08.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් අශාරීරික වීම පුහුණු වන්න. ඒ සියලුම විනාශ වන සිරුරු සඳහා ඇති ඔබගේ සෙනෙහස බිඳ දමා, ශිව බාබාට පමණක් සෙනෙහස පාන්න.

ප්‍රශ්නය:
මෙම අසීමිත පැරණි ලෝකය වෙනුවෙන් දැනටමත් නිරාශාවක් ඇති අයගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ගේ භෞතික දෙනෙතින්, ඔවුන් දකිනමුත්, කිසි දෙයක් නොදකියි. මේ සියල්ල විනාශ වීමට ඇති බවත්, සියලුම මිනිසුන් දැනටමත් මියැදී ඇති බවත්, ඔවුන් සාම දේශයට සහ සතුටු දේශයට යා යුතු බවත් ඔවුන්ගේ බුද්ධියේ අවධානයේ ඇත. ඔවුන්ගේ බැඳීම් ඉවත් වෙමින් තිබෙයි. ඔවුන් කවුරුන් සමඟ හෝ කතා කරන අතර, යෝගා ස්ථීතියක සිටින විට, එම කෙනා ඔවුන් වෙත ආකර්ෂණය වෙයි. ඔවුන්ට ඥානයේ කුල්මත්භාවය තිබේ.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
පියා පවසන්නේ සුමිහිරි දරුවනි, ඔය දරුවන් ශිව බාබාව හඳුනනවා. එබැවින් මෙම ගීත ගායනා කිරීම, භක්ති මාර්ගයේ අය මෙන් වීම, වැනිය. භක්ති මාර්ගයේ මිනිසුන් පවසන්නේ ශිවාට නමස්කාර වේවා හෝ මව සහ පියා, නමුත් ඔවුන් ඔහුව හඳුනන්නේ නැත. ඔබ දිව්‍ය ලෝකයේ ඔබගේ උරුමය හිමිකර ගත යුත්තේ ශිව බාබාගෙනි. ඔය දරුවන්ට පියාව මුණගැසී ඇති අතර, ඔබට ඔහුගෙන් දිව්‍ය ලෝකයේ උරුමය හිමිවනවා, ඔබ ඔහු සිහිකරන්නේ මේ නිසාය. ඔබට ශිව බාබාව හමු වී ඇත ලෝකයාට ඔහු හමු වී නැත. ඔහුව හමු වූ අයට පවා ඉතා හොඳින් ඉදිරියට යාමට නොහැකි වී තිබේ. බාබාගේ උපදෙස් ඉතා මිහිරියි ඔබ ජීවාත්ම අවධානයට පත් වේවා. අශාරීරික වීමේ අවධානය ඔබට තිබේවා. ඔහු කතා කරන්නේ ජීවාත්මයන්ට පමණයි. ජීව අවධානයෙන් සිටින පියා, කතා කරන්නේ ජීව අවධානයෙන් සිටින දරුවන්ට පමණයි. ඔහු එක්කෙනෙක් පමණක් වන අතර ඔහු මධුබාන්වල ඔය දරුවන් සමඟ අසුන්ගෙන සිටිනවා. පියා සැබවින්ම ඔබට ඉගැන්වීමට පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ශිව බාබා හැර, වෙනත් කිසිවෙකුට ඔබට මෙම අධ්‍යයනය, ඉගැන්විය නොහැක බ්‍රහ්මට හෝ විෂ්ණුට එය කළ නොහැක. පැමිණ, අමරණීයත්වයේ කතා පුවත පැවසීමෙන්, අපවිත්‍ර අය පිවිතුරු කරන්නේ පරම පියා පමණයි. ඔහු නියත වශයෙන්ම එය පැවසිය යුත්තේ මෙහිදීය. ඔහු අමරනාථහිදි එය නොකියයි. අමරණීයත්වයේ කතා පුවත, සත්‍ය නාරායනගේ කතා පුවතයි. පියා පවසන්නේ මා ඔබට මෙම කතාව කියන්නේ මෙහිදිය. අන් සියල්ල භක්ති මාර්ගයේ සැරි සැරීමය. විමුක්තිය පිරිනමන්නා, රාමා, පමණයි අශාරීරික වන්නේ. පාරිශුද්ධකරු, ඥානයේ මහා සාගරය සහ සාමයේ මහා සාගරය ඔහුම පමණයි. ඔහු පැමිණෙන්නේ එය විනාශය සඳහා කාලය වූ විටයි. මුළු ලෝකයේම ගුරූ විය හැක්කේ පරමාත්ම පියා, පරමාත්ම ජීවයට පමණයි. ඔහු අශාරීරිකයි. දේවතාවන් ද මනුෂ්‍යයන් වන නමුත් ඔවුන් දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයන්ය, ඔවුන් දේවතාවන් ලෙස හඳුන්වන්නේ ඒ නිසාය. ඔබට දැන් ඥානය ලැබී ඇත. ඥාන මාර්ගයේදී, ඔබගේ ස්ථීතිය, ඔබ බොහෝ ශක්තිමත්ව තබා ගත යුතුයි. හැකිතාක් පමණ පියා සිහිපත් කරන්න. අශාරීරික වන්න. සිරුරට ඔබ සෙනෙහස දක්වන්නේ මන්ද? බාබා පවසන්නේ ශිව බාබා සිහිපත් කර, ඉන්පසුව මෙම කෙනා වෙතට එන්න. මිනිසුන් සිතන්නේ ඔබ දාදා මුණගැසීමට යන බවයි. ඔබ මෙම කෙනාව මුණගැසෙන විට, සිහි කරන්නේ ශිව බාබාව බව, ඔබ දන්නවා. එහි ඇත්තේ අශාරීරික ජීවාත්ම, තිත් පමණයි. ඔබට තිතක් මුණගැසිය නොහැක. එබැවින් ඔබ ශිව බාබාව මුණගැසෙන්නේ කෙසේද? මේ නිසා මෙහිදි එය විස්තර කර දෙන්නේ අහෝ ජීවාත්මයනි, තමන් ජීවයක් බව සලකා, ඔබ ශිව බාබාව මුණ ගැසෙන බව, ඔබගේ බුද්ධියෙන් සිහි කරන්න. මෙය ඉතා ගැඹුරු රහසකි. බොහෝ දෙනෙකුට ශිව බාබාව සිහි කළ නොහැක. බාබා විස්තර කරන්නේ සෑම විටෙකම ශිව බාබා සිහි කරන්න. ඔබ මුණ ගැසෙන්න ශිව බාබා පැමිණෙයි. බාබා, මා දැන් අයත් ඔබටයි. ශිව බාබා මෙම කෙනා තුළට ඇතුළු වී ඥානය පවසයි. ඔහු අශාරීරික ජීවාත්මයක් වන අතර ඔබද ජීවාත්මයි. ඒකායන පියා පමණයි ඔය දරුවන්ට මෙසේ පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබ ඔහුව, ඔබගේ බුද්ධියේ තබා ගත යුතුයි. අප පියා වෙතට පැමිණ ඇත. බාබා මෙම අපවිත්‍ර සිරුර තුළට ඇතුළු වී ඇත. අප ඔබ ඉදිරියට පැමිණි සැනින්, අපට මෙම විශ්වාසය ඇතිවෙයි ශිව බාබා, මා දැන් ඔබ සතුයි. මුරලියේද ඔබ අසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. මේ එම පාරිශුද්ධකරු පියාම බව ඔබ දන්නවා. සැබෑ සත්ගුරු ඔහුය. ඔය පාණ්ඩවයන්ගේ බුද්ධිය තුළ පරම පියා, පරමාත්ම ජීවය වෙනුවෙන් සෙනෙහස තිබේ. අන් සෑම කෙනෙකුටම තිබෙන්නේ, එක් හෝ තව කෙනෙක් වෙනුවෙන්, සෙනෙහස නොමැති බුද්ධීන්ය. ශිව බාබාට අයත් අයගේ සතුටෙහි රසදිය කඳ ඉතා ඉහළ තිබිය යුතුයි. කාලය සමීපවත්ම, ඔබගේ උපත් 84 දැන් අවසන් වීමේ සතුට, ඔබට තව වැඩියෙන් දැනෙයි. මෙය දැන් අවසන් උපත වන අතර අපි දැන් නිවසට යනවා. ඉනිමගේ පිංතූරය ඉතා හොඳ වන අතර, මෙය, එහි ඉතා පැහැදිලියි. ඔය දරුවන් දවස පුරාම ඔබගේ බුද්ධි භාවිත කළ යුතුයි. මෙම පිංතූර පිංතාරු කරන අය, බොහෝ ආවර්ජනය කළ යුතුයි. නායකයන් මේ ගැනද සිතිය යුතුයි. ස්වර්ණමය යුග ශ්‍රේෂ්ඨ දේවතා රාජධානියේ 900,000 සිටින බවට අභියෝගයක් ඔබ නිකුත් කරයි. මේ ගැන ඔබට තිබෙන සාක‍්ෂි මොනවාද කියා කෙනෙකුට විමසිය හැක. ඔහුට කියන්න එය වටහාගත යුතු දෙයකි. ස්වර්ණමය යුගයේ වෘක‍්ෂය ඉතා කුඩා වෙයි. එක් ධර්මයක් සහ ඉතා සුළු ජනගහණයක් නියත වශයෙන්ම සිටියි. ඉනිමග පිංතූරයේ සියලුම ඥානය ඇතුලත් වී ඇත. නිදසුනක් ලෙස, කුම්බකරණගේ මෙම පිංතූරය දෙස බලන්න. බීකේවරුන් පානය කිරීමට ඥානයේ අමෘතය ලබා දෙන අතර, ඒ මිනිසුන් විෂ ඉල්ලන අන්දම එය තුළින් පෙන්නුම් කරන්න. බාබා සියලුම උපදෙස් අඛණ්ඩව මුරලියෙන් ලබා දෙයි. සෑම පිංතූරයකම විස්තරය ඉතා හොඳයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ පිංතූරය විස්තර කරන්න මෙම භාරතය දිව්‍ය ලෝකය විය. තිබුණේ එක් ධර්මයක් පමණක් බැවින් මනුෂ්‍යයන් කොපමණ සිටින්නට ඇතිද? වෘක‍්ෂය දැන් ඉතා විශාලව වැඩී ඇත! විනාශය දැන් සිදු විය යුතුයි. පැරණි ලෝකය පරිවර්ථනය කරන්නේ ඒකායන පියා පමණයි. කෙනෙක් වෙතට සැනෙකින් ඊතලයක් විදිය හැකි ප්‍රධාන පිංතූර හතරක් හෝ පහක් තිබේ. නාටකයට අනුව, දවසින් දවස, ඥානයේ කරුණු ගැඹුරු වනවා, එබැවින් පිතූර වලත් වෙනස්කම් සිදුවෙයි. ඔය දරුවන්ගේ බුද්ධිය තුළද වෙනස්වීම් සිදුවනවා. ශිව බාබා තිතක් බව, ඔබට පෙර වැටහුනේ නැත. ඔබට මෙය පෙර නොකීවේ මන්ද කියා ඔබ නොඇසිය යුතුයි. පියා පවසන්නේ සෑම දෙයක්ම මුලදී විස්තර කළ නොහැක. පියා ඥානයේ මහා සාගරයයි, එබැවින් ඔහු අඛණ්ඩව ඥානය ලබා දෙයි. නිවැරදි කිරීම්ද දිගටම සිදුවෙයි. ඔහු ඔබට සෑම දෙයක්ම කල්තියා නොකියයි. එසේ නම් එහි කෘත්‍රිම බවක් දැනෙයි. යමක් හදිසියේ සිදුවන්නේ නම්, කිව හැකි වන්නේ එය නාටකය බව පමණයි. ඔබට මෙසේ කිව නොහැක මෙය සිදු නොවන්නට තිබුණා, මම්මා අවසානය තෙක් සිටිය යුතුව තිබුණා, එසේ නම් ඇය ගියේ ඇයි? නාටකයේ කුමක් සිදු වුවත් එය නිවැරදියි. බාබා කුමක් පැවසුවත්, ඔහු එය පැවසුවේ නාටකයට අනුවයි. නාටකයේ මගේ චරිත කොටස එවැන්නකි! බාබාද සෑම දෙයක්ම නාටකයට භාර දෙයි. මිනිසුන් පවසන්නේ, එය දෙවියන්ගේ කැමැත්ත කියාය. පරමාත්ම දෙවියන් පවසන්නේ එය නාටකයේ ඉරණමයි. පරමාත්ම දෙවියන් යමක් පැවසුවත්, මෙම කෙනා යමක් පැවසුවත්, එය නාටකයේ තිබුණා. යම් වැරදි දෙයක් සිදු වන්නේ නම්, එය නාටකයේ තිබුණා, එසේම එය නැවත නිවැරදි කෙරෙයි. නියත වශයෙන්ම ඉහළ නැඟීමේ ස්ථීතිය තිබේ. ඔබ ඉහළ නඟින විට, විටෙක චංචල වීමක් ඇතිවෙයි. ඒ සියල්ල මායාගේ කුණාටුවකි මායා පවතින තුරු, පාපකාරී සිතිවිලි අනිවාර්යෙන්ම පැමිණෙයි. මායා, ස්වර්ණමය යුගයේ නොමැත, එබැවින් එහිදී පාපකාරී සිතිවිලි පිළිබඳ ප්‍රශ්නයක් නැත. ස්වර්ණමය යුගයෙදී, ක්‍රියා කිසිම විටෙක පාපකාරී නැත. ඉතිරිව තිබෙන්නේ ටික දවසක් පමණක් වන අතර, මෙය අපගේ අවසන් උපතයි, යන සතුට ඔබට තිබෙයි. ඔබ දැන් අමරණීය දේශයට යාම සඳහා, ශිව බාබාගෙන් අමරණීයත්වයේ කතා පුවතට සවන් දෙනවා. මෙම දේවල් වැටහෙන්නේ ඔබට පමණයි. ඒ මිනිසුන් අමරනාථ වලට ගොස් බොහෝ වැටි වැටි සැරිසරයි. පාර්වතීට, අමරණීයත්වයේ කතා පුවත පැවසුවේ කවුරුන්ද කියා, ඔවුන්ට නොවැටහෙයි. ඔවුන් එහි ශිවාගේ ප්‍රතිමාවක් පෙන්වයි. අච්චා, ශිවා අසුන්ගෙන සිටින්නේ කවුරුන් තුළද? ඔවුන් ශිවා සහ ශංකර් පෙන්වයි. එසේ නම් ශිවා, ශංකර් තුළ අසුන්ගෙන කතා පුවත පැවසුවාද? ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. අද පවා භක්ති මාර්ගයේ මිනිසුන් එහි වන්දනා ගමන් යයි. ඇත්ත වශයෙන්ම කතා පුවත දීර්ඝ නැත. එය සැබවින්ම මන්මනාභව පමණයි, එපමණයි! බීජය සිහි කරන්න. නාටක චක්‍රය සිහි කරන්න. ජීවාත්ම වන අපටත් බාබාට තිබෙන ඥානය තිබේ. ඔහු ඥානයේ මහා සාගරය වන අතර, ජීවාත්ම වන අපත් අධිපති ඥානයේ මහා සාගර වෙයි. ඔබ මෙය ගැන කුල්මත් විය යුතුයි. ඔහු කතා කරන්නේ සහෝදරයන් (ජීවාත්ම) වන අපටයි. ඔහුට කතා කිරීමට හැකි වන්නේ ශරීරියක් තුළින් පමණයි. ඔබ මේ ගැන කිසි සැකයක් ඇති කර ගත යුතු නැහැ. ඔබ පියා සිහි කරන විට, සියලුම ඥානය ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. ඔබගේ පාපයන් දුරු වී, සියලුම බැඳීම් අඛණ්ඩව අවසන් වන්නේ පියා සිහිපත් කිරීමෙන් පමණයි. සමහරුන්ට සෙනෙහස තිබෙන්නේ නමට පමණයි. අපටත් එසේමයි. අප දැන් සතුටු දේශයට යනවා. සෑම කෙනෙක්ම දැනටමත් මිය ගොස් ඇති සේය, එබැවින් අපගේ හදවත් ඔවුන් වෙත බැඳ තබාගන්නේ කුමකටද? අප සාම දේශයට ගොස්, ඉන්පසුව සතුටු දේශයට ගොස් එහි පාලනය කරයි. මෙයට කියන්නේ පැරණි ලෝකය සම්බන්ධව නිරාශාවක් තිබීම කියාය. පියා පවසන්නේ ඔබගේ භෞතික දෑසින් දකින සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. විනාශයෙන් පසුව ඔබ දිව්‍ය ලෝකය දකියි. ඔය දරුවන් දැන් බොහෝ මිහිරි විය යුතුයි. යමෙක් යෝගා ස්ථීතියෙන් කතා කරන විට, ඔහුට විශාල ආකර්ෂණයක් තිබෙයි. මෙම ඥානය කෙසේද යත්, ඔබට අන් සෑම දෙයක්ම අමතක වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥාන මාවතේදී ඔබ ඔබගේ ස්ථීතිය, ඉතා ශක්තිමත් කළ යුතුයි. අශාරීරික වන්න! ඒකායන පියාට සැබෑ සෙනෙහසක් ඇති කරගන්න.

2. නාටකයේ ඉරණම පිළිබඳව නොසෙලවී සිටින්න. නාටකයේ කුමක් සිදුවුවත් එය නිවැරදිය. කිසිම විටෙක ඔබව චංචල කර නොගන්න. කිසිම දෙයක් ගැන සැකයක් ඇති කර නොගන්න.

වරදානය:
ඔබ සෑම තත්පරයකදි සහ සෑම සිතිවිල්ලකින්ම දන් දීමෙන්, පරිත්‍යාගශීලී හදවත් ඇත්තෙක් සහ මහා දානපතියෙක් වේවා.

දානපතියාගේ දරුවන් වන ඔබ, ගන්න අය නොවෙයි, දෙන අයයි. ඔබ සෑම තත්පරයකදි සහ සෑම සිතිවිල්ලකින්ම දිය යුතුයි. ඔබ එවන් දන් දෙන්නෙක් වූ විට ඔබ පරිත්‍යාගශීලී හදවතක් ඇති මහා දානපතියෙක් ලෙස හැඳින්වෙයි. එවන් මහා දානපතියෙක් වීමෙන්, ඔබට ඉබේටම බොහෝ බලය ලැබෙයි. කෙසේවෙතත්, දීමට නම් ඔබගේ සම්පත් ගබඩාව පිරි තිබිය යුතුයි. ඔබට අවශ්‍ය තරම් ඔබ ගෙන ඇති බැවින් ඔබට දැන් ඉතිරිව තිබෙන්නේ දන් දීමටයි. එබැවින් අඛණ්ඩව දෙන්න, මන්ද දීමෙන් ඔබගේ සම්පත් ගබඩාව තවත් පිරෙයි.

පාඨය:
සෑම විෂයකින්ම සම්පූර්ණ ලකුණු හිමි කරගැනීමට, පරිණත බවේ ගුණධර්මය ධාරණය කරගන්න.


මාතේශ්වරීගේ අමිල වදන්

1) බ්‍රහ්මගේ සිරුර, අශාරීරික දෙවියන්ගේ වෙන් කරන ලද සිරුරයි.

පරමාත්ම දෙවියන් බ්‍රහ්මගේ භෞතික ශරීරය මාර්ගයෙන් අපට උගන්වන බවට සම්පූර්ණ විශ්වාසය අපට තිබිය යුතුයි. මෙම කරුණ ගැන බොහෝ ශිෂ්‍යයන් ප්‍රශ්න කරයි. අම්රිත් වේලාවේ, අශාරීරික දෙවියන් බ්‍රහ්මගේ භෞතික සිරුර තුළට ඇතුළු වන විට, ඒ වෙලාවේ සිරුරේ ඇති වන වෙනස කුමක්ද? ඔවුන් විමසන්නේ ඒ වෙලාවේ පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ කෙසේද කියා ඔබ අසුන්ගෙන නිරීක‍්ෂණය කරනවාද? පරමාත්ම දෙවියන් ඇතුළු වන විට, ඔහුගේ ඇස් සහ මුහුණ වෙනස් නොවන බව පහදා දී තිබෙනවා. නැහැ. නමුත් අප ධ්‍යානයකට සමවැදෙන විට ඇස් සහ මුහුණ වෙනස් වනවා. කෙසේවෙතත්, ශාරීරික බ්‍රහ්මගේ චරිත කොටස අදෘෂ්‍යමානයි. පරමාත්ම දෙවියන් ඔහුගේ සිරුරට ඇතුළු වන විට, කිසිවෙක් ඒ බව නොදනී. ඔහුගේ සිරුර වෙන් කර තිබේ, මේ නිසයි ඔහු තත්පරයකදි ඇවිත් තත්පරයකදි පිටව යන්නේ. මෙම රහස වටහාගත යුතුයි. ඔබට කිසියම් කරුණක් නොවැටහෙයි කියා, ඔබ මෙම ඉගෙනුම අත්හැර නො යා යුතුයි. දිනෙන් දින මෙම ඉගෙනුම වඩාත් ගැඹුරු සහ පැහැදිලි වනවා. ඔබ මුළු පාඨමාලාවම එකවර ඉගෙන ගන්නේ නැහැ. ඔබට විස්තර කෙරෙනවා. ආගම් නායකයන් පැමිණෙන විට, ඔවුන් සමඟ පිවිතුරු ජීවාත්මද පැමිණ තම තමන්ගේ චරිත කොටස් රඟපායි. එම ජීවාත්ම ඉන්පසුව සතුට සහ දුක යන නාටකය තුළට පැමිණෙයි. ඔවුන් ආපසු යන්නේ නැත. කෙසේවෙතත්, අශාරීරික පරමාත්ම ජීවය පැමිණෙන විට ඔහු සතුට සහ දුක ඉක්මවා සිටියි. ඔහු තම චරිත කොටස රඟපා ඉන්පසුව පිටව යයි. අප මෙය කරුණ අපගේ බුද්ධියෙන් වටහා ගත යුතුයි.

2) ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර වෙනස තිබෙන්නේ ඔවුන්ගේ ගුණධර්ම සහ ශක්තියේය.

ස්වරූපය අතින් ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර වෙනසක් නැත - පරමාත්ම ජීවය එවැනිම ආලෝක ස්වරූපයක් ජීවාත්ම සහ පරමාත්ම ජීවයේ ප්‍රමාණය එක සමානයි. කෙසේවෙතත්, ඔවුන්ගේ ගුණධර්ම සහ ශක්තිය අතින් ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර අනිවාර්යෙන්ම වෙනසක් තිබේ. සියලුම ගුණධර්ම පරමාත්ම දෙවියන්ගේ වර්ණනාවයි. පරමාත්ම දෙවියන් සතුට සහ දුක ඉක්මවා සිටියි. ඔහු සර්ව බලධාරියාය, සියලු ගුණධර්ම වලින් පිරිපුන් දිව්‍යමය කලා 16න් සම්පූර්ණයි. ක්‍රියාත්මක වන්නේ ඔහුගේ සියලු බලයන්ය. ක්‍රියාත්මක වන්නේ කිසිම මනුෂ්‍ය ජීවාත්මයකගේ බලය නොවෙයි. අඛණ්ඩව පවතින්නේ පරමාත්ම දෙවියන්ගේ චරිත කොටසයි. පරමාත්ම දෙවියන් පැමිණ, චරිත කොටසක් රඟපෑවත්, ඔහු නොබැඳී සිටියි. කෙසේවෙතත්, ජීවාත්මයක් චරිත කොටසකට ඇතුළු වූ විට, ඔහු නළුවෙක් වෙයි. දෙවියන් චරිත කොටසක් තුළට පැමිණෙන නමුත් සියලු කර්ම බන්දනයන්ගෙන් නිදහස්ව සිටියි. ජීවාත්මයක් චරිත කොටසකට ඇතුළු වූ විට, ඔහු යම් කර්ම බන්දනයකින් බැඳී ඇත. ජීවාත්ම සහ පරමාත්ම ජීවය අතර වෙනස මෙයයි. අච්චා.