09.02.20    Avyakt Bapdada     Spanish Murli     20.11.85    Om Shanti    Madhuban


                        සංගම-යුගී බ්‍රහ්මණයන්ගේ ආදරණීය, අසහාය සහ ශ්‍රේෂ්ඨ ලෝකය.


අද, බ්‍රහ්මණයන්ගේ නිර්මාණකරු වන පියා, ඔහුගේ කුඩා, ලස්සන සහ අලෞකික ලෝකය දෙස බලයි. සත් යුගය සමඟ සසඳන විට පවා, මෙම බ්‍රහ්මණ ලෝකය උපරිම ලෙස ආදරණීයයි, එමෙන්ම අසහායයි. මෙම අලෞකික ලෝකයේ බ්‍රහ්මණ ජීවාත්ම බොහෝ ශ්‍රේෂ්ඨයි, එමෙන්ම විශේෂයි. බ්‍රහ්මණ ස්වරූපය, දේවතා ස්වරූපයටත් වඩා විශේෂයි. මෙම ලෝකයේ ප්‍රශංසාව වන්නේ, එහි අසහාය බවයි. මේ ලෝකයේ සෑම ජීවාත්මයක්ම විශේෂයි. සෑම ජීවාත්මයක්ම ස්ව-අධිකාරි රජෙකි. සෑම ජීවාත්මයකටම අවධානයේ තිලකයක්, අවිනාශී තිලකයක් සහ ස්ව-ආධිපත්‍යයේ තිලකයක් තිබෙන අතර ඔවුන් දෙවියන්ගේ හදවත් සිහසුනේ අසුන් ගෙන සිටිනවා. එබැවින් ඔය සෑම ජීවාත්මයකටම මෙම ලස්සන ලෝකයේ ඔටුන්නක්, සිහසුනක් සහ තිලකයක් තිබේ. මෙවන් ලෝකයක් ගැන ඔබ මේ මුළු කල්පය පුරාම දැක හෝ අසා තිබෙනවාද? එය, සෑම බ්‍රහ්මණ ජීවාත්මයකටම, එකම පියාණන් සිටින, එකම පවුලට අයත්, එකම භාෂාව සහ දැනුම තිබෙන ලෝකයක්, එනම් ඔබට තිබෙන්නේ ජීවිතයේ එකම ශ්‍රේෂ්ඨ අරමුණක්, එකම ආකල්පයක්, එකම ද්‍රිෂ්ඨියක්, එකම ධර්මය සහ එකම දේවමය කර්මයයි. එය කුඩා වන තරමටම ආදරණීය ලෝකයක්, එබැවින් එය ඒ තරමටම ආදරණීයයි. මේ ආකාරයට ඔය සියලුම බ්‍රහ්මණ ජීවාත්ම ඔබගේ මනසින් මෙම ගීතය ගායනා කරයි අපගේ පුංචි ලෝකය අසහායයි එමෙන්ම ඉතාමත් ආදරණීයයි. ඔබ මෙම ගීතය ගායනා කරනවාද? මෙම සංගම-යුගී ලෝකය දැකීමෙන් ඔබ සතුටු වනවාද? එය බොහෝ අසහාය ලෝකයකි. මෙම ලෝකයේ දිනපතා කාල සටහන ද අසහායයි. ඔබට ඔබගේම රාජධාණිය, ඔබගේම විනය නීති, ඔබගේම චාරිත්‍ර වාරිත්‍ර තිබෙන නමුත් ඒවා සුන්දර ක්‍රමවේද වන අතර සෙනෙහසද සුන්දරයි. ඔබ එවන් ලෝකයක වාසය කරන බ්‍රහ්මණ ජීවාත්ම නොවේද? ඔබ ජීවත් වන්නේ මේ ලෝකයේ, එහෙම නේද? ඔබ කිසිම විටෙක ඔබගේ ලෝකය අතහැර පැරණි ලෝකයට නැවතත් යන්නේ නැහැ නේද? මේ සියලුම බ්‍රහ්මණයන් කවුරුන්ද කියා, ලෝකයේ මිනිසුන්ට කොහෙත්ම වටහාගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ නිසයි. ඔවුන් පවසන්නේ බ්‍රහ්ම කුමාරීන්ගේ සෑම දෙයක්ම ඔවුන්ටම අයත් දේවල්ය. ඔවුන්ගේම දැනුම ඔවුන්ට තිබේ. ඔබගේ ලෝකය අළුත් බැවින්, එසේනම් සෑම දෙයක්ම අළුත් සහ අසහාය වෙයි, එහෙම නේද? ඔබ සෑම කෙනෙක්ම තමන් දෙසම බලන්න ඔබට නව ලෝකය වෙනුවෙන් නව සිතිවිලි, නව භාෂාවක් සහ නව කර්ම තිබේද? ඔබ මේ තරමටම අසහාය වී තිබේද? පැරණි කිසිවක් තවමත් ඉතිරිව නැහැ නේද? පැරණි දේවල සුළු සලකුණක් හෝ තිබේ නම්, එය ඔබව පැරණි ලෝකයට ආකර්ෂණය කර ගනී, එවිට ශ්‍රේෂ්ඨ ලෝකයේ සිට ඔබ පහළ ඇති ලෝකයට යයි. එය උසස් නිසා, එනම් ශ්‍රේෂ්ඨ නිසා, ඔවුන් දෙව්ලොව උඩ ඉහළ සහ අපාය පහළ ඇති බව පෙන්වයි. ඔබ දැන් ලෝක දෙකම පිළිබඳව දැනුමින් පිරිපුන් වී ඇති නිසා, සංගම-යුගී දිව්‍යලෝකය, ස්වර්ණමය-යුගී දිව්‍යලෝකයටත් වඩා උසස්ය. මෙහි සෑම දෙයක්ම දකිමින්, දැනුවත් වී සිටින අතර, ඔබ නොබැඳී මෙන්ම සෙනෙහසින් යුතු වෙයි. මධුබාන්, දිව්‍යලෝකය ලෙස අත්විඳින්නේ ඒ නිසයි. ඔබ මිනිසුන්ට පවසන්නේ ඔබට දෙව්ලොව දැක ගැනීමට අවශ්‍ය නම් එය දැන් දැක ගන්න. එහිදි, ඔබ දෙව්ලොව ගැන කතා නොකරයි. දැන් ඔබ කුල්මත් බවේ එම දීප්තියෙන් පවසන්නේ අප දෙව්ලොව දැක තිබේ! ඔබ මිනිසුන්ට අභියෝග කරයි ඔබට දිව්‍යලෝකය දැක ගැනීමට අවශ්‍ය නම් අප වෙතට පැමිණ එය දැකගන්න. ඔබ ඒ ගැන මේ ආකාරයට කතා කරනවා නේද? ප්‍රථමයෙන් දෙව්ලොව සුරංගනාවන් බොහෝ ලස්සන බව ඔබ සිතුවා, අසා තිබුණා, නමුත් කිසිවෙකු ඔවුන් දුටුවේ නැත. දිව්‍යලෝකයේ අහවල් දේ තිබෙනවා. ඔබ ඒ ගැන බොහෝ දේ ඇසුවා, නමුත් ඔබම දැන් දෙව්ලොව ලෝකයට ළඟා වී තිබේ. ඔබම දිව්‍යලෝකයේ සුරංගනාවන් බවට පත්වී ඇත. ඔබ අවලස්සන බවින් ලස්සන වී ඇත. ඔබට දැන් පියාපත් ලැබී තිබේ, එහෙම නේද? ඔබට දැනුම සහ යෝගාවේ අසහාය පියාපත් ලැබී ඇති බැවින්, ඔබට ඒවාගෙන් තුන් ලොව වටා සංචාරය කළ හැක. විද්‍යාඥයින්ට පවා එතරම් සීඝ්‍ර වේගයක් ලබා ගැනීමට මඟක් නැත. ඔබ සියලු දෙනාටම අත්තටු ලැබී තිබේද? කිසිවෙක් අතහැරී නැහැ නේද? මේ ලෝකයේ ප්‍රශංසාව වන්නේ, බ්‍රහ්මණයන්ගේ ලෝකයේ කිසිම අඩුවක් නැති බවයි. මේ නිසයි මෙම ප්‍රශංසාව තිබෙන්නේ ඒකායන පියා හමුවීමෙන් අපට සියල්ල හමුවී තිබේ. එක් ලොවකට පමණක් නොව, ඔබ තුන් ලොවටම අධිපතියන් වී ඇත. මේ ලෝකයේ සිහිවටනය වන්නේ, සියලු දෙනාම නිරන්තරයෙන් නොකඩවා ඔංචිල්ලාවල පැද්දෙන බවයි. ඔංචිල්ලාවල පැද්දීම, භාග්‍යයේ සලකුණක් බව සැලකෙයි. මේ ලෝකයේ විශේෂත්වය කුමක්ද? විටෙක ඔබ අතීන්ද්‍රීය සැපයේ ඔංචිල්ලාවේ පැද්දෙයි, විටෙක ඔබ සාම ඔංචිල්ලාවේ නැළවෙයි, තවත් විටෙක දැනුමේ ඔංචිල්ලාවේ. ඔබ දෙවියන්ගේ ඇකයේ ඔංචිල්ලාවේ පැද්දෙයි. දෙවියන්ගේ ඇකයේ පැද්දීම යනු, සෙනෙහසේ ගිලී සිටින ස්ථීතියේ පැද්දීමය. ඔබ ඇකයක සම්පූර්ණයෙන්ම මුසු වන ආකාරයෙන් ඔබ දෙවියන්ගේ ඇකයේ මුසුවෙයි ඔබ සෙනෙහසේ ගිලෙයි. බොහෝ උපත් ගණනාවක දුක් වේදනාවන් එක මොහොතකින් අමතක කිරීමට මෙම ඇකය ඔබට මඟ පාදයි. එබැවින් සියලු ඔංචිල්ලාවල නැළවෙන්න.

එවන් ලෝකයකට ඔබට හිමිකමක් ලැබෙයි කියා, සිහිනෙන්වත් ඔබ සිතුවාද? අද බාප්දාදා ඔහුගේ ආදරණීය ලෝකය දෙස බලමින් සිටියා. ඔබ මේ ලෝකයට කැමතිද? ඔබ එයට ආදරෙයි නේද? ඔබ විටෙක එක පාදයක් ඒ ලෝකයෙත්, එක පාදයක් මේ ලෝකයෙත් තබන්නේ නැහැ නේද? ඔබ උපත් 63 ක් මේ ලෝකය දැක, අත්විඳ තිබේ. ඔබට ලැබුණේ කුමක්ද? ඔබට යමක් ලැබුණාද නැත්නම් ඔබ යමක් අහිමි කරගත්තාද? ඔබට ඔබගේ සිරුරු අහිමි විය, ඔබට මනසේ සාමය සහ සතුට අහිමි විය, එමෙන්ම ඔබගේ ධනය ද ඔබට අහිමි විය. ඔබට සියලු සබැඳියා අහිමි විය. පියා ඔබට ලබා දුන් ලස්සන සිරුරු ඔබට අහිමි වුණේ කොහේදිද? ඔබ මුදල් රැස් කරගන්නේ නම් එය කළු මුදල්ය. පිවිතුරු සහ පිරිසිඳු මුදල් ගියේ කොහෙද? ඔබට යමක් තිබුණත් ඉන් ඵලක් නැහැ. ඔබ තමන්ව කෝටිපතියන් ලෙස හඳුන්වනවා, නමුත් ඔබට එය පෙන්විය හැකිද? එබැවින් ඔබට සියල්ල අහිමි වූ අතර ඔබගේ බුද්ධිය තවමත් ඇදී යන්නේ නම්, එවිට කුමක් කිව හැකිද? එය නුවණැති දෙයක් ලෙස හැඳින්විය හැකිද? එබැවින් සෑම විටම ඔබගේ බුද්ධිය තුළ මෙම ශ්‍රේෂ්ඨ ලෝකය තබාගන්න. නිරන්තරයෙන් මේ ලෝකයේ ගෙවන ජීවිතයේ විශේෂතා ඔබගේ අවධානයේ තබාගෙන බලවත් වන්න. සිහිකිරීමේ ප්‍රතිරූ වන්න, එවිට ඔබ ඉබේටම බැඳීම් ජයගන්නන් වෙයි. පැරණි ලෝකයේ කිසිවක් ඔබගේ බුද්ධිය තුළට නොගන්න. ගැනීම යනු මුලා වීමය. මුලා වීම යනු දුක ගැනීමයි. එබැවින් ඔබ සිටිය යුත්තේ කොහිද? ශ්‍රේෂ්ඨ ලෝකයේද, පැරණි ලෝකයේද? එය කුමක්ද, එමෙන්ම මෙය කුමක්ද, යන දෙකෙහි වෙනස ඉතා පැහැදිලිව ඔබගේ අවධානයේ ඉස්මතු කරගෙන තබාගන්න. අච්චා.

මෙතරම් කුඩා සහ ආදරණීය ලොවක ජීවත් වන විශේෂ බ්‍රහ්මණ ජීවාත්මයන්ට, නිරන්තරයෙන් හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ජීවාත්මයන්ට, නිරතුරුවම ඔංචිල්ලාවල නැළවෙන ජීවාත්මයන්ට, දෙවියන්ට සෙනෙහස ඇති නිරන්තරයෙන් නොබැඳී සිටින දරුවන්ට, දෙවියන්ගේ සිහි කිරීම සහ දෙවියන්ගේ සෙනහස සහ නමස්කාරය, කාරුණිකව පිළිගන්න.

බාප්දාදා සේවය කළ හැකි ගුරුවරුන් මුණගැසෙමින්
සේවකයන් යනු අත්හරින්නන් සහ තපස්වී ජීවාත්මයන්ය. ඔබට සෑම විටම සේවයේ ඵලය ලැබෙයි. කෙසේවෙතත්, ඔබ නිරන්තරයෙන් ඔබගේ අත්හැරීම සහ තපස්යාවෙන් නොකඩවා ඉදිරියට ගමන් කරයි. ඔබට තිබෙන, සේවය කිරීමේ අරමුණ තබාගෙන, තමන් විශේෂ ජීවාත්ම බව සැලකීමෙන්, විශේෂ සේවයේ සහතිකය, සෑම විටම ලබා දෙන්න. ඔබගේ අරමුණ ශක්තිමත් වන තරමට, ගොඩනැගිල්ල ශක්තිමත් වෙයි. එබැවින් තමන් සේවකයන් බව සැලකීමෙන් සෑම විටම නොකඩවා ඉදිරියට ගමන් කරන්න. පියා ඔබව තෝරාගෙන ඇති ආකාරයෙන්, ඔබ එවිට තම පුරවැසියන් තෝරා ගත යුතුයි. සෑම විටම බාධක වලින් නිදහස්ව සිට, නොකඩවා සේවයද බාධක වලින් නිදහස් කරගන්න. සියලු දෙනාම සේවය කරන නමුත් ඔබගේ සේවය, බාධක වලින් නිදහස් විය යුතුයි. ඔබට අංකයක් හිමි වන්නේ මෙයින්ය. ඔබ කොහේ වාසය කළත්, ඔය ශිෂ්‍යයන් සියලු දෙනාම බාධක වලින් නිදහස්ව සිටින්න. බාධක වල රැළි නොතිබිය යුතුයි. වාතාවරණය ශක්තිමත් කරගන්න. මෙය බාධක වලින් නිදහස් ජීවාත්මයක් වීම ලෙස හැඳින්වෙයි. බාධක වලට පැමිණීමට නොහැකි වන ආකාරයේ එවන් සිහි කිරීමේ වාතාවරණයක් ඇති කිරීමේ අරමුණ තබාගන්න. බලකොටුවක් තිබෙන විට සතුරන්ට පැමිණිය නොහැක. එබැවින් බාධක වලින් නිදහස් වී, බාධක වලින් නිදහස් සේවකයන් වන්න.

බාප්දාදා විවිධ කණ්ඩායම් මුණගැසෙමින්
සේවය කර, තෘප්තිය හිමි කරගන්න. ඔබ සේවය කිරීම පමණක් නොව, නමුත් තෘප්තිය තිබෙන එවන් සේවයේ යෙදෙන්න, එවිට ඔබට සියලු දෙනාගේම ආශිර්වාද ලැබෙයි. ආශිර්වාද වලින් පිරි සේවය, ඔබට පහසු සාර්ථකත්වය ළඟා කරවයි. ඔබ සැලසුම් වලට අනුව සේවය කළ යුතු අතර එය බොහෝ සේ කළ යුතුයි. එය සතුටින් සහ උද්යෝගයෙන් කරන්න, නමුත් අනිවාර්යෙන් මෙයට අවධානය යොමු කරන්න මා කළ සේවයෙන් මට ආශිර්වාද ලැබුණාද? නැත්නම් මා නිකම් වෙහෙස වූවා පමණක්ද? ආශිර්වාද ඇති තැන, එය අපහසු කාර්යයක් බව ඔබට නොදැනෙයි. එබැවින් දැන් මෙම අරමුණ තබාගන්න, ඔබ සම්බන්ධ වන කවුරු සමඟ වුවත්, එම කෙනාගෙන් ඔබට නොකඩවා ආශිර්වාද ලැබෙන බවට. ඔබ සියලු දෙනාගෙන් ආශිර්වාද හිමි කරගන්නා විට, ඔබගේ අජීව ප්‍රතිමා, කල්ප භාගයක් නොකඩවා ආශිර්වාද ලබා දෙයි. ඔවුන් ඔබගේ ප්‍රතිමා වලින් ආශිර්වාද ලබා ගැනීමට එනවා නේද? ඔවුන් දේවතා පිළිම වලින් ආශිර්වාද ලබා ගැනීමට යනවා, නේද? ඔබ සියලු දෙනාගෙන් මෙකල ආශිර්වාද හිමි කරගනී, මේ නිසයි, ඔබගේ ප්‍රතිමා වලින් ද ඔබ අඛණ්ඩව ආශිර්වාද ලබා දෙන්නේ. උත්සව, රැලි පවත්වන්න, ප්‍රභූවරුන්ට සහ වැදගතුන්ට සේවය කරන්න, සෑම දෙයක්ම කරන්න, නමුත් ආශිර්වාද වලින් පිරි සේවය සිදු කරන්න. (ආශිර්වාද හිමිකර ගැනීමට භාවිත කළ යුතු ක්‍රමවේදය කුමක්ද?) හා ජී යන පාඩම ස්ථීර කරගන්න. කිසිම කෙනෙකුට බැහැ කියා ඔවුන්ගේ එඩිතරකම නැති නොකරන්න. නිදසුනක් ලෙස, ඔවුන් වැරදි වුවත්, සැනෙකින් ඔබ වැරදි යැයි නොකියන්න. ප්‍රථමයෙන් ඔවුන්ව සනසා ඔවුන්ට ධෛර්යය ලබා දෙන්න. එම කෙනාට හා කියා, ඉන්පසුව ඔහුට විස්තර කර දෙන්න, එවිට ඔහුට වැටහෙයි. ඔබ සැනෙකින් බැහැ කියන්නේ නම්, එවිට ඔහුට තිබෙන සුළු ධෛර්යය අවසන් වෙයි. වැරදි, වැරදි විය හැක, නමුත් ඔහු වැරදි බව ඔබ පවසන්නේ නම්, ඔහු තමන් වැරදි බව කිසි විටෙක නොසලකයි. එබැවින් ප්‍රථමයෙන් ඔහුගේ ධෛර්යය වැඩි කිරීමට ඔහුට හා කියන්න, එවිට ඔහුටම විනිශ්චය කිරීමට හැකි වෙයි. ඔහුට ගෞරවය ලබා දෙන්න. මෙම ක්‍රමවේදය සරලව භාවිත කරන්න. ඔහු වැරදි වුවද, පළමුව ඔහු හොඳ බව පවසන්න පළමුව ඔහු තුළ එඩිතරකම ඇති කරවන්න. කෙනෙක් වැටී ඇති විට ඔබ ඔහුව තව දුරටත් තල්ලු කරන්නේද නැත්නම්, ඔහුව ඉහළට ඔසවන්නේද? ප්‍රථමයෙන් ඔහුට යම් ආධාරයක් ලබා දී ඔහුව නැගිට්ටවන්න. මෙය පරිත්‍යාගශීලී වීම ලෙස හැඳින්වෙයි. සහයෝගී වීමට සිටින අයව සහයෝගී කරවීමට නොකඩවා මඟපාදන්න. ඔබ ඉදිරියෙන් සිටින අතර මාද සිටින්නේ ඉදිරියෙන්. නොකඩවා එකට ඉදිරියට ගමන් කරන්න. එකමුතුව එකට එකතු වී ඉදිරියට ගමන් කරන්න, එවිට සාර්ථකත්වය තිබෙන අතර ඔබට තෘප්තිමත් බවේ ආශිර්වාද ලැබෙයි. එවන් ආශිර්වාද හිමිකර ගැනීමේ ශ්‍රේෂ්ඨයන් වන්න, එවිට ඔබ ඉබේටම සේවයේ ශ්‍රේෂ්ඨ වෙයි.

සේවය කරන්නන්ට
සේවය කරන අතර, ඔබ නිරතුරුවම තමන් කර්ම යෝගී මනෝ ස්ථීතියක ස්ථාවර බව අත්දකිනවාද? නැත්නම්, ඔබ කර්ම සිදුකරන අතර, ඔබගේ සිහිපත් කිරීම අඩු වී, ඔබගේ බුද්ධිය වැඩියෙන් වැඩෙහි නියැලෙනවාද? සිහිපත් කිරීමේ සිටින අතර කර්ම සිදු කිරීම නිසා, එම වැඩය කිරීමෙන් ඔබ කිසි විටෙක වෙහෙසට පත් නොවෙයි. සිහිපත් කිරීමේ සිටින අතර කර්ම සිදුකරන අය, නිරන්තර සතුට අත්විඳියි. ඔබ කර්ම සිදු කරන්නේ, එනම්, ඔබ සේවය කරන්නේ, කර්ම යෝගීන් ලෙස නේද? කර්ම යෝගීන් වීමේ පුහුණුව ඇති අය, සෑම විටම ඔවුන්ගේ වර්තමානය මෙන්ම අනාගතයද සෑම පියවරකදීම ශ්‍රේෂ්ඨ කරගනී. අනාගත ගිණුම සෑම විටම පිරී තිබෙන අතර වර්තමාන ගිණුම සෑම විටම ශ්‍රේෂ්ඨයි. එවන් කර්ම යෝගීන් ව සිටින අතර, සේවය කිරීමේ ඔබගේ චරිත කොටස ඔබ රඟපානවාද? ඔබට අමතක වන්නේ නැහැ නේද? මධුබාන් වල සේවය කරන අය සිටියි, එබැවින් මධුබාන් ඉබේටම ඔබට පියාව සිහි කරවයි. ඔබගේ සියලුම සම්පත් වල ගිණුම් ඔබ රැස් කරගෙන තිබෙනවා නේද? ඔබ බොහෝ රැස් කරගෙන ඇති බැවින් ඔබ නිරන්තරයෙන් පිරී සිටියි. සංගම යුගයේ ඔබගේ බැටරි සෑම විටම චාජ් වී තිබේ. තඹ යුගයේ සිට බැටරි දුර්වල වෙයි. සංගම යුගයේ ඒවා සෑම විටම පිරී තිබෙන අතර සෑම විටම චාජ් වී තිබේ. එබැවින් ඔබ මධුබාන් වලට පැමිණෙන්නේ ඔබගේ බැටරි පුරවා ගැනීමට නොවෙයි, ඔබ එන්නේ සැමරීමටයි. පියා සහ දරුවන් අතර සෙනෙහස තිබේ, එකිනෙකා මුණගැසී, ඔහුට සවන් දීම සංගම යුගයේ උත්සවශ්‍රීයේ කොටසක් වන්නේ ඒ නිසයි. අච්චා.

යොවුන් රැලියේ සාර්ථකත්වය වෙනුවෙන් බාප්දාදාගේ ශ්‍රේෂ්ඨ වදන් වල ආශිර්වාද
ඔබට යොවුන් කණ්ඩායම නිර්මාණය කළ හැක. ඔබ කුමක් කළත් තෘප්තිමත් වන්න, එපමණයි. තෘප්තිය සහ සාර්ථකත්වය පවත්වාගන්න, මන්ද මෙම දිවිය තිබෙන්නේ සේවය සඳහාය. ඔබ කාර්යයක් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිදු කරන්නේ නම්, එය ප්‍රශ්නයක් නොවෙයි. වැඩසටහනක් තිබී, ඔබ එය කළ යුතුයි, යන හැඟීම තිබෙයි නම්, එවිට එය වෙනම කරුණක්. කෙසේවෙතත්, ඔබගේම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඔබට යමක් කිරීමට අවශ්‍ය නම්, එය ප්‍රශ්නයක් නොවෙයි. ඔබ කොහේ ගියත්, කවුරු මුණගැසුනත්, කවුරුන් ඔබව දුටුවත්, එහි සේවයක් තිබෙයි. කතා කිරීමම පමණක් සේවය නොවෙයි ඔබගේ මුහුණද ප්‍රබෝදමත් විය යුතුයි. ආධ්‍යාත්මික මුහුණක්ද සේවය සිදු කරයි. ආධ්‍යාත්මික සතුටේ දීප්තිය පෙන්වීමෙන්, සේවය කිරීමේ සතුට ඇතිව, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කිරීමේ අරමුණ ඇති කරගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා ඔබ සේවය නොකළ යුතුයි. වැඩසටහනක් සාදා ඇති නිසා, ඔවුන් එය කළ යුතු නැහැ. තමන්ගේම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඔවුන් එය කරන්නේ නම් එය හොඳයි. එයයි හොඳ.

සමහරුන්ට යමක් කිරීමට උද්යෝගයක් නැති නම්, එය කිරීමට ඔවුන් බැඳී නැහැ. එයට කම් නැහැ. කොහොමනමුත්, ස්වර්ණමය ජුබිලියට පෙර සියලු ප්‍රදේශ ආවරණය කිරීමේ අරමුණ ඔබට තිබුණි, එබැවින්, රැලියක දෙපයින් ගමන් කරන අය තමන්ගේම කණ්ඩායම සමඟ පැමිණෙන ආකාරයෙන්, බසයෙන් එන අයත් සිටියාවේ. බසයෙන් සෑම කලාපයක් සහ සෑම ප්‍රදේශයකටම සේවය කරන අතර ඔවුන්ට දිල්ලියට ළඟා විය හැක. කණ්ඩායම් වර්ග දෙකක් සාදන්න. එකක්, දිගටම බසයෙන් පැමිණෙන සහ අතර මගදි සේවය කරමින් පැමිණෙන අය වන අතර අනෙක් කණ්ඩායම දෙපයින් එන අයයි. එවිට එය දෙගුණයක් වෙයි. ඔබ තාරුණ්‍යයයි, එබැවින් ඔබට මෙය කළ හැක, එහෙම නේද? ඔවුන් තම ශක්තිය කොහේ හෝ තැනක භාවිත කළ යුතුයි! එම ශක්තිය සේවයට භාවිත කරන්නේ නම් එය හොඳයි. එවිට චේතනා දෙකම ඉටු වනු ඇත. සේවය ඉටු වන අතර ඔබ මෙය පාද යාත්‍රාව ලෙස හඳුන්වා දී තිබේ, එවිට එයත් ඉටු වෙයි. විවිධ ප්‍රාන්ත සියල්ලම තම සම්මුඛ පරීක‍්ෂණ කල් තියා සූදානම් කරන්නේ නම්, එවිට එම හඬ ඉබේටම පැතිරෙයි. කෙසේවෙතත්, මෙය ආධ්‍යාත්මික වන්දනා ගමනක් ලෙස අනිවාර්යෙන් දිස් විය යුතුයි. පෙන්විය යුත්තේ පාද යාත්‍රාව පමණක් නොවෙයි. ආධ්‍යාත්මිකත්වයේ සහ සතුටේ දීප්තියක් ද තිබිය යුතුයි. එවිට නවතාවය දිස්වෙයි. වෙනත් මිනිසුන් පවත්වන රැලි මෙන් එය සාමාන්‍ය ලෙසින් දිස් නොවිය යුතුයි, ඔබ තනි වන්දනාකරුවන් නොව ද්විත්ව වන්දනාකරුවන් බව පෙන්වන්න. ඔබ සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටින අය මෙන්ම පාද යාත්‍රාවක සිටින අයයි. ද්විත්ව වන්දනා ගමනේ බලපෑම, ඔබගේ මුහුණු වල පෙනෙන්නේ නම්, එවිට එය හොඳ වෙයි.

ලෝකයේ දේශපාලන නායකයන්ට අව්‍යක්ත බාප්දාදාගේ දිව්‍යමය පණිවිඩය (85/12/04)
ලෝකයේ සෑම සියලු දේශපාලන නායකයෙක්ම තම රට සහ තම රටේ මිනිසුන්ව දියුණු කරවීමේ සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින්, ඔහුගේ කාර්යයේ නියැලි සිටියි. කෙසේවෙතත්, ඔවුන්ගේ හැඟීම් බොහෝ ශ්‍රේෂ්ඨ වුවද, තිබිය යුතු තරමින් ප්‍රායෝගික සාක‍්ෂියක් නැත. මෙයට හේතුව කුමක්ද? එයට හේතුව වන්නේ, වර්තමාන මිනිසුන් තුළ - මෙන්ම බොහෝ නායකයන් තුළද -මනසේ හැඟීම්, සේවයේ හැඟීම් සහ සෙනෙහස් හැඟීම්, ආත්මාර්ථකාමී සහ ඊර්ෂ්‍යාකාරී හැඟීම් වලට වෙනස් වීමය. එම අත්තිවාරම අවසන් කිරීමට, ඔවුන් පදාර්ථයන්ගේ බලයෙන්, විද්‍යාවේ බලයෙන්, ලෞකික දැනුමේ බලයෙන් සහ රජයේ අධිකාරිත්වයේ බලයෙන්, බොහෝ උත්සාහයන් සිදුකර ඇත. කෙසේවෙතත්, මනසේ හැඟීම් පහසුවෙන් වෙනස් කළ හැකි, සැබෑ බලය වන්නේ ආධ්‍යාත්මික බලයයි. ඔවුන් එයට අවධානය යොමු කරන්නේ අඩුවෙනි, මේ නිසයි වෙනස් වු හැඟීම් වල බීජය අවසන් කළ නොහැකි වන්නේ. කෙටි කලකට එය යටපත් වන නමුත් පසුව, කාලයට අනුව, එය ඊටත් වඩා තීව්‍ර ස්වරූපයකින් එළිදරව් වෙයි. මේ නිසයි ආධ්‍යාත්මික දරුවන් (ජීවාත්ම) වෙනුවෙන් ආධ්‍යාත්මික පියාගේ පණිවිඩය වන්නේ නිරන්තරයෙන් තමන් ජීවාත්මයක් බව සලකා, ආධ්‍යාත්මික පියා සමඟ සම්බන්ධතාවයක් ඇති කරගන්න, ඔහුගෙන් ආධ්‍යාත්මික බලය ගෙන, ඔබගේම මනසේ නායකයෙක් වන්න. එවිට ඔබට දේශපාලක නායකයෙක් වී, අන් අයගේ මනසේ හැඟීම් පරිවර්ථනය කිරීමට හැකි වෙයි. ඔබගේ මනසේ සිතිවිලි සහ මිනිසුන්ගේ ප්‍රායෝගික කර්මය, එක හා සමාන වෙයි. දෙකෙහි සහයෝගයෙන්, ඔබට සාර්ථකත්වයේ ප්‍රායෝගික සාක‍්ෂිය අත්දැකීමට හැකි වෙයි. මතකයේ තබා ගන්න, තමන්ව පාලනය කිරීමට අයිතියක් ඇති කෙනෙකුට පමණයි, නිරන්තරයෙන් රාජධාණියක් පාලනය කිරීමට සුදුසු ජීවාත්මයක් වීමට හැකි වන්නේ කියා, එමෙන්ම ස්ව-ආධිපත්‍යය, ඔබගේ ආධ්‍යාත්මික පියා විසින් ඔබට ලබා දී ඇති ජන්ම උරුමය බව. මෙම ජන්ම උරුමයේ බලයෙන්, ඔබ නිරතුරුවම ධර්මිෂ්ඨ වීමද අත්දකින අතර, සෑම විටම සාර්ථක වෙයි.

වරදානය:
ඔබ නිරන්තර බලවත් ජීවාත්මයක් වී, සමූහයක් තුළදි ඔබගේ අරමුණ සහ එයට සුදුසුකම්, සමාන බවට පත් කරගන්න.

සමූහයක එකිනෙකාව දකින අතර ඔබට උනන්දුව සහ උද්යෝගය තිබිය හැක, නමුත් නොසැලකිල්ලද තිබිය හැක. එවිට ඔබ මෙසේ සිතයි මේ කෙනා මෙය කරන අතර මමත් එයම කළාට, කමක් නැහැ. එබැවින් ශ්‍රේෂ්ඨ වීමට, සමූහයෙන් උපකාර ගන්න. ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙර, ප්‍රථමයෙන් විශේෂ අවධානය යොමු කර, තමන්ව පරිසමාප්ත කර, නිදසුනක් බවට පත්කර ගැනීමේ අරමුණ තබාගන්න. මා එය සිදුකර, ඉන්පසුව අන් අයව දිරිගැන්විය යුතුයි. ඉන්පසුව මෙම අරමුණ නැවත නැවතත් ඉස්මතු කරගන්න. ඔබගේ අරමුණ, එහි සුදුසුකම් සමඟ දිගින් දිගටම ගලපන්න, එවිට ඔබ බලවත් වෙයි.


පාඨය:
අවසන් කාල වකවානුවේ වේගයෙන් යාම සඳහා, සාමාන්‍ය හෝ නිෂ්ඵල සිතිවිලි තුළ තම කාලය අපතේ නොහරින්න.