08.05.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා පැමිණ සිටින්නේ අවිනාශි ආදායමක් උපයා ගැනීමට ඔබට මග පාදා දෙන්නයි. ඔබට දැන් ඕනෑ තරම් අවිනාශී ඥාන මිණිමුතු උපයා ගත හැකියි.

ප්‍රශ්නය:
යක්ෂ සංස්කාර දිව්‍යමය සංස්කාර බවට වෙනස් කර ගැනීමට අවශ්‍ය කරනා විශේෂම උත්සාහය කුමක්ද?

පිළිතුර:
ඔබගේ සංස්කාර වෙනස් කර ගැනීමට නම් හැකි උපරිමයෙන් ජීව අවධානයෙන් සිටීම පුහුණු කරන්න. යක්ෂ සංස්කාර නිර්මාණය වන්නේ ඔබ ශාරීරික අවධානයට පැමිණීමෙනුයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබගේ යක්ෂ සංස්කාර දිව්‍යමය සංස්කාර බවට පරිවර්ථනය කරවීමටයි. මෙම උත්සාහය දරන්න: පළමුව මම ජීවාත්ම සත්තාවක්මි. ශරීරය දෙවනුවයි.

ගීතය:
නින්දෙන් මුළු රැයම අපතේ හළ ඔබ දවස ගෙව්වේ කෑමටමයි ...

ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙම ගීතය නොයෙක් වර අසා තිබෙනවා. අධ්‍යාත්මික පියා ඔය අධ්‍යාත්මික දරුවන්ට නිතරම අනතුරු අඟවන්නේ මෙම කාලය නිකම්ම ගෙවා දැමීමට තිබෙන කාලයක් නොවන බව අවධාරණය කරමිනුයි. මෙය විශාල ආදායමක් උපයා ගැනීමට ඇති කාලයයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබට ආදායමක් උපයා ගැනීමේ මඟ පෙන්වා දීමටයි. උපයා ගැනීමට විශාල ආදායමක් තිබෙනවා. ඔය දරුවන්ට ඇති පමණින් උපයා ගත හැකියි. මෙම ආදායම ඔබගේ සාක්කු අවිනාශි ඥන මිණිමුතු වලින් පුරවාලන ආදායමකි. මෙම ආදායම අනාගතයටයි. එය භක්ති මාර්ගය වන අතර මෙය ඥාන මාර්ගයයි. රාවණ රාජ්‍යය ඇරඹෙන විට භක්තිය ඇරඹෙන බවවත් රාම රාජ්‍යය ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම පියා පැමිනි විට ඥානය ඇරඹෙන බවවත් මිනිස්සු දන්නේ නැහැ. ඥානය මුළු නව ලෝකයටමයි: නමුත් භක්තිය පැරණි ලෝකයට පමණයි. පරමාත්ම පියා කියනවා: දැන් පළමුවෙන්ම, තමා අශාරීරික බව සළකන්න. තමන් පළමුවෙන්ම ජීවාත්ම සත්තාවක් බවත්, පසුව ශරීරය පිළිබඳ අවධානයත් පිළිබඳ හැඟීමත් ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා. කෙසේවෙතත්, නාටක සැලැස්මට අනුව, මිනිස්සු මෙය අවබෝධ කර නොගනිමින් එයට විරුද්ධ පැත්ත සිතනවා. පළමුව තමන් ශරීර යයි සිතා පසුව ජීවය ගැන සිතනවා. පරමාත්ම පියා කියනවා: ඒවා විනාශ වන සුළුයි. එකක් අතහැර තව එකක් ගත යුතුයි. සංස්කාර ඇත්තේ ජීවයේයි. ශාරීරික අවධානයට ලක්වීමෙන් ඔබගේ සංස්කාර යක්ෂ සංස්කාර වෙනවා. එම යක්ෂ සංස්කාර දේවතා සංස්කාර කරවීමට පසුව පියාට පැමිණීමට සිදුවෙනවා. මෙම මුළු නිර්මාණයම එකම එක පියා වන නිර්මාණකරුගේයි. සෑම කෙනෙක්ම ඔහුට පියා කියා අමතනවා. ශාරීරික පියෙකුට පියා කියා අමතන්නාක් සේ, බාබා, මමා වචන දෙකම හරිම මිහිරියි. නිර්මාණකරු කියන්නේ පියාට පමණයි. පළමුවෙන් ඔහු බිරිඳක් ගෙන පසුව නිර්මාණයක් නිර්මාණය කරනවා. අසීමිත පියා කියනවා: මා පැමිණ මොහුට ඇතුළු වෙනවා. ඔහුගේ නම කීර්තියට ලක් වෙනවා. ඔහුව හඳුන්වන්නේ භාග්‍ය රථය කියලයි. එයට ඔවුන් ගවයෙක් නොව පෙන්වන්නේ මිනිස් රුවකුයි. භාග්‍ය රථය මිනිස් සිරුරකුයි. තමන්ම පැමිණ තම හැඳින්වීම ලබාදෙන්නේ එකම එක පියා පමණයි. තමන් බාප්දාදා ලඟට යන බව ඔබ සැමවිටම කිව යුතුයි. පියා කියා නිකම්ම කිව්වොත් ඉන් අදහස් වන්නේ අශාරීරික කෙනාවයි. අශාරීරික පියා ලඟට ඔබට යා හැක්කේ ඔබ ශාරීරිය අතහැරිය විටක පමණයි. කිසිම කෙනෙකුට නිකම්ම එහි යා නොහැකියි. මෙම ඥානය ඔබට දෙන්නේ පරමාත්ම පියාම පමණයි. මෙම ඥානය ඇත්තේ පියා ලඟ පමණයි. අවිනාශී ඥාන මිණිමුතු නිධානය මෙයයි. ඥාන මිණිමුතු සයුර පරමාත්ම පියායි. එය වතුර පිළිබඳ දෙයක් නොවෙයි. එය ඥාන මිණිමුතු නිධානයයි. ඔහු ලඟ දැනුම තිබෙනවා. වතුරට දැනුම කියන්න බැහැ. වෛද්‍ය විද්‍යාව හෝ නීතිය ගැන මිනිසුන්ට දැනුමක් ඇත්තා සේ මෙයත් දැනුමකුයි. නිර්මාණකරුත්, නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳවත් වූ මෙම දැනුම සම්බන්ධයෙන් තමයි රිෂිවරුන් හා මුණිවරයින් තමන් නොදන්නා දෙයක් කියා කියන්නේ. මෙම දැනුම තිබිය හැක්කේ එකම එක නිර්මාණ කරු ලඟ පමණයි. ඔහු ගසේ බීජය ද වෙනවා. ලෝකයේ මුල මැද හා අග පිළිබඳ දැනුම ඔහු ලඟ තිබෙනවා. ඔහු පැමිණි විට පමණයි මෙම දැනුම කථා කල හැක්කේ. ඔබට දැන් මෙම දැනුම ලැබී තිබෙනවා. එම නිසා මෙම දැනුමෙන් ඔබලා දේවතාවරුන් වෙනවා. පළමුව ඔබලා ඥානය ලබනා අතර දෙවනුව ත්‍යාගය ලබනවා. ඒ කාලයට මෙම දැනුම අවශ්‍ය වන්නේ නැහැ. දේවතාවරුන්ට මෙම දැනුම නැහැයි කියා ඔවුන් අඥානයින් කියා කියන්න බැහැ. නැහැ, ඔවුන් තම තත්ත්වය දිනාගන්නේ මෙම ඥානයෙනුයි. මිනිස්සු නොදන්නා කම නිසා පරම පියාට කන්නලව් කරනවා: බාබා පැමිණ අපට මග පෙන්වන්න. අපිරිසිඳු අපට පිරිසිඳුවිය හැක්කේ කෙසේදැයි යන්න කියා දෙන්න. තමන් ශාන්ත දේශයෙන් පැමිණි අය බව ඔය ජීවාත්මයන් දැන් දන්නවා. ජීවාත්මයන් එහි නිහඬව සිටිනවා. ඔබ මෙහි පැමිණියේ තම චරිත කොටස රඟ දැක්වීමටයි. මෙය පැරණි ලෝකයයි. එමනිසා නව ලෝකයත් අනිවාර්යෙන්ම තිබෙන්න ඇති. ඒ තිබුනේ කවදාද එහි පාලනය ගෙන ගියේ කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ දැන් මෙය පරමාත්ම පියාගෙන් දැනගෙන තිබෙනවා. පරමාත්ම පියා ඥාන සාගරයයි. මුක්තිය දානය කරන්නායි. මිනිස්සු ඔහුට කන්නලව් කරනව: බාබා පැමිණ අපගේ දුක නැති කරන්න. අපට සාමය සතුට දානය කරන්න. ජීවයන් මේ ගැන දන්නවා වුවත් ඔවුන් තමෝප්‍රධාන් වෙලා. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා නැවතත් වතාවක් පැමිණ තම හැඳින්වීම ඔබට ලබාදෙන්නේ. මිනිසුන් ජීවාත්ම සත්තාව ගැන දන්නේ නැහැ. පරමාත්ම ජීවය ගැන දන්නේත් නැහැ. ජීව අවධානයට පත්වීම පිළිබඳ දැනුමවත් ජීවයන්ට නැහැ. මීට පෙර ඔබලාටත් දැනුම තිබුනේ නැහැ. දැන් ඔබට දැනුම ලැබී තිබෙනවා. මිනිස් මුහුණු තිබුණු ඔබලා සිටියේ වඳුරු චරිතවලින් බව ඔබලාට තේරෙනවා. පරමාත්ම පියා දැන් ඔබට ඥානය දී තිබෙනා නිසා ඔබලා දැන් ඥානාන්විත අය බවට පත්වෙලා. නිර්මාණකරුත් නිර්මාණයත් ගැන දැනුම ඔබට ලැබී තිබෙනවා. තමාට උගන්වන්නේ පරමාත්ම දෙවියන් කියා ඔබලාට තේරෙනවා. එම නිසා ලොකු කුල්මත් බවක් ඔබට තිබිය යුතුයි. බාබා ඥාන සාගරය වන අතර ඔහු ලඟ අසීමිත දැනුමක් තිබෙනවා. ඔබ කවුරුන් ලඟට ගියත් ලෝකයේ මුල, මැද, අග පිළිබඳ දැනුම පමණක් නොවෙයි ජීවාත්ම සත්තාවක් යනු කුමක්දැයි කියන දැනුමවත් ඔවුන්ට නැහැ. පරමාත්ම දෙවියන් දුක නැති කර සතුට දානය කරන්නායි කියා ඔවුනුත් සිහි කලත් ඒ දෙවියන් සෑම තැනකම සිටිනවා කියාත් ඔවුන් කියනවා. පරමාත්ම පියා කියනවා: නාටකයට අනුව එය ඔවුන්ගේ වැරැද්ද නොවෙයි. මායා ඔවුන්ගේ සිහිය මුළුමනින්ම දූෂිත කරවනවා. මැස්සන්ට සතුට කුණු ගොඩේ සිටිනා විට පමණයි. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබව කුණු ගොඩින් ඉවතට ගැනීමටයි. මිනිස්සු සිටින්නේ මඩේ එරිලායි. ඔවුන්ට කිසිම ඥානයක් නැහැ. ඉතින් ඔවුන් මොනවා කරන්නද? මරවැල්ලක එරී සිටිනා ඔවුන්ව බේරා ගැනීම ඉතාමත් අපහසු දෙයක්. බාගෙට තුන් කාලට බේරා ගත්තත් ආපසු වැටෙනවා. අන් අයට දැනුම දෙන අතර ඇතැම් දරුවන් පියාගේ උපදෙස් වලට පටහැනි දේ කරමින් තමන්ටම මායාගේ පහර දී ගන්නවා. අන් අයව මරවැල්ලෙන් ගොඩ ගැනීමට උත්සාහ දරණා ඔවුන් පසුව එම මරවැල්ලේම එරෙනවා. මායාට පරාජය වුණු නිසා පසුව ඔවුන්ව ඉන් ඉවතට ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදු වෙනවා. තමන් කළ පාප ගැනම ඔවුන්ගේ හිත වද දෙන්න පටන් ගන්නවා. එය මායා සමඟ වන සටනකි. ඔබ දැන් සිටින්නේ සටන් බිමේයි. ඒ භෞතික බලයෙන් සටන් කරනා හිංසාකාරි සේනාවනුයි. නමුත් ඔබලා අවිහිංසක සේනාවයි. ඔබ තම රාජ්‍යය දිනා ගන්නේ අවිහිංසාවෙනුයි. හිංසාවේත් වර්ග දෙකක් තිබෙනවා. එකක් රාග අසිපත ගැනීම අනෙක තවත් කෙනෙකුට පහර දීම. ඔබ දැන් දෙවදෑරුම් අවිහිංසාවාදීන් වෙනවා. කිසිම කෙනෙක් මෙම දැනුමේ බලයෙන් කරනා සටන ගැන දන්නේ නැහැ. අවිහිංසාව යනු කුමක්දැයි කියාත් කවුරුවත් දන්නේ නැහැ. භක්ති මාර්ගයේ විච්චූරණ හරිම ඉහළයි. මිනිස්සු: අහෝ පාරිශුද්ධකරුවාණනි වඩිනු මැනව කිය කියා කන්නලව් කරනවා. කෙසේවෙතත්, මා පැමිණ සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිසුන්ට දෙවියන් කියා ඇමතීමේ වරද ගීතාවේ කර තිබෙනවා. මිනිස්සු ග්‍රන්ථ ලිව්වා. මිනිස්සු ඒවා කියෙව්වා. දේවතාවරුන්ට ග්‍රන්ථ කියවීමේ අවශ්‍යතාවයක් නැහැ. එහි ග්‍රන්ථ ඇත්තේ නැහැ. ඥානය, භක්තිය හා නිරාශාව කුමකට ඇති නිරාශාවක්ද? භක්තිය හා පැරණි ලෝකය කෙරෙහි ඇති නිරාශාව. පැරණි ශරීර කෙරෙහි කිසිඳු ආශාවක් නැහැ. පරමාත්ම පියා කියනවා: ඔබගේ ඇසට හසු වන කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ. මෙම අපිරිසිඳු ලෝකය කෙරෙහි ඇත්තේ එවන් නිරාශාවකුයි. දිව්‍යමය දැක්මකින් නව ලෝකය දැකිය හැකියි. ඔබ ඉගෙනගන්නේ නව ලෝකයටයි. මෙම දැනුම මෙම උපතට පමණක් නොවෙයි. අන්සෑම ඉගෙනීමක්ම ඒ කාලයට ඒ උපතට අදාල ඒවායි. දැනුමේ ඇත්තේ සංගම් යුගයයි. ඔබ දැන් ඉගෙන ගන්නා දෙයෙහි ඵල ලැබෙන්නේ නව ලෝකයේදියි. අසීමිත පියාගෙන් ඔබට එතරම් විශාල උරුමයක් හිමිවෙනවා. අසීමිත පියාගෙන් ඔබලාට අසීමිත සතුටක් හිමිවෙනවා. එමනිසා, ඔය දරුවන් සම්පූර්ණ උත්සාහය දරා ශ්‍රීමත් පිලිපැදිය යුතුයි. ඉහලම ඉහල කෙනා පරමාත්ම පියායි. ඔබ උසස්වන්නේ ඔහු හරහායි. ඔහු කොහොමත් සෑම විටම උසස් කෙනායි. ඔහු ඔබව උසස් කරවනවා. උපත් 84 ගනිමින් පැමිණෙන අතර ඔබලා දූෂිත වෙලා. පරමාත්ම පියා කියනවා: මම ඉපදීම මරණය චක්‍රයට පැමිණෙන්නේ නැහැ. මම දැන් මෙම භාග්‍ය රථයට ඇතුළු වෙනවා. ඔය දරුවන් දැන් ඔහුව හඳුනා ගෙන සිටිනවා. ඔබගේ ගස තවමත් පොඩියි. මෙම ගසට කුණාටුත් එනවා:කොළ ඇද හැලෙනවා. මල් පිපෙනවා. නැවතත් කුණාටුවක් පැමිණි විට ඒ සියල්ල ආයෙත් ඇද හැලෙනවා. ඉතාමත් හොඳ ඵල දරනවා, මායාගේ කුණාටු හරිම බලගතුයි. ඒ පැත්තෙන් භෞතික බලයත් මේ පැත්තෙන් යෝගා බලයත් තිබෙනවා. සිහිකිරීම යන වචනය හොදින් ස්ථාවර කර ගතයුතුයි. මිනිස්සු නිකම් යෝගා ගැන කථා කරනවා. ඔබ කරන්නේ සිහි කිරීමයි. යන එන අතරතුරත් නොකඩවා පරමාත්ම පියාව සිහිකරන්න. මෙය යෝගාවක් කියා කියන්නේ නැහැ. යෝගා වචනය ප්‍රසිද්ධව ඇත්තේ සන්යාසීවරුන් අතරයි. ඔවුන් නොයෙකුත් වර්ගයේ යෝගා උගන්වනවා. පරමාත්ම පියා ඔබට ඉතාමත් පහසුවෙන් උගන්වනවා: යන එන අතරතුර, නොකඩවා පරමාත්ම පියාව සිහිකරන්න. කල්ප බාගයක් පුරා ඔබලා ආදරවන්තයින් ලෙස සිටියා. ඔබ මා සිහිකරමින් සිටියා. මම දැන් පැමිණ සිටිනවා. ජීවයක් යනු කුමක්දැයි කියා කාටවත් තේරෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා පැමිණ ඔබට මෙය අවබෝධ කරවන්නේ. මෙය තේරුම් ගත යුතු ඉතාමත් සියුම් කරුණකි. ජීව ආත්මයන් ඉතාමත් සියුම්ය, අවිනාශී ජීවයක් හෝ ඔහුගේ චරිත කොටස හෝ විනාශ කල නොහැකියි. රළු බුද්ධියක් ඇති අයට මේ දේවල් තේරුම් ගැනීම ඉතාමත් අපහසුයි. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන් කර නැහැ. පරමාත්ම පියාව සිහිකිරීමට ඔය දරුවන් මහත් උත්සාහයක් දැරිය යුතුයි. දැනුම ඉතාමත් පහසුයි. නමුත් පියා කෙරෙහි සෙනෙහස ඇති අය හා නැති අය කියන්නේ සිහිකිරීමේ සිහියේ සිටීම සම්බන්ධයෙනුයි. කෙනෙකුගේ සිහිකිරීම හොඳ නම් ඔහුගේ බුද්ධියේ පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා කියා කියනවා. ඔබගේ සෙනෙහස අමිශ්‍ර සෙනෙහසක් විය යුතුයි. තමාගෙන්ම අසා දැනගන්න: මා කෙතරම් දුරට පියාව සිහිකරනවාද? දිගින් දිගටම පියාට සෙනෙහස දැක්වීමෙන් ඔබ තම කර්මාතීට් තත්ත්වයට පත්වී ශරීර ඉවත ලන බව ඔබලාට තේරෙනවා. එවිට යුද්ධය ඇරඹේවි. පරමාත්ම පියාට සෙනෙහස දැක්වූ තරමට ඔබ තමෝප්‍රධාන් බවින් ඔබ සතෝප්‍රධාන් වේවි. විභාගය පැවැත්වෙන්නේ එක් වතාවයි. කාලය අවසන්වන විට හා සෑම කෙනෙකුගේම බුද්ධියේ පියා කෙරෙහි සෙනෙහස පිහිටන විට විනාශය සිදුවේවි. එතෙක් යුද්ධ සිදුවේවි. මරණය තමා ඉදිරියේ ඇති බවත්, බෝම්බ ආදිය සෑදීමට කෙනෙක් තමන්ව මෙහෙයවනවා කියාත් පිටරට වල අය සිතනවා. කෙසේවෙතත් වෙන මොනවා කරන්නද? ඒ නාටකයේ තීරණය වී හමාරයි. ඔවුන් ගේ විද්‍යාවෙන් ඔවුන් තමන්ගේම වංශය නැතිකර ගන්නවා. ඔය දරුවන් කියනවා: අපව පාරිශුද්ධ ලෝකයට ගෙන යන්න. කෙසේවෙතත් බාබා ඔබලා ගේ ශරීර ගෙන යන්නේ නැහැ. පරමාත්ම පියා සියළුම මාරයින්ගේත් මාරයායි. වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. ගොදුරට මරණය දඩයම් කරුට සතුට කියා කියනවා. විනාශය නතර වී සාමය උදාවිය යුතුයි කියා මිනිස්සු කියනවා. කෙසේවෙතත් විනාශයෙන් තොරව සාමය හා සතුට ස්ථාපනය විය හැක්කේ කෙසේද? මෙන්න මේ නිසා තමයි ඔබ අනිවාර්යෙන්ම කල්ප චක්‍රය ගැන පැහැදිලි කර දිය යුත්තේ. දෙව්ලොව දොරටු දැන් විවර වෙමින් පවතිනවා. බාබා කියා තිබෙනවා: මේ ගැන පොතක් මුද්‍රණය කරන්න: ශාන්ත දේශයට හා සතුටු දේශයට දොරටු. මෙහි අර්ථය කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. එය ඉතාමත් පහසුයි. නමුත් මිලියන ගනණක් අතුරින් අතලොස්සක් පමණයි මෙය තේරුම් ගන්නේ. ප්‍රදර්ශන ආදියේ දී ඔබ අධෛර්යට පත් නොවිය යුතුයි. පුරවැසියනුත් නිර්මාණය වෙනවා. ගමනාන්තය ඉහළ අතර එයට උත්සාහයක් අවශ්‍යයි. ස්මරණය සඳහා උත්සාහයක් අවශ්‍යයි. බොහෝ අය මෙහිදී අසමත් වෙනවා. ඔබගේ සිහිකිරීම අමිශ්‍ර පිරිසිඳු සිහිකිරීමක් විය යුතුයි. මායා ඔබට නැවත නැවතත් සියල්ල අමතක කරවනවා. කිසිම උත්සාහයකින් තොරව කිසිම කෙනෙකුට ලෝකපාලකවරයෙක් විය නොහැකියි. පූර්ණ උත්සාහය දැරිය යුතුයි. අපි සතුටු දේශයේ පාලක වරුනුයි. අපි බොහෝ වාර ගණනාවක් කල්පය වටා ගියෙමු. දැන් අපි පරමාත්ම පියාව සිහි කල යුතුයි. මායා නොයෙකුත් බාධක ගෙන එනවා. විද්‍යුත් මණ්ඩලී ආයතනයට ඔබ අද කරුණු පැහැදිලි කර සේවය කලේ කෙසේද ... ආදී තොරතුරු බාබාට ලැබෙනවා. දැන් නාටකයට අනුව මව්වරුන්ට ගරු සම්මාන පිදිය යුතුයි. මව්වරුන් ඉදිරියෙන් තැබීමට ඔය දරුවන් සැළකිලිමත් විය යුතුයි. මෙය ජීවමාන දිල්වාලා දේවාලයයි. ඒ ජීව ස්වරූපය බවට ඔබ පත්වී එය පාලනය කරාවි. භක්ති මාර්ගයේ ඒ දේවාල ඉතිරිවන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එකම එක පියා කෙරෙහි වන අමිශ්‍ර සෙනෙහසින් ඔබ ඔබගේ කර්මාතීට් තත්ත්වයට ළඟාවිය යුතුයි. මෙම පැරණි ලෝකයත් පැරණි ශරීරයත් කෙරෙහි අසීමිත නිරාශාවක් තබාගන්න.

2. පරමාත්ම පියාගේ උපදෙස් වලට පටහැනි කිසිම දෙයක් කරන්න එපා. සටන් බිමේදී කිසිඳු විටක පැරදෙන්න එපා. ද්විත්ව අවිහිංසා වාදී වන්න.

වරදානය:
ඔබ ඔබේ අධ්‍යාත්මික ආලෝකයෙන් වාතාවරණය පරිවර්තනය කිරීමේ සේවයේ යෙදෙමින් පහසුවෙන් සාර්ථකත්වයේ ප්‍රතිරුවක් (සඵල්තා මූර්ති) වේවා.

භෞතික ලොවෙහි මොන වර්ණ එළියක් ඔබ භාවිතා කරයිද ඒ අනුව පරිසරයත් ආලෝකමත් වෙනවා. කොළ පාට එළිය විහිදුවයි නම්, සෑම තැනම කොළ පැහැ ගැනේ. ඔබ රතු එළිය යොදාගත් විට එය ස්මෘතියේ වාතාවරණයක් නිර්මාණය කරයි. භෞතික එළියකට පරිසරය වෙනස් කළ හැකි වෙද්දී, ප්‍රදීපාගාරයක් ලෙස ඔබේ පවිත්‍රතාවය සහ සතුට නම් වූ ආලෝක වලට වාතාවරණය වෙනස් කිරීමේ සේවය කළ හැකියි. එමඟින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා. පියැවි ඇසට භෞතික ආලෝක පෙනේ. එහෙත් ආධ්‍යාත්මික ආලෝකය වින්දනයෙන් දැනෙනවා ඇත.

පාඨය:
නිශ්ඵල දේ වලට ඔබේ කාලය සහ සිතිවිලි නාස්ති කිරීම අපවිත්‍රතාවයයි.