08.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥානය සහ යෝගාව නම් වූ සැබෑ සැරසිලි වලින් ඔබව අලංකාර කිරීමට පරම පියා පැමිණ සිටියි. ශරීර අවධානයයි මෙම අලංකාරය නැති කරන්නේ. එබැවින් ශරීර වලින් ඔබේ ඇලීම ඉවත් කරන්න.

ප්‍රශ්නය:
ඥාන මාර්ගයේ අධික උස ඇති ඉනිමඟ දිගේ නැඟිය හැක්කේ කා හටද?

පිළිතුර:
පරම පියාට පමණක් සත්‍ය සෙනෙහස ඇති, තම ශරීරයට හෝ අන් ශරීර වලට කිසිම ඇලීමක් නොමැති, කිසිදා කිසිවෙකුගේ නම හෝ රූපයට යට නොවූ එවන් දරුවන්ට පමණක් ඥාන මාර්ගයේ දුෂ්කර ඉනිමග දිගේ නැඟිය හැකි අතර හදවතේ එකම එක පියාට පමණක් සෙනෙහස ඇත්තන්ගේ සියලු ආශා ද ඉටු වනු ඇත. නම සහ රූපයෙහි පැටලෙන රෝගය ඉතා බරපතලයි. එබැවින් බාප්දාදා ඔබට අනතුරු හඟවනවා:දරුවනි, එක් එක්කෙනාගේ නාම රූපයනට වහල් වීමෙන් ඔබේ ස්ථිතිය විනාශ නොකරගන්න.

ගීතය:
ඔබ හමුවීමෙන් අපට මුළු ලොවම හමුවුණා: අහස, පොළව සැමෙකක්ම අපට අයිති වුණා!

ඕම් ශාන්ති.
සුමිහිරිතම දරුවනි, මෙම ගීතයේ අර්ථය ඔබ හොඳාකාරව වටහා ගත්තා. එහෙම නැතත්, බාබා සෑම පදයකම තේරුම කියා දෙනවා. මේ විදියට ඔය දරුවන්ගේ කටවල් ඇරෙන්න පුළුවනි. එහි තේරුම ඉතා පහසු එකකි. දැන් ඔය දරුවන් පමණයි පරම පියාව දන්නේ. ඔබ කවුරුද? බ්‍රහමින්වරු. මුළු ලොවම ශිව කුලයට අයිතියි. දැන් ඔහු නව නිර්මාණයක් නිර්මාණය කරනවා. ඔහු ඉදිරියේ ඔබ පුද්ගලිකවම සිටිනවා. ඔබ බ්‍රහමින්වරු මුළු ලොවේ ස්වාධිපත්‍යය අසීමිත පියා වෙතින් මා තුළින් ලබන බව දන්නවා. එය හුදෙක් අහස පමණක් නොව එහි යට තිබෙන මුළු ලොවමත්. එහි සාගරය සහ ගංගාවන් පවා අඩංගු වේ. බාබා අප ඔබෙන් මුළු ලොවේ ස්වාධිපත්‍යය ලබා ගන්නවා. අප උත්සාහ කරනවා. අප සෑම චක්‍රයේදීම බබාගෙන් අපගේ උරුමය ලබා ගන්නවා. අප පාලනය කරන සමයේ සමස්ථ ලොව මතම භාරත ජනතාවගේ අධිරාජ්‍යයයි පැවතෙන්නේ. එකල වෙන කිසිවෙකු එහි නොසිටී. චන්ද්‍ර වංශිකයින්ද නොසිටී. එහි ලක්‍ෂමී සහ නාරායනගේ සුර්ය වංශ රාජධානිය පමණයි තිබෙන්නේ. ඉතිරි සියලු දෙනාම පැමිණෙන්නේ පසුවයි. ඔබ මෙය දැනගන්නේ මේ කාලයේදී පමණයි. එහි දී ඔබ මේ කිසිවක් නොදැන සිටී: එහිදී ඔබට කවුරු වෙතින් ඔබේ උරුමයන් ලැබුණේ ද කියාවත් ඔබ නොදැන සිටී. ඔබට එය ලැබුණේ යම් කෙනෙකුගෙන් නම්, එවිට ඔබ එය ලබාගත්තේ කොහොමද යන ප්‍රශ්නයත් පැන නැඟෙනවා. ඔබට මුළු ලෝක චක්‍රය පිළිබඳ ඥානය ඇත්තේ මේ කාලයේදී පමණි. පසුව එය අතුරුදහන් වේවි. දැන් අසීමිත පියා පැමිණ සිටින බව ඔබ දනී. ඔහුට ගීතාවේ දෙවියන් කියති. භක්ති මාර්ගයේ ඔවුන් සියලු ග්‍රන්ථයන් හී මිණිමුතුව වූ ගීතාවට මුලින් සවන් දෙති. ගීතාව හා සම්බන්ධ භගවද් එසේම මහාභාරතය ද ඇත. දිගු කාලයකට පසුවයි භක්තිය ඇරඹෙන්නේ. කෙමෙන් කෙමෙන් කෝවිල් සෑදෙනවා. ග්‍රන්ථ ලියැවෙනවා. එයට වසර 300 සිට 400ක කාලයක් ගත වේ. ඔබ දැන් පුද්ගලිකවම පරම පියාට සවන් දෙමින් සිටිනවා. ඔබ දන්නවා පරමාත්මය වූ උත්තරීතර පියා, ශිව් බාබා බ්‍රහ්මාගේ ශරීරය තුළට පිවිස ඇති බව. අප යළිත් වරක් ඔහුගේ දරුවන්, බ්‍රහමින් වී සිටින බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේදී, ඔබ යළිත් වරක් චන්ද්‍රවංශිකයන් වීමට යන බව ඔබ නොදැන සිටී. පරම පියා දැන් ඔබට මුළු චක්‍රයම ගැන පැහැදිලි කරමින් සිටිනවා. සමස්ථ ලොවේම මුල, මැද සහ අග ගැන පරම පියා දනී. ජනීජනන්හාර් (සියල්ල දත්තා) සහ ඥානවන්ත කෙනා යැයි කියන්නේ ඔහුටයි. ඔහුට තිබෙන ඥාතය කුමක්ද කියා කිසිවෙකු නොදනී. සරළව කියන්නේ දෙවි පියාණන් ඥානයෙන් පිරි සිටින්නා කියාය. ඔවුන්ගේ විශ්වාසය දෙවියන් සෑම කෙනෙකුගේම හදවතෙහි තිබෙන දේ දන්නවා කියායි. ඔබ දන්නවා ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කරමින් සිටින බව. පරම පියා කියයි:නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබ අඩ කල්පයම ඔහු සිහිපත් කරමිනුයි සිටියේ. ඔබට දැන් ඥානය ලැබෙනවා. එමනිසා, ඔබ භක්ති කිරීම නැවැත්වුවා. දහවල ස්වර්ණමය යුගයත්, රාත්‍රිය යකඩ යුගයත් වේ. ඔබේ පා අපාය දෙසටත් ඔබේ මුහුණ දිව්‍යලෝකය දෙසටත් ඇත. ඔබ ඔබේ දෙමාපිය නිවසට යනවා. පසුව ඔබේ පතිකුලයේ නිවසට යනවා. ශිව් බාබා, ආදරවන්තයා මෙහි එන්නේ ඔබව අලංකාර කිරීමටයි. මන්ද, ඔබේ අලංකාරයන් සියල්ල නාස්ති වී ඇත. ඔබ අපිරිසිදු වූ විට ඔබේ අලංකාරය නාස්ති වේ. සෑම කෙනෙක්ම පාහේ දැන් අපිරිසිදු, පාපතර සහ පහත් වී සිටිති. ඔබ දැන් පරම පියා මගින් මනුෂ්‍යයාගෙන් දේවතාවරු බවට වෙනස් වෙමින් සිටිනවා. ගුණදම් රහිත බවෙන් දැන් ඔබ ගුණවත් වෙමින් සිටිනවා. ඔබ දැන් පරම පියා සිහිපත් කිරීම මගින් සහ මෙය වටහා ගැනීමෙන් ඔබ මොනම පාපයක් වත් නොකරන බව දන්නවා. ඔබ තමෝප්‍රධාන් කිසිවක් අනුභව නොකරන බවත් ඔබ දන්නවා. මිනිස්සු වන්දනා ගමන් යනවිට ඇතැම් දේවල් අත්හරිති: ඇතැම් අය වම්බටුත් තවත් අය මස් මාළුත් අත්අරිති. මෙහි ඔබ පස්පව් දානය කර ඇත. සියල්ලටම වඩා නරකම දේ ශරීර අවධානයයි. ඔබ නැවත නැවත ශරීර වලටම ඇල්ම දක්වනවා. පරම පියා කියයි: දරුවනි, එම ශරීර වලට ඇති ඇල්ම ඉවත් කරන්න. ශරීරයට තිබෙන ඇලීම ඉවත් නොවුණොත් වෙනත් ශරීර ධාරින් කෙරෙහිත් ඇල්ම ඇතිවෙයි. පරම පියා කියන්නේ: දරුවනි, ඒකායන තැනැත්තා වෙත පමණක් සෙනෙහස තබාගන්න. අන් අයගේ නමට හෝ රූපයට හසු නොවන්න. එම ගීතයේ අර්ථය ඔබට බාබාත් පැහැදිලි කර දී ඇත. ඔබ නැවතත් වරක් අසීමිත පියාගෙන් අසීමිත දිව්‍යලෝක ස්වාධිපත්‍යය ලබාගන්නවා. අපගෙන් මේ ස්වාධිපත්‍යය කිසිවෙකුටත් උදුරාගන්න බැහැ. එහි වෙන කිසිවෙකුත් නැහැ. ඔවුන් කෙසේ උදුරන්නද? දැන් ඔය දරුවන් ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. මතක තබාගන්න. ශ්‍රීමත් අනුගමනය නොකර කිසිදා ඔබට උසස් තත්වයක් ලබාගත නොහැකි වේ. ශ්‍රීමත් නිසැකවම ලබාගත යුත්තේ භෞතික කෙනා මාර්ගයෙනි. එය ආනුභාවයකින් නොලැබෙයි. ඇතැම් අයට තමත් ශිව් බබාගෙන් ආනුභාවයෙන් ලැබෙනවා කියා සිතන අහංකාරය ඇත. එය ආනුභාවයක් නම් ඔහු එය භක්ති මාර්ගයේදී මන්මනභව් වීමට ආනුභාවය නොදුන්නේ ඇයි? මෙහිදී ඔහු ශරීරධාරියෙකු තුළ පිවිසීමෙනුයි අපට පැහැදිලි කරන්නේ. මේ ශරීරධාරියා නැතිව ඔහු අපට උපදෙස් දෙන්නේ කෙසේද? බොහෝ දරුවන් බ්‍රහ්ම පියා සමග විරසක වී කියන්නේ:කොහොම වුණත්, අප අයිති ශිව බාබාටයි. ඔබ දන්නවාද ශිව් බාබා ඔබව බ්‍රහමින් බවට පත් කරවන්නේ බ්‍රහ්මා තුළිනුයි. මුලින්ම ඔබ ඔහුගේ දරුවන් වී අනතුරුව ඔබේ සීයාගේ උරුමය ලබන්නේ මොහු තුළින් යන අවබෝධය ලබයි. දාදා (සීයා, ශිව් බාබා) ඔබව බ්‍රහ්මා තුළින් ඔහුට අයිති කර ගන්නවා. ඔහු අපට උගන්වයි. (ගීතය: බාබාට ආදරය කිරීමෙන් අපගේ සියලු ආශා ඉටුවිය.) ඉතාමත් ගැඹුරු සෙනෙහසක් තිබෙන්න ඕන. ඔබ සියලු ජීවාත්මයන් පරමාත්ම ගේ ආදරවන්තියන් වී සිටිනවා. ළමා කාලයේ දරුවන් තම පියාට සෙනෙහස දක්වති. ඔබ බාබා සිහිපත් කළොත් ඔබේ උරුමය ඔබට ලැබේ. දරුවන් ලොකු වනවිට ඔවුන්ට සියල්ල වැටහේ. ඔබ ජීවාත්මයන් සැවොම අසීමිත පියාගේ දරුවන් වේ. ඔබ පරම පියාගෙත් ඔබේ උරුමය ලබනවා. ඔබව ජීවාත්මයන් යැයි සලකා පරමාත්ම පියා ස්මරණය කරන්න. ඔබ පරමාත්මයගේ ආදරවන්තිය වූ විට ඔබේ සියලු උරුම ඔබ ලබයි. ආදරවන්තියන් තම ආදරවන්තයන් සිහිපත් කරන්නේ හදවතෙහි කුමක් හෝ ආශාවක් ඇතිවයි. දරුවන් තම පියා සිහිපත් කරන්නේ ඔවුන්ගේ උරුමය සඳහායි. ඔවුන් තම පියා සිහිපත් කරන්නේ ඔහුගේ දේපළ වෙනුවෙනි. එය සීමිත දේවල්. මෙහිදී ජීවාත්ම සියල්ලන්ම සැමගේ ප්‍රියතමයා වූ පරමාත්ම ගේ ආදරවන්තියන් වී සිටිනවා. ඔබ බාබාගෙන් ලෝක ස්වාධිපත්‍යය ලබමින් සිටින බව ඔබ දන්නවා. එහි තුළසියල්ල අන්තර්ගත වෙනවා. බෙදුම් වැනි ප්‍රශ්නයක් එහි නැත. අනුක්‍රමිකව තනතුරු ඇත. සෑම කෙනෙක්ම උසස් තත්වයක් ලබන්නට උත්සාහ කරනවා. දිව්‍යලෝකයේ උසස් තනතුරක් ලබන්නට ඔබ මමා සහ බාබා අනුගමනය කරන්න ඕන. ඔබ උරුමකරුවන් විය නොයුත්තේ ඇයි? භාරතයටයි මාතෘ පිතෘ භූමිය යැයි කියා ඇත්තේ. එබැවින් අනිවාර්යයෙන්ම පියෙකු ද සිටිය යුතුයි. දෙදෙනාම අවැසියි. මෙකල ඔවුන් වන්දේ මාතරම් කියති. මන්ද, භාරතයයි අවිනාශ් භූමිය. මෙහි තමයි උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පැමිණෙන්නේ. එබැවින්, භාරතය ශ්‍රේෂ්ඨ වන්දනා ස්ථානයක් වේ. එමනිසා, මුළු මහත් භාරතයම වන්දනීය වේ. කෙසේ වෙතත්, කිසිවෙකුටත් මෙම ඥානය නැත. පිවිතුරු අය තමයි පූජිත වන්නේ. පරම පියා කියයි: මව්වරුන්ට නමස්කාරය. ඔබ ශිව ශක්ති තමයි භාරතය දිව්‍යලෝකය කළේ. කවුරුත් කැමැතියි තමන්ගේ ජන්ම භූමියට. එබැවින් අති උසස් පියා ඇවිත් සෑම දෙනාවම පාරිශුද්ධ කරන උසස්ම දේශයයි මේ භාරතය. අපවිත්‍ර අයව පිවිතුරු කරවන්නේ ඒකායන පියායි. දේශය ආදිය නොවෙයි කිසිවක් කරන්නේ. ඒකායන පියා පමණයි සියල්ලන්වම පාරිශුද්ධ කරන්නේ. ඔහු තමයි මෙහි එන්නේ. භාරතයේ ප්‍රශංසාව අති උතුම් වේ. භාරතය චිරස්ථායි භූමියයි. එය කිසිදා විනාශ නොවන්නකි. පරමාත්ම දෙවියන් භාරතයට පැමිණ භාග්‍ය රථය සහ නන්දිගන් යන නමින් හඳුන්වනු ලබන ශරීරය තුළට ඇතුල් වෙනවා. නන්දිගන් යන නාමය ඇසූ පමණින් ඔවුන් ගොනෙක් එතැනට දැමුවා. සෑම චක්‍රයේම පරම පියා බ්‍රහ්මාගේ ශරීරයට පිවිසෙන බව ඔබ දන්නවා. ඇත්තෙන්ම දිගු කේෂ කලාපයක් ඇති. රාජ රිෂීවරු ඔබ වේ. රිෂීවරු සැමවිටම පාරිශුද්ධව සිටිති. ඔබ රාජ රිෂීවරු මෙන්ම ඔබේ නිවෙස් රැකබලා ගන්නත් ඕන. ඔබ කෙමෙන් දිගටම පිවිතුරු වෙනවා. ඒ මිනිස්සු ක්ෂණිකව පිවිතුරු වන්නේ ඔවුන්ගේ පවුල් සහ නිවෙස් අත් හළ නිසායි. ඔබ ඔබේ පවුලේ අය සමඟ ජීවත් වෙමින් පිවිතුරු වෙන්න ඕන. එහි වෙනසක් ඇත. ඔබ මෙම පැරණි ලොවේ ඉඳිමින් ඔබේ නව ලොවේ ප්‍රාප්තිය ලබමින් සිටිනවා. පරම පියා කියයි: සුමිහිරිතම දරුවනි, මෙම ඥානය ඇත්තේ අනාගතය සඳහායි. නව ලොව වෙනුවෙනුයි ඔබ උත්සාහ දරන්නේ. එමනිසා, පරම පියාව ඔබ කොයිතරම් සිහිපත් කළ යුතුද! බොහෝ අය එක එක්කෙනාගේ නම සහ රූපයට අසුවී සිටිනවා. ඔවුන් ශිව් බාබා සිහිකරන්නේ ම නැත. ඔවුන් දිගටම සිහිපත් කරන්නේ තමන් ප්‍රිය කරන අයවයි. ඔවුන්ට මේ ඉනිමග නැඟිය නොහැකියි. ඔවුන් නාම රූප වලට වහල් වන රෝගයට ගොදුරුවී සිටිති. බාබා ඔබට අවවාද කරයි: එකිනෙකාගේ නාම රූප වලට අසුවන්නේ නම් ඔබේ උසස් තනතුර ඔබ නැති කරගනී. අන් අය ඉන් වාසි ලබාගත්තත් ඔබට වාසියක් කොහෙත්ම නැත. ඔබ ඔබටම පාඩු කරගනී. (පණ්ඩිතයකුගේ උදාහරණයක් ඇත). බොහෝ අය නාම රූප වලට අසු වී මියැදේ. (ගීතයක්.) ඔබ දරුවන් දන්නවා දැන් අඩ කල්පයක්ම බොහෝ අසතුට ඉවසා සිටියා. බොහෝ දුක වාවාගෙන සිටියා. එම දුක දැන් ඉවත් වී ගොස් සතුටේ රසදිය ඉහළ යමින් ඇත. ඒ සියලු දුක දැක දැක ඔබ සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වූවා. ඔබේ සතුටුදායක දිනයන් දැන් එන නිසා ඔබ ප්‍රීතියෙන් සිටිනවා: ඔබ සතුටු දේශයට යනවා. ඔබේ දුක් සහිත දිනයන් දැන් අහවරයි. එබැවින් සතුටු දේශයේ උසස් තතතුරක් ලබන්නට ඔබ උත්සාහ කළ යුතුයි. මිනිස්සු ඉගෙන ගන්නේ සතුට සඳහායි. ඔබ අනාගත ලොවේ හිමිකරුවන් වන බව ඔබ දන්නවා. ඔබ බාබාට ලියයි: අප නිසැකවම ඔබෙන් සම්පූර්ණ උරුමය ලබා ගන්නවා. එනම්, අප සුර්යවංශ අධිරාජ්‍යයෙහි උසස් පදවියක් ලබා ගන්නවා. ඔබ කරන උත්සාහයෙහි පූර්ණ විශ්වාසය ඔබ තබාගන්න ඕන. (ගීතයක්.) දෙව්ලොව සතුට වෙනුවෙන් බලපොරොත්තුවේ පහත දැන් දැල්වී ඇත. පහන නිවී ගියොත් එහි දුකම පමණයි තිබෙන්නේ. පරමාත්ම දෙවියන් පවසයි: ඔබේ සියලු දුක් කරදර ඉවත් වෙන්නයි යන්නේ. ඔබේ සතුටුදායක කාලය දැන් උදාවෙන්නයි යන්නේ. පරම පියාගෙන් ඔබේ සම්පූර්ණ උරුමය ලබන්නට ඔබ උත්සාහ කරන්න ඕන. ඔබ දැන් ලබාගන්නා දේ කුමක් වුවත් ඒ ප්‍රමාණයට උරුමය සෑම චක්‍රයේම ඔබ ලබන බව ඔබට වටහා ගන්න පුළුවන්. කොපමණ දෙනෙකුට මාර්ගය පෙන්වාදී ඇත්ද කියා ඔබ සෑම කෙනෙකුටම වටහා ගන්න පුළුවන්. බාබා කියයි: ඔබ සූර්ය වංශයෙහි නොම්මර එකේ පුණ්‍යාත්මයන් වෙන්න ඕන. අන්ධයින්ට සැරයටි බවට පත් වන්න! සෑම තැන්වලම පුවරු මත ප්‍රශ්නමාලා දැමිය යුතුයි. ඔබ ඒකායන පරම පියාව අනාවරණය කරන්න ඕන. ඔහු සැමගේ පියා වේ. පරම පියා බ්‍රහමින්වරු නිර්මාණය කරන්නේ බ්‍රහ්මා තුළිනුයි. ඔබ බ්‍රහමින්වරුන්ගෙන් දෙවි දේවතාවන් බවට පත්වෙනවා. ඔබ ශුද්‍රයින් වී සිටියේ. දැන් බ්‍රහමින්වරු වී සිටිනවා. බ්‍රහමින්වරු හිසකුඩුම්බි වනවා. පසුව දේවතාවන් වනවා. බ්‍රහමින්වරුන්ට උසස් වීමේ ස්ථිති තිබෙනවා. ඔබ බ්‍රහමින්වරු තමයි භාරතය දිව්‍යලෝකයක් කරවන්නේ. දෙපාත් හිස කුඩුම්බියත්: ඔබ කරණමක් ගැසූ විට දෙකම එකට එක්වෙයි. පරම පියා හොඳාකාරවම පැහැදිලි කරනවා. විනාශය සිදුවන විට ඔබේ අධිරාජ්‍යය ස්ථාපනය වී ඇති බව ඔබට වැටහේවි. එවිට ඔබ සියලුම ශරීර අත්හැර අමරණීය දේශයට යනවා ඇත. මෙය මරණ භූමියයි. (ගීතයක්.) සෙනෙහස තිබෙන්නේ කවදා සිටද? දිර්ඝ කාලයක් සෙනෙහසින් සිටි අය. උසස් තත්වයක් ලබනවා හෝ සෙනෙහස දැන් වඩවා ගත් අය පහත් තත්ත්වයක් ලබනවා කියා දෙයක් නොවෙයි එහි තේරුම. නැහැ. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි. පැරණි අයට වඩා අළුත් අය ඉදිරියට ගොස් තිබෙන බව පෙනෙනවා. මන්ද, ඔවුන් දකිනවා ඉතිරිව ඇත්තේ ඉතාමත් ස්වල්ප කාලයක් කියා. එමනිසා. ඔවුන් උත්සාහ කරන්න පටන් ගත්තා. ඉතාමත් පහසු කරුණු ඔබට නොකඩවා ලැබෙයි. පරම පියාගේ හැඳින්වීම ලබා දී අසන්න: කවුද ගීතාවේ දෙවියන්: ශිවාද, ක්‍රිෂ්ණාද? ඔහු නිර්මාපකයා වේ. මොහු නිර්මාණයයි. එබැවින් නිශ්චිත වශයෙන්ම නිර්මාපකයා තමයි දෙවියන් වන්නේ. යාගහෝම පැවැත්වීම, තපස් රැකීම සහ ග්‍රන්ථ ආදිය කියවීම මගින් දිගටම ඔවුන් පහළට ආ බව ඔප්පු කරන්න. පරමාත්ම දෙවියන් කියනවා කියා පැහැදිලි කරන විට කිසිවෙකු කෝප නොවනවා ඇත. භක්තිය අඩ කල්පයක් පැවතේ. භක්තිය රාත්‍රියයි. ඉහළ නඟින සහ පහළ බසින ස්ථිති ඇත. සෑම කෙනෙක්ම සත්ගතියට යන්නේ මුක්තිය හරහායි. මෙය පැහැදිලි කරන්න ඕන දෙයක්. ඔබ ඉතාමත් සරළ අන්දමින් පැහැදිලි කරන විට මිනිසුන්ට සතුටක් දැනේ. බාබා අපව එලෙස පත්කරවනවා. එම ජීවාත්මයට අත්තටු ලැබෙනවා. බරින් සිටි ජීවාත්මය සැහැල්ලු බවට පත්වෙයි. ඔබේ ශරීර අවධානය අත්හැරීම මගින් ඔබ සැහැල්ලු වෙයි. ඔබ කොපමණ දුර ඇවිද්දත් එය පරම පියාගේ ස්මරණයෙන් නම්, ඔබට කිසිවිට වෙහෙස නොදැනේ. මේ ක්‍රමවේද ඔබට බාබා පෙන්වා දෙනවා. ඔබේ ශරීර අවධානය අත්හැරීම මගින් ඔබ නොකඩවා සුළඟ මෙන් පියාසර කරයි. අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශරීර අවධානයෙන් කිසිවිට බුම්මා ගන්න එපා. පරම පියාගේ උපදෙස් භෞතික කෙනා මාර්ගයෙන් අරගන්න. එක් ආදරවන්ත දෙවියන්ගේ සත්‍ය ආදරවන්තියන් වන්න.

2. ඔබේ ගෙදර සහ පවුලේ අයව රැකබලා ගන්නා අතර රාජ රිෂිවරයින් බවට පත්වන්න. සතුටු දේශයට යාමට ගැඹුරු ආශාවක් තබාගන්න. එසේම එය අත්කර ගැනීමේ උත්සාහයට ගැඹුරු සෙනෙහසක් තබාගන්න.

වරදානය:
ඔබේ බුද්ධියෙහි විශ්වාසය ඇතිව ජයග්‍රාහී ජීවාත්මයක් සේ මායාගේ ලොකු අවස්ථා පවා කුඩා කිරීම මගින් ජය ගනිත්වා.

ලොකු දෙයක් කුඩා කිරීම හෝ කුඩා දෙයක් ලොකු කිරීම තිබෙන්නේ ඔබේම අතේය. යම් කුඩා දෙයක් ද ලොකු කිරීම ඇතැම් මිනිසුන්ගේ ස්වභාවයයි. එහෙත් වෙනත් අය ලොකු දේවල් කුඩා කරති. එමනිසා, ඔබ ඉදිරියට මායාගේ කොයිතරම් ලොකු අවස්ථාවක් ආවත්, ඊට වඩා ලොකු වන්නට ඔබට හැකි වේ. එවිට එම දෙය කුඩා බවට පත්වේවි. ඔබේ මුල්ම අවදියෙහි ඉඳීම මගින් ලොකු අවස්ථාවල් පවා කුඩාවට දිස්වේවි. එසේම ඔබට ඒවා ජයගන්නත් පහසු වේවි. නියම වේලාවට, ඔබ සෑම චක්‍රයේම ජයග්‍රාහකයෙක් බව සිහි තබාගන්න. මෙම විශ්වාසයෙන් සිටින විට ඔබ ජයග්‍රාහීත් වේවි.

පාඨය:
වරයන් ප්‍රදානය කරන්නා ඔබේ සත්‍ය සහකරුවා කරගත් විට ඔබේ ඒප්‍රනය වරයන්ගෙන් පිරි එකක් වේවි.