08.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බ්‍රහමිණ් තත්ත්වයේ සිට දේවතාවන් බවට පත්වීමේ කුල්මත් බව ඔබ තුළ තිබිය යුතුයි. පරමාත්ම පියාගෙන් උසස් උපදෙස් ලබා ගන්නේ බ්‍රහමිණ් වන ඔබ පමණයි.

ප්‍රශ්නය:
අළුත් රුධිරය ඇති අය ලඟ තිබිය යුතු ආශාව හා කුල්මත් බව කුමක්ද?

පිළිතුර:
පැරණි සියලු දේ අළුත් කිරිමේ ආශාව වූ පැරණි හා කලියුග තත්වයට පත්ව ඇති මේ ලෝකය නව හා සත් යුග තත්ත්වයට පත් කරවීමේ ආශාව ඔබ තුළ තිබිය යුතුයි. කුමාරින්ට අළුත් රුධිරය තිබෙනවා. එමනිසා, අන් අයවත් තමාගේ සමගාමීන් බවට පත් කරවිය යුතුයි. මෙම කුල්මත්භාවය ඔබ තුළ නිරන්තරයෙන්ම තිබිය යුතුය. දේශන පැවැත්වීමටත් ඔබ තුළ ලොකු කැමැත්තක් තිබිය යුතුයි.

ගීතය:
ඕ රාත්‍රියේ සංචාරය කරන්නාණනි වෙහෙසට පත් නොවන්න! අරුණැල්ලේ ඉරණම තිබෙන්නේ වැඩි ඈතක නොවෙයි.

ඕම් ශාන්ති.
මෙම ගීතයේ අර්ථය දරුවන් වන ඔබට වැටහෙනවා. භක්ති මාරගයේ ඝණ අන්ධකාර රාත්‍රිය දැන් අවසන් වෙමින් පවතිනවා. තමන් දැන් කිරුළක් හිමි කර ගැනීමට යන බව ඔබට තේරෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත්වීමේ ඉලක්කය හා අරමුණ ඇතිව ඔබ දැන් මෙතන සිටිනවා. තමා ගොනෙක් වශයෙන් සලකන්න කියා එක් අයෙකුට සන්යාසි කෙනෙක් පැවසුවා. එවිට තමා එම ස්වරූපයට පත්ව ඇතැයි එම පුද්ගලයා සිතුවා. එය භක්ති මාර්ගයේ එන උදාහරණයක් වන අතරම, වඳුරු හමුදාවක් රැගත් රාමා ගැන කියන උදාහරණය ද ඇත. කිරුළු දෙකක් ඇති දේවතාවන් බවට ඔබව පත් කරවන ඥානය මත ඔබ මෙහි අසුන් ගෙන සිටියි. ඔබ පාසලේදි ඉගන ගන්නා විට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමට ඉගෙන ගන්නා බව ඔබ කියනවා. මෙම ඥානය මඟින් ඔබ දේවතාවන් බවට පත්වන බව මබට තේරෙනවා. ඔබ ඔබගේ ශරීරය අතහැරිය විට ඔබගේ මීලඟ ශරීරය හිස මත කිරුළක් සහිතව සිටියි. මේ ලෝකය ඉතාමත් අපිරිසිඳුයි. නව ලෝකයේ පාලකයා බවට ඔබව පත් කරවන්නා තමයි අනිවාර්යෙන්ම ලෝකයේ නිර්මාණකරු වන්නේ. වෙන කිසිම කෙනෙකුට බැහැ ඔබට මෙය කියා දෙන්න. ශිව බාබා පමණයි ඔබට මෙම අධ්‍යාපනය දී උගන්වන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම ජීවාත්ම අවධානයට පත් වූ විට වෙන මොනවාද ඔබට අවශ්‍ය වන්නේ? කියා පරම පියා අසා තිබෙනවා. කොහොමනමුත්, ඔබලා බ්‍රහමිණ් වරුන්ය. තමන් දැන් දේවතාවන් බවට පත්වන බව ඔබ දන්නවා. දේවතාවන් ඉතාමත් පාරිශුද්ධයි මෙහි සිටිනා මනුෂ්‍යයින් ඉතාමත් අපිරිසදුයි. ඔවුන්ගේ මුහුණු මනුෂ්‍ය මුහුණු මෙන් තිබුණත් බලන්න ඔවුන්ගේ චරිතය මොනවාගේද කියා. දේවතාවන්ව වන්දනා කරන වන්දනා කරුවන් මෙම දේවතාවන්ගේ ගුණ ඔවුන් ඉදිරියේ ගායනා කරනවා. ඔබ සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණයි. කලා දහසයෙන්ම පරිපූර්ණයි. නමුත් අපි දුෂ්ඨ පව්කාරයින්ය. ඔවුන්ගේ මුහුණුත් මනුෂ්‍ය මුහුණුම වුණත් ඔවුන් මේ ගුණ ඒ දේවතාවන් ඉදිරියේ ගායනා කරනවා. ඔබ සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණයි. ඔවුන් තමන් ගැනම කියනවා. අපි අපිරිසිඳු පව්කාරයින්, අප ලඟ කිසිම ගුණධර්මයක් නැහැ. ඔවුනුත් මනුෂ්‍ය ජීවයන්ය. තමන් දැන් වෙනස් වී දේවතාවන් බවට පත්වෙනවා යන්න ඔබටම තේරෙනවා. ක්‍රිෂ්ණාගේ දේශය වෙත යා හැකි නිසා මිනිසුන් ක්‍රිෂ්ණා වන්දනා කරනවා. කොහොමනමුත්, කවදාද එහි යන්නේ කියා ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් පැමිණ තමන්ගේ භක්තියේ ඵලය තමන්ට ලබා දේය යන දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. මේවා ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදේශයන්ය. ශිව බාබා ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. මෙය තේරුම් ගන්නේ නැති අය උසස් වන්නේ කෙසේද ? බ්‍රහමිණ්වරුන් වන ඔබ සියලු දෙනාම ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් අනුගමනය කරනවා. උත්තරිතර පරමාත්ම ජිවය වන උත්තරිතර පරමාත්ම පියාගේ උපදෙස් පමණයි ඔබව උසස් කරවන්නේ. වාසනාව ඇති අයගේ බුද්ධීන් තුළ පමණයි මෙය රැඳෙන්නේ. එසේ නොවන්නට, කිසිවක් ඔවුනට තේරුම්ගත නොහැකි වේවි. ඔවුන් මෙය තේරුම් ගත් විට පමණක්, ඔවුන් සතුටට පත් වී ඔබට උදව් කිරීමට පටන් ගනීවි. එහි සමහර අය කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් අඩුම තරමේ එමකෙනා කවුද කියාවත් දන්නේ නැහැ. බාබා කිසිවකු මුණ නොගැසෙන්නේ ඒ නිසයි. ඒ මිනිස්සු තමන්ගේම උපදෙස් පමණයි ලබා දෙන්නේ! ශ්‍රීමත් හරියාකාරව තේරුම් නොගැනීම නිසා ඔවුන් ඒ අයට තමාගේම උපදෙස් ලබාදෙනවා. දරුවන් වන ඔබව දැන් උසස් කරවීම සඳහා පරම පියා පැමිණ සිටිනවා. මීට වසර 5000 කට පෙර ඔහු කළ ආකාරයෙන්ම පරමාත්ම පියා නැවතත් පැමිණ ඔබව හමුවූ බව දරුවන් වන ඔබ දන්නවා. මෙය තේරුම් ගත්තේ නැති අයට මේ ලෙසින් ප්‍රතිචාර දක්වන්න බැහැ. ඉගෙන ගැනීමට ඔබ තුළ ලොකු ආසාවක් තිබිය යුතුයි. මෙය ඉතාමත් විශාල අධ්‍යාපනයක්. නමුත් මායාත් ඔබ හා තදින්ම විරුද්ධයි. කිරුළු දෙකක් ඇති අය බවට ඔබව පත් කරවන අධ්‍යාපනයක් තමා ලබා ගන්නා බව දරුවන් වන ඔබ දන්නවා. අනාගතයේදී උපතක් උපතක් පාසා කිරුළු දෙකක් ඇති අය බවට ඔබව පත්කරවන අධ්‍යාපනයක් තමා ලබා ගන්නා බව දරුවන් වන ඔබ දන්නවා. අනාගතයේදි උපතක් උපතක් පාසා ඔබ කිරුළු දෙකක් ඇති අයෙක් බවට පත්වේවි. මෙය හඳුන්වන්නේ රාජයෝගා ලෙසිනුයි. මොන තරම් පුදුමයක්ද! බාබා සෑම විටම කියනවා ලක්ෂ්මී නාරායන් දේවාලවලට යන්න. එහි සිටිනා පූජකවරයින්ටත් කරුණු පැහැදිලිකර කියා දීම ඔබට කළ හැකියි. ලක්ෂ්මී හා නාරායන තමන්ගේ තත්ත්ව ලබාගත්තේ කෙසේද, ඔවුන් ලෝකයේ පාලකයින් බවට පත්වුණේ කෙසේද කියා එවිට අන් අයට කියා දීමට පූජකවරයාට හැකිවෙයි. මේ ආකාරයෙන් ඔවුන් අන් අයට කරුණු පැහැදිලිකර දුන්නොත් ඔවුන්ට ලැබෙන ගෞරවයත් තවත් වැඩිවනු ඇත. ලක්ෂ්මි හා නාරායන තමන්ගේ අධිරාජ්‍යය ලබාගත්තේ කෙසේද කියා අපි ඔබට කියා දෙන්නම් කියා, ඔවුන්ට කියන්න. ගීතාවේ කියනවා සත්‍ය දෙවියන් කියනවා මම ඔබට රාජයෝගා උගන්වා ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත්කරවනවා. ඔබ සත් යුගයේ පාලකයින් බවට පත්වෙනවා, එහෙම නේද? එමනිසා, තමන් පත්වන්නේ කුමන තත්ත්වයකටද යන සතුට ඔබ තුළ තිබිය යුතුයි. ඔබ දැන් සිටිනා සාමාන්‍ය ආකාරයෙන් හා ඔබගේ රාජකීය ඇඳුම් ඇඳගත් ආකාරයෙන් ඔබට පුළුවන් ඔබගේම ඡායාරූප ගන්න. සාමාන්‍ය ඇඳුමින් ගත් පින්තූරය පහළිනුත්, රාජකීය ඇඳුම් ඇඳගෙන ගත් පින්තූරය ඉහළිනුත් තැබිය හැකියි. මෙහි කිසිම වියදමක් නැහැ, එහෙම නේද? ඔබට ඉතා ඉක්මණින් රාජකීය ඇඳුමක් ඇඳ ගත හැකියි මෙය දකින විට තමා දේවතාවන් බවට පත්වෙනවා යන්න ඔබට නැවත නැවතත් සිහියට නඟා ගත හැකියි. ඉහළින්ම ශිව බාබාවත් තැබිය හැකියි. ඔබ මෙම පින්තූරයක් ගත යුතුයි. ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත්වෙනවා. ඔබ දැන් රාජයෝගා ඉගෙන ගන්නා නිසා මෙම ශරීරය අත්හල විට ඔබට දේවතාවෙක් බවට පත්විය හැකියි. එමනිසා, මෙම පින්තූරය ඔබට වඩාත් ලොකු උදව්වක් වේවි. ඉහළින්ම ශිව බාබාගේ පින්තූරයක් තබන්න. පසුව රාජකීය ඇඳුමින් සැරසුණු ඔබගේ පීන්තූරයද, එයට පහළින් සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පින්තූරය තබන්න. ත්‍රිමූර්ති පින්තූරය ඉවත් කරන්න. අපි ශිව බාබා සමඟ රාජයෝගා ඉගෙනගෙන කිරුළු දෙකක් ඇති දේවතාවන් බවට පත්වෙනවා. මෙම පින්තූරය ඔබ ලඟ තිබෙනවානම් නොයෙක් නොයෙක් අය ඒ ගැන අසනවිට අපට උගන්වන්නේ ශිව බාබා බව ඔබට කිව හැකියි. දරුවන් වන ඔබ මෙම පින්තූරය දුටුවිට ඔබ තුළ සතුටක් ඇතිවෙයි. මෙම පින්තූරය ඔබගේ වෙළඳසැලේ පවා තැබිය හැකියි. බාබා භක්ති මාර්ගයේ සිටි කාලයේදී ඔහු නාරායනගේ පින්තූරය තබාගෙන සිටියා. ඒ වගේම ඔහු ඉන් එකක් තම සාක්කුවේද තබාගෙන සිටියා. ඔබත් ඔබගේම පින්තූරය තමා ලඟ තබාගත යුතුයි. එවිට තමන් දේවතාවන් බවට පත්වනවාය යන්න ඔබට සිහිපත්වේවි. පරමාත්ම පියාව සිහිපත් කිරීමේ නොයෙකුත් මාර්ග ඔබ විසින් සොයා ගත යුතුයි. ඔබ පිරිහෙන්නේ පියාව අමතක කළ විටයි. පාපයන්ට වැටුණහොත් දේවතාවෙක් බවට පත්විය නොහැකිවීමේ ලැජ්ජාවෙන් ඔබට සිත් කරදර ඇතිවිය හැකියි. මම දැන් කොහොමද දේවතාවෙක් බවට පත්වෙන්නේ? බාබා කියනවා පාපයට වැටුණු අයගේ ඡායාරූප ඉවත් කරන්න. ඔවුන්ට කියන්න ඔබ සත් යුගයට යාමට සුදුසු නැහැ. ඔබගේ ගමන් බලපත්‍රය අවලංගුයි. ඔවුන්ටම හැඟී යයි තමන් දැන් වැටුණාය කියා. පසුව තමන්ගෙන්ම අසා ගනීවි කොහොමද සත් යුගය වෙත යන්නේ කියා. නාරද්‍ගේ උදාහරණය තිබෙනවා. ලක්ෂ්මිව විවාහ කර ගන්න තරම් තමා සුදුසුද කියා තමන්ගේ මුහුණ දෙස බලන්න කියා ඔහුට කිව්වා. ඔහු වඳුරකුගේ මුහුණ දැක්කා. තමන් ලඟ මේ පාපයන් තිබෙනවා කියා ඔවුන් එවිට ලැජ්ජාවට පත්වේවි. ඉතින් ඔවුන් ශ්‍රී නාරායනව හෝ ලක්ෂ්මිව විවාහ කර ගන්නේ කෙසේද? බාබා ඔබට නොයෙකුත් ක්‍රම හා විධි පෙන්වා දෙනවා. කොහොමනමුත්, ඔබ තුළත් යම් විශ්වාසයක් තිබිය යුතුයි. පාපයන්ට කැමැත්ත ඇති වූ විට තමන්ට රජවරුන්ගෙන් රජ බවට හා කිරුළු දෙකක් ඇති අයෙක් බවට පත්විය නොහැකි බව ඔවුන්ම තේරුම් ගන්නවා. කිසියම් උත්සාහයක් දැරිය යුතුයි. බාබා දිගින් දිගටම ඔබට කරුණු තේරුම් කර දෙනවා. එවන් ක්‍රම සොයා ගෙන සියලු දෙනාටම පැහැදිලි කර දෙන්න. රාජයෝගයේ ස්ථාපනය දැන් සිදුවෙමින් පවතිනවා. විනාශය අත ලඟයි. දවසින් දවස කුණාටු තව තවත් සැර වෙනවා. බෝම්බ ආදියත් නිර්මාණය වෙනවා. අනාගතයේදී හොඳ තත්ත්වයක් ලබා ගැනීම සඳහා ඔබ මෙම අධ්‍යාපනය ලබාගන්නවා. ඔබ අපිරිසිඳුතාවයේ සිට පාරිශුද්ධත්වයට පත්වන්නේ එක්වතාවයි. මිනිසුන්ට තිබෙන ගල් බුද්ධිය නිසා තමන් සිටින්නේ අපායේ බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔබ දැන් ගල් බුද්ධියක් ඇති අයකුගෙන් දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් බවට පත්වෙනවා. ඔවුන්ගේ වාසනාවේ තිබෙනවානම් ඔවුන් මෙය ඉතාමත් පහසුවෙන් තේරුම් ගනීවි. නැතිනම් ඔබ කෙතරම් හිස වෙහෙසුවත් එය ඔවුන්ගේ බුද්ධියට යන්නේ නැහැ. පරමාත්ම පියාව හඳුනන්නේ නැත්නම් ඔවුන් අදේවවාදීන්ය. එනම්, අනාථයින්ය. ඉතින් ඔවුන් ශිව බාබාගේ දරුවන් වන නිසා ඔවුන්ව ස්වාමියාට හා පාලකයාට අයිති කර වීමට ඔබට අවශ්‍යයි. මෙම ඥානය ඇති අය තම දරුවන්ව පාපයෙන් ආරක්ෂා කර ගන්නවා. අවිද්‍යාවේ සිටිනා අය නිරන්තරයෙන් තම දරුවනුත් තමා පැටලුණාක් මෙන්ම පටලනවා. මෙහිදී පාප වලින් ඔබ ආරක්ෂිත බව ඔබ දන්නවා. පළමුවෙන්ම කුමාරින්ව ආරක්ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පාපයට තල්ලු කර දමනවා. මෙම ලෝකය දූෂිත බව ඔබ දන්නවා. ඔවුන්ට උසස් ලෝකයක් අවශ්‍යයි. පරමාත්ම දෙවියන් පවසයි සියලු දෙනාම දූෂිත වූ කාලයක මම ඔබ සියලු දෙනාවම උසස් කර වීමට පැමිණෙමි. මම සියලු දෙනාවම ඔසවා ගන්නවා. ගීතාවේත් කියනවා පූජකයින් හා සන්යාසීන්ව ඔසවා තැබීම සඳහා දෙවියන් පැමිණෙයි. අපව ඔසවා තබනුයේ එකම එක පරමාත්ම දෙවියන් පමණයි. මිනිසුන්ගේ හිස් ගල් බවට පත්ව ඇත්තේ කෙසේද කියා ඔබ පුදුම වෙනවා. ගීතාවේ දෙවියන් වන්නේ ශිවා බව ඒ ප්‍රභූන් සියලු දෙනාම තේරුම් ගත්තොත් කුමක් සිදුවෙයිද කියා කියන්න බැහැ! වේදනාවෙන් කරන කෑ ගැසීම් අසන්න ලැබෙයි! කොහොමනමුත්, ඒ සඳහා තව කාලය තිබෙනවා. නැතිනම් ඔවුන්ගේ කණ්ඩායම් හිටි ගමන් සෙලවෙන්න පටන් ගනියි. බොහෝ අයගේ සිහසුන් චංචල වෙනවා! යුද්ධය සිදුවෙන විට අසවල් කෙනාගේ සිහසුන සෙලවෙන්න පටන් ගත් අතර ඔහු වීසි විය යැයි ඔබට කිව හැකියි. ඒවා දැන්ම සෙලවෙන්න පටන් ගත්තොත් බොහෝ කැලඹිලි ඇතිවේවි. අනාගතයේදී එය ඒ ආකාරයෙන්ම සිදු වේවි. පාරිශුද්ධකරු, මුක්තිය පිරිනමන්නා වන ඔහුම කියනවා මම සත්‍ය වශයෙන්ම බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු කරනවා. සැමට මුක්තිය යනු ඔහු සියලු දෙනාවම ඔසවා තබන බවයි. පරමාත්ම දෙවියන් කියනවා මේ ලෝකය අපිරිසිඳුයි. මම සෑම දෙනාවම ඔසවා තැබිය යුතුයි. සෑම දෙනාම දැන් අපිරිසිඳුයි. අපිරිසිඳු කෙනෙක් කොහොමද සියලු දෙනාම පාරිශුද්ධ කරවන්නේ? පළමුවෙන්ම තම අනුගාමිකයින්ව පාරිශුද්ධ කරවීමට ප්‍රථම ඔහු පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. දේශන දෙනවිට ඔබ තුළ විශාල කුල්මත් බවක් තිබිය යුතුයි. කුමාරින් වන ඔබ තුළ අළුත් රුධිරය තිබෙනවා. ඔබ පැරණි තත්ත්වයේ සිට අළුත් තත්ත්වයට පත්වෙනවා. මිශ්‍රණය (කලවම) ඉවත් වෙන විට පැරණි හා කලියුග තත්ත්වයේ සිටි ජීවාත්ම වන ඔබ නව හා සත්යුගයේ තත්ත්වයට පත් වෙනවා. එමනිසා, දරුවන් වන ඔබ තුළ විශාල ආශාවක් තිබිය යුතුය. ඔබ තුළ ලොකු කුල්මත් බවක් තිබිය යුතුයි. තමන්ගේ සමකාලීනයන්වත් ඔසවා ගත යුතුයි. ගුරුමාතාව සිහිපත් කරනවා. මව් කෙනෙක් ගුරුවරයෙක් වෙන්නේ කුමන අවස්ථාවේද කියා ඔබට දැන් තේරෙනවා. එවිට ජගදම්බා රාජ කුමාරිකාවක් වෙනවා. එහි ගුරුන් නැහැ. ගුරුන්ගේ ව්‍යාපාර තිබෙන්නේ මේ කාලයේය. ඥානය නැමති අමෘතය රැඳි කළස පියා මව්වරුන්ගේ හිස මත තබනවා. ආරම්භයේ සිටම එය ඒ ආකාරයෙන්ම තිබුණා. ඔවුන් මධ්‍යස්ථානවලට කියනවා අපිට බ්‍රහ්ම කුමාරි කෙනෙක් අවශ්‍යයි. බාබා කියනවා ඔබ එය කරගෙන යා යුතුය! ඔබට ධෛර්යය නැද්ද? ඔවුන් කියනවා නෑ, බාබා! අපට ගුරුවරයෙක් අවශ්‍යයි. ගෞරවය දෙන එකත් හොඳයි. මේ දවස්වල ඔවුන් එකිනෙකාට දෙන්නේ බොරු ගෞරවයක්! අද කෙනෙක්ව අගමැති බවට පත්කරවා හෙට ඔහුව පසෙකට තල්ලු කර දමනවා. කිසිම කෙනෙක් සදාකාලික ගෞරවයක් ලබන්නේ නැහැ. මේ කාලයේදි දරුවන් වන ඔබ ඔබගේ අධිරාජ්‍යය නම් වූ සදාකාලික වාසනාව ලබා ගන්නවා. බාබා නොයෙකුත් ක්‍රම මඟින් ඔබට කරුණු පැහැදිලි කර දෙනවා! ඔබව නිරන්තරයෙන්ම උද්යෝගයෙන් තැබීම සඳහා බාබා ඔබට නොයෙකුත් මාර්ග පෙන්වා දෙනවා. ඔහෝ! මම ලක්ෂ්මි හා නාරායන වැනි වූ තත්ත්වයකට පත්වෙනවා! යන සුබ පැතීම ඔබට තිබිය යුතුයි. එය ඔවුන්ගේ වාසනාවේ නැතිනම් මොන උත්සහායද දරන්නේ? ඔබ විසින් දැරිය යුතු උත්සාහය බාබා ඔබට පෙන්වා දෙනවා. උත්සාහයක් කවදාවත් අපතේ යන්නේ නැහැ එය සෑම විටම වටිනවා. අධිරාජ්‍යය ස්ථාපනය වෙයි. මහාභාරත යුද්ධය හරහා විනාශය සිදු විය යුතුයි. ඔබ වර්ධනය වෙමින් ඉදිරියට යන අතරේ ඒ සියලු දෙනාම පැමිණෙයි. දැන්ම ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නා එකක් නැහැ. නැතිනම් ඔවුන් අධිරාජ්‍යය අහිමි කර ගනියි. ගුරුන් රාශියක් ඉන්නවා! කවර හෝ ගුරු කෙනෙකුගේ අනුගාමිකයෙක් බවට පත් නොවූ කිසිම මනුෂ්‍යයෙක් නැහැ. මෙහිදි ඔබට මුක්තිය ලබා දෙන එකම එක සත්ගුරු ඔබ විසින් සොයාගෙන තිබෙනවා. ඔබ ලඟ තිබෙන පින්තූර ඉතාමත් හොඳයි. මෙය මුක්තියයි. එය සතුටේ දේශයයි. මෙය මුක්තියේ දේශයයි. ඔබගේ බුද්ධිය කියනවා අපි සියලුම දෙනා ශබ්දයට එන්නේ නිර්වාණ දේශයේ සිටයි. ජීවාත්ම වන අපි එහි වසමු. අප එම ස්ථානයේ නේවාසිකයන්ය. මෙම නාටකය භාරතය පදනම් කර ගත්තක්ය. ශිවාගේ උපන් දිනය සමරන්නේ මෙහිදීය. පරමාත්ම පියා කියනවා මම දැන් පැමිණ තිබෙනවා. පසුව තව කල්පයකින් මම නැවතත් පැමිණෙනවා. සෑම වසර 5000 කට වතාවක්ම පරම පියා පැමිණුනු විට, එය පාරාදීසයක් බවට පත්වෙනවා. ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට අවුරුදු ගණනාවකට පෙර පාරාදීසයක් තිබුණා කියා කියනවා. දැන් එය නැහැ. නමුත් එය නැවතත් පැමිණිය යුතුයි. එමනිසා, සත්යුගයේ නේවාසිකයන් වෙනුවෙන් ස්ථාපනයකුත්, අපායේ නේවාසිකයන් වෙනුවෙන් විනාශයකුත් අනිවාර්යෙන් ඇතිවිය යුතුය. ඔබ දැන් සත් යුගයේ නේවාසිකයන් බවට පත්වෙනවා. අපායේ සිටිනා අය සියලු දෙනාම විනාශ වෙනවා. තවත් වසර ගණනාවක් ඉදිරියට තිබෙනවාය කියා සිතා ඒ මිනිස්සු තම දරුවන් ලොකු මහත් වී දීග යන තෙක් බලා සිටිනවා. ඔබ මෙය කියන්නේ නැහැ. ඔබේ දරුවන් ඔබගේ උපදෙස් අනුගමනය කළේ තැත්නම් ඔබ ශ්‍රීමත් ගත යුතුයි. අහන්න ඔවුන් සත් යුගයේ නේවාසිකයන් වන්නේ නැත්නම් අපි මොනවාද කළ යුත්තේ? පරම පියා පිළිතුරු දෙයි ඔවුන් අකීකරුයි නම් ඔවුන්ට යන්න ඉඩහරින්න. කොහොමනමුත්, බැඳීම විනාශ කර දැමීමේ හොඳ ශක්තිමත් ස්ථීතියක් ඔබ සතුව තිබිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රී ශිව බාබාගේ උසස් උපදෙස් පිළිපැද ඔබව උසස් කරවා ගන්න. ඔබගේ මනසේ අණ සමඟ ශ්‍රීමත් පටලවා නොගන්න. මෙම සත්‍යය වූ අධ්‍යාපනයේ සතුට රඳවා ගන්න.

2. ඔබගේ සමකාලීනයන්ට යහපතක් උදාකරදීම සඳහා ක්‍රම සොයා ගන්න. එකිනෙකා වෙනුවෙන් සුබ පැතීම් කර ගන්නා අතර එකිනෙකාට බොරු ගෞරවයක් නොව නියම සැබෑ ගෞරවය දක්වන්න.

වරදානය:
ඔබ ආධ්‍යාත්මික අභ්‍යාස කිරීමෙන් සහ ස්ව-පාලකයෙක් වීමෙන්, සුරදූතයෙක් වී සුපැහැදිලි බව අත්විඳිත්වා.

බුද්ධියේ සුපැහැදිලි බව සහ සැහැල්ලු බව, බ්‍රහ්මිණ් දිවියේ පෞරුෂත්වයයි. සුපැහැදිලි බව, ශ්‍රේෂ්ඨත්වයයි. කෙසේවෙතත්, මේ සඳහා දිනපතා අම්රිත් වේලාවේ ආධ්‍යාත්මික අභ්‍යාස සිදුකර කිසිම නිෂ්ඵල සිතිවිලි වල ආහාරය නොගෙන සිටීමට ප්‍රවේසම් වන්න. මෙම පූර්වාරක‍්ෂාව සිදුකර ගැනීම සඳහා, ස්ව-පාලනයක් ඇති කරගන්න. ඕනෑම වෙලාවක, එම වෙලාවේ ඔබට තිබිය යුතු සිතිවිලි ආහාරය පමණක් ගන්න. නිෂ්ඵල සිතිවිලි වල අතිරික්ත ආහාරය නොගන්න, මන්ද ඔබට සුපැහැදිලි බුද්ධියක් තිබී, සුරදූතයෙක් වීමේ අරමුණ ඉටු කරගැනීමට හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් යනු, සෑම තත්පරයක සහ පියවරකදීම නිවැරදිව ශ්‍රීමත් අනුගමනය කරන කෙනෙකි.