09.01.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අඛණ්ඩව බාබාව සෙනෙහසින් යුතුව සිහි කරන්න, නිරතුරුවම ශ්‍රීමත් අනුගමනය කරන්න, එමෙන්ම සෑම විටෙකම ඉගෙනුමට අවධානය යොමු කරන්න, එවිට සෑම කෙනෙක්ම ඔබට ගෞරව දක්වයි.

ප්‍රශ්නය:
අතීන්ද්‍රීය සතුට අත්විඳීමට හැකි වන්නේ කුමන දරුවන්ටද?

පිළිතුර:
ජීව අවධානයෙන් සිටින අයට. 1. මෙය අත්පත් කරගැනීමට, ඔබ කෙනෙකුට කතා කරන විට හෝ විස්තර කරන විට, ඔබ වන ජීවය, ඔබගේ සහෝදර ජීවයට කතා කරන බව සලකන්න. සහෝදරත්වයේ ද්‍රිෂ්ඨිය ස්ථීර කරගැනීමෙන්, ඔබ අඛණ්ඩව ජීව අවධානයට පත් වෙයි. 2. තමන් දෙවියන්ගේ ශිෂ්‍යයින් වීමේ කුල්මත්භාවය ඇති අය පමණයි අතීන්ද්‍රීය සුඛය අත්විඳින්නේ.

ගීතය:
මාගේ සිත් දොරටුවට, පා සලඹ හඬ නඟමින්, කවුරුන්ද ආවේ ?

ඕම් ශාන්ති.
පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කරයි. වෙනත් කිසිම සංවිධානයක, පියා ඔහුගේ දරුවන්ට විස්තර කරනවා කියා නොකියයි. සියලුම දරුවන්ගේ පියා වන්නේ, සැබවින්ම එක් අයෙක් බව, ඔය දරුවන් දන්නවා. සියල්ලන්ම සහෝදරයන්ය. එම පියාගෙන් ඔය දරුවන්ට නිසැකයෙන්ම උරුමයක් හිමිවෙනවා. ඔබට චක්‍රය ඉතාමත්ම පැහැදිලිව විස්තර කළ හැක. ඔබ විමුක්තිය සහ ජීවන මුක්තිය ලබන සංගම යුගය මෙයයි. ඔහුටම පමණයි, විමුක්තිය පිරිනමන්නා, මුදවගන්නා, සහ මාර්ගෝපදේශකයා යැයි කියන්නේ. රාවණ්ගේ රාජධානියේ මනුෂ්‍යයින් බොහෝ දෙනෙක් සිටිති. රාමාගේ රාජධානියේ ඇත්තේ එක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය පමණයි. එයට කියන්නේ ආර්ය සහ අනාර්ය කියාය. ශිෂ්ඨ අයට ආර්යයන් යැයි කියන අතර අශිෂ්ඨ අයට අනාර්යයන් යැයි කියයි. කිසි කෙනෙක් මෙහි තේරුම නොදන්නා අතර, ශිෂ්ඨ අය අශිෂ්ඨ වුණේ කෙසේද කියා නොදනී. ආර්ය ආගමක් නොවීය. එම දේවතාවන් ශිෂ්ඨ වූ අතර උපත් 84ක් ගැනීමේදී ඔවුන් අශිෂ්ඨ විය. උසස්ම, පිදුම් ලබන්නට සුදුසු අය, ඉන්පසුව වඳින්නන් බවට පත් විය. ඔබට හම් සෝහි තේරුම කියා දෙන්නේ පියා පමණයි. ඉනිමගේ පිංතූරය විස්තර කර දීම ඉතා හොඳයි. ජීව, පරම පියාවත්, පරම පියා, ජීවයන් වත් නොවෙයි. නැත. මෙය විවිධාංග නාටකයකි. ඔබ පිදුම් ලබන්නට සුදුස්සන් ව සිට, ඉන්පසුව පුදන්නන් බවට පත් වූ බව, ඔබ දේවතාවන්ව සිට ඉන්පසුව සටන්කාමීන් ආදිය වූ බවත් ඔබ දන්නවා. ඔබ නිසැකයෙන්ම ඉනිමග දිගේ පහළට පැමිණෙනවා. උපත් 84ක් ගන්නේ කවුරුන්ද කියන මෙම ගිණුම තිබේ. පියා පවසන්නේ ඔබ ඔබගේම උපත් නොදනී. මම ඔබට ඒවා ගැන කියන්නෙමි. මෙය චක්‍රයක් වන අතර, එය තුළ දේවතාවන්, සටන්කාමීන් ආදිය වන්නේ අපියි. උපත් 21 සුප්‍රසිද්ධය. මිනිසුන් මෙම දේවල් නොදනී. ඔවුන් තමෝප්‍රධාන්ය. ඔය දරුවන්ට පමණයි දැන් සියලු ඥානය ලැබෙන්නේ. කෙසේවෙතත් ඔබට එය නොවැටහෙයි. කලාතුරකින් කෙනෙකුටයි එය වැටහෙන්නේ. මෙසේ කියැවෙයි පැමිණ මෙම ඥානය ලබා ගෙන, දේවතා ධර්මයට අයත් වන්නේ, කෝටියකින් අතලොස්සක් පමණයි. ඔබ මේ ගැන පුදුම නොවිය යුතුයි. චක්‍රයේ පිංතූරය විස්තර කර දීම පහසුයි. එය ස්වර්ණමය යුගය වන අතර, මෙය කලි යුගයයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතාමත් සුළු මිනිසුන් ප්‍රමාණයක් පමණයි. මුලදී ගස කුඩා වන අතර එය පසුව වැඩෙයි. මෙම ගස ගැන කිසි කෙනෙක් නොදනී. ඔවුන් බ්‍රහ්මා ගැන වුවද වටහා ගන්නේ අල්පමාත්‍රයකි. බ්‍රාහ්මණ, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන් අනිවාර්යෙන්ම අවශ්‍ය බව ඔවුන්ට කියන්න. ඔවුන් දරුකමට හදාගත් දරුවන්ය. අර බ්‍රහ්මණයින් භෞතික නිර්මාණයක් වන අතර, ඔය බ්‍රාහ්මණ, මුඛයෙන් උපන් නිර්මාණයයි. මෙය රාවණ්ගේ විදේශ රාජධානියයි. පියා පැමිණ රාමාගේ රාජධානිය ස්ථාපනය කළ යුතුයි. එබැවින්, ඔහු කෙනෙක් තුළට ඇතුළු වෙයි. බලන්න, මෙම කෙනා ගසෙහි උසම මුදුනේ සිටගෙන සිටියි. එය දැන් සම්පූර්ණයෙන් දිරාපත් වූ තත්ත්වයට පත්ව තිබේ. පියා පවසන්නේ මම මෙම කෙනා තුළට, ඔහුගේ බොහෝ උපත් වල අවසාන උපතේ අන්තිමේදී ඇතුළු වෙමි. මෙය ඔහුගේ උපත් 84න් අවසන් උපත වන අතර ඔහු තපස්යාවේ යෙදී සිටිනවා. අප ඔහුට දෙවියන් යැයි අමතන්නේ නැත. දෙවියන් සර්ව ව්‍යාප්ත බවත්, ඔහු ගල් වලත්, වැලි වලත් සිටින බව, ලෝකයේ මිනිසුන් කියා තිබේ. මේ නිසයි ඔවුන් ගල් හා වැලි මෙන් වී තිබෙන්නේ. දේවතාවන්ගේ සෑම දෙයක්ම අසහායයි. ඔබ දැන් ඉගෙනගනිමින් එම තත්ත්වය හිමි කරගන්නවා. එය ඉතාමත් ශ්‍රේෂ්ඨ ඉගෙනුමකි. ඔවුන් පිවිතුරු නිසාත්, එම ධර්මය දෙවියන් විසින්ම ස්ථාපනය කළ නිසාත්, එම දේවතාවන්ට, දෙවිවරුන් යැයි කියයි. එබැවින් ඔවුන් සැබවින්ම දෙවි කෙනෙක් සහ දෙවඟනක් වෙයි. කෙසේ වෙතත්, ඔවුන්ට අධිරාජයා සහ අධිරාජිනිය යැයි කියයි. ශ්‍රී ලක්ෂ්මි සහ ශ්‍රී නාරායන්ට දෙවි කෙනෙක් සහ දෙවඟනක් යැයි කීම, අන්ධ විශ්වාසයයි, මන්ද ඇත්තේ එක් දෙවියන් පමණයි. ඔබ ශිවා සහ ශංකර් වෙන් කර, ඔවුන් දෙදෙනෙක් ලෙස පෙන්වයි. මේ නිසා, ඔබ දේවතාවන් වත් විසිකර දමනවා කියා එම මිනිසුන් කියයි. මුළු චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ තිබෙන මුත්, මහා රතීන්ට පමණයි මෙය ඉතා පැහැදිලි ලෙස විස්තර කිරීමට හැකි වන්නේ. මෙයට ඇහුම්කන් දෙන බොහෝ දෙනෙක් සිටියි, නමුත් එය ඔවුන්ගේ බුද්ධියේ තැන්පත් නොවේ, එබැවින් ඔවුන් කවුරුන් වෙයිද? ඔවුන් සත කිහිපයක් වටින, සේවක සේවිකාවන් වෙයි. ඔබ තව තව දියුණුවත්ම, ඔබට දර්ශන ලැබෙයි, නමුත් ඒ වෙලාවේදී ඔබට කිසි දෙයක් කිරීමට නොහැකි වෙයි. කාලය අවසානයකට පැමිණ තිබෙයි, ඉතිං එවිට ඔබට කුමක් කිරිමට හැකි වෙයිද? මේ නිසයි බාබා දිගින් දිගටම ඔබට අනතුරු අඟවන්නේ. කෙසේවෙතත් සෑම කෙනෙක්ම උසස් වීම, සිදු විය නොහැක්කක්. ඔවුන්ගේ භාජන පිරිසිදු නැත ඔවුන්ගේ බුද්ධිය අපද්‍රව්‍ය වලින් පිරි තිබේ. මෙහිදී ඔබ ඉතා හොඳින් උත්සාහ කළ යුතුයි. පිංතූර විස්තර කර දීමට ඔබ බොහෝ සෙයින් පුහුණු විය යුතුයි. එසේ නොමැති නම්, ඔබට අවසානයේදී පසුතැවිලි වීමට සිදු වෙයි. ඔය ජීවයන් මෙම ආහාරය ලබනවා. මෙම දේවල් සියලු දෙනාටම විස්තර කර දිය යුතුයි. බිය වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබ විශාල ස්ථාන වල කෞතුකාගාර සහ ප්‍රදර්ශන පැවැත්වූ විට, ඔබගේ නම කීර්තිමත් වෙයි. සෑම කෙනෙකුගේම අදහස් විමසන්න කියා බාබා ඔබට පවසා තිබේ. ඒවා ද මුද්‍රණය කළ යුතුයි. ඔය දරුවන් බොහෝ සේවය කළ යුතුයි. එය නව ලෝකය බවත්, මෙය පැරණි ලොව බවත්, ඒ මිනිසුන්ට වැටහුනාද නැත්ද කියා, ඔබ පරීක්ෂා කළ යුතුයි. මෙය ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි විය යුතුයි, නමුත් ඔවුන් චක්‍රයේ කාලය දීර්ඝ කර ඇති බැවින්, මිනිසුන් අවුලට පත් වී තිබේ. පළමුවෙන්ම ඔබ පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ජීව අවධානයෙන් සිටින අයට, අතීන්ද්‍රීය සුඛය අත්විඳීමට හැකි වෙයි. දේශන දීමෙන් පමණක් කිසි දෙයක් සිදු නොවෙයි. ඔබ දේශන පවත්වන විට, මෙසේ විස්තර කළ යුතුයි මම වන මෙම ජීවය, මගේ සහෝදර ජීවයන්ට විස්තර කරන්නෙමි. ජීව අවධානයට පත් වීමට බොහෝ උත්සාහ දැරීම අවශ්‍යයි. කෙසේවෙතත් දරුවන්ට නැවත නැවතත් අමතක වෙයි. පියාම පැමිණ ඔය දරුවන්ට විස්තර කරනවා. ජීව, පරම ජීවයෙන්, බොහෝ කාලයක් වෙන්ව සිටි බව සිහි කර තිබේ. මෙහි තේරුම වටහා ගත හැක්කේ ඔබට පමණයි. මහාරතීන් වන අය, තමන් ජීව බව සළකා, පියා සිහිපත් කිරීම, බොහෝ සෙයින් පුහුණු විය යුතුයි. එවිට පමණයි, තමන් ශක්තිමත් බව, ඔවුන්ට සැලකීමට හැකි වන්නේ. තමන් ජීව බව නොසළකන අයට, කුමක් ධාරණය කිරීමට හැකි වෙයිද? සිහිපත් කිරීමෙන් පමණයි ඔබ බලයෙන් පිරෙන්නේ. ඥානයේ බලය, යැයි නොකියයි. එය කියන්නේ යෝගාවේ බලය කියාය. ඔබ ලොවෙහි අධිපතියන් වන්නේ, යෝගා බලයෙන් පමණයි. ඔබ දැන් බොහෝ දෙනෙක්ව, ඔබ හා සමාන කළ යුතුයි. ඔබ බොහෝ දෙනෙක්ව ඔබ හා සමාන කරන තුරු, විනාශය සිදු විය නොහැක. විශාල යුද්ධයක් හටගන්නා නමුත්, එය ඉන්පසුව අවසන් වෙයි. මිනිසුන් බොහොමයක් ළඟ දැන් බෝම්බ තිබේ, නමුත් ඒවා ඇත්තේ තබාගෙන සිටීමට නොවෙයි. පැරණි ලොව අනිවාර්යෙන්ම විනාශ විය යුතු අතර, ආදි සනාතන ධර්මය නිසැකයෙන්ම ස්ථාපනය කළ යුතුයි. කෙටි කලකින් සෑම කෙනෙක්ම මෙසේ කියයි සැබවින්ම මෙය එම මහා යුද්ධයයි. දෙවියන් නිසැකයෙන්ම මෙහි සිටියි. බොහෝ දෙනෙක් ඔබ වෙතට පැමිණෙන විට, සෑම කෙනෙක්ම ඔබව පිළිගැනීමට පටන් ගෙන, මෙසේ කියයි මෙම මිනිසුන් සීඝ්‍රයෙන් වැඩෙනවා ඔවුන්ට බොහෝ බලය තිබේ. ඔබ සිහිපත් කිරීමේ සිටින තරමට, ඒ අනුව ඔබ බලයෙන් පිරෙයි. ඔබ පියාව සිහි කිරීම තුළින්, අන් අයට ඔබ ආලෝකය ලබා දෙයි. මෙම දාදා (බ්‍රහ්මා) ද කියන්නේ මෙම දරුවන් මා කරනවාට වඩා හොඳින් සේවය කරනවා. දැන්, තවමත් කාලය තිබේ. කිසිම කෙනෙකුට නිවැරදිව යෝගාවේ සිටිය නොහැක. තම යෝගාව මද බව, ඔවුන්ටම දැනෙනවා, මේ නිසයි ඊතලය ඉලක්කයට නොවදින්නේ. දෙවියන්, කුමාරීන්ව, ඥානයේ ඊතල වලින් පුරවනවා. ඔබ, ප්‍රජාපතී බ්‍රහ්ම කුමර කුමරියන්ය. මේ කෙනා බ්‍රහ්මා වන අතර, ඔබලා දරුකමට හදාගත් දරුවන්ය. එක් නිර්මාණකරු පමණක් සිටින අතර, ඉතිරි සියලු දෙනා ඉගෙන ගනිමින් සිටිනවා. බ්‍රහ්මා ද ඊට ඇතුලත්ය. ඉතිං, එසේ නම් නිර්මාණය මෙයයි. ඔබ දේවතාවන් වීමටයි යන්නේ! ඔබ දිව්‍යමය ගූණධර්ම ධාරණය කරගනිමින් සිටිනවා. සමහර අවස්ථාවලදී, රෝද දෙකටම (යුවලක්) මෙම මාවත අනුගමනය කිරීමට නොහැක. ඔවුන් වැලි මත සිටගෙන සිටිනවා වැනිය. බාබා කිසිම නමක් සඳහන් කරන්නේ නැත. කෙසෙවෙතත්, බාබා පවසන්නේ සත්‍යය බව, ඔබ තේරුම් ගත යුතුයි. ඔබ සමඟ වැඩ කරන අයගේ ස්වභාවයන්, ඔය දරුවන්ටත් දැන ගත හැක. ඔබ හිස මත කිරුළ ව සිටි බවත්, ඔබ දැන් නැවත වතාවක් එය වන බවත්, ඔය දරුවන්ට වැටහෙනවා. ඔබ අන් අයට විස්තර කරන විට, ඔවුන් මුලදි ඔබව විශ්වාස කිරීමට සූදානම් නැත. ඉන්පසුව, ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ට වැටහෙනවා. මේ සඳහා බොහෝ නුවණ අවශ්‍යයි. බුද්ධිය ඇත්තේ ජීවයේය. ජීවය, සත්‍යයයි, ජීවමාන ජීවයයි, ආනන්දයේ ප්‍රතිමූර්තියයි. ඔය දරුවන්ව දැන් ජීව අවධානයට පත් කෙරෙනවා. පියා එනතුරු කිසි කෙනෙකුට ජීව අවධානයට පත් විය නොහැක. පියා දැන් පවසන්නේ ඔබ ජීව අවධානයට පත් වේවා! නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබට මගෙන් බලය ලැබෙයි. මෙම ධර්මය ඉතාමත් බලවත්! එය මුළු ලෝකයම පාලනය කරනවා. මෙය සුළු දෙයක්ද? පියා හා යෝගාවේ සිටීමෙන්, ඔබට බලය ලැබෙනවා. මෙය ඔබ ඉතාමත් පැහැදිලිව විස්තර කළ යුතු අළුත් දෙයකි. ජීවයන්ගේ අසීමිත පියා වන්නේ ඔහු පමණයි. නව ලොවෙහි නිර්මාණකරු ඔහුම පමණයි. ඔබ, ඔවුන්ට ශිවාගේ කාර්යභාරය, ඔහු පැමිණි විට කරන්නේ කුමක්ද කියා, විස්තර කළ හැක. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය මෙන්ම ශිවාගේ උපන් දිනයද සමරයි. දැන් දෙදෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද? උසස්ම උසස් කෙනා වන්නේ අශාරීරික කෙනායි. මිනිසුන් ශිවාගේ උපන් දිනය සැමරීමට, ඔහු කළේ කුමක්ද? ක්‍රිෂ්ණා මොනවද කළේ? පරම පියා, පරම ජීවය සාමාන්‍ය මහළු ශරීරයකට ඇතුළු වී, ස්ථාපනය සිදු කරන බව ලියා තිබේ. බොහෝ විවිධ මත තිබේ. එය තුළින් ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත්වන එක් ශ්‍රීමත් පමණයි ඇත්තේ. මනුෂ්‍යයින්ගේ උපදෙස් පිලිපැදීමෙන් ඔබ ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද? මේවා, එක් වතාවක්, සංගම යුගයේදී පමණක් ඔබට ලැබෙන, දෙවියන්ගේ උපදෙස්ය. දේවතාවන් උපදෙස් ලබා දෙන්නේ නැත. ඔවුන් මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වනවා, එපමණයි. එහි, ඔවුන්ට ගුරුන් ආදිය නොමැත. මෙහි, මනුෂ්‍යයින් ගුරුන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. එබැවින් ඔබ රාජයෝගීන් බව, ඔවුන්ට උපක්‍රමශීලීව විස්තර කළ යුතුයි. හත යෝගීන්ට කිසිම විටෙක රාජයෝගාව ඉගැන්විය නොහැක. ඔවුන් අයත් වන්නේ හුදෙකලා මාවතටයි. ගෘහස්ත මාවතට අයත් අය පමණයි, වන්දනා ගමන් වල යා යුත්තේ. ඔය දරුවන් කිසි දෙයක් ගැන අවුලට පත් නොවිය යුතුයි. මෙය නැවත නැවතත් එයම සිදුවන, පෙර නියත වූ නාටකයයි. පෙර චක්‍රයේදී සිදු වූ ආකාරයෙන්ම, ඔබගේ සේවය අඛණ්ඩව සිදුවනවා. නාටකය, උත්සාහ දැරීමට ඔබව දිරිගන්වනවා. පෙර චක්‍රයේදී කළ ආකාරයෙන්ම ඔබ එය නැවතත් සිදු කරනවා. උත්සාහ දරන අයගේ හැසිරීමෙන්, ඔබට වටහා ගත හැක. මේ නිසයි ප්‍රදර්ශන වලදී, කණ්ඩායමකට ඔබ මාර්ගෝපදේශකයෙක් පත් කළ යුත්තේ, එවිට එම මාර්ගෝපදේශකයාට ඉතා හොඳින් විස්තර කළ හැක. ඔබට උගන්වන පියා, මෙය ඉතා හොඳින් දන්නවා. ඔහු ඔබගේ බුද්ධිය, ඉතාමත් පුළුල් සහ අසීමිත කරනවා. ඔබ කාගේ දරුවන්ද යන කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි! ඔබට උගන්වන්නේ දෙවියන්! සමහරුන්ට ඉගෙන ගැනීමට නොහැකි නම්, ඔවුන් පැන යනවා. දෙවියන්ට ද වැටහෙනවා මෙම කෙනා මගේ දරුවෙක් නොවෙයි. දෙවියන්ගේ සමහර දරුවන් ඉගෙනගනමින් සිට පසුව පැන ගිය හැටි ඔබ දුටුවා. ඉන්පසුව, යම් දෙයක් වටහා ගැනීමෙන් පසු, ඔවුන් නැවතත් ඉගෙනගැනීම ආරම්භ කළා. එවිට ඔවුන් හොඳින් යෝගාවේ සිටින්නේ නම්, ඔවුන්ට උසස් තත්ත්වයක් හිමිකර ගත හැකියි. මෙවන් පාසලක් දමා යෑමෙන්, ඔවුන් සැබවින්ම බොහෝ කාලයක් අපතේ හැරිය බව ඔවුන්ට වැටහෙයි. ඔවුන් දැන් නිසැකයෙන්ම පියාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කර ගනිවි. පියා සිහිකිරීමෙන් සහ බාබා, බාබා කීමෙන් ඔබට හිරිගඩු පිපෙයි. බාබා අපට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට දිරි ගන්වනවා. අප බොහෝ සෙයින් වාසනාවන්තයි! ඔබ අඛණ්ඩව පියාව සිහිපත් කළ යුතු අතර, උපදෙස් ද අඛණ්ඩව පිලිපැදිය යුතුයි, එවිට බොහෝ වර්ධනයක් ඇති වෙයි. එවන් කෙනෙකුට සෑම කෙනෙක්ම බොහෝ සේ ගෞරව කරයි. බාබා පවසන්නේ නූගත් අය, උගත් අය ඉදිරියේ හිස නමාවි. ශරීර අවධානය ඇති අයට දිව්‍යමය ගුණධර්ම ධාරණය කළ නොහැක. ඔබගේ මුහුණ පළමු ගණයේ විය යුතුයි. මෙසේ කියැවේ අතීන්ද්‍රීය සුඛය ගැන, දෙවියන් උගන්වන අයගෙන් අසන්න. ඔබ ඉගෙනුමට බොහෝ අවධානයක් යොමු කළ යුතු අතර, ශ්‍රීමත් ද පිළිපැදිය යුතුයි. ඔබගේ යෝගා බලයෙන් ලෝකය පවා පිවිතුරු වනවා. ඔබ යෝගාව තුළින් ලෝකය පාරිශුද්ධත්වයට පත් කරනවා. එය විශ්මයකි! ඔබගේ ඇඟිල්ලෙන් ඔබ කන්ද එසවිය යුතුයි. (සියලු දෙනාගේ සහයෝගයේ ඇඟිල්ලෙන්, ගෝවර්දන කන්ද එසවීමේ සිහිවටනය) එය, මෙම අපවිත්‍ර ලෝකය, පිවිතුරු කළ අයගේ සිහිවටනයකි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1. ඔබගේ බුද්ධියට ඥානය ධාරණය කිරීම සඳහා, ඔබගේ බුද්ධිය නම් භාජනය, පිවිතුරු සහ පිරිසිදු කළ යුතුයි. ඔබගේ බුද්ධියෙන් නිෂ්ළුල දේ ඉවත් කරගන්න.

2. දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගැනීමට සහ ඉගෙනුමට, සම්පූර්ණ අවධානය යොමු කර, අතීන්ද්‍රීය සුඛය අත්විඳින්න. ඔබ දෙවියන්ගේ දරුවන් බවත්, ඔහුම ඔබට උගන්වනවා, යන කුල්මත්භාවය, සෑම විටෙකම රඳවාගන්න.


වරදානය:
ඔබ සියලු බල ප්‍රතිමූර්තියක් බවට පත් වී ඇයි සහ කුමක්ද ආදී ප්‍රශ්න අභිබවා සිට සැමවිට ප්‍රීතිමත් හදවතක් ඇති ව සිටින්න.

සම්පූර්ණතාවයට පත් සියලු බල ප්‍රතිමූර්තියක් වූ ජීවාත්ම සත්තාවන්ට කිසිවක් ගැන කිසිම විදියේ ප්‍රශ්නයක් තිබිය නොහැකි. ඔවුන්ගේ ක්‍රියා වල සහ මුහුණෙන් සතුටු පෞරුෂයක් දිස් වේ. තෘප්තිය යනු මෙයයි. සතුට අඩු නම් එයට හේතුව බල ඌණතාවයක් වන අතර බල ඌනතාවයට හේතුව කුමක් හෝ ආසාවක් වෙයි. සියුම් වූ හෝ ආසාවන් ඇති විට ඔබ බල ඌණතාව වෙත ඇදගෙන යයි. එමනිසා, තාවකාලික ආශාවන් පසෙක තබා බල ප්‍රතිමූර්තියක් වෙමින් සැම විට ප්‍රීතිමත් හදවතක් ඇතිව සිටින්න.

පාඨය:
දෙවියන්ගේ සෙනෙහසේ කිමිදී සිටින්න, එවිට මායාගේ ආකර්ෂණය අවසන් වනු ඇත.


බ්‍රහ්ම පියාට සමාන වීම සඳහා විශේෂ උත්සාහයන්.
ඔබ බ්‍රහ්ම බාබා අත්දැක්කේ ඇවිදිමින් යන සුරදූතයෙක් ලෙස කිසිඳු ශරීර අවධානයක් නැති ලෙසයි. යමක් කරන විට, අන් අය හා කතා කරන විට, හැම කෙනෙකුගේම උත්සාහයත් උනන්දුවත් වැඩි කිරීමට උපදෙස් දෙන විට, ඔහු සැම විට ශරීරය අභිබවමින් සූක්ෂම ආලෝකයක අත්දැකීම ලබා දෙයි. ඒ ලෙසම, පරම පියාව අනුගමනය කරන්න. නිරතුරුවම ශරීර අවධානය අභිබවා සිටින්න. සෑම කෙනෙකුටම නොබැඳි ස්වරූපය පෙන්වන්න. මෙයට ශරීරය තුළ සිටිමින් සුර දූත තත්ත්වයක් යැයි කියැවේ.