08.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පාප ක්‍රියාවලින් ආරක්ෂා වීම උදෙසා, නැවත නැවතත් අශාරීරික වීම පුහුණු කරන්න. මෙම පුහුණුවෙන් පමණයි ඔබට මායා පරාජය කොට නිරන්තර යෝගාව තබාගත හැක්කේ.

ප්‍රශ්නය:
කුමන ස්ථිර වූ විශ්වාසය තබා ගැනීමෙන්ද, ඔබගේ යෝගාව නොකැඩී තබාගත හැක්කේ ?

පිළිතුර:
ස්වර්ණමය හා රිදී යුගවලදී අප පාරිශුද්ධත්වයෙන් සිටි අතර තඹ හා යකඩ යුගයන්හිදී අප අපිරිසිඳු වූවා. අප දැන් නැවතත් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඔබ තුළ මේ ස්ථිර විශ්වාසය තිබෙනා කල ඔබගේ යෝගාව බිඳෙන්නේ නැහැ. මායාට ඔබව පරදවන්නත් බැහැ.

ගීතය:
දැනුමේ වර්ෂාව වහින්නේ පෙම්බරයාණන් සමග සිටින්නන් හට පමණයි...

ඕම් ශාන්ති.
සුමිහිරි වූ දරුවන්ට මෙම ගීතයේ අර්ථය වැටහෙනවා. එය සාමාන්‍ය වැස්ස පිළිබඳ ප්‍රශ්නයක් නොවේ එම වැස්ස සාගරය හා ගංගාවන්ට අදාලවයි, එහෙත්, මෙය තමයි දැනුම් සාගරය. ඔහු පැමිණ දැනුම් වර්ෂාව වස්සන විට අවිද්‍යාව නම් අඳුර නැති වී යනවා. මෙය තේරුම් ගත හැක්කේ කාටද ?, තමා ප්‍රජාපිතා බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් ලෙස සලකනා අයටයි. තම පියා ශිවා බව ඔය දරුවන් තේරුම් ගන්නවා, ඔහු සියලුම බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්ගේ සීයා වන බවත්, ඔහු අශාරීරික බවත් ඔබ දන්නවා. තමා ප්‍රජාපිතා බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් යන විශ්වාසය ඔබ තුළ තිබෙනා නිසා, ඔබ මෙය අමතක නොකළ යුතුයි. සියලු දරුවන් ඉන්නේ ආදරවන්තයා සමගයි ඔබ පමණක් නොවෙයි, ඔවුන් සියල්ලන්ම මුරලියට සවන් දෙනවා. දැනුමේ වර්ෂාව වසින්නේ දරුවන් වෙනුවෙන් පමණයි මෙම දැනුම මඟින් අවිදු අඳුර වියැකී යනවා. අප අන්ත අඳුරේ සිට දැන් ආලෝකය ලබා තිබෙනා බව ඔබ දන්නවා. ඔබ දිගින් දිගටම සෑම දෙයක්ම දැන ගන්නට පටන් ගන්නවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ ජීවිත කතාවත් ඔබ දන්නවා. ශිව බාබාගේ ජීවිත කතාව දන්නේ නැති අය, අත ඔසවන්න! සෑම කෙනෙක්ම ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ ජීවිත කතාව දන්නවා. එයද, එක උපතක් පිළිබඳව පමණක් නොවේ. ශිව බාබාගේ ජීවිත කතාව උපත් කීයක් පුරා දිවෙනවාද යන්න ගැන ඔබ දන්නවාද ? මෙම නාටකයේ ශිව බාබාගේ කොටස කුමක්ද යන්න ගැන ඔබ දන්නවාද ? මුල සිට අග දක්වාම ඔහුගේ ජීවිත කතාව ගැන ඔබ දන්නවා. කෙනෙක් කෙතරම් භක්තිමත් හැඟීමකින් කාට වන්දනා කළත්, මා ඔවුන්ට එහි ඵලය ලබාදිය යුතුයි. ඒ ප්‍රතිමා සජීවී දෙයක් නොවේ ඔවුන්ට ඒ ප්‍රතිමාවන්හී සජීවී දර්ශන ලබා දෙන්නේ මමයි. කල්ප බාගයක් පුරාම භක්ති මාර්ගය දිවෙනා බව ඔබ දන්නවා. භක්තියේ සියලු ආශාවන් දැන් ඉෂ්ට වෙමින් පවතිනවා. ඔබ දැන් දරුවන් බවට පත්ව සිටිනා නිසා අනිවාර්යෙන්ම උරුමය හිමිකර ගන්නවා. පියෙක් තම දරුවන්ට උරුමයක් ලබා දීම නීතියයි. දැන් ඔබගේ මුහුණ හැරී තිබෙන්නේ විමුක්තිය වෙතයි. ඔබ අශාරීරික ලෝකය, සූක්ෂම ලෝකය හා භෞතික ලෝකයත්, මේ අසීමිත වූ නාටකයේ ප්‍රධාන නළුවා ගැනත් දන්නවා. ඔහු නිර්මාණකරුවා, අධ්‍යක්ෂක හා කරන්කරවන්හාර් ද වනවා. ඔහු ඔබට උපදෙස් දෙනවා, ඒ වගේම ඔබට උගන්වනවා. ඔහු කියනවා මා පැමිණ සිටින්නේ ඔබට රාජයෝගා ඉගැන්වීමටයි. මෙයද ක්‍රියා කිරීමකි. ඒ වගේම ඔහු ඔබ මාර්ගයෙනුත් මෙය කරවනවා. කල්ප බාගයක් පුරා ඔබ මායාට ගොදුරු වී සිටි අතර නොයෙකුත් වැරදි වැඩවල යෙදුනා. මෙය ජය හා පැරදුම පිබඳව වූ නාට්‍යයකි. මායා ඔබ ලවා වැරදි ක්‍රියා කරවනවා. ඔබගෙන් ව්‍යාජ වැඩ ගන්නා කෙනෙක් දෙවියන් ලෙස හැඳින්විය හැක්කේ කෙසේද ? පරමාත්ම දෙවියන් කියනවා සත්‍යවාදී ක්‍රියා කිරීමට උගන්වන්නා වූ එකම තැනැත්තා මා පමණයි. මෙය සැමගේම කර්ම ගෙවනා අවස්ථාවයි. සෑම කෙනෙක්ම සොහොනින් නැගිටිය යුතුයි. සෑම කෙනෙක්වම සොහොනෙහි වැළලෙනවා. පියා පැමිණ ඔබව අවදි කරවනවා. මරණය දැන් ඔබ ඉදිරියේමයි. ශිව බාබා බ්‍රහ්මාගේ ශරීරය මාර්ගයෙන් අපට සෑම දෙයක්ම විස්තර කර දෙනවා. ශිව බාබාත් ඇතුළුව, සෑම කෙනෙකුගේම ජීවිත කතාව ගැන දන්නා අය බවට ඔබ පත්ව සිටිනවා. ඉතින් ඔබ ඉතාමත් උසස්. කිසිම දෙයක් දන්නේ නැති අය, ආගමික ග්‍රන්ථ බොහෝ සෙයින් කියවන අය ඉදිරියට ගොස් හිස නමනවා. ඔබ කිසිම කෙනෙක්ට හිස නොනැමිය යුතුයි. මෙය ඉතා පහසු දෙයක්. ඔබ ඒ අශාරීරික ලෝකයේ, සාම දේශයේ වැසියන් බවට පත්වන බවත්, පසුව සතුටේ දේශය වෙත යන බවත් දරුවන්ට වැටහෙනවා. ඔබ දැන් ප්‍රජාපිතා බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්. ඔබ ශිව බාබාගේ මුණුපුරන්ය. ශිව බාබා සිහිපත් කිරීමෙන් ඔබ සතුටේ උරුමය ලබනවා. ඔබ පාරිශුද්ධත්වයෙන් සිට පසුව අපිරිසිඳු වූ බවත්, දැන් තමා නැවතත් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි යන විශ්වාසය දරුවන් තුළ තිබෙනවා. මෙම විශ්වාසය නොමැතිනම්, ඔබට යෝගාහී යෙදීමට නොහැකි වන අතර, උසස් තත්ත්වයක් හිමිකර ගැනීමටත් නොහැකි වනවා. පිරිසිඳු ජීවිතයක් හොඳයි. එහෙම නේද? මෙකල කුමාරීන් වන ඔබ සෑහෙන සේවයක් කරනා නිසා, කුමාරීන්ට සෑහෙන ගෞරවයක් දැක්වෙනවා. ඔබ දැන් පාරිශුද්ධත්වය රකිනවා. ඔබ දැන් රකිනා මෙම පාරිශුද්ධත්වය භක්ති මාර්ගයේදී වන්දනීයත්වයට ලක්වනවා. මේ ලෝකය ඉතාමත් අපිරිසිඳුයි. කිචැක් කුරුල්ලා ගැන කතාවක් තියෙනවා. මෙහි එන, ඉතාමත් කිලිටි සිතිවිලිවලින් යුතු අය හඳුන්වන්නේ කිචැක් කුරුල්ලන් ලෙසයි. මේ නිසා තමයි බාබා කියන්නේ ඔබ ඉතාමත් සැළකිලිමත් විය යුතුයි. මෙය කටුවලින් පිරි ඉතා කිලිටි ලෝකයක්. දරුවන් තුළ දැඩි සතුටක් තිබිය යුතුයි. අප සාමයේ දේශය වෙත ගොස්, පසුව සතුටේ දේශය වෙත යනවා. අප සතුටු දේශයේ පාලකයන්ව සිටි අතර, පසුව චක්‍රය වටාම ගමන් කළා. ඔබ තුළ මේ විශ්වාසය තිබිය යුතුයි. අශාරීරිකත්වයට පත්වීම පුහුණු කරන්න. එසේ නැතිනම්, මායා දිගින් දිගටම ඔබව කා දමන අතර, ඔබගේ යෝගාව බිඳී යනු ඇත. එවිට, ඔබගේ පාප සිඳී නොයනු ඇත. ස්මරණයෙහි යෙදීමට ඔබ දැඩි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ස්මරණයෙන්ම පමණයි ඔබ සදා සෞඛ්‍යමත් බවට පත් වන්නේ. හැකි උපරිම අයුරින්, අශාරීරික වී පියා සිහිපත් කරන්න. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, එනම්, ජීව වන අපගේ පියා අපට උගන්වනවා. සෑම චක්‍රයකදීම ඔහු අපට උගන්වා අපගේ රාජ්‍යය නම් වූ වාසනාව අපට ලබා දෙනවා. යෝගා බලයෙන් ඔබ තම රාජ්‍යය ස්ථාපනය කර ගන්නවා. රජ කෙනෙක් රාජ්‍යයක් පාලනය කරනා අතර ඔහුගේ හමුදාව රාජ්‍යය වෙනුවෙන් සටන් කරනවා. මෙහිදී, ඔබ උත්සාහ දරන්නේ ඔබ සඳහා මිස, පියා සඳහා නොවේ. බාබා කියනවා මම රාජ්‍යයක් පාලනය කරන්නේ නැහැ. රාජ්‍යය ලබාදීම උදෙසා මා ඔබට ක්‍රම පෙන්වා දෙනවා. ඔබ සෑම කෙනෙක්ම ඔබගේ විශ්‍රාමික තත්ත්වයේ සිටිනවා. සෑම කෙනෙක්ම මිය යාමටයි ඉන්නේ එයට තරුණ, මහලු ප්‍රශ්නයක් නැහැ. තරුණ දරුවෙක් තම පියාගෙන් උරුමයක් ලබනු ඇතැයි සිතන්න එපා. ඔවුන්ට උරුමයක් ලැබීමට තරම් කාලයක් මේ ලෝකය තියෙන එකක් නැහැ. මිනිස්සු ඉන්නේ අන්ත අඳුරේයි. ඔවුන්ට බොහෝ මුදල් උපයා ගැනීමට අවශ්‍යයි. මන්ද, ඔවුන් සිතනවා, තම දරුවන් හා මුණුපුරන් ඒවායින් පෝෂණය වෙයි කියා. කොහොමනමුත්, ඒ සඳහා වූ කිසිම කෙනෙකුගේ ආශාවක් ඉෂ්ට නොවනු ඇත. සෑම දෙයක්ම දැන් දුහුවිලි බවට පත්වීමටයි තිබෙන්නේ. මේ ලෝකයම දැන් විනාශවීමටයි තිබෙන්නේ. එක බෝම්බයක් හෙලීමෙන් සෑම දෙයක්ම විනාශ වී යනවා. මෙමඟින් ඔබව ඉවත් කරගත හැකි කිසිම කෙනෙක් නැහැ. රත්රන් ආකර ආදිය දැන් සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙනවා. නව ලෝකයේ ඒ සියල්ල පිරී පවතිනවා. එහිදී, නව ලෝකයේදී, ඔබට සෑම දෙයක්ම අලුතින් ලැබෙනවා. දැන්, මේ නාටක චක්‍රය අවසානයක් වෙමින් පවතිනවා, පසුව එය නැවතත් ඇරඹෙනවා. ඔබ දැන් ආලෝකය ලබනවා. දැනුමේ සූර්යයා පායන විට, අවිද්‍යා අඳුර වියැකී යන බව කියා තිබෙනවා. එය සාමාන්‍ය සූර්යයා පිළිබඳ වූ කරුණක් නොවේ. මිනිස්සු සූර්යයාට වතුර පූජා කරනවා. මුළු ලෝකයටම වතුර ලබා දීමට හැක්කේ සූර්යයාට වන නමුත්, ඔවුන් සූර්යයාට වතුර පූජා කරනවා. එය භක්තියේ පුදුමයකි! පසුව ඔවුන් මෙසේ කියනවා සූර්ය දේවතාවාට නමස්කාර, චන්ද්‍ර දේවතාවාට නමස්කාර. ඔවුන් දේවතාවන් විය හැක්කේ කෙසේද ? මෙහිදී, මනුෂ්‍යයින් යක්ෂ තත්ත්වයෙන් දේවත්වයට පත්වනවා. ඔවුන් දේවතාවන් ලෙස හැඳින්විය නොහැකියි ඒ තමයි සූර්යයා, චන්ද්‍රයා හා තරු. ඉරක් සංකේතය ලෙසින් තිබෙනා කොඩියකුත් තිබෙනවා. ජපානයේ සූර්ය වංශය ගැන කතා කරනවා. ඇත්තෙන්ම සෑම කෙනෙක්ම අයත් වන්නේ ඥාන සූර්ය වංශයටයි. කොහොමනමුත්, ඔවුන්ට දැනුම ඇත්තේ නැහැ. සූර්යයාත්, මේ ඥාන සූර්යයාත් අතර සෑහෙන වෙනසක් තිබෙනවා. මෙහිදීත් ඔවුන් විද්‍යාවේ සොයාගැනීම් කරනවා වුවත්, ලැබෙන ප්‍රතිඵලය කුමක්ද ? කිසිවක්ම නැහැ! විනාශය අනිවාර්යෙන්ම සිදුවනු ඇත. සිහිබුද්ධියෙන් යුතු මිනිස්සු තමාම විද්‍යාව මඟින් තමාවම විනාශ කරගන්නා බව දන්නවා. ඔවුන් ළඟ තිබෙන්නේ විද්‍යාව, ඔබ ළඟ තිබෙන්නේ නිහඬතාවය. විද්‍යාව මඟින් ඔවුන් විනාශය සිදුකරනා අතර, නිහඬතාවයෙන් ඔබ දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. සෑම කෙනෙකුගේම ඔරුව දැන් අපායෙහි ගිලී තිබෙනවා. ඒ පැත්තේ එම හමුදාව සිටිනා අතර මේ පැත්තේ යෝගා බලයෙන් යුක්ත වූ ඔබගේ හමුදාව සිටිනවා. ඔබ ඔවුන්ව ගලවා ගන්නවා. ඔබට එවැනි මහා වගකීමක් තිබෙනවා, ඒ නිසා ඔබ සම්පූර්ණ උදව්කරුවන් විය යුතුයි. මේ පැරණි ලෝකය විනාශ වීමටයි යන්නේ. ඔබ දැන් මෙම නාටකය ගැන තේරුම් ගෙන තිබෙනවා. මේ සංගම් යුග කාලයයි. පියා ඔබගේ ඔරුව එගොඩකරලීම උදෙසා පැමිණ සිටිනවා. රාජ්‍යය සම්පූර්ණයෙන්ම ස්ථාපනය වී තිබෙනා කල, විනාශය සිදුවනවා. සෑම මොහොතකදීම මේ උදෙසා පෙරහුරු පැවැත්වෙනවා. දිගින් දිගටම නොයෙකුත් යුද්ධ සිදුවනවා මෙය කිලිටි වූ ලෝකයකි. පියා ඔබව ඒ ලස්සන ලෝකය වෙත ගෙනයාම උදෙසා පැමිණ සිටිනා බව ඔබ දන්නවා. ඔබ තම පැරණි ඇඳුම ඉවතලා අලුත් ඇඳුමක් ඇඳිය යුතුයි. සෑම චක්‍රයකදීම තමා සෑම කෙනෙක්වම නැවතත් ගෙන යන බව පියා වගකීමක් දරණවා. මේ නිසා තමයි මා සියලු මරණයන්ගේ මරණය ලෙස හඳුන්වන්නේ. ඔහු පාරිශුද්ධකරුවා සහ අනුකම්පා සහගත ඒකායන තැනැත්තා ලෙසත් හැඳින්වෙනවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තමා දිව්‍ය ලෝකය වෙත යාමට උත්සාහ කරනා බව ඔබ දන්නවා. බාබා කියනවා ඔබ මා සිහිපත් කරන්නේ නම්, මම ඔබව දිව්‍ය ලෝකය වෙත ගෙන යන්නෙමි. නමුත්, ඒ වගේම ඔබගේ දිවි පෙවෙත සඳහාත් ඔබ උපයාගත යුතු වනවා. ක්‍රියාවන් නොකර කිසිම කෙනෙක්ට ඉන්න බැහැ. ක්‍රියාවලින් බැහැරව ඒවා අත්හැර යන්න බැහැ. ස්නානය කිරීම ආදිය ක්‍රියාවන් සිදු කිරීමක් වනවා. අවසානයේදී සෑම කෙනෙක්ම සම්පූර්ණ දැනුම ලබනු ඇත. ශිව බාබා ඔබට උගන්වන බවත්, ඔබ කියනා දෙය නිවැරදි බවත් ඔවුන් කියනවා ඇත. අශාරීරික දෙවියන් කතා කරනවා. එකම එක දෙවියන් ඔහුම පමණක් වනවා. මේ නිසා තමයි බාබා දිගින් දිගටම ඔබට කියන්නේ අශාරීරික ශිවා සමග ඔවුන්ට තිබෙන්නා වූ නෑකම කුමක්ද කියා සෑම කෙනෙකුගෙන්ම අහන්න. සෑම කෙනෙක්ම සහෝදරයෙක් නම්, ඒ සහෝදරයින්ට පියෙක් සිටිය යුතුයි! එසේ නැතිනම්, ඔවුන් පැමිණියේ කොහි සිටද ? ජනයා ගයනවා අපගේ මව හා පියා ඔබ වේ. පියාගේ ප්‍රශංසනීයත්වය මෙයයි. පියා කියනවා ඔබට උගන්වන කෙනා මමයි. පසුව ඔබ ලෝක පාලකයින් බවට පත්වනවා. මෙහි අසුන්ගෙන සිටිනා අතර ඔබ ශිව බාබා සිහිපත් කළ යුතුයි. ඔබගේ දෑස්වලින් ඔබට මෙම ශරීරය දැකගත හැකිවන අතර ශිව බාබා ඔබට උගන්වන බව ඔබ බුද්ධියෙන් වටහා ගන්නවා. මෙය රාජයෝගාව වන අතර, ඥාන වර්ෂාව පියා සමග සිටිනා අයටයි. අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත්කිරීම පියාගේ කාර්යයයි. ඥාන සාගරය ඔහුයි. ඔබ ශිව බාබාගේ මුණුපුරන් බවත්, බ්‍රහ්මාගේ දරුවන් බවත්, එමෙන්ම, බ්‍රහ්මාගේ පියා ශිවා බවත් ඔබ දන්නවා. උරුමය ලැබෙන්නේ ශිව බාබාගෙනුයි, සිහිකළ යුතු කෙනා ඔහුයි. ඔබ දැන් විශ්ණුගේ දේශය වෙත යාමට සිටිනවා. ඔබගේ නැංගුරම දැන් මෙතැනින් එසවී තිබෙනවා. ශුද්‍රයින්ගේ ඔරු එක තැන තිබෙනවා, එහෙත්, ඔබලාගේ ඔරු දැන් ගමන් කිරීමට පටන්ගෙන තිබෙනවා. ඔබ දැන් කෙලින්ම ඔබගේ නිවස වෙත යනවා. ඔබගේ පරණ ඇඳුම් මෙහිදී ඉවත දැමිය යුතුයි. නාට්‍යය දැන් සම්පූර්ණ වීමට යනවා, ඔබගේ ඇඳුම් ඉවත් කර දමා නැවත නිවස වෙත යා යුතු වනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම අසත්‍ය වූ ක්‍රියාවක යෙදෙන්න එපා. මරණය දැන් ඔබ ඉදිරියේමයි. මෙය කර්ම ගෙවනා අවස්ථාව වන නිසා, සෑම කෙනෙක්ම මෙම සොහොන් බිමෙන් අවදි කරන්න. පාරිශුද්ධත්වයට පත්වීමේ හා අන් අයවත් පාරිශුද්ධත්වයට පත්කරවීමේ සේවයෙහි යෙදෙන්න.

2. මේ කිලිටි ලෝකය තුළ කිසිම ආශාවක් තබාගන්න එපා. සෑම කෙනෙකුගේම ගිලී යන ඔරුව බේරා ගැනීම උදෙසා පියාගේ සම්පූර්ණ සහකරුවෙක් බවට පත්වන්න.

වරදානය:
යෝගාව අත්හදා බැලීම මඟින් ඔබේ සියලු ධන සම්පත් වැඩිකරගෙන සාර්ථක තපස්වීවරයෙක් වේවා.

ඔබ පරම පියා වෙතින් ලබාගත් සියලු ධන සම්පත් භාවිත කිරීමෙන් යෝගාව අත්හදා බලන්න. ඔබ සතුව ඇති ධන සම්පත් අඩු වියදමෙන් සහ අධික ප්‍රාප්තියකින් යුක්ත පර්යේෂණයක් කරන්න. උදාහරණයකට: කාලය සහ සිතිවිලි උසස් සම්පත් වේ. එමනිසා, අවම සිතිවිලි භාවිත කර අධික ප්‍රාප්තියක් ලබන්න. සමාන්‍ය මිනිසුන් යම් දෙයක් ගැන මිනිත්තු කීපයක් සිතා බැලීමෙන් පසුව සාර්ථකත්වය ලබති. එහෙත් ඔබ එම කාර්යය තත්පරයක් හෝ තත්පර දෙකකින් සිදුකරයි. ඔබ අඩු කාලයක් සහ සිතිවිලි මදක් භාවිත කර විශාල ප්‍රතිඵලයක් ලබද්දී, ඔබව යෝගා අත්හදා බලන සාර්ථක තපස්වීවරයෙක් යැයි කියනු ලැබේ.

පාඨය:
ඔබේ ආදී සනාතන සංස්කාරයන් අවධානයෙහි තබා ගැනීමෙන් ඔබ නොසැලෙන සහ නොසෙල්විය හැකි කෙනෙක් වී සිටීවි.

මාතේෂ්වරීජීගේ අමිල උසස් වදන්

"අපව මේ කටු ලොවෙන් මල් සෙවණකට රැගෙන යන්න" දෙවියන්ටයි මෙසේ ගයා ඇත්තේ. මිනිසුන් බොහෝසේ දුකට පත්ව සිටිද්දී ඔවුන් දෙවියන් සිහිපත් කරනවා: දෙවියන්, අපව මේ කටු ලොවෙන් මල් සෙවණට රැගෙන යන්න. මෙයින් දැක්වෙන්නේ එවන් ලොවක් නියතවම තිබී ඇති බවයි. මේ ලෝකය දැන් සම්පුර්ණ කටු සහිත එකක් කියා සියලු මනුෂ්‍යයන් දන්නවා. මේ හේතුවෙන්, මිනිසුන්ට අසතුට සහ අසාමය දැනෙන හෙයින් ඔවුන් මල් ලෝකය සිහිපත් කරති. එමනිසා, අනිවාර්යෙන්ම එවන් ලෝකයක් ද, ජීවාත්මයන් තුළ එවන් සංකාරයක් ද තිබෙන්නට ඇති. එම දුක සහ අසාමය ආදිය අපගේ සියලු කර්ම බන්ධනයන් හී කර්ම ගිණුම් වේ. රජවරුන්ගෙන් සිඟන්නන් බවට, මේ අයුරින් සියලු මනුෂ්‍යයන් සම්පූර්ණයෙන් බැඳී සිටී. මේ නිසායි දෙවියන් ම පවසන්නේ: මේ ලෝකය යකඩ යුගයක් එසේම එය සැදී ඇත්තේ සියලු කර්ම බන්ධන වලිනි. අනාගත ලෝකය ස්වණම යුගයක් වූ අතර එයට මල් ලොවක් යැයි කියා ඇත. එම ලෝකය කර්ම බන්ධනයෙන් නිදහස් එකකි. එය ජීවන් මුක්තිය ලද දේවතාවරුන්ගේ රාජධානිය විය: එය දැනට නොපවතී. අප ජීවන මුක්තිය ගැන පවසන කල ඉන් අදහස් වන්නේ අප ශරීරයෙන් නිදහස් වීම නොවේ, ඔවුන්ට තම ශරීරය පිළිබඳ කොහෙත්ම අවධානයක් නොතිබුණි. එහෙත් ඔවුන්ගේ ශරීරයෙහි ඉඳිද්දී මොනම දුකක්වත් නොතිබුණි. මෙහි තේරුම එහි කර්ම බන්ධන කිසිවක් නොතිබුණු බවයි. ඉපදෙන විට හෝ ශරීරය අත්හරින විට ඔවුන්ට ආරම්භයේ සිට මැද හරහා අන්තිම කාලය දක්වාම තිබුණ සතුටමයි. එමනිසා, ජීවනමුත්තිය කියන්නේ ජීවමානව සිටිද්දී ම කර්මාතීත්වීමයි. වර්තමානයේ, මුළු ලොවම පාප පහ තුළ බැඳී තිබෙයි. මෙහි තේරුම පස්පව් සෑම තැන්වල තිබෙන අතර මිනිසුන් හට මේ පස්පව් නම් වූ යක්ෂ බලය දමනය කිරීමට ශක්තිය නොතිබේ. දැන් පරමාත්ම දෙවියන්ම පැමිණ මේ පාපයන් පහෙන් අපව ගලවා, අනාගත ප්‍රතිලාභය වූ දේවතා ස්ථිතිය ලබා ගැනීමට අපට උපකාර කරයි. අච්චා.