහා නව ඥානය ලබා දී තිබෙනවා. අනතුරුව මෙය අතුරුදහන් වී යාවි. නිර්මාපක පරම පියා පිළිබඳව සහ නිර්මාණය පිළිබඳ ඥානය නොමැත්තන් අඥානීය ඔවුන් අඥානය නම් වූ නින්දෙහි නිදියමින් සිටී. ඥානය තුළින් දහවලත්, භක්තිය තුළින් රාත්‍රියත් වේ. මිනිසුන් ශීව රාත්‍රියේ අරුත කිසිසේත් නොදනී. ඒ නිසයි ඔවුන් ඔහුගේ උපන් දිනය සඳහා වන නිවාඩුව නතර කළේ. පරම පියා පැමිණ සිටින්නේ සියලු දෙනාගේම පහන දැල්වීමටය යන්න ඔබට දැන් වැටහී ඇත. ඔබ සියලූම පහන් සහ ඉටිපන්දම් ආදිය දල්වන විට, ඔබට එය වැදගත් දිනයක් යැයි මිනිසුන් වටහා ගනී. ඔබ දැන් සෑම දේම දල්වන්නේ අවබෝධයක් ඇතිවයි. එම මිනිසුන්ට මෙය වැටහෙන්නේ නැත. ඔබේ දේශන වලින් ඔවුන් එය සම්පූර්ණයෙන් වටහා ගන්නේ නැත. රාවන රාජ්‍යය දැන් මුළු ලෝකයේම පැතිරී ඇත. මිනිසුන් මෙහි බොහෝ දුකින් සිටිති. ගුප්ත බලය ඇත්තන් අන් අයට විශාල ලෙස කරදර කරති. එහි පුවත්පත්වල යක්‍ෂාත්මයන් පිළිබඳ ලිපි තිබේ ඔවුන්ට විශාල ලෙස දුක ඇත. බාබා කියයි: ඔබට එවැනි දේ සමඟ සම්බන්ධයක් නැත. පරම පියා ඔබට සෑම දේම කෙලින්ම පවසයි දරුවනි, මා මතක් කරන්න, එවිට ඔබ පාරිශුද්ධ වේවි. ඔබේ සියලු දුක් ඉවත් වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිවැරදිව පරම පියා සිහිපත් කිරීමට සහ ජීවාත්ම අවධානයට පත්වීමට උත්සාහ කරන්න. ඔබගේ වාර්තාව අවංකව පවත්වා ගන්න. මෙය කිරීමෙන් විශාල යහපතක් සිදුවනු ඇත.

2. විශාලතම දුක ඇතිකරන කටුව රාගය නමැති පාපයයි. යෝගා බලයෙන් ඒ මත ජය ගන්න. එසේම අපවිත්‍ර බවින් පවිත්‍ර වන්න. වෙන කිසිම දෙයක් සමඟ ඔබට සම්බන්ධතාවයක් නැත.

වරදානය:
සෑම විටම බාධක වලට ඔරොත්තු දෙන, ඔබගේ දිදුලන සුරඟන ඇඳුම පැළඳ සිටීමෙන්, ඔබ නිරන්තර බාධක විනාශ කරන්නෙක් වේවා.

තමන් සහ අන් අය වෙනුවෙන් නිරන්තර බාධක විනාශ කරන්නෙක් වීම සඳහා, ප්‍රශ්නාර්ථ ලකුණු වලට සමුදී, නැවතීමේ ලකුණක් දැමීමෙන්, ඔබගේ සියලු බලයන්ගේ තොග, පිරිපුන්ව තබාගන්න. සෑම විටම බාධක වලට ඔරොත්තු දෙන ඔබගේ දිදුලන ඇඳුම පැළඳ සිටින්න මඩින් සැදි ඇඳුමක් නොපළඳින්න. මෙයත් සමඟම, සියලු ගුණදම් වල ආභරණ වලින් සැරසී සිටින්න. සෑම විටම ආයුධ අටක් ඇති ශක්ති කෙනෙක්, පරිපූර්ණ ප්‍රතිමාවක් වී, ඔබගේ ශ්‍රේෂ්ඨ දිවියක දෙපා, නෙළුම් මලක් මත තබන්න.

පාඨය:
ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න, එවිට ඔබ ප්‍රථම කොට්ඨාශයේ අංකයක් හිමිකර ගනී.


මාතේශ්වරීගේ අමිල වදන්

මෙම දේවමය ඥානය සියලුම මනුෂ්‍ය ජීවාත්මයන්ටයි.

ප්‍රථමයෙන් ඔබ එක කරුණක් ඔබගේ මනසේ අනිවාර්යෙන් තබා ගත යුතුයි. පරමාත්ම දෙවියන්, මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජය බැවින් සහ අපට පරමාත්ම දෙවියන්ගෙන් ඥාන මිණි මුතු ලැබෙන බැවින්, අපට ලැබෙන ඥාන මිණි මුතු මනුෂ්‍යයන්ට අවශ්‍යයි. සෑම ආගමකම මිනිසුන්ට මෙම ඥානය ලබා ගැනීමට අයිතියක් තිබේ. සෑම ආගමකම දැනුම, ඔවුන්ගේම වුවත්, ඔවුන්ගේ ග්‍රන්ථ ඔවුන්ගේමයි, ඔවුන්ගේ අදහස් තමන්ගේමයි, ඔවුන්ගේ සංස්කාර ඔවුන්ටම අයත්ය, එනමුදු, මෙම ඥාන මිණි මුතු සියල්ලන්ටයි. ඔවුන්ට මෙම ඥානය ලබා ගැනීමට නොහැකි වුණත් එමෙන්ම ඔවුන්ට අපගේ වංශයට පැමිණීමට නොහැකි වුවත් ඔහු සමඟ යෝගාවේ සිටීමෙන් ඔවුන් නියත වශයෙන්ම පිවිතුරු වෙයි, මන්ද ඔහු සියලු දෙනාගේම පරම පියාය. මෙම පිවිතුරු බව නිසා ඔවුන්ට අනිවාර්යෙන්ම තමන්ගේම කොටසේ තත්ත්වයක් ලැබෙයි, මන්ද සියලුම මනුෂ්‍යයන් යෝගාව ගැන විශ්වාස කරයි. බොහෝ මිනිසුන් පවසන්නේ ඔවුන්ට මුක්තිය අවශ්‍ය බවයි, නමුත් ඔවුන්ට දඬුවම් ලැබීමෙන් නිදහස් වීමට සහ මුක්තිය ලබා ගැනීමට බලය ලබා ගත හැකි වන්නේ මෙම යෝගාවේ සිටීමෙන් පමණයි.

නොනිමි මැතිරිල්ල යනු, පරමාත්ම දෙවියන්ගේ නිරන්තර ස්මරණයයි.

මෙවන් කියමනක් තිබේ සෑම හුස්මක් සමඟින් නොනිමි මැතිරිල්ල අඛණ්ඩව මතුරන්න. මෙහි නිවැරදි අරුත කුමක්ද? එය නොනිමි මැතිරිල්ල කියා අප පවසන විට, එහි සැබෑ අරුත වන්නේ, ඔබගේ බුද්ධියේ යෝගාව පරම පියා, පරමාත්ම ජීවය සමඟ සෑම හුස්මක් සමඟින් කිසිදු මැතිරීමක් නොමැතිව, නිරතුරුවම සම්බන්ධ කිරීමයි. සෑම හුස්මක් සමඟම පරමාත්ම දෙවියන්ගේ මෙම සිහි කිරීම සෑම කල්හිම පැවතී ඇත. පරමාත්ම දෙවියන්ගේ මෙම නිරන්තර ස්මරණය, නොනිමි මැතිරිල්ල ලෙස හැඳින්වෙයි. එසේ නොමැතිව, වචන වලින් යමක් මැතිරීම, එනම්, රාමා, රාමා පැවසීම, ඔබගේ මනසින් නිහඬව මන්ත්‍රයක් මැතිරීම, මෙය සෑම විටම නොකඩවා පැවතිය නොහැක. මිනිසුන් සිතන්නේ ඔවුන් තම මුවින් මන්ත්‍රය ජප නොකරන නමුත් ඔවුන්ගේ හදවතින් එය මැතිරීම යනු, නොනිමි මැතිරිල්ල බවයි. කෙසේවෙතත්, මෙය සිතා බැලීමට කරුණකි වචන සහ නොනිමි මැතිරිල්ල ඇති තැන එය මැතිරීමට අවශ්‍ය නැත. ඔබට අසුන්ගෙන, ඔබගේ මනසින් යම් ප්‍රතිමාවක් මත සිත එක්තැන් කිරීමට අවශ්‍ය නැත. ඔබට යමක් නැවත නැවත කීමට අවශ්‍ය නොවේ, මන්ද ඔවුන්ට වුවත් නිරන්තරයෙන් ආහාර පාන ගත නොහැක. කෙසේවෙතත්, අප සිදු කරන පරමාත්ම දෙවියන්ගේ ස්මරණය, සෑම කල්හිම නොකඩවා කළ හැක, මන්ද එය ඉතා පහසුයි. නිදසුනක් ලෙස දරුවෙකුට තම පියාව සිහි වෙයි ඒ වෙලාවේ තමා ඉදිරියේ තම පියාගේ පිංතූරයක් තිබීමට අවශ්‍ය නැත. ඔහුගේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලින් තම පියා ගැන සෑම දෙයක්ම ඔහුට සිහි වෙයි - ඔහුගේ රැකියාව, ඔහුගේ ක්‍රියාකාරකම්, ඔහුගේ ගුණදම් ආදිය. එය සිහි කිරීමෙන් දරුවාගේ ක්‍රියාකාරකම්ද ඒ ආකාරයෙන්ම පැවතෙයි, එවිට පමණයි පුත්‍රයාට පියාව පෙන්විය හැක සිදුවන්නේ. ඇත්ත වශයෙන්ම, අන් සියලු දෙනාගේ සිහි කිරීම, අපගේ හදවත් වලින් ඉවත් කර, සත්‍ය පරම පියා, පරමාත්ම ජීවය සිහි කළ යුතුයි. මෙහිදි, අප ඇවිදින විට, අසුන්ගන්නා විට, ආහාර පාන ගන්නා විට, අපට නිරන්තර සිහි කිරීමේ සිටිය හැක. අපට කර්මතීට් විය හැකි වන්නේ, මෙම සිහි කිරීම තිබීමෙනි. මෙම ස්වභාවික සිහිපත් කිරීම, නොනිමි මැතිරිල්ල ලෙස හැඳින්වෙයි. අච්චා.