09.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ කල්ප භාගයක් පුරා සිහිපත් කරමින් සිටි පියා දැන් ඔබට යම් දෙයක් අණ කරනවා. මෙම අණ පිළිපැදීමෙන් ඔබ දිගින් දිගටම ඉහළට යනු ඇත.

ප්‍රශ්නය:
දරුවන්ම තමාගේ ස්වභාව සුවතාවය ඇති කරගත යුතුයි. ඒ කොහොමද?

පිළිතුර:
ඉතා සරළ ලෙස පියා සිහිකරමින් ආදරයෙන් යුතුව යග්‍යාවට සේවය කරන්න. එවිට ඔබගේ ස්වභාවය නිරායාසයෙන්ම සුවතාවයට පත් වනු ඇත. ස්මරණයෙහි යෙදීමෙන් ජීවය සියලු අසනීප වලින් මිදෙනු ඇත. ඒ වගේම සේවයෙහි යෙදීමෙන් ඔබ අසීමිත වූ සතුටක් අත්දකිනු ඇත. ස්මරණයෙහි හා සේවයෙන් නිරතුරුවම කාර්ය බහුල වන අයගේ ස්වභාවයම වන්නේ සුවතාවයයි.

ගීතය:
ඔබ රාත්‍රිය නින්දටත් දහවල කෑමටත් ගත කළා ...

ඕම් ශාන්ති.
දරුවන්ට ගීතය ඇසුණා. බොහෝ කාලයක් පුරා ඔබ නව ගුණ වැල ගණන් කරමින් සිටියා. එසේ කරමින් දැන් යුග කොපමණ ප්‍රමාණයක් ගත වී තිබෙනවාද? යුග දෙකක්. සවර්ණමය හා රිදී යුගවලදී කිසිම කෙනෙක් නව ගුණ වැල ගණන් කරමින් ඉන්නේ නැහැ. තමා ඉහළට නැග යන බවත් පසුව තමා පහළට බසිනවාත් යන දැනුම කිසිම කෙනෙක් තුළ නැහැ. මේ අපගේ ඉහළට නැග යන කාලයයි. අපගේ යනු භාරත ජනයාගේයි. භාරතයේ මිනිසුන් තරම් කිසිම කෙනෙක් ඉහළට යන්නේත් නැහැ. පහළට බසින්නේත් නැහැ. උසස්ම වන්නේත් භාරතයයි. දූෂිතම වන්නේත් භාරතයයි. භාරතයේ පාපයෙන් තොරව තිබී පසුව පාපකාරී වනවා. මෙය අනෙක් දේශ හා ආගම් වලට මෙතරම් අදාළ වන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක් දිව්‍යලෝකයට යන්නේ නැහැ. නමුත් භාරතයේ මිනිසුන්ගේ පිළිරූ සාදා තිබෙනවා. අනිවාර්යෙන්ම ඔවුන් රාජ්‍යය පාලනය කළා. ඉතින් පියා විස්තර කරනවා : මේ ඔබ ඉහළට යන අවදියයි. ඔබ මේ අතින් අල්ලාගෙන සිටිනා නැතැත්තා විසින් ඔබව නැවතත් නිවස වෙත ගෙන යනවා. කල්ප බාගයක්ම යන තුරු තිබෙන්නේ දේවතා ධර්මයයි. උපත් 21ක් පුරා ඔබ ඉහළට නැග පසුව පහළ බසිනා තත්ත්වයට පැමිණ ඔබ පහළටම බැසීමට පටන් ගන්නවා. ඉහළ නගිනා තත්ත්වයේ දී සෑම කෙනෙක්ටම හොඳයි කියා කතාවක් තිබෙනවා. සෑම කෙනෙක්ටම එසේ හොඳක් වන්නේ කෙසේද? නැගීම හා බැසීම යන තත්ත්වයන් හරහා යන්නේ ඔබ පමණයි. මේ වන විට භාරතය තරම් ණයගැතිභාවයෙන් මිරිකෙන කවුරුවත් නැහැ. අපගේ භාරතය රත්රන් ගේ කුරුල්ලා ලෙස හැඳින් වූ බවත් එය බොහෝ ධනවත් රාජ්‍යයක්ව තිබූ බවත් දරුවන් වන ඔබ දන්නවා. භාරතයේ පහළට බසිනා තත්ත්වය අවසාන වන්නේ කෙසේද? මහාචාර්යවරුන් පවසන්නේ කලි යුගය තවත් අවුරුදු 40,000ක් පමණ තිබෙනවා කියායි. ඔවුන් ඉන්නේ අන්ත අඳුරේය. එමනිසා, ඔබ ඔවුන්ට දැඩි උපක්‍රමශීලීත්වයෙන් යුතුව කතා කළ යුතුයි. එසේ නැත්තම්, භක්තිවන්තයින් අතරේත් ගිණි පුළිඟු විසිවෙයි. පළමුවෙන්ම පියවරුන් දෙදෙනාගේ හැඳින්වීම ලබා දෙන්න. සත්‍යය (දෙවියන්) කතා කරයි : සියල්ලන්ගේම මව හා පියා වන්නේ ගීතාවයි. උරුමය ලැබෙන්නේ ගීතාවෙනි. අනෙක් සියල්ලක්ම එහි දරුවන්. දරුවන්ගෙන් උරුමයක් ලද නොහැකියි. දරුවන් ඔබගේ උරුමය ගීතාවෙන් ලබා ගන්නවා. ඒ ගීතා මවගේ පියාත් ඉන්නවා. බයිබලය ආදිය මව ලෙස සැලකෙන්නේ නැහැ. ඉතින් පළමුවෙන්ම ඔවුන්ගෙන් අහන්න: ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවයත් සමඟ ඔබගේ ඇති සම්බන්ධය කුමක්ද? සැමගේම පියා එකම එක කෙනයි. සෑම ජීවයක්ම සහෝදරයින්. එකම එක පියාගේ දරුවන්. බාබා ජනයාගේ පියා වූ බ්‍රහ්මා මාර්ගයෙන් මනුෂ්‍ය ලෝක වෘක්‍ෂය නිර්මාණය කරනවා. ඉතින් ඔබ සහෝදර සහෝදරියන් බවට පත් වෙනවා. එමනිසා, ස්ථිර වශයෙන්ම ඔබ එකිනෙකා අතර පාරිශුද්ධත්වය රැකිය යුතුයි. බාබා පාරිශුද්ධකරුවා පැමිණ උපක්‍රමශීලී ලෙස ඔබව පාරිශුද්ධත්වයට පත් කරනවා. තමා පාරිශුද්ධත්වය රැකිය හොත් ලෝක පාලකයින් බවට පත් වන බව දරුවන් දන්නවා. එය ඉතාමත් විශාල ආදායමක්. මෝඩ මනුෂ්‍යයෙක් පමණයි පාරිශුද්ධත්වය නොරැක ඒ හේතුවෙන් උපත් 21ක් පුරා වූ තම රාජ්‍යය අහිමිකර ගන්නේ. දරුවන් වන ඔබට ශ්‍රීමත් ලැබෙනවා. ඒත් ඔබ ඒ කල්ප බාගයක් තිස්සේ සිහි කරමින් සිටි පියාගෙන් ලැබෙන උපදෙස් තවමත් අනුගමනය කරන්නේ නැහැ. ඔහුගේ උපදෙස් පිළි නොපැදීමෙන් ඔබ පාපකාරී ජීව බවට පත් වනවා. මෙය පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. එනමුත් රාමාගේ රාජ්‍යය පිරිසිඳු පුණ්‍යවත් ජීවයන්ගේ ලෝකයකි. දැන් මේ තිබෙන්නේ රාවණ්ගේ රාජ්‍යයයි. පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. දරුවන් වන ඔබ සියල්ලන්ටම මෙය ඔබගේ ඉහළට නැගීමේ තත්ත්වයයි. ඔබ ඒ පිරිසිඳු ලෝකයේ පාලකයින් බවට පත් වෙනවා. මෙහි අසුන්ගෙන සිටිනා ඔබ ඉතාමත් සූක්‍ෂමයි. ඔබ කළ යුත්තේ බාබා සිහිකිරීම පමණයි. මෙහිදී නවගුණ වැලක් ගෙන ගණන් කරමින් සිටින්නට අවශ්‍ය නැහැ. බාබාගේ ස්මරණයෙහි යෙදී සිටිනා අතර වැඩෙහි යෙදෙන්න. බාබා අප ඔබගේ යග්‍යාවෙහි භෞතික මෙන්ම සූක්‍ෂම වූ සේවයෙහිත් යෙදෙනවා. බාබා උපදෙසක් දී තිබෙනවා. මේ ආකාරයෙන් මා සිහිපත් කරන්න. මිනිස්සු ස්වභාවික සුවතා ඇති කරනවා. ජීවය වන ඔබ සුවයෙන් සිටිනා විට ඔබගේ ශරීරයත් සුව වනවා. පියාගේ ස්මරණයෙහි යෙදීමෙන්ම පමණක් ඔබ අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත් වනවා. පාරිශුද්ධත්වයට පත්වන්න. ඒ වගේම දිගින් දිගටම යග්‍යාවට සේවය කරන්න. සේවයෙහි යෙදීමෙන් ඔබ විශාල සතුටක් අත්දකිනු ඇත. මෙතරම් කාලයක් බාබාගේ ස්මරණයෙහි යෙදීමෙන් එනම්, භාරතයට සාමය පතුරුවා හැරීමෙන් අපත් සියලු අසනීපයන්ගෙන් අපව මුදවා ගත්තා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ භාරතයට සාමය හා සතුට පතුරුවා හරිනවා. ගණන් කිරීමටවත් නොහැකි වූ ආශ්‍රම සංඛ්‍යාවක් ලෝකයේ තිබෙනවා. නමුත් ඒවායෙහි කිසිම දෙයක් නැහැ. පරම්පරා විසි එකක් පුරාවට දිව්‍යලෝක රාජ්‍යය ලබා ගත හැක්කේ කෙසේද යන්න ගැනවත් ඔවුන්ට වැටහීමක් නැහැ. ඔබ දැන් රාජයෝගා ඉගෙන ගන්නවා. ඒ මිනිස්සුත් දෙවියන් පියා පැමිණ සිටිනා බවත් ඔහු අනිවාර්යෙන්ම කොහෝ හෝ සිටිනා බවත් කියනවා. විනාශය උදෙසා බෝම්බ ආදිය සොයාගෙන තිබෙනවා. අනිවාර්යෙන්ම බාබා දිව්‍යලෝකයේ ස්ථාපනයටත් අපායේ විනාශයටත් අනුබල දෙනවා. මෙය අපායක්. එහෙම නේද? මෙහි නොයෙකුත් ආකාරයේ සටන් යුද්ධ තිබෙනවා මිනිස්සු ඉන්නේ බොහොම බයෙන්. දරුවන් පැහැරගෙනයාම් ආදියත් සිදු වෙනවා. නොයෙකුත් ව්‍යසන සිදුවෙනවා. මේ ලෝකය දැන් වෙනසකට ලක් වන බව ඔබ දැන් දන්නවා. කළියුගය සත් යුගය බවට වෙනස් වෙනවා. මේ කාලයේදී ඔබ දිව්‍යලෝකය ස්ථාපනය කිරීමෙහිලා බාබාගේ සහකරුවන් වනවා. බ්‍රහමින්වරුන් තමයි සහකරුවන් බවට පත් වන්නේ. බ්‍රහමින්වරුන් නිර්මාණය වන්නේ ප්‍රජාවගේ පියා වූ බ්‍රහ්මා මාර්ගයෙනි. අනෙක් අය උපදින්නේ පාපයෙනි. නමුත් ඔබ බ්‍රහ්මාගේ කටින් උපන් නිර්මාණයයි. ඔබව දැන් දරුවන් ලෙස යොදාගෙන තිබෙනවා. බ්‍රහමින්වරුන් වන ඔබ බ්‍රහ්මාගේ දරුවන්. ප්‍රජාවගේ පියා වූ බ්‍රහ්මා සිටිය හැක්කේ මේ සංගමයේදී පමණයි. බ්‍රහමින්වරුන් පසුව දේවතාවන් බවට පත් වනවා. ඒ සාමාන්‍ය බ්‍රහමින්වරුන්ට ඔවුන් ඉපිද සිටින්නේ පාපයෙන් බව ඔබට විස්තර කර දෙන්න පුළුවන්. ඔබ කියනවා : බ්‍රහමින්වරුන්ට හා දේවතාවන්ට ආචාර. ඔවුන් බ්‍රහමින්වරුන්ටත් ආචාර කරනවා. ඒ වගේම දේවතාවන්ටත් ආචාර කරනවා. බ්‍රහමින්වරුන් ඇත්තෙන්ම සිටිනා මෙවන් යුගයක පමණයි ඔවුන්ට ආචාර දැක්විය හැක්කේ. මේ බ්‍රහ්මින්වරුන් ඊට සුදුස්සන් බව ඔවුන්ට වැටහෙනවා. ඔවුන් තම ශරීරය, මනස හා ධනය යන තුන් අයුරෙන්ම බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරනවා. අනෙක් අය මිනිසුන්ව භෞතික වන්දනා ගමන් ගෙන යාම පමණයි කරන්නේ. මෙය ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමනයි. ඔබගේ වන්දනා ගමන ඉතාමත් සුමිහිරියි. ඒ වන්දනා ගමන් නම් ගණන් කිරීමටවත් නොහැකි සංඛ්‍යාවක් තිබෙනවා. ගණන් කිරීමටවත් නොහැකි වූ ගුරූන් සංඛ්‍යාවක් සිටිනවා. මිනිස්සු සෑම කෙනෙක්වම තම ගුරු ලෙස හඳුන්වනවා. තමා දැන් ඒ සුමිහිරි වූ ශිව බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරනා බවත් බ්‍රහ්මා මාර්ගයෙන් ඔහුගෙන් තම උරුමය ලබා ගන්නා බවත් දරුවන්ට දැන් වැටහෙනවා. ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගන්නවා. ඔබ මෙහි පැමිණෙන විට මෙසේ කියනවා: ඔබ පැමිණ සිටින්නේ කා ළඟටද? ශිව බාබා විසින් මෙම ශරීරය ණයට ගෙන තිබෙනා බව ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. අප යන්නේ ඔහු වෙතයි. බ්‍රහ්මින් පූජකවරුන් විවාහ මංගල්‍යයන් සිදු කරනවා. නමුත් සබඳතාවය තිබෙන්නේ මනමාලයා හා මනාලිය අතරයි. ඔවුන්ගේ විවාහය සිදුවන්නේ බ්‍රහ්මණ පූජකවරයා සම්බන්ධව නොවේ. භාර්යාවක් සිහි කරන්නේ තම ස්වාමිපුරුෂයාවද නැතිනම් එම බන්ධනය ඇයට ලබාදුන් තැනැත්තාවද? ශිවා ඔබගේ මනමාලයායි. ඉතින් ඇයි ඔබ මනුෂ්‍ය ශරීර සිහිපත් කරන්නේ. ශිව බාබා සිහිපත් කරන්න. විස්තර කිරීම සඳහා බාබා ළඟ මෙවැනි පුංචි පුංචි පොත් තිබුණා. බාබාම ඔබගේ විවාහයේ අතරමැදියා වනවා. ඉතින් ඔබ ඒ අතරමැදියාව සිහි නොකළ යුතුයි. මනමාලියන් යෝගා කරන්නේ මනමාලයාත් සමඟයි. ඔහු පැමිණ මමා, බාබා හා දරුවන් මාර්ගයෙන් මුරලි එක කියවනවා. බාබා කියනවා : මා බොහෝ දෙනාගේ නළල මධ්‍යය වෙත පැමිණ ඔබට ප්‍රයෝජනයක් වීම උදෙසා ඒ මාර්ගයෙන් මුරලි එක කියවනවා. මා කෙනෙක් වෙත දර්ශන ලබා දීමට හෝ මුරලි එක කීමට ඔහු වෙත යනවා. ගුරුවරුන්ට එතරම් බලයක් නැහැ. ගුරුවරයෙක්ට කෙනෙකුගේ අභිවෘද්ධිය ගෙන ඒමට නොහැකි බව මා දකින විට මා පැමිණ එම පුද්ගලයා ගුරුවරයාටත් වඩා ඉහළින් යන ආකාරයේ හීයක් ඔහු වෙත විදිනවා. ඉතින් ගුරුවරයා එවිට ශරීර අවධානයට පත් වීඑම පුද්ගලයා එම තත්ත්වයට පත් කළේ මා යැයි කියා සිතනවා. එවැනි උඩඟුකම් ඇති කර නොගත යුතුයි. ඇත්තෙන්ම ශිව බාබා තමයි සෑම දෙයක්ම කරන්නේ. මෙහිදී ඔබට බාබා සිහිපත් කරන්න කියා තිබෙනවා. ඔබගේ සම්බන්ධය තිබිය යුත්තේ ශිව බාබාත් සමඟයි. මොහු මෙහි සිටිනා අතරමැදියෙක්. ඔහු තමාගේ තිළිණය හිමිකර ගන්නවා. මොහු ඉතා පරණ අත්දැකීම් බහුල වාහනයක්. එය වෙනස් විය නොහැකියි. එය නාටකයේ එලෙසින්ම ස්ථිර වී තිබෙනා දෙයක්. ඊළඟ කල්පයේදී බාබා වෙනත් ශරීරයකට එන්නේ නැහැ. අවසානම කෙනා වේගයෙන්ම යා යුතුයි. ඔහු මෙම වෘක්‍ෂයේ මුදුණින්ම අසුන්ගෙන සිටිනවා. ඔබ දැන් අසුන්ගෙන සිටින්නේ සංගමයේය. බාබා මේ ප්‍රජාවගේ පියා වූ බ්‍රහ්මා තුළට ඇතුළු වී සිටිනවා. ලෝක මාතාව වන්නේ කාම්ධේනු (සැමගේම ආශාවන් ඉෂ්ඨ කරනා එළදෙන) යි. කපිල් දේව් (සෘෂි)ද ඉන්නවා. ජෝඩුවක් යනු දෙදෙනෙකි. බාබා සහ දාදා මව හා පියා. ඉතින් ඔවුන් ජෝඩුවකි. මවගෙන් උරුමයක් ලැබෙන්නේ නැහැ. ඔබ උරුමය ලබන්නේ ශිව බාබාගෙනි. ඉතින් ඔබ ඔහුව සිහිපත් කළ යුතුමයි. මා මොහු තුළට පැමිණ සිටින්නේ ඔහු මාර්ගයෙන් ඔබව නැවතත් ගෙන යාම උදෙසායි. බ්‍රහ්මාත් ශිව බාබාව සිහිපත් කරනවා. ඔවුන් ශංකර් ඉදිරියේත් ශිවාගේ පිළිරුවක් තනනවා. ඒ සෑම දෙයක්ම ප්‍රශංසනීයත්වය පිළිබඳ වූ සංකේතයයි. ශිව බාබා දැන් පැමිණ අපව ඔහුගේ දරුවන් බවට පත් කර ගන්නවා. ඔබ ඔබගේ පියාට වන්දනාමාන කරන්නේ නැහැ. බාබා පැමිණ දරුවන් ලස්සන කරනවා. ඔහු ඔවුන් වැටී සිටිනා වලෙන් ගොඩ ගන්නවා. තමා නැවතත් කිසිම විටෙක පාපයෙහි නොයෙදෙන බවට ජීව පොරොන්දු වෙනවා. බාබා කියනවා : මාගේ උකුළ ගත්තායින් පසු ඔබගේ මුහුණ කිලිටි කර ගන්න එපා. එසේ කළහොත් ඔබ මුලු පවුලටම නිග්‍රහයක් කරනවා. පැරදුමට ලක්වීමෙන් ඔබ ගුරුවරයාගේ නමට නිග්‍රහයක් කරනවා. ඔබ මායාගෙන් පරාජය වුවහොත් ඔබගේ තත්ත්වය විනාශ වී යනවා. සන්‍යාසීවරු ආදී අය මේ දේවල් උගන්වන්නේ නැහැ. ඔබට මාසයකට සැරයක් දුරාචාරයේ යෙදෙන්න පුලුවනි කියා සමහර අය කියනවා. තවත් සමහරු මාස හයකට සැරයක් දුරාචාරයේ යෙදුණාට කමක් නැති බව කියනා අතර සමහරු සම්පූර්ණයෙන්ම අජාමිල් (පාපයෙන් දූෂිත වූවෝ) වැනි අයයි. බ්‍රහ්මා බාබා නොයෙකුත් ගුරූන් අනුගමනය කළා. ඔවුන් කිසිම විටෙක මිනිසුන්ට පාරිශුද්ධත්වයට පත්වන්න කියා කියන්නේ නැහැ. තමාටම පාරිශුද්ධත්වයෙන් යුතුව සිටීමට නොහැකි බව ඔවුන් තේරුම් ගන්නවා. සිහිබුද්ධියෙන් යුතු කෙනෙක් නම් එකපාරටම සන්‍යාසි කෙනෙක්ගෙන් මෙසේ අහනවා: ඔබට පාරිශුද්ධත්වය රැකීමට නොහැකි නම් ඇයි අපිට එසේ සිටීමට කියන්නේ? ඒත් ඔවුන් ජනක් කළා මෙන් තමාටත් එක් ක්‍ෂණයකින් ජීවන මුක්තිය වෙත වූ මාර්ගය කුමක්ද කියා ඔවුන්ගෙන් අහනවා. ගුරූන් කියනවා : ඔබට ඒ බ්‍රහ්ම ලෝකය සිහිපත් කිරීමට හැකි නම්, නිර්වාණ දේශයට යාමට ඔබට පුළුවන්. කිසිම කෙනෙක් ඇත්තෙන්ම එහි යන්නේ නැහැ. ඔවුන්ට එම බලය නැහැ. අශරීරික ලෝකය යනු සෑම ජීවයකගේම වාසස්ථානයයි. ජීව වන අප තාරකා මෙන් එහි වාසය කරනවා. ඔවුන් වන්දනා කිරීම සඳහා විශාල ලිංගම් එකක් (අණ්ඩාකාර හැඩයෙන් යුතු පිළිමයක්) නිර්මාණය කරනවා. තිතක් වන්දනා කළ හැක්කේ කෙසේද? නළල මධ්‍යයේ පුදුම සහගත තාරකාවක් දිදුලනවා කියාත් ඔවුන් කියනවා. එමනිසා, ජීවයන්ගේ පියාත් ඒ වැනිම විය යුතුයි. බාබාට ශරීරයක් නැහැ. එවන් වූ තාරකාවකට වන්දනා කරන්නේ කෙසේද? බාබාව හඳුන්වන්නේ උත්තරීතර ජීවය ලෙසයි. ඔහු තමයි පියා. ජීවය වගේම තමයි උත්තරීතර ජීවයත්. ඔහුගේ හැඩය ඊට විශාල වන්නේ නැහැ. ඔහු තුළ සියලු දැනුම තිබෙනවා. වෙන කිසිම කෙනෙක් මේ අසීමිත වූ වෘක්‍ෂය ගැන දන්නේ නැහැ. බාබා පමණයි දැනුමෙන් පිරි තැනැත්තා වන්නේ. ඔහු දැනුමෙන් මෙන්ම පාරිශුද්ධත්වයෙන් පිරුණා වූ තැනැත්තා ද වනවා. සෑම කෙනෙක්ටම සාමය හා සතුට ලබා දෙනවා. දරුවන් එවන් වූ විශාල උරුමයක් හිමිකර ගන්නවා. වෙන කිසිම කෙනෙක්ගෙන් එවන් වූ උරුමයක් ලද නොහැකියි. මිනිස්සු තම ගුරූන්ට බොහෝ සෙයින් වන්දනාමාන කරනවා. ඔවුන් තම අධිරාජ්‍යයින්ටවත් එතරම් වන්දනා කරන්නේ නැහැ. එයද අන්ද විශ්වාසයයි. ඔවුන් නොකඩවාම කරනා දේ දෙස බලන්න. සෑම දෙයක් ම නිග්‍රහවට ලක් වීම පමණයි සිදු වන්නේ. ඔවුන් ක්‍රිෂ්ණාට ස්වාමියා කියාත් අමතනවා. දෙවියන් කියාත් අමතනවා. ඔවුන් කියනවා: දිව්‍යලෝකයේ පළවනම කුමරා ක්‍රිෂ්ණා දෙවියන් බව. ඔවුන් ලක්‍ෂ්මි සහ නාරායන ගැන පවසන්නේ ඔවුන් දෙවියෙකු හා දෙවඟනක් බවයි. බොහෝ මිනිස්සු පරණ වී ගිය ප්‍රතිමා මිළදී ගන්නවා. පරණ මුද්දර පවා විකිණෙනවා. ඇත්තෙන්ම ශිව බාබා තමයි පරණම. නමුත් කිසි කෙනෙක් මෙය දන්නේ නැහැ. සෑම ප්‍රශංසනීයත්වයක්ම තිබෙන්නේ ඔහුටයි. නමුත් ඔබට ඔහුව සොයාගත නොහැකියි. පැරණිම දෙය කුමක්ද? පළවනම නොම්බරය ශිව බාබායි. කිසිම කෙනෙක් තමාගේ පියා කවුද, ඔහුගේ නම හා ස්වරූපය කුමක්ද යන්න ගැන දන්නේ නැහැ. ඔවුන් කියනවා ඔහුට නමක් හා ස්වරූපයක් නැහැයි කියා. ඉතින් ඔවුන් වන්දනා කරන්නේ කාටද? ශිවා යනුවෙන් නමක් තිබෙනවා. ඔහුගේ දේශයත් ඔහු පැමිණෙන වේලාවකුත් තිබෙනවා. ඔහුම කියනවා : මා සංගම් යුගයේදී මෙහි එනවා : ජීවය ශරීරය මාර්ගයෙන් කතා කරනවා. ඒ ආගමික ග්‍රන්ථ වල කොපමණ බොරු කතා තිබෙනවාද යන්න ගැනත් ඒවා කොතරම් දුරට ඔබව පහත හෙළුවාද යන්න ගැනත් දරුවන්ට දැන් වැටහෙනවා. ස්වර්ණමය හා රිදී යුග ඔ‍බේ ඉහළ නඟිනා අදියරයන්. ඒ වගේම තඹ හා යකඩ යුග ඔබේ පහළ බසිනා අදියරයි. එය දැන් නැවතත් ඔබගේ ඉහළ නඟිනා තත්ත්වයයි. පියා හැර වෙන කිසිම කෙනෙකුට ඔබව ඉහළ යාමේ තත්ත්වය වෙත ගෙන යන්න බැහැ. මේ සෑම කරුණක්ම ඔබ ධාරණය කරගත යුතුයි. එමනිසා, ඕනෑම කාර්යයක නිරතව සිටින අතර ස්මරණයෙහි යෙදෙන්න. ශ්‍රීනාත් ද්වාර් හි මිනිස්සු වැඩක් කරන විට කටේ රෙද්දක් බැඳ ගන්නවා. ශ්‍රීනාත් ලෙස හැඳින්වෙන්නේ ශ්‍රී ක්‍රිෂ්ණායි. ඔවුන් ශ්‍රීනාථට කෑම පිසිනවා. ශිව බාබා කෑම කන්නේ නැහැ. ඔබ බාබාගේ ස්මරණයෙහි සිට පිරිසිඳු ආහාර පිසින විට එමඟින් ඔබට ශක්තියක් ලැබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණාගේ දේශය වෙත යාම සඳහා කියා නිරාහාරව සිටිමින් ව්‍රත රකිනවා. ඔබ දැන් ක්‍රිෂ්ණාගේ දේශය වෙත යන බව ඔබ දන්නවා. මේ නිසා තමයි ඔබව මේ සඳහා සුදුස්සන් බවට පත් කරවන්නේ. ඔබ බාබා සිහිපත් කළහොත් ඔබ අනිවාර්යෙන්ම ක්‍රිෂ්ණාගේ දේශය වෙත යන බවට බාබා වග කියනවා. ඔබ දන්නවා තමා සඳහාම ඔබ ක්‍රිෂ්ණාගේ දේශය ස්ථාපනය කරනා බවත් පසුව ඔබව එම රාජ්‍යය පාලනය කරනා බවත්. ශ්‍රීමත් අනුගමනය කරනා අය ක්‍රිෂ්ණාගේ දේශය වෙත යනවා. ලක‍්ෂ්මි හා නාරායනගේ නම් වලට වඩා ක්‍රිෂ්ණාගේ නාමය වඩා ප්‍රසිද්ධයි. ක්‍රිෂ්ණා යනු පුංචි දරුවෙක්. ඉතින් ඔහු මහත්මා කෙනක් (උසස් ජීවයක්) හා සම කෙනෙක්. ළදරු කාලය සතෝප්‍රධාන්. මේ නිසා තමයි ක්‍රිෂ්ණාගේ නාමය වඩා ප්‍රසිද්ධ වන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්පූර්ණ සම්බන්ධය ශිව බාබා සමඟ තබා ගන්න. කිසිම මනුෂ්‍ය ශරීරයක් සිහි කරන්න එපා. ඔබගේ පියා, ගුරුවරයාගේ නමට කවදාවත් නිග්‍රහ කරන්න එපා.

2. කෙනෙක් ඔබගෙන් යම් ප්‍රයෝජනයක් ලැබුවා නම්, කවදාවත් ඒ ජීවය ප්‍රයෝජන ලැබුවේ තමාගෙනි කියා උඩඟු බවට පත් වන්න එපා. එය ශරීර අවධානයයි. ඔබ මාර්ගයෙන් එය සිදු කළ බාබාව සිහිපත් කරන්න.

වරදානය:
ඔබ අම්රිත් වේලාවේදී තිත් තුනේ තිලකය ආලේප කරගැනීම මඟින් නොසැලෙන නොසෙල විය හැකි අය බවට පත් වී, ඇයි? මොනවද? ආදී බලවත් කැළඹීම් වලින් නිදහස් වේවා.

බප්දාදා සැමවිටම කියයි: දිනපතා අම්රිත වේලාවේ තිත් තුතේ තිලකය තබන්න. ඔබ තිතක්. පරමත්ම පියා තිතක් සහ සිදුවෙමින් පවතින ඕනෑම දෙයක් අලුත් නොවෙයි. එමනිසා නැවතීමේ ලකුණක් ද තිතකි. මෙම තිත් තුනේ තිලකය ආලේප කරන්නැයි කියන්නේ අඛණ්ඩව ඔබේ අවධානය තබා ගැනීම සඳහායි. එවිට ඔබ දවස පුරා නොසැලෙන සහ නොසෙලවිය හැකි අය වන අතර, ඇයි? මොනවාද? යන ඕනෑම බලවත් කැළඹීමක් අවසන් වී යනවා ඇත. ඕනෑම විටෙක යම් දෙයක සිදුවේද වහා නැවතීමේ ලකුණ තබන්න. කිසිවක් අලුත් නොවේ. එය සිදුවීමට ඇත, එය සිදුවෙමින් තිබෙනවා... කුණ තබත. කිසිවක් අළුත නොවේ. එය
හුදෙක් නොබැඳි නිරීක්ෂකයෙකු සේ සියල්ල දැක දැක ඉදිරියට ගමන් කරන්න.

පාඨය:
ඕනෑම අපත සිතිවිලි වැගිරීමේ වේගය අවසන් කිරීමට ඔබේ පරිවර්ථන බලය භාවිත කරන්න එවිට ඔබ බලසම්පන්න කෙනෙක් වේව්.