07.11.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දේවතා පෙළපත ස්ථාපිත වනවා යන සුබ පුවත සෑම කෙනෙකුටම ලබා දෙන්න. ලෝකය දුර්ගුණ වලින් තොර වූ විට, අන් සෑම දෙයක්ම විනාශ වනු ඇත.

ප්‍රශ්නය:
රාවන ඔබට සාප කරන්නේ කවදාද, එමෙන්ම සාප වීමේ සලකුණ කුමක්ද?

පිළිතුර:
ඔබ ශරීර අවධානයට පත් වූ විට ඔබට රාවනගේ සාපය ලැබෙයි. සාප කරනු ලැබු ජීවාත්ම, දුගී සහ දූෂිත වෙයි ඔවුන් එන්න එන්නම පහතට ඇද වැටෙයි. දැන්, පරම පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගැනීම සඳහා, ජීවාත්ම අවධානයට පත් වන්න. ඔබගේ බැල්ම සහ ආකල්පය පිවිතුරු කරගන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙතැන අසුන් ගෙන උපත් 84 හි කතා පුවත ඔය ආධ්‍යාත්මික දරුවන්ට පවසයි. සෑම කෙනෙක්ම උපත් 84 ක් නොගන්නා බව ඔබට වැටහෙයි. ස්වර්ණමය යුගයේ ආරම්භයේදී ඔබ පිදුම් ලබන්නට සුදුසු දේවතාවන් විය. මුලදී, භාරතයේ පිදුම් ලබන්නට සුදුසු දේවතාවන්ගේ ධර්මයේ රාජධානිය විය. එය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය විය. එබැවින් සැබවින්ම රජ පෙළපතක් තිබෙන්නට ඇති. රාජකීය වංශිකයන්ගේ නෑ මිතුරන්ද සිටින්නට ඇති. පුරවැසියන්ද සිටින්නට ඇති. මෙය කතන්දරයක් මෙනි. වසර 5000 කට පෙර එය ඔවුන්ගේ රාජධානියව පැවතුණු බව ඔබට මතක් වෙයි. එය භාරතයේ ආදි දේවතා ධර්මයේ රාජධානිය විය. ඥානයෙන් සපිරි අසීමිත පියා මෙතැන අසුන් ගෙන මෙය විස්තර කරයි. කුමන කාරණාව පිළිබඳ ඥානයද? මිනිසුන් විශ්වාස කරන්නේ ඔහු සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ ඇති දේ දන්නා බවය, ඔහු සියල්ලන්ගේම ක්‍රියා, සහ පාප ක්‍රියා දන්නා බවයි. කෙසේවෙතත්, පරම පියා දැන් පහදා දෙන්නේ සෑම ජීවාත්මයකටම තමන්ගේම චරිත කොටස ලැබී තිබේ. සියලුම ජීවාත්ම වාසය කරන්නේ උත්තරීතර නිවහනේය. ඔවුන්ගේ මුළු චරිත කොටස්ම ඔවුන් තුළ පටිගත වී තිබේ. කර්ම ක‍්ෂේත්‍රය තුළ ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට සූදානමින් ඔවුන් එහි අසුන් ගෙන සිටිනවා. සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මය බව ඔබට වැටහෙයි. යමක් ලුණු රසැති බවත් යමක් ඇඹුල් රසැති බවත් පවසන්නේ, ජීවාත්මයයි. ඔවුන් දැන් දූෂිත පාපතරයන් බවත් ඔවුන්ට රකුසු ස්වභාවයන් ඇති බව වැටහෙන්නේත් ජීවාත්මයටයි. මෙහි කර්ම ක‍්ෂේත්‍රයේ, ශරීර ගෙන, තමන්ගේ සම්පූර්ණ චරිත කොටස් රඟපාන්නේ, ජීවාත්මයි. එබැවින් ඔබට මෙම විශ්වාසය තිබිය යුතුයි ජීවාත්මය වන මා, සෑම දෙයක්ම කරනවා. අපට දැන් පරමාත්ම පියාව හමු වී ඇති අතර, නැවතත් වසර 5000 කට පසුව අපට ඔහුව හමු වෙයි. ජීවාත්ම, පිදුම් ලබන්නට සුදුසුව සිටි බවත් පසුව ඔවුන් වඳින්නන් වූ බවත්, ඔවුන් පිවිතුරුව සිට, පසුව අපවිත්‍ර වූ බවත් ඔබට වැටහෙයි. ඔවුන් පිදුම් ලබන්නට සුදුසු කාලයේදී, කිසිම අපවිත්‍ර ජීවයක් සිටිය නොහැක. ඔවුන් වඳින්නන් වූ විට, කිසිම පිවිතුරු ජීවයක් සිටිය නොහැක. ස්වර්ණමය යුගයෙදී, ඔවුන් පිවිතුරු මෙන්ම පිදුම් ලබන්නට සුදුසුයි. තඹ යුගයෙදී රාවනගේ රාජධානිය ආරම්භ වූ විට, සියල්ලන්ම අපවිත්‍ර පුදන්නන් බවට පත් වෙයි. ශිව බාබා පවසන්නේ බලන්න, ශංකරාචාර්යද මාව වන්දනා කරයි ඔහු මගේ වන්දනාකරුවෙක්. ඇතැමුන් ශිවාගේ ප්‍රතිමාවක් දියමන්ති වලින්ද, ඇතමුන් රත්තරං වලින්ද, තවත් සමහරුන් රිදියෙන්ද සාදවා ගනී. දැන් වන්දනා සිදු කරන වන්දනාකරුවන්ට, පිදුම් ලබන්නට සුදුසු අය යැයි කිව නොහැක. මෙකල මුළු ලොවෙහිම, පිදුම් ලබන්නට සුදුසු එකදු පුද්ගලයෙක්වත් සිටිය නොහැක. පිදුම් ලබන්නට සුදුසු අය, පාරිශුද්ධ වන අතර පසුව ඔවුන් අපවිත්‍ර වෙයි. පිවිතුරු අය සිටින්නේ නව ලෝකයේය. පාරිශුද්ධ අය පමණයි වන්දනාවට පාත්‍ර වන්නේ. දැරියක් පිවිතුරුව සිටින විට, ඇය පිදුම් ලබන නමුත්, ඇය අපවිත්‍ර වූ පසු ඇය සෑම කෙනෙකුටම හිස නැමිය යුතු මෙනි. වන්දනා කිරීමේදී බොහෝ මෙවලම් තිබේ! ඔබ කලාගාරයක් හෝ ප්‍රදර්ශනයක් විවෘත කරන ඕනෑම විටෙකදී, ඔබ අනිවාර්යෙන්ම ත්‍රි මූර්ති ශිවා යැයි ලිවිය යුතුයි. එයට යටින් අරමුණ සහ ඉලක්කය ඇත ලක‍්ෂ්මි සහ නාරායන්. අපි පිදුම් ලබන්නට සුදුසු දේවතාවන්ගේ ධර්මය ස්ථාපිත කරනවා. එහි වෙනත් ආගම් නොමැත. ඔබට මෙය විස්තර කළ හැක. ඔබට ප්‍රදර්ශන වලදි, දේශන ආදිය දීමට නොහැක. ඔවුන්ට විස්තර කිරීමට වෙනත් විදි පිළියෙල කළ යුතුයි. ප්‍රධානතම දෙය මෙයයි අපි භාරතයේ ජනතාවට සුබ පණිවිඩයක් ලබා දෙනවා. අපි මෙම රාජධානිය ස්ථාපිත කරනවා. දේවතා රජ පෙළපත පැවතුණා එය දැනට නොපවති. කෙසේවෙතත්, එය නැවත වරක් දැන් ස්ථාපිත වන අතර, ඉන්පසුව සෑම දෙයක්ම විනාශ වෙයි. ස්වර්ණමය යුගයේ එක් දේවතා ධර්මය පැවති කළ, වෙනත් අසංඛේය ආගම් නොතිබිණි. සියලුම විවිධ ආගම් එකමුතු වී, එකක් වීම, සිදුවිය නොහැක්කක්. ඒවා එකකට පසු තවෙකක් පැමිණ, ඉන්පසුව අඛණ්ඩව වර්ධනය වෙයි. පළමුවන සහ ආදි සනාතන දේවතා ධර්මය අතුරුදහන්ව ගොසින්ය. තමන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ කෙනෙක් බව, කිසිවෙකුට කිව නොහැක. මෙම ලෝකයට දූෂිත ලෝකය යැයි කියයි. ඔබට, ඔවුන්ට කිව හැක ශිව බාබා පාපයන්ගෙන් තොර වූ ලෝකය ස්ථාපිත කරනවා, යන ශුභ පුවත, අපි ඔබට ලබා දෙනවා. අපි බ්‍රහ්ම කුමර කුමරියන්, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. පළමුව අප සහෝදරයන්ය. පසුව නිර්මාණය සිදු වන විට, අපි සහෝදර සහෝදරියන් වෙයි. ඔබ සියල්ලන්ම පවසන්නේ බාබා, අපි ඔබගේ දරුවන් බවට පත් වී ඇත. එබැවින් සහෝදර සහෝදරියන් තුළ දූෂිත බැල්මක් නොතිබිය යුතුයි. මෙම අවසන් උපතෙදී පිවිතුරු වන්න, මන්ද එවිට පමණයි ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් වන්නේ. විමුක්තිය සහ ජීවන-මුක්තිය පිරිනමන්නා වන්නේ එක් පියාණන් පමණක් බව ඔබ දන්නවා. පැරණි ලෝකය අනිවාර්යෙන්ම පරිවර්ථනය වෙයි නව ලෝකය ස්ථාපිත වෙයි. එය කළ හැක්කේ පරමාත්ම දෙවියන්ට පමණයි. ඔහු නව ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද කියා ඔය දරුවන්ට දැන් වැටහෙයි. පැරණි ලෝකයද පවතිනවා එය අවසන් වී නැත. බ්‍රහ්මා තුළින් ස්ථාපනය සිදුවීම, පිංතූර වලද පෙන්වා තිබේ. මෙය ඔහුගේ බොහෝ උපත් වල අවසන් උපතයි. බ්‍රහ්මාට සහකරුවෙක් නැත බ්‍රහ්මාව දරුකමට හදාගන්නවා. ඔබ බොහෝ උපක්‍රමශිලීව විස්තර කළ යුතුයි, ශිව බාබා බ්‍රහ්මා තුළට ඇතුළු වී, අපව ඔහු සතු කරගන්නවා. ඔහුට මෙසේ කිව හැක්කේ, ඔහු සිරුරක් තුළට ඇතුළු වූ විට පමණයි අහෝ ජීවාත්මය, ඔබ මගේ දරුවාය. ජීවාත්ම කොහොමත් පවතින අතර, පසුව බ්‍රහ්මා මාර්ගයෙන් ලෝකය නිර්මාණය කරන විට, නිසැකයෙන්ම බ්‍රහ්ම කුමර කුමරියන් සිටියි. එබැවින් ඔවුන් සහෝදර සහෝදරියන්ය. අන් සෑම බැල්මක්ම අවසන් වෙයි. අපට ශිව බාබාගෙන් අපගේ පාරිශුද්ධත්වයේ උරුමය ලැබෙනවා. රාවනගෙන් අපට සාපයක් ලැබෙයි. අප ජීවාත්ම අවධානයට පත් වන විට, පරමාත්ම පියාගෙන් අපට අපගේ උරුමය ලැබෙයි. අපි ශරීර අවධානයට පත් වූ විට, රාවනගෙන් අපට සාපයක් ලැබෙයි. සාප වීමෙන් අපි දිගින් දිගටම පහළට යයි. භාරතයට දැන් සාපයක් ලැබිලා. භාරතය මෙතරම් දුගී මෙන්ම දූෂිත කළේ කවුරුන්ද? කවුරුන් හෝ එයට සාප කරන්නට ඇති. මෙය මායා, රාවනගේ සාපයයි. මිනිසුන් සෑම වසරකදීම රාවනගේ පඹයෙක් පුළුස්සා දමයි, එබැවින් ඔහු නිසැකයෙන්ම සතුරෙක් වන්නට ඇති. ආගම ශක්තියයි. අප දැන් දේවතා ධර්මයේ අය බවට පත් වෙමින් සිටිනවා. නව ධර්මය ස්ථාපිත කිරීමට උපකරණය වන්නේ බාබාය. ඔහු බොහෝ බලවත් ධර්මයක් ස්ථාපිත කරයි. අපි බාබාගෙන් ශක්තිය ලබා ගෙන, මුළු ලෝකයම ජයගන්නවා. අපිට සිහිපත් කිරීමේ වන්දනාවෙන් බලය ලැබී අපගේ පාපයන් දුරු වෙයි. එබැවින් මෙම ආකර්ෂණය ගැනද ලියන්න අපි ඔබට ශුභ පණිවිඩයක් ලබා දෙනවා. මෙම ධර්මය ස්ථාපිත කෙරෙනවා. එයට දෙව්ලොව යැයි කියයි. මෙය විශාල අකුරෙන් ලියන්න. බාබා ඔබට අවවාද කරයි සියලුම ආගම් වලින්, ප්‍රධානතම එක මෙයයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කෙරෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාද මෙතැන අසුන් ගෙන සිටිනවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් වන අප, මෙම කාර්යය සිදු කරනවා. මේවා බ්‍රහ්මාගේ උපදෙස් නොවෙයි. ශ්‍රීමත්, සියල්ලන්ගේම පියා වන පරම පියා, පරමාත්ම ජීවය වන ශිවාගේය. එක් ධර්මය ස්ථාපිත කර, අන් සියලුම ආගම් විනාශ කරන්නේ ඒකායන පියා පමණයි. රාජයෝගාව ඉගෙනගැනීමෙන් ඔබ මෙය බවට පත් වෙයි. අපද මෙය බවට පත් වනවා. මෙම පැරණි ලෝකය පිළිස්සී යන බව අප දන්නා නිසා, අපට අසීමිත නිරාශාවක් තිබේ. භෞතික පියෙක් නව නිවසක් ගොඩනඟන විට, පැරණි එකට ඔහුගේ බැඳීම අවසන් වෙයි. පරම පියා පවසන්නේ මෙම පැරණි ලෝකය විනාශ වීමට යනවා. ඔහු දැන් ඔබ වෙනුවෙන් නව ලෝකය ස්ථාපිත කරනවා. ඔබ ඉගෙනගන්නේ නව ලෝකය වෙනුවෙනි. එක් ධර්මයේ ස්ථාපනයත්, අසංඛේය ආගම් වල විනාශයත් සිදුවන්නේ, සංගම යුගයෙදි පමණයි. යුද්ධ මෙන්ම ස්වභාවික ව්‍යසනද තිබෙයි. ස්වර්ණමය යුගයේ, එය ඔවුන්ගේ රාජධානිය වූ සමයේ, වෙනත් ආගම් නොතිබිණි. අන් සියලුම දෙනා සිටියේ කොහිද? ඔබ මෙම ඥානය ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. මා මෙම ඥානය මගේ බුද්ධියේ තබා ගන්නා විට, මා වෙනත් කිසිම වැඩක් නොකරනවා නොවෙයි. මට වෙනත් බොහෝ සිතිවිලි ඇත. මට ලිපි කියවීමට සහ ලියන්නට මෙන්ම, ගොඩනැගිලි බලාගැනීමට ආදියද තිබේ ඒ තිබියදී මා පරම පියාව සිහි කරනවා. මා පියා සිහි නොකළේ නම්, මගේ පාපයන් දුරු වන්නේ කෙසේද? ඔය දරුවන්ට දැන් ඥානය ලැබී තිබේ. ඔබ චක්‍රයෙන් භාගයකට පිදුම් ලබන්නට සුදුසු අය බවට පත් වනවා. චක්‍රයෙන් භාගයක්, ඔබ තමෝප්‍රධාන් වඳින්නන් වන අතර, චක්‍ර භාගයක් ඔබ සතෝප්‍රධාන් සහ පිදුම් ලබන්නට සුදුස්සන්ය. පරම පියා, පරමාත්ම ජීවය සමඟ යෝගාවේ සිටීමෙන්, ජීවාත්ම, දිව්‍යමය වෙයි. සිහිපත් කිරීමේ සිටීමෙන් ජීවාත්ම, කලි යුගයේ සිට ස්වර්ණමය යුගයට යයි. පාරිශුද්ධකරු යැයි කියන්නේ ඒකායන අයට පමණයි. ඔබ තව තව දියුණු වත්ම, ඔබගේ හඬ පැතිරෙනු ඇත. මෙම ඥානය, සියලුම ආගම් වල අයටයි. පරම පියා මෙසේ පවසන බව, ඔවුන්ට කියන්න මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. එවිට ඔබගේ සියලුම ගිණුම් පියවා, ඔබ ආපසු නිවහනට යයි. ඔබ අවුලට පත්වන්නේ නම්, ඔබට විමසිය හැක. ස්වර්ණමය යුගයේ සිටින්නේ මිනිසුන් ඉතාමත්ම ටික දෙනෙකි. දැන් බොහෝ ආගම් තිබේ. ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ ගිණුම් පියවා, ඉන්පසුව සිටි ආකාරයටම නැවත පත් වෙයි. ඔබ වැඩි විස්තර තුළට යන්නේ කුමකටද? සෑම ජීවාත්මයක්ම, ඔහුගේම චරිත කොටස රඟපාන බව ඔබ දන්නවා. ඔවුන් සියලුම දෙනා දැන් ආපසු නිවසට යා යුතුයි, මන්ද ඔවුන් සියල්ලන්ම ස්වර්ණමය යුගයේ නොසිටි බැවින්. පරම පියා පැමිණෙන්නේ එක් ධර්මය ස්ථාපිත කර, අනේක ආගම් විනාශ කිරීමටයි. නව ලෝකය දැන් ස්ථාපිත වනවා. ඉන්පසුව ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම පැමිණෙන අතර, චක්‍රය නිසැකයෙන්ම බ්‍රමණය වනු ඇත. මේ ගැන වැඩිපුර සිතිය යුතු නැහැ. ප්‍රධානතම දේ වන්නේ ඔබ සතෝප්‍රධාන් වී උසස් තත්ත්වයක් හිමි කරගත යුතු බවයි. කුමාරීන් මෙහි කාර්යබහුල විය යුතුයි. දෙමාපියන් දියණියන්ගේ ආදායමෙන් යැපෙන්නේ නැත. කෙසේවෙතත්, මෙකල ඔවුන් සෑම දේකටම කෑදර වී ඇති බැවින්, දියණියන්ටද ගොස් ආදායමක් උපයාගැනීමට සිදු වී ඇත. ඔබ පිවිතුරු වී, පිවිතුරු ලෝකයේ අධිපතියන් විය යුතු බව, ඔබට දැන් වැටහෙයි. අපි රාජයෝගීන් වන අතර අපි අනිවාර්යෙන්ම පරම පියාගෙන් අපගේ උරුමය හිමි කර ගත යුතුයි. ඔබ අයත් වන්නේ පාණ්ඩව සේනාවටයි. තමන්ට සේවයක් කරගන්නා අතරම, සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වීමට යෑම ගැනත් ඔබ සිතිය යුතුයි. ඔබ වැඩියෙන් සේවය කරන තරමට ඔබට උසස් තත්ත්වයක් හිමි වනවා ඇති. ඔබ එම තත්ත්වයේදී මිය යන්නේ නම්, ඔබට කුමන තත්ත්වයක් හිමි වෙයිද කියා, ඔබ බාබාගෙන් විමසුවේ නම්, බාබාට සැනෙකින් එය කිව හැක. ඔබ සේවය නොකරන බැවින්, ඔබ සාමාන්‍ය නිවසක උපත ලබයි. එවිට, ඔබට ඥානය ලබා ගැනීමට අපහසු වෙයි, මන්ද කුඩා දරුවෙකුට වැඩිපුර ඥානය ගත නොහැකි බැවින්. නිදසුනක් ලෙස, ඉතිරිව තිබෙන්නේ වසර දෙකක් හෝ තුනක් නම්, ඔබට කෙතරම් ඉගෙනගැනීමට හැකි වෙයිද? ඔබ ක‍්ෂත්‍රීය වංශයේ උපත ගනී, කියා බාබා ඔබට කියයි. සමහර විට ඔබට අවසානයේදී ද්විත්ව කිරුළක් ලැබෙයි. ඔබට දිව්‍යලෝකයේ සම්පූර්ණ සතුට අත්විඳීමට නොලැබෙනු ඇත. සම්පූර්ණයෙන්ම සේවය කර, ඉගෙන ගන්නා අය, දිව්‍යලෝකයේ සම්පූර්ණ සතුට, ඔවුන් දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට ලබයි. ඔබ දැන් මෙය නොවන්නේ නම්, සෑම චක්‍රයකදීම මෙය නොවීම ගැන, ඔබ තුළ සංවේගයක් ඇති විය යුතුයි. ඔබ ලකුණු කීයක් ලබා ගෙන සමත් වන්නේද කියා, ඔබ එක් එක් කෙනාට තමන්ටම දැනගත හැක. සෑම කෙනෙකුටම මෙය දැනගැනීමට ලැබෙන අතර, එවිට කිව හැකි වන්නේ එය දෛවය කියා පමණයි! ඇතුලාන්තයෙන් ඔබ දුක් වෙයි. මෙතැන නිකම්ම අසුන්ගෙන සිටියදී මා හට සිදු වූයේ කුමක්ද? මිනිසුන් කොහේ හෝ අසුන් ගෙන සිටින අතර වුවද මිය යයි. මේ නිසයි පරම පියා පවසන්නේ කම්මැලි නොවන්න! උත්සාහ දරා, අඛණ්ඩව අපවිත්‍ර බවින් පිවිතුරු වන්න. දිගටම අන් අයට මාර්ගය පෙන්වන්න. ඔබගේ නෑ මිතුරන් කෙරෙහි අනුකම්පා දක්වන්න. කෙනෙකුට පාපය නොමැතිව සිටිය නොහැකි බව ඔබට දැක ගත හැකි වුවත්, එමෙන්ම දිගටම අපවිත්‍ර ආහාර ගත්තද, ඔබ දිගින් දිගටම ඔහුට විස්තර කළ යුතුයි. ඔහුට වැටහෙන්නේ නැතිනම්, ඔහු ඔබගේ වංශයට අයත් නොවන බව ඔබ අවබෝධ කළ යුතුයි. ඔබගේ දෙමාපියන්ගේ නිවසේ අය සහ නැන්දම්මාගේ නිවසේ අයට යහපතක් සිදු කිරීමට උත්සාහ දරන්න. ඔබ ඔවුන් සමඟ කතා නොකරන බව හෝ ඔබ ඔවුන්ගෙන් ඉවතට හැරී ඇති බව, අන් අය කියන ආකාරයට හැසිරෙන්නට එපා. නැහැ, ඔබ සෑම කෙනෙක් සමඟම සම්බන්ධ වී සිටිය යුතුයි. ඔබ සෑම කෙනෙකුටම යහපතක් සිදු කළ යුතුයි. ඔබ බොහෝ සානුකම්පිත විය යුතුයි. අප සතුට වෙතට යනවා. එබැවින් අපි අන් අයට මෙම මාර්ගය පෙන්විය යුතුයි. ඔබ අන්ධයින්ට සැරයටිය. මිනිසුන් ගායනා කරන්නේ ඔබ අන්ධයින්ට සැරයටියයි! සෑම කෙනෙකුටම ඇස් තිබෙන නමුත් ඔවුන් කන්නලව් කරන්නේ ඔවුන්ට ඥානයේ තෙවැනි ඇස නොමැති නිසාය. සාමය සහ සතුට වෙතට ඔබට මාර්ගය පෙන්වන්නේ ඒකායන පියා පමණයි. මෙය දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. පෙර කළ ඔබට මෙය වැටහුනේ නැත. මිනිසුන් භක්ති මාර්ගයේ බොහෝ මන්ත්‍ර ජප කරති. ඔවුන් රාමාගේ නම මතුරමින් මාළුන්, කුහුඹුවන් ආදින්ට කෑම කවයි. දැන්, ඥාන මාවතේ ඔබට එවන් කිසිම දෙයක් කිරීමට අවශ්‍ය නැත. බොහෝ කුරුල්ලන් මිය යයි. එක් කුණාටුවකදී බොහෝ මිය යති. ස්වභාවික ව්‍යසන විශාල බලයකින් පැමිණෙයි. පෙර හුරුවීම් දිගටම සිදු වෙයි. සෑම දෙයක්ම විනාශ වීමටයි තිබෙන්නේ. ඔබට දිව්‍යලෝකයට යෑමට ඇති බව ඔබගේ අභ්‍යන්තරයේ ඔබට දැනෙයි. පෙර චක්‍රයෙදී ඔබ ඒවා ගොඩනැගූ ආකාරයෙන්ම, එහිදී ඔබට නොම්මර එකේ මාලිගා ගොඩනැගෙයි. පෙර චක්‍රයේදී තැනුණු මාලිගාම නැවතත් තැනෙයි. ඒ කාලයේදී එය ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. ඔබ දැන් ඒ ගැන සිතන්නේ කුමකටද? ඒ වෙනුවට පරම පියාගේ සිහි කිරීමේ පමණක් සිටින්න. සිහිපත් කිරීමේ වන්දනාව අමතක නොකරන්න. පෙර චක්‍රයේ සිදුකළ ආකාරයෙන්ම මාලිගා ගොඩනැඟෙයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ සිටීමේ වගකීම ඉටු කළ යුතුයි. ඔබ බොහෝ සතුටින් සිටිය යුතුයි අපට පියා, ගුරුවරයා සහ සත්ගුරුව හමු වී තිබේ. ඔබට සතුටේ හිරිගඩු තිබිය යුතුයි! අමරණීය දේශයේ අධිපතියන් වීමට ඔබ මෙහි පැමිණ ඇති බව, ඔබ දන්නවා. ඔබ තුළ සෑම විටෙකම මෙම සතුට තිබිය යුතුයි. මෙහිදී ඔබට එය සෑම විටෙකම තිබෙන විට පමණයි, එය එහිදි උපත් 21 කට ඔබත් සමඟ රැඳී තිබෙන්නේ. ඔබ වෙන බොහෝ දෙනෙකුට දිගටම මෙය සිහිගන්වන විට, ඔබගේ සිහි කිරීමද වැඩි වෙයි. එවිට ඔබට එම පුරුද්ද ඇති වෙයි. මෙම අපවිත්‍ර ලෝකය ගිණි ගැනීමට යන බව ඔබ දන්නවා. මුළු ලෝකයම විනාශ වීමේ සැලකිල්ල තිබෙන්නේ ඔය බ්‍රහ්මණයන්ට පමණයි. ස්වර්ණමය යුගයෙදී ඔබ මේ කිසිවක් නොදැන සිටියි. එය දැන් අවසානය වන අතර, ඔබ සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරමින් සිටිනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපවිත්‍ර බවින් පිවිතුරු වීම සඳහා, උත්සාහ දැරීමට කම්මැලි නොවන්න. ඔබගේ නෑසිය මිතුරන් කෙරෙහි දයාව ඇති කර, ඔවුන්ට විස්තර කර දෙන්න. ඔවුන්ව නිකම්ම අත් නොහරින්න.

2. ඔබ ඔවුන්ගෙන් ඉවතට හැරී ඇති බව අන් අය කියන අන්දමට හැසිරෙන්න එපා. දයාවන්ත වී සෑම කෙනෙකුටම යහපත ගෙන එන්න. අන් සියලුම සිතිවිලි ඉවත් කරගෙන, එක් පියාගේ සිහිපත් කිරීමේ සිටින්න.

වරදානය:
ඔබ ලෝක පරිවර්ථකයෙක් වී, මුසු කර ගැනීමේ බලයෙන්, සියලු වැරදි දේ, නිවැරදි කරත්වා.

අන් අයගේ වැරදි දැක, ඔබ වැරදි නොකරන්න. වෙන කෙනෙක් අතින් වැරදීමක් සිදුවුණත් ඔබ සැහැල්ලුවෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ වැරදි ක්‍රියාවේ බලපෑමට හසු නොවන්න. බලපෑම් වලට හසුවන අය නොසැලකිලිමත් වනවා. නිරන්තරයෙන් නිවැරදි මාවතේ රැඳී සිටීමට සෑම කෙනෙක්ම වගකීමක් දැරිය යුතුයි. කෙනෙක් යම් වැරදි දෙයක් සිදුකළත් ඒ වෙලාවේ මුසු කිරීමේ බලය භාවිත කරන්න. අන් අයගේ වැරදි සටහන් කරගන්නවා වෙනුවට, ඔවුන්ට සහයෝගයේ සටහනක් ලබා දෙන්න, එනම්, ඔබගේ සහයෝගයෙන් ඔවුන්ව පුරවන්න, එවිට ලෝක පරිවර්ථනයේ කාර්යය පහසුවෙන් නිමා වෙයි.

පාඨය:
නිරන්තර යෝගීවරයෙක් වීම සඳහා, සීමිත මම හෝ මගේ අසීමිත බවට පරිවර්ථනය කරන්න.