09.04.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා මෙන් අලංකාර වීම සඳහා තමන් ජීවාත්මයක්, තිතක් යැයි සළකා තිත වන පරමාත්ම පියා සිහිපත් කරන්න.

ප්‍රශ්නය:
ඔය සෑම දරුවෙක්ම සිහිපත් කිරීමේ යෙදී සිටීමට ගැඹුරු, අදෘෂ්‍යමාන උත්සාහයක් ගත යුත්තේ ඇයි?

පිළිතුර:
ඔය ජීවයන්ට සිහිපත් කිරීමේ නොසිට පාපකාරී ජීවයන්ගෙන්, පුණ්‍යවන්ත ජීවයන් බවට පත් විය නොහැක. ඔබ අදෘෂ්‍යමාන සිහිපත් කිරීමේ සහ ජීවාත්ම අවධානයෙන් සිටීමෙන් පමණයි ඔබගේ පාපයන් ක‍්ෂය වන්නේ. ධර්මරාජ්ගේ දඬුවම් වලින් තමන්ව මුදවා ගැනීමේ මාර්ගය වන්නේද සිහිපත් කිරීමේ සිටීමයි. මායා බාධක ඇති කරන්නේ සිහිපත් කිරීමේදී පමණයි. එබැවින්, සිහිපත් කිරීමේ සිටීමට අදෘෂ්‍යමාන උත්සාහයන් දරන්න. එවිට, ඔබ ලක‍්ෂ්මි සහ නාරායන මෙන් අලංකාර වෙයි.

ගීතය:
ශිවාට නමස්කාර වේවා.

ඕම් ශාන්ති.
මෙය සියල්ලන්ගේම පියාගේ ප්‍රශංසාවයි. පරමාත්ම දෙවියන්, හෝ පරමාත්ම පියා සිහිපත් කෙරේ. ඔහුට මව සහ පියා යැයි කියයි. ඔහුටම දෙවියන්, පියා යනුවෙන්ද අමතයි. සෑම මනුෂ්‍යයෙකුටම දෙවියන්, පියා කියා නොකියයි. ලෞකික පියෙකුට වුවත් කියන්නේ බාබා කියායි. ලෞකික පියෙක් වන කෙනෙක් වුවද මෙලොවට ඔබ්ඛෙන් සිටින පියාව සිහිපත් කරයි. ඇත්ත වශයෙන්ම සිහිපත් කරන්නේ ජීවයයි තම ලෞකික පියාවත් ඔහු සිහිපත් කරයි. එම ජීවය තමන්ගේම ස්වරූපය හෝ කාර්යභාරය නොදනී. ජීවාත්මය තමන්ව වත් නොදනී, ඉතිං ඔහු පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා දන්නේ කෙසේද? සෑම කෙනෙක්ම තම ලෞකික පියාව දන්නා අතර ඔහුගෙන් උරුමයක් ලැබෙන බවත් දනී. එසේ නොමැති නම් ඔහුව සිහිපත් කරන්නේ කුමකටද? පාරලෞකික පියාගෙන් අනිවාර්යෙන්ම උරුමයක් ලැබෙයි. මෙසේ කියැවෙයි අහෝ දෙවියනි, පියාණනි! මිනිසුන් දිගින් දිගටම පාපයන් සිදු කරන බැවින්, ඔවුන් ඔහුගෙන් කරුණාව මෙන්ම සමාව ද ඉල්ලයි. මෙයද නාටකයේ නියම වී ඇත. කෙසේවෙතත්, ජීවාත්මය ගැන දැන ගැනීම සහ උත්තරීතර ජීවාත්මය ගැන දැන ගැනීම අපහසු විෂයක්ය. එය පහසුම දෙය වන අතරම අපහසුම දෙය ද වෙයි. ඒ තුළින් මිනිසුන් හඳට පවා යන, විද්‍යාව ආදී දේ ඉගැන්වූවත් මෙම දැනුම හා සසඳන විට එය ඉතා නොවටිනා එකකි. තමන්ව සහ පියාව හඳුනා ගැනීම ඉතා අපහසු දෙයකි. තමන් බ්‍රහ්ම කුමර කුමරියන් ලෙසින් හඳුන්වා ගන්නා ඔබ සියලුම දෙනාට, තමන් ජීවාත්මයන්ය යන විශ්වාසය තිබිය යුතුයි. ඔබ ජීවාත්මයක්, තිතක් බව සහ පරමාත්ම පියාද තිතක් බව ඔබට අමතක වෙයි. මෙය අමාරු විෂයකි. තමා ජීවාත්මයක් බව ඔබට අමතක වන නිසා, ඔබට පරමාත්ම පියා සිහිපත් කිරීමටද අමතක වෙයි. ජීවාත්ම අවධානයේ සිටීමේ පුරුද්ද ඔබට නොමැත. ජීවාත්මය තිතක් වන අතර, ඔහු තුළ චරිත කොටස් 84ක උපත් සංඛ්‍යාවක් තැටි ගත වී තිබේ. ජීවාත්මය, විවිධ ශරීර ගෙන චරිත කොටස් රඟපාන බව ඔබට නැවත නැවතත් අමතක වෙයි. වටහා ගත යුතු ප්‍රධානතම දෙය මෙයයි. ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය පිළිබඳව වටහා ගැනීම හැර අන් සියලුම දැනුම සෑම කෙනෙකුගේම බුද්ධියට ඇතුළු වෙයි. අපි උපත් 84 ක් ගෙන, සූර්ය වංශයේ සහ ඉන්පසුව චන්ද්‍ර වංශයේ කොටස් බවට පත්වන්නෙමු. මෙම චක්‍රය ඉතාමත් පහසුයි, එබැවින් ඔබට එය වටහා ගත හැක. කෙසේවෙතත්, තමන් ජීවාත්මයක්ය යන විශ්වාසය ඇතුව පරමාත්ම පියා සිහිපත් කිරීමෙන් ලැබෙන යහපත තරම් යහපතක් චක්‍රය වටහා ගැනීමෙන් ලැබෙන්නේ නැත. ජීවාත්මයක් වන මම තරුවකි. පරමාත්ම පියා ද ඉතාමත්ම සූක‍්ෂම තාරකාවකි. විමුක්තිය ලබා දෙන්නා ඔහුම පමණයි. ඔබගේ පාපයන් ක‍්ෂය වන්නේ ඔහු සිහිපත් කිරීමෙන් පමණි. කිසි කෙනෙක් මෙසේ නිරන්තරයෙන් ඔහු සිහිපත් කරන්නේ නැත. ඔබ ජීවාත්ම අවධානයට පත් වන්නේ නැත. ඔබ නැවත නැවතත් මෙසේ සිහිපත් කළ යුතුයි මම ජීවාත්මයක්මි. පියා අණ කරන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් ක‍්ෂය වෙයි. මම තිතක්මි. මම මෙහි පැමිණ නළුවෙක් වූයෙමි. මම දුර්ගුණ පහ නම් මළකඩින් වැසී ඇත්තෙමි. මම කලියුගයේ සිටින්නෙමි. මා දැන් සත් යුගයට යා යුතුයි. එබැවින් බොහෝ සෙනෙහසින් පියා සිහිපත් කරන්න. මේ අන්දමට පියා සිහිපත් කිරීමෙන් මළකඩ ඉවත් වෙයි. මෙයට උත්සාහය අවශ්‍යයයි. බොහෝ දෙනෙක් ඔවුන් කරන සේවය ගැන උදම් අනයි අද මා මේ සේවය කළ අතර බොහෝ දෙනෙකුගේ සිතට එය කා වැදුණා. කෙසේවෙතත්, ජීවාත්මය පිළිබඳ හෝ උත්තරීතර ජීවාත්මය පිළිබඳ දැනුම අල්ප වශයෙන් වත් ඔවුන්ගේ සිතට කා නොවැදුණු බව ශිව් බාබාට වැටහෙයි. ඔවුන් මවිතයට පත් වන්නේ භාරතය අපායේ සිට දෙව්ලොව බවට පරිවර්ථනය වන අන්දම පිළිබඳ දැනුමින් සහ ඔබ උපත් 84ක් ගන්නා අන්දම පිළිබඳව සහ ඔබ සතෝ, රජෝ සහ තමෝ යන අවස්ථාවන් තුළින් යන අන්දම ගැන ඇසීමෙන් පමණයි. පරමාත්ම දෙවියන් අශාරීරික බව ද ඔවුන්ට වැටහෙයි. කෙසේවෙතත්, ඔවුන් ජීවාත්ම බවත්, ඔවුන් තුළ උපත් 84ක කොටසක් තැටි ගත වී ඇති බවත්, පරමාත්ම පියාද තිතක් බවත්, ඔහු තුළ සියලුම දැනුම ඇති අතර ඔවුන් ඔහුව සිහිපත් කළ යුතු බවත් ඔවුන් කිසි කෙනෙකුට නො වැටහෙයි. ඔවුන්ට ප්‍රධානතම දෙය නොවැටහෙයි. ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ දැනුම ඔබට ලබා දෙන්නේ පියා පමණයි. රජයට වුවද ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය අවශ්‍යයි. මෙම කරුණු, එම දේවල් වලටත් වඩා සූක‍්ෂමයි ජීවාත්මයක් යනු කුමක්ද, ඔහු තුළ උපත් 84ක කොටසක් තැටි ගත වී ඇති අයුරු සහ එය වුවද අවිනාශි වන අන්දම! මෙම දේවල් සිහි කිරීමේ යෝගාවේ එනම්, තමන් ජීවාත්මයක් යැයි සළකා පරමාත්ම පියා සිහිපත් කිරීමේ සහ එය තුළින් තම පාපයන් ක‍්ෂය කිරීමේ කිසි කෙනෙක් නිරත වන්නේ නැත. ඔවුන් මෙම සිහිපත් කිරීමේ සිටින්නේ නම් ඔවුන් බොහෝ සේ අලංකාර වේවි. බලන්න ලක‍්ෂ්මි සහ නාරායන කෙතරම් අලංකාරද කියා! මෙහි මිනිසුන් කොයි වගේද කියා බලන්න! ඔවුන්ම කියන්නේ මා තුළ කිසි ගුණධර්මයක් නැත. ඔවුන් කියන්නේ අපි මේ තරම් පහත් සහ අපවිත්‍ර වන අතර, ඔබ බොහෝ සෙයින් පාරිශුද්ධයි! ඔබ ජීවාත්මයක්ය යන ශ්‍රද්ධා විශ්වාසය ඇති විට සහ පරමාත්ම පියා සිහිපත් කළ විට පමණයි ඔබට සාර්ථකත්වය ලබා ගත හැකි වන්නේ. නැත්නම් ඔබට සාර්ථකත්වය ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්ය. ඔවුන් තුළ ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ දැනුම ඇති බැවින් සමහරු සිතන්නේ ඔවුන් තුළ බොහෝ දැනුම ඇත කියාය. කෙසේවෙතත්, ඔවුන් තම යෝගාව පිළිබඳ සටහන පෙන්වන්නේ නැත. ඉතා සුළු, ටික දෙනෙක් පමණයි මෙම තත්ත්වයේ සිටින්නේ. එනම්, තමන් ජීවාත්මයක් යැයි සළකා පරමාත්ම පියා සිහිපත් කිරීමේ යෙදෙන්නේ. බොහෝ දෙනෙකුට මෙම පුහුණුව නොමැත. දරුවන් චක්‍රය පිළිබඳ දැනුම පමණක් ඔවුන්ගේ බුද්ධියෙහි බ්‍රමණය කරන බව පියා විස්තර කරයි. ඔබගෙන් ඉතාම ටික දෙනයි මෙය පුහුණු කරන්නේ මම ජීවාත්මයක්මි, මා පරමාත්ම පියා සමඟ ඇති කරගන්නා යෝගාව තුළින් කලි යුගයෙන් ඉවතට පැමිණ සත් යුගයට යයි. ජීවාත්මයක් වන මම පියාව දැන සිටිය යුතුයි. මා ඔහුගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. බොහෝ දෙනෙකුට මෙම පුහුණුව නොමැත. බොහෝ දෙනෙක් පැමිණ මෙය හොඳ බව කියයි. ඔවුන් කෙතරම් මළකඩ වලින් වැසී ඇත්දැයි ඔවුන්ට නොවැටහෙයි. ලස්සණව සිට ඔවුන් අවලස්සණ වී ඇත. ඔවුන් නැවතත් ලස්සණ වන්නේ කෙසේද? කිසි කෙනෙකුට මෙය වැටහෙන්නේ නැත. එය ඉතිහාසය සහ භූගෝලය පිළිබඳව දැන ගැනීම පමණක් නොවෙයි. ඔබ පාරිශුද්ධ වන්නේ කෙසේද? දඬුවම් විඳීම මඟහැරීමේ ක්‍රමය වන්නේ සිහිපත් කිරීමේ සිටීම පමණයි. ඔබගේ යෝගාව නිවැරදි නැත්නම් ධර්මරාජ් ගෙන් දඬුවම් විඳීමට සිදුවෙයි. මෙය කිසි කෙනෙකුට ගත නොහැකි, ඉතා වැදගත් විෂයකි. ඔවුන්, තමන් දැනුම අතින් ඉතා දක‍්ෂ බව සළකයි. ඒ ගැන සැකයක් නැත. ප්‍රධානතම දේ වන්නේ යෝගාවයි. බොහෝ දෙනෙක් යෝගාවේ ඉතා දුර්වලයි. මේ නිසයි පරම පියා පවසන්නේ බොහෝ සේ ප්‍රවේශම් වන්න! නිකම්ම පණ්ඩිතයෙක් නොවන්න. මම ජීවාත්මයක් වන අතර, මා පරමාත්ම පියා සිහිපත් කළ යුතුයි. පියා අණක් නිකුත් කර තිබේ මන්මනභව්! මෙය මහා මන්ත්‍රයයි. තමන් තාරකාවක් යැයි සළකා, පියාද තාරකාවක් යැයි සළකා ඔහුව සිහිපත් කරන්න. ඔබ ඉදිරියට පැමිණෙන එම පියාගේ විශාල ස්වරූපයක් නොමැත. ජීවාත්ම අවධානයේ සිටීමට උත්සාහය අවශ්‍යයි. ලොවෙහි පළමුවන අධිරාජ්‍යයා සහ අධිරාජිනිය වන්නේ එක් යුවළක් පමණයි. ඔවුන්ට වැසියන් සිය දහස් ගණනක් සිටියි. වැසියන් බොහෝ දෙනෙක් ඇත. ඉතිහාසය සහ භූගෝලය වටහා ගැනීම පහසුයි එහෙත්, තමන් ජීවාත්මයක් යැයි සළකා පරමාත්ම පියා සිහිපත් කිරීමෙන් පමණයි ඔබ පාරිශුද්ධත්වයට පත් වන්නේ. මෙම අභ්‍යාසය ඉතාමත් අපහසුයි. ඔබ, සිහිපත් කිරීමේ යෙදීමට අසුන් ගන්නා විට බොහෝ කුණාටු, බාධක ඇති කරයි. ඔබ පැය භාගයකට හෝ අසුන් ගෙන නිරන්තර සිහිපත් කිරීමේ සිටින්නේ ඉතාමත් අපහසුවෙනි. ඔබට නැවත නැවතත් අමතක වෙයි. මේ සඳහා සැබෑ අදෘෂ්‍යමාන උත්සාහය අවශ්‍යයි. චක්‍රයේ රහස් වටහා ගැනීම පහසුයි. ඔබගෙන් ඉතාමත් ටික දෙනයි ජීවාත්ම අවධානයට පත්වී, පරමාත්ම පියා සිහිපත් කොට ඉන්පසු ක්‍රියාවන් කරන අන්දම දන්නේ. ඔබ පාරිශුද්ධත්වයට පත් වන්නේ පියා සිහිපත් කිරීම තුළින් පමණයි. එවිට ඔබට රෝග වලින් තොර ශරීරයක් ලැබී දීර්ඝායුෂ ලැබෙයි. ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය විස්තර කිරීමෙන් පමණක් ඔබට මාලාවේ පබුළුවක් වීමට නොහැක. සිහිපත් කිරීම තුළින් පමණයි ඔබට පබුළුවක් වන්නට හැකි වන්නේ. කිසි කෙනෙකුට මෙම උත්සාහය කළ නොහැක. ඔබ සිහිපත් කිරීමේ නොසිටින බව ඔබටම වැටහෙයි. ඉතා හොඳ මහාරතීන්ලා මෙම විෂයෙහි පසුබායි. ප්‍රධානම දෙය විස්තර කිරීමට ඔබ නොදනී. මෙම විෂය අමාරුයි. ඔවුන් චක්‍රයේ කාලය දීර්ඝ කර ඇත. එය වසර 5000ක් පමණක් බව ඔබ ඔප්පු කරයි. කෙසේවෙතත්, ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය පිළිබඳ රහස ඔබ නොදන්නා අතර ඔහු සිහිපත් කරන්නේ ද නැත. ඔබගේ තත්ත්වය චංචල වන්නේ මේ නිසයි. ශරීර අවධානය බොහෝ සෙයින් තිබේ. ඔබ ජීවාත්ම අවධානයට පත් වූ විට පමණයි, ඔබට මාලාවේ පබුළුවක් වීමට හැකි වන්නේ. ඔබට ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය විස්තර කිරීමට හැකි වූ පමණකින් ඔබ මාලාවේ සමීප (මලට) පබුළුවක් වන්නේ නැත. නෑ පළමුවෙන්ම ඔබගේ බුද්ධීන් තුළ තමන් ඉතා කුඩා ජීවාත්ම බව සහ උපත් 84ක චරිත කොටස් ඔබ තුළ තැටි ගත වී ඇත යන අවධානය තිබිය යුතුයි. ඉන්පසුව චක්‍රය සිහිපත් කරන්න. ප්‍රධානතම දේ යෝගාවයි. යෝගී ස්ථිතියක් අවශ්‍යයි. පාපකාරී ජීවයකගෙන් පුණ්‍යවන්ත ජීවයක් බවට පත් වන්න. යෝගාව තුළින් ජීවාත්මය පාරිශුද්ධ වෙයි. ධර්මරාජ් ගේ දඬුවම් වලින් බේරෙන්නේ යෝගා බලය ඇති අය පමණයි. මෙම උත්සාහය කළ හැකි වන්නේ ඉතා ටික දෙනෙකුට පමණයි. මායාගේ බොහෝ කුණාටු පැමිණෙයි. මෙයට ඉතා ගැඹුරු අදෘෂ්‍යමාන උත්සාහය අවශ්‍යයි. ලක‍ෂ්මී සහ නාරායන වීම තම නැන්දම්මාගේ ගෙදර යෑම වගේ නොවෙයි! ඔබ මෙම අභ්‍යාසය දියුණු කළ විට, ඔබ ඇවිදින සහ එහා මෙහා යන අතර තුරදි පියා සිහිපත් වෙයි. මෙයට යෝගා යැයි කියයි. එසේ නැත්නම් කුඩා දරුවන්ට පවා දැනුමේ දේවල්, වටහා ගත හැක. සියලුම යුග ආදිය පිංතූර වල පෙන්වා ඇත. එය සාමාන්‍ය දෙයකි. මිනිසුන් ශුභ කටයුත්තක් අරඹන විට ඔවුන් ස්වස්ථිකයක් අඳියි. එය ස්වර්ණමය, රිදීමය, තඹ සහ කලි යුගයේ සංකේතයයි. ඉහළින් කෙටි සංගම් යුගය ඇත. එබැවින් ඔබ පළමුවෙන්ම තමන් ජීවාත්මයක් යැයි සළකා දිගින් දිගටම පරමාත්ම පියා සිහිපත් කළොත් එම සාමයට සෑම තැනකම පැතිරිය හැක. යෝගාව තුළින් පාපයන් ක‍්ෂය වෙයි. මුළු ලොවටම ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය ගැන අමතක වී ඇත. දෙවියන් සූර්යයන් දහසකට වඩා දීප්තිමත් බව සමහරු කියයි. කෙසේවෙතත්, ඔවුන් ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය බව කියනා බැවින් එය එසේ වන්නේ කෙසේද? දෙදෙනාම එක්කෙනෙක් වන්නේ කෙසේද? ප්‍රමාණයේ වෙනසක් තිබිය නොහැක. ඔබ මෙයත් විස්තර කළ යුතුයි. ජීවාත්මයේ ස්වරූපය නිකම්ම තිතකි. ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය නම්, එසේ නම් ඔහුද නිකම්ම තිතකි. එහි වෙනසක් තිබිය නොහැක. සෑම කෙනෙක්ම දෙවියන් වූයේ නම් සෑම කෙනෙක්ම නිර්මාණකරු වෙයි. සැමට විමුක්තිය ලබා දෙන්නේ එක් පරමාත්ම පියා පමණයි. සෑම කෙනෙකුටම තමන්ගේම චරිත කොටස ලැබී ඇත. මෙය බුද්ධියේ පතිත වීමට සැලසිය යුතුයි. මෙය වටහා ගත යුතු කාරණාවකි. පියා පවසන්නේ මා සිහිපත් කරන්න එවිට මළකඩ ඉවත් වෙයි. මෙයට උත්සාහය අවශ්‍යයි. ඔබට චක්‍රයෙන් භාගයක් ශරීර අවධානය තිබී ඇත. සත් යුගයේ ඔබ ජීවාත්ම අවධානයෙන් සිටි නමුත් ඔබ පරමාත්ම පියාව හෝ දැනුම හෝ දැන සිටියේ නැත. මේ කාලයේදී ඔබට දැනුම ලැබෙන අතර එය ඉන්පසු අතුරුදහන් වෙයි. එහිදී තමන් ජීවාත්ම බවත්, එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගන්නා බවත් යන දැනුම පමණක් ඔබට තිබේ. ඔබ නිකම්ම චරිත කොටසක් රඟපායි. මෙහි කනස්සලු වීමට ඇත්තේ කුමක්ද? ඔබ සෑම කෙනෙකුටම තමන්ගේ චරිත කොටස රඟපෑමට තිබේ. ඇඬීමෙන් ඇති වන ඵලය කුමක්ද? මෙය විස්තර කරන්නේ එය වැටහුණු විට ඔවුන්ට සාමය ටිකක් හෝ අත්දැකීමට හැකි වීමටයි. ඔවුන්ට මෙය වැටහුණු විට අන් අයට විස්තර කර දීමට ඔවුන්ට පුළුවන් වෙයි. වැඩිමහල් මිනිසුන්, වෙන අයට විස්තර කරයි ඔබගේ ඇඬීමෙන් එම කෙනා නැවත පැමිණෙන්නේ නැත. ජීවාත්මය ශරීරය අතහැර ගිය විට අඬන්නේ ඇයි? අවිද්‍යා මාවතේ වුවද ඔවුන්ට මෙය වැටහෙයි. කෙසේවෙතත්, ජීවාත්මයක් හෝ උත්තරීතර ජීවාත්මය යනු කුමක්ද කියා ඔවුන්ට නොවැටහෙයි. ජීවාත්මයට ලෝහ මිශ්‍ර වී ඇතත් ඔවුන් සිතන්නේ ජීවාත්මයන් ක්‍රියාවන්ගේ බලපෑමට ලක් වන්නේ නැත කියාය. මේවා ඉතාමත් සූක‍්ෂම වූ කරුණුය. බොහෝ දරුවන් සිහිපත් කිරීමේ නොයෙදෙන බව බාබාට වැටහෙයි. අන් අයට විස්තර කර දීමෙන් පමණක් කුමක් සිදුවෙයිද? ඔවුන් බොහෝ මවිතයට පත් වූ නමුත් ඉන් කිසි ඵලයක් අත්වින්දේ නැත. ඔවුන්ට ජීවාත්මයේ සහ උත්තරීතර ජීවාත්මයේ හැඳින්වීම ලැබුණු විට පමණයි ඔවුන් සැබෑවටම ඔහුගේ දරුවන් බවට පත් වන්නේ. පාරිශුද්ධත්වයට පමුණුවන්නා වන්නේ පියා පමණයි. ඔහු පැමිණ අපව දුකින් මුදවා ගනී. ඔහුද තිතක් පමණයි. ඔබ නිරන්තරයෙන්ම පියා සිහිපත් කළ යුතුයි. කෙසේවෙතත්, නිකම්ම භූගෝලය සහ ඉතිහාසය ගැන දැන ගැනීම ඒතරම් දෙයක් නොවෙයි. ඔවුන්ට සෑම දෙයක්ම වැටහෙන නමුත් තමන් ජීවාත්මයක් ලෙස සැළකීමේ තත්ත්වයේ රැඳී සිටිමට නිරන්තර උත්සාහය අවශ්‍ය වෙයි. පියා පමණයි පැමිණ ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය ගැන ඔබට කියා දෙන්නේ. ලෝක චක්‍රය වටහා ගැනීම පහසුයි. අසුන් ගෙන සිටින අතර සහ එහෙ මෙහෙ යන එන අතර තුර ජීවාත්ම අවධානයෙන් සිටීමට හැකිතාක් උත්සාහ දරන්න. ජීවාත්ම අවධානයෙන් සිටින අය බොහෝ සේ සාමකාමි වෙයි ඔවුන් නිශ්ශබ්දතාවයට යා යුතු බවත්, ගොස් අශාරීරික ලොවෙහි වාසය කළ යුතු බවත්, අපගේ චරිත කොටස් දැන් අවසන් වෙමින් පවතින බවත් ඔවුන්ට වැටහෙයි. පරමාත්ම පියාගේ ස්වරූපය ඉතාමත් කුඩා තිතක් බවට ඔවුන් සළකයි. ඔහු විශාල ප්‍රතිමාවක් නොවේ. බාබා ඉතාමත් කුඩායි. දැනුමින්-සපිරි සහ සියල්ලටම විමුක්තිය ලබා දෙන්නා ඔහුම පමණයි. ජීවාත්මයක් වන මම ද, දැනුමින් සපිරි වෙමින් සිටින්නෙමි. එවන් සිතිවිලි ඇති විට පමණයි ඔබට උසස් තත්ත්වයකට හිමිකම් කිව හැකි වන්නේ. ජීවාත්මය හෝ උත්තරීතර ජීවාත්මය ගැන ලොවෙහි කිසිවෙකුත් නොදනී. බ්‍රහ්මින්වරුන් වන ඔබට දැන් මෙය වැටහෙයි. සන්‍යාසීන්ට වුවද මෙය වැටහෙන්නේ නැත. ඔවුන් පැමිණ වටහා ගන්නේ ද නැත. ඔවුන් සියල්ලන්ම නිකම්ම තම තමන් ගේ ආගම් වලට යයි. ඔවුන්ගේ ගිණුම් අවසන් කොට ඔවුන් ආපසු යයි. මෙම උත්සාහය දැරීමෙන් පමණයි ඔබට පියාගෙන් ඔබගේ උරුමය ලැබෙන්නේ. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. හදවත තිබෙන්නේ ජීවාත්මයේය. ජීවාත්මය, පරමාත්ම පියාට තම හදවත සම්බන්ධ කළ යුතුයි. හදවත තිබෙන්නේ ශරීරයේ නොවෙයි. ශරීරයට තිබෙන්නේ භෞතික ඉන්ද්‍රියයන් පමණයි. හදවත සම්බන්ධ කිරීම ජීවාත්මයේ වගකීමයි. තමන් ජීවාත්මයක් යැයි සළකා තම හදවත පරමාත්ම පියාට සම්බන්ධ කරන්න. ජීවාත්මයක් ඉතාමත්ම සූක‍්ෂමයි. ජීවාත්මයක් ඉතාමත්ම කුඩා සහ සූක‍්ෂම වන අතර එය චරිත කොටසක් රඟපායි. මෙය ස්වභාව ධර්මයයි. එතරම් විශාල, අවිනාශි කොටසක් මෙතරම් කුඩා ජීවාත්මයක තැටි ගත වී තිබේ! එම කොටස කිසි දිනෙක මැකිය නොහැක. එය ඉතාමත් සූක‍්ෂමයි. ඔබ එසේ නොකරන්න උත්සාහ කළද ඒත් ඔබට භෞතික දේවල් මතක් වෙයි. ජීවාත්මයක් වන මම කුඩා තරුවකි, පරමාත්ම පියාද ඒ වාගේම කුඩාය. ඔය දරුවන් පළමුවෙන්ම ගත යුතු උත්සාහය මෙයයි. දැන් අපවිත්‍ර වී ඇත්තේ මෙම කුඩා ජීවාත්මයයි. ජීවාත්මය පාරිශුද්ධ කිරීමේ පළමුවන ක්‍රමය මෙයයි. තවද ඉගෙනගන්න! ක්‍රීඩා කර විනෝද වීම වෙනම කාරණාවකි. ක්‍රීඩා කිරීමද කලාවකි. තත්ත්වයක් ලැබෙන්නේ ඉගෙනගැනීම තුළින්ය, ක්‍රීඩා කිරීමෙන් නොවෙයි. ක්‍රීඩා කිරීමේ දෙපාර්තමෙන්තුව වෙනම එකක්ය. එය, දැනුම හා යෝගාව සමඟ කිසිම සම්බන්ධකමක් නොමැත. භෝග් ආදිය පූජා කිරීමද නිකම් ක්‍රීඩාවක්ය. ප්‍රධානතම දේ සිහිපත් කිරීමය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ධර්මරාජ්ගේ දඬුවම් විඳීමෙන් බේරීමට නම් සිහිපත් කිරීමේ සිටීමට අදෘෂ්‍යමාන උත්සාහයේ යෙදෙන්න. පාරිශුද්ධ වීමේ ක්‍රමය වන්නේ තමන් ජීවාත්මයක් යැයි සළකා තිතක් වන පරමාත්ම පියා සිහිපත් කිරීමයි.

2. තමන් දැනුමෙහි දක‍්ෂයෙක් යැයි නොසළකන්න. ස්ථාවර සහ නිරන්තර තත්ත්වයක් නිර්මාණය කිරීම පුහුණු වන්න. පියාගේ අණ පිළිපදින්න.

වරදානය:
ඔබ අවංකකම සහ පිරිසිඳුකම ධාරණය කරගැනීමෙන් සමීප බව අත්විඳින අංගසම්පූර්ණත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

සියලුම ගුණධර්ම අතරින් ධාරණය කරගත යුතු ප්‍රධාන ඒවා වන්නේ අවංකකම සහ පිරිසිඳුකමයි. ඔබගේ හදවත් තුළ එකිනෙකා වෙනුවෙන් සම්පූර්ණ පිරිසිඳුකම තිබිය යුතුයි. පිරිසිඳු දෙයක් තුළ සියල්ල පැහැදිලිව පෙනෙයි. ඒ ආකාරයෙන්ම එකිනෙකා වෙනුවෙන් ඇති ඔබගේ හැඟීම් සහ ඔබගේ චේතනා සහ සිතැඟි පැහැදිලිව දිස් විය යුතුයි. අවංකකම සහ පිරිසිඳුකම ඇති තැන සමීප බව තිබෙයි. ඔබ බාප්දාදාට සමීප වන අන්දමින්ම ඔබගේ හදවත් තුළ එකිනෙකා කෙරෙහි සමීප බවක් තිබිය යුතුයි. ඔබගේ ස්වභාවයේ ඇති වෙනස්කම් අවසන් කරන්න. මේ සඳහා ඔබගේ මනසේ සහ ස්වභාවයේ ඇති හැඟීම් ඔබ සුසංයෝග කළ යුතුයි. ඔබගේ ගති ස්වභාවයන් තුළ වෙනස්කම් නොපෙනෙන විට, ඔබ අංගසම්පූර්ණත්වයේ ප්‍රතිමූර්ති බව කිව හැක.

පාඨය:
මහාම සේවය වන්නේ නරක් වී ඇති දෙයක් නිවැරදි කිරීමය.