08.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ඉගෙනීමට පදනම වන්නේ පාරිශුද්ධත්වයයි. යෝගා බලයෙන් ඔබට තමාව පුරවා ගත හැකි වන්නේ පාරිශුද්ධත්වය ඇති විටෙක පමණි. ඔබ කියනා වචන වලට බලවත් හරයක් එකතු වන්නේ යෝගා බලය ඇති විටෙක පමණි.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබලා විසින් දැරිය යුතු සම්පූර්ණ උත්සාහය කුමක්ද?

පිළිතුර:
තම හිස මත ඇති පාප බර ඉවත් කර ගැනීමට සම්පූර්ණ උත්සාහයක් දරන්න. පියාට අයිති වීමෙන් පසුවත් ඔබ කිසියම් පාපයක් කළා නම් ඔබ පහලටම ඇද වැටේවි. බීකේවරුන්ව අපහාසයට ලක් කරවීමක් හෝ ඔවුනට වෙන කුමන හෝ ආකාරයක අපහසුතාවයක් හෝ ඇති කළහොත් ඔබට මහා බරක් එකතු වෙනවා. එසේ වුවහොත් මේ ඇහුම්කන් දීමෙන් හෝ දැනුම කතා කිරීමෙන් හෝ ඔබට කිසිඳු යහපතක් සිදු වන්නේ නැහැ.

ඕම් ශාන්ති.
අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත් වී පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් බවට ඔබට පත්විය හැක්කේ කෙසේද කියා ආධ්‍යාත්මික පියා දැන් දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දෙනවා. දිව්‍ය ලෝකය කියා හඳුන්වන පාරිශුද්ධ ලෝකය විෂ්ණුගේ දේශය කියාත් ලක්ෂ්මි හා නාරායන්ගේ අධිරාජ්‍යය කියාත් හඳුන්වනවා. විෂ්ණුගේ ස්වරූපය ලක්ෂ්මි හා නාරායන් යන දෙදෙනාගේම ස්වරූපයන් එකට පෙන්වන්නකි. මෙන්න මේ නිසා තමයි ඒ ආකාරයෙන් විස්තර කිරීම කර තිබෙන්නේ. කොහොමනමුත් ඔවුන් විෂ්ණුව වන්දනා කරනා විට, ඔහු කවුද යන්න ඔවුන් දන්නේ නැහැ. ඔවුන් මහා ලක්ෂ්මීවත් වන්දනා කරනවා. නමුත් ඇය කවුද කියාවත් ඔවුන් දන්නේ නැහැ. බාබා දැන් දරුවන් වන ඔබලාට විවිධ ක්‍රම වලින් උගන්වනවා. මෙය හොඳින් උකහා ගන්න. උත්තරතර ජීවය සියල්ල දන්නවා කියා, එනම් අප මොනවා කළත් හොඳ දේ කළත් නරක දේ කළත් ඒ සියල්ල ඔහු දන්නවා යැයි කියා ඇතැම් අය විශ්වාස කරනවා. එයට කියන්නේ අන්ධ වශ්වාසය කියලයි. දෙවියන් ඒ දේවල් ගැන දන්නේ නැහැ. දෙවියන් පාරිශුද්ධකරුයි. අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත් කරවන්නායි කියා දරුවන් දැන් දන්නවා. ඔහු ඔවුන්ව පාරිශුද්ධත්වයට පත් කරවා දව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත් කරවනවා. හොඳින් ඉගෙන ගන්නා අය උසස් තත්ත්වයක් ලබා ගනීවි. නමුත් හැමෝගේම හිතේ තිබෙන්නේ මොනවාද කියා පියා දන්නවා කියා සිතන්න එපා. එය අනුවණකමකි. මිනිසුන් කුමනාකාරයේ ක්‍රියාවක් කළත්, හොඳ කළත් නරක කළත් නාටකයට අනුව ඔවුනට අනිවාර්යෙන්ම එහි ඵලය විඳීමට සිදු වෙනවා. පියාට ඒ දේවල් සමඟ සම්බන්ධතාවයක් නොමැත. බාබා සියල්ලම දන්නවානේ කොහොමත් කියා කවදාවත් සිතන්න එපා. පාපයේ ගැලෙමින් නොනවත්වා පව් කරමින් ඒත් මධ්‍යස්ථාන වලට එන අයත් රාශියක් සිටිනවා. බාබා කොහොමත් ඒ ගැන දන්නවානේ කියා ඔවුන් සිතනවා. කොහොමනමුත් බාබා කියනවා: මම ඒ කාර්යය කරන්නේ නැහැ. ජනීජනන්හාර් යන වචනය ගැන ඔවුන් තුළ ඇති අවබෝධය වැරදියි. උපත් ගණනාවක පව් රැසක් ඔබගේ හිස මත ඇති නිසා පැමිණ අපිරිසිඳු අපව පාරිශුද්ධත්වයට පත් කරවා දිව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත් කරවන්න කියා ඔබ පියාට කන්නලව් කරනවා. මෙම උපතේ පාපයනුත් තිබෙනවා. මෙම උපතේ දී කළ පව් ගැන කිව යුතුයි. ඇතැම් අයට පාරිශුද්ධත්වයට පත් වීම ඉතාමත් අපහසු දෙයක් බවට පත්වන තරමේ පව් ඔවුන් කර තිබෙනවා. ප්‍රධානම දෙය පාරිශුද්ධත්වයට පත් විමයි. ඉගෙනීම ඉතාමත් පහසුයි. නමුත් පාප බර ඉවත් කර ගැනීමට ඔබ උත්සාහයක් දැරිය යුතුයි. ගොඩාක් පව් කරමින් ඒ නිසාම නොයෙකුත් අවැඩ සේවාවන් කරනා අයත් රාශියක් සිටිනවා. ඔවුන් බ්‍රහ්ම කුමාරි ආශ්‍රම අපහසුතාවයන්ට ලක් කිරීමට උත්සාහ කරනවා. එසේ කිරීමෙන් ඔවුන් කර ගන්නේ මහත් පාපයන්. අන් අයට දැනුම දීමෙන් පව් මකා ගන්න බැහැ. පව් නැති කර ගත හැක්කේ යෝගාවෙන් පමණයි. පළමුවෙන්ම යෝගා සඳහා සම්පූර්ණ උත්සාහය දරන්න. ඊතලය හරියට කෙනෙක්ට වදින්නේ එසේ වුවහොත් පමණයි. පළමුව පාරිශුද්ධත්වයට පත් වී යෝගා සම්බන්ධතාවය තිබුණහොත් පමණයි ඔබ කියනා වචනයක බලයක් තිබෙන්නේ. නැතිනම් කොපමණ පැහැදිලි කළත් ඊතලය හරියට වදින්නේ නැහැ. එමනිසා, එය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. උපත් ගණනාවක පාප රාශියක් තිබෙනවා. දැන් කරනා පාප මීට පෙර උපත් වලදී කළ පව් වලට වඩා පාපකාරි වෙනවා. මෙන්න මේ නිසා තමයි කියන්නේ: සත්ගුරු අපහාසයට ලක් කරවන්නන්ට ගමනාන්තයට ලඟා වෙන්න බැහැ කියලා. ඔහු සැබෑ බාබා, සැබෑ ගුරුවරයා හා සැබෑ ගුරු වෙනවා. පියා කියනවා: බ්‍රහ්ම කුමාරින්ලාව අපහාසයට ලක් කරවන්නන්ට එය මහා පාපයක් වෙනවා. පළමුවෙන්ම ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඇතැම් අය අන් අයට කරුණු පහදා දීමට හරිම ආසයි නමුත් එක පැන්සයක් තරම්වත් වටිනා යෝගාවක් ඔවුනට නැහැ. එමනිසා, එහි ඇති ඵලය කුමක්ද? පියා කියනවා: ප්‍රධානම දේ ස්මරණය තුළින් පාරිශුද්ධත්වයට පත් වීමයි. මිනිස්සු පාරිශුද්ධත්වයට පත් වීම සඳහා කන්නලව් කරනවා. භක්ති මාර්ගයේ දී, මිනිස්සු නිකම්ම එහේ මෙහේ යමින් අනවශ්‍ය ශබ්ද නගමින් යාමේ පුරුද්දක් තිබෙනවා. ඔවුන් දෙවියන්ට යාඥා කරනවා. නමුත් දෙවියන්ට කන් නැහැ. කනක් නැතිව කටක් නැතිව ඔහු මොනවාත් අහන්නේවත් කියන්නේවත් කොහොමද? ඔහු අව්යක්ත් (සූක්ෂමයි). ඒ සියල්ල අන්ධ විශ්වාසයයි. වැඩි වැඩියෙන් පියාව සිහිපත් කළ තරමට, ඔබගේ පව් ගෙවී යනු ඇත. බාබා සියල්ල දන්නවායි කියා සිතාගෙන ඉන්න එපා. අහවල් කෙනා ඉතාමත් හොඳින් මා සිහිපත් කරනවා මෙයා නම් එතරම් හොඳින් මා සිහිපත් කරන්නේ නැහැයි කියා ඔහු දන්නවායි කියා සිතන්න එපා. බාබා ඔබට කියා තිබෙනවා: ඔබගේ පාප දුරුවී යන්නේ ස්මරණය තුළින් පමණයි. ඔබ කෙතරම් දුරට ඔහු සිහිපත් කරනවාදැයි කියාත් බාබා අසනවා. මෙය ඔබගේ හැසිරීමෙනුත් පේන්න තිබෙනවා. ස්මරණය මඟින් මිසක් වෙන දෙයකින් පව් නැති කර ගන්න බැහැ. අන් අයට දැනුම දීමෙන් තමාගේත් ඔහුගේත් පව් දුරු වී යනවා යැයි කියා දෙයක් වෙන්නේ නැහැ; නැහැ. ස්මරණයේම සිටීමෙන් පමණයි ඔබගේ පව් දුරු වන්නේ. ප්‍රධානම දේ වන්නේ පාරිශුද්ධත්වයට පත් වීමයි. පියා කියනවා: දැන් ඔබ අයිති මටයි. කිසිදු පාපයක් කරන්න එපා. නැතිනම් ඔබ ආගාධයටම ඇද වැටේවි. එවිට උසස් තත්ත්වයක් දිනා ගැනීම පිළිබඳව ඔබට කිසිදු බලාපොරොත්තුවක් තබා ගන්න බැහැ. ප්‍රදර්ශනයකදී බොහෝ අයට කරුණු පහදා දුන් විට, තමන් මහා ලොකු සේවයක් කළා කියා සිතමින් ඔබ ඉතාමත් සතුටට පත් වෙනවා. කොහොමනමුත්, පියා කියනවා: පළමුවෙන්ම ඔබ අඩුම තරමින් පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. පියාව සිහිපත් කරන්න. බොහෝ අය ස්මරණයේදී පරාජයට පත් වෙනවා. දැනුම ඉතාමත් පහසුයි. ඔබ විසින් දැන ගෙන සිටිය යුත්තේ උපත් 84 චක්‍රය පමණයි. අනිත් ඉගෙනීම් වලදී, ගණිතය ඉගෙන ගැනීම ආදී තවත් නොයෙකුත් උත්සාහයක් දැරිය යුතුයි. ඔවුන් උපයන ආදායම කුමක්ද? ඉගෙන ගන්නා ගමන් කෙනෙක් මරණයට පත් වුණොත් ඒ ඉගෙනීම එතැනින් අවසන් වෙනවා. ඒ ඉගෙනීම ඔබත් සමඟ යන්නේ නැහැ. ස්මරණයේ සිටිනා ගමන් ඔබට දැනුම උකහා ගත හැකියි. ඔබ පාරිශුද්ධත්වයට පත් වීමෙන් තොරව හා පව් මකා ගැනීමෙන් තොරව සිටියහොත් ලොකු දඬුවම් විඳීමට සිදු වෙනවා. ඔබගේ ස්මරණය කොහොමත් බාබා ලඟට යනවානේ කියා සිතන්න එපා. බාබා ඒකෙන් මොනවා කරන්නද? ඔබ බාබාව සිහිපත් කළහොත් පාරිශුද්ධත්වයට පත් වේවි. බාබා මොනවා කරන්නද? බොහොම හොඳයි කියා බාබා ඔබට කියාවි. දරුවන්, තමන් බාබාව නිරන්තරයෙන් සිහිපත් කරනවා යැයි කියා සිතනවා. ඔහු හැරෙන්න වෙන කවුද මට ඉන්නේ කියා ඔවුන් කියනවා: මේ ආකාරයෙන් ඔවුන් සෑම විටම කියන්නේ බොරුමයි. ස්මරණය සඳහා දැඩි උත්සාහයක් දැරිය යුතුයි. තමන් බාබාව සිහිපත් කරනවා ද නැද්ද කියාවත් ඔවුනට තේරෙන්නේ නැහැ. අඥානකමින් ඔවුන් සිතන්නේ, තමන් සැම විටම ස්මරණයේ සිටිනවා කියායි. උත්සාහයක් දැරීමකින් තොරව කිසිදු කෙනෙක්ට ලෝක පාලකයෙක් වෙන්නවත් උසස් තත්ත්වයක් දිනා ගැනීමටවත් හැකි වන්නේ නැහැ. ස්මරණ බලය ඇති විට පමණයි ඔබට හොඳින් සේවය කල හැකි වන්නේ. තමන් කෙතරම් දුරක සේවයක් කර තිබෙනවාද පුරවැසියන් කී දෙනෙක් නිර්මාණය කර ගෙන තිබෙනවා දැයි කියා ඉන් ඔබට තේරුම් ගත හැකි වේවි. එහි ගිණුම තිබිය යුතුයි. මා කී දෙනෙක්ව මා හා සම අය බවට පත්කර තිබෙනවාද? පළමුවෙන්ම පුරවැසියන් නිර්මාණය කර ගන්න. රාජකීය තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ එවිට පමණයි. ඒ කිසිවක් දැන් මේ මොහොත වන විට නැහැ. යෝගාවේ සිටිමින් ඒ බලයෙන් තමාව පුරවා ගත් විට පමණයි ඔබ විදින ඊතලය හරියටම වදින්නේ. මහා භාරත ග්‍රන්ථයේ බිසම්පිතාමි හා ද්‍රෝණාචාර්ය අවසානයේ දී දැනුම ගත්තා කියා සඳහන් කර තිබෙනවා. ජීවයෙන් මුළු අපිරිසිඳුතාවයම ඉවත් කළ විට, හා ජීවය සතෝප්‍රධාන් වුණු විට ජීවය බලවත් වන අතර එවිට ඊතලය හරියටම නියම තැනට වදී. බාබා සියල්ල දන්නවා කියා කවදාවත් සිතන්න එපා. බාබා මොකටද ඒ සියල්ල දැන ගන්නේ? යමක් කළ කෙනෙක්ට එහි ඵලය ලැබෙනවා. බාබා සියල්ල නොබැඳි නිරීක්ෂකයෙක් ලෙස නිරීක්ෂණය කරනවා. ඇතැම් අය බාබාට ලියනවා: බාබා මේ මේ වගේ සේවයක් කිරීමට මම ගියා. බාබා අහනවා: පළමුවෙන්ම ඔබ ස්මරණ වන්දනාවේ ද ඉන්නේ? කළ යුතු පළවෙනිම කාර්යය නම් සෑම කෙනෙකුගෙන්ම වෙන් වී එකම එක පියා සමඟ පමණක් සම්බන්ධ වීමයි. ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. නිවසේම ජීවත් වුනත් මෙම ලෝකය හා ඔබගේ ශරීරය පැරණි එකක් කියා සලකන්න. සියල්ල විනාශ වීමටයි යන්නේ. පියාවත් පියාගේ උරුමයත් ගැන පමණයි අපේ සැලකීමක් තිබෙන්නේ. තම පවුලේ අයත් සමඟ ඉන්න එපා කියා හෝ කා සමඟවත් කතා බහ කරන්න එපා කියාවත් බාබා කියන්නේ නැහැ. ඇතැම් අය බාබාගෙන් අහනවා කාගේ හෝ විවාහ උත්සවයකට තමාට යන්න පුළුවන්ද කියලා. බාබා කියනවා: යන්න පුළුවන් ගිහින් සේවයක් කරන්න. ඔබගේ බුද්ධියේ යෝගාව ශිව බාබා හා සම්බන්ධ වී තිබිය යුතුයි. උපත් ගණනාවක පව් පිලිස්සී යන්නේ ස්මරණ බලයෙන් පමණයි. මෙහිදීත් ඔබ දිගටම පව් කරන්න ගතහොත් සෑහෙන දඬුවම් විඳීමට සිදු වේවි. පාරිශුද්ධත්වයට පත් වෙමින් යන අතරේදී කෙනෙක් පාපයට වැටුණොත් ඔහු මිය යනවා. ඔහු සම්පූර්ණයෙන්ම තැලී යාවි. ශ්‍රීමත් අනුගමනය නොකිරීම නිසා සිදු වන්නේ විශාල හානියක්. සෑම පියවරකටම ශ්‍රීමත් ගත යුතුයි. ඇතැම් අය යෝගා කිරීමටවත් නොහැකි වන ආකාරයේ පව් කරනවා. ඔවුන්ට ඒ ස්මරණයේ සිටිය නොහැකියි. එසේ සිටිනා අය ගිහින් අනිත් අයට කිව්වොත් දෙවියන් පැමිණ සිටිනවා. ඔහුගෙන් උරුමය දිනාගන්න කියා කවුරුවත් ඔහුව විශ්වාස කරනා එකක් නැහැ. ඊතලය ඔවුනට හරියට වදින්නේ නැහැ. බාබා ඔබට කියා තිබෙන්නේ භක්තිවන්තයින්ට දැනුම දෙන්න කියායි, දැනුම අවශ්‍ය නැති අයට දැනුම දෙමින් කාලය නාස්ති කරන්න එපා. ඉන් සිදු වන්නේ තවත් අපහාසයක්. ඇතැම් දරුවන් බාබාගෙන් අහනවා: බාබා, දානය කිරීමේ පුරුද්ද මට තිබෙනවා. දැන් මම ඉන්නේ දැනුම මාර්ගයේ. එසේනම් මා කලයුත්තේ කුමක්ද? බාබා ඔබට උපදෙස් දී කියනවා, දරුවනි, දුප්පත් අයට දන් දෙන අය රාශියක් සිටිනවා දුප්පතුන් සාගතයේ මැරෙන්නේ නැහැ. පූජක සන්යාසීවරුන්ට පවා ගොඩක් සල්ලි තිබෙනවා. එමනිසා, ඔබගේ බුද්ධිය ඒ සියල්ලෙන් ඉවතට ගත යුතුයි. දාන දීම සම්බන්ධයෙන් ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. එවන් ක්‍රියා කරනා අය රාශියක් සිටිනවා. ඒ ගැන අහන්නවත් එපා. ඔවුන්ගේ හිස මත ඇති පාප බර තව තවත් වැඩි වෙමින් යනවා කියන එක ඔවුන් තේරුම් ගන්නේවත් නැහැ. දැනුම් මාර්ගය හුදෙක් විනෝදය හා සෙල්ලම පමණක් නොවෙයි. බාබා සමඟ ධර්මරාජුත් සිටිනවා. ධර්මරාජ්ගෙන් ලොකු දඬුවමක් විඳීමට සිදුවේවි. ධර්මරාජ් අවසාන ගිණුම ගත් විට ඔබට සියල්ල දැන ගැනීමට හැකි වේවි. උපත් ගණනාවක දඬුවම් විඳීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කාසි වලදී බිලි වීම ගැනත් බාබා ඔබට පහදා දී තිබෙනවා. එය අයිති භක්ති මාර්ගයටයි. නමුත් මෙය දැන්මේ මාර්ගයයි. නර බිලි දීමත් නාටකයේ නියමිත වී තිබෙන දෙයක්. ඒ සියල්ල අවබෝධ කර ගත යුතුයි. ඇයි මේ නාටකය නිර්මාණය වුනේ ඇයි අපව චක්‍රයට ගෙන ආවේ කියා අසන්න එපා. සෑම කෙනෙක්ම දිගටම චක්‍රයට පැමිණිය යුතුයි. මෙම නාටකය කල්තබාම තීරණය වූවක්. චක්‍රයට පැමිණියේ නැතිනම් ලෝකයක් තිබෙන එකක් නැහැ. සදාකාලික මුක්තියක් ඇත්තේ නැහැ. ප්‍රධානම කෙනාට පවා සදාකාලික මුක්තියක් ලබන්න බැහැ. වසර 5000 කට පසුව මේ චක්‍රය මේ ලෙසම කැරකේවි. මේක තමයි නාටකය. හුදෙක් පැහැදිලි කිරීමෙන් හෝ දැනුම දීමෙන් පමණක් කිසිම කෙනෙක්ට තත්ත්වයක් දිනා ගන්න බැහැ. පළමුවෙන්ම ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු විය යුතුයි. බාබා සියල්ල දන්නවා කියා සිතන්න එපා. සියල්ල දැන ගැනීමෙන් බාබා මොනවා කරන්න ද? පළමුවෙන්ම, ජීවය වන ඔබ, ශ්‍රීමත් වලට අනුකූල වෙමින් තමන් කරන්නේ මොනවාද කොයිතරම් දුරට තමන් බාබාව සිහිපත් කරනවා ද කියා තමන් දන්නවා. බාබා ඒ සියල්ල ගැන දැන ගැනීමෙන් මොනවා කරන්නද? ඔබ කුමක් කළත් එයට ඵලය ඔබට හිමි වෙනවා. ඔබගේ ක්‍රියාකාරකම් වල හැටියටත් කරනා සේවයේ හැටියටත් හොඳ සේවයක් කරනවාද කියා බාබාට කිව හැකියි. බාබාට අයඅති වීමෙන් පසුවත් අහවල් අහවල් කෙනා පාපකාරී ක්‍රියා කර තිබෙනවා. එමනිසා, ඒ පුද්ගලයා දෙන දැනුමේ කිසිම බලයක් නැහැ. මෙම දැනුමේ අසිපත තුළ ස්මරණයේ තියුණු බව තිබිය යුතුයි. යෝගා බලයෙන් ඔබ මුළු ලෝකයේම ජය ලබනවා. දැනුමින් ඔබ නව ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කර ගන්නවා. පළමුවෙන්ම, පාරිශුද්ධත්වයට පත් වන්න. පාරිශුද්ධත්වයට පත්වීමෙන් තොරව, ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගන්න බැහැ. ඔබ මෙහි පැමිණෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් කෙනෙක් වීමටයි. අපිරිසිඳු අයට නාරායන් වෙන්න බැහැ. පාරිශුද්ධත්වයට පත් වීම සඳහා ඔබ නිවැරදි ක්‍රමය අනුගමනය කල යුතුයි. ඇතැම් අතිවිශේෂ ආදරණීය මධ්‍යස්ථාන බලා කියා ගන්නා දරුවන් පවා මේ සඳහා උත්සාහය දැරිය යුතුයි. ඔවුන් මේ උත්සාහය දරන්නේ නැති නිසා. ඒ ජීවය තුළ එම බලය නැහැ. එවිට විදින ඊතලය හරියට ඉලක්කයට යන්නේ නැහැ. ස්මරණ වන්දනාව එහි නැහැ; ප්‍රදර්ශන වලදී ඔවුන් බොහෝ අයට පහදා දෙනවා. පළමුවෙන්ම, ස්මරණය තුලින් ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. පසුව දැනුම පාරිශුද්ධත්වයට පත්වුණු පසු ඔබට දැනුම උකහා ගත හැකි වෙනවා. අපිරිසිඳු අයට දැනුම උකහා ගත නොහැකියි. ප්‍රධානම විෂය වන්නේ ස්මරණයයි. ලෞකික දැනුමක විෂයන් රාශියක් තිබෙනවා. මිනිසුන් බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් වීම සඳහා ඔබ ලඟට එනවා. බ්‍රහ්ම කුමාරයෙක් හෝ කුමාරි කෙනෙක් බවට නැතිනම් සහේදරයෙක් හෝ සහෝදරියක් බවට පත් වීම නැන්දම්මාගේ ගෙදර යනවා වගේ වැඩක් නොවෙයි. නමට පමණක් ඒ තත්ත්වයට පත් වෙලා වැඩක් නැහැ. දේවතාවරයෙක් වීම සඳහා පළමුවෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. පසුව ඉගෙනීමත් ඇතුල් වෙනවා. පාරිශුද්ධත්වයට පත් නොවී ඉගෙනීම පමණක් කරනවා නම් ඔබට උසස් තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ නැහැ. පාරිශුද්ධ ජීවයක් අවශ්‍යයි. පාරිශුද්ධ ලෝකය තුළ උසස් තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ ඔබ පාරිශුද්ධත්වයට පත් වුණොත් පමණයි. බාබා පාරිශුද්ධත්වය ගැන වඩාත් තදින් අවධාරනය කරනවා. පාරිශුද්ධත්වය රැක ගැනීමෙන් තොරව, ඔබට කාටවත් දැනුම දෙන්න බැහැ. කොහොම නමුත් බාබා කිසිම දෙයක් දිහා බලන්නේ නැහැ. ඔහුම මෙහි අසුන්ගෙන සියල්ල පැහැදිලි කරනවා. භක්ති මාර්ගයේදී මිනිසුන් භක්තියේ ඵල ලබනවා. එයත් නාටකයේම තීරණය වූවක්. ශරීරයකින් තොරව බාබා කතා කරන්නේ කොහොමද? කොහොම ද කවුරුවත් කියනා දේ ඇහුම් කන් දෙන්නේ? ජීවයකට ශරීරයක් තිබුණොත් පමණයි කතා කිරීමටත් ඇසීමටත් හැකි වන්නේ. පියා කියනවා: මට කිසිම ඉන්ද්‍රියක් නැහැ . එමනිසා, මම කොහොමද කවුරුවත් කියන දේ අහන්නේ හෝ දැන ගන්නේ? ඇතැම් අය තමන් පාපයේ ගැලෙනා විට බාබා ඒ ගැන දන්නවා නේ කියා සිතනවා. ඔහු ඒ ගැන දන්නේ නැතිනම් ඔහුට දෙවියන් කියා කියන්නවත් බැහැ කියා සිතනවා. එවන් අය රාශියක් සිටිනවා. පියා කියනවා: මා පැමිණ සිටින්නේ පාරිශුද්ධත්වයේ මාර්ගය ඔබට පෙන්වා දීමටයි. මා සියල්ල නොබැඳි නිරීක්ෂකයෙක් සේ නිරීක්ෂණය කරනවා. කෙනෙක් යෝග්‍ය ද නැද්ද කියා දරුවෙකුගේ හැසිරීමෙන් තේරුම් ගත හැකියි. සේවයේ ඵලය ඔප්පු කර පෙන්විය යුතුයි. තමන් කරනා සෑම දෙයකම ඵලය තමන්ට ලැබෙනා කියන එකත් ඔබ දැන ගත යුතුයි. ශ්‍රීමත් අනුගමනය කළහොත් උසස් විය හැකියි. ශ්‍රීමත් අනුගමනය කළේ නැතිනම් ඔබම අපිරිසිඳු වී පහලට වැටෙනවා. දෙයක් අහන්න ඕනේ නම් පැහැදිලිව ඒ ගැන අහන්න. අන්ධ විශ්වාසය ගැන කතාවක් නැහැ. බාබා ඉතාමත් සරලව කියන්නේ: ස්මරණයේ බලය ඔබට නැතිනම් පාරිශුද්ධත්වයට පත් වන්නේ කොහොමද? ඇතැම් අය මේ උපතේදී පවා පව් කරනවා. ඒ ගැන අහන්නවත් එපා. මේක පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. නමුත් සත්යුගය පින්වත් ජීවයන්ගේ ලෝකයයි. මෙය සංගම යුගයයි. ඇතැම් අය කෙතරම් මෝඩද කියනවා නම් ඔවුන්ට කිසිම දෙයක් තේරුම් ගැනීමටවත් හැකියාවක් නැහැ. ඔවුනට බාබාව සිහිපත් කරන්න බැහැ. පසුව ප්‍රමාද වැඩියි. පිදුරු ගොඩට ගිනි ඇවිලිලා ඉවරයි. ඔවුනට දැන් ආයිත් යෝගාවේ ඉන්න බැහැ. ඒ වෙලාවට වේදනාවේ හැඬීම් ඇසීමට සිදු වේවි. මහා විශාල දුක් කන්දක් පෙරළිමටයි යන්නේ. පියාගෙන් අධිරාජ්‍යය දිනා ගන්නේ කොහොමද කියන එක තමයි ඔබට තිබිය යුතු එකම සැලකිල්ල. ශාරීරික අවධානය අතහැර දමා සේවයේ නිරත වන්න. යහපත් වන්න. මුදල් අපතේ හරින්න එපා. ලැබීමට සුදුසු නැති අපිරිසිඳු අයට කවදාවත් දාන දෙන්න එපා. දුන්නොත් දෙන කෙනාටත් ඒක බරක්. දෙවියන් ඇවිත් දෙවියන් ඇවිත් කිය කියා අණබෙර ගහන්න අවශ්‍ය නැහැ. තමන්ව දෙවියන් කියා හදුන්වා ගන්නා මිනිස්සු රාශියක් භාරතයේ සිටිනවා. කවුරුත් ඔබව විශ්වාස කරනා එකක් නැහැ. තමන්ට දැන් ආලෝකය ලැබී ඇති බව ඔබ දන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බෙහෝ කාලයක් තිසේසේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉගෙනගන්නවාත් සමඟම ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයටත් පත් විය යුතුයි. ඉතාමත් යෝග්‍ය හා කීකරු දරුවෙක් බවට පත් වී කරනා සේවයේ ඵලය ඔප්පු කර පෙන්වන්න. ශ්‍රීමත් අනුගමනය කර තමාව උසස් කරගන්න.

2. ඔබගේ මුදල් අපතේ නොහරින්න. අපිරිසිඳු අයට කිසි විටෙක දන් නොදෙන්න. යෝග්‍ය අයට පමණක් දැනුමේ ධනය දානය කරන්න.

වරදානය:
ඔබ සේවයෙහි සහ ඔබේ සබඳතාවන් තුළ තමාව හසුරුවා ගැනීමේ විශේෂතාවයෙන් සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

තමන්ව හසුරවා ගැනීමේ විශේෂතාවය ඇති දරුවන් පහසුවෙන් ස්වර්ණම යුගී තත්ත්වයට ලඟා වෙති. කාලය අනූව ඔබේ ධාරණය අනාවරණය කිරීම පිණිස ඔබ තමාව හසුරවා ගන්නට සිදු වෙයි. තමන් විසින්ම හසුරවා ගත්තන් නියම රත්රන් වේ. ඔබ සකාර් බාබාගේ විශේෂතා දුටුවා: කාලය කෙසේ වේද පුද්ගලයාත් එසේ වේ. එලෙසින්ම පියාව අනුගමනය කරන්න. එවිට පහසුවෙන් සේවයෙහි සහ ඔබේ සබඳතාවන් හි සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පත් වෙනවා ඇත.

පාඨය:
ඔබට සියලු බලයන් තිබේ ද, එවිට බාධක රහිත සාර්ථකත්වය ඔබ සතු වේ.