08.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියාගෙන් ධාරාවක් ලබා ගැනීම සඳහා සුවඳැති මල් වන්න. උදේ පාන්දරින්ම අවදි වී සිහිපත් කිරීමේ අසුන් ගෙන, මිහිරි දේවල් ගැන බාබා සමග ඉතාමත්ම ආදරයෙන් කතා කරන්න.

ප්‍රශ්නය:
සෑම දරුවෙක්ම පියාව අංක පිළිවෙලට සිහි කරයි. නමුත් පියා සිහිපත් කරන්නේ කුමන දරුවන්වද?

පිළිතුර:
බොහෝ මිහිරි, එමෙන්ම සේවය හැර අන් කිසිවක් ගැන සිතීමට නොහැකි අයව, සෙනෙහසින් යුතුව පියාව සිහි කර සෙනෙහසේ කඳුලු වගුරුවන දරුවන්ව පියා සිහිපත් කරයි. පියාගේ ද්‍රිෂ්ඨිය මල් මතට වැටෙයි. ඔහු පවසන්නේ : මේ-මේ ජීවාත්මය ඉතාමත්ම හොඳයි. එම ජීවාත්මය සේවය දකින විට දිව යයි. ඔහු බොහෝ දෙනෙකුට යහපත ගෙන එයි. පරමාත්ම පියා එවන් දරුවන්ව සිහි කරයි.

ඕම් ශාන්ති.
පියා මෙතැන අසුන් ගෙන ඔය ජීවයන්හට විස්තර කර දෙයි. ඔහු ජීවය මෙන්ම ශරීරය ද සිහි කරයි. ශරීරයක් නොමැතිව, ජීවයකට සිහි කළ නොහැක. මේ ජීවය හොඳයි, මේ ජීවය බාහිරට යොමු වුණු අයෙකි, මේ ජීවයට ලෝකය වටා සංචාරය කිරිමට අවශ්‍යයි, හෝ ලෝකය අමතක කර ඇත. පළමුවෙන්ම ජීවයකගේ නම සහ ස්වරූපය ඔබ ඉදිරියට පැමිණෙයි මේ-මේ කෙනාගේ ජීවය සිහි වෙයි මේ මේ කෙනාගේ ජීවය හොඳින් සේවය කරයි අර කෙනාගේ බුද්ධියේ යෝගාව ඇත්තේ පියා සමග වන අතර ඔහුට මෙම ගුණධර්ම තිබේ. පළමුව ශරීරය ද ඉන්පසුව ජීවය ද සිහි වෙයි. පළමුව ශරීරය සිහි වන්නේ ශරීරය විශාල බැවින්ය. ඉන්පසුව ඉතාමත්ම සූක්ෂම මෙන්ම කුඩා වූ ජීවය සිහි වෙයි. විශාල ශරීරයට ප්‍රශංසා කළ නොහැක. ප්‍රශංසාවට ලක් වන්නේ ජීවය පමණයි මෙම කෙනාගේ ජීවය ඉතා හොඳින් සේවය කරයි මේ-මේ කෙනාගේ ජීවය අර කෙනාට වඩා හොඳයි. පළමුවෙන්ම සිහි වන්නේ ශරීරයයි. පියා බොහෝ ජීවයන් සිහි කළ යුතුයි. ඔහු ශරීරයේ නම සිහි කරන්නේ නැත, නමුත් ස්වරූපය පමණක් ඔහු ඉදිරියට එයි. ’මේ-මේ කෙනාගේ ජීවය' යැයි කීමෙන් නිසැකයෙන්ම ශරීරය සිහි වෙයි. නිදසුනක් ලෙස, ශිව බාබා මෙම දාදාගේ ශරීරයට ඇතුලු වන බව ඔබට වැටහෙනවා. බාබා ඔහුගේ ශරීරයට ඇතුලු වන බව ඔබ දන්නවා. නිසැකයෙන්ම ශරීරය සිහි වෙයි. ඔබ අසන්නේ අප ශිව බාබා සිහි කරන්නේ කෙසේද? අප ශිව බාබාව සිහි කළ යුත්තේ බ්‍රහ්මාගේ ශරීරය තුළද එසේ නොමැති නම් උත්තරීතර දේශයේද? බොහෝ දෙනෙකුට මෙම ප්‍රශ්නය තිබේ. බාබා පවසන්නේ ඔබ සිහි කළ යුත්තේ ජීවයයි. කෙසේවෙතත් ඔබට නිසැකයෙන්ම ශරීරය ද සිහි වෙයි. පළමුව ශරීරයද ඉන්පසුව ජීවයයි. බාබා මෙම කෙනාගේ ශරීරය තුළ අසුන් ගෙන සිටියි, එබැවින් ඔබ නිසැකයෙන්ම ශරිරය සිහි කරයි. මේ-මේ ශරිරය ඇති ජීවයට මෙම ගුණධර්මය තිබේ. බාබාද, ඔහුව සිහි කරන්නේ කවුද, බොහෝ ගුණධර්ම ඇත්තේ කාටද, එමෙන්ම සුවඳ තිබෙන්නේ කොයි මල් වලටද කියා දිගින් දිගටම බලයි. සෑම කෙනෙක්ම මල් වලට කැමතිය. ඔවුන් මල් කලඹක් සාදන විට, රජ මල්, රැජීණ මල්, පත්‍ර ආදිය භාවිත කරයි. පියාගේ බැල්ම යන්නේ මල් වෙතටයි. ඔහු පවසන්නේ මේ-මේ කෙනාගේ ජීවය ඉතාමත්ම හොඳයි. ඔහු බොහෝ සේවය කරයි. ඔහු ජීව අවධානයෙන් රැඳී සිට, පියාව සිහි කරයි. ඔහු සේවය දකින විට දිව යයි. එසේ වුවද ඔබ උදෑසන අවදි වී සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටින විට, ඔබ සිහි කරන්නේ කාවද? ඔබ ශිව බාබාව උත්තරීතර දේශයේද, නැත්නම් මධුබාන් වල සිහි කරනවාද? ඔබ සිහි කරන්නේ බාබාව නොවේද? ශිව බාබා මොහු තුළ සිටින්නේ පියා දැන් පහළට පැමිණ ඇති නිසායි. ඔහු පහළට පැමිණ සිටින්නේ මුරලිය කීමටයි. ඔහුට, ඔහුගේම නිවසේ කිරීමට දෙයක් නැත. ඔහු එහි ගිය විට කුමක්ද කරන්නේ ? ඔහු ඇතුලු වන්නේ මෙම ශරීරයට පමණයි, එබැවින් නිසැකයෙන්ම පළමුවෙන්ම ශරිරයද ඉන්පසුව ජීවයද සිහි වෙයි මේ-මේ ශරීරය තුළ ඇති ජීවය ඉතාමත්ම විශේෂ සහ හොඳ දරුවෙකි. ඔහු සේවය හැර වෙන කිසිවක් ගැන නොසිතයි. අර ජීවය ඉතාමත්ම මිහිරියි. බාබා මෙතැන අසුන් ගෙන සෑම කෙනෙක් දෙසම බලා සිටියි. මේ-මේ දරුවා ඉතාමත්ම හොඳයි. ඇය බොහෝ සේ බාබාව සිහි කරයි. බන්දන වල සිටින දියණියන්, පාපයන් වෙනුවෙන් බොහෝ පහර කෑම් වලට ලක් වෙයි. ඔවුන් බොහෝ සෙනෙහසින් බාබාව සිහි කරනවා ඇති. ඔවුන් බොහෝ සේ බාබාව සිහි කරන විට, එවිට සතුට නිසා ඔවුන්ට සෙනෙහසේ කඳුලුද මතු වෙයි, මෙම කඳුලු විටෙක කඩා හැලෙයි. බාබාට වෙන කුමන ව්‍යාපාරයක්ද තිබෙන්නේ? ඔහු නිකම්ම සෑම කෙනෙක්වම සිහි කරයි. ඔහුට බොහෝ දියණියන්ව සිහි වෙයි. මේ-මේ කෙනාගේ ජීවයට බලය නොමැත. ඔහු පියාව සිහි කරන්නේ නැත. ඔහු කිසි කෙනෙකුට සතුට ලබා නොදෙයි. ජීවය තමන්ටවත් යහපතක් සිදු කර නොගනී. පියා අඛණ්ඩව මෙය දෙස බලා සිටියි. ඒ ජීවය සිහි කරනවා යනු, ඔහුට සකාශ් (බලයේ ධාරාවක්) දීමය. ජීවයේ සම්බන්ධතාවය උත්තරීතර පියා සමග තිබේ. එම දරුවා බොහෝ සෙයින් යෝගාවේ සිටින දිනයක් පැමිණෙයි. මේ කෙනා යම් කෙනෙක්ව සිහි කරන විට, එම කෙනාට සැනෙකින් දර්ශනයක් ලැබෙයි. ජීවයක් ඉතා කුඩා තිතක් පමණයි. ඔවුන්ට දර්ශනයක් ලැබුණත් ඔවුන්ට වටහා ගැනීමට නොහැකි වනු ඇත, එබැවින් ඔවුන් එවිටත් ශරීරය පමණක් සිහි කරනු ඇත. ජීවයක් ඉතාමත්ම කුඩායි, නමුත් ඔහු බාබාව සිහි කරන විට, ඔහු නොකඩවාම පිවිතුරු වෙයි. මල් උයනක විවිධාකාරයේ මල් තිබේ. මේ කෙනා ඉතාමත්ම හොඳ සුවඳවත් මලක් බවත්, මෙම කෙනා ඒ තරම් නොමැති බවත්, බාබා ද දකිනවා. එබැවින් තත්ත්වයද අඩු වනු ඇත. බාබාගේ උදව්කරුවන් වන අය උසස් තත්ත්වයක් හිමි කරගන්නවා, එමෙන්ම අඛණ්ඩව පියාව සිහිපත් කරන අයද, බ්‍රහ්මින්වරුන්ගෙන් දේවතාවන් බවට මාරු වෙයි. මේ සෑම දෙයක් ගැනම කතා කෙරෙන්නේ සංගම යුගයෙදී පමණයි - කෙනෙක් දේවතා මලක්ද නැතහොත් රාක්ෂක මලක්ද කියා. සෑම කෙනෙක්ම මලක් වුවද බොහෝ විවිධත්වයක් තිබේ. බාබාද දිගින් දිගටම දරුවන්ව සිහි කරනවා. ගුරුවරයෙකුට ඔහුගේ ශිෂ්‍යයින්ව සිහිවෙයි අර කෙනා එතරම් ඉගෙන ගන්නේ නැත. ඔහුගේ හදවතින් මෙය වැටහෙයි. එම කෙනා පියා මෙන්ම ගුරුවරයා ද වෙයි. ඔහු කොහොමත් පියාය. ඔහු ඉන්පසුව වඩා දීර්ඝ කාලයක් ගුරුවරයාගේ චරිත කොටස රඟපායි. ගුරුවරයෙක් සෑම දිනෙකම ඉගැන්විය යුතුයි. ඔබ එම තත්ත්වය හිමි කරගන්නේ මෙම දැනුමේ බලයෙනි. උදෑසන, ඔය සෑම සහෝදරයෙක්ම පියාගේ සිහිපත් කිරීමේ අසුන් ගන්නවා. එය සිහිපත් කිරීමේ විෂයයි. ඉන්පසුව මුරලිය පැවැත්වෙන අතර එය ඉගෙනගැනීමේ විෂයයි. ... ප්‍රධානතම දෙය වන්නේ යෝගාව සහ ඉගෙනුමයි. එයට ග්‍යාන් සහ විග්‍යාන් යැයිද කියයි. පියා පැමිණ, ඔබට උගන්වන, ග්‍යාන් විග්‍යාන් භවන මෙයයි. මුලු ලොවෙහිම ඥානය ඔබ ග්‍යාන් තුළින් ලබා ගන්නවා. විග්‍යාන් යනු, එය තුළින් ඔබ පාරිශුද්ධත්වයට පත් වන, යෝගාවේ සිටිමයි. ඔබ දැන් තේරුම දන්නවා පියා දිගටම දරුවන්ව දකිනවා. ඔබ ජීව අවධානයට පත් වීමෙන් පමණයි නපුරු භූතාත්ම ඉවත් වන්නේ. සෑම කෙනෙකුගේම භූතාත්ම සැනෙකින් ඉවත් වන්නේ නැත. කර්ම ගිණුම් පිය වීමෙන් පසු, ඔබගේ ක්‍රියාවන් වලට අනුව ඔබ තත්ත්වයක් හිමි කර ගනී. පංතිය මාරු වෙයි. මෙම ලෝකය පහතට මාරු කෙරෙන අතර ඔබ ඉහළට මාරු වෙයි. බොහෝසේ විශාල වෙනසකි! ඔවුන් දිගටම කලි යුගයේ ඉනිමග දිගේ පහළට බසින අතර ඔබ වඩාත්ම ශුභදායක වූ සංගම යුගයේ ඉනිමග දිගේ ඉහළට නඟියි. එය එකම ලෝකයයි. එය බුද්ධිය පිළිබඳ කාරණාවකි. ඔබට, මෙය වඩාත්ම ශුභ වූ සංගම යුගයයි. අන් සෑම කෙනෙක්ම අන්ත අඳුරේය. ඒ මිනිසුන් සලකන්නේ භක්තිය ඉතාමත්ම හොඳ බවය, මන්ද ඔවුන් ඥානය ගැන දන්නේවත් නැති නිසයි. ඔබට දැන් ඥානය ලැබී තිබේ, මේ නිසයි ඔබට වැටහෙන්නේ. ඉතාමත්ම සුලු දැනුම ප්‍රමාණයකින්, ඔබ චක්‍රයෙන් භාගයකට ඉහළ යයි. ඉන්පසුව දැනුමේ කිසිවක් එහි නොතිබෙයි. මහාරතී දරුවන් පමණයි මෙම දේවල් වලට සවන් දී, ධාරණය කර, ඉන්පසුව අන් අයට කියා දෙන්නේ. කෙසේවෙතත්, අන් සෑම කෙනෙකුටම, ඔවුන් මෙහි සිට පිටත් වන විටම, සෑම දෙයක්ම අවසන් වෙයි. ඔබට කර්මය, උදාසීන කර්ම සහ පාප කර්මයේ න්‍යාය විස්තර කර දෙන්නේ දෙවියන් පමණයි. පැරණි ලොව අවසන් වී අලුත් ලොව ස්ථාපනය වන, චක්‍රයේ සංගම යුගය මෙයයි. විනාශය අත ලඟය. ඔබ සංගම යුගයේ අසුන් ගෙන සිටින අතර එය අන් මිනිසුන්ට කලි යුගයයි. අන්ත අන්ධකාරය ඇත ඔවුන් දිගින් දිගටම පහළට ඇද වැටෙයි. ඔවුන්ව වැට්ටීමට කවුරු හෝ උපකරණයක් වෙයි. එය රාවන්ය. ඇත්ත වශයෙන්ම කිසිම අපවිත්‍ර ජීවියකට මෙම සමූහයේ අසුන් ගැනීමට නොහැක. අපවිත්‍ර අය වාතාවරණය නරක් කරයි. කෙනෙක් රහසේ විත් මෙහි අසුන් ගත්තේ නම්, ඔහුට හිංසාවක් සිදු වෙයි. ඔහු පහළටම ඇද වැටෙයි. රාක්ෂකයෙක් විත් දේවමය සමූහයේ අසුන් ගත්තේ නම්, එය සැනෙකින් දැනෙයි. ඔවුන්ගේ බුද්ධීන් දැනටමත් ගලක් වැනිය, එවිට එය තවත් ගල් වෙයි. ඔවුන්ට සිය ගුණයක දඬුවම් ලැබෙයි. ඔවුන් තමන්ට පාඩුවක් කරගනී. ඔවුන් කියන්නේ ඔවුන්ට මෙය දැනෙයිද නැත්ද කියා අපි බලමු. අපට මොකද? යම් දෙයක් කවුරු කළත් එහි ඵලය ඔවුන්ට ලැබෙයි. අපට එය ගැන දැනගැනීමට අවශ්‍ය නැත. ඔබ සෑම විටෙකම පියා සමග අවංක විය යුතුයි. මෙසේ කියැවේ සත්‍යය ඇති තැන, ජීවය නර්තනය කරයි. ඔබ අවංකව සිටියොත් ඔබගේ රාජධානියේ ද ඔබ නර්තනය කරයි. පියා සත්‍යයයි. එබැවින් දරුවන්ද අවංක විය යුතුයි. බාබා විමසනවා ශිව බාබා කොහිද? ඔබ කියන්නේ ඔහු මොහු තුළයි. දුර ඈත දේශයේ වාසය කරන්නා, උත්තරීතර දේශයෙන් පිටවී විදේශයට පැමිණ සිටියි. ඔහු දැන් බොහෝ සේවය කළ යුතුයි. පියා පවසන්නේ මම මෙහි දිවා රාත්‍රියේ සේවය කළ යුතුයි. මම, ධ්‍යාන ගත වන පණිවිඩකරුවන්ට සහ බැතිමතුන්ට දර්ශන ලබා දිය යුතුයි. එය කොහොමත් වන්නේ මෙහිය, එහි සේවයක් නොමැත. සේවය නොකර බාබා සතුටට පත් වන්නේ නැත. ඔහු මුලු ලොවටම සේවය කළ යුතුයි. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ බාබා පැමිණෙන්න! ඔහු පවසන්නේ මම මෙම රථයට ඇතුලු වනවා, එමනිසා, එම මිනිසුන් අශ්ව රථයක් පෙන්වා තිබේ. ක්‍රිෂ්ණා අශ්ව රථයක අසුන් ගන්නේ කෙසේද? ඔහුට අශ්ව රථයක අසුන් ගැනීමට කැමැත්තක් නොමැත. ශරීර අවධානය සහ ජීව අවධානය ගැන ඔබ කතා කරන්නේ සංගම යුගයේදී පමණයි. මෙම දේවල් පියා හැර වෙන කිසි කෙනෙකුට විස්තර කළ නොහැක. ඔබද දැන් දන්නා මුත් පෙර දැන සිටියේ නැත. ගුරු කෙනෙක් ඔබට කිසි දෙයක් ඉගැන්වූවාද? ඔබට ගුරුන් බොහොමයක් සිටියා, නමුත් කිසි කෙනෙක් ඔබට කිසි දෙයක් ඉගැන්වූයේ නැත. බොහෝ මිනිසුන් ගුරුන් වෙතට යයි. ඔවුන් විශ්වාස කරන්නේ කවුරු හෝ කෙනෙකුගේ මාර්ගයෙන් ඔවුන්ට සාමයේ මාවත සොයා ගැනීමට හැකි වෙයි කියාය. පියා පවසන්නේ සාමයේ සාගරය වන්නේ එක් පියා පමණක් වන අතර, ඔහු ඔබව ඔහු සමග රැගෙන යයි. සාම දේශය හෝ සතුටු දේශය ගැන කිසිවෙක් නොදනි. කලි යුගයේ ශුද්‍ර වංශයද, වඩාත්ම ශුභදායක සංගම යුගයේ බ්‍රහ්මින් වංශයද තිබේ. මෙම වංශ ගැන ඔබ හැර වෙන කිසිවෙක් නොදනී. ඔබ මෙහිදී සෑම දෙයක්ම අසන නමුත් ඔබ එලියට ගිය සැනෙකින් ඔබට සෑම දෙයක්ම අමතක වෙයි. ඔබට ධාරණය කිරීමට නොහැක. පියා පවසන්නේ ඔබ කොහේ ගියත්, සෑම විටෙකම ඔබ ලඟ බැජය තිබිය යුතුයි. ඒ ගැන ලැජ්ජා වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. බාබා ඒවා සාදවා ඇත්තේ බොහෝ යහපතක් සිදු කිරීමටය. එය ඕනෑම කෙනෙකුට විස්තර කර දී, ඔවුන්ට එකක් ලබා දිය හැක. නුවණැති කෙනෙක් මෙසේ කියනු ඇත මේ සඳහා ඔබට මුදලක් වැය වන්නට ඇති. ඔහුට කියන්න එයට මුදලක් වැය වනවා, නමුත් දුප්පතුන්ට එය නොමිලේ දෙනවා. එම කෙනාට මෙය ධාරණය කිරීමට හැකි වන්නේ නම්, ඔහුට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට හැකි වනු ඇත. මුදල් නොමැති නම් දුප්පත් අය කුමක් කරන්නද ? සමහරුන්ට මුදල් තිබෙන මුත් ඔවුන් ලෝබයන්ය. මේ කෙනා සෑම දෙයක්ම ප්‍රායෝගිකව කිරීමෙන්, ඔබට පෙන්වා දුන්නා. ඔහු සෑම දෙයක්ම මව්වරුන්ට භාර දුන්නා ඔබ ඉඳගෙන සෑම දෙයක්ම බලා ගන්න, මන්ද මට දැන් මෙම දැනුම ලැබී ඇත, එවිට අවසානයේදී මට කිසිවක් සිහි නොවනු ඇත. ඔබ අවසානයේදී කුමක්ද සිහි කරන්නේ... ඔබට විශාල නිවෙස් තිබෙන්නේ නම්, ඔබ අනිවාර්යෙන්ම ඒවා සිහි කරනු ඇත. කෙසේවෙතත්, ඔබ දැනුම ටිකක් හෝ අසා ඇත්නම්, ඔබ අනිවාර්යෙන්ම පුරවැසියන්ගෙන් කෙනෙක් වෙයි. පියා දුප්පතුන්ගේ ස්වාමියාය. සමහරුන්ට මුදල් තිබුණත් ඔවුන් ලෝබයන්ය. ශිව බාබා පළමුවන උරුමකරුවා බව ඔවුන් නොසිතයි. භක්ති මාර්ගයේද දෙවියන් උරුමකරුවාය. මිනිසුන් දෙවියන්ගේ නාමයෙන් දන් දෙති. මිනිසුන් ඔහුට දෙන්නේ ඔහු දුප්පත් නිසාද? මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් දෙවියන්ගේ නාමයෙන් දුප්පතුන්ට දුන්නොත්, එහි ඵලය දෙවියන් ලබා දෙයි කියාය. ඔවුන්ගේ මතු උපතේදී ඔවුන්ට යම් දෙයක් ලැබෙයි. මෙසේ කියැවේ දන් දෙන්න එවිට අපල දුරු වෙයි. ඔහු සෑම දෙයක්ම පියාට දුන්නා. ඔහු, ඔහුගේ ශරීරය, මිත්‍රයින් සහ නෑදෑයින් ආදි- සෑම දෙයක්ම - බාබාට කැප කළා බාබා, මේ සෑම දෙයක්ම ඔබගේය. මෙකල මුලු ලොව මතම අපල ග්‍රහයින් සිටියි. මේවා තත්පරයකින් ඉවත් කර ගන්නේ කෙසේද, එමෙන්ම ඔබ අවලස්සණ බවින් ලස්සණ වන්නේ කෙසේද, කියා දන්නේ ඔබ පමණයි. ඔබ ඉන්පසු මෙය අන් අයට විස්තර කර දෙයි. තමන්ට ඇතුලාන්තයෙන් වැටහෙන නමුත් වෙන අයට විස්තර කළ නොහැකි බව කියන අයගෙන් ප්‍රයෝජනයක් නැත. පියා පවසන්නේ අපල ග්‍රහයින් ඉවත් කර ගැනීම සඳහා දන් දෙන්න. මම ඔබට දැනුමේ අවිනාශි මිණි මුතු ලබා දෙන්නෙමි. මේවා සෑම කෙනෙකුටම අඛණ්ඩව ලබා දෙන්න, එවිට භාරතය මත සහ මුලු ලොව මතම ඇති රාහුගේ අපල ඉවත් වී, ගුරුගේ දශාව ඇති වෙයි. හොඳම දශාව වන්නේ ගුරුගේ දශාවයි. ප්‍රධාන වශයෙන් භාරතය මත සහ පොදුවේ මුලු ලොව මතම, රාහුගේ දශාව ඇති බව ඔබ දැන් දන්නවා. මේවා ඉවත් කරන්නේ කෙසේද? එම කෙනා පියාය. පියා ඔබගෙන් සියලුම පැරණි දේ ගෙන, ඒ වෙනුවට සෑම දෙයක්ම අලුතින් ලබා දෙයි. ඒවාට කියන්නේ ගුරුගේ දශාවයි. මුක්ති දේශයට යන අයට ගුරුගේ දශාව තිබේ යැයි නොකියයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරතුරුවම සතුටින් නර්තනය කිරීම සඳහා, සෑම විටෙකම සත්‍ය පියාට අවංක වන්න. කිසි දෙයක් සඟවන්න එපා.

2. පියා ඔබට ලබා දෙන අවිනාශි මිණි මුතු සියලු දෙනාටම බෙදා දෙන්න. ඒ සමගම ශිව බාබා ඔබගේ උරුමකරුවා කොට, සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න. මෙහිදී ලෝභ නොවන්න.

වරදානය:
තිතක හා බිඳක වැදගත්කම අවබෝධ කර ගනිමින්. ඔබ සාර්ථකත්වයේ පිළිරුවක උසස් අවධියට පත් වේවා.

ශිව පරමාත්මයට වන්දනා කරන විට තිතකට වැදගත්කමක් දෙනවා. අනිත් වැදගත්කම නම් සෑම බිඳක්ම යන්නයි. ඒ සෑම දෙයකම එයටම ආවේණීක වැදගත්කම ඇත. ජීවාත්මය, පරමාත්මය හා පදාර්ථය යන ත්‍රිත්වයේම සෙල්ලම හෙවත් නාටකය, එදිනෙදා ජීවිතයේ දී විඳින්නේ තිතක් ලෙසිනුයි. බිඳක් යනු හමුවකට සාර්ථකත්වය ගෙන එන, පිවිතුරු සිතිවිලි පිළිබඳ අවධානයයි. ඔබගේ හඳබැඳි කතා බහේ දී ඔබ පරමාත්ම පියාට ලැබිම් නම් වු සිසිල් බිඳ දී උසස් වෙනවා. මෙහි සිහිවනටය භක්ති මාර්ගය පුරා ද සිහියට නඟයි.

පාඨය:
වැඩිපුර කතා කිරීමෙන් ඔබගේ මොළයේ ශක්තිය හීන වේ; එමනිසා, කතාව කෙටි සහ සුමිහිරි කර ගන්න. (short and sweet).