08.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ සිරුරු ඇතුළුව සියලු දේම විනාශ වීමට යනවා. එබැවින් ඔබට පරණ ලෝකයේ
පුවත් ඇසීමට අවශ්‍ය නැත. පියා සහ උරුමය පමණක් සිහි කරන්න.
ප්‍රශ්නය:
ශ්‍රීමත් ගැන
සිහිකර තිබෙන්නේ කුමක්ද? ශ්‍රීමත් අනුගමනය කරන අයගේ සලකුණු මොනවාද?
පිළිතුර:
ශ්‍රීමත් ගැන සිහිකර ඇත්තේ ඔබ මට කුමක් කැව්වත්, ඔබ මට පළඳින්නට කුමක් දුන්නත්, ඔබ
මාව කොහේ අසුන් ගැන්වූවත්, මා එය පමණක් කරන්නම්. ශ්‍රීමත් අනුගමනය කරන දරුවන්,
පියාගේ සෑම නියෝගයක්ම පිළිපදියි. ඔවුන් සෑම විටම කරන්නේ උසස් ක්‍රියාවන්ය. ඔවුන්
කිසිම විටෙක තම මනසේ උපදෙස් ශ්‍රීමත් සමඟ මිශ්‍ර නොකරයි. ඔවුන් නිවැරදි දේ සහ වැරදි
දේ වටහාගනී.
ගීතය:
අහෝ වනන්තරේ
වැසියාණෙනි, ඔබගේ නාමය මගේ දිවියේ ආධාරයයි!
ඕම් ශාන්ති.
මෙය කාගේ ගීතයක්ද? දරුවන්ගේ. පියා දරුවන්ට විස්තර කර දෙන සමහර ගීත තිබෙන නමුත්, මෙම
ගීතයේ දරුවන් පවසන්නේ බාබා, අපට දැන් වැටහෙනවා. මෙම ලෝකය කෙතරම් ව්‍යාජද එමෙන්ම
බන්දන කෙතරම් ව්‍යාජද කියා ලෝකයා නොදනී. මෙහි සියලු දෙනාම සිටින්නේ දුකින්ය, ඔවුන්
දෙවියන් සිහි කරන්නේ එනිසයි. ස්වර්ණමය යුගයේ, දෙවියන් මුණගැසීම පිළිබඳ ප්‍රශ්නයක්
නැත. මෙහි දුක තිබේ, ජීවාත්ම දෙවියන් සිහි කරන්නේ ඒ නිසයි. කෙසේවෙතත්, නාටකයට අනුව
ඔබට පියා හමුවන්නේ, ඔහුම පැමිණි විට පමණයි. සෑම කෙනෙක්ම දරන සියලුම උත්සාහයන්
නිෂ්ඵලයි, මන්ද ඔවුන් විශ්වාස කරන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත බවයි. දෙවියන්
සොයාගැනීමට ඔවුන් වැරදි මාර්ග පෙන්වයි. ඔවුන් දෙවියන්ව නොහඳුනන බවත්, ඔහුගේ
නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන නොදන්න බවත්, ඔවුන් පවසන්නේ නම්, එය සත්‍යය
පැවසීම වෙයි. පෙර කල ඍෂිවරු, මුනිවරු ආදීන් සත්‍යය පැවසීය. ඒ කාලයේ ඔවුන් රජෝගුණී
විය. එකල ලෝකය ව්‍යාජ බව ඔබ නොකියනු ඇත. අපාය, කලි යුගයේ අවසානය, ව්‍යාජ ලෝකය බව
කියයි. සංගම යුගයෙදි ඔබ පවසන්නේ මෙය අපාය වන අතර එය දිව්‍යලෝකයයි. ඔබ, තඹ යුගය,
අපාය ලෙස හඳුන්වන්නේ නැත. එකල්හි එවිටද ඔබට රජෝගුණී බුද්ධි තිබෙයි, ඒවා දැන්
තමෝප්‍රධාන්ය. එබැවින් ඔබ ’දිව්‍යලෝකය‘ සහ ’අපාය‘ යැයි ලියන්නේ සංගම යුගයෙදීය. අද
එය අපාය වන අතර හෙට දින එය දෙව්ලොව වෙයි. පියා පැමිණ මෙය විස්තර කරයි. මෙම කාලය,
කලි යුගයේ අවසානය බව, ලෝකයා නොදනී. අවසානයේ සෑම කෙනෙක්ම තම කර්ම ගිණුම් පියවා,
සතෝප්‍රධාන් වෙයි. ඉන්පසුව ඔවුන් සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යා යුතුයි. උපත් එකක
හෝ දෙකක චරිත කොටස් ඇති අය පවා, සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යයි. ඔවුන්ට තිබෙන්නේ
සුළු චරිත කොටස් පමණයි. මේ සඳහා බොහෝ වටහාගැනීම අවශ්‍ය වෙයි. ලෝකයේ මිනිසුන්ට බොහෝ
මත තිබේ. සියලු දෙනාටම එකම මතය තිබිය නොහැක. එක් එක් කෙනාට තමන්ගේම ආගම සහ තමන්ගේම
මතය තිබේ. පියාගේ කාර්යභාරය, සියලුම ජීවාත්මයන්ගේ එකෙන් වෙනස්ය. එක් එක් කෙනාගේ ආගම
වෙනස් බැවින්, සියලු දෙනාටම වෙනස් විස්තර කිරීම් අවශ්‍ය වෙයි. සියලුම දෙනාගේ නම,
ස්වරූපය, දේශය සහ කාලවකවානුව වෙනස්ය. අහවල් කෙනා, අහවල් ආගමට අයත් බව ඔබට දැක ගත
හැක. ඔවුන් හින්දු ආගමට අයත් බව සියලු දෙනා පවසන නමුත් එහිද බොහෝ විවිධත්වයක් තිබේ.
ඇතැම් අය ආර්ය සාමාජිකයන්, සමහරු සන්යාසීන් සහ සමහරු බ්‍රහම් සාමාජිකයන්ය. සියලු
සන්යාසීන් ආදීන්, හින්දු ආගමට අයත් බව ඔවුන් සලකයි. අප අයත් වන්නේ බ්‍රාහ්මණ ආගමට
හෝ දේවතා ධර්මයට කියා අප ලියන නමුත් ඔවුන් ඒ තිබියදි අපව හින්දු ආගමේ කාණ්ඩයට
දමන්නේ ඔවුන්ට වෙනත් කාණ්ඩ නොමැති නිසාය. ඔබ එක් එක් කෙනාට වෙනම පෝරම පුරවන්නට සලසන
විට, ඔවුන්ගේ පසුබිම ගැන ඔබට දැන ගැනීමට හැකි වෙයි. වෙනත් ආගම් වල අය මෙම දේවල් ගැන
විශ්වාස නොකරන බැවින් එවිට ඔවුන් සියලු දෙනාටම එකවර විස්තර කිරීම අපහසු වනු ඇත. අප
නිකම්ම අපගේ ආගම වර්ණනා කරන බව ඔවුන් සිතයි. මෙහි ද්වන්දයක් තිබේ. විස්තර කරන
දරුවන් ද අංකානුරූපයි. සියලු දෙනාම එක වගේ නොවෙයි, ඔවුන් මහාරතීන්ට පැමිණීමට ආරාධනා
කරන්නේ මේ නිසයි. බාබා විස්තර කර ඇත්තේ මා සිහිකර, මගේ ශ්‍රීමත් අනුගමනය කරන්න.
මෙහි මනසින් සංඥා ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. සෑම දෙයක්ම මනසින් සංඥා දීමෙන්
සිදුවන්නේ නම්, පියාට පැමිණීමට අවශ්‍යතාවයක් නොවනු ඇත. ශිව බාබා මෙහි සිටිනවා.
එබැවින් ඔහුට මනසින් සංඥා ලබාදීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මෙහි, ඔබට තිබෙන්නේ
පියාගේ උපදෙස් පිලිපැදීමය. මනසින් සංඥා ලබාදීම ගැන ප්‍රශ්නයක් නැත. සමහර ධ්‍යානගත
වන පණිවිඩකරුවන්, පණිවිඩයක් ගෙන එන නමුත්, විටෙක එහිද බොහෝ දේ මිශ්‍ර වී තිබේ.
සියලුම ධ්‍යානගත වන පණිවිඩකරුවන් එක වගේ නොවෙයි මායාගේ බොහෝ මැදිහත්වීම් තිබේ.
ධ්‍යානගත වන වෙනත් පණිවිඩකරුවෙකුගෙන් සෑම දෙයකම නිවැරදි බව සොයා බැලිය යුතුයි. බාබා
හෝ මමා, තමන් තුළට පැමිණෙන බව සමහරු පවසන අතර, ඉන්පසුව ඇය ගොස් තනිව මධ්‍යස්ථානයක්
විවෘත කරයි මායාගේ බලපෑම තිබේ. මෙම කාරණා වටහාගත යුතුයි. ඔය දරුවන් බොහෝ නුවණැත්තන්
විය යුතුයි. සේවය කරන දරුවන්ට පමණයි, මෙම දේවල් වටහාගැනීමට හැකි වන්නේ. ශ්‍රීමත්
අනුගමනය නොකරන දරුවන්ට මෙම දේවල් වටහාගැනීමට නොහැකි වෙයි. ශ්‍රීමත් ගැන සිහිකර
තිබෙන්නේ ඔබ මට කුමක් කැව්වත්, ඔබ මට පළඳින්නට කුමක් ලබා දුන්නත්, ඔබ මා කොහේ අසුන්
ගැන්වූවත්, මා එය කරන්නම්. සමහරු පියාගේ උපදෙස් පිලිපදින අතර සමහරු අන් අයගේ උපදෙස්
වල බලපෑමට හසුවෙයි. ඔවුන්ට යමක් නොලැබුණු විට, ඔවුන් යමකට අකමැති නම්, ඔවුන්
විගසින් කලබල වෙයි. සියලුම දරුවන් එකම ප්‍රමාණයට සුදුසු වීම විය නොහැක. ලෝකයේ බොහෝ
විවිධ මත ඇති මිනිසුන් සිටියි. අජාමිල් වැනි බොහෝ පාපී ජීවාත්ම සහ ගුණදම් නොමැති අය
සිටිනවා. දෙවියන් සෑම තැනකම සිටින බව පැවසීම, වැරදි බවත් ඔබ විස්තර කළ යුතුයි. සෑම
තැනකම සිටින්නේ පාපයන් පහයි. පියා මෙසේ පවසන්නේ මේ නිසයි මෙය රකුසු ලෝකයයි.
ස්වර්ණමය යුගයේ පාපයන් පහ නොපවතී. ඔවුන් පවසන්නේ ශාස්ත්‍රවල ලියා තිබෙන්නේ මේ
ආකාරයටයි. කෙසේ වෙතත් සියලුම ශාස්ත්‍ර ලියා ඇත්තේ මනුෂ්‍යයන් විසින්ය. එබැවින්
මනුෂ්‍යයන් හෝ ශාස්ත්‍ර, ශ්‍රේෂ්ඨද? ඒවා පවසන, ඒකායන කෙනා, නිසැකවම ශ්‍රේෂ්ඨ වනු
ඇත. ඒවා ලේඛණ ගත කළේ මනුෂ්‍යයන්ය. ව්‍යාස් ඒවා ලියූ නමුත් ඔහුද මනුෂ්‍යයෙක් විය.
අශාරීරික පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි එම ආගමේ නිර්මාතෘ පැමිණ පැවසූ දෙයින්,
පසුව ශාස්ත්‍රයක් නිර්මාණය කරයි. නිදසුනක් ලෙස, ගුරුනානක් පැවසූ දෙයින්, පසුව
ග්‍රාන්ත් පොත නිර්මාණය කරන ලදී. එබැවින් එම දේවල් පැවසූ කෙනාගේ නාමය කීර්තිමත්
වෙයි. ගුරුනානක් ද වර්ණනා කළේ එම ඒකායන කෙනාවයි. සියලුම දෙනාගේ පියා, එම ඒකායන
කෙනාය. පියා පවසන්නේ ගොස් ආගමක් ස්ථාපිත කරන්න. අසීමිත පියා පවසන්නේ මාව එවන්න කිසි
කෙනෙක් නැහැ. ශිව බාබාම මෙහි අසුන්ගෙන විස්තර කරයි පණිවිඩයක් ගෙනෙන අය සිටින නමුත්,
මාව මෙහි එවීමට කිසිවෙක් නැහැ. මා පණිවිඩකරුවෙක් ලෙස හැඳින්වෙන්නේ නැත. මා
පැමිණෙන්නේ දරුවන්ට සාමය සහ සතුට ලබා දීමටයි. මට පැමිණෙන්ට කියා කිසිවෙකු නොකීවේය.
මමම අධිපති වෙමි. අධිපති ගැන විශ්වාස කරන අය සිටින නමුත්, ඔවුන්ට ‘අධිපති‘ යන වචනයේ
අරුත වැටහෙන්නේ ද කියා ඔබ විමසිය යුතුයි. ඔහු අධිපති වන අතර අප ඔහුගේ දරුවන්ය,
එබැවින් අපට නිසැකවම උරුමය හිමි විය යුතුයි. ඔය දරුවන් පවසන්නේ අපගේ බාබා, කියාය.
එබැවින් ඔබ පියාගේ ධනයට අධිපතියන්ය. දරුවන් පමණයි ’මගේ බාබා!‘ යැයි පවසන්නේ. ඔබ
’මගේ බාබා‘ කියන්නේ නම්, එවිට බාබාගේ ධනය, ඔබගේද ධනයයි. අප දැන් කියන්නේ කුමක්ද?
’අපගේ ශිව බාබා!‘ පියා මෙසේද පවසනු ඇත මේ මගේ දරුවන්ය. දරුවන්ට පියාගෙන් උරුමය
ලැබෙයි. පියාට දේපළ තිබේ. අසීමිත පියා, දිව්‍යලෝකයේ නිර්මාණකරුයි. භාරතයේ ජනතාවට
ඔවුන්ගේ දේපළ හිමිවන්නේ කාගෙන්ද? ශිව බාබාගෙන්. ඔවුන් ශිව ජයන්තිය සමරයි. ශිව
ජයන්තියෙන් පසුව, ක්‍රිෂ්ණා ජයන්තිය සහ ඉන්පසු රාමා ජයන්තිය තිබේ එපමණයි. මමා හෝ
බාබා හෝ ජගදම්බාගේ ජයන්තිය කිසිවෙකු සිහි නොකරයි. ශිව ජයන්තිය තිබෙන අතර ඉන්පසුව
රාධේ සහ ක්‍රිෂ්ණාගේ ජයන්තියත්, පසුව රාමා සහ සීතාගේ ජයන්තියත් තිබේ. ශිව බාබා
පැමිණෙන විට, ශුද්‍ර රාජධානිය විනාශ කළ හැක. කිසිවෙකුට මෙම රහස් වැටහෙන්නේ නැත.
පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි. ඔහු අනිවාර්යෙන් පැමිණෙයි. ඔබ පියාට කන්නලව්
කරන්නේ ඇයි? පැමිණ, ශ්‍රී ක්‍රිෂ්ණාගේ දේශය ස්ථාපිත කිරීමටයි. ශිව ජයන්තිය නියත
වශයෙන්ම සිදුවන බව ඔබ දන්නවා. ශිව බාබා ඔබට දැනුම ලබා දෙනවා. ආදි සනාතන දෙවි දේවතා
ධර්මය ස්ථාපිත කෙරෙනවා. ශ්‍රේෂ්ඨතම ජයන්තිය, ශිව ජයන්තියයි. ඉන්පසුව, බ්‍රහ්ම,
විෂ්ණු සහ ශංකර් සිටියි. දැන් ප්‍රජාපිතා බ්‍රහ්මා සිටින්නේ මනුෂ්‍ය ලෝකයේය.
ඉන්පසුව, නිර්මාණයේ ප්‍රධාන අය වන්නේ ලක්ෂ්මි සහ නාරායන්ය. එබැවින් මව සහ පියා, ශිව
බාබා වන අතර ඉන්පසුව බ්‍රහ්ම සහ ජගදම්බා ද මව සහ පියාය. මෙම කරුණු වටහාගෙන ධාරණය
කරගත යුතුයි. ඔබ ප්‍රථමයෙන් විස්තර කළ යුත්තේ පියාණන්, පරම පියා, පරමාත්ම ජීවය,
අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට පැමිණෙයි. ඔහු නමක් සහ රුවක් ඉක්මවා සිටින්නේ නම්,
ඔහුගේ ජයන්තියක් තිබෙන්නේ කෙසේද? දෙවියන්, පියාණන් ලෙස හැඳින්වෙයි. සියලු දෙනාම
පියාණන් ගැන විශ්වාස කරයි. ජීවාත්ම මෙන්ම පරමාත්ම ජීවය ද අශාරීරිකයි. ජීවාත්මයන්ට
භෞතික ශරීර ලැබෙයි. මෙම කාරණා වටහාගත යුතුයි. කිසිදු ආගමික ශාස්ත්‍රයක් ආදිය හදාරා
නැති අයට, මෙය වඩාත් පහසුයි. දිව්‍යලෝකය ස්ථාපිත කරන ඒකායන කෙනා, ජීවාත්මයන්ගේ
පියාණන්, පරම පියා, පරමාත්ම ජීවයයි. දෙව්ලොව රාජධානිය තිබේ, එබැවින් ඔහු නිසැකවම
පැමිණිය යුත්තේ සංගම යුගයේය. ඔහුට ස්වර්ණමය යුගයේ පැමිණිය නොහැක. උපත් 21ක උරුමයේ
ප්‍රතිලාභය ඔබට හිමි වන්නේ සංගම යුගයේ පමණයි. මෙම සංගම යුගය, බ්‍රාහ්මණයන්ගෙන්
සැදුනු එකකි. බ්‍රාහ්මණයන් මුදුන් ගැටය වන අතර ඉන්පසුව දේවතාවන්ගේ යුගය තිබේ. එක්
එක් යුගය වසර 1250ක් වෙයි. මෙකල ආගම් තුනක් ස්ථාපිත කරයි බ්‍රාහ්මණයන්, දේවතාවන් සහ
ක්ෂත්‍රියයන්, මන්ද, කල්ප භාගයකට වෙනත් ආගම් නොමැත. සූර්ය සහ චන්ද්‍ර වංශික අය,
පිදුම් ලැබීමට සුදුසු වන අතර ඔවුන් ඉන්පසුව පුදන්නන් වෙයි. ඒ වර්ගයේ බ්‍රාහ්මණයන්
බොහෝ සිටිනවා. ඔබ දැන් යහපත් ක්‍රියා සිදුකරන බැවින් ඔබට ස්වර්ණමය යුගයෙදි එහි
ප්‍රතිලාභය හිමි වෙයි. පියා ඔබට යහපත් ක්‍රියා සිදුකරන අන්දම කියා දෙයි. ශ්‍රීමත්
වලට අනුව, ඔබ කරන කුමන හෝ ක්‍රියාවන්ට සහ අන් අයව ඔබ හා සමාන බවට පත් කිරීම
වෙනුවෙන්, එයට අනුරූපව ප්‍රතිලාභය ඔබට ලැබෙන බව ඔබ දන්නවා. මුළු රාජධානියම ස්ථාපිත
වන්නේ දැන්. ආදි සනාතන දෙවි දේවතාවන්ගේ රාජධානිය තිබෙන්නට යනවා. මෙය, මිනිසුන්
විසින් මිනිසුන් පාලනය කිරීමයි. එය මිනිසුන් කණ්ඩායමකගේ පාලනයයි. බොහෝ විවිධ
කණ්ඩායම් තිබේ. නැත්නම් තිබෙන්නේ, කමිටු වල නියෝජිතයන් පස් දෙනා පමණයි. මෙහි බොහෝ
සමාජ තිබේ ඔවුන් අද සිටින අතර හෙට නොමැත. අද කෙනෙක් ඇමති කෙනෙක්ව සිටින අතර හෙට
ඔහුව එම තනතුරෙන් පලවා හරියි. ඔවුන් ගිවිසුමක් සාදා ඉන්පසුව එය අවලංගු කරයි. එය
තාවකාලික රාජධානියක් ඕනෑම කෙනෙක්ව සිහසුනෙන් පලවා හරින්නට ඔවුන් වැඩි කාලයක් නොගනී.
ලෝකය ඉතා විශාලයි. පුවත්පත් වලින් ඔබට එක් හෝ තව දෙයක් ගැන අසන්නට ලැබෙයි. මෙතරම්
පුවත්පත් සංඛ්‍යාවක් කිසි කෙනෙකුට කියවිය නොහැක. ඔබට මේ ලෝකයේ පුවත් අවශ්‍ය නැත.
ඔබගේ සිරුරු ඇතුළුව මේ ලෝකයේ සියලුම දේ විනාශ වීමට යන බව, ඔබ දන්නවා. බාබා පවසන්නේ
සරලව මා සිහිපත් කරන්න, එවිට ඔබ මා වෙතට පැමිණෙයි. මරණයෙන් පසුව, ජීවාත්මයකට සෑම
දේකම දර්ශන ලැබෙයි. විටෙක, තම සිරුර අතහැරීමෙන් පසුව, ජීවාත්මයක් අවට සැරිසරයි. එම
වෙලාවේදි පවා ඔහුට තම කර්ම ගිණුම් පියවිය හැක. ඔහුට සෑම දෙයකම දර්ශන ඇතිවෙයි.
ජීවාත්මයට අභ්‍යන්තරයෙන් දර්ශන ඇතිවෙයි. ඔහුගේ ක්‍රියා වලට ඔහු විඳවන අතර බොහෝ සේ
පසුතැවෙයි මා අනවශ්‍ය ලෙස ඒ දේ කළා. පසුතැවීම ඇතිවෙයි. සමහරු සිරගත වන අතර, ඔවුන්
පවසන්නේ අපට සිරේදි අඩු තරමින් කෑම ලැබෙයි. ඉන් හැඟෙන්නේ, ඔවුන්ගේ අරමුණ වන්නේ කෑම
ගැනීම පමණයි ඔවුන්ගේ ගරුත්වය ගැන ඔවුන් සැලකිලිමත් වන්නේ නැත. ඔබට කිසිදු
අපහසුතාවයක් නැත. ඔබ පියාට අයත් බැවින් ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔහු
කිසිවෙකුට දුක ගෙන දෙන්නේ නැත. ඔහු සතුට පිරිනමන්නාය. කීකරු දරුවන් මෙසේ කියයි
බාබා, ඔබ ලබාදෙන කුමන හෝ උපදෙස්. මා අසුන්ගන්නේ ඔබ සමඟ පමණයි. මෙය ශිව බාබා ගැන
සිහි කෙරෙයි. භගීරථ (භාග්‍යවන්ත රථය) සහ ගවයා සුප්‍රසිද්ධයි. දැනුමේ පුන්කලස
මව්වරුන් මත තැබූ බව, ලියා තිබේ. එබැවින් ඔවුන් ඉන්පසුව එලදෙනුන් පෙන්වා තිබේ.
ඔවුන් බොහෝ කතා පුවත් ගොතා තිබේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට සදා නිරෝගි විය නොහැක.
බොහෝ විවිධ රෝග වර්ග තිබේ. එහි රෝග හෝ අකල් මරණ නැත. ඔවුන්ට නිසි වෙලාවට දර්ශන ඇති
වෙයි. වැඩිමහල් අය සතුටු වෙයි ඔවුන් මහළු වන විට සතුටින් තම සිරුරු හලාදමයි. ඔවුන්
ඉන්පසුව ගොස් ළදරුවෙක් වීමේ දර්ශනයක් ඔවුන්ට ලැබෙයි. දැන්, ඔබ තම සිරුරු හලා දමා
ගොස්, රජකුමරුන් වීමේ සතුට, ඔය තරුණ අයටත් තිබේ. ඔබ තරුණ වුවත් මහළු වුවත් සියලු
දෙනාම මිය යා යුතුයි. එබැවින් ඔබ ගොස් රාජකුමාරවරු වීමේ කුල්මත් බව ඔබ සියලු දෙනාටම
තිබිය යුතුයි. ඔබ සේවය කරන විට, ඔබ නියත වශයෙන්ම එය වෙයි. ඔබ දැන් ඔබගේ පරණ සිරුරු
හලා දමා, බාබා වෙතට යන බවත්, බාබා ඉන්පසුව ඔබව දෙව්ලොව යවන බවට සතුට, ඔබට තිබිය
යුතුයි. ඔබ සේවය කළ යුතුයි. ඔය දරුවන්ට ගීතය ඇසුණා. බටනලාව තිබුණු කෙනා, ක්‍රිෂ්ණා
නොවෙයි. බොහෝ මිනිසුන්ට බටනලා තිබේ ඔවුන් ඉතා හොඳින් බටනලා වාදනය කරයි. මෙහි බටනලාව
පිළිබඳ ප්‍රශ්නයක් නැත. ශ්‍රීමත් ලබාදෙන්නේ එක් පියා පමණක් බව ඔබ පවසයි. ශ්‍රී
ක්‍රිෂ්ණාට මෙම දැනුම තිබුණේ නැත. ඔහු තුළ මෙම පහසු යෝගාව හෝ දැනුම තිබුණේ නැත. ඔහු
රාජයෝගාව ඉගැන්වූයේ නැත ඔහු පියාගෙන් රාජයෝගාව ඉගෙන ගත්තා. මෙය බොහෝ ශ්‍රේෂ්ඨ
දෙයක්. කෙනෙක් දරුවෙක් වන තුරු, ඔහුට වටහා ගැනීමට නොහැකි වන අතර මෙහි එය, ශ්‍රීමත්
අනුගමනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. තමන්ගේම උපදෙස් පිලිපැදීමෙන් ඔබට උසස් තත්ත්වයක්
හිමි කරගත නොහැක. පියාව හඳුනන අය, පියාගේ හැඳින්වීම අන් අයට ලබා දෙනු ඇත. ඔබ පියාගේ
සහ ඔහුගේ නිර්මාණයේ හැඳින්වීම ලබා දිය යුතුයි. ඔබ අන් අයට පියාගේ හැඳින්වීම
නොදෙන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ පියාව නොහඳුනන බවයි. ඔබට එම කුල්මත් බව තිබෙන්නේ
නම්, ඔබ අන් අයව ද කුල්මත්භාවයට පත් කළ යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටෙකම
ශ්‍රීමත් අනුසාරයෙන් උසස් ක්‍රියා සිදුකරන්න. අන් අයගේ උපදෙස්වල බලපෑමට ලක් නොවන්න.
කීකරු වී, සෑම නියෝගයක්ම පිළිපදින්න. ඔබට යමක් තේරුම් ගැනීමට නොහැකි නම්,
අනිවාර්යෙන් ඒ ගැන විමසා නිවැරදි කරගන්න.
2. ඔබ, ඔබගේ පැරණි
සිරුර හලා දමා, ඉන්පසුව ගොස් රාජ කුමාරයෙක් වීමේ කුල්මත්භාවයේ සහ සතුටේ සෑම විටෙකම
සිටින්න. මෙම කුල්මත් බව පවත්වාගෙන දේවමය සේවය කරන්න.
වරදානය:
ඔබ මාස්ටර්
නිර්මාණකරුවෙක් වී, බ්‍රහ්ම පියා මෙන්, ඔබට අපහාස කරන කෙනෙකුට පවා ඔබගේ මිතුරෙක්
ලෙස සලකා ගෞරවය ලබා දෙත්වා.
බ්‍රහ්ම පියා, තමන්
ලෝක සේවකයෙක් බව සලකා, සෑම විටම සියලු දෙනාටම ගෞරවය ලබා දී ඔවුන්ට ආචාර කළා. අනෙක්
කෙනා තමාට ගරු කළ පසුව, ඔහුද ගරු කරන බව ඔහු කිසි විටෙක නොසිතුවේය. ඔහුට අපහාස කළ
අය පවා තම මිතුරෙක් බව සලකා ඔවුන්ට ගෞරවය ලබා දුන්නා. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය
කරන්න. ඔබට ගරු කරන කෙනෙක් පමණක් ඔබට අයත් බව නොසිතන්න, නමුත් ඔබට අපහාස කරන කෙනෙක්
පවා ඔබට අයත් බව සලකා ඔහුට ගරු කරන්න, මන්ද, මුළු ලෝකයම ඔබගේ පවුලයි. ඔය
බ්‍රහ්මණයින් සියලු ජීවාත්මයන්ට කඳය, එබැවින් තමා මාස්ටර් නිර්මාණකරුවෙක් බව සලකා,
සියලු දෙනාට ගරු කරන්න මන්ද, ඔබ දේවතාවක් වන්නේ එවිට පමණයි.
පාඨය:
මායාට
සදාකාලයට සමු දෙන අය, පියාගෙන් සුබ පැතුම් ලබා ගැනීමට සුදුසු වෙයි.