08.11.20    Avyakt Bapdada      Sinhala Murli     01.10.87    Om Shanti    Madhuban


ජීවිත පරිවර්ථනයේ පදනම වන්නේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසයි.


අද, සෙනෙහස් සාගරය පැමිණ සිටින්නේ ඔහුගේ ආදරණීය දරුවන්ව මුණගැසීමටයි. පරම පියා සහ දරුවන් අතර සෙනෙහස, ලෝකය සෙනෙහස් රැහැනකින් බඳියි. සෙනෙහස් සයුර සහ සෙනෙහසින් පිරුණු ගංඟා අතර මුණගැසීම සිදුවන විට, සෙනෙහසින් පිරි ගංඟාවන්ද, පරම පියා හා සමානව, මාස්ටර් සෙනෙහස් සාගර වෙයි. මේ නිසයි, ලෝකයේ මිනිසුන් ඉබේටම අඛණ්ඩව සෙනෙහසේ අත්දැකීම තුළින් සමීප වන්නේ. ජීවාත්ම කෙතරම් නොදැනුවත් වුවත්, බොහෝ කලක් පවුලේ සෙනෙහස අහිමි වීම නිසා ඔවුන් කෙතරම් ගලක් මෙන් වී සිටියත්, පිවිතුරු සෙනෙහස සහ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සමඟ දේවමය පවුලේ සෙනෙහසින් එවන් ගල් වැනි ජීවාත්ම වුවද, මෙලෙක් වී ජලය මෙන් වෙයි. දේවමය පවුලේ සෙනෙහසේ ආශ්චර්යය මෙයයි. ඔවුන් තමන්ව කෙතරම් පසෙකට තබා සිටියත්, දේවමය සෙනෙහස ඔවුන්ව ඉබේටම කාන්දමක් මෙන් ඇද සමීපයට ගෙන එයි. මෙය, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ ප්‍රායෝගික ඵලය ලෙස හැඳින්වෙයි. තමන් වෙනත් මාර්ගයක සිටින බව කෙනෙක් කෙතරම් සිතුවත්, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ඔවුන්ව සහයෝගී කරවා අපි සැවොම එකයි යන රැහැනින් ඔවුන්ව බැඳ, ඔවුන්ට ඉදිරියට යාමට මඟ පාදයි. ඔබට මෙම අත්දැකීම තිබුණා නේද?

සෙනෙහස, පළමුව ඔවුන්ව සහයෝගී කරවයි. ක්‍රම-ක්‍රමයෙන් ඔවුන්ව සහයෝගී කිරීමෙන්, කාලයත් සමඟ එය ඉබේම ඔවුන්ව පහසු යෝගීවරුන් බවට පත් කරවයි. සහයෝගී වීමේ සලකුණ වන්නේ, අද ඔවුන් සහයෝගී වන අතර හෙට ඔවුන් පහසු යෝගීවරුන් වෙයි. පරිවර්ථනයේ පදනම වන්නේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසයි, එනම්, ජීවිත පරිවර්ථනයේ බීජය එයයි. තමන් තුළ, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විඳීමේ බීජය ඇති අය, ඉබේටම සහයෝගී වීමේ ගසට වැඩෙන්නට සලසන අතර නිවැරදි වෙලාවට, පහසු යෝගීවරුන් වීමේ ඵලය දිස් වෙයි, මන්ද, පරිවර්ථනයේ බීජය, අනිවාර්යෙන්ම ඵල දරයි. සිදුවන්නේ ඇතැම් ඵල විගසින් මතුවන අතර ඇතැම් ඵල මතුවන්නේ එයටම අයත් කලටයි. ටිකක් බලන්න, සෑම තැනකම ඔය මාස්ටර් සෙනෙහස් සාගර, ඔය ලෝක සේවාධාරී දරුවන් කුමක්ද කරන්නේ කියා! ඔබ, දේවමය පවුලේ සෙනෙහස් බීජ ලෝකයේ වපුරනවා. ඔබ කොහේ ගියත්, කෙනෙක් දෙවියන් ගැන විශ්වාස කළත් නැතත්, ඔහු පරම පියාව නොහඳුනන හෝ පිළිනොගන්නා කෙනෙක් වුවත්, ඔහුට ශිවාගේ වංශයට අයත් බ්‍රහ්ම කුමර කුමරියන්ගෙන්, දේවමය පවුලේ අයගෙන් ලැබෙන සෙනෙහස වැනි සෙනෙහසක් වෙනත් කිසිම තැනක ලබා ගත නොහැකි බව ඔහුට අවනිවාර්යෙන් දැනෙයි. තවද මෙම ආදරය සහ සෙනෙහස සමාන්‍ය නොවන බව, මෙය අසහාය සෙනෙහසක් බව, එය දේවමය සෙනෙහස බවත් ඔහු පිළිගනී. එබැවින් පරමාත්ම දෙවියන් නොහඳුනන කෙනෙකුව සිට, ඔහු වක්‍රාකාරව දෙවියන්ව හඳුනන කෙනෙක් බවට පත් වී තිබේ, එහෙම නේද? එය දේවමය සෙනෙහස නිසා, එය පැමිණියේ කොහෙන්ද? කිරණ වලින් ඉබේටම ඔප්පු වන්නේ සූර්යයා පවතින බවයි. දේවමය සෙනෙහස, අසහාය, ආධ්‍යාත්මික සෙනෙහස සහ පරහිතකාමී සෙනෙහස, ඉබේටම ඔප්පු කරන්නේ, දානපති වන පරම පියා පවතින බවයි. ඔවුන් දේවමය සෙනෙහස අත්විඳින නිසා ඔවුන්ගේ සම්බන්ධතාවය වක්‍රාකාරව සෙනෙහස් සාගරය වන පරම පියා සමඟ සම්බන්ධ වන නමුත් ඔවුන් මෙය නොදනී, මන්ද ගස පැහැදිලිව දිස් වන නමුත් බීජය මුලදි අදෘෂ්‍යමානයි. එබැවින් දේවමය සෙනෙහසේ බීජය, කාලය අනුව ඔබ සියලු දෙනාව සහයෝගී සහ පහසු යෝගීවරුන් ලෙස ප්‍රායෝගිකව හෙළිදරව් කරවන අතර එය නොකඩවාම එසේ කරනු ඇති. එබැවින් ඔබ සියලු දෙනාම දේවමය සෙනෙහසේ බීජය වැපිරීමේ සේවය සිදු කළා. තවද ඔබ ප්‍රායෝගිකව ඒවා සහයෝගී කරවන විශේෂ පත්‍ර දෙකද දුටුවා - සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම්. මෙම කඳ දැන් වර්ධනය වී, ප්‍රායෝගික ඵලය පෙන්වයි.

සියලුම දරුවන්ගේ විවිධ සේවාවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔවුන් දේශන ලබා දෙන දරුවන් වුවත්, භෞතික සේවාවන් සිදුකරන දරුවන් වුවත්, සේවයේ සාර්ථකත්වය ලැබෙන්නේ සියලු දෙනාගේ සහයෝගයෙනි. මුර සේවයේ යෙදෙන කෙනෙක් වුවත්, දීසි ගැන බලා කියන කෙනෙක් වුවත්, ඇඟිලි පහේම සහයෝගයෙන්, කාර්යයක් කෙතරම් විශාල හෝ ශ්‍රේෂ්ඨ වුවත් එය පහසුවෙන් නිම වෙයි. ඒ ආකාරයෙන්ම සෑම බ්‍රහ්මණ දරුවෙකුගේම සහයෝගයෙන් සෑම කාර්යයක්ම ඔබ සිතුවාට වඩා දහස් ගුණයකින් පහසු වී තිබේ. මෙය කාගේ ආශ්චර්යයක්ද? සියලුම දෙනාගේ. මෙම කාර්යයයේ කවුරු සහයෝගී වුවද, ඔබ පිරිසිදුකම පවත්වා ගැනීමේ යෙදී සිටියත්, මේස පිස දැම්මත්, සියලු දෙනාගේ සහයෝගයේ ප්‍රතිඵලය වී ඇත්තේ සාර්ථකත්වයයි. මෙම සමූහයේ බලය ශ්‍රේෂ්ඨයි. මෙය මධුබාන් වලට පැමිණි දරුවන් නිසා පමණක් නොවෙයි, මන්ද ශාරීරික ස්වරූපයෙන් මෙහි පෙනී නොසිටි අය පවා, මේ දේශයේ සහ විදේශයන්හි සෑම තැනකම සිටින සියලුම බ්‍රහ්මණ දරුවන්, ඔවුන්ගේ මනසේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් සහයෝගය ලබා දුන්නා. මෙයට උපකරණ වුණේ ශක්තීන් වුවත් පාණ්ඩවයන් වුවත්, සියලුම ජීවාත්මයන්ගේ මෙම සුබ පැතුම් වල බලකොටුව, ජීවාත්ම තුළ පරිවර්ථනයක් සිදු කරනවා. ඔව් සැබවින්ම විශේෂ සේවාධාරීන් සෑම කාර්යයකදීම උපකරණ වනවා, නමුත් වාතාවරණයේ බලකොටුව නිර්මාණය වන්නේ, සියලුම දෙනාගේ සහයෝගයෙන් පමණක්මයි. උපකරණ වූ දරුවන්ට බාප්දාදා සුබ පතන නමුත් ඔහු වැඩියෙන්ම සුබ පතන්නේ සියලුම දරුවන්ටයි. ඔහු අව්‍යක්ත වීම නිසා, ඔය දරුවන්ට පියා වෙනුවෙන් ලබා දිය හැක්කේ කුමන සුබ පැතුම්ද? ඔහු ශාරීරික ස්වරූපයෙන් ඔය දරුවන්ව උපකරණ බවට පත් කළා. මේ නිසයි බාප්දාදා නිරන්තරයෙන් ඔය දරුවන්ගේ පමණක් ගීත ගායනා කරන්නේ. ඔබ පරම පියා ගැන ගීත ගායනා කරන අතර පරම පියා ඔබ ගැන ගීත ගායනා කරයි.

ඔබ කුමක් කළත් එය ඉතා හොඳින් සිදු කළා. දේශන පැවැත්වූ අය හොඳ දේශන ලබා දුන්නා, වේදිකාව සැරසූ අය, එය හොඳින් සැරසු අතර ආහාර පිළියෙල කළ අය, ආහාර බෙදූ අය සහ එළවළු කැපූ අය විශේෂයෙන් යෝග්යුක්ත විය. පළමු පදනම වන්නේ එළවළු කැපීමයි. එළවළු කැපුවේ නැත්නම් කුමන ආහාරද පිළියෙල කරන්නේ? සියලුම දෙපාර්තමේන්තු වල අය, සියලුම ආකාරයේ සේවාවන් කිරීමට උපකරණ විය. පිරිසිදුකම පවත්වා ගන්නා අය, සෑම දෙයක්ම පිරිසිදුව නොතැබුවේ නම්, එම බලපෑම ඇති නොවන බව, ඔබට පවසන ලදි. සෑම සියලු කෙනෙකුගේම මුහුණ, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් පිරි නොතිබුණේ නම්, සේවයේ සාර්ථකත්වය ඇති වන්නේ කෙසේද? ඔබ සෑම කෙනෙක්ම කුමන කාර්යයක් සිදු කළත්, ඔබ එය සෙනෙහසින් පුරවා සිදු කළා. ඔවුන් තුළ සෙනෙහසේ බීජය වැපිරුණේ ඒ නිසයි. ඔබ එය උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිදුකළ අතර අන් අය තුළද උනන්දුව සහ උද්යෝගය තිබුණේ ඒ නිසයි. විවිධත්වයක් තිබුණු නමුත් සෙනෙහසේ රැහැන නිසා, ඔවුන් කතා කළේ එකමුතුකම ගැන පමණයි. වාතාවරණ වියනේ තිබුණු විශේෂත්වය මෙයයි. වාතාවරණය, ආරක‍්ෂක වියනක් බවට පත් වෙයි. එබැවින්, ආරක‍්ෂක වියන යට සිටීම නිසා, ඔවුන්ට කුමන අන්දමේ සංස්කාර තිබුණත්, ඔවුන් සෙනෙහසේ බලපෑම තුළ ගිලී සිටියා. ඔබට වැටහෙනවාද? ඔබ සියලු දෙනාටම තිබුණේ විශාලතම යුතුකම්ය (වගකීම්). ඔබ සියලු දෙනාම සේවය සිදු කළා. ඔවුන්ට වෙනත් දෙයක් ගැන කතා කිරීමට කෙතරම් අවශ්‍ය වුවද, වාතාවරණය නිසා ඔවුන්ට එය කිරීමට නොහැකි විය. ඔවුන්ගේ මනසින් ඔවුන් යමක් සිතුවත්, ඔවුන්ට ඒ ගැන කතා කිරීමට නොහැකි වුණේ ඔබ සියලු දෙනාගේ ජීවිතවල ප්‍රායෝගික පරිවර්ථනය දැකීමෙන්, ඔවුන් තුළත් පරිවර්ථනයක් ගෙන ඒමට ඔවුන් ඉබේටම දිරිමත් විය. ඔබ ප්‍රායෝගික සාක‍්ෂිය දුටුවා, එහෙම නේද? ආගමික ග්‍රන්ථ වල සාක‍්ෂියටත් වඩා බලවත් වන්නේ ප්‍රායෝගික සාක‍්ෂිය. ප්‍රායෝගික සාක‍්ෂි ඉදිරියේ අනෙක් සියලු ආකාරයේ සාක‍්ෂි යටපත් වෙයි. සේවයේ ප්‍රතිඵලය වුණේ මෙයයි. දැන් වුවද, සෙනෙහස් සහයෝගයේ විශේෂත්වයෙන් ඔබ නොකඩවා ඔවුන්ව වඩාත් සමීපයට ගෙන එන්නේ නම්, ඔවුන්ගේ සහයෝගයෙන්, ඔවුන් තව වැඩියෙන් නොකඩවා ඉදිරියට ගමන් කරනු ඇති. කෙසේවෙතත්, හෙළිදරව්වේ හඬ, මහ හඬින් ඇසෙන්නේ, සියලු බලධරයන්ගේ සහයෝගය තිබෙන විට පමණයි.

ලෝකය ඉදිරියේ හෙළිදරව්වේ තිරය විවර වන්නේ, සියලුම විශේෂ බලධර එකට එකතු වී මහ හඬින් එක් හඬක් නඟන විට පමණයි. එබැවින් ඔබ වර්තමානයේ සේවය වෙනුවෙන් සාදා ඇති සැලසුම්, මෙම අරමුණ සඳහා නොවේද? සියලු ක‍්ෂේත්‍ර වල මිනිසුන්, එනම් සියලුම බලධර, අප සමඟ සම්බන්ධ වී, සහයෝගී මෙන්ම සෙනෙහෙබර නම්, ඔවුන් සබැඳියාවක් ඇති කර, පහසු යෝගීවරුන් වෙයි. එක බලධරයෙක් හෝ සහයෝගය නොදෙන්නේ නම්, ඔබ භාර ගෙන ඇති ගෝලීය සහයෝගීතාවය යන කාර්යය, සාර්ථක වන්නේ කෙසේද?

විශේෂ බලධරයන්ගේ අත්තිවාරම දැන් තබා ඇත. ආගම් ක‍්ෂේත්‍රය, ඉතා විශාල අධිකාරිත්වයක් නේද? එම විශේෂ අධිකාරිත්වය තුළින් අත්තිවාරම දැන් ආරම්භ වී තිබේ. ඔබ සෙනෙහසේ බලපෑම දුටුවා නේද? මිනිසුන් කියමින් සිටියේ කුමක්ද? ඔවුන්ගෙන් එතරම් සංඛ්‍යාවක් මෙහි එකට ආරාධනා කිරීමට ඔබට හැකි වුණේ කෙසේද? (ඉන්දියාවේ සියලුම මහා මණ්ඩලේශ්වරයන්ගේ ප්‍රථම සම්මන්ත්‍රණය). ඒ මිනිසුන් පවා මේ ගැන පුදුමයට පත් විය, එහෙම නෙද්? කෙසේවෙතත්, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ එක රැහැන තිබුණි, මේ නිසයි ඔවුන්ට විවිධාකාරයේ අදහස් තිබුණද සහයෝගී වීමේ එක අරමුණ තිබුණේ. ඒ ආකාරයෙන්ම සියලුම වෘත්තීයවේදීන්වත් ඒ අන්දමින්ම සහයෝගී කරවන්න. ඔවුන් එය බවට පත්වෙමින් සිටින නමුත් ඔවුන්ව වඩාත් සමීපයට ගෙනැවිත් ඔවුන්ව සහයෝගී කරවන්න, මන්ද ස්වර්ණමය ජුබිලිය දැන් අවසන් වී ඇති අතර ඔබ දැන් හෙළිදරව්වේ වඩාත් සමීපයට පැමිණ සිටියි. දියමන්ති ජුබිලිය යනු, හෙළිදරව්වේ ශබ්දය, මහ හඬින් සහ පැහැදිලිව ඇසෙන්නට සැලසීමයි. එබැවින් හෙළිදරව්වේ තිරය, මේ වසරේ විවර වීම ආරම්භ කර ඇත. එක් අතකින් විදේශයන් තුළින් භාරතය තුළ හෙළිදරව්ව තිබුණු අතර අනෙක් පසින්, මහා මණ්ඩලේශ්වරුන්ගේ මහා කාර්යයේ සාර්ථකත්වය තිබුණි. විදේශයේ එක්සත් ජාතීන් උපකරණය විය ඔවුන් විශේෂයෙන් ඉතා ප්‍රසිද්ධයි. භාරතයේ ඉතා ප්‍රසිද්ධ වන්නේ ආගමේ අධිකාරිත්වයයි. එබැවින්, ආගම්වල අධිකාරිත්වය තුළින් ධර්මාත්මයන්ගේ හෙළිදරව්ව සිදු කිරීම යනු හෙළිදරව්වේ තිරය විවර කිරීම ආරම්භ කිරීමයි. තවමත් එය විවෘත වීම, ඇරඹුණා පමණයි එය ඉදිරියේදී විවෘත වීමට තිබේ. එය සම්පූර්ණයෙන් විවර වී නැහැ, එය විවර වීම ඇරඹුණා පමණයි. විදේශයන්හි දරුවන් එම කාර්යය වෙනුවෙන් උපකරණ විය එයත් විශේෂ කාර්යයක් විය. හෙළිදරව්වේ විශේෂ කාර්යයේදි, මෙම කාර්යය සඳහා ඔබ උපකරණ විය. මෙම අවසන් හෙළිදරව්වේ, වීර චරිතය රඟපෑම සඳහා උපකරණ වීම ගැන, විදෙස් වල සිටින දරුවන්ට බාප්දාදා විශේෂ සුබ පැතුම් ලබා දෙනවා. ඔබ භාරතය තුළ කැලඹීමක් ඇති කළා, එහෙම නේද? සියලුම දෙනාගේ දෙසවනට හඬ ලඟා විය. විදේශයන් සිට පැමිණි මෙම හඬ, අඩු තරමින් භාරතයේ කුම්භකරණයන් අවදි කිරීමට උපකරණයක් විය. කෙසේවෙතත්, තවමත් එම හඬ යාන්තමින් ඇසුණා පමණයි ඉදිරියේදී ඔවුන්ව අවදි කිරීමට තිබේ. ඔබ ඔවුන්ව නැගිට්ටවිය යුතුයි. හඬ ඔවුන්ගේ කණට ලඟා වුණා පමණයි. නිදා සිටින කෙනෙක් වෙතට ශබ්දයක් ලඟා වූ විට, ඔහු සුළු වශයෙන් සෙලවෙයි කුඩා සෙලවීමක් ඇති වෙයි. එබැවින් සෙලවීම නිර්මාණය කර තිබේ. සෙලවීමේදි, ඔවුන් සුළුවෙන් අවදි වී, මෙහි යම් දෙයක් ඇති බව ඔවුන්ට වැටහී තිබේ. ඔබ ඊට වඩා විශාල හඬක් නඟන විට ඔවුන් අවදි වෙයි. දැන් නැගූ ශබ්දය, පෙරට වඩා සුළුවෙන් විශාල විය. ඒ ආකාරයෙන් සියලුම බලධරයන් වේදිකාව මත එකට ස්නේහ-මිලන් (සෙනෙහෙබර හමුවක්) පැවැත්වූ විට, එය විශ්මයක් වෙයි. සියලුම බලධරයන්ගේ සියලු ජීවාත්ම සමඟින් පරමාත්ම දෙවියන්ගේ කාර්යයේ හෙළිදරව්ව ඇරඹෙන විට, එවිට හෙළිදරව්වේ තිරය සම්පූර්ණයෙන් විවර වෙයි. මේ නිසයි ඔබ දැන් නිර්මාණය කරමින් සිටින වැඩසටහනේ, සියලුම බලධරයන්ගේ ස්නේහ-මිලනයක් තිබිය යුතු බවට අරමුණ, ඔබට තිබිය යුත්තේ. සියලු බලධරයන්ගේ ස්නේහ-මිලනයක් පැවැත්විය හැක. නිදසුනක් ලෙස ඔබ සාමාන්‍ය මුනිවරුන්ට ආරාධනා කරන විට එය ලොකු දෙයක් නොවෙයි, නමුත් ඔබ ආරාධනා කළේ සියලුම මහා මණ්ඩලේශ්වරුන්ටයි. ඇත්ත වශයෙන්ම ශංකරාචාර්ය පැමිණියේ නම්, මෙම සමූහයේ වඩාත් තේජසක් ඇති වන්නට තිබුණා. කෙසේවෙතත්, දැන් ඔහුගේ භාග්‍යයත් විවර වෙයි. ඔහු අඩු තරමින් අභ්‍යන්තරයෙන් සහයෝගීය. දරුවන් බොහෝ වෙහෙස වී වැඩ කර ඇති නමුත් මිනිසුන්ගේ අදහස්ද සැලකිල්ලට ගත යුතුයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ අධිකාරිත්වය, දේවමය අධිකාරිත්වය, ආධ්‍යාත්මික අධිකාරිත්වය වන්නේ, ඒකායන පරමාත්ම දෙවියන්ගේ අධිකාරිත්වය බව, සියලුම අධිකාරිත්වයන්හි අය එකට පවසන දිනයක්ද පැමිණෙයි. මේ නිසයි ඔබ දීර්ඝ කාලයකට සැලසුමක් සාදා තිබෙන්නේ, එහෙම නේද? ඔබට මේ දිගු කාලය ලබා දී තිබෙන්නේ, ඔබට සියලු දෙනාව සෙනෙහසේ රැහැනින් බැඳ ඔවුන්ව සමීපයට ගෙන ඒම සඳහාය. ඔවුන් සියලු දෙනාටම කණ්ඩායමක් ලෙසින් පරම පියාගේ වේදිකාව මතට පැමිණීමට මෙම සෙනෙහස කාන්දමක් මෙන් වෙයි. ඔබ එවන් සැලසුමක් සාදා තිබෙනවා නේද? අච්චා.

ඔබ සිදු කළ සියලුම සේවාවන්හි ප්‍රායෝගික ඵලය ඔය සේවාධාරීන්ට ලැබී තිබෙනවා. එසේ නැත්නම්, එය දැන් අළුත් අයට බාබාව මුණ ගැසීමට ඇති වාරයයි. නොකඩවාම මුණගැසීම් සමරමින් ඔබ සියලු දෙනාම දැන් විශ්‍රාමික අවදියට ලඟා වී තිබේ. ඔබ දැන් ඔබගේ බාල සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ වාරය ලබා දෙනවා. ඔබ විශ්‍රාමික අවදියේ අය වූ නිසයි, ඔබ වෙනත් අයට අවස්ථාවක් ලබා දුන්නේ. ඔව් සැබවින්ම සියලු දෙනාගේ ආශාවන් නොකඩවා වැඩි වෙයි. ඔවුන්ට දැන් වුවද බාබාව මුණ ගැසීමට අවස්ථාවක් ලැබිය යුතු බව, සියලු දෙනාම පවසයි. ඔබට වැඩියෙන් ලැබෙන තරමට, ඔබගේ ආශාවන් තවත් වැඩිවෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද? වෙනත් අයට අවස්ථාවක් ලබා දීම යනු, තමන් මුළුමනින්ම තෘප්තිමත් බව අත්විඳීමයි, මන්ද, වැඩිමහල් අයට අත්දැකීම් තිබේ. ඔබ ලැබීම් වල ප්‍රතිමූර්තීන්ය. ලැබීම් වල ප්‍රතිමූර්ති වන ජීවාත්ම, සියලු දෙනා කෙරෙහි සුබ පැතුම් ඇති අයයි, වෙන අයව ඉදිරියෙන් තබන අයයි. එසේ නැත්නම්, ඔබත් දැන් මුණගැසිය යුතු බව ඔබට හැඟෙනවාද? ඔබ මෙයින්ද පරාර්ථකාමී විය යුතුයි. ඔබ නුවණැත්තන්. ඔබ මුල, මැද සහ අවසානය වැටහෙන අයයි. ඔබට කාලයද වැටහෙයි. ඔබට පදාර්ථයන්ගේ බලපෑම වැටහෙයි. ඔය සෑම කෙනෙකුටම තමන්ගේ චරිත කොටසද වැටහෙනවා. බාප්දාදාටද සෑම විටම ඔය දරුවන්ව මුණ ගැසීමට අවශ්‍යයි. දරුවන්ට මුණ ගැසීමට අවශ්‍ය නම්, එසේ වන්නේ පරම පියාට ප්‍රථමයෙන් ඔබව මුණ ගැසීමට අවශ්‍ය නිසයි, ඔය දරුවන්ටද මුණ ගැසීමට අවශ්‍ය වන්නේ මේ නිසයි. කෙසේවෙතත්, පියා, කාලය සහ පදාර්ථ ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඔහු මේ ලෝකයට එන විට, ඔහු මේ ලෝකයේ සෑම දෙයක් ගැනම සැලකිලිමත් විය යුතුයි. ඔහු මෙහෙට ඈතින් සිටින විට, සූක‍්ෂම දේශයේ සිටින විට, එවිට ජලය, කාලය හෝ ඉඩ කඩ පිළිබඳ ප්‍රශ්නයක් නැත. ගුජරාත්වල අය ජීවත් වන්නේ සමීපව. එබැවින් ඔබට එහි ඵලයද ලැබී තිබෙනවා එහෙම නේද? ඔවුන් සෑම විටම සිටින්නේ නිති සූදානමින් වීම, ගුජරාත්වල අයගේ විශේෂතාවයකි. ඔබ හා ජී (ඔව්, අනිවාර්යෙන්) යන පාඩම බොහෝ ස්ථීර කරගෙන තිබෙනවා, එමෙන්ම ඔබට හිඳීමට ලබා දෙන ඕනෑම තැනක ඔබ හිඳියි. සෑම අවස්ථාවකදීම සතුටින් සිටීමේ විශේෂතාවයද ඔබට තිබේ. ගුජරාත් වල හොඳ වර්ධනයක් තිබේ. සේවය කිරීමට ඇති උද්යෝගය, ඔබව බාධක වලින් නිදහස් කරවන අතර අන් අයටද යහපතක් ගෙන දෙයි. සේවය කිරීමේ හැඟීම තිබීමෙන්ද සාර්ථකත්වය ඇති වෙයි. සේවය කිරීමේදී මම යන හැඟීම් මිශ්‍ර වී තිබේ නම්, එය සේවය කිරීමට පෙලඹවීමක් ලෙස හැඳින්වෙන්නේ නැත. සේවය කිරීමේ හැඟීම, සාර්ථකත්වය ගෙන දෙයි. මම යන හැඟීම් එය සමඟ මිශ්‍ර වී තිබේ නම්, එවිට වඩා වෙහෙසක් සහ කාලයක් ගත වන අතර, ඔබ පවා තෘප්තිමත් වන්නේද නැත. සේවය කිරීමේ අභිප්‍රාය ඇති දරුවන්, තමන්ම ඉදිරියට ගමන් කරන අතර අන් අයටද ඉදිරියට ගමන් කිරීමට මඟ පාදයි. ඔබ නිරන්තරයෙන් පියාසර අවස්ථාව අත්විඳියි. ඔබට හොඳ එඩිතරකමක් තිබේ. එඩිතරකම ඇති තැන බාප්දාදා සෑම කාර්යයකදීම සෑම විටම උපකාර කරයි.

මහාරතීන් කොහොමත් මහා දානපතියන්ය. සේවය කිරීමට පැමිණ ඇති ඔය මහාරතීන්, ඔබ සියලු දෙනාම මහා දානපතියන් සහ ආශිර්වාද පිරිනමන්නන්ද? අන් අයට අවස්ථාවක් ලබා දීමත් මහා පරිත්‍යාගයක්, ආශිර්වාදයක්. සියලුම දීර්ඝ කාලයක් නැතිව සිට දැන් හමු වූ දරුවන්, කාලයට අනුව තම චරිත කොටස් රඟපෑමේදි සෑම විටම සහයෝගි වන අතර නොකඩවා එසේ සිදු කරනු ඇත. ඔව් සැබවින්ම ආශාව තිබෙයි, මන්ද මෙය පිවිතුරු ආශාවක්. කෙසේවෙතත්, එය මුසු කරගන්නා අන්දමද ඔබ දන්නවා. ඔබ සියලු දෙනා සෑම විටම තෘප්තිමත්ව සිටින්නේ ඒ නිසයි.

බාප්දාදාටද අවශ්‍ය වන්නේ, සෑම දරුවෙක් සමඟම හමුවක් සැමරීමට සහ කාලය පිළිබඳ සීමා නොතිබීමටයි. කෙසේවෙතත්, ඔය මිනිසුන්ගේ ලෝකයේ මේ සියලුම සීමාවන් සලකා බැලිය යුතුයි. නැත්නම් බාප්දාදා සෑම විශේෂ මැණිකකගේම ප්‍රශංසාව ගායනා කරන්නේ නම්, එය බොහෝ ශ්‍රේෂ්ඨ වනු ඇත. සෑම දරුවෙකුගේම විශේෂතා ගැන අඩු තරමින් එක ගීතයක්වත් රචනා කළ හැක, නමුත්... මේ නිසයි සීමාවන් නොමැති සූක‍්ෂම කලාපයට ඔබට යාමට කියා බාබා පවසන්නේ.

පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ ගිලී සිටින සියලුම දරුවන්ට, සෑම තත්පරයකදීම සෑම කෙනෙක් සමඟින් සහයෝගී වන අයට, හෙළිදරව්වේ තිරය ඉවත් කර පරම පියාව ලෝකයට හෙළිදරව් කරන අයට, ආකර්ෂණයේ ප්‍රතිමූර්ති වී ප්‍රායෝගික සාක‍්ෂි වල ප්‍රතිරූ වන සියලුම ජීවාත්මයන්ට සහ පියාගේ සහ සියලු දෙනාගේ කාර්යයයේ සහයෝගී වී ඒකායන කෙනාගේ නාමය කීර්තිමත් කරන අයට, ලෝකයේ විශේෂ දේවතාවන් වන එවන් දරුවන්ට, ලෝකයේ විශේෂ දරුවන්ට, බාප්දාදාගේ ගැඹුරු සෙනෙහස සහ සිහි කිරීම. ඒ සමඟම මේ දේශයේ සහ විදේශයන්හි, සමීප සහ සෙනෙහසින් යුතුව පරම පියා ඉදිරියට පැමිණෙන දරුවන්ට, ඔබගේ සේවය වෙනුවෙන් සුබ පැතුම් මෙන්ම බාප්දාදාගෙන් විශේෂ සෙනෙහස සහ සිහිකිරීම කාරුණිකව පිළිගන්න.

වරදානය:
ඔබ නෙළුම් මලක් මෙන් නොබැඳි නිරීක‍්ෂකයෙක් වී, දැනුමින් පිරිපුන් වීමේ විශේෂත්වය තුළින් සංස්කාර වල ගැටුම් වලින් තමන්ව ආරක‍්ෂා කරගන්න.

අවසානය දක්වාම සමහරුන්ට දාසියකගේ සංස්කාරත් තවත් සමහරෙකුට රජෙකුගේ සංස්කාරත් තිබෙයි. ඔවුන්ගේ සංස්කාර පරිවර්ථනය වන තුරු නොසිටින්න, නමුත් කිසිවෙකුගේ බලපෑම තමන් මත නොතිබිය යුතුයි, මන්ද, ප්‍රථමයෙන් සෑම කෙනෙකුගේම සංස්කාර එකිනෙකට වෙනස්ය, දෙවනුව, ඒවා මායාගේ ස්වරූපයක් ලෙස පැමිණෙනවා. එබැවින් විනය නීති වල රේඛාව තුළ හිඳිමින් සියලු තීරණ ගන්න. විවිධ සංස්කාර තිබෙන අතර කිසිදු ගැටුමක් නොතිබිය යුතුයි. මේ සඳහා දැනුමින් පිරිපුන් වී, නෙළුම් මලක් මෙන් නොබැඳි නිරීක‍්ෂකයෙක් වන්න.

පාඨය:
මුරණ්ඩු වී, වෙහෙස වී වැඩ කිරීම වෙනුවට, විනෝදාත්මකව උත්සාහ දරන්න.