08.10.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා පැමිණ සිටින්නේ හරිම ආසාවෙන් ඔබට ඉගැන්වීමටයි. ඔබත් හරිම ආසාවෙන් ඉගෙන ගත යුතුයි. දෙවියන්ම තමාට උගන්වනවාය යන කුල්මත් බව තබාගන්න.

ප්‍රශ්නය:
බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් වන ඔබගේ අරමුණ හා සුබ පැතුම් මොනවාද?

පිළිතුර:
පෙර කල්පයේ හරියටම වසර 5000 කට පෙර කළ ආකාරයෙන්ම ශ්‍රීමත් අනුගමනය කර ලෝකයේ සතුට හා සාමයෙන් පිරි අධිරාජ්‍යයක් ස්ථාපනය කිරීම ඔබගේ අරමුණයි. ශ්‍රීමත් අනුගමනය කර මුළු ලෝකයම ජීවන මුක්තිය ලබාගනිත්වා යන්න ඔබගේ සුබ ප්‍රාර්ථනාවයි. ඔබ ඉතාමත් සතුටින් කියනා දෙයක් නම්: අපි සෑම කෙනෙක්ටම ජීවන මුක්තිය දානය කරමු. පියාගෙන් ඔබට සාම ත්‍යාගයක් ද ලැබෙනු ඇත. අපායේ වැසියන්ව දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කරවනවා යනු ත්‍යාගයක් දිනා ගැනීම වේ.

ඕම් ශාන්ති.
ශිෂ්‍යයින් ඉගෙන ගන්නා විට හරිම සතුටින් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ගුරුවරයාත් ලොකු සතුටකින් හා ආසාවකින් උගන්වනවා. ගුරුවරයාත් වන අසීමිත පියා ලොකු ආසාවකින් අපට උගන්වනවාය යන්න ආධ්‍යාත්මික දරුවන් වන ඔබලා දැන් දන්නවා. අනිකුත් ඉගැන්වීම් වල උගන්වන කෙනාත් පියාත් දෙදෙනෙක් ඇතැම් දරුවන්ගේ පියා ඔවුන්ට උගන්වන ගුරුවරයාත් වෙනවා. එමනිසා ඔහු ලොකු ආසාවකින් ඔවුන්ට උගන්වනවා. එහි ලේ නෑකමක් තිබෙනවා. දරුවා තමාට අයිති කෙනෙක් කියා ඔහු දන්නා නිසා හරිම ආසාවකින් ඔහු දරුවාට උගන්වනවා. පියාත් ඔබට උගන්වන්නේ ලොකු ආසාවකින්. එමනිසා, දරුවන් වන ඔබලාත් ලොකු ආසාවකින් ඉගෙන ගත යුතුයි. පියා ඔබට කෙලින්ම උගන්වනවා. ඔහු ඔබට ඉගැන්වීමට පැමිණෙන්නේ එකම එක් වතාවයි. බාබා දෙවියන් ඔබට උගන්වන නිසා දරුවන් වන ඔබ තුළ ආශාවක් තිබිය යුතුයි. ඔහු සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. ඉගෙන ගන්නා අතර ඇතැම් දරුවන් මේ මොනවාද කියා පුදුමයට පත් වන අවස්ථාවන් තිබෙනවා. මෙය නාටකයේ ඒමේ සහ යාමේ චක්‍රයයි. නමුත් ඔවුන් පුදුමයට පත් වෙනවා. ඇයි මේ නාටකය නිර්මාණය වුණේ. එහි ඇති ඵලය කුමක්ද? අපි චක්‍රය වටාම ගමන් කරමින් සිටිමුද? ඒක එසේ නම් මෙම චක්‍රයෙන් නිදහස් වීම වඩාත් හොඳයි. උපත් 84 මෙම චක්‍රය වටා දිගටම යා යුතුයි කියා දුටු විට. ඔවුන් සිතනවා: ඒමේ හා යාමේ චක්‍රයෙන් කාටවත් නිදහස් විය නොහැකි ආකාරයේ නාටකයක් දෙවියන් නිර්මාණය කළේ ඇයි?සදාතනික මෝක්ෂය ලැබීම වඩාත් හොඳයි. බොහෝ දරුවන් තුළ එවන් සිතිවිලි රැසක් තිබෙනවා. ඒමේ හා යාමේ චක්‍රයෙන් සතුටින් හා දුකින් නිදහස් විය යුතුයි කියා ඔවුන් සිතනවා: පියා කියනවා: මෙය කවදාවත් සිදුවන්නේ නැහැ. සදාකාලික මෝක්ෂයක් ලැබිමට උත්සාහ දැරීම ඵල රහිත ක්‍රියාවක්. එකම එක ජීවයක්වත් තම චරිතයෙන් නිදහස්කරවිය නොහැකියි. සෑම ජීවයක් තුලම අවිනාශි වූ චරිතයක් පටිගත වී තිබෙනවා. ජීව සදාකාලිකයි. අවිනාශියි. නළුවන් හරියටම හරි. එක් ජීවයක්වත් වැඩි වීමටවත් අඩුවීමටවත් බැහැ. දරුවන් වන ඔබලා තුළ සම්පූර්ණ ඥානය තිබෙනවා. නාටකයේ තම චරිතය රඟපෑමෙන් නිදහස් වීමට කිසිදු ජීවයකට හැකි වන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකුට සදාකාලික මෝක්ෂයක් ලද හැකි වන්නේත් නැහැ. සියලුම ආගම් වල අය පිළිවෙලින් පහළට පැමිණිය යුතුයි. පියා පැහැදිලි කරනවා: මෙය කල්තබාම තීරණය වුනු සදාකාලික නාටකයකි. ඔබත් කියනවා: බාබා අපි උපත් 84 චක්‍රය පුරා ගියේ කෙසේද කියා දැන් අපි දන්නවා. පළමුවෙන්ම පැමිණි අය උපත් 84 ක් ගත යුතු බව ඔබටත් තේරෙනවා. පසුවට පැමිණෙන අය අනිවාර්යෙන්ම ලබන්නේ අඩු උපත් සංඛ්‍යාවකුයි මෙහිදී ඔබ උත්සාහ දැරිය යුතුයි. පැරණි ලෝකය අනිවාර්යෙන්ම නැවතත් අළුත් වීමට යනවා. අළුත් දරුවන් දිගටම එන නිසා සෑම දෙයක්ම නැවත නැවතත් කියා දීමට බාබාට සිදු වෙනවා. කවුද ඒ අයට පසුගිය පාඩම් කියා දෙන්නේ? එමනිසා, බාබා අළුත් දරුවන් දුටු විට පරණ කරුණු නැවතත් කියා දෙනවා. මේ සම්පූර්ණ ඥානය ඔබගේ සිහියේ තිබෙනවා. ආරම්භයේ සිට ඔබ තම චරිතය රගපාමින් පැමිණියේ කෙසේද කියා ඔබ දන්නවා. තමන් පිළිවෙලින් පහලට පැමිණියේ කෙසේද උපත් කීයක් ගන්නවාද කියා ඔබ හරියටම දන්නවා. ඥානයේ කරුණු ඔබට කියා දීම සඳහා බාබා මේ කාලයේ දී පැමිණෙනවා. සත් යුගයේදී ඔබට ප්‍රතිලාභය හිමි වෙනවා. මෙය ඔබට පැහැදිලි කෙරෙන්නේ මේ කාලයේදී පමණයි. මන්මනාභව් යන වචනය ගීතාවේ මුලත් අගත් ලියා තිබෙනවා. ඔබට හොඳ අධ්‍යාපනයක් ලබා දී තිබෙන්නේ එවිට ඔබට හොඳ තත්ත්වයක් ලබා ගත හැකි නිසා දැන් ඔබලා රජවරුන් වීමට උත්සාහ දරනවා. අනිකුත් ආගම් වලත් අය පිළිවෙලින් පහළට පැමිණෙන්නේ කෙසේද යන්න ඔබට පහදා දී තිබෙනවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ ආගම් නායකයින් අනුගමනය කළ යුතුයි. අධිරාජ්‍යයක් ගැන එහිදී සඳහනක් නැහැ. වැඩියෙන්ම ප්‍රශංසාවට ලක් වී ඇත්තේ ගීතා ග්‍රන්ථයයි. පියා පැමිණ එය කියවා සියලු දෙනාවම ගලවා ගන්නේ මෙම භාරතයේ දියි. ආගම් ස්ථාපනය කළ මූලිකයින් මිය ගිය විට ඔවුන් වෙනුවෙන් ලොකු ලොකු වන්දනා ස්ථාන සාදා තිබෙනවා. ඇත්තටම කියනවා නම්, අසීමිත පියා පැමිණෙන භාරතය සෑම කෙනෙකුගේම වන්දනා ස්ථානයයි. පියා භාරතයට පැමිණ සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දුන්නා ඔහු කියනවා: ඔබ මට ගැලවුම්කරු හා මඟ පෙන්වන්නා කියා කියනවා නේද? මම ඔබව මෙම පැරණි දුකින් පිරි ලෝකයෙන් නිදහස් කරවා සාමයේ දේශය හා සතුටේ දේශය වෙතට ගෙන යන්නම්. බාබා අපව සාමයේ දේශයටත් සතුටේ දේශයටත් ගෙන යන බවත් අන් සෑම කෙනෙක්ම සාම දේශය වෙතට යැවෙන බවත් දරුවන් වන ඔබලා දන්නවා. පියා පැමිණ ඔබව දුකින් නිදහස් කර ගන්නවා. ඔහු උපතක් ලබන්නේත් නැහැ. මිය යන්නේත් නැහැ. පියා පැමිණ සිටිනා අතර ඔහු නැවතත් ආපසු යාවි. ඔහු මියගියා කියා හෝ ශිවානන්දට කියනවාක් සේ ඔහු ශරීරය අතහැර ගියා කියා හෝ ඔබ ඔහුට කියනා එකක් නැහැ. ජීවයකගේ ආපසු යාමේදී මිනිස්සු අවසන් වතාවත් කරනවා. මේ පියා ආපසු යන විට කිසිම වතාවතක්වත් සැමරුමක්වත් කළ යුත්තේ නැහැ. ඔහු එන්නේ කොයි වෙලාවටද කියාවත් ඔබට කියන්න බැහැ. එමනිසා අවසන් වතාවත් කළ යුතුයි කියා ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. සෑම මානව ජීවයක් වෙනුවෙන්ම අවසන් වතාවත් සිදු කරනවා. නමුත් පියා වෙනුවෙන් කිසිම වතාවතක් කරන්නේ නැහැ. මන්ද ඔහුට ශරීරයක් නැහැ. සියලුම මානව ජීවින් අබ ඇට වගේ පොඩි වී යාවි. සත් යුගයේදී ආධ්‍යාත්මික ඥානය හෝ වන්දනාවක කියා දෙයක් ගැන කියැවෙන්නේ නැහැ. එවන් දේ පවතින්නේ මේ කාලයේදියි. අන් සෑම කෙනෙක්ම මේ කාලයේ දී කරන්නේ භක්තියම පමණයි. පසුව අවසානයේ දී පියා පැමිණ ඔබට ඔබගේ ඥානයේ උරුමය ලබා දෙනවා. මේ ඥානය ඔබත් සමග එහි යන්නේ නැහැ. එහිදී පියාව සිහිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මන්ද එහදී ඔබ සිටින්නේ මුක්තියේයි. එහිදී ඔබට ඔහුව සිහි කිරීමට සිදු වෙනවාද? එහි දුකක් ගැන කිසිම පැමිණිල්ලක් නැහැ. මුලදි භක්තිය පිරිසිදුයි පසුව එය මිශ්‍ර එකක් බවට පත් වෙනවා. මේ කාලයේදී භක්තිය දැඩි සේ මිශ්‍ර වුණු එකක් බවට පත් වෙලා. අපායේ ගැඹුරු ආගාධය කියන්නේ මේකයි එය සම්පූර්ණයෙන්ම අපායයි. එය දැන් සම්පූර්ණ දිව්‍ය ලෝකය බවට පත් කරවීමට පියා පැමිණ සිටිනවා. මේ කාලයේ ඇත්තේ 100% ක්ම දුකයි. පසුව 100% ක් සාමය හා සතුට බිහිවෙනවා. ජීව ගිහින් තම නිවහනේ විවේක ගන්නවා. මෙය පැහැදිලි කිරීම හරිම පහසුයි. පියා කියනවා: නව ලෝකයේ ස්ථාපනයත් පැරණි ලෝකයේ විනාශයත් සිදු විය යුතු වෙලාවේදී පමණයි මා පැමිණෙන්නේ. එවන් කාර්යයක් කිරීමට එක් අයෙකුට පමණක් බැහැ: උදව්කරුවනුත් රාශියක් අවශ්‍යයි. දරුවන් වන ඔබලා පියාගේ උදව්කරුවන් වන්නේ මේ කාලයේදියි. ඔබ විශේෂයෙන්ම භාරතයේ සැබෑ සේවය කරනවා. සත්‍ය පියා ඔබට සත්‍ය සේවය උගන්වනවා.ඔබ තමාටත්, භාරතයටත් මුළු ලෝකයටමත් යහපත සලසනවා. එමනිසා, ඔබ මෙය ලොකු ආශාවකින් කළ යුතුයි. බාබා මහත් වූ ආශාවකින් සියලු දෙනාටම මුක්තිය ලබා දෙනවා. දැන් පවා සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම ගැලවීම ලද යුතුයි. මෙය පිරිසිදු ආඩම්බරයයි. සුබ පැතුමයි. ඔබලා කරන්නේ සත්‍ය සේවයයි. නමුත් ඒ අදෘශ්‍යමාන ලෙසිනුයි. ජීවයක් තම ශරීරය හරහා සියල්ල කරනවා. බ්‍රහ්ම කුමාරින්ගේ අරමුණ කුමක්දැයි කියා බොහෝ අය අසනවා. ඔවුන්ට කියන්න:බ්‍රහ්ම කුමාරීන්ගේ අරමුණ වන්නේ මුළු ලෝකය පුරාම ස්වර්ණමය යුගයේ ස්ව අධිපත්‍යය ස්ථාපනය කිරීමයි. සෑම වසර 5000 කට වතාවක්ම අපි ශ්‍රීමත් අනුගමනය කර ලෝකය පුරා සාමය ස්ථාපනය කර ලෝක සාම ත්‍යාගය දිනා ගන්නවා. රජත් රැජිණත්, පුරවැසියනුත් සෑම දෙනාම මෙම ත්‍යාගය දිනා ගන්නවා. අපායේ වැසියෙකුගේ තත්ත්වයෙන් දිව්‍ය ලෝකයේ වැසියෙක් වනවා කියන්නේ පොඩි දෙයක් නොවෙයි. සාම ත්‍යාගයක් ලැබුණු විට මිනිස්සු හරිම සතුටට පත් වෙනවා. නමුත් ඇත්තටම කියනවා නම් ඔවුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. ලෝක ආධිපත්‍යය නම් වූ සැබෑම තෑග්ග මේ කාලයේදී පියාගෙන් ලබා ගන්නේ අපියි. භාරතය තමන්ගේ උසස් දේශය කියා ඔවුන් කියනවා. භාරතයේ ගුණ ගායනා කරනවා. තමන් තමයි භාරතයේ පාලකවරුන් කියා ඔවුන් විශ්වාස කරනවා. කොහොමනමුත් ඔවුන් පාලකවරුන් නොවෙයි. දරුවන් වන ඔබලා දැන් බාබාගේ ශ්‍රීමත් අනුගමනය කර අධිරාජ්‍යය ස්ථාපනය කරනවා. ඔබ ලඟ කිසිම ආයුධයක් නැහැ. ඔබලා දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නා නිසා ඔබලාව සිහිපත් කර වන්දනා කෙරෙනවා . බලන්න අම්බාව කෙතරම් දුරට වන්දනා වෙනවාද කියලා. කොහොමනමුත්, කව්ද අම්බා කියන්නේ? ඇය බ්‍රාහ්මින්වරයෙක්ද නැතිනම් දේවතාවරියක්ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. අම්බා, කාලි, දුර්ගා සරස්වතී වැනි නම් රාශියක් තිබෙනවා. මෙහිත් අම්බා වෙනුවෙන් පුංචි දේවාලයක් තිබෙනවා. ඔවුන් අම්බාව අත් ගණනාවක් ඇති කෙනෙක් ලෙස පෙන්නුම් කරනවා. නමුත් ඇය ඒවගේ නොවෙයි. අන්ධ විශ්වාසය කියන්නේ ඒකයි. ක්‍රිස්තුන් වහන්සේ බුදුන් වහන්සේ වැනි අය පැමිණි විට තම තමන්ගේ ආගම් ස්ථාපනය කළා. ඔවුන්ගේ දින වකවානු හොදින් දන්නවා. එහි අන්ධ විශ්වාසය කියා දෙයක් නැහැ. මෙහි භාරතයේ මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. තමන්ගේ ආගම ස්ථාපනය කළේ කවුද, කවදාද එය ස්ථාපනය වූයේ. කිසිවෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. මෙන්න මේක නිසා තමයි ඒක අන්ධ විශ්වාසය කියලා කියන්නේ. දැන් ඔබලා වන්දනාකරුවන්. පසුව ඔබලා වන්දනාවට සුදුස්සන් බවට පත් වෙනවා. ජීව වන ඔබලා වන්දනාවට සුදුසු අය ලෙස සිටි කල, ඔබලාගේ ශරීර පවා තිබුණේ ඒ ලෙසිනුයි. ජීවයක් ලෙස ඔබලාව වන්දනාවට පාත්‍ර වුණා. පසුව ඔබලා දේවතාවරුන් වුණු නිසා ඒ ස්වරූපයෙනුත්, ඔබලාව වන්දනා කෙරෙනවා. පියා සෑම විටම අශාරීරිකයි. ඒ නිසා ඔහු සෑම විටම වන්දනීය කෙනෙක් වෙනවා. ඔහු කවදාවත් වන්දනා කරන කෙනෙක් වන්නේ නැහැ. දරුවන් වන ඔබලා ගැන තමයි: ඔබලා වන්දනීය අය සේම වන්දනා කරනා අය වෙනවා කියා කියන්නේ. පියා සදාකල්හිම වන්දනීයයි. පියා මෙහි පැමිණ සෑමකෙනෙක්වම ගැලවීමේ සත්‍ය සේවය කරනවා. පියා කියනවා: දැන් නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. කිසිදු ශාරීරික කෙනෙක්ව සිහිපත් කරන්න එපා. කෝටිපතියන් ප්‍රකෝටිපතියන් අල්ලා දෙවියන්ට කන්නලව් කරනවා. එහි ඇත්තේ මහා අන්ධ භක්තියක්, පියාත් ඔබට හම් සෝ (මම ඒ සිටි කෙනායි) යන්නෙහි අර්ථය පහදා දී තිබෙනවා. ඔවුන් ශිවෝහම් (ජීවය වන මා උත්තරීතර ජීවයයි) කියා කියනවා. නිවැරදි දේ කුමක්ද කියා පියා දැන් ඔබට කියා තිබෙනවා. එමනිසා දැන් තමන්ම තීරණය කර බලන්න. භක්ති මාර්ගයේදී ඔබ ඇසූ දේවල් හරිද නැතිනම් බාබා දැන් ඔබට කියනා දේවල් හරිද. හම් සෝ යන්නට ඔවුන් දෙන අර්ථ නිරූපණය හරිම දිගයි පැටලිලි සහිතයි. අපි බ්‍රහ්මින්වරුන්, පසුව අප දේවතාවරුන් හා ක්ෂත්‍රියන් බවට පත් වෙනවා. ඉතින් එසේනම් හම් සෝ යන්නෙහි කුමන අර්ථයද හරි ? ජීවයක් වන මම චක්‍රය වටා යන්නේ මේ විදියටයි. බහුරූපී ප්‍රතිරූපයක පින්තූරයකුත් තිබෙනවා. ඔවුන් ඒ රූපයේ ඉහලින්ම සිටිනා බ්‍රහමින්වරුන්ව පෙන්වලාත් නැහැ. පියාව පෙන්වලාත් නැහැ. දේවතාවරුන් එන්නේ කොහි සිටන්ද? ඔවුන් නිර්මාණය වූයේ කෙසේද? කලියුගයේ ඇත්තේ ශුද්‍ර කුළයයි. එමනිසා, දේවතා කුළයක් හදිසියේම සත් යුගයට එන්නේ කෙසේද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මිනිස්සු භක්ති මාර්ගයේ හොඳටම පැටලිලා. ග්‍රාන්ත නම් වූ ග්‍රන්ථය කියවූ කෙනෙක්ට දේවාලයක් සෑදිය යුතුයි කියා සිතුවා. එමනිසා, ඔහු එය කර එතැන වාඩි වී ග්‍රාන්ත් ග්‍රන්ථය කියවමින් සිටියා. බොහෝ අය එහි ගොස් අනුගාමිකයින් බවට පත් වෙනවා. නමුත් එහි කිසිම ඵලයක් නැහැ. ඒ වගේ කඩ රාශියක් බිහි වී තිබෙනවා. දැන් ඒ කඩ සියල්ල විනාශ වීමටයි යන්නේ. එවන් ව්‍යාපාර සියල්ල ඇත්තේ භක්ති මාර්ගයේයි. ඒ මඟින් ඔවුන් සෑහෙන්න මුදල් උපයනවා. තමන් බ්‍රහ්ම යෝගීන් (බ්‍රහ්ම ලෝකයත් සමඟ යෝගා කරනා යෝගීන්) කියා සන්යාසීන් කියනවා. භාරතයේ මිනිස්සු මුලින්ම අයිති වුණේ දේවතා ධර්මයට වුණත් තමන් හින්දු ආගමිකයින් කියා ඔවුන් කියන්නාක් සේ බ්‍රහ්ම යනු ආලෝකයයි. ජීව සිටින්නේ එහියි. නමුත් සන්යාසීන් තම තමන්ව හදුන්වා ගැනීමට: බ්‍රහ්ම ලෝකය ගැන ඥානය ඇත්තන් වශයෙන් නම් දමාගෙන සිටිනවා.කොහොමනමුත්, බ්‍රහ්ම ලෝකය යනු නවාතැනක්.එමනිසා, ඔවුන් ඒ වගේ ලොකු වැරැද්දක් කර ඇත්තේ කෙසේදැයි කියා බාබා පැහැදිලි කර කියා දෙනවා. මේ සියල්ල ඔවුන්ගේ මිත්‍යාවයි. මා පැමිණ සිටින්නේ ඒ සියල්ලගේම මිත්‍යාවන් ඉවත් කරවීමටයි. භක්ති මාර්ගයේදී, ඔවුන් කියනවා:අහෝ දෙවියනි, මුක්තිය දානය කිරීමේත් උපදෙස් දීමේත් ඔබගේ ක්‍රම විධි හරිම අසහායයි. වෙන කිසිම කෙනෙක්ට මුක්තිය දානය කරන්න බැහැ. කොහොමනමුත්, ඔබට බොහෝ දෙනෙකුගේ උපදෙස් ලැබෙනවා. මෙහිදී ඔබට ලැබෙනා උපදෙස් මහා පුදුමාකාර දේවල් කරනවා. මේ උපදෙස් මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම වෙනස් කරවනවා. මෙතරම් ආගම් ගණනාවක් පැවතෙන්නේ කෙසේද කියා දැන් ඔබගේ බුද්ධියට වැටහෙනවා. පසුව ජීව ගොස් තම තමන්ගේ ස්ථාන වල නවාතැන් ගන්නවා. මේ සියල්ල නාටකයේ නියමිතව ඇති දේවල්ය. දිව්‍යමය දර්ශන දානය කරන්නේ එකම එක පියා පමණයි කියා දරුවන් වන ඔබලාත් දැන් දන්නවා. කෙනෙක් බාබාට කිව්වා: දිව්‍යමය දර්ශන වල යතුර මට දෙන්න. එවිට කාට හෝ දර්ශන දීමට මට හැකි වේවි කියලා. බාබා පිළිතුරු දුන්නේ මෙහෙමයි: නැහැ කාටවත් මේ යතුර දෙන්න බැහැ. ඒ වෙනුවට මම ඔබට ලෝක ආධිපත්‍යය ලබා දෙන්නම්. මට ඒක ලැබෙන්නේ නැහැ. දර්ශන දීම මට පමණක් අයිති චරිතයයි කෙනෙක්ට දර්ශනයක් ලැබුණු විට වෙන කිසිවක් නොලැබුණත් ඔහු ඉතාමත් සතුටට පත් වෙනවා. දර්ශනයක් ලැබුණු විට කෙනෙකුගේ ලෙඩ සුව වෙනවා. නැතිනම් ඔහු ධනවත් වෙනවා කියා දෙයක් සිදු වන්නේ නැහැ. මීරාට දර්ශනයක් ලැබුණා. නමුත් ඇයට මුක්තිය ලැබුණේ නැහැ. මිනිස්සු සිතුවේ ඇය වයිකුන්තයේ සිටිනවා කියලයි. කොහොමනමුත්, වයිකුන්තය ක්‍රිෂ්ණාගේ දේශය, ඇත්තේ කොහිද. ඒ සියල්ල දර්ශන පමණයි. පියා මෙහි සිට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. මුලදී මොහුටත් විශ්නුගේ දර්ශන ලැබුණා. ඔහු බොහෝ සතුටට පත් වුණා. තමන් අධිරාජ්‍යවරයෙක් වීමට යනවා කියා ඔහු දැක්කා. ඒ වගේම විනාශයේ දර්ශනයකුත් ඉන් අනතුරුව ඔහුගේ අධිරාජ්‍යයේ දර්ශනයකුත් ඔහුට ලැබුණා. ඒ නිසා තමන් ලෝක ආධිපත්‍යය ඇත්තෙක් බවට පත් වීමට යනවා යන විශ්වාසය ඔහු තුළ ස්ථාපනය වුණා. ඒ කාලෙදීම බාබා ඔහුට ඇතුළු වුණා. බාබා ඔබ මේ සියල්ල ගන්න. මට ඕනේ ලෝක අධිරාජ්‍ය පමණයි ඔබත් පැමිණ සිටින්නේ මේ කේවල් කිරීම කිරීමටයි. නේද? ඥනය ගන්නන් භක්ති කිරීම අවසන් කර දමනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බෙහෝ කාලයක් තිසේසේ නැතිවී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දිව්‍යමය ගුණධර්ම උකහා ගෙන ශ්‍රීමත් අනුගමනය කර භාරතයේ සැබෑ සේවය කරන්න. තමාටත් භාරතයටත්, මුළු ලෝකයටමත් හරිම ආසාවෙන් යහපත සලසන්න.

2. සදාකාලික වූත් අවිනාශීවූත් කල්තබාම තීරණය වූ නාටකය හරිහැටි තේරුම් ගෙන තම කාලය අපතේ යැවෙන ආකාරයේ කිසිඳු උත්සාහයක් දරන්න එපා. නිශ්ඵල සිතිවිලිවත් තබා ගන්න එපා.

වරදානය:
ඒකාග්‍රතාවය සහ ස්ථාවරත්වය පුහණු වීමෙන්, ඔබගේ මනෝ ස්ථීතිය නිරන්තර සහ ස්ථාවර කරගෙන, සම්පූර්ණ සාර්ථකත්වයේ පිළිරුවක් වේවා.

ඒකාග්‍රතාවය ඇති විට, ඔබට ඉබේටම නිරන්තර සහ ස්ථාවර ස්ථීතියක් තිබෙයි. ඒකාග්‍රතාවය තුළින්, සියලු නිෂ්ඵල සිතිවිලි, වචන සහ ක්‍රියා අවසන් වී, සියල්ල බලයෙන් පිරෙයි. ඒකාග්‍රතාවය යනු, මුළු වෘක‍්ෂයේම ව්‍යාප්තිය මුසු වී ඇති, එක ශ්‍රේෂ්ඨ සිතිවිල්ලක ස්ථාවරව සිටීමය. ඒකාග්‍රතාවය වැඩි කරගන්න, එවිට සියලු අන්දමේ කැලඹිලි අවසන් වෙයි. සියලු සිතිවිලි, වචන සහ ක්‍රියා පහසුවෙන් සාර්ථක වෙයි. මේ සඳහා, හුදකලාවේ සිටින කෙනෙක් වන්න.

පාඨය:
ඔබ අතින් සිදුවු වැරැද්දක් ගැන නැවත නැවතත් සිතීම යනු, නොකඩවා පැල්ලමක් උඩ තව පැල්ලමක් දැමීමයි. එබැවින් අතීතයට නැවතීමේ තිතක් තබන්න.