08.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ අයට ගරු කිරීම දිව්‍යමය ගුණධර්මයක්. දක්ෂ සහ ඉතා හොඳින් පැහැදිලි කරන අයව අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
ස්වර්ණම යුගයේ, භක්ති මාර්ගයෙහි පැවති කිසිම සිරිතක් හෝ විරිතක් නැත්තේ ඇයි?

පිළිතුර:
මන්ද පරම පියා, ඥාන සාගරය ඔබට ඥානය දී විමුක්තිය වෙත යවන බැවිනි. ඔබ තමන් කළ භක්තියේ ඵල ලබනවා. ඔබ ඥානය ලබන විට, භක්තියෙන් දික්කසාද වෙනවා. ඥානය නැමති ප්‍රතිලාභය සඳහා කාලය තිබෙන තාක්කල්, භක්තිය, තපස්යා, දානමාන හෝ පුන්‍ය ක්‍රියා යනාදියෙන් ඇති අවශ්‍යතාවය කුමක්ද? එහි ඒ කිසිම ක්‍රමයක් ඉතිරිවන්නේ නැහැ.

ඕම් ශාන්ති.
පාරිශුද්ධත්වයට පත් කරන්නා, ශිවා කතා කරයි. පියා මෙහි හිඳ දරුවන් වන ඔබට ඥානය දෙනවා. මා මෙහි පැමිණි විට අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත්කිරීමට ඥානය දෙන බව දරුවන් වන ඔබට පැහැදිලි කළා. වෙනත් කිසිම කෙනෙකුට මේ ඥානය ඔබට ඉගැන්වීමට බැහැ. ඔවුන් උගන්වන්නේ භක්තිය පමණයි. තමන් බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් යැයි අවධාරණය කර ගන්නා දරුවන් වන ඔබ පමණයි මෙම ඥානය ඉගෙන ගන්නේ. දිල්වාලා දේවාලය ඔබ ඉදිරිපිට තිබෙනවා. එහිදීත්, ඔබ රාජයෝගා නැමැති තපස්යා හී හිඳ සිටිනවා. එහි ජගදම්බා, ලෝක මාතාව සහ ප්‍රජාපිතා, මනුෂ්‍යයන්ගේ පියාත් සිටිනවා. කුමරියන් සහ අර්ධ කුමරියන් ද සිටිනවා. පියා ඔබට රාජයෝගා උගන්වනවා. රාජ්‍යයේ පින්තූරය ඉහළ තිබෙනවා (සිවිලිමේ අඹා ඇති දිව්‍ය ලෝකය). පියා ඔබට භක්තිය උගන්වන්නේ නැහැ. ඔබ භක්ති කරන්නේ තමාට උගන්වා ආපසු ගිය කෙනාට පමණයි. කෙසේවෙතත්, ඔබට රාජයෝගා උගන්වා, රාජ්‍යය ස්ථාපිත කර ඉන්පසු ආපසු ගියේ කවුද කියා මිනිස්සු දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් දන්නවා භක්තිය ඥානයෙන් වෙනස් දෙයක් බව. ඥානය කියාදිය හැක්කේ ඒ එකම එක්කෙනාට පමණයි වෙනත් කිසිම කෙනෙක්ට එය කළ නොහැකියි. එකම එක ඥාන සාගරයක් පමණයි තිබෙන්නේ. අපිරිසිඳු අයව ඥානයෙන් පාරිශුද්ධත්වයට පත් කරන්නේ ඔහු පැමිණීමෙන් පසු පමණයි. වෙනත් කිසිම ආධ්‍යාත්මික හමුවක කිසිම කෙනෙක්ට ඥානය ඉගැන්විය නොහැකියි. ඔවුන් තම තමන්ට ශ්‍රී ශ්‍රී 108 ජගත්ගුරු හෝ දෙවියන් කියා කීවත්, ඔවුන්ගෙන් එක්කෙනෙක්ටවත් ඔහු සියල්ලන්ගේම උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ඥාන සාගරය කියා කියන්න බැහැ. කිසිම කෙනෙක් ඔවුන්ට උත්තරීතර පියා යැයි කියන්නේ නැහැ. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, පාරිශුද්ධත්වයට පත්කරන්නා බව ඔබ දන්නවා. මේ කරුණු ඉතා හොඳින් ඔබේ බුද්ධියේ තබා ගන්න. මිනිස්සු කියනවා බ්‍රහ්ම කුමාරීන් වන ඔබ භක්තියෙන් දික්කසාද වෙනවා. කෙසේවෙතත්, ඔබ ඥානය ලබා ගත්විට භක්තියෙන් දික්කසාද විය යුතුයි. ඉන් කියැවෙන්නේ නැහැ ඔබ භක්තියට ඇතුළු වූ විට, දැනුමෙන් දික්කසාද වීමට එකඟ වෙන බව. නැහැ. ඔබ නිරායාසයෙන්ම රාවණ් රාජ්‍යයට යනවා. බාබා තමන්ට රාජයෝගා උගන්වනවා යන අවබෝධය ඔබ ලබා තිබෙනවා. රාජයෝගා යනු ඥානයයි. ඊට භක්තිය කියා කියන්න බැහැ. පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි. ඔහු භක්තිය උගන්වන්නේ නැහැ. භක්තියේ ඵලය ඥානය වන අතර, ඥානය තුළින් විමුක්තිය ලැබෙනවා. යකඩ යුගයේ අවසානයේදී සියලුම දෙනා ඉන්නේ නොසතුටින්. මේ නිසා තමයි මේ පැරණි ලෝකය දුක් දේශය ලෙස හැඳින්වෙන්නේ. දැන් ඔබ මේ දේවල් අවබෝධ කර ගන්නවා. ඔබේ භක්තියේ ඵලය ලබා දීමට පරම පියා පැමිණ සිටිනවා. එනම්, ඔබට විමුක්තිය සැලසීමටයි. ඔහු ඔබට රාජයෝගා උගන්වනවා. මේ පැරණි ලෝකය වන අතර එය විනාශ කර දැමිය යුතුයි. අපට නවලෝකයේ රාජ්‍යයක් අවශ්‍යයි. මෙය රාජයෝගා ඥානයයි. ඥානය ඉගැන්විය හැක්කේ එකම උත්තරීතර පියා, උත්තරීතර ජීවය ශිවාට පමණයි. ඥාන සාගරය ලෙස හඳුන්වන්නේ ක්‍රිෂ්ණා නොව ඔහුයි. ක්‍රිෂ්ණාගේ වර්ණනාවන් වෙනස්. ඔහු ඔහුගේ පෙර උපතෙදී අනිවාර්යෙන්ම එවන් ක්‍රියාවන් කර තිබෙනවා. මේ නිසා තමයි ඔහු රජ කුමරෙක් බවට පත් වුනේ. තමන් රාජයෝගා ඥානය ලබන බවත්, ඉන්පසු නවලෝකයේදී දිව්‍ය ලෝක රාජ කුමාරවරු සහ රාජ කුමාරිකාවන් වන බව ඔබ දැන් දන්නවා. දිව්‍ය ලෝකය විමුක්තියයි. එහෙත් අපාය විනාශයයි. අපි අප වෙනුවෙන් රාජ්‍යයක් ස්ථාපිත කරනවා. මේ ඥානය නොගන්නා අය සහ පාරිශුද්ධත්වයට පත් නොවන අය රාජ්‍යයට යන්නේ නැහැ. මන්ද, ස්වර්ණම යුගයේ සිටින්නේ මිනිසුන් ඉතාමත්ම සුළු පිරිසයි. යකඩ යුගයේ අවසානයේ සිටි මිනිසුන් සියල්ලන්ම අනිවාර්යෙන්ම මුක්ති දේශයේ සිටිනවා. ඔවුන් අතුරුදන් වෙන්නේ නැහැ. නමුත් සියල්ලන්ම ආපසු නිවහන කරා යනවා. උපත් 84 චක්‍රය අවසානය කරා පැමිණෙන බැවින් දරුවන් වන ඔබ දැන් තම නිවහන සිහි කරනවා. ක්‍රීඩාව අවසන් වීගෙන එනවා. බොහෝ කාලයක් ඔබ චක්‍රය වටා යමින් සිටිනවා. මෙය දන්නේ බ්‍රහමින් දරුවන් වන ඔබ පමණයි. නොනවත්වාම බ්‍රහමින් දරුවන් නිර්මාණය වෙනවා. 16, 108ක මල් දාමයක් තිබෙනවා. ස්වර්ණම යුගයේ එතරම් මිනිස්සු නැහැ. ස්වර්ණම යුගයේ ආකෘතියක් පෙන්නුම් කරනවා. ස්වර්ණමය ද්වාර්කා (ගුජරාති නගරය) පෙන්වන ආකාරයට. කුඩා ආකෘතියක් ටිකක් විශාල කර නිර්මාණය කළා. ද්වාර්කා වල ක්‍රිෂ්ණාගේ රාජ්‍යය තිබූ බව කියා තිබෙනවා. ඔබ කියන්නේ එය ද්වාර්කා වල තිබෙන බවද නැත්නම් දිල්ලි වල තිබෙන බවද? ජමුනා නදියේ ගංතෙර තිබෙන්නේ දිල්ලි වලයි. එහි සාගරය තිබෙනවා. අග නුවර තිබෙන්නේ ජමුනා නදී තීරයේ බව දරුවන් වන ඔබ තේරුම් ගන්නවා. ද්වාර්කා, අග නුවර නොවෙයි. දිල්ලිය ඉතාමත් ප්‍රසිද්ධයි. වර්ණනා කරන ජමුනා නදියත් එහි තිබිය යුතුයි. දිල්ලිය, පරිස්ථාන්, සුරංගනා දේශය ලෙස හැඳින්වෙනවා. රාජ්‍යයේ ප්‍රධාන සිහසුන තිබෙන්නේ දිල්ලියේයි. භක්ති මාර්ගය අවසන් වී ඥාන මාර්ගය පවතින බව දරුවන් වන ඔබ දැන් අවබෝධ කර ගන්නවා. දිව්‍යමය රාජ්‍යය ස්ථාපිත වෙනවා. පියා කියනවා තමන් දියුණුවට පත්වනවාත් සමඟම ඔබ හැමදේමත්, කී දෙනෙක් සමත්ද කියා සහ කුමන ආකාරයටදැයි කියා දන්නවා. පාසලක, කී දෙනෙක් ලකුණු කීයක් ලබා සමත් වී සිටීද කියා සහ කී දෙනෙක් දැන් ඊළඟ පන්තියට යනවාද කියා දැනගන්නවා. මෙහෙත්, සමත් වූයේ කවුද, අනෙක් පන්තියට යවන්නේ කාවද කියා බොහෝ විට අවසානයේදී හැමදේම දැනගන්නවා. පන්තිය විශාලයි. එය අසීමිත පන්තියක් වන අතර මධ්‍යස්ථාන සංඛ්‍යාව ද දිනෙන් දින වර්ධනය වෙනවා. සමහරු පැමිණ ඉතා හොඳින් දින හතේ පාඨමාලාව ලබා ගන්නවා. එක් දිනක් හෝ දින දෙකක පාඨමාලාවක් පවා සුළු දෙයක් නොවෙයි. යකඩ යුගයේ විනාශය ඉහළටම පැමිණ ඇති බව ඔබට දැකිය හැකියි. ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි. පියා ඔබට කියා සිටියා ඔබේ බුද්ධි යෝගා තමා සමඟ සම්බන්ධ කර ගන්නා ලෙස. එවිට ඔබ සතෝප්‍රධාන් වී පාරිශුද්ධ ලෝකය වෙත යනවා. පෙර චක්‍රයේදී තමන් නාටකයේ තම චරිත රඟදැක්වූ ආකාරයටම, අනිවාර්යෙන්ම ඔබට ඔබේ චරිත කොටස රඟපාන්න තිබෙනවා. භාරතයේ මිනිසුන් රාජ්‍යය පාලනය කරනවා. ඉන්පසු දිගින් දිගටම ජනගහනය වර්ධන වෙනවා. ගසකුත් වැඩෙනවා. භාරතයේ මිනිසුන් අයත් වන්නේ දේවතා ධර්මයටයි. කෙසේවෙතත්, ඔවුන් තවදුරටත් පාරිශුද්ධ නොමැති නිසා, ක්‍රිස්තියානීන් ජේසු ක්‍රිස්තු වන්දනා කරන්නාක් සේ ඔවුන් ඒ පාරිශුද්ධ දේවතාවන් වන්දනා කරනවා. ස්වර්ණම යුගයේදී ආදී සනාතන දේවී දේවතා ධර්මය පැවතියා. ස්වර්ණම යුගය ස්ථාපිත කරන්නේ පරම පියායි. ස්වර්ණම යුගයේ සත්‍ය ලෙසම දේවතා රාජ්‍යය පැවතියා. ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ පෙර උපතේදී උත්සාහ දරා තිබෙනවා. එය පැරණි ලෝකය වෙනස් වී අලුත් බවට පත්වන සංගම යුගය විය යුතුයි. යකඩ යුගය පරිවර්ථනය වී ස්වර්ණම යුගය පැමිණෙන නිසා, අනිවාර්යෙන්ම යකඩ යුගයේ අපිරිසිඳු අය සිටිය යුතුයි. බාබා පැහැදිලි කළා ඔබට ලක්ෂ්මි සහ නාරායන හෝ මුද්‍රිත ලිපි ලේඛණ තිබෙන විට, ඒවා තුළ මෙසේ ලිවිය යුතුයි ඔවුන් ඔවුන්ගේ පෙර උපතේදී පහසු රාජයෝගා ඥානයත් සමඟ උත්සාහ දැරුවා. එහි රජවරයෙක් හෝ රැජිනක් පමණක් සිටිය නොහැකියි. යටත් වැසියනුත් නිර්මාණය වුණා. මිනිස්සු ඝණ අන්ධකාරයක සිටින අතර කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් දිගින් දිගටම වන්දනා කරමින් සිටිනවා. ඒ මිනිස්සු ලක්ෂ්මි සහ නාරායන වන්දනා කරන විට නිකම් ඔවුන් දෙස බලා සිටිනවා පමණක් බව ඔබ දැන් අවබෝධ කර ගන්නවා. ඔවුන්ට කිසිම දැනුමක් නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ භක්ති නොකර ඔවුන්ට දෙවියන් හමුවිය නොහැකි බවයි. පරමාත්ම දෙවියන් පැමිණ ඇති බව ඔබ අනෙක් අයට කියන විට, ඔවුන් ඔබට හිනා වෙනවා. ඔවුන් කියනවා යකඩ යුගය අවසානයේදී දෙවියන් පැමිණෙනවා. දැන් ඔහු එන්නේ කොහොමද? යකඩ යුගය අවසානයේදී දෙවියන් පැමිණෙනවා කියා ඔවුන් කියන්නේ කුමක් නිසාද කියාවත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයේ පෙන්වා තිබෙනවා. මිනිසුන් තමන්ගේ මනසට එන දේ කිසිම වැටහීමකින් තොරව දිගින් දිගටම කියාගෙන යනවා. මේ නිසා තමයි පියා කියන්නේ ඔබ මුළුමණින්ම අඥාන වෙලා! ඔබ පියා සෑම තැනම සිටින බව කිව්වා. භක්තිය බාහිරව ඉතාමත් අලංකාරයි. ඊට විශාල දීප්තියක් තිබෙනවා. ඔබට එවන් කිසිම දෙයක් නැහැ. ඔබ වෙනත් ආධ්‍යාත්මික හමුවීම් වලට ගිය විට, අනිවාර්යෙන්ම එහි ශබ්ද තිබෙන අතර ඔවුන් ගීතිකා ගායනා කරනවා. මෙහෙ, පටිගත කළ ගීතයක් වත් විකාශනය කරනවාට බාබා කැමති නැහැ. ඔබ තවදුරටත් දියුණු වනවාත් සමඟම, ඇතැම් විට මෙයත් අවසානය කරා පැමිණිය හැකියි. පියා කියනවා මා ඒ සියලුම ගිතයන්ගේ සාරය ඔබට පැහැදිලි කර දෙනවා. මෙය ඉගෙනීමක් වන නිසා ඔබ ඒවායෙහි අර්ථය දන්නවා. තමන් රාජයෝගා ඉගෙන ගන්නා බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ අඩුවෙන් ඉගෙන ගත්තොත්, යටත්වැසියන්ගෙන් කෙනෙක් බවට පත්වෙයි. එමනිසා, ඔබ ඉතාමත් දක්ෂ අයව අනුගමනය කළ යුතුයි. මන්ද, ඔවුන් ඉගෙනීම සඳහා වැඩි අවධානයක් යොදවන බැවින් ඉන් යහපතක් සිදුවෙනවා. ඉතා හොඳින් පැහැදිලි කරන අයගෙන් ඉගෙන ගන්න. ඥානය හොඳින් පැහැදිලි කරන අයව මධ්‍යස්ථානයේ සිටින හැමදෙනාම මතක් කරනවා. මධ්‍යස්ථානයක දැනටමත් කවුරුහරි බ්‍රහ්ම කුමරියන් සිටියත්, ඔවුන් එක් එක් අයට මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. මන්ද, ඔවුන් හිතනවා ඇය ඉතාමත් දක්ෂ බව. එය එසේනම්, ඇයට ගෞරව කළ යුතුයි. මැය මට වඩා ඥානයෙන් වඩාත් දක්ෂයි, ඉතින් ඇය අනිවාර්යෙන්ම උසස් තත්ත්වයක් දිනා ගන්නවා. මේ ගැන කිසිම අහංකාරකමක් නොතිබිය යුතුයි. ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි ඇති ගෞරවය පවත්වා ගත යුතුයි. ජනාධිපති කෙනෙක්ට අනිවාර්යෙන්ම වැඩි ගෞරවයක් ලැබිය යුතුයි. සෑම කෙනෙක්ගේම ගෞරවය අනුපිළිවෙලයි. එකිනෙකාට ගෞරව කළ යුතුයි. නීතීඥයන් අතරත් එය අනුපිළිවෙලයි. වැදගත් නඩු සඳහා මිනිස්සු ඉතාමත් දක්ෂ නීතීඥයෙක්ව මුදල් දී ලබා ගන්නවා. සමහරු නඩු වලට සියදහස් ගණන් අය කරනවා. අනිවාර්යෙන්ම එහි යම් යම් උස් පහත්වීම් තිබෙනවා. කවුරු හෝ කෙනෙක් මට වඩා දක්ෂ නම් මම අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාට ගෞරව කළ යුතුයි. මධ්‍යස්ථානත් රැකබලා ගත යුතුයි. සෑම දෙයක්ම කළ යුතුයි. දවස පුරාම බාබා මේ ගැන සැළකිලිමත් වෙනවා. ප්‍රදර්ශන සූදානම් කරන්නේ කෙසේද, තමෝප්‍රධාන් තත්ත්වයෙන් අප සතෝප්‍රධාන් වන්නේ කෙසේද යන දේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පරම පියා ඔබව සතෝප්‍රධාන් කරවීමට පැමිණ සිටිනවා. පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. මෙහි සිටිනා මිනිසුන් කියන්නේ, ගංඟා නදිය පාරිශුද්ධකරු බවයි. අන්න ඒ නිසා තමයි ඔවුන් උපතක් උපතක් පාසා ගංඟාවල ස්නානය කරන්නේ. කොහොමනමුත් එවැනි දේ කිරීමෙන් එක් අයෙක්වත් පාරිශුද්ධත්වයට පත් වී නැහැ. ඒ සෑම දෙයක්ම භක්තියයි. අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා ඔබ කතා කළ නිසා, ඔහු අනිවාර්යෙන්ම සංගම් යුගයේදී පැමිණේවි. එමෙන්ම ඔහු එන්නේ එකම එක වතාවයි. සෑම කෙනෙක්ටම තම එකිනෙකාට අදාල වුණු සිරිත් විරිත් තිබෙනවා. විශේෂ අට වෙනි දවසක ඔවුන් යම් යම් පූජා පවත්වනවා. කුඩා දරුවෙක්ගේ අතට තුවක්කුවක් දී ඔහු ලවා එය ක්‍රියාත්මක කරවනවා (පුහුණුව සඳහා). ඔහුත් පූජාවක් කරාවි. පසුව ඔහු වයසට ගිය විට එක පහරින් වසු පැටියෙක්ව මරා දමන්න ඔහුට හැකි වේවි. කෙනෙක් සම්පූර්ණ ශක්තිය යොදා එක පහරින්ම සතාව මැරුවේ නැතිනම්, එය පූජාවක් වශයෙන් භාර ගන්නේ නැහැ. දෙවියන්ට පූජා කරන්නේත් නැහැ. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. සෑම කෙනෙක් තුළම ඒ ඒ අයට අදාල වූ නොයෙකුත් හිතළු තිබෙනවා. හුදෙක් ඔවුන්ගේ මෙවන් හිතළු නිසා බොහෝ දෙනා අනුගාමිකයන් බවට පත්වෙනවා. මෙතන තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. මෙය දැනගත හැක්කේ දරුවන් වන ඔබට පමණයි. ලෝකයේ මුල, මැද හා අග ගැන වූ සම්පූර්ණ ඥානය ඔබට කියා දෙන්නේ එකම එක පියා පමණයි. ඔබ දැන් ස්වදර්ශන චක්‍රධාරීන්ය යන සතුට ඔබ තුළ තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට මෙය තේරුම් ගන්න බැහැ. මම ඔබට කණ්ඩායමක කතා කළොත්, බ්‍රහමින් වංශයේ ඉතාමත්ම උසස් සැරසිල්ල වන, ස්වදර්ශන චක්‍රධාරීන් වන ඔබට මෙහි අර්ථය වැටහෙනවා. මිනිස්සු ස්වදර්ශන චක්‍රධාරී කියා සලකන්නේ විශ්ණු වන නිසා අලුත් අය පටලැවිල්ලකට පත් වේවි. මෙය අලුත් දෙයක්. අන්න ඒ නිසා තමයි ඔබට කිව්වේ වැඩට බහින්න (සේවයට), එවිට ඔබට තේරේවි. ඔබ ලඟ ඇත්තේ ඥාන මාර්ගයයි. ඔබ පස්පව් වලින් ජය ගන්නවා. ඔබගේ යුද්ධය මෙම යක්ෂයින්ට (පස්පව්) විරුද්ධව කරන යුද්ධයකි. ඔබ දැන් දේවතාවන් බවට පත්වෙමින් සිටිනවා. එමනිසා, දැන් යුද්ධයක් පිළිබඳ සඳහනක් ඇති වන්නේ නැහැ. යක්ෂයින් සිටිනා තැනක දේවතාවන්ට ඉන්න බැහැ. දේවතාවන් බවට පත්වීමට නියමිතව සිටිනා හා ඒ සඳහා උත්සාහ දරණා ඔබ බ්‍රහමින්වරුන්ය. රුද්‍රාගේ යාගයට බ්‍රහමින්වරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. බ්‍රහමින්වරුන්ගෙන් තොරව යාගයක් පවත්වන්න බැහැ. ශිවා රුද්‍රා වේ, එසේනම් ක්‍රිෂ්ණාගේ නම පැමිණියේ කොහෙන්ද? මුළු ලෝකයෙන්ම ඔබ සම්පූර්ණයෙන්ම අසහායයි. එමනිසාම, ඉන්නේත් ටික දෙනායි. ගේ කුරුල්ලෙක් සාගරය ගිල ගත්තා කියා සඳහන් වී තිබෙනවා. ග්‍රන්ථ වල එවන් මිත්‍යා කතාන්දර රාශියක් තිබෙනවා. පරම පියා කියනවා දැන් ඒ සෑම එකක්ම අමතක කර දමා මා පමණක් සිහිපත් කරන්න. පරම පියාව සිහිපත් කරන්නේ ජීවාත්මයයි. සිටින්නේ එකම එක පියෙකි. අහෝ උත්තරීතර ජීවය!, අහෝ දෙවියනි! කියා ඔවුන් කියනා විට ඕවලාකාර පිළිමයවත් ඔවුන් සිහිපත් කරන්නේ නැහැ. නිකම්ම, ඊෂ්වර, ප්‍රභූ කියා කෑ ගසනවා පමණයි. ජීව කල්ප බාගයකටම පියාගෙන් සතුට ලබා ගත් නිසා භක්ති මාර්ගයේදීත් ඔවුන් පියාව සිහිපත් කරනවා. ඔබට දැන් ජීවය හා උත්තරීතර ජීවය පිළිබඳ වූ ඥානය ලැබී තිබෙනවා. ජීවාත්ම වන අප සෑම කෙනෙක්ම අශාරීරික ලෝකයේ වාසය කරන්නන්ය. අපි එහි සිට අපේ චරිත කොටස් රඟපෑම සඳහා අනුපිළිවෙලින් පැමිණෙනවා. පළමුවෙන්ම එන්නේ දේවතාවනුයි. ක්‍රිස්තූස් වහන්සේට පෙර දේවතා ධර්මය තිබුණා යැයි සඳහන් වී තිබෙනවා. එය වසර 5000ක කතාවක්. ඒ මිනිස්සු මොකද්දෝ යමක් වසර 50,000ක් පැරණියි කියා කියනවා. කොහොමනමුත්, නාටකය වසර 5000ක් පමණක් වන නිසා වසර 50,000කින් යුතු වූ කිසිම දෙයක් තිබිය නොහැකියි. ප්‍රධානම ධර්මය මෙයයි. ගොඩනැගිලි ආදියත් අයිති මේ ධර්මයේ අයටයි. මුලදී ඒ මිනිසුන්ට තිබුණේ රජෝ බුද්ධියක්. දැන් ඔවුන් එයටත් වඩා පරිහාණියට පත්වුණු තමෝප්‍රධාන් බුද්ධියක් ලබා තිබෙනවා. ප්‍රදර්ශන වලදී නොයෙකුත් දේ විස්තර කර කියා දෙනවා. තේරුම් ගත හැකි කිසිම කෙනෙක් නැහැ. බ්‍රහමින්වරුන්ගේ බීජය පැළ කළ යුතුයි. එමනිසා, ඥානය භක්තියට වඩා වෙනස් බව තේරුම් කර දිය යුතුයි. ඥානයෙන් මෝක්ෂය ලැබෙනවා. අන්න ඒ නිසා තමයි අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! මේ දුකින් අපව බේරා ගන්න, අපට මඟ පෙන්වන්නා වී නැවත අපව නිවස වෙත ගෙන යන්න! කියා කියන්නේ. පරම පියා පැමිණ ජීවාත්ම වන ඔබව ආපසු ඔහු ලඟට ගන්නවා. සෑම ශරීරයක්ම එහිදී විනාශයට පත්වෙනවා. විනාශය සිදුවේවි. ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ මහාභාරත යුද්ධය පමණයි. මේත් එම මහා භාරත යුද්ධයම බව ඔවුන් කියනවා. එය සිදුවිය යුතුයි. අඛණ්ඩවම සෑම කෙනෙක්ටම පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වීමට ඇත්තේ එකම එක ක්‍රමයයි. පියා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප සියල්ල දුරු වි, ජිවාත්මය මා සමඟ නැවත නිවස වෙත යනු ඇත. මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම දෙන්න. එවිට, සෑම කෙනෙක්ම යහපතක් උදාකර ගනීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉගෙනීමෙන් දක්ෂ හා ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙන අයගේ ආශ්‍රය තබා ගන්න. ඔවුන්ට ගෞරව කරන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් උඩඟු වන්න එපා.

2. දැනුමේ අලුත් කරුණු හොඳින් තේරුම්ගෙන, හොඳින් පැහැදිලි කර දෙන්න. ඔබ ස්වදර්ශන චක්‍රධාරීන්ය යන සතුට තබා ගන්න.

වරදානය:
ඔබ නිරතුරුවම ඒකායන පියාගේ ස්මරණයේ ගැලී සිට, ඔබගේ මනෝ ස්ථීතිය නිරන්තර සහ ස්ථාවර කරගන්නා නොබැඳි නිරීක‍්ෂකයෙක් වේවා.

දැන් ඔබ කිසිදා නොසිතූ හෝ සිහිනෙන් පවා නොදුටු එවන් ප්‍රශ්න පත්‍ර පැමිණෙයි. කෙසේවෙතත්, ඔබගේ පුහුණුව, ඔබ සීමිත නාට්‍යයක්, නොබැඳි නරඹන්නෙක් ලෙස නරඹන ආකාරය මෙන් විය යුතුයි. එය ශෝකාන්තයක් හෝ විකට එකක් වුවත්, එහි කිසි වෙනසක් නොතිබෙයි. ඒ ආකාරයෙන්ම, කෙනෙකුට විනෝදජනක චරිත කොටසක්ද වෙනත් ආදරණීය ජීවාත්මයකට ගාම්භීර චරිත කොටසක්ද තිබෙන්නට පුඵවන. සෑම කෙනෙකුගේම චරිත කොටස නොබැඳි නිරීක‍්ෂකයෙක් ලෙස දැක, ඔබගේ ස්ථීතිය නිරන්තර සහ ස්ථාවර කරගන්න. කෙසේවෙතත්, ඔබට එවන් ස්ථීතියක් තිබිය හැකි වන්නේ ඔබ ඒකායන පියාගේ ස්මරණයේ ගිලී සිටින විට පමණයි.

පාඨය:
අධිෂ්ඨානගත විශ්වාසයෙන් (නිශ්චය) ඔබගේ භාග්‍යය ස්ථීර (නිශ්චිත්) කරගන්න, එවිට ඔබ සෑම විටම සැහැල්ලුවෙන් (නිශ්චින්ත්) රැඳී සිටියි.