08.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මල් බවට පත් වී සෑම කෙනෙකුටම සතුට දෙන්න. මල් වන් දරුවන් සෑම විටම තම දෙතොලින් පිට කරන්නේ මිණිමුතුම පමණයි.

ප්‍රශ්නය:
මල් බවට පත් වීමට සිටිනා දරුවන්ට නිරන්තර සුගන්ධ‍යෙන් සිටීමට පරමාත්ම දෙවියන්ගේ ඉගැන්වීම් මොනවාද?

පිළිතුර:
ඔහෝ. මගේ මල් දරුවනි, දුර්වලතාවයක ස්වරූපයෙන් කිසිම යක්ෂ කටුවක් තමා තුළ නොමැති බවට වග බලා ගන්න. කුමන හෝ ආකාරයක කටුවක් ඔබ තුළ තිබෙනවා නම්, අන් අයගේ දුබලතාවන්ට ඔබ අකමැති වන්නාක් සේ තමා තුළම ඇති දුර්වලතාවන් ද පිටු දකින්න. එවිට කටු ඉවත් වේවි. නිරන්තරයෙන් තමාව පරීක්ෂා කර ගන්න. දඬුවම් විදීමට සිදු වන ආකාරයේ කිසිදු පාපකාරී දෙයක් තම සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් නොකරනා බවට වගබලා ගන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පැහැදිලි කර කියා දේ. මෙය රාවණ රාජ්‍යය වන නිසා, දැනට සිටිනා සෑම මානව ජීවයක්ම සිටින්නේ ශාරීරික අවධානයෙනි. මෙන්න මේ නිසා තමයි ඔවුන් කැළැවේ කටු කියා හඳුන්වන්නේ. මෙය පැහැදිලි කරන්නේ කවුරුන්ද? කටු මල් බවට පත් කරවනා අසීමිත පරමාත්ම පියායි. ඇතැම් සිදුවීම් වල දී මායා කෙතරම් බලවත් ද කියතොත් ඇතැම් අය මල් බවට පත් වෙමින් සිටිනා අතර මායා ඉතාමත් ඉක්මනින් ඔවුන්ව කටු බවට පත් කරවයි. මෙය හඳුන්වන්නේ, මෙය පැහැදිලි කරන්නේ කවුරුන්ද? කටු මල් බවට පත් කරවනා අසීමිත පරමාත්ම පියායි. ඇතැම් සිදුවීම් වල දී මායා කෙතරම් බලවත්ද කියතොත් ඇතැම් අය මල් බවට පත් වෙමින් සිටිනා අතර මායා ඉතාමත් ඉක්මනින් ඔවුන්ව කටු බවට පත් කරවයි. මෙය හඳුන්වන්නේ කටු කැළයක් කියායි. සිව්පා සතුන් වන මිනිසුන් රැසකුත් එහි සිටිනවා. ඔවුන් මිනිසුන් වූවත් සතුන් සේ සෑම විටම රණ්ඩු සරුවල් වෙමිනුයි සිටින්නේ. සෑම නිවසකම රණ්ඩු සරුවල්, සෑම කෙනෙක්ම සිටින්නේ විෂ සයුරේයි. මේ මුලු ලෝකයම මහා විශාල විෂ සයුරකි. මිනිසුන් ගිලී සිටින්නේ එහියි. අපිරිසිඳු දූෂිත ලෝකය කියා හඳුන්වන්නේ මෙයයි. ඔබලා දැන් කටු වලින් මල් වෙමින් සිටිති. පරමාත්ම පියාව ගෙවතු පාලකයා කියා හඳුන්වයි. පරමාත්ම පියා මෙහි සිට ගීතාවේ මෙසේ කියූ බව පැහැදිලි කරයි. එහි ඥානය තිබෙනා අතර භගවතයේ මිනිසුන් විසින් කළ ක්‍රියාකාරකම් සඳහන් කර ඇත. බලන්න ඔවුන් ලියා ඇති දේවල්. ස්වර්ණමය යුගයේ දී එවන් දේ කියන්නේ නැත. ස්වර්ණමය යුගය ස්වර්ණමය මල් වේ. ඔබලා දැන් මල් වෙමින් සිටියි. මල් වීමෙන් පසුව ඇතැම් අය කටුවේ. අද ඔබ හොඳින් ඉදිරියටම ගියත් මායාගේ කුණාටු ද පැමිණිය හැකියි. ඔබ කොහේ හෝ අසුන් ගෙන සිටනා විට මායා ඔබව කුමන තත්ත්වයකට පත් කරනවාදැයි කියා බලන්න. පරමාත්ම පියා කියනවා: මම ඔබලාව ලෝක පාලකවරුන්ව කරවනවා. භාරතීය ජනතාවට ඔහු කියන්නේ: ඔබලා ලෝක පාලකවරුන්ව සිටියා. එය ඊයේ සිදු වුණු දෙයක් වගේයි: එය ලක්ෂ්මි නාරායන අධිරාජ්‍යයයි. දියමන්ති මුතු මැණික් ඔබ්බවා සෑදූ රත්තරන් මාළිගා එකල තිබුණා. එය හඳුන්වන්නේ අල්ලාගේ වත්ත කියායි. මෙහි ඇත්තේ කැළයක් වන අතර පසුව එය ගෙවත්තක් වේ. භාරතය දෙව්ලොවක් ලෙසින් තිබුණු අතර එහි මල්ම මිස වෙන කිසිවක් තිබුණේ නැත. මල් වත්ත නිර්මාණය කරන්නේ පරමාත්ම පියාම පමණයි. මල් බවට පත්වෙමින් සිටින අතරේ ඇතැම් අය වැරදි ඇසුරට වැටී නරක් වෙනවා. ඔවුන්: බාබා මට විවාහ වීමට ඕනේ කියා කියනවා . ඒ මායාගේ ආටෝප දැකලයි. මෙහි ඇත්තේ අත්‍යන්ත නිහඬතාවයයි. මේ මුලු ලෝකයම කැළයකි. කැළෑවක් අනිවාර්යෙන්ම ගිණි ගන්නවා. එමනිසා, එවන් වනාන්තරයක ජීවත් වන්නන්ද අනිවාර්යෙන්ම විනාශ වී යනවා. මීට වසර 5000කට පෙර ඇති වුණු ඒ ගින්නම නැවතත් ඇති වේවි. එය හඳුන්වන්නේ මහාභාරත යුද්ධය කියලයි. පළමුව න්‍යෂ්ටික බෝම්බ යාදවයින් විසින් නිර්මාණය කළා. මෙයත් සිහි කරනවා. විද්‍යාව මඟින් මිසයිල නිර්මාණය වී තිබෙනවා. ග්‍රන්ථ වල කතාන්දර රැසක් තිබෙනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ කිසිම කෙනෙකුට තම කුසින් මිසයිල පිට කළ නොහැකි බවයි. විද්‍යාව මඟින් බෝම්බ රැසක් නිර්මාණය කර ඇති බව ඔබට දැන් දැකිය හැකියි. බෝම්බ දෙකකින් පමණක් නගර කෙතරම් දුරට විනාශ වුණාද, මිනිසුන් කී දෙනෙක් මිය ගියා දැයි කියා බලන්න. සිය දහස් ගණනින් මිය යන්න ඇති. දැන් මේ ගිණි ගෙන දැවීමට යන කැළයේ මිනිසුන් මිලියන ගණනින් ජීවත් වෙනවා. ශිව බාබා ඔබට පහදා කියන්නේ, පරමාත්ම පියා කොහොමත් කරුණාවන්ත නිසායි. පියා සෑම කෙනෙකුටම යහපත සැලසිය යුතුයි. සෑම කෙනෙක්ම වෙන කොහේ යන්නද? ගින්නක් ඇති වීමට යන බව දකින ඔවුන් සරණ පතා ගෙන පරමාත්ම පියා ලඟට දුවගෙන පැමිණේවි. පරමාත්ම පියා සෑම කෙනෙකුගේම විමුක්තිදායකයායි. ඔහු නැවත උපත් ගන්නේ නැත. ඔහු සෑම තැනකම සිටිනවායි කියා මිනිස්සු කියා තිබෙනවා. ඔබ දැන් සංගම යුගයට අයත් අයයි. ඔබගේ බුද්ධියේ මුලු ඥාන සම්භාරයම තිබෙනවා. ඔබගේ නෑදෑ හිත මිතුරන්ටත් ඔබ තම වගකීම ඉටු කළ යුතුයි. ඔවුන්ට යක්ෂ ගති ඇති අතර ඔබ ලඟ ඇත්තේ දිව්‍යමය ගුණධර්මයි. මෙය අන් අයට කියා දීමත් ඔබගේ රාජකාරියයි. දිගටම මෙම මන්තත්‍රය අන් අයට දෙන්න. ප්‍රදර්ශන වලදී තවත් බොහෝ පිරිසකට ඔබ පහදා කියා දෙනවා. ඔය භාරතවාසීන් දැන් උපත් 84ක් සම්පූර්ණ කරලයි සිටින්නේ. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ ඔබව මානව තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත් කරවීමටයි. එනම් අපායේ වැසි මිනිසුන්ව දෙව්ලොව වාසීන් බවට පත් කරවීමටයි. දේවතාවරුන් සිටින්නේ දෙව්ලොවයි. ඔබ දැන් යක්ෂ ගති පිළිකුල් කරනවා. තමන් දිව්‍යමය ගුණධර්ම ඇති අයෙක් බවට පත් වෙලාදැයි කියා පරීක්ෂා කර බලන්න. මා ලඟ කුමන හෝ දුර්වලතාවයක් තිබෙනවාද? මගේ සිතිවිලි, වචන හා ක්‍රියා තුළින් කුමන හෝ යක්ෂ ක්‍රියාවක් කළාද? කටු මල් බවට පත් කරවීමේ කාර්යභාරය මම ඉටු කරනවාද? ගෙවත්තේ පාලකයා බාබායි. ඔය බ්‍රහ්ම කුමරුන් හා කුමාරියන් ගෙවතු පල්ලනුයි. නොයෙකුත් ආකාරයේ ගෙවතුපල්ලන් සිටිනවා. අන් අයවත් තමා හා සම කළ නොහැකි තරමේ අඥානයිනුත් සිටිනවා. ගෙවතු පාලකයා ප්‍රදර්ශන වලට යන්නේ නැහැ. ගෙවතුපල්ලන් තමයි ගයන්නේ. මෙම ගෙවතුපල්ලා ශිව බාබා සමඟ සිටිනා නිසා ඔහුටත් කොහේවත් පිට යා නොහැකියි. ඔය ගෙවතුපල්ලන් ගිහින් සේවය කරනවා. ඉතමත් හොඳ ගෙවතුපල්ලන්ට පමණයි ආරාධනා කරන්නේ. බාබා පවා කියනවා: අනුවණ අයට ආරාධනා කරන්න එපා. බාබා කාගේවත් නම් සඳහන් කරන්නේ නැහැ. තෙවෙනි පන්තියේ ගෙවතුපල්ලනුත් සිටිනවා. ඉතාමත් හොඳ මල් සාදනා ගෙවතුපල්ලන්ට මෙම ගෙවතු පාලකයා ඉතාමත් කැමතියි. ඔහු ඔවුන්ට තම සතුට ප්‍රකාශ කරනවා. ඔවුන් නිරන්තරයෙයන්ම තම දෙතොලින් පිට කරන්නේ මිණිමුතුම පමණයි. මිණිමුතු වෙනුවට තම දෙතොලින් ගල් පිට කරනා අය ගැන බාබා කියන්නේ මොනවාද? මිනිස්සු ශිවාට අක් මල් පූජා කරනවා. එවන් අය තමන්වම පූජාකරවාවි නේද? ඔවුන්ගේ හැසිරීම කොයි වගේද? කටු පවා තමන්ම පූජා කරවා පසුව නැවතත් කැළයටම යන්න යනවා. සතෝප්‍රධාන් වෙනවා වෙනුවට, ඔවුන් තව තවත් තමෝප්‍රධාන් වෙනවා. එවිට ඔවුන්ගේ තත්ත්වය කොයි වගේ වේවිද? පරමාත්ම පියා කියනවා: පළමුවෙන්ම, මම පරාර්ථකාමියි. දෙවනුව මම මාව අපහාසයට ලක් කරන්නන්ව පවා වර්නය කරවනවා. මම අනුකම්පා වී මාව වැඩියෙන්ම අපහාසයට ලක් කරවනා භාරතීය ජනතාවම පවා ඉහළට ඔසවනවා පරමාත්ම පියා කියනවා: මම මේ කාලයේදී පැමිණෙන්නේ දෙව්ලොව ස්ථාපනය කිරීමටයි. ඇතැම් අයට දෙව්ලොවට යන්න එන්නැයි කියූ විට, තමන් කොහොමත් දැනටමත් සිටින්නේ දිව්‍ය ලෝකයේ යැයි ඔවුන් කියනවා. ඔහෝ. නමුත් දෙව්ලොව තිබෙන්නේ ස්වර්ණමය යුගයේයි. කලියුගයේ දෙව්ලොව තිබෙන්නේ කෙසේද? කලි යුගය හඳුන්වන්නේ අපාය කියලයි. මෙය පැරණි තමෝප්‍රධාන් ලෝකයයි. දෙව්ලොව තිබෙන්නේ කොහිද කියාවත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ දෙව්ලොව ඉහළ අහසේ ඇතැයි කියලයි. දිල්වාලා දේවාලයේ සිවිලිමේ දෙව්ලොව නිර්මාණය කර තිබෙනා අතර පහළින් පිරිසක් තපස්යාවේ අසුන් ගෙන සිටිනවා. මෙන්න මේ නිසා තමයි අහවල් අහවල් කෙනා දෙව්ලොවට ගියායි කියා මිනිස්සු කියන්නේ. දෙව්ලොව තිබෙන්නේ කොහිද? මිය යන සෑම කෙනෙක්ම ස්වර්ගස්ත වෙනවායි කියා මිනිස්සු කියනවා. මේ විෂ සයුරයි. විෂ්ණු දේශය කිරි සයුරක් කියා කියනවා. එහෙම කියන නිසා ලොකු කිරි පොකුණක් සාදා ඒ මැද විෂ්ණුව තබා වන්දනා කරනවා. ඔය දරුවන් දැන් කිරි ගංඟා ඇති දෙව්ලොවට යාමට සූදානම් වෙමින් සිටිනවා. ඔය දරුවන් දැන් නොනවත්වාම මල් වෙමින් සිටිනවා. ඔබ කටුවක් කියා කාට හෝ කීමට සිදු වන ආකාරයට හැසිරෙන්න එපා. සෑම විටම මලක් වීමට උත්සාහ දරන්න. මායා ඔබව කටුවක් කරවනවා. එමනිසා ඉතාමත් ප්‍රවේසම් වන්න. පරමාත්ම පියා කියනවා: ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර නෙළුම් මලක් සේ පාරිශුද්ධව වාසය කරන්න. ගෙවත්තේ පාලකයා වන බාබා පැමිණ සිටින්නේ කටු වන ඔබලාව මල් කරවීමටයි. තමන් මලක් වී ඇත්දැයි පරීක්ෂා කර බලන්න. සේවය කිරීමට සෑම තැනකටම ආරාධනා කරන්නේ මල් වලටයි. බාබා අපට රෝස මල් එවන්න. මල් වන අයව පේන්නම සිටිනවා. පරමාත්ම පියා කියනවා: මම ඔබට රාජයෝගාව ඉගැන්වීමට පැමිණෙනවා. මෙය සත්‍ය නාරායන වීමේ කතාන්දරයයි. පුරවැසියන් වීමේ නොවෙයි. ඇතැම් අය රජවරුන් හා රැජිණියන් වෙනවා. එසේනම් පුරවැසියනුත් නිර්මාණය වේවි යන්න ඉතාමත් පැහැදිලියි. රජවරුන්, රැජිණියන් හා පුරවැසියන් පිළිවෙලින් නිර්මාණය වෙමින් පවතිනා බව ඔබට දැන් තේරෙනවා. රුපියල් දෙකක්, තුනක්වත් ඉතිරි කර ගත නොහැකි දුප්පතුන් මොනවාද දෙන්නේ? රුපියල් 1000ක් දෙන කෙනෙක් ගණනටම ඔවුන්ටත් දෙනවා. භාරතය තමයි දුප්පත්ම. තමන් දෙව්ලොව වාසීන්ව සිටි බව භාරතීය මිනිසුන් කිසිම කෙනෙකුට මතක නැහැ. ඔවුන් දේවතාවරුන්ගේ ගුණ ගැයුවත් කිසිම දෙයක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. ගෙම්බෙක් බක බක ගානවා රෑ කොවුලන් මිහිරි නදින් ලස්සනට ගී ගැයුවත් එහි කිසිම අරුතක් නැහැ. මේ දිනවල, ගීතාව කියවනා අය රාශියක් සිටිනවා. එය කරනා කාන්තාවන් පවා සිටිනවා. ගීතාව මගින් ස්ථාපනය වූයේ කුමන ධර්මයදැයි කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. කෙනෙක් සුළු ප්‍රාතිහාර්යයක් කර පෙන්වූවත්, ඒ පුද්ගලයා දෙවියන් කියා ඔවුන් විශ්වාස කරනවා. පාරිශුද්ධකරුව සිහි කරනවා. එමනිසා, ඉන් අදහස් වන්නේ ඔවුන් අපිරිසිඳු බවයි. පරමාත්ම පියා කියන්නේ: පාපයේ ගැලීම තමයි අංක එකේ පාපය. මුලු ලෝකයම අපිරිසිඳුයි. සෑම කෙනෙක්ම කන්නලව් කරනවා: අහෝ පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනව. ඉතින් එසේ නම් ඔහු පැමිණිය යුතුද නැතිනම් ගංඟා වල ස්නානය කර ඔබ පාරිශුද්ධ වෙනවාද? මිනිසෙකුගෙන් ඔබව දේවතාවරයෙක් කරවීමට පරමාත්ම පියාටත් දැඩි උත්සාහයක් දැරීමට සිදු වෙනවා. පරමාත්ම පියා කියනවා: මා සිහි කරන්න. ඔබ කටු වලින් මල් බවට පත් වේවි. කිසිම විටෙක ඔබගේ දෙතොලින් ගල් පිටවීමට ඉඩ තබන්න එපා. මල් වන්න. මෙය ඉගෙනීමකි. ඉදිරියට යන අතර ඇතැම් අය නරක අපල වලට හසු වී පරාජය වෙනවා. බලාපොරොත්තු තබා ගෙන සිටි ඔවුන් බලාපොරොත්තු රහිත අය බවට පත් වී නැවතත් කියනවා: මට බාබා ලඟට යාමට අවශ්‍යයි. අපිරිසිඳු අයට ඉන්ද්‍රාගේ සභාවට ඇතුළු විය නොහැකියි. මෙය ඉන්ද්‍රාගේ සභාවයි. එවැනි අයව මෙහි ගෙන එන ඕනෑම බ්‍රහමිණ් ගුරුවරියකට ලොකු වගකීමක් තිබෙනවා. ඔවුන් පාපයේ ගැලුණහොත් එම බ්‍රහමිණ් ගුරුවරියද විශාල පාප බරක් එකතු කර ගන්නවා. මෙන්න මේ නිසා තමයි කෙනෙක්ව මෙහි ගෙන එන විට ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ. තවත් වර්ධනය වෙමින් ඉදිරියට යන විට සාදු සන්නාසිවරුන් පොලිම් ගැසී මෙහි පැමිණීමට සිටිනා බව ඔබට දැක ගැනීමට ලැබේවි. භිෂම්පිතාමි වැනි අයගේ නම් පවා සඳහන් කර තිබෙනවා. ඔය දරුවන්ට ඉතාමත් පුළුල් අසීමිත බුද්ධියක් තිබිය යුතුයි. භාරතය මල් වත්තක්ව තිබුණු බවත් එහි දේවතාවරුන් වාසය කළ බවත් ඕනෑම කෙනෙකුට කිව හැකියි. ඔවුන් දැන් කටු වෙලා. ඔබ තුළ දුර්ගුණ පහක් තිබෙනවා. රාවණ රාජ්‍යය යනු කැළයකි. පරමාත්ම පියා පැමිණ කටු මල් බවට පත් කරවනවා. මදක් මේ ගැන සිතා බලන්න: මම දැන් රෝස මලක් වුණේ නැතිනම්, උපතක් උපතක් පාසාම මම අක් මලක් වේවි. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ට යහපත සලසා ගත යුතුයි. ඔබ ශිව බාබාට ලොකු සේවයක් කරනවා නොවෙයි. ඔබ සේවය කර ගන්නේ තමන්ටමයි. ඔබ දැන් ශ්‍රීමත් පිළිපැදිය යුතයි. කෙනෙක් මල් වත්තකට ගිය විට, ඔහු බලන්නේ සුවඳවත් මල් දෙස පමණයි: අක් මල් දෙස බලන්නේ නැහැ. මල් ප්‍රදර්ශන තිබෙනව. මේකත් මල් ප්‍රදර්ශනයක්. ලොකු ත්‍යාගයක් හිමි වෙනවා. ඉතාමත් හොඳ අංක එකේ මල් වන්න. ඔබගේ හැසිරීම ඉතාමත් මිහිරි විය යුතුයි. කේන්තියෙන් සිටිනා කෙනෙක් ඉදිරියේ ඉතාමත් නිහතමානි වන්න: ශ්‍රීමත් පිළිපැද පාරිශුද්ධ වී දෙව්ලොව පාරිශුද්ධ ලෝකයේ පාලකවරයෙක් වීමට මට අවශ්‍යයි. ක්‍රම රැසක් තිබෙනවා: කාන්තාවන්ට ප්‍රයෝගකාරී උපක්‍රම රැසක් තිබෙනවා. පාරිශුද්ධව සිටීමට ඔබ උපක්‍රමශීලිව දක්ෂව උත්සාහ දැරිය යුතුයි. රාගය ලොකුම සතුරා වන බව පරමාත්ම දෙවියන් කියා ඇති බව ඔබට කිව හැකියි. පාරිශුද්ධ වන්න. ඔබ සතෝප්‍රධාන් වේවි. එමනිසා, මම පරමාත්ම දෙවියන්ට ඇහුම් කන් දෙන්න එපා ද? නිවැරදි ක්‍රමයෙන් තමාව ආරක්ෂා කර ගන්න. ලෝක පාලකවරයෙක් වීමට යමක් විඳ දරා ගැනීමට සිදු වීම එතරම් ලොකු දෙයක් නොවෙයි නේද? ඔබ සියල්ලම කරන්නේ ඔබ වෙනුවෙන්මයි. ඒ අය ආණ්ඩුව වෙනුවෙන් සටන් කරනා අතර ඔබ සියල්ල තමා වෙනුවෙන්ම කර ගන්නවා. ඔබත් කිසියම් උත්සාහයක් දැරිය යුතුයි. පරමාත්ම පියාව අමතක කිරීමෙන්, ඔබ ඇද වැටී ලැජ්ජාවට පත් වුණා. ඉතින් නැවතත් දේවතාවරුන් විය හැක්කේ කෙසේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැතිවී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියා ගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායාගේ නරක අපල වලින් බේරී සිටීමට නම් ඔබගේ දෙතොලින් සෑම විටම ඥාන මිණිමුතුම පමණක් පිට වීමට ඉඩ හරින්න. ඔබ විසින් තබා ගන්නා ආශ්‍රය පිළිබඳව ඉතාමත් ප්‍රවේශම්කාරී වන්න.

2. සුවඳැති මලක් වීමට නම් නිරතුරුවම දුර්ගුණ ඉවත් කර දමන්න. ශ්‍රීමත් පිළිපැද ඉතාමත්ම නිහතමානී වන්න. ලොකුම සතුරා වන කාමරාගයට කවදාවත් හසුවන්න එපා. උපක්‍රමශීලීව තමාව ආරක්ෂා කර ගන්න.

වරදානය:
ඔබ සීමිත දේවලින් නිදහස් වී, ඔබගේ බලවත් ආකල්පයෙන්, නිරතුරුවම අසීමිත සේවයේ නියැලී සිටිත්වා.

සකාර් බාබා, සේවය හැර වෙනත් කිසි දෙයක් නොදුටු ආකාරයෙන්ම, ඔය දරුවන්ද ඔබගේ බලවත් ආකල්පයෙන් අසීමිත සේවයේ කාර්යබහුල විය යුතුයි, එවිට සියලු සීමිත දේවල් ඉබේටම අවසන් වෙයි. සීමිත දේවලට කාලය ලබා දීම යනු, කාලය සහ ශක්තිය අපතේ යන, බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම වැනිය. එබැවින් ඔබ රැස් කරගෙන ඇති කාලය හෝ බලය, නොවැදගත් දේට අපතේ නොයවන්න.

පාඨය:
සේවයේදි සාර්ථකත්වය ලබා ගැනීම සඳහා, ඔබගේ වදන්, හැසිරීම සහ ක්‍රියාකාරකම් අන් අය මත බලපෑම් ඇති කළ යුතුයි.