09.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ, ඔබගේ ශරීරයෙන්, මනසින් සහ ධනයෙන් සැබෑ ආධ්‍යාත්මික සේවය කළ යුතුයි. භාරතය, ස්වර්ණමය යුගය වන්නේ, ඔබ ආධ්‍යාත්මික සේවයේ යෙදීම තුළින් පමණයි.

ප්‍රශ්නය:
සිතේ කරදර වලින් නිදහස් වීම සඳහා, ඔබ නිරන්තරයෙන් සිහිපත් කළ යුත්තේ කුමක්ද? ඔබට සැහැල්ලුවෙන් සිටීමට හැකි වන්නේ කවදාද?

පිළිතුර:
සැහැල්ලුවෙන් සිටීමට, මෙම නාටකය සම්පූර්ණ නිවැරදි ආකාරයෙන් නිමවී ඇති බව, සෑම විටෙකම මතක තබා ගන්න. නාටකයට අනුව සිදුවන කුමන හෝ දෙයක් සම්පූර්ණයෙන්ම නිවැරදියි. කෙසේවෙතත්, ඔය දරුවන්ට මෙකල සැහැල්ලුවෙන් රැඳී සිටීමට නොහැක. ඔබ ඔබගේ කර්මතීටි තත්ත්වයට පත් වූ විට, ඔබ සැහැල්ලුවෙන් සිටීවී. මේ සඳහා, ඉතාමත්ම හොඳ යෝගා අවශ්‍යයි. යෝගී සහ ග්‍යානී දරුවන්ට සැඟවී සිටිය නොහැක.

ඕම් ශාන්ති.
පාරිශුද්ධකරුවා වන ශිව දෙවියන් කතා කරයි. කිසිම ශාරීරික ජීවයකට, දෙවියන්, කියා ඇමතිය නොහැකි බව පියා විස්තර කර තිබේ. තවද පාරිශුද්ධකරුවා විය හැක්කේ දෙවියන්ට පමණක් බවද මිනිසුන් දන්නවා. ශ්‍රී ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරුවා යැයි කිව නොහැක. අසරණ මිනිසුන් බොහෝ සේ අවුලට පත්ව සිටියි. භාරතයේ නූල පැටලී ඇති විට පමණයි ශිව බාබා පැමිණෙන්නේ. පියා හැරුණු කොට, අන් කිසිවෙකුට එම පැටලිල්ල ලිහා දැමිය නොහැක. ඔහුම පමණයි, පාරිශුද්ධකරු ශිව බාබා වන්නේ. මෙය දන්නේ ඔය දරුවන් පමණයි, එයත් ඔබ දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලටයි. ඔබ මෙතැන අසුන්ගෙන සිටියත්, එමෙන්ම දිනපතාම ඔබ මෙයට සවන් දුන්නත්, ඔබ ශිව බාබා සමග අසුන්ගෙන සිටින බවත්, ඔහු මෙම කෙනා තුළ සිටිමින් අපට උගන්වන බවත්, අපව පාරිශුද්ධත්වයට පත් කරමින් අපට මෙම ක්‍රම කියා දෙන බවත් ඔබගේ අවධානයේ රැඳී තිබෙන්නේ නැත. ඔබ ස්ව දර්ශන චක්‍රධාරීන් වනවා, ඔබට නිර්මාණකරු සහ නිර්මාණයේ දැනුම ලැබෙනවා, ඔබ රාගය ජය ගෙන, ලෝකය ජයගන්නන් වෙනවා. ඉතිං, එම පියා, පාරිශුද්ධකරුවායි. එමෙන්ම ඔහු නව නිර්මාණයේ නිර්මාණකරුයි. ඔබ දැන් අසීමිත රාජධානිය ලබා ගැනීම සඳහා උත්සාහ දරනවා. ඔබ එක් එක් කෙනාට වැටහෙනවා, ඔබ ඔබගේ රාජධානියේ භාග්‍යය, ශිව බාබාගෙන් හිමි කරගන්නා බව. මෙය වුවද නිවැරදිව වැටහෙන්නේ නැත. සමහරුන් මෙය ටිකක් දන්නා අතර, සමහරුන් මෙය දන්නේම නැහැ. ශිව බාබා පවසන්නේ පාරිශුද්ධකරුවා මමයි. ඕනෑම කෙනෙක් පැමිණ මගෙන් ඇසුවොත්, මට මගේ හැඳින්වීම ඔහුට ලබා දිය හැක. පියා ඔබටද ඔහුගේ හැඳින්වීම ලබා දී ඇත. ශිව බාබා පවසන්නේ මම සාමාන්‍ය ශරීරයකට ඇතුළු වන්නෙමි. මෙම ශරීරය සාමාන්‍ය එකකි. ඔහු ගසෙහි මුදුනේ සිටගෙන සිටිනවා. ඔහු, අපවිත්‍ර ලෝකයේ සිටගෙන සිටින අතර, පහළ, තපස්යාවේ යෙදී සිටිනවා. ශිව බාබා මෙම කෙනාටද තපස්යාවේ යෙදෙන අන්දම කියා දෙනවා. ශිව බාබා රාජ යෝගා උගන්වනවා. පහළ, ආදි දේව් සිටින අතර, ඉහළ සිටින්නේ ආදි නාත්ය (ස්වාමියා). ඔය බ්‍රහ්මින්වරුන් ශිව බාබාගේ දරුවන් බව, ඔය දරුවන්ට විස්තර කළ හැක. ඔබද ශිව බාබාගේ දරුවන්, නමුත් ඔබ එය නොදනී. දෙවියන් එක් අයෙක් පමණක් වන අතර, ඉතිරි සියලු දෙනා සහෝදරයන්ය. පියා පවසන්නේ මම උගන්වන්නේ මගේ දරුවන්ට පමණයි. මම උගන්වා දේවතාවන් බවට පත් කරන්නේ, මාව හඳුනාගන්න අයට පමණයි. භාරතයම දිව්‍යලෝකය වුනු අතර, එය දැන් අපායයි. රාගය ජය ගන්නන් පමණයි, ලෝකය ජයගන්නන් වන්නේ. මම ස්වර්ණමය ලෝකය ස්ථාපනය කරනවා. භාරතය බොහෝ වාර ගණනාවක් ස්වර්ණමය යුගයේ තිබුණු අතර, ඉන්පසුව එය කලි යුගයට ගියා. කිසි කෙනෙක් මෙය දන්නේ නැත. කිසිම කෙනෙක් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන නොදනී. මම දැනුමින් සපිරිය. මෙය ඔබගේ අරමුණ සහ ඉලක්කයයි. මම මෙම කෙනාගේ සාමාන්‍ය ශරීරයට ඇතුළු වී, ඔබට ඥානය ලබා දෙමි. ඔබ දැන් පිවිතුරු විය යුතුයි. එම දුර්ගුණ ජයගැනීමෙන් ඔබ ලෝකය ජයගත්තන් බවට පත් වෙයි. ඔය සෑම දරුවෙක්ම උත්සාහ දරනවා. ඔබ ඔබගේ ශරීර, මනස සහ ධනයෙන්, භෞතික සේවයේ නොව, ආධ්‍යාත්මික සේවයේ යෙදී සිටියි. මෙයට කියන්නේ ආධ්‍යාත්මික ඥානය කියාය. මෙය භක්තිය නොවේ. භක්තිය සඳහා යුග වන්නේ තඹ සහ කලි යුගයි. ඒවාට බ්‍රහ්මාගේ රාත්‍රිය කියාද කියන අතර, ස්වර්ණමය සහ රිදී යුගයන් වලට බ්‍රහ්මාගේ දහවල කියා කියයි. ගීතාව උගන්වන කෙනෙක් පැමිණියහොත්, ගීතාවේ වරදක් ඇති බව ඔබ ඔහුට විස්තර කළ යුතුයි. ගීතාව කීවේ කවුද? රාජ යෝගා ඉගැන්වූයේ කවුද? රාගය ජයගැනීමෙන්, ඔබ ලෝකය ජය ගත් අය බවට පත්වන බව, කිව්වේ කවුද? මෙම ලක‍්ෂ්මි සහ නාරායන්, ලෝකය ජය ගත් අය බවට පත් වූවා නේද? ඔහු අසුන්ගෙන, ඔවුන්ගේ උපත් 84 හි රහස් ඔවුන්ට විස්තර කර දුන්නා. ඔවුන් කවුරු වූවත් කම් නැත, ඥානය ලබා ගැනීමට ඔවුන් මෙහි පැමිණිය යුතුයි. මම ඔය දරුවන්ට උගන්වනවා, නමුත් ඔබලා අතරින්ද, සමහරුන් වැඩිය වටහා නොගනි, මේ නිසයි සිහි කෙරෙන්නේ කෝටි ගණනකින් අතලොස්සක්, කියා. මම කවුද සහ මම කුමක්ද කියා, සමහරුන් දන්නේ 5% ක් පමණයි. ඔබ පියාව හඳුනගෙන ඔහුව නිවැරදිව සිහිපත් කළ යුතුයි. ඔබ මාව නිරන්තරයෙන් සිහි නොකරන්නේ මන්ද? ඔබ කියන්නේ බාබා, මට ඔබව සිහි කරන්න අමතක වුණා. ඕ! ඔබට බාබාව සිහි කරන්න බැරිද? ඇත්ත වශයෙන්ම, පියා විස්තර කරන්නේ, මෙය උත්සාහයක් දැරීමට අවශ්‍ය දෙයකි. කෙසේවෙතත්, ඔහු දිගින් දිගටම උත්සාහ දැරීමට කියා ඔබව දිරි ගන්වයි. ඕ! ඔබව කිරි සයුරට රැගෙන ගොස්, ලෝකයේ අධිපතියන් බවට ඔබව පත් කරන පියාව ඔබ අමතක කරනවා! මායා නිසැකයෙන්ම ඔබට අමතක කරවයි. එයට කල් ගතවෙයි. මායා අනිවාර්යෙන්ම ඔබට අමතක කරවන නිසා, ඔබට සනීපෙට ඉඳගෙන සිටින්නට පුළුවන් කමක් නැහැ. නැත. ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතුයි. ඔබ රාගය පරාජය කළ යුතුයි. නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපායන් දුරු වී යයි. මම ඔය දරුවන්ට දරුවා' යැයි කියන ආකාරයෙන්ම, ඉහළම විනිශ්චයකරු පැමිණියත්, මම ඔහුටත් දරුවා' කියා කියනවා, මන්ද මම උසස්ම උසස් දෙවියන් නිසා. ඔබට රජකුමර, කුමරියන් ගේ තත්ත්වය ලබා ගැනීමට හැකි වන සේ, උසස්ම ඉගෙනුම ඔබට උගන්වන්නේ මා පමණයි. පියා පවසන්නේ මම මෙම කෙනාට උගන්වනවා. මෙම කෙනා ඉන්පසුව ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් වනවා. බ්‍රහ්මා සහ සරස්වතී ඉන්පසුව ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වනවා. මෙම පවුල් මාවත දිගටම පැවතෙනවා. හුදෙකලා මාවතේ අයට රාජ යෝගා ඉගැන්විය නොහැක. රජ සහ රැජින යන දෙදෙනාම අවශ්‍යයයි. ඒ මිනිසුන් විදේශයන්ට ගොස්, ඔවුන් රාජ යෝගා උගන්වන බව කියයි. ඔවුන් කෙසේවෙතත් කියන්නේ, සතුට, කපුටෙකුගේ වසුරු පිඩක් මෙන් කියාය. ඉතිං, ඔවුන් රාජයෝගා උගන්වන්නේ කෙසේද? එබැවින් ඔය දරුවන්ට එම උද්යෝගය තිබිය යුතුයි. කෙසේවෙතත් දරුවන් තවමත් ළපටිය, ඔවුන් තවමත් පරිණත වී නොමැත, පරිණත වීම සඳහා ඔවුන්ට එඩිතරකම අවශ්‍යයි. පියා ඔබට පවසන්නේ මෙය රාවන්ගේ ජන සමාජයයි. ඔබ කන්නලව් කරන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! කියාය. ඉතිං, මෙය අපවිත්‍ර ලෝකයක්ද, පිවිතුරු ලොවක්ද? ඔබ අපායේ වැසියන් බව ඔබට වැටහෙනවා. මෙය දේවතා සමාජයද? මෙය රාමාගේ රාජධානියද? ඔබ රාවන්ගේ රාජධානියට අයත් නොවන්නේද? මෙකල, රාවන්ගේ රාජධානියේ සිටින සියලු දෙනාටම ඇත්තේ රාක‍්ෂක බුද්ධියකි. දැන් රාක‍්ෂක බුද්ධියක්, දිව්‍යමය කරවන්නේ කවුරුන්ද? මිනිසුන් සිතීමට යොමුවන එවන් ප්‍රශ්න හතරක්, පහක් අසන්න. පියාගේ හැඳින්වීම ලබා දීම ඔය දරුවන්ගේ වගකීමයි. ගස වැඩෙන්නේ ක්‍රම-ක්‍රමයෙනි. ඉන්පසුව ව්‍යාප්තිය බොහෝ සේ සිදුවෙයි. මායාද ඔබව කරකවා අතහැර, ඔබව සම්පූර්ණයෙන්ම බිමට ඇද දමයි. බොක්සිං ක්‍රීඩාවේ බොහෝ දෙනෙක් මිය යන අතර, මෙහිද බොහෝ දෙනෙක් මිය යති. ඔවුන් දුර්ගුණ වලට වැටී, මිය යයි. එවිට ඔවුන්ට මුල සිට නැවතත් උත්සාහ දැරීමට සිදුවෙයි. දුර්ගුණ ඔවුන්ව සම්පූර්ණයෙන්ම මරා දමයි. අපවිත්‍ර බවින් පිවිතුරු වීමෙන්, ඔවුන් ඉවත් කර ගත් කුමන හෝ මලකඩ තිබුණේ නම්, ඒ සියලු ආදායම නැති වෙයි. එවිට ඔවුන්ට අළුතින් උත්සාහ දැරීමට සිදුවෙයි. යම් කෙනෙකුට පැමිණීමට අවසර දිය නොහැකි යැයි, ඔබට කිව නොහැක. නැත, ඔබ එම කෙනාට විස්තර කළ යුතුයි සිහිපත් කිරීමේ වන්දනාවෙන් සහ ඉගෙනුමෙන් ඔබ උපයාගත් සියලු දේ විනාශ වනවා. ඔවුන් ඒතරම් පහතට වැටෙනවා. ඔබ නැවත නැවතත් පහතට වැටෙන්නේ නම්, ඔබට පිටවන්නට යැයි කියනු ඇත. ඔබට වරක් හෝ දෙවරක් අත්හදා බැලීමට කලක් දෙයි. ඔබට දෙවරක් සමාව දෙන අතර, ඉන්පසුව එය බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයකි. ඔවුන් එහි යයි, නමුත් කිලිටි පංතියකටයි. සංසන්දනාත්මකව කිව හැක්කේ මෙයයි. සම්පූර්ණයෙන්ම පහත් තත්ත්වයක් ලබන අයට කියන්නේ, කිලූටු පංතියක සිටින අය කියාය. දාසියන්, සේවකයන්, සොහොන් පල්ලන්, මෙන්ම පුරවැසියන්ගේ සේවකයන්ද සිටියි. පියා ඔබට උගන්වන බව ඔහු දන්නවා, සෑම වසර 5000කට වරක් ඔහු ඔබට උගන්වන බව. ඒ මිනිසුන් කතා කරන්නේ වසර සිය දහස් ගණනක් ගැනයි. ඔබ තවත් දියුණුවත්ම ඔවුන් මෙසේ කියයි සැබවින්ම මෙය වසර 5000 ක කාරණාවක්. එය එම මහා යුද්ධයමයි. කෙසේවෙතත්, ඔවුන්ට සිහිපත් කිරීමේ වන්දනාවේ සිටිය නොහැක. දවසින් දවස, එය 'ප්‍රමාද වැඩියි', වෙයි. මෙසේ සිහි කෙරෙයි බොහෝ කාලයක් ගත වී ගොස්, ටිකක් ඉතිරි වී තිබේ. ඒ සෑම කාරණාවකින්ම හැඳින්වෙන්නේ මේ කාලය ගැනයි. පිවිතුරු වීමට ඉතිරිවී ඇත්තේ තව ටික කාලයක් පමණයි. යුද්ධය අත ළඟය. ඔබගේ හදවතින් විමසන්න මම සිහිපත් කිරීමේ වන්දනාවේ සිටිනවාද? අළුතින් මිනිසුන් පැමිණෙන විට, දරුවන් ඔවුන් ලවා අනිවාර්යෙන්ම පෝරමයක් පිරවිය යුතුයි. ඔවුන් පෝරමයක් පිරවූ පසු පමණයි ඔබට ඔවුන්ට විස්තර කිරීමට හැකි වන්නේ. කෙනෙකුට වටහා ගැනීමට අනවශ්‍ය නම්, ඔහු පෝරමයේ කුමක් ලියයිද? බොහෝ දෙනෙක් එසේ නිකමට මෙහි එයි. ඔවුන්ට කියන්න ඔබ පියාට කන්නලව් කරන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! කියාය. එබැවින් මෙය නිසැකයෙන්ම අපවිත්‍ර ලෝකයකි. මේ නිසයි ඔබ අඬ ගසන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! කියා. සමහරු මෙය වන අතර, සමහරු නොවෙයි. බාබාට බොහෝ ලිපි ලැබෙයි. ඔබ සෑම කෙනෙක්ම ලියන්නේ ශිව බාබා, බ්‍රහ්ම බාබා භාරයේ, කියාය. ශිව බාබාද පවසන්නේ මම සාමාන්‍ය සිරුරකට ඇතුළු වන්නෙමි. මම ඔහුට ඔහුගේ උපත් 84හි කතාව කියා දෙන්නෙමි. වෙන කිසිම මනුෂ්‍යයෙක්, නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳව නොදනී. පියා ඔබට දැන් කියා තිබේ. බාබා ඔය දරුවන්ට දිව්‍යමය දර්ශන ලබා දී, මෙම පිංතූර සාදවාගෙන තිබේ. බාබා උගන්වන්නේ ඔය ජීවයන්ට පමණයි. ජීව, විගසින් අශාරීරික වෙයි. ඔබ, ඔය ශරීර වලින් වෙන්ව සිටින බවට සැලකිය යුතුයි. බාබා පවසන්නේ දරුවනි, ඔබ ජීව අවධානයට පත් වේවා! ඔබ අශාරීරික වේවා! මම උගන්වන්නේ ඔය ජීවයන්ටයි. මෙය, ජීව, සහ පරමාත්ම ජීවය අතර සිදුවන හමුවීමයි. මෙයට කියන්නේ සංගම යුගයේ හමුවීම, කියාය. ගංගා නදියේ ජලය, කිසි කෙනෙක්ව පිවිතුරු කරන්නේ නැත. සාදුලා, තාපසයින්, ඍෂිවරුන්, මුනිවරුන් මේ සෑම කෙනෙක්ම ගංගා නදියේ නෑමට යයි. ගංගා නදිය පාරිශුද්ධකරුවා වන්නේ කෙසේද? දෙවියන් කතා කරයි විශාලතම සතුරා, රාගයයි. එය ජයගැනීමෙන් ඔබ ලෝක අධිපතියන් වෙයි. ගංගා නදිය හෝ සාගරය මෙසේ නොකියයි. ඥාන සාගරය වන පියා, ඔබට විස්තර කරනවා. එම රාගය ජයගැනීමට, නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වෙයි. දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. කිසිම කෙනෙකුට දුකක් සිදු නොකරන්න. අංක එකේ දුක වන්නේ, රාගයේ අසිපත භාවිත කිරීමයි. එය, එහි ආරම්භයේ, මැද සහ අවසානය තුරුම ඔබට දුක ඇති කළා. එය ස්වර්ණමය යුගයේ නොපවතී. එය පිවිතුරු ලෝකයයි. එහි අපවිත්‍ර කිසිවෙකු නොමැත. ඔබ යෝගා බලයෙන් රාජධානිය හිමි කරගන්නා ලෙසින්ම, එහිදි, දරුවන් උපදින්නේ යෝගා බලයෙනි. රාවන්ගේ රාජධානිය එහි නොමැත. ඔය මිනිසුන් රාවන්ගේ පඹයෙක් පුළුස්සන මුත්, ඔබ ඔහු පිළිස්සීම ආරම්භ කළේ කවදාද කියා ඔබ නොදනී. රාමාගේ රාජධානියේ, රාවන් නොමැත. පියා මෙතැන අසුන්ගෙන, වටහා ගත යුතු මෙම කරුණු ඔබට විස්තර කරනවා. ඔහු ඉතාමත්ම හොඳින් විස්තර කරන මුත්, ඔබ එක් එක් කෙනා සෑම චක්‍රයකදීම ඉගෙන ගන්නා ප්‍රමාණයට අනුව, ඔබ දැන් ඉගෙන ගනීවි. ඔබ දරන උත්සාහයට අනුව සෑම දෙයක්ම දැනගත හැක. කායික සේවයේ විෂයද තිබේ. ඔබට මනසින් සේවය කළ නොහැකි නම්, වචන හෝ ක්‍රියා තුළින් සේවය කරන්න. වචන වලින් සේවය කිරීමට ඉතාමත්ම පහසුයි. පළමුවෙන්ම ඇත්තේ මනසේ සේවයයි, එනම්, මන්මනභව් සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින්න. තමන් ජීවයක් බව සළකා, පියා සිහිපත් කරන්න. පියාගෙන් ඉගැන්වීම් ලබා ගන්න. පියා සිහිපත් කිරීමට නොහැකි අය බොහෝ දෙනෙක් සිටියි. ඔවුන්ට දැනුම සිහි කිරීමට නොහැක, කියා ඔබ නොකියයි. ඔවුන්ට නිරන්තරයෙන් එක් අය සිහිපත් කළ නොහැක. ඔබ, ඔහු සිහිපත් නොකරන්නේ නම්, ඔබට බලය ලැබෙන්නේ කෙසේද? පියා, සර්ව බලධාරියාය. ඔහුව සිහි කිරීමෙන්, ඔබට බලය ලැබෙයි. මෙයට කියන්නේ ශක්තිය කියාය. කෙනෙක් ක්‍රියා තුළින් හොඳ සේවයක් කරයි නම්, ඔහුට හොඳ තත්ත්වයක් හිමි කර ගත හැක. ඔබ ක්‍රියා තුළින් සේවය නොකරන්නේ නම්, ඔබට කුමන තත්ත්වයක් හිමි වෙයිද? පුරවැසියන් සිටියි. මේවා වටහාගත යුතු, අප්‍රසිද්ධ කරුණුයි. එම මිනිසුන් යෝගා ගැන කතා කරන මුත්, ඔබ, යෝගාව තුළින්, ලෝක ආධිපත්‍යය හිමි කරගන්නා බව ඔවුන් නොදනී. එහි දරුවන් යෝගා බලයෙන් උපත ලබන බව, කිසිවෙකු නොදනී. මෙය ඔබට විස්තර කර දෙන මුත්, චක්‍ර භාගයකින් පසුව, ඔබ මායාගේ වහලූන් බවට පත් වෙයි. දැන් වුවද මායා ඔබව අත් නොහරියි. ඔබ දැන් ශිව බාබාගේ වහලූන් බවට පත් විය යුතුයි. ශාරීරික ජීවයන්ගේ වහලූන් බවට පත් නොවන්න. පාරිශුද්ධ වීම සඳහා, ඔබට සහෝදර සහෝදරියන් යැයි කියන්නේ දැනුයි. ඉන්පසුව ඔබ එයින්ද ඔබ්බට යා යුතුයි ඔබ සහෝදරයන් බව සැලකිය යුතුයි. සහෝදරයන් සහ සහෝදරියන් යන දැක්මවත් නොතිබිය යුතුයි. නාටකයට අනුව සිදුවන සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම නිවැරදියි. නාටකය, ඉතාමත්ම නිවැරදියි. පියා, සිතේ කරදර වලින් නිදහස්ය. මෙම කෙනාට නිසැකයෙන්ම සිතේ කරදර ටිකක් තිබෙයි. ඔබ, සැහැල්ලුවෙන් සිටින්නේ, ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වූ පසු පමණයි. එතෙක් එක දෙයක් හෝ තව දෙයක් දිගින් දිගටම සිදුවෙයි. ඉතාමත්ම හොඳ යෝගාව අවශ්‍යයි. බාබා දැන් යෝගාව අවධාරණය කරනවා. ඔබට දිගින් දිගටම අමතක වන බව කියන්නේද මෙය ගැනයි. පියා පැමිණිලි කරනවා ඔබට මෙතරම් ධන නිධානයන් දෙන පියාව ඔබ අමතක කරනවා! දැනුම තිබෙන්නේ කාටද, නොමැත්තේ කාටද, කියා පියා දන්නවා. ග්‍යානී ජීවයන්ට කිසි විටෙක සැඟවී සිටිය නොහැක. ඔවුන් එය විගසින් සේවයෙන් ඔප්පු කර පෙන්වයි. එබැවින් මේ සෑම කාරණාවක්ම වටහා ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මායා සමග බොක්සිං කරන විට, පරාජය නොවන්න. උත්සාහයේදී මන්දගාමී වී, නිකම්ම ඉඳගෙන නොසිටින්න. එඩිතර වී, සේවය කරන්න.

2. මෙම නාටකය නිවැරදිව නිමවී තිබේ. එබැවින් කිසිම දේකට සිත කරදර කර නොගන්න. ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වීම සඳහා, පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. කිසිම ශාරීරික ජීවයකට වහලෙක් නොවන්න.

වරදානය:
අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබීමෙන් ඔබ සියලු බැඳීම් වලින් නිදහස්ව සිටින සැබෑ රාජ ඍෂිවරයෙක් වේවා.

රාජ ඍෂිවරයෙක් යනු, රාජධානියක් ඇති කෙනෙකි, එමෙන්ම අනෙක් අතට, ඍෂිවරයෙක් යනු, අසීමිත නිරාශාව ඇති කෙනෙකි. තමන්ට, වෙනත් පුද්ගලයෙකුට හෝ භාණ්ඩයකට කිසියම් බැඳීමක් තිබේ නම්, එවිට ඔබට රාජ ඍෂිවරයෙක් විය නොහැක. බැඳීමක් පිළිබඳ සුළුවෙන් හෝ සිතිවිල්ලක් ඇති අයගේ දෙපා ඔරු දෙකක තිබේ, එබැවින් ඔවුන් මෙහිද නැත, එහෙද නැත. එබැවින් රාජ ඍෂිවරයෙක් වන්න, අසීමිත නිරාශාව ඇති කරගන්න, එනම්, ඒකායන පියාට හැර, වෙනත් කිසිවෙකුට අයත් නොවන්න. මෙම පාඩම ස්ථීර කරගන්න.

පාඨය:
කෝපය, තමන්ව මෙන්ම අන් අයවත් පුළුස්සන, ගින්දර ස්වරූපයකි.