08.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ආධ්‍යාත්මික රෝහල කල්ප භාගයකට ඔබව සදා නිරෝගී කරවයි. ජීව අවධානයෙන් මෙහි අසුන් ගන්න.

ප්‍රශ්නය:
ඔබගේ ව්‍යාපාර ආදිය කරගෙන යන අතර ඔබගේ බුද්ධියෙන් සිහි කළ යුත්තේ කුමන උපදෙස්ද?

පිළිතුර:
පියාගේ උපදේශය වන්නේ ඔබ කිසිම ශාරීරික හෝ සූක‍්ෂම ජීවීන් සිහි නොකළ යුතුයි. ඔබගේ පාපයන් දුරු වන්නේ ඔබ ඒකායන පරමාත්ම පියාව සිහි කරන විට පමණයි. මේ සඳහා කාලය නොමැති බව, ඔබගෙන් කිසිවෙකුට කිව නොහැක සෑම දෙයක්ම සිදු කරන අතර ඔබට සිහිපත් කිරීමේ සිටිය හැක.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා, මිහිරිතම, ආධ්‍යාත්මික දරුවනට පවසන්නේ සුබ උදෑසනක්. සුබ උදෑසනක් පැවසීමෙන් පසුව, ඔය දරුවන්ට පරම පියාව සිහි කිරීමට කියයි. ඔබ කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරු, පැමිණ අපව පිවිතුරු කරන්න! එබැවින් පරම පියා ප්‍රථමයෙන් පවසන්නේ ආධ්‍යාත්මික පරම පියාව සිහි කරන්න. සියලුම දෙනාගේ ආධ්‍යාත්මික පියාණන්, ඒකායන කෙනා පමණයි. පියෙක් කිසිදා සෑම තැනකම සිටින බව සලකන්නේ නැත. එබැවින් හැකි තරම් දුරට, දරුවනේ, ප්‍රථමයෙන් පරම පියාව සිහි කරන්න. කිසිම ශාරීරික හෝ සූක‍්ෂම ජීවියෙක් සිහි නොකරන්න එක් පරම පියා පමණක් සිහි කරන්න. මෙය ඉතා පහසුයි, එහෙම නේද? ඔවුන් කාර්ය බහුල බවත් ඔවුන්ට කාලය නොමැති බවත්, මිනිසුන් පවසයි. කෙසේවෙතත්, ඔබට සෑම විටම මේ සඳහා කාලය තිබේ. පරම පියා ඔබට ක්‍රමවේදය පෙන්වයි. ඔබගේ පාපයන් පිළිස්සී යන්නේ පරම පියාව සිහි කිරීමෙන් පමණක් බවත් ඔබ දන්නවා. ප්‍රධානතම දේ මෙයයි. ඔබගේ ව්‍යාපාර කරගෙන යාමට කිසිවෙක් තහනම් නොකරයි. ඒ සියල්ල කරන අතර, ඔබගේ පාපයන් දුරු කර ගැනීමට පරම පියා සිහිපත් කරන්න. ඔබ අපවිත්‍ර බව ඔබට වැටහෙයි. පැවිද්දන්, පූජකවරු, ඍෂිවරු, මුනිවරු ආදීන් සියල්ලම ආධ්‍යාත්මික උත්සාහ දරයි. කෙනෙක් ආධ්‍යාත්මික උත්සාහයක යෙදෙන්නේ, දෙවියන්ව මුණගැසීමටයි. ඔහුගේ හැඳින්වීම ඔබට ලැබෙන තුරු ඔබට ඔහුව මුණ ගැසිය නොහැක. ලෝකයේ කිසිම කෙනෙකුට පරමාත්ම පියාගේ හැඳින්වීම නොමැති බව ඔබ දන්නවා. සියලු දෙනාටම තිබෙන්නේ සිරුරු වල හැඳින්වීමයි. යම් විශාල දෙයක හැඳින්වීම කෙනෙකුට විගසින් ලැබෙයි. ජීවාත්මයන්ගේ හැඳින්වීම ඔබට පහදා දෙන්නේ, පරම පියා පැමිණි විට පමණයි. මේ දෙක තිබේ ජීවාත්මය සහ ශරීරය. ජීවාත්මයක් තරුවක් වන අතර ඉතාමත්ම සියුම්ය කිසිවෙකුට එය නොපෙනෙයි. ඔබ මෙහි පැමිණ අසුන්ගත් විට, ඔබ අසුන් ගත යුත්තේ ජීවාත්ම අවධානයෙන්ය. මෙය රෝහලක්ද වෙයි. මෙය, ඔබ කල්ප භාගයක් සදා නිරෝගී වන රෝහලයි. ජීවාත්ම අවිනාශීය ඒවා කිසිදා විනාශ වන්නේ නැත. සෑම ජීවාත්මයක් තුළම සම්පූර්ණ චරිත කොටසක් තිබේ. ජීවාත්මය පවසන්නේ කිසිදාක මා විනාශ නොවෙයි. මේ සියලුම ජීවාත්ම අවිනාශීය. ශරීර විනාශ වන සුළුයි. ඔබ වන ජීවාත්ම අවිනාශී බවත් ඔබ උපත් 84ක් ගන්නා බවත්, මෙය නාට්‍යය බවත් ඔබගේ බුද්ධිය තුළ දැන් තිබේ. කුමන කලට කුමන ආගමික නායකයන් පැමිණෙන්නේද, ඔවුන් උපත් කීයක් ගන්නේද කියාත් ඔබ දන්නවා. සිහි කර ඇති උපත් 84, නිසැකවම එක් ධර්මයක් පිළිබඳ විය යුතුයි එය සියලු දෙනාටම විය නොහැක. සියලුම ආගම් එකවර පැමිණෙන්නේ නැත. අපි ඉඳගෙන අන් අයගේ කිසිවක් ගැන ගණනය කරන්නේ කුමටද? අහවල් කෙනා, ආගමක් ස්ථාපිත කිරීමට, අහවල් කාලයේ පැමිණෙන බව අප දන්නවා. ඉන්පසුව එහි විස්තාරණය තිබේ. සියලු දෙනාම සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් විය යුතුයි. ලෝකය තමෝප්‍රධාන් වූ විටයි පරම පියා පැමිණ එය සතෝප්‍රධාන් ස්වර්ණමය යුගය බවට පත්කරන්නේ. ඔබ, භාරතයේ ජනතාව පැමිණ, නව ලෝකය පාලනය කරන බව, ඔය දරුවන් දන්නවා. එහි වෙනත් ආගම් නොතිබෙයි. ඔය දරුවන් අතරින්ද, උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට ඇති අය, සිහිපත් කිරීමේ සිටීමට වැඩියෙන් උත්සාහ දරණ අතර ඔවුන්ගේ පුවත්ද බාබාට ලියයි බාබා, මා මෙතරම් වෙලාවක් සිහි කිරීමේ සිටිනවා. ලැජ්ජාව නිසා සමහරු තම පුවත් ලියන්නෙම නැහැ. ඔවුන් සිතන්නේ බාබා කුමක් කියයිද? කොහොමනමුත්, බාබා දන්නවා. පාසැලක ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට මෙසේ කියයි ඔබ ඉගෙන ගන්නේ නැත්නම් ඔබ අසමත් වෙයි. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නා තරමට අනුව, ලෞකික දෙමාපියන්ටද මෙය වැටහෙයි. මෙය ඉතා විශාල පාසලක්. මෙහිදි ඔබට අංක පිළිවෙලට අසුන් ගැනීමට සලස්වන්නේ නැහැ. එය අංකානුරූප බව, ඔබගේ බුද්ධියට වැටහෙයි. බාබා දැන් හොඳ දරුවන්ව වෙනත් ස්ථාන වලට යවනවා. ඔවුන් වෙනත් තැනකට ගිය විට, අන් අය එවිට මෙසේ ලියයි අපට මහාරතී කෙනෙක් අවශ්‍යයි. එබැවින් ඔවුන්ට වඩා, ඒ අය වඩා දක‍්ෂ සහ ප්‍රසිද්ධ බව වටහාගත හැක. එය අංකානුරූපයි. ප්‍රදර්ශන වලට පවා විවිධාකාරයේ මිනිසුන් පැමිණෙනවා, එබැවින් ඔවුන්ව පරීක‍්ෂා කිරීමට, මඟ පෙන්වන්නන් එහි සිටගෙන සිටිය යුතුයි. කුමන ආකාරයේ මිනිසුන් පැමිණියේද කියා, මිනිසුන්ව පිළිගන්න අයට දැන ගන්නට ලැබෙයි. එවිට එම කෙනා, විස්තර කරන අයට සංඥාවක් ලබා දිය යුතුයි ඔබට මේ මිනිසුන්ට විස්තර කළ හැක. ප්‍රථම ගණයේ, දෙවන ගණයේ සහ තුන්වන ගණයේ අය සිටින බව ඔබට වටහා ගත හැක. එහිදි, ඔබ සියලු දෙනාටම සේවය කළ යුතුයි. වැදගතෙක් පැමිණි විට, සියලු දෙනාම අනිවාර්යෙන් ඔහුට බොහෝ සේ සංග්‍රහ කරයි. නීතිය මෙයයි. පියා හෝ ගුරුවරයා පංතියේදි දරුවන්ව ප්‍රශංසා කරයි. මෙයත් විශේෂ අවධානය ලබා දීමක්. නාමය කීර්තිමත් කරන දරුවන්ට විශේෂ අවධානය ලබා දී, ඔවුන්ව ප්‍රශංසා කෙරෙයි. අහවලා ධනවත් සහ ආගමට නැඹුරු වූ කෙනෙක් බව පැවසීමත්, ඔහුට ප්‍රශංසා කිරීමක්. උසස්ම-උසස් කෙනා පරමාත්ම දෙවියන් බව ඔබ දැන් දන්නවා. ඔහු සැබවින්ම උසස්ම-උසස් කෙනා බව මිනිසුන් පවසන නමුත් ඔහුගේ චරිත කතාව ඔබට පවසන ලෙස ඔබ ඔවුන්ට කියූ විට, ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් පවසයි. ඔවුන් ඔහුව මුළුමනින්ම පහතට හෙලයි. උසස්ම-උසස් කෙනා පරමාත්ම දෙවියන් බවත්, ඔහු පරම දනව්වේ නිවැසියා වන අතර දේවතාවන් සූක‍්ෂම කලාපයේ සිටින බව, ඔබට දැන් විස්තර කළ හැක. මෙහි සිටින්නේ මනුෂ්‍යයන්ය. එබැවින් උසස්ම-උසස් කෙනා වන්නේ අශාරීරික දෙවියන්ය. ඔබ දියමන්ති මෙන් සිටි බවත් ඔබ දැන් සිප්පි කටු මෙන් වී ඇති බවත් ඔබ දැන් දන්නවා, එබැවින් ඔබ පරමාත්ම දෙවියන්ව පෙන්වා තිබෙන්නේ තමන්ටත් වඩා පහළින්ය. ඔබ ඔහුව හඳුනන්නෙවත් නැහැ. ඔය භාරත ජනතාවට එම හැඳින්වීම ලැබෙන අතර පසුව එම හැඳිනගැනීම අඩුවීගෙන යයි. ඔබ දැන් නොකඩවා සියලු දෙනාට පරම පියාගේ හැඳින්වීම ලබා දෙයි. බොහෝ දෙනෙකුට පරම පියාගේ හැඳින්වීම ලැබෙයි. ඔබගේ ප්‍රධාන පිංතූර වන්නේ, ත්‍රිමූර්තිය, චක්‍රය සහ වෘක‍්ෂයයි. ඒවා තුළ බොහෝ ආලෝකනය තිබේ. ලක‍්ෂ්මි සහ නාරායන් ස්වර්ණමය යුගයේ අධිපතියන් බව, ඕනෑම කෙනෙක් පවසයි. හොඳයි, ඉතිං ස්වර්ණමය යුගයට පෙර තිබුණේ මොනවාද? ඔබ මෙය දන්නේ මෙකල පමණයි. එය දැන් කලි යුගයේ අවසානය වන අතර එය මිනිසුන් මිනිසුන්ව පාලනය කරන කාලයයි. දැන් රාජධානි නොමැත එය විශාල වෙනසකි. සත් යුගය ආරම්භයේ රජවරු සිටි අතර දැක් කලි යුගයේද රජවරු සිටියි, නමුත් ඔවුන් කිසිවෙක් පිවිතුරු නැහැ. සමහරු නිකම්ම එම නම්බුනාම මිල දී ගනී. කිසිවෙක් සැබෑ මහාරාජා කෙනෙක් නොවෙයි ඔවුන් කරන්නේ නම්බු නාමය මිල දී ගැනීමයි. නිදසුනක් ලෙස පතියාලා, ජෝඩ්පූර්, බිකනීර් ආදියේ මහාරජවරු සිටියි. ඔවුන් එම නම් සඳහන් කරයි. එම නම් සදාකල් පැවතී ඇත. මුලදි පිවිතුරු අධිරාජවරු සිටි අතර දැන් ඉන්නේ අපවිත්‍ර අයයි. රජවරු සහ අධිරාජවරු යන වචන දිගටම පැවතෙනවා. ලක‍්ෂ්මි සහ නාරායන් ගැන ඔබ කියනු ඇත්තේ, ඔවුන් ස්වර්ණමය යුගයේ අධිපතියන්ව සිටි බවයි, රාජධානිය හිමි කරගත් අය බවයි. රාජධානිය ස්ථාපිත වන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. පරම පියා පවසන්නේ මා දැන් ඔබට උපත් 21කට උගන්වනවා. ඒ මිනිසුන් ඉගෙනගෙන එක උපතකට නීතිඥයින් ආදීන් වනවා. ඔබ මෙකල ඉගෙන ගන්නා අතර අනාගතයේ අධිරාජවරුන් සහ අධිරාජිනියන් වෙයි. නාටක සැලසුමට අනුව නව ලෝකය ස්ථාපිත වනවා. දැන් එය පැරණි ලෝකයයි. ඉතා හොඳ විශාල මාලිගා තිබෙන නමුත් දියමන්ති සහ මැණික් එබ්බවු මාලිගා තැනීමට කිසිවෙකුට බලය නැත. ස්වර්ණමය යුගයේ ඔවුන් සියලුම මාලිගා තැනුවේ දියමන්ති සහ මැණික් ඔබ්බවාය. ඒවා ගොඩනැගීමට වැඩි කලක් ගත වන්නේ නැහැ. මෙහිද, භූමිකම්පාවක් ආදිය සිදුවන විට, ඔවුන් බොහෝ කොන්ත්‍රාත්කරුවන් යොදවා මුළු නගරයක්ම වසර කිහිපයකින් නැවත ගොඩනඟයි. නව දිල්ලිය ගොඩනැගීමට වසර 8ක් හෝ 10ක් ගත වන්නට ඇති, නමුත් එහි කම්කරුවන් සහ මෙහි කම්කරුවන් අතර වෙනසක් තිබේ. මෙකල, ඔවුන් නොකඩවා නව නිර්මාණ සිදු කරයි. ගොඩනැඟීමේ විද්‍යාවට බොහෝ බලය තිබේ. ඔවුන්ට සෑම දෙයක්ම නිම කරන ලද ඒවා ලෙසට ලබා ගත හැකි අතර සියලුම තට්ටු නිවාස ආදිය ඉතා විගසින් ගොඩනඟයි. ඔවුන් ඒවා මෙහි ඉතා ඉක්මනින් ගොඩනඟන බැවින්, මේ සියල්ල එහිදි ප්‍රයෝජනවත් වෙයි. මේ සියල්ල ඔබත් සමග යයි ඒ සංස්කාර එවිටද ඉතිරිව තිබෙයි. විද්‍යාවේ සංස්කාරද ඔබත් සමග යයි. එබැවින් පියා නොකඩවා ඔබට පහදා දෙයි ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම් පරම පියාව සිහි කරන්න. පරම පියා පවසන්නේ සුබ උදෑසනක්, ඉන්පසුව ඔබට උගන්වයි දරුවනේ ඔබ අසුන්ගෙන සිටින්නේ පරම පියාව සිහි කරමින්ද? ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට පරමාත්ම පියා සිහි කරන්න, මන්ද බොහෝ උපත් වල බර ඔබගේ හිස මත තිබේ. ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණෙන අතර උපත් 84ක් ගනී. දැන් එක් උපතකදී ඉහළ නැඟීමේ අවස්ථාව තිබේ. ඔබ නොකඩවා පරමාත්ම පියාව වැඩියෙන් සිහි කරන තරමට ඔබට වැඩියෙන් සතුට ඇති වන අතර ඔබට ශක්තියද ලැබෙයි. ප්‍රථම අංකයට තබන බොහෝ දරුවන් සිටින නමුත් ඔවුන් කොහෙත්ම සිහිපත් කිරීමේ නොසිටියි. ඔවුන් දැනුමෙහි දක‍්ෂ වුවද, සිහිපත් කිරීමේ වන්දනා ගමනේ දක‍්ෂයන් නොවෙයි. පරම පියා ඔය දරුවන්ව වර්ණනා කරයි. මේ කෙනාද සිටින්නේ අංක එකටයි, එබැවින් ඔහු නියත වශයෙන්ම උත්සාහ දරණවා ඇති. ඔබට විස්තර කරන්නේ ශිව බාබා බව, ඔබ සෑම විටම සිතිය යුතු අතර එවිට ඔබගේ බුද්ධියේ යෝගාව එහි සම්බන්ධ වී තිබෙයි. මේ කෙනාද ඉගෙන ගන්නවා ඇති. කෙසේවෙතත්, ඔහු පවසන්නේ බාබාව සිහි කරන්න. මේ පිංතූර තිබෙන්නේ, ඕනෑම කෙනෙකුට විස්තර කිරීම සඳහාය. අශාරීරික කෙනා පරමාත්ම දෙවියන් ලෙස හැඳින්වෙයි. ඔහු පැමිණ සිරුරක් අරගනී. ඒකායන පරමාත්ම දෙවියන්ගේ දරුවන් සියලු දෙනාම ජීවාත්මයි, සහෝදරයන්. ඔවුන් දැන් තම සිරුරු තුළ පෙනී සිටිනවා. සැවොම අමරණීය පිළිරූය. මෙම සිරුර, අමරණීය පිළිරුවේ (ජීවාත්මයේ) සිංහාසනයයි. අමරණීය සිහසුන යම් විශේෂිත දෙයක් නොවෙයි. මෙය අමරණීය පිළිරුවේ සිහසුනයි. සෑම ජීවාත්මයක්ම නළලක් මැද වාසය කරයි. එය අමරණීය සිහසුන ලෙස හැඳින්වෙයි. එය අමරණීය සිහසුනේ අමරණීය පිළිරුවයි. සියලුම ජීවාත්ම අමරණීයයි ඒවා ඉතාමත්ම සියුම්ය. පියා අශාරීරිකයි. ඔහු තම සිහසුන කොහේ සිට ගෙනෙන්නද? පරමාත්ම පියා පවසන්නේ මෙය මගෙත් සිංහාසනයයි. මා පැමිණ මෙම සිහසුන ණයට ගන්නවා. මා පැමිණ බ්‍රහ්මාගේ සාමාන්‍ය පැරණි සිරුරේ අමරණීය සිහසුන මත අසුන් ගන්නවා. මෙය සියලුම ජීවාත්මයන්ගේ සිහසුන බව ඔබ දැන් දන්නවා. මින් හැඳින්වෙන්නේ මනුෂ්‍යයන් ගැන පමණයි එය සතුන්ට බලනොපායි. සතුන්ටත් වඩා අන්ත තත්ත්වයක සිටින මනුෂ්‍යයන් අඩු තරමින් තමන්ව ප්‍රථමයෙන් නිවැරදි කරගත යුතුයි. මිනිසුන් ඔබගෙන් සත්වයන් ගැන විමසන විට, ඔවුන්ට කියන්න පළමුව අඩුතරමින් තමන්ව හදාගන්න. ස්වර්ණමය යුගයේ සතුන් පවා ඉතා හොඳයි, පළමු පෙළේය. එහි කිසිම කසල ආදිය නොතිබෙයි. පරවියෝ රජ වාසල තුළ තම අසූචි දමන්නේ නම්, දඩයක් තිබෙයි. එහි කිසිම ආකාරයක අපද්‍රව්‍ය නොතිබෙයි. එහි, ඔවුන් ඉතා ප්‍රවේසම්ය. කිසිම සත්වයෙකුට ඇතුල් වීමට නොහැකි වන සේ ඔවුන් රැකවල් දමයි. එහි බොහෝ පිරිසිඳුකම තිබේ. ලක‍්ෂ්මි නාරායන් දේවාලයේද බොහෝ පිරිසිඳුකම තිබේ. ශංකර් සහ පාර්වතී දේවාලයේ ඔවුන් පරවියෙක් පවා පෙන්වයි. එබැවින් ඔවුන් අනිවාර්යෙන්ම දේවාලද අපිරිසිඳු කරනවා ඇති. එවන් බොහෝ කතා පුවත් ඔවුන් ග්‍රන්ථවල ලියා තිබේ. පරම පියා දැන් ඔය දරුවන්ට විස්තර කරන නමුත් එය ධාරණය කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි. ඉතිරි අයට කිසිවක් වැටහෙන්නේ නැත. පරම පියා ඔය දරුවන්ට බොහෝ සෙනෙහසින් විස්තර කරයි දරුවනේ ඉතාමත්ම මිහිරි වන්න. ඔබගේ මුවින් සෑම විටම මැණික් මතුවුනාදෙන්. ඔබ රුප් සහ බසාන්ට්ය. ඔබගේ දෙතොලගින් ගල් මතු නොවිය යුතුයි. ජීවාත්මයන්ව ප්‍රශංසා කෙරෙයි. ජීවයක් පවසන්නේ මා ජනාධිපතියි. මම අහවලාය. මගේ සිරුරේ නම මෙයයි. හොඳයි, ජීවාත්ම කාගේ දරුවන්ද? ඒකායන පරමාත්ම ජීවයගේ. එබැවින් ඔබට නිසැකවම ඔහුගෙන් උරුමය හිමිවනු ඇත. එසේ නම් ඔහු සර්ව ව්‍යාප්ත වන්නේ කෙසේද? ඔබද පෙර කිසිවක් නොදැන සිටි බව, ඔබට දැන් වැටහෙනවා. දැන් ඔබගේ බුද්ධි බොහෝ සේ විවර වී තිබේ. ඔබ දැන් ඕනෑම පූජණීය ස්ථානයකට ගිය විට, ඒ සියලුම පිංතූර මුසාවක් බව ඔබට වැටහෙයි. පිංතූරවල පෙන්වා ඇති පරිදි, අත් දහයක් හෝ ඇතෙකුගේ හොඬවැලක් ඇති කිසිවෙක් සිටිය හැකිද? ඒ සියල්ල භක්ති මාර්ගයේ මෙවලම්ය. ඇත්ත වශයෙන්ම භක්තිය තිබිය යුත්තේ, සියලු දෙනාට විමුක්තිය පිරිනමන ඒකායන ශිව බාබාට පමණයි. ලක‍්ෂ්මි සහ නාරායන් උපත් 84 ක් ගන්නා බව ඔබගේ බුද්ධියේ ඇත. එවිට උසස්ම-උසස් පරම පියා පැමිණ සියලු දෙනාටම විමුක්තිය පිරිනමයි. ඔහුට වඩා උසස් කිසිවෙක් නැත. ඔබ අතරින්ද මෙම ඥානය ඔබට ධාරණය කරගැනීමට හැකි වන්නේ අංක පිළිවෙලටයි. කෙනෙකුට එය ධාරණය කරගත නොහැකි නම්, එම කෙනාගෙන් ඇති ඵලය කිමද? අන්ධයින්ට සැරයටි වනවා වෙනුවට, සමහරු තමන්මත් අන්ධ වනවා. ගවයෙක් කිරි ලබා නොදන්නේ නම්, ඔවුන් ඌව ගව මඩුවක අගුල් දමා තබයි. මෙහිද සමහරුන්ට දැනුමේ කිරි ලබා දිය නොහැක. කිසිම උත්සාහයක් නොදරන බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් අඩු තරමින් කාට හෝ යහපතක් සිදුකළ යුතු බව, ඔවුන්ට වැටහෙන්නේ නැත. තමන්ගේම භාග්‍යය වෙනුවෙන් ඔවුන්ට කිසිදු සැලකිල්ලක් නැත. ඔවුන්ට ලැබෙන ඕනෑම දේකින් ඔවුන් සතුටු වෙයි. පරම පියා එවිට මෙසේ කියයි එය එම කෙනාගේ භාග්‍යයේ නැත. විමුක්තිය ලබා ගැනීමට කෙනෙක් උත්සාහ දැරිය යුතුයි. ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. පරමාත්ම පියා උසස්ම-උසස් කෙනාය, ඒ තිබියදී ඔහු අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරකට ඇතුළු වන අන්දම බලන්න! ඔහුට අපවිත්‍ර ලෝකයට පැමිණීමට ආරාධනා කරයි. රාවණ සියලු දෙනාව සම්පූර්ණයෙන්ම දූෂිත කළ විට, පරම පියා පැමිණ ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. හොඳින් උත්සාහ දරණ අය, රජුන් සහ රැජිණියන් වන අතර කිසිම උත්සාහයක් නොදරන අය, දුගියන් වෙයි. ඔවුන්ගේ භාග්‍යයේ නොමැති බැවින්, ඔවුන්ට උත්සාහ දැරීමට නොහැකි වෙයි. සමහරු තම භාග්‍යය ඉතා යහපත් කරගනී. ඔය සෑම කෙනෙකුටම තමන්ව පරීක‍්ෂා කර බැලිය හැක මා කුමන සේවයක් කරනවාද ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. රුප් සහ බසාන්ට් වී, සෑම විටම ඔබගේ මුවින් මැණික් ඉස්මතු වීමට ඉඩ දෙන්න. ඉතාමත්ම මිහිරි වන්න. කිසිම විටෙක ඔබගේ මුවගින් ගල් (නරක වචන) මතු වීමට ඉඩ නොදෙන්න.

2. ඥානය සහ යෝගාවේ දක‍්ෂ වී, තමන්ට සහ අන් අයට සෙත සලසන්න. ඔබගේ භාග්‍යය ශ්‍රේෂ්ඨ කර ගැනීමට උත්සාහ දරන්න. අන්ධයින්ට සැරයටියක් වන්න.

වරදානය:
ඔබ, තම ගෘහස්ත ව්‍යාප්තිය තුළ සිටින අතර ඔබගේ ඉටු දේවතා ස්වරූපයේ දර්ශනයක් ලබා දීමෙන්, දර්ශන ලබා දෙන පිළිරුවක් වේවා.

ඔබගේ ගෘහස්ත ව්‍යාප්තිය තුළ සිටින අතර, ව්‍යාප්තිය මුසු කර, එපිට සිටීම පුහුණු වන්න. එක මොහොතක් ශාරීරික කාර්යයක් සිදු කරන්න, එමෙන්ම ඊළඟ මොහොතේ අශාරීරික වන්න. මෙම පුහුණුව ඔබගේ ඉටු දේවතා ස්වරූපයේ දර්ශනයක් ලබා දෙයි. ඔබ ඉහළම මනෝ ස්ථීතියේ සිටීමෙන්, රළු දේවල් සුළු දෙයක් ලෙස අත්දකිනු ඇත. ඉහළ සිටීමෙන්, ඔබ පහත සිටීමෙන් නිදහස ලබයි වෙහෙස වී වැඩ කිරීමෙන් ඔබ මිදෙයි. කාලය ඉතිරි වී සීඝ්‍ර සේවය සිදුවෙයි. ඔබගේ බුද්ධිය බොහෝ පුළුල් සහ අසීමිත වන බැවින් ඔබට එකවර බොහෝ කාර්යයන් කිරීමට හැකි වෙයි.

පාඨය:
සෑම විටම සතුටින් සිටීම සඳහා, ඥානයේ තෙල්, ජීවාත්ම පහනට නොකඩවා වත් කරන්න.