08.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ අත ඔබගේ හදවත මත තබා ඔබගෙන්ම අහන්න: බාබා විසින් මට පැහැදිලි කරනා සෑම දෙයක්ම මම මිට පෙර දැනගෙන සිටියාද? දැන් ඔබට ඇහෙන්න ලැබෙන දේවල අරුත තේරුම් ගෙන සතුටින් සිටින්න.

ප්‍රශ්නය:
ඔබගේ බ්‍රාහ්මණ ධර්මයේ ලොකුම ශක්තිය කුමක්ද? ඒ කෙසේද?

පිළිතුර:
ඔබගේ බ්‍රාහ්මණ ධර්මය එමගින් ලැබෙනා ශ්‍රීමත් මඟින් මුළු ලොකයටම මුක්තිය ලබා දෙන ආකාරයේ දෙයක් වේ. මුළු ලෝකයම සාමකාමි කරවන්නේ බ්‍රහ්මණ්වරුනුයි. බ්‍රහ්මීණ් වංශයේ අලංකාරය වන ඔබලා දේවතා වරුන්ටත් වඩා උතුම් අය වෙති. මෙම ශක්තිය පරමාත්ම පියාගෙන් ඔබට ලැබෙයි ඔය බ්‍රහ්මීණ්වරුන් පරමාත්ම පියාගේ සහායකයින් වි ලෝකුම ත්‍යාගය ලබති. ඔබලා බ්‍රහ්මාණ්ඩයේ පාලකවරුන් වෙනවා නොවේ මුළු ලෝකයේම පාලකවරුන් වේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට ඔය ආදරණීය ආධ්‍යාත්මික බොහෝ කාලයක් තිස්සේ නැති වි සිට මේ දැන් හමුවුනු දරුවන් අමතා කතා කරයි. ආධ්‍යාත්මික පියා අනිවාර්යයෙන්ම පැමිණෙන්නේ වසර 5000 කට එකම එක වරක් බව ඔබ ආධ්‍යාත්මික දරුවන් දන්නවා. චක්‍රය යන නම භාවිතා කළ යුතුයි. මෙම නාටකයේ එනම් ලෝක චක්‍රයේ කාල ප්‍රමාණය වසර 5000 කි. මේ දේවල් පැහැදිලි කර කියා දෙන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. මිනිසෙකුගේ කටින් මේ දේවල් අහන්න ලැබෙන්නේ නැහැ. මෙහි අසුන්ගෙන සිටිනා ඔය ආධ්‍යාත්මික දරුවන් ඔය සෑම ජීවාත්මක සත්තාවකම ආධ්‍යාත්මික පියා වන්නේ ඒ එකම එක කෙනා බව දනිති. කිසිම කෙනෙක් දන්නේ නැති පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට තම හැඳින්වීම ලබා දෙනවා. පරමාත්ම දෙවියන් හෝ ඊෂ්වර යනු කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම දෙවි පියාණන් කියා අමතන නිසා ඔහු කෙරෙහි මහත් සෙනෙහසක් ඔවුන් තුළ තිබෙනවා විය යුතුයි. ඔහු අසීමිත පියායි. ඉතින් අනිවාර්යයෙන්ම ඔබට ඔහුගෙන් උරුමය හිමි වෙනවා ඇති. ඉංග්‍රීසි බසින් ඉතාමත් හොඳ වචන කිහිපයක් භාවිතා වෙනවා. "Heavenly God, the Father". නව ලෝකය දෙව්ලොව කියලත් පැරණි ලෝකය අපාය කියලත් හඳුන්වනවා. කෙසේ වෙතත් කිසිම කෙනෙක් දෙව්ලො ගැන දන්නේ නැහැ. සන්නාසිවරුන් ඒ ගැන ව්ශ්වාස කරන්නේ නැහැ. දෙව්ලොව නිර්මාණකරු පරමාත්ම පියායි කියා ඔවුන් කවදාවත් කියන්නේ නැහැ. දෙව්ලොව දෙව් පියාණන් යන ආමන්ත්‍රණය ඉතාමත් ආදරණීය ආමන්ත්‍රරණය වන අතර දෙව්ලොව කවුරුත් දන්නා තැනක්. දෙව්ලොව හා අපාය, ලෝකයේ මුල, මැද හා අග යන සියල්ලම ඔය දරුවන්ගේ සිහියේ රැව් දෙනවා. එනම් සේවයට ලැදි දරුවනගේ බුද්ධියේ මෙම කරුණු රැව් පිළිරැව් දෙනවා. සෑම කෙනෙක්ම එකම තරමින් සේවයට හැකියාව ඇති අය වෙන්නේ නැහැ. ඔබ නැවතත් වතාවක් ඔබගේ රාජධානිය ස්ථාපනය කරනවා. අපි ආධ්‍යාත්මික දරුවන් පරමාත්ම පියාගේ උසස් උපදෙස් පිළිපදිනවා කියා ඔබලා කියනවා. ඒ ඉහළම ඉහළ පියාගේ ශ්‍රීමත්ය. ශ්‍රීමත් භගවත් ගීතාව ගැන සඳහන් වී තිබෙනවාමෙය තමයි අංක එකේ ග්‍රන්ථය. පරමාත්ම පියාගේ නම ඇසිමෙන් කෙනෙකුට ඉක්මණින්ම උරුමය සිහි වෙනවා. දෙව් පියාගෙන් ලැබෙන්නේ කුමක්දැයි කියා ලෝකයේ සිටින කිසිම කෙනෙක් දන්නේ නැහැ, පෞරාණික යෝගාව යන වචනය භාවිතා වුවත් ඒ පුරාණ යෝගාව උගන්වන්නේ කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ක්‍රිෂ්ණායි කියා මිනිස්සු කියනවා. මන්ද ගීතාවේ සඳහන් වි තිබෙන්නේ ක්‍රිෂ්ණාගේ නමයි. ඔබ සෑම කෙනෙකුම මුක්තිය හා ජීවන මුක්තිය ලබනා රාජයෝගාව ඔබට ඉගැන් වුයේ පරමාත්ම පියා කියා ඔබලාට දැන් තේරෙනවා. ශිව් බාබා පැමිණියේ භාරතයට බවත් ඔබලා දන්නවා. ඔහුගේ උපන් දිනය සැමරෙනවා. නමුත් ගීතාවෙන් ඔහුගේ නම ඉවත් කර තිබෙන නිසා ඔහුගේ ගුණ වර්ණනවාවත් අතුරුදන් වී ගිහින්, මුළු ලෝකයම සතුට හා සාමය බලන්නේ පරමාත්ම පියාගෙන් ඒ පියාව ඔවුන්ව අමතක කර දමලා, මෙය එක් වරදක සෙල්ලමක් කියා කියනවා. ලොකුම වරද නම් ඔවුන් පියා ගැන නොදැනීමයි. ඇතැම් විට මිනිස්සු කියනවා ඔහුට නමක් රූපයක් නැහැයි කියලා. නැති මාළුවකුගේ කිඹුලෙකුගේ ඇඟට ඇතුළු වෙනවා ගස් ගල් වල සිටිනවා කියාත් කියනවා. ඔවුන් වැරදි පිට වැරදි කරනවා. එන්න එන්නම ඉණිමඟේ පහළට ඇදගෙන වැටෙනවා. ඔවුන්ගේ කලාවන් එන්න එන්නම අඩු වෙනවා. තමෝප්‍රධාන් වේගෙන යනවා. නාටක සැලැස්ම අනුව දෙව්ලොව නිර්මාණකරු, මුළු භාරතයම දෙව්ලොවක් බවට පත් කර වු කෙනා ගස් ගල් වල සිටිනවා කියා සඳහන් වි තිබෙනවා. කොහොමද ඔබ ඉණිමඟේ පහළට ඇදගෙන වැටුණේ කියා පරමාත්ම පියා දැන් පැහැදිලි කර කියා දෙනවා. කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ නාටකය කුමක්දැයි කියා ඔවුන් සෑම විටම අසනවා. මෙම ලෝකය නිර්මාණය වුයේ කවදාද? ඒ ගැන ඔවුන්ගෙන් ඇසු විට ඔවුන් කියන්නේ වසර සිය දාහස් ගණනකට පෙර සිට කියලයි. පැරණි ලෝකයට තවත් කාලයක් තිබෙනවායි කියා තමයි ඔවුන් සිතන්නේ. එයට කියන්නේ අවිදු අන්ධකාරය කියලයි. සත් ගුරු දුන් ඥාන තෙලින් අවිදු අන්ධකාරය දුරු වුවායි කියා කියනවා. නිර්මාණකරු වන පියා අනිවාර්යයෙන්ම දෙව්ලොව නිර්මාණය කළ බව ඔබට තේරෙනවා. අපාය නැවතත් දෙව් ලොවක් බවට පත් කරන්නේ පරමාත්ම පියා පමණයි. නිර්මාණකරු වන පියා පමණයි ඔබට ලෝකයේ මුල. මැද හා අග පිළිබඳ වු ඥානය ලබා දෙන්නේ. ඔහු පැමිණෙන්නේ අවසානයේදීයි. මෙයට කොහොමවත් කාලයක් ගත වෙනවා. ස්මර්ණ වන්දනාවට තරම් කාලයක් දැනුමට යන්නේ නැති බවත් ඔය දරුවන්ට පැහැදිලි කර කියා දී තිබෙනවා. උපත් 84 ක ගිණුම කතාන්දරයක් වගේයි මීට වසර 5000 කට පෙර තිබුණේ කාගේ රාජධානියද? ඒ රජදහන දැන් කොහේද? ඔය දරුවන් තුළ දැන් මුළු දැනුමම තිබෙනවා. ඔබලා ඉතාමත් සාමාන්‍යයි. අජා. මීල් වැනි පව්කාරයන්වත් ගල් බුද්ධියක් ඇත්තන්වත්, අහිංසක ගැමියන්වයත් ඔහු ඉතාමත් උසස් අය බවට පත්කරවනවා. ඔබ සිටි තත්ත්වයෙන් කොයි තත්ත්වයට ද පත් වී ඇත්තේ කියා පරමාත්ම පියා පහදා දෙනවා. පැරණි ලෝකය දැන් පත්වී ඇති තත්ත්වය දෙස බලන්නැයි කියා පරමාත්ම පියා පැමිණ දැන් ඔබට කියනවා. ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේදැයි කියා කිසිම දෙයක් මිනිස්සු දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා ඔබගේ අත ඔබගේ හදවත මත තබා ඔබගෙන්ම අහන්න මේ කියන දේවල් ඔබ මීට පෙර දැනගෙන සිටියාදැයි කියලා. ලෝක ස්වාධිපත්‍යය අපට දීමට බාබා නැවතත් වතාවක් පැමිණ සිටිනා බව දැන් ඔබලා දන්නවා. ලෝක ස්වාධිපත්‍යය යනු කුමක්දැයි කියා කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. ලෝකය යුනු මුළු ලෝකයමයි. කල්ප භාගයකටම කිසිම කෙනෙකුට අපෙන් උදුරා ගත නොහැකි රාජ්‍යයක් පියා විසින් අපට දෙනු ලබනා බව ඔබලා දන්නවා. එම නිසා ඔය දරුවන් මහත් සතුටින් සිටිය යුතුයි. ඔබ වාර ගණනාවක්ම පියාගෙන් මෙම රාජ්‍යය හිමිකර ගත්තා. පරමාත්ම පියා සත්‍යයයි. ඔහු තමයි සත්‍ය ගුරුවරයා. ඔහු සත්ගුරුත් වෙනවා. මේ ගැන ඔබ මීට පෙර අසා නැහැ. මෙහි අරුත දැන් ඔබලා දන්නවා. ඔබලා ඔහුගේ දරුවන්ය. එම නිසා ඔබට පියා සිහි කළ හැකි විය යුතුයි. මේ දිනවල මිනිස්සු ළමා කාලයේ පටන් ගුරුන් ලඟට යනවා. ගුරුන්ගේ පින්තුර සාදාගෙන ගෙලේ පළදා ගන්නවා නැති නම් නිවසේ තබා ගන්නවා. මෙහි අරුත නම් පරම පියා, පරම ගුරුවරයා හා සත්ගුරු සෑම කෙනෙක්ම එක් අයෙක් වීමයි. පරමාත්ම පියා කියනවා: මම ඔබ ආපසු නිවස වෙත ගෙන යන්නම්, ඔබලා මොනවාද ඉගෙන ගන්නේ කියා ඇසුවිට, නව ලෝක රාජ්‍යය දිනා ගැනිමට අපි රාජයෝගාව ඉගෙන ගන්නවා කියා ඔබලා කියාවි. නීති යෝගාව වගේම මෙයත් රාජයෝගාවයි. ඔවුන්ගේ බුද්ධියේ යෝගාව අනිවාර්යයෙන්ම තම ගුරුවරයාව සිහිකරාවි. දෙව්ලොව රාජධානිය හිමි කර ගැනිම සඳහා ඔබලා ඉගෙන ගන්නවා කියා ඔබ කියාවි. කවුද අපට උගන්වන්නේ? ශිව පරමාත්ම පියායි. ඔහුට ඇත්තේ එක් නමකි. ඒ නම රථයේ නම නොවෙයි. මගේ නම ශිවායි. ශිව පිතා හා බ්‍රහ්ම රථය කියා ඔබලා කියනවා. මෙය කෙතරම් අපුරු දෙයක්දැයි කියා ඔබ දැන් දන්නවා. ශරිරය එකකි. ඇයි ඔහුට භාග්‍ය රථය කියා කියන්නේ? ශිව බාබා ඔහුට ඇතුළු වුණු නිසායි. අනිවාර්යයෙන්ම ජිව දෙකක් සිටිනවා. මේ ගැන දන්නේ ඔබ පමණය වෙන කිසිම කෙනෙක් ඒ ගැන සිතනා එකක්වත් නැහැ. භාග්‍ය රථයෙන් ගංඟා ගෙන එන ආකාරය පෙන්වා තිබෙනවා. ඒ ගෙනාවේ වතුරමද? දැන් ඔබට සැබවින්ම දැකිය හැකියි කවුද එය ගෙන මානවාද ගෙන එන්නේ කියලා. මෙම ශරිරයට ඇතුළු වුණේ කවුරුන්ද? ඇතුළු වුණේ පරමාත්ම පියායි. මිනිසෙකු ඇතුලට වතුර ඇතුළු වන්නේ කලාතුරකින් කෙනෙකුගේ හිස බැඳි කොණ්ඩයෙන් වත මතු වෙන්න පුළුවන් කලාතුරකින්. මිනිස්සු මේ දෙවල් ගැන කිසිම විටක සිතන්නේ නැහැ. ආගම බලයයි කියා කියනවා. ආගමක ශක්තියක් තිබෙනවා.. ලොකුම ශක්තිය ඇත්තේ කුමන ධර්මයේදැයි කියා කියන්න බලන්න. (බ්‍රාහ්මණ ආගමේ) ඔව් ඒක ඇත්ත. ශක්තියක් ඇත්තේ කොතැනද එතැන ඇත්තේ බ්‍රාහ්මණ ධර්මයයි. ඔබලා දැන් බ්‍රහ්මීණ්වරුන්ය. ඔය බ්‍රහ්මීණ්වරුන් පරමාත්ම පියාගෙන් ශක්තිය ලබා ලෝක පාලකවරුන් බවට පත්වෙනවා. ඔබලා ලඟ ලොකු බලයක් තිබෙනවා. ඔබ අයිති බ්‍රාහ්මණ ධර්මයටයි කියා කියනවා. මෙය කිසිම කෙනෙකුගේ සිහියේ රැදෙන්නේ නැහැ. බහුරූපී පිළිමය සාදා තිබුණත් එය සම්පුර්ණ නැහැ. ප්‍රධානම දෙය වන්නේ කිසිම කෙනෙක් නිර්මාණ කරුවාවත් ඔහුගේ පළමු නිර්මාණය ගැනවත් දන්නේ නැහැ. පරමාත්ම පියා නිර්මාණකරු වන අතර බ්‍රහමීණ්වරුන් ඉහළින්ම සිටින්නනුයි. මෙහි ශක්තිය තිබෙනවා. පරමාත්ම පියා සිහි කිරිමෙන් පමණක්ම ඔබට ශක්තිය ලැබෙනවා. දරුවන් කොහොමත් එක් එක් අය සිටින්නේ එක් එක් මට්ටම් වලයි. මෙම ලෝකයේ ඉතාමත් උසස්ම උසස් බ්‍රහ්මණ වංශයේ අලංකාරය ඔබලායි. ඔබලා දේවතාවරුන්ටත් වඩා ඉහළයි. ඔබට දැන් බලය ලැබෙනවා. ලොකුම ශක්තිය ඇත්තේ බ්‍රහ්මීණ් ධර්මයේයි. බ්‍රහ්මණ වරුන් කරන්නේ මොනවාද? ඔවුන් මුළු ලෝකයම සාමකාමි කරනවා. ඔබගේ දාහම සෑම කෙනෙක්වම ශ්‍රීමත් වලට අනුව නිදහස් කරනවා ආකාරයේ එකකි. මෙන්න මේ නිසා තමයි කියන්නේ මම ඔබව මටත් වඩා උසස් තත්ත්වයට පත්කරවනවා. ඔබලා බ්‍රහ්මාණ්ඩයේ හා ලෝක පාලකවරුන් වෙනවා. ඔබ මුළු ලෝකයම පාලනය කරාවි. භාරතය අපගේ රටයි කියා ඔවුන් ගායනා කරනවා. එක් විටෙක ගුණවර්ණනා ගීත ගායනා කරනා අතර තවත් විටෙක ඔවුන් බලන්න අපගේ භාරතයට වී ඇත්තේ කුමක්දැයි කියාත් කියනවා. භාරතය ඉතාමත්ම උසස්ව තිබුණේ කවදාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. දෙව්ලොවත් අපායත් එකට තිබෙනා බව මිනිස්සු විශ්වාස කරනවා. ධනය හා යානවහන ඇති අය මෙය තමන්ට දෙව්ලොවයි කියා විශ්වාස කරනවා. දෙව් ලොව කියා කියන්නේ නව ලෝකයටයි යන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. මෙහිදි සෑම දෙයක්ම ඉගෙන ගත යුතුයි. විද්‍යාවේ කුසලතාවයන් පසුකලකදි එහිදි ප්‍රයෝජනවත් වේවි. එහි විද්‍යාවෙන් ලැබෙන්නේ සතුටයි. මෙහි ඇති සෑම දේකින්ම ලැබෙන්නේ තාවකාලික සතුටකි. එහිදි ඔය දරුවන්ට ලැබෙන සතුට ස්ථාවර සතුටකි. සෑම දෙයක්ම මෙහිදි ඉගෙනගෙන ගිය විට ඒ සංස්කාර එහාට ගෙන යා හැකියි. අළුත්ම අළුත් ජීව පැමිණ එහි ගොස් කිසිවක් ඉගෙන ගන්නේ නැහැ. මෙහි සිටිනා දරුවන් මෙහිදි විද්‍යාව ඉගෙනගෙන එහි යාවි. ඔවුන් ඉතාමත් දක්ෂයින් වේවි. අවශය කරනා සියලුම සංස්කාර ඔවුන් ගෙන යාවි. ඒ බෝම්බ ආදිය සියල්ල විනාශ කරවනු ඇත. මරණයෙන් තොරොව සාමයේ කාලයක් ඇති වන්නේ කෙසේද. මෙහි ඇත්තේ නොසන්සුන්තාවයෙන් පිරි රාජ්‍යයකි. ඔබ පළමුවෙන්ම නිවහනට ගොස් පසුව සතුටේ දේශයට යන බව ඔබලාත් දන්නවා. පරමාත්ම පියා සතුටු දේශයට පැමිණෙන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා මට පැරණි රථයක් අවශ්‍යයි. භක්ති මාර්ගයේදි මම සෑම කෙනෙකුගේම ආශාවන් ඉටුකරමින් සිටියා. බැතිමතුන් කොයි තරමේ දැඩි භක්තියකින් වන්දනාවන් කරනවාදැයි කියා ධ්‍යාන සංදේශිවරියන්ට පෙන්වා තිබෙනවා. ඔවුන් දේවතාවරුන්ව සරසනවා. වන්දනා කර පසුව මුහුදේ ගිල්වනවා. සෑහෙන වියදමක්. ඔවුන්ගෙන් අහන්න මෙය ඇරබුණේ කවදාද? කල්ප කාලාන්තරයක් තිස්සේ ඒවා කෙරිගෙන ආවායි කියා ඔවුන් කියාවි. ඔවුන් සෑම තැනකම ඉබාගාතේ සැරිසරනවා. ඒ සියල්ල නාටකයයි. පරමාත්ම පියා නැවත නැවතත් ඔය දරුවන්ට පහදා කියන්නේ ඔහු පැමිණ සිටින්නේ ඔබාව ඉතාමත් මිහිරි අය බවට පත් කරවීමට කියලයි. ඒ දේවතාවරුන් ඉතාමත් මිහිරියි. මීට පෙරත් පරමාත්ම පියාට හොඳින් සාහය වුණු අය නැවතත් නිතරම වන්දනාවේ නිරත වේවි. ඔබලා වන්දනාවට ලක් වෙනවා. ඔබලාත් උසස් තත්ත්වයක් දිනා ගන්නවා. පරමාත්ම පියාම කියනවා මම ඔබව මටත් වඩා ඉහළ තත්ත්වයට පත් කරවනවා. මේවා ඉහළම ඉහළ පියාගේ උසස් උපදේශයනුයි. මේවා ක්‍රිෂ්ණාගේ උපදෙස් කියා ඔබ කියන එකක් නැහැ. ගීතාවේ පවා ශ්‍රීමත් ඉතාමත් ප්‍රසිද්ධයි. ක්‍රිෂ්ණා මේ කාලයේදි තම පියාගෙන් උරුමය දිනා ගන්නවා. පරමාත්ම පියා ක්‍රිෂ්ණා ජීවයේ රථයට ඇතුළු වී සිටිනවා. මෙය එතරම්ම අරුම පුදුම දෙයක්. මෙය කිසිම කෙනෙකුගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. තේරුම් ගත් අයටත් මෙය පැහැදිලි කිරිමට දැඩි උත්සහයක් දැරිමට සිදු වෙනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට ඉතාමත් හොඳින් කරුණු පහදා කියා දෙනවා. බාබා ලියනවා බ්‍රහ්මණවරුන් බ්‍රහ්මාගේ කටින් උපන් ඉතාමත් උසස්ම උසස් අයයි. උතුම් සේවයක් කළහොත් ඔබට මෙම ත්‍යාගය ලැබෙනවා. ඔබලා පරමාත්ම පියාගේ සහයකයින් වුවහොත් ඔබලා දරණා උත්සහයේ තරමට ඔබලාට ත්‍යාගයක් හිමි වේවි. මිනිසුන් දෙව්ලොව පාලකවරුන් කරවීමේ තරම් ශක්තියක් ඔබලාට තිබෙනවා. ඔබලා ආධ්‍යාත්මික සේනාවයි. මෙම බැජ් එක පැළදුවේ නැත්නම් ඔබලා ආධ්‍යාත්මික සේනාවේ පිරිසක් කියා මිනිස්සු තේරුම් ගන්නේ කෙසේද? හමුදාවක අය සෑම විටම බැජ් එකක් පළදිනවා ශිව බාබා නව ලෝකයේ නිර්මාණ කරුයි. එහිදි දේවතා රාජ්‍යයක් තිබුණා දැන් එය නැහැ එම නිසා පරමාත්ම පියා කියනවා මන්මනාභව ඔබගේ ශාරිරයත් සියළුම ශාරිරික ඥාතිනුත් අමතක කර දමා මා පමණක් සිහි කරන්න. එව්ට ඔබ ක්‍රිෂ්ණා වංශයට යාවි. මේ සම්බන්ධයෙන් කිසිම ලැජ්ජාවීමට කාරණයක් නැහැ. ඔබ පරමාත්ම පියාව සිහිකරාවි. මොහු ගැන (බ්‍රහ්මා) පියා කියන්නේ ඔහු නාරායන් වන්දනා කරමින් සිටි නිසා නාරයන් රූපයක් නිතරම තමා ලඟ තබා ගනිමින් සිටියා යන එන අතර ඔහු ඒ පින්තුරය දෙස නිතරම බලනවා ඔය දරුවන්ට දැන් ඥානය තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම බැජ් එක පැළද විය යුතුයි. සාමකාමි මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරන්නේ ඔබලායි. රාජයෝගා උගන්වන්නේ ඔබලායි. සාමාන්‍ය මිනිසුන් නාරායන් බවට පත් කරවීමේ සේවය ඔබලා කරනවා. තමාව පරික්ෂා කර බලන්නමා ලඟ කුමන හෝ අඩුපාඩුවක් තියෙනවාද? ඔය දරුවන් බාප්දාදා ලඟට පැමිණෙනවා. පියා ශිව බාබායි. දාදා ඔහුගේ රථයයි. පරමාත්ම පියා අනිවාර්යයෙන්ම ඔය දරුවන්ව මුණ ගැසෙන්නේ රථයක් හරහායි. ඔය දරුවන් නව පනක් ලැබිමට පරමාත්ම පියා ලඟට පැමිණෙනවා. ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටිනා විට ඔබට ඔහුව සිහි කිරමපහසුයි. බාබා පැමිණ සිටින්නේ ඔබලා ආපසු නිවහන වෙතට ගෙන යාමටයි. පරමාත්ම පියා දැන් ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනා නිසා ඔහුව සිහි කළ යුතුයි. මධුබන් වලින් පිටත සිටියත් සෑම දිනකම ඔබට ස්මර්ණ වන්දනාව වැඩි දියුණු කර ගත හැකියි. අචිචා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමාව පරික්ෂා කර බලන්න මා ලඟ කුමන හෝ දුර්වලතාවයක් තියෙනවාද? දේවතාවරුන් ඉතාමත් මිහිරියි. මමත් ඒ තරමින්ම මිහිරි වි සිටිම්ද?

2. ඔබගේ රාජධානිය ස්ථාපනය කිරිම සඳහා පරමාත්ම පියාගේ උතුම්ම උතුම් වු උපදෙස් පිළිපදින්න. සේවාධාරි වීම සඳහා ඔබගේ බුද්ධියේ ලෝකයේ මුල, මැද හා අගත් දෙව් ලොව හා අපාය පිළිබඳ වූ දැනුමත් ආවර්ජනය කරන්න.

වරදානය:
ඔබ උතුම් හැඟීම් වල පදනමින්, සියලු දෙනාට ශාන්තියේ සහ බලයේ කිරණ ලබා දෙන, ලොවට සෙත සලසන්නෙක් වේවා.

පරම පියාගේ සිතිවිලි සහ වදන් වල සෑම විටම යහපත කිරීමේ හැඟීම් සහ ප්‍රාර්ථනා තිබෙන සේම, ඔය දරුවන්ගේ සිතිවිලිද, ලෝකය වෙනුවෙන් යහපත් හැඟීම් සහ ප්‍රාර්ථනාවන්ගෙන් පිරි තිබිය යුතුයි. ඔබ මෙම කාර්යය කරන අතර ලෝකයේ සියලුම ජීවාත්ම ඉස්මතු කරගන්න. මාස්ටර් ඥාන සූර්යයෙක් වී, ඔබගේ පිවිතුරු හැඟීම් සහ උතුම් පැතුම් වල පදනමින්, නොකඩවා ශාන්තියේ සහ බලයේ කිරණ ලබා දෙන්න, එවිට ඔබ ලොවට සෙත සලසන්නෙක් බව කියයි. කෙසේවෙතත්, මේ සඳහා ඔබ සියලු බන්දන වලින් නිදහස් වී විමුක්තිය ලබා සිටිය යුතුයි.

පාඨය:
මම සහ මගේ යන සිහිය, ශරීර අවධානයට දොරටුය. දැන් මෙම දොරටු වසා දමන්න.