09.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අසීමිත පියා සිහිපත් කිරීම අදෘෂ්‍යමාන දෙයකි. සිහි කිරීම, ආපසු සිහි කිරීම ගෙන දෙයි. සිහිපත් කිරීමේ නොසිටින අයව, පරම පියා සිහි කරන්නේ කෙසේද?

ප්‍රශ්නය:
මුළු චක්‍රය පුරාම වෙනත් කිසිම කාලයකදී උගන්වන්නේ නැති කුමන ඉගැන්වීමද, සංගම යුගයෙදී ඔය දරුවන් ඉගෙන ගන්නේ?

පිළිතුර:
ජීවමානව, සිරුරෙන් මියැදීමේ ඉගෙනුම. මේ කාලයේදී පමණයි, මළමිණියක් වීමට උගන්වන්නේ, මන්ද ඔබ කර්මතීට් විය යුත්තේ මේ කාලයේදී පමණයි. ඔබ සිරුරක් තුළ සිටිනතාක් කල්, ඔබ ක්‍රියා සිදු කළ යුතුයි. ඔබගේ මනසට සාමයෙන් සිටිය හැක්කේ ඔබ සිරුරක් තුළ නොමැති විට පමණයි. මේ නිසයි මෙසේ නොකිව යුත්තේ මනස ජයගන්නා අය, ලෝකය ජයගනී. කිව යුත්තේ මායා ජයගන්නා අය, ලෝකය ජයගනී.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කරදෙයි, මන්ද, උගන්වනු ලබන්නේ, නුවණ නොමැති අයට පමණක් බව ඔබට වැටහෙන නිසාය. දැන්, අසීමිත පියා, පරමාත්ම දෙවියන්, උසස්ම උසස් කෙනා පැමිණි විට, ඔහු උගන්වන්නේ කාටද? නිසැකයෙන්ම, ඔහු වැඩියෙන්ම නුවණ නොමැති අයටයි උගන්වන්නේ. මේ නිසයි මෙවැනි කියමනක් තිබෙන්නේ විනාශ කාලයේදී සෙනෙහස නොමැති බුද්ධි ඇති අය. බුද්ධිය තුළ, සෙනෙහස නොමැති වූයේ කෙසේද? ඔවුන් සත්ව වර්ග මිලියන 8.4 ක් ගැන ලියා ඇත. පරම පියා උපත් මිලියන 8.4 ක් ගන්නා බවද ඔවුන් ලියා ඇත. ඔවුන් පවසන්නේ උත්තරීතර ජීවාත්මය, බලලුන්, බල්ලන් සහ සියලුම ජීවීන් තුළ සිටින බවයි. මෙම කරුණ දෙවනුව විස්තර කළ යුතු බව, ඔය දරුවන්ට පවසා තිබේ. අළුත් අය පැමිණෙන විට, ඔබ පළමුවෙන්ම සීමිත සහ අසීමිත පියවරුන්ගේ හැඳින්වීම ලබා දිය යුතු බව, පරමාත්ම පියා විස්තර කර ඇත. එම කෙනා, අසීමිත ජ්‍යෙෂ්ඨ බාබා වන අතර, මෙම කෙනා සීමිත කණිෂ්ඨ බාබා කෙනෙක්ය. අසීමිත පියා යනු, අසීමිත ජීවාත්මයන්ගේ පියාය. සීමිත පියෙක්, ජීවමාන මානවයන්ගේ පියෙක්ය. එම කෙනා, සියලුම ජීවාත්මයන්ගේ පියාය. සෑම කෙනෙකුටම මෙම ඥානය එකම ප්‍රමාණයකින් ධාරණය කරගත නොහැක. ඇතමුන් 1% ක් පමණක්ද ඇතමුන් 95% ක්ද ධාරණය කරගනී. මෙය වටහා ගත යුතු දෙයකි. සූර්ය රජ පෙළපත තිබෙයි රජවරුන්, රැජිනියන් සහ පුරවැසියන් සිටියි. මෙය ඔබගේ බුද්ධි තුළට ඇතුළු වෙයි. පුරවැසියන් අතරෙහි, සෑම මාදිලියකම මනුෂ්‍යයන් සිටියි. පුරවැසියන් යනු පුරවැසියන්ය! පරමාත්ම පියා විස්තර කරයි මෙය ඉගෙනුමක්. ඔබ එක් එක් කෙනා ඉගෙනගන්නේ, ඔබගේම බුද්ධියට අනුවයි. ඔබ සෑම කෙනෙකුටම ඔබගේම චරිත කොටස ලැබී තිබේ. ඔබ පෙර චක්‍රයේදී මෙම ඉගෙනුම කොතෙක් දුරට ධාරණය කළාද, ඔබ දැනුත් එම තරමටම ධාරණය කරගනී. මෙම ඉගෙනුම කිසිදා සැඟවිය නොහැක. ඔබගේ තත්ත්වය ලැබෙන්නේ ඔබ ඉගෙනගන්නා ප්‍රමාණයට අනුවය. පරම පියා විස්තර කර තිබෙන්නේ ඔබ දියුණුවත්ම විභාග තිබෙයි. විභාගයක් නොගෙන, ඔබව මාරු කර හැරිය නොහැක. අවසානයේදී සෑම දෙයක්ම හෙළිදරව් වනු ඇත. කෙසේවෙතත්, ඔබ කුමන තත්ත්වයට සුදුසුද කියා, ඔබට දැන් වුවත් වටහාගත හැක. ඔබ, පිරිස අතරේ සිටින විට අපහසුතාවයට පත් වන බැවින්, ඔබ සියලු දෙනාම අත් ඔසවන නමුත්, ඔබට එය බවට පත් වීමට නොහැකි බව, ඔබ දන්නා බව, ඔබගේ හදවතින් ඔබ වටහාගනී. කෙසේවෙතත්, ඔබ අත් ඔසවයි. කොහොමනමුත්, අත් එසවීම... මින් කියැවෙන්නේ අවිද්‍යාවයි. බොහෝ සෙයින් අවිද්‍යාව තිබේ! එම ශිෂ්‍යයින්ට (ලෞකික) ඊට වඩා නුවණ ඇති බව පියාට සැනෙකින් වැටහෙයි. ඔවුන් ශිෂ්‍යත්වයක් ලැබීමට සුදුසු නැත්නම්, සමත් නොවන බව ඔවුන්ට වැටහෙයි. එම ලෞකික ශිෂ්‍යයන් ඔබට වඩා හොඳයි, මන්ද ඔවුන්ගේ ගුරුවරයා උගන්වන විෂයයන් වලින්, ඔවුන්ට කෙතරම් ලකුණු ලැබෙයිද කියා, ඔවුන්ට අඩු තරමින් වැටහෙයි. ඔවුන් සම්මාන ඇතුව සමත් වෙන බව නොකියයි. මෙහි සිටින අයට එතරම්වත් නුවණ නොමැති බව, ඉන් පෙනෙයි ඔවුන්ට බොහෝ ශරීර අවධානය ඇත. ඔබ මෙහි පැමිණ සිටින්නේ ලක‍්ෂ්මි සහ නාරායන වීමට බැවින්, ඔබගේ ක්‍රියාකාරකම් බොහෝ යහපත් විය යුතුයි. පරමාත්ම පියා පවසන්නේ විනාශ කාලයේදී ඇතැම් අයට, සෙනෙහස නැති බුද්ධි තිබෙයි. පියා කෙරෙහි ඔවුන් තුළ නිවැරදි සෙනෙහසක් නොමැති නම්, ඔවුන්ගේ තත්ත්වය කුමක් වෙයිද? ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. පරම පියා මෙහි අසුන් ගෙන, ඔය දරුවන්ට විනාශ කාලයේදී සෙනෙහ නොමැති බුද්ධි ඇති අයහි අරුත විස්තර කර දෙයි. ඔය දරුවන්ටවත් මෙය පැහැදිලිව වටහා ගැනීමට නොහැකි නම්, වෙනත් අය කුමක් වටහා ගනීද? ඔවුන් ශිව බාබාගේ දරුවන් යැයි විශ්වාස කරන දරුවන්ට, සම්පූර්ණ අරුත වැටහෙන්නේ නැත. පරම පියාව සිහිපත් කිරීම අදෘෂ්‍යමාන දෙයකි. ඉගෙනුම අදෘෂ්‍යමාන නැත. ඉගෙනුමෙහි, සෑම කෙනෙක්ම අංකානුපිළිවෙලයි, සෑම කෙනෙක්ම එකම ප්‍රමාණයට ඉගෙනගන්නේ නැත. ඔවුන් තවමත් ළදරුවන් බව පියාට අවබෝධ වෙයි. ඔවුන් මාස තුන හතරක් අසීමිත පියාව සිහි කරන්නේ නැත. කෙනෙක් බාබාව සිහිපත් කරන්නේද නැද්ද කියා වටහාගන්නේ කෙසේද? බාබාට ඔවුන්ගෙන් ලිපියක් ලැබී, ඔවුන් කරන ආධ්‍යාත්මික සේවය පිළිබඳ පුවත් පියාට ලියන විට පමණයි. කෙනෙක් ඔප්පු කර පෙන්විය යුතුයි. සිහිපත් කිරීමේද නොසිට, සේවයේද සාක‍්ෂි ලබා නොදෙන අය, සිටින්නේ ශරීර අවධානයෙන්ය. ඇතැම් අය ඔවුන්ගේ පුවත් ලියයි බාබා, අහවලා පැමිණි අතර, මා ඔහුට මෙය විස්තර කළා. එබැවින් දරුවා තවමත් ජීවමානව සිටින බවත් හොඳ සේවා පුවත් දෙන බවත්, පියාට වැටහෙයි. ඇතමුන් මාස තුන හතරක් පවා ලිපියක් නොලියයි. බාබාට කිසිම පුවතක් නොලැබෙන විට, දරුවා මිය ගොසින් හෝ අසනීපයෙන් සිටින බව, පියාට වැටහෙයි. රෝගී අයට ලිපි එවිය නොහැක. ඔවුන්ගේ සෞඛ්‍යය එතරම් හොඳින් නොතිබුණු බැවින්, ඔවුන් මීට පෙර ලිපියක් නොලියූ බවත්, ඇතැම් අය ලියා දන්වයි. සමහරුන් කිසිම පුවතක් නොදෙයි ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙනි. එවිට, පරම පියා සිහි කරන්නේ කාවද? සිහිපත් කිරීම, ආපසු සිහිපත් කිරීම ගෙන දෙයි! කෙසේවෙතත්, ශරීර අවධානය ඇත. පරම පියා පැමිණ විස්තර කරයි ඔබ, මා සෑම තැනකම සිටින බව පවසා, සත්ව වර්ග මිලියන 8.4 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් තුළට මාව දමා ඇත. මනුෂ්‍යයින්, ගල් වැනි බුද්ධි ඇති අය බව කියැවෙයි. දෙවියන් ගැන ඔවුන් පවසන්නේ ඔහු සෑම ගල් කැටයක සහ වැලි කැටයක සිටියි. එබැවින්, එය අසීමිත අපහාසයක් නොවේද? එබැවින් පරම පියා පවසන්නේ ඔවුන් මට බොහෝ සෙයින් අපහාස කරයි! ඔබට දැන් සෑම දෙයක්ම අංක පිළිවෙලට වැටහෙයි. භක්ති මාර්ගයේදී ඔවුන් ගයන්නේ ඔබ පැමිණි විට, මා ඔබ වෙනුවෙන් කැප වන්නෙමි. මා ඔබව මගේ උරුමකරු බවට පත් කරන්නෙමි. මා ගල් සහ වැලි කැට වල සිටින බව පවසමින්, ඔබ මාව ඔබගේ උරුමකරු කරවයි! ඔබ බොහෝ සේ මට නින්දා කරයි! මේ නිසයි පරමාත්ම පියා පවසන්නේ අන්ත අධර්මිෂ්ඨකම ඇති විට, මා එන්නෙමි. ඔය දරුවන් දැන් පරම පියාව හඳුනන බැවින්, ඔබ ඔහුට බොහෝ සේ ප්‍රශංසා කරයි. ප්‍රශංසා කිරීම කෙසේවෙතත්, සමහරු ඔහුට සිහිපත් කිරීමේ වචන දෙකක් වත් නොලියයි. ඔවුන් ශරීර අවධානයට පත්වෙයි. ඔබට පරම පියාව හමුවී ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. අපේ පරමාත්ම පියා, අපට උගන්වනවා. මේවා පරමාත්ම දෙවියන්ගේ වදන්ය. මා ඔබට රාජයෝගාව උගන්වනවා. මා ඔබට රාජයෝගාව උගන්වා, ඔබට ලෝක රාජධානිය දිනා ගත හැකි අන්දම ඔබට පෙන්වා දෙනවා. ලෝකයේ ආධිපත්‍යය හිමි කරගන්නා අන්දම ගැන, අසීමිත පියා ඔබට උගන්වනවාය, යන කුල්මත්භාවය ඔබට තිබුණේ නම්, ඔබට අනන්ත සතුට ඇතිවෙයි. ඔවුන් ගීතාව හදාරන නමුත්, ඔවුන් එය හදාරන්නේ සාමාන්‍ය පොතක් විලසින්ය. ක්‍රිෂ්ණා දෙවියන් පවසයි මා ඔබට රාජයෝගාව උගන්වමි. එපමණයි! ඔවුන්ට මෙම බුද්ධියේ යෝගාව හෝ මෙම සතුට නොමැත. ගීතාව හදාරන හෝ පවසන අයට, මෙතරම් සතුටක් නොමැත. ඔවුන් ගීතාව කියවා අවසන් වූ විට, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වල කාර්ය බහුල වෙයි. අසීමිත පියා ඔබට උගන්වන බව, දැන් ඔබගේ බුද්ධියේ තිබේ. ඔවුන්ට පරමාත්ම දෙවියන් උගන්වන බව, කිසි කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. එබැවින් කෙනෙක් පැමිණි විට, පළමුව ඔහුට පියවරුන් දෙදෙනාගේ සිද්ධාන්තය විස්තර කර දෙන්න. ඔහුට කියන්න භාරතය දිව්‍ය ලෝකයව පැවති අතර, එය දැන් අපායයි. ඔවුන් කලි යුගයේ මෙන්ම ස්වර්ණමය යුගයේද සිටින බව, කිසි කෙනෙකුට කිව නොහැක. කෙනෙක් දුක් විඳින විට ඔහු අපායේද, කෙනෙක් සතුට අත්විඳින විට, ඔහු දිව්‍ය ලෝකයේද ඇත. ඔවුන්ට බොහෝ සතුට තිබෙන බව සහ අසතුටින් සිටින අය අපායේ සිටින බව බොහෝ දෙනෙක් කියයි. ඔවුන්ට ඔවුන්ගේ මාලිගා සහ ගොඩනැගිලි ආදිය ඇත. ඔවුන් බොහෝ බාහිර සතුට දකියි. එම ස්වර්ණමය යුගයේ සතුට, මෙහි අත්විඳිය නොහැකි බව, ඔබට දැන් වැටහෙයි. ඒ දෙකම එක දෙයක් බැවින්, ස්වර්ණමය යුගයට කලි යුගය කියා සහ කලි යුගයට ස්වර්ණමය යුගය යැයි කිව නොහැක. එය විශ්වාස කරන අයට අඥානයන් යැයි කියයි. එබැවින් පළමුවෙන්ම ඔවුන්ට පරමාත්ම පියාගේ සිද්ධාන්තය ගැන කියා දෙන්න. පියා, ඔහුගේම හැඳින්වීම ලබා දෙයි. වෙනත් කිසිවෙක් ඔහුව හඳුනන්නේ නැත. දෙවියන් සෑම තැනකම සිටින බව, ඔවුන් කියයි. ජීවාත්මයක සහ උත්තරීතර ජීවාත්මයේ ස්වරූපය එක හා සමාන බව, ඔබ දැන් පිංතූර වල පෙන්වයි. ඔහුද ජීවාත්මයක් වන නමුත් ඔහුට උත්තරීතර පරමාත්ම ජීවය යැයි කියයි. පරමාත්ම පියා මෙතැන අසුන් ගෙන, ඔහු පැමිණෙන අන්දම පහදා දෙයි. සියලුම ජීවාත්ම, එහි උත්තරීතර දේශයේ වාසය කරයි. පිටත මිනිසුන්ට මෙම දේවල් වැටහෙන්නේ නැත. භාෂාවද ඉතා පහසුයි. ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම සඳහන් වී ඇති නමුත්, ක්‍රිෂ්ණා, ගීතාව පවසන්නේ නැත. ඔහුට සෑම කෙනෙකුටම මෙසේ කිව නොහැක නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! ශාරීරික ජීවයන් සිහි කිරීමෙන් පාපයන් කපා දැමිය නොහැක. එහි සඳහන් වන්නේ ක්‍රිෂ්ණා දෙවියන් පවසයි සියලුම ශාරීරික නෑදෑයින් අතහැර, මා පමණක් සිහි කරන්න! කෙසේනමුත්, ක්‍රීෂ්ණාටද ශාරීරික නෑදෑයින් සිටින අතර, ඔහු කුඩා දරුවෙක් පමණයි. මෙය ඉතා විශාල වැරදීමක්! එක් වැරදීමක් නිසා විශාල වෙනසක් සිදු වී ඇත! පරමාත්ම දෙවියන්ට සෑම තැනකම සිටිය නොහැක. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා කියා, ඔබ කියන කෙනාද, පහත් තත්ත්වයකට පත්වනවාද? පරමාත්ම දෙවියන්ට කිසිදිනෙක පහත් තත්ත්වයකට පත්විය හැකිද? මේ සියලු දේ ආවර්ජනය කළ යුතුයි. මෙය කාලය අපතේ හැරීම පිළිබඳ කරුණක් නොවෙයි! ඔවුන්ට කාලය නැති බව මිනිසුන් පවසයි. ඔවුන්ට පැමිණ පාඨමාලාව ගන්නා ලෙස පැවසූ විට, ඔවුන්ට කාලය නොමැති බව පවසයි. ඔවුන් දින දෙකකට හෝ හතරකට පැමිණෙයි. ඔවුන් ඉගෙන ගන්නේ නැත්නම්, ලක‍්ෂ්මි හෝ නාරායන වන්නේ කෙසේද? මායාගේ විශාල බලයක් ඇත. පරම පියා විස්තර කරන්නේ ගතවන සෑම තත්පරයක් සහ විනාඩියක්ම, ඒ අන්දමින්ම නැවත සිදුවෙයි. එය අසංඛේය වාර ගණනක් නැවත නැවතත් සිදුවෙයි. ඔබ දැන් පරම පියාට සවන් දෙමින් සිටිනවා. බාබා උපත් සහ මරණ චක්‍රය තුළට පැමිණෙන්නේ නැත. උපත් සහ නැවත උපත් ගැනීමේ සම්පූර්ණ චක්‍රයට පැමිණෙන අය සමඟ, මෙසේ නොඑන කෙනාව ඔබට සැසඳිය හැක. උපතක් ගන්නේ හෝ මිය නොයන්නේ ඒකායන පියා පමණයි. අන් සෑම කෙනෙක්ම මෙම චක්‍රය තුළ සිටියි. මේ නිසයි ඔබ බ්‍රහ්මා සහ විෂ්ණු යන දෙදෙනා, උපත් සහ පුනරුත්පත්ති ගන්නා පිංතූරය පෙන්වන්නේ. ඔවුන් අඛණ්ඩව ඔවුන්ගේ චරිත කොටස් රඟ දක්වයි බ්‍රහ්මා, විෂ්ණු වන අතර, විෂ්ණු, බ්‍රහ්මා බවට පත්වෙයි එය අවසන් විය නොහැක. සෑම කෙනෙක්ම පැමිණ, මෙම පිංතූර දැක, වටහාගනීවි. මෙය පහසුවෙන් වටහා ගත යුතු දෙයකි. ඔබ බ්‍රහ්මණයින් බවත්, ඉන්පසුව ඔබ දේවතාවන්, ක‍්ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් වන බවත් පරමාත්ම පියා පැමිණි විට, ඔබ ඉන්පසුව බ්‍රහ්මණයින් වන බවත් ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. මෙය සිහියේ තබා ගන්න, එවිට ඔබ ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්වෙයි. සිහිපත් කිරීමේ සිටිය නොහැකි බොහෝ දෙනෙක් සිටියි. ස්වදර්ශන චක්‍රධාරීන් වන්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. දේවතාවන් මෙය වන්නේ නැත. ඔබ චක්‍රය වටා යන ආකාරය පිළිබඳ ඥානය, දැන් ලැබීමෙන් ඔබ දේවතාවන් බවට පත් වෙයි. ඇත්ත වශයෙන්ම ස්වදර්ශන චක්‍රධාරියෙක් යැයි හැඳින්වීමට, කිසිම මනුෂ්‍යයෙක් සුදුසු වන්නේ නැත. භාරතයේ ජනතාවගේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වන ආකාරයෙන්ම, මනුෂ්‍ය ලෝකය, මරණීය දේශය මුළුමනින්ම වෙනස්ය. සෑම කෙනෙකුගේම චාරිත්‍ර වාරිත්‍ර වෙනස්ය. දේවතාවන් ගේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස්ය. මරණීය දේශයේ මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස්ය. එහි දිවා රාත්‍රිය මෙන් වෙනසකි, මේ නිසයි තමන් අපවිත්‍ර බව, සෑම කෙනෙක්ම පවසන්නේ. ඔවුන් කන්නලව් කරන්නේ අපවිත්‍ර ලෝකයේ සිටින අප සියලු වැසියන්ව පිවිතුරු කරන්න! පිවිතුරු ලෝකය, වසර 5000 කට පෙර පැවති බවත්, එයට ස්වර්ණමය යුගය යැයි කියූ බවත් ඔබගේ බුද්ධිය තුළ ඇත. රිදී යුගයට එය නොකියයි. මුලදි පළමු පංතියත් ඉන්පසුව දෙවැනි පංතියත් තිබෙන බව, පරමාත්ම පියා විස්තර කර තිබේ. එබැවින් පැමිණෙන ඕනෑම කෙනෙක්, එය ඇසීමෙන් විශ්මයට පත්වන ආකාරයෙන්, ඔබ සෑම කරුණක්ම ඉතා හොඳින් විස්තර කළ යුතුයි. ඇතැම් අය බොහෝ සෙයින් විශ්මයට පත්වන නමුත්, ඔවුන් අනිවාර්යෙන්ම පාරිශුද්ධව රැඳී සිටිය යුතු බව ඇසූ විට, ඔවුන්ට උත්සාහ දැරීමට කාලය නැත. මනුෂ්‍යයින්ව අපවිත්‍ර කරවන්නේ රාගය නමැති පාපයයි. එය ජය ගැනීමෙන් ඔබ ලෝකය ජයගන්නන් වෙයි. පරම පියා මෙසේද ඔබට කියා තිබේ රාගය නමැති පාපය පරාජය කොට, ලෝකය ජයගත්තන් වන්න. මනුෂ්‍යයින් පවසන්නේ මනස ජයගෙන, ලෝකය ජය ගන්න. ඔබගේ මනස පාලනය කරන්න. ඔබට සාමකාමී විය හැක්කේ, ඔබට සිරුරක් නොමැති විට පමණයි. එසේ නොමැති නම්, මනසට කිසි විටෙක සාමකාමී විය නොහැක. ඔබට සිරුරක් ලැබෙන්නේ ඔබට ක්‍රියා සිදු කිරීම සඳහායි. එබැවින් ඔබගේ කර්මතීට් තත්ත්වයේ ඔබ මෙහි සිටින්නේ කෙසේද? කර්මතීට් තත්ත්වය, මළමිණියක ස්ථීතිය යැයි කියයි ජීවමානව මියැදී සිරුරෙන් වෙන්ව සිටීම. ඔබට ඉගැන්වීම ලබා දෙන්නේ සිරුරෙන් වෙන්වී සිටීමටයි. ජීවාත්මයක්, ශරීරයෙන් වෙන් වූවකි. ජීවාත්මයක්, උත්තරීතර දේශයේ වාසය කරන්නෙක්ය. ජීවාත්මයක්, සිරුරකට ඇතුළු වූ විට, ඔහුට මනුෂ්‍යයෙක් යැයි කියයි. ඔබට සිරුරක් ලැබෙන්නේ ක්‍රියා සිදු කිරීමටයි. ජීවාත්මයක් ඔහුගේ සිරුර අත්හල විට, ක්‍රියා සිදු කිරීම සඳහා, ඔහු වෙනත් සිරුරක් ගත යුතුයි. ඔබට ක්‍රියා සිදු කිරීමට නොමැති විට පමණයි, ඔබ සාමකාමීව සිටින්නේ. අශාරීරික ලෝකයේ ක්‍රියා නොමැත. ලෝක චක්‍රය බ්‍රමණය වන්නේ මෙහිදීය. ඔබ පරම පියාව සහ ලෝක චක්‍රය වටහා ගත යුතුයි. මෙයට ඥානය යැයි කියයි. ඔබගේ දෑස් අපවිත්‍රව සහ සාපරාදීව පවතින තාක් ඔබට පිවිතුරු කිසිවක් දැකිය නොහැක. ඔබට ඥානයේ තෙවැනි ඇස අවශ්‍ය වන්නේ මේ නිසාය. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට පමණයි, එනම්, ඔබ දේවතාවන් වූ විට පමණයි, ඔබගේ දෑසින් ඔබ දේවතාවන් දකින්නේ. කෙසේවෙතත්, එම ශරීර තුළ සිටින කල් ඔබට ඔබගේ දෑසින් ක්‍රිෂ්ණාව දැකිය නොහැක. දර්ශනයක් ලැබීමෙන් පමණක් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. ඔබ තාවකාලික සතුටක් පමණක් අත්විඳින අතර එය තුළින් ඔබගේ ආශාව (ක්‍රිෂ්ණා දැක ගැනීමේ) ඉටුවෙයි. දර්ශන, නාටකයේ නියම වී තිබේ. ඒ තුළින් කිසි ලැබීමක් නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මම, ශරීරයෙන් වෙන් වූ ජීවාත්මයකි. ඔබගේ සිරුර තුළ වාසය කරන අතර, ජීවමානව මියැදුණු, මළමිණියක් වීමේ පුහුණුව තුළින්, ඔබගේ ස්ථීතිය කර්මතීට් කරගන්න.

2. සේවයේ සාක‍්ෂි ලබා දෙන්න. ශරීර අවධානය අතහැර, අවංකව ඔබගේ පුවත් ලබා දෙන්න. සම්මාන සහිතව සමත් වීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ සියලු ගිණුම් සහ සියලු සබඳතා ඒකායන පියා සමඟ පවත්වන, ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක් වේවා.

ආලෝකමත් සහ සැහැල්ලු සූරදූතයන් වීම සඳහා සිරුරු පිළිබඳ අවධානය ඉක්මවා සිටින්න, මන්ද ශරීර අවධානය මඩ වන අතර ඔබට එම බර තිබේ නම් බරක් දැනෙයි. සුරදූතයන් යනු තමන්ගේ සිරුර සමඟවත් සම්බන්ධතාවයක් නැති අයයි. පරම පියා ඔබට ලබා දුන් සිරුර ඔබ පියාට භාර දී තිබේ. තමන්ගේ දෙයක් ඔබ වෙනත් කෙනෙකුට දුන් විට, එය සමඟ ඔබගේ සම්බන්ධතාවය අවසන් වෙයි. ඔබගේ සියලුම ගිණුම් සහ සියලුම ගනු-දෙනු තිබෙන්නේ පරම පියා සමඟයි, එමෙන්ම සියලු අතීත ගිණුම් සහ සම්බන්ධතා අවසන්ය. එවන් සම්පූර්ණ යාචකයන් වන අය පමණයි, ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයන් වන්නේ.

පාඨය:
ඔබගේ විශේෂතා භාවිත කරන්න, එවිට ඔබ සෑම පියවරකදීම ප්‍රගතිය අත්විඳියි.