09.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට වෙලා ඇති ඕනෑම විටෙක තනිව හිඳගෙන දැනුමේ සාගරය කළඹන්න. ඔබට ඇසෙන කරුණු නැවත නැවතත් මෙනෙහි කරන්න.

ප්‍රශ්නය:
ඔබගේ මෙනෙහි කිරීමේ වන්දනාව අවසන් වන්නේ කෙදිනද?

පිළිතුර:
ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ගෙන් එකක්වත් ඔබව රවටන්නේ නැති විට. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ විට ඔබගේ මෙනෙහි කිරීමේ වන්දනාව අවසන් වෙයි. ඔබ දැන් පූර්ණ වශයෙන් උත්සාහ දැරිය යුතු වන අතර පසුබෑමට ලක් නොවිය යුතුයි. සේවය සඳහා සෑම විටම සූදානමින් සිටින්න.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි දරුවන් මෙතැන අසුන්ගෙන සිටින්නේ ජීව අවධානයෙන්ද? ඔබ දරුවන් චක්‍රයෙන් භාගයක්ම ශරීර අවධානයෙන් සිටි බව ඔබ දන්නවා. ඔබ දැන් ජීව අවධානයෙන් සිටීමට පූර්ණ උත්සාහ දැරිය යුතුයි. පියා පැමිණ විස්තර කර දෙයි ඔබ තමන් ජීවයක් යැයි සිතා අසුන්ගෙන සිටින විට පියාව සිහිකිරීමට හැකි වෙයි. නැතිනම් ඔබට ඔහුව අමතක වෙයි. ඔබ ඔහුව සිහිපත් නොකරන්නේ නම් වන්දනාවේ සිටින්නේ කෙසේද? ඔබගේ පාපයන් දුරුවන්නේ කෙසේද? එවිට පාඩුවක් සිදුවේවි. මෙය නැවත නැවතත් සිහිපත් කරන්න. ප්‍රධානතම දෙය මෙයයි. පියා ඔබට විවිධ ක්‍රම කියා දෙයි. නිවැරදි දේ කුමක්ද සහ වැරදි දේ කුමක්ද කියා ඔබට විස්තර කර දී තිබේ. පියා දැනුමේ සාගරයයි. ඔබටද භක්තිය පිළිබඳ දැනුම තිබේ. භක්තියේදී දරුවන්ට බොහෝ දේ කිරීමට තිබේ. ඔහු විස්තර කර දෙන්නේ යාගහෝම පැවැත්වීම සහ තපස් රැකීම ආදී සෑම දෙයක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔවුන් පියාගේ ප්‍රශංසා ගී ගැයූවත් එම ප්‍රශංසා වැරදිය. ඇත්ත වශයෙන්ම ඔවුන් ක්‍රිෂ්ණාගේ සම්පූර්ණ ප්‍රශංසාවවත් දන්නේ නැත. සෑම කරුණක්ම වටහාගත යුතුයි. උදාහරණයක් වශයෙන්, ක්‍රිෂ්ණාට ස්වර්ගයේ ස්වාමියා යැයි කියයි. හොඳයි. ක්‍රිෂ්ණාට ත්‍රිලෝකනාථ (තුන් ලොවට අධිපති) යැයි කිව හැකිද? යැයි බාබා අසයි. ත්‍රිලෝකනාථ සිහිපත් කොට ඇත. තුන්ලොවට අධිපති යනු අශාරීරික ලොවට, සූක‍්ෂම ලොවට සහ ශාරිරික ලොවට අධිපති යනුයි. ඔය දරුවන් බ්‍රහ්මාන්ද්හි (ආලෝක තත්ත්වය) අධිපතියන් බවද ඔබට කියා ඇත. ක්‍රිෂ්ණා තමන් බ්‍රහ්මාන්ද්හි අධිපති බව සළකයිද? නැත. ඔහු සිටියේ දෙව්ලොවයි. දෙව්ලොව, ස්වර්ගය යැයි කියයි. එබැවින් ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් තුන් ලෝකයට අධිපති වන්නේ නැත. පියා ඔබට නිවැරදි දේවල් කියයි. ලෝක තුනක් තිබේ. ශිව් බාබා මෙන්ම ඔය දරුවන්ද බ්‍රහ්මාන්ද් වල අධිපතියන්ය. සූක‍්ෂම ලෝකය පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ශිව් බාබා ශාරීරික ලොවෙහිවත් අධිපති නොවේ-දිව්‍ය ලෝකයේවත්, අපායේවත්. ක්‍රිෂ්ණා දෙව්ලොවෙහි අධිපතිද, රාවණ් අපායට අධිපතිද වෙයි. මෙයට රාක‍්ෂකයාගේ රාජධානිය යැයි කියයි, රාවණ්ගේ රාජධානියයි. මිනිසුන් එසේ කිවුවත් ඔවුන් එහි අරුත නොදනී. පියා මෙතැන අසුන්ගෙන ඔය දරුවන්හට විස්තර කර දෙයි. රාවණ් හිස් දහයක් සමඟ පෙන්වා දී ඇත පුරුෂයාගේ දුර්ගුණ පහ සහ ස්ත්‍රියගේ දුර්ගුණ පහ. දුර්ගුණ පහ දැන් සෑම කෙනෙකුටම වලංගුයි. සෑම කෙනෙක්ම සිටින්නේ රාවණ්ගේ රාජධානියේය. ඔබ දැන් ශ්‍රේෂ්ඨ බවට පත් වෙමින් සිටියි. පියා පැමිණ ශ්‍රේෂ්ඨ ලොව නරිමාණය කරයි. තනිව අසුන්ගෙන ඔබට මේ අන්දමට දැනුමේ සාගරය කැළඹිය හැක. වෙනත් ඉගැන්වීම් වලදීද ශිෂ්‍යයින් ගොස් තනිව පාඩම් කරති. ඔබට කිසිම පොතක් පාඩම් කිරීමට අවශ්‍ය නැත. ඔව්, ඔබ කරුණු සටහන් කර ගත යුතුයි. ඉන්පසු ඔබ ඒවා පුනරීක‍්ෂණය කළ යුතුයි. මෙම කරුණු ඉතා ගැඹුරු වන අතර වටහා ගත යුතුයි. පියා පවසන්නේ අද මම ඔබට ගැඹුරුම සහ නවතම කරුණු කියමි. ලක‍්ෂ්මි සහ නාරායන් දිව්‍යමය දේශයේ අධිපතියන්ය. විෂ්ණු එය බව නොකියයි. විෂ්ණු යනු ලක‍්ෂ්මි සහ නාරායන් බව ඔවුන්ට නොවැටහෙයි. ඔබ දැන් අරමුණ සහ ඉලක්කය කෙටියෙන් විස්තර කර දෙයි. බ්‍රහ්මා සහ සරස්වතී පුරුෂයා සහ ස්ත්‍රිය නොවෙයි (ජෝඩුවක් ලෙස). මේ කෙනා ප්‍රජාපිතා බ්‍රහ්මාය. ඔහුට ස්ත්‍රියක් යැයි නොකියයි. එබැවින් ප්‍රජාපිතා බ්‍රහ්මා ආදිතම මුතුන් මිත්තා ලෙස හැඳින්විය හැක. ශිව් බාබාට කියන්නේ බාබා කියා පමණයි. අන් සියල්ලම සහෝදරයන්ය. බ්‍රහ්මාගේ දරුවන් බොහෝ ඇත. ඔවුන් සියල්ලම සහෝදරයන්, දෙවියන්ගේ දරුවන් බව ඔවුන් දනී. කෙසේවෙතත්, එය අශාරීරික ලොවෙහිය. ඔබ දැන් බ්‍රහ්මිණ්වරුන් වී ඇත. ස්වර්ණමය යුගයට නව ලොව යැයි කියයි. මෙම යුගයට කියන්නේ වඩාත්ම ශ්‍රේෂ්ඨ සංගම් යුගය කියාය. ස්වර්ණමය යුගයේදී සියල්ලම වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින්ය. මේවා බොහෝ චමත්කාරජනක කරුණුය. ඔබව නව ලෝකයට සූදානම් කරනු ලැබේ. මෙම සංගම් යුගයෙදී පමණයි ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් වන්නේ. මම ලක‍්ෂ්මි හෝ නාරායන් බවට පත්වෙමි, යැයි ඔබ කියයි. ඔවුන් සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින්ය. ඔවුන්ට දේවතාවන් යැයි කියයි. ලක‍්ෂ්මි සහ නාරායන් සියල්ලටම වඩා උසස් අයයි, ඔවුන් අංක එකට සිටියි. ඉන්පසු ඔය දරුවන් අංක පිළිවෙලට අනුව පත්වෙයි. සූර්ය වංශය උසස්ම වංශය ලෙස හඳුන්වයි. එය අංක එකට ඇත. අංශක ක්‍රම-ක්‍රමයෙන් අඩුවෙයි. ඔය දරුවන් දැන් නව ලොව විවෘත කිරීම සිදුකරමින් පවති. දරුවන් තම නව නිවස සුදානම් වූ විට බොහෝ සෙයින් සතුටට පත් වී විවෘත කිරීමේ උත්සවයක් පවත්වන සේම, ඔය දරුවන්ද නව ලොව දැකීමෙන් සතුටට පත් වී ඔබගේ විවෘත කිරීම පවත්වති. මෙසේද ලියා තිබේ රත්රං මල් වරුසාවක් තිබුණි. ඔය දරුවන්ගේ සතුටේ රසදිය දහර බොහෝ ඉහළ නැඟිය යුතුයි. ඔබට සාමය සහ සතුට යන දෙකම ලැබෙයි. වෙන කිසිවෙකුට එතරම් සාමය හෝ සතුට ලබා ගත නොහැක. අන් ආගම් වල අය පැමිණෙන විට ද්විත‍වත්වය තිබේ. ඔය දරුවන්ට, උසස් තත්ත්වයකට හිමිකම් කීම සඳහා උත්සාහ දැරීමේ අසීමිත සතුට ඇත. ඔබගේ භාග්‍යයේ ඇති ඕනෑම දෙයක් ඔබ නිකම්ම භාර ගැනීම, සිදු නොවිය යුතුයි, එනම්, ඔබට සමත් වීමට ඇත්නම් ඔබ සමත් වෙයි නැත. සෑම දෙයකටම උත්සාහ දැරිය යුතුයි. උත්සාහ දැරීමට නොහැකි කෙනෙක් පවසයි මගේ භාග්‍යයේ ඇති ඕනෑම දෙයක් ... ඉන්පසු ඔහු උත්සාහ දැරීම නවත්වයි. පියා පවසන්නේ මා, මව්වරුන් වන ඔබලාව බොහෝ සේ උසස් කරයි. අන් සෑම තැනකම ස්ත්‍රීන් බොහෝ සේ ගෞරවයට පාත්‍ර වෙයි. විදේශයන්හිදීද ඔවුන්ට ගෞරව කරයි. මෙහි, දියණියක් ඉපදුනු විට ඔවුන් ඇඳ අනිත් පැත්තට හරවයි. මෙම ලොව සම්පූර්ණයෙන්ම අපවිත්‍රයි. භාරතය තිබුණේ කෙසේද, සහ දැන් තිබෙන ආකාරය පිළිබඳව ඔය දරුවන් මෙම කාලයේදි දනී. මිනිසුන් මෙය අමතක කොට, නිකම්ම සාමය ඉල්ලමින් සිටියි. ඔවුන්ට ලෝකයේ සාමය අවශ්‍යයි. ඔවුන්හට ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පිංතුරය, ඔබට පෙන්විය හැක. එය ඔවුන්ගේ රාජධානිය වූ කල්හි, පාරිශුද්ධත්වය, සාමය සහ සතුට පැවතුණි. ඔබට එවැනි රාජධානියක් අවශ්‍යයි, එසේ නොවේද? ඔබ අශාරිරික ලොව සඳහා ලෝක සාමය පිළිබඳව කතා කරන්නේ නැත, එහෙම නේදි? මෙහි පමණයි ලෝක සාමය තිබිය හැක්කේ. මුළු ලොව පුරාම දේවතාවරුන්ගේ රාජධානිය පැවතුණි. අශාරීරික ලොව ජීවාත්මයන්ගේ ලෝකයයි. ජීවාත්මයන්ගේ ලෝකයක් තිබේද කියාවත් මිනිසුන් නොදනී. පියා පවසන්නේ මා ඔබව බොහෝ සෙයින් උසස් මනුෂ්‍යයින් බවට පත් කරවන්නෙමි. මේ සෑම කරුණක්ම විස්තර කර දිය යුතුයි. දෙවියන් පැමිණ ඇති බව ඔබ කෑ ගසා මිනිසුන්හට කියූවත් ඔවුන් ඔබව විශ්වාස කරන්නේ නැත. ඔවුන් ඔබට ඊටත් වඩා නිග්‍රහ කරයි. ඔවුන් කියයි බ්‍රහ්ම කුමරියන් ඔවුන්ගේ බාබාට දෙවියන් යැයි කියති. එම ක්‍රම වලින් සේවය කළ නොහැක. බාබා ඔබට දිගින් දිගටම ක්‍රම පෙන්වා දෙයි. කාමරයක පිංතූර අටක් හො දහයක් දමා, එළියේ මෙසේ ලියන්න අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත සතුටෙහි උරුමය හිමි කර ගැනීමට අවශ්‍ය නම්, සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දෙවි දේවතාවන් බවට පත්වීමට ඔබට අවශ්‍ය නම්, ඇතුලට පැමිණෙන්න, එවිට අප ඔබට එය කියා දෙන්නම්. බොහෝ දෙනෙකු එවිට ඔබ වෙතට පැමිණෙයි. දිගින් දිගටම ඔවුන්ම පැමිණෙයි. ලොවෙහි සාමය තිබුණි, නොඑසේද? දැන් බොහෝ ආගම් තිබේ. මෙම තමෝප්‍රධාන් ලොවෙහි සාමය තිබෙන්නේ කෙසේද? දෙවියන්ට පමණයි ලොවෙහි සාමය ඇති කළ හැක්කේ. ශිව් බාබා පැමිණෙන විට ඔහු අනිවාර්යෙන්ම ඔහුත් සමඟ ත්‍යාගයක්ද රැගෙන එයි. එකම පියා පමණයි ඒ තරම් දුර සිට පැමිණෙන්නේ, තවද ඔහු පැමිණෙන්නේ එක් වරක් පමණයි. ඒ තරම් ශ්‍රේෂ්ඨ බාබා පැමිණෙන්නේ වසර 5000 කට එක් වරක් පමණයි. කෙනෙකු පිටරට සංචාරයකින් පසු ආපසු පැමිණෙන විට ඔහුගේ දරුවන්ට තෑගි ගෙන එයි. මිනිසෙකු තම භාර්යාවගේ ස්වාමියාද, තම දරුවන්ගේ පියාද, තම මුනුපුරන්ගේ සීයාද, ඉන් පසු ඔවුන්ගේත් දරුවන්ගේ මී මුත්තාද ආදී ලෙසින් වෙයි. ඔබ මොහුට බාබා කියා අමතන අතර ඉන්පසු ඔහු සීයාද වෙයි. ඔහු මුත්තාද වෙයි විවිධ පරම්පරා තිබේ. ආදම් සහ ආදී දේව් යන නම් ඇතත් මිනිසුන් ඒවාගේ අරුත නොදනී. පියා මෙතැන අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ලොවෙහි ඉතිහාසය සහ භූගෝලය පියාගෙන් දැනගැනීමෙන්, ඔබ දැන් ලෝක පාලකයන් බවට පත් වෙමින් සිටියි. බාබා ඔබට බොහෝ සෙනෙහසින් සහ උනන්දුවෙන් උගන්වයි. එබැවින් ඔබ ඒ තරමටම ඉගෙන ගත යුතුයි. සෑම කෙනෙක්ම උදේ පාන්දර නිදහසේ සිටියි. උදේ පංතියට පැමිණ, පැය භාගයක්, තුන් කාලක් පමණ, මුරලියට සවන් දී ඉන්පසු ආපසු නිවෙසට යන්න. ඔබ කොතැනක සිටියත් බාබාව මෙනෙහි කළ හැක. ඉරිදා නිවාඩු දිනයක්ය. පැය දෙකක්, තුනක්, උදේ අසුන්ගෙන මුළු දවසටම ඔබගේ ආදායම ගොඩනගා ගන්න. ඔබගේ ඒප්‍රනය සම්පූර්ණයෙන්ම පුරවාගන්න. ඔබට වේලාව තිබේ, නොඑසේද? මායාගේ කුණාටු පැමිණි විට ඔබට බාබාව සිහිපත් කිරීමට නොහැක. බාබා ඔබට කියන සෑම දෙයක්ම ඉතාමත් පහසුයි. භක්ති මාර්ගයේ ඔවුන් බොහොමයක් සත්සං ආදියට යයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ දේවාලයකටද, ශ්‍රීනාථ දේවාලයකටද, ඉන්පසු තවත් කෙනෙකුගේ දේවාලයකටද යයි. බොහෝ දෙනෙකු වන්දනාවක දි වුවද මිශ්‍රිත වෙයි. ඔවුන් බොහෝ අපහසුතාවයන්ට මුහුණ පෑවත් එයින් ප්‍රයෝජනයක් ලබා නොගනී. මෙයද නාටකයේ නියම වී ඇති අතර එය නැවතත් සිදුවේ. මෙම කොටස ජීවාත්මයන් වන ඔබලා තුළ සටහන් වී ඇත. ඔබ ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී රඟ පෑ කොටස්ම රඟපානු ඇත, ඔබ පෙර චක්‍රයේදී රඟ පෑ කොටස්ම රඟපානු ඇත. රළු බුද්ධි ඇති අයට මේවා නොවැටහේ. පිරිපහදු වූ බුද්ධීන් ඇති අයට සෑම දෙයක්ම හොඳින් වටහා ගෙන වෙනත් අයට තේරුම් කර දීය හැක. මෙම නාටකය අනන්ත බව ඔවුන්ගේ අභ්‍යන්තරයට දැනෙයි. ලොව කිසිවෙකු මෙය අසීමිත නාටකයක් බව වටහා නොගනී. එය වටහා ගැනීමට කල් යයි. සෑම දෙයක්ම විස්තර ඇතුව ඔබට කියා දී ඉන්පසු, ප්‍රධානතම දෙය මෙනෙහි කිරීමේ වන්දනාව බව ඔබට කියයි. තත්පරයකදී ජීවන් මුක්තිය සිහිපත් කර ඇත. තවද මෙම ප්‍රශංසාව ද ඇත ඔහු ඥාන සාගරය බවත්, මුළු සාගරයම තීන්ත බවටත්, සියලුම කැලෑ, පෑන් බවටත්, මහ පොළව කොළ බවටත් පත් කළද, මෙම ඥානය අවසන් නොවන බවට. මුල සිටම ඔබ බොහෝ ලියා ඇති අතර, ඔබ තව දුරටත් දිගටම ලියන්නේ නම් කොතරම් කඩදාසි භාවිත වේද? ඔබට එහෙ මෙහෙ රස්තියාදු වීමට අවශ්‍ය නැත. ප්‍රධානතම දෙය ඇල්ෆාය. පියා සිහිපත් කරන්න. ඔබ මෙහි ශිව් බාබා වෙතට පැමිණෙයි. ශිව් බාබා මොහු තුළට ඇතුළු වී ඔබට බොහෝ සෙනෙහසින් උගන්වයි. ඔහුට කිසිම බාහිර ආටෝපයක් නොමැත. පියා පවසන්නේ මා පැරණි ශරීරයකට ඇතුළු වන්නෙමි. බලන්න කෙතරම් සරලව ශිව් බාබා පැමිණ අපට උගන්වනවාද කියා. ඔහුට අහංකාරකමක් නොමැත. පියා පවසන්නේ ඔබ මට අපවිත්‍ර ලොවටත් අපවිත්‍ර ශරීරයකටත් පැමිණ, ඔබට ඉගැන්වීම් ලබා දෙන ලෙසට ආරාධනා කළේය. ඔබ මට ස්වර්ණමය යුගයට පැමිණ, දියමන්ති සහ මැණික් වලින් සරසන ලද මාලිගාවල අසුන්ගෙන මා හට ආහාර පිළිගැන්වීම සඳහා ආරාධනා නොකරයි. ශිව් බාබා කිසි දෙයක් භාර ගන්නේ නැත. පෙර කළ, ඔබ ඔහුට පැමිණ ආහාර ගන්නා ලෙසට ආරාධනා කළේය. ඔබ ඔහුට ආහාර වර්ග 36 ක් පිළිගැන්නුවේය. මෙයද නැවත සිදුවෙනු ඇත. මේවා දිව්‍යමය ක්‍රියාවන් ලෙස හැඳින්විය හැක. ක්‍රිෂ්ණාට කුමන දිව්‍යමය ක්‍රියාවන්ද තිබිය හැක්කේ? ඔහු ස්වර්ණමය යුගයේ කුමරුවෙකි. ඔහු ස්වර්ණම-යුග ලොවෙහි අධිපති වූයේ කෙසේදැයි ඔබ දැන් දනී. මනුෂ්‍යයින් ඉනනේ සම්පූර්ණ අන්ධකාරයේය. ඔබ දැන් සිටින්නේ සම්පූර්ණ ආලෝකයේය. පියා පැමිණ රාත්‍රිය දහවල බවට පත් කරවයි. ඔබ චක්‍රයෙන් භාගයක් පාලනය කරයි. එබැවින් ඔබ බොහෝ සේ ප්‍රීතිමත් විය යුතුයි. ඔබගේ ස්මරණ වන්දනාව නිමාවට පත් වන්නේ ඔබගේ කිසිදු භෞතික ඉන්ද්‍රියක් හෝ ඔබව රැවටිල්ලට භාජනය නොකරන විටය. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත්වන විට ඔබගේ ස්මරණ වන්දනාව නිමාවෙයි. ඔබ තවමත් එය සම්පූර්ණ කොට නැත. ඔබ දැන් පසුතැවිල්ලට පත් නොවී පූර්ණ වශයෙන් උත්සාහ දැරිය යුතුයි. සේවය දිගටම සිදුකරන්න, අන් කිසිවක් නොව සේවය පමණක්. පියා පැමිණ ඇති අතර ඔහුද මෙම පැරණි ශරීරය තුළින් සේවය කරයි, එය එසේ නොවේද? පියා කරන්කරවන්හාර්ය. ඔහුට දරුවන් පිළිබඳව සැළකිළිමත් විය යුතු දේ බොහෝ තිබේ මා මෙය කළ යුතුයි. මා නිවසක් ගෙඩනැඟිය යුතුයි. ලෞකික පියෙකුට සීමිත සෑම දෙයක් පිළිබඳව සිතිවිලි ඇතිවන ලෙසින්ම, මෙලොවට ඔබ්බෙන් පැමිණි පියාට සෑම අසීමිත දෙයක් පිළිබඳව සිතිවිලි ඇති වෙයි. ඔය දරුවන් සේවය කළ යුතුයි. දවසින් දවස සෑම දෙයක්ම පහසු වෙයි. විනාශයට ඔබ ලංවෙත්ම, ඔබට දිගින් දිගටම වැඩියෙන් ශක්තිය ලැබෙයි. බිශම්පිතාමායි සහ අනෙක් අයට හීය අවසානයේදී වැදුණු බව සිහිපත් කොට ඇත. ඔවුන්හට දැන් ඊතල වැදුනේ නම් බොහෝ සේ කලබල ඇතිවේ. එතරම් විශාල ජනතාවක් රොක් වෙයි, අහන්නවත් එපා! ඒ තරම් පිරිසක් ඉඳී ඔබට ඔලුව කසන්නට වත් වෙලාවක් නැතිවෙයි. දැන් එසේ නොවේ. කෙසේවෙතත්, විශාල ජන කොටසක් එක් රොක්වන විට එය එසේ වේ, යැයි කියයි. ඊතල ඔවුන්ට වැදෙන විට ඔබගේ හඬ පැතිරෙයි. පියාගේ හැඳින්වීම සෑම දරුවෙකුටම අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. ඔබට මෙම අවිනාශි රෝහල සහ දිව්‍යමය විශ්ව විද්‍යාලය වර්ග අඩි තුනක භූමි භාගයක වුවද විවෘත කළ හැක. ඔබට මුදල් කිසිවක් නොතිබුණාට කම් නැත. ඔබට පිංතූර ලබා දෙයි. ඔබ සේවය කරද්දි, ගෞරවය සහ අගෞරවය, සතුට සහ දුක, උණුසුම සහ ශිතල ඇති වෙයි. මේ සෑම දෙයක්ම දරාගත යුතුව ඇත. යම් කෙනෙක්ව දියමන්තියක් ලෙසට පත් කිරීම සුළු දෙයක් නම් නොවෙයි. පියා කෙදිනක හෝ වෙහෙසට පත් වන්නේද? ඔබ ඇයි වෙහෙසට පත් වන්නේ? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උදේ පාන්දර පැය භාගයක් හෝ තුන්කාලක්, බොහෝ සෙනෙහසින් සහ උනන්දුවෙන් ඉගෙන ගන්න. පියාගේ ස්මරණයේ හිඳින්න. ඔබගේ සෑම භෞතික ඉන්ද්‍රියක්ම ඔබගේ පාලනය යටතේ තබාගන්නා අන්දමේ උත්සාහයක් මෙනෙහි කිරීම සඳහා ගන්න.

2. සේවයේදී සෑම දෙයක්ම ඉවසා දරා ගත යුතුයි ගෞරවය සහ අගෞරවය, සතුට සහ දුක, උණුසුම සහ ශීතල ආදිය. සේවය කිරීම පිළිබඳව කිසි විටෙක වෙහෙසට පත් නොවන්න. රෝහලක් හා විශ්ව විද්‍යාලයක් වර්ග අඩි 3ක බිම්භාගයක් මත විවෘත කොට අන් අයව දියමන්ති බවට පත් කිරීමේ සේවය කරන්න.

වරදානය:
ඔබ සියලු බලයන්හි ආලෝකයෙන් සියලු ජීවාත්මයන්ට මාර්ගය පෙන්වන චෛතන්‍ය ආලෝකාගාරයකි.

ඔබ සෑම විටම, පරම දනව්වේ සිට ලෝක යහපත සේවාව උදෙසා පහළ වූ ජීවාත්මයයි යන අවධානයෙන් සිටිනවා නම්, එවිට ඔබේ සිතිවිලි, ඔබ පවසන වචන ආදියෙහි ලෝක යහපත ගැබ් ව තිබේවි. මෙම අවධානය ඉන්පසු ආලෝකාගාරයක් සේ ක්‍රියා කෙරේ. ප්‍රදීපාගාරයකින් එක් වර්ණ ආලෝකයක් පිටවන්නා සේ, ඒ එලෙසින්ම, ඔබ ජීවමාන ආලෝකාගාර තුළින් සියලුම ජීවාත්මයන්ට සෑම පියවරේම මාර්ගය පෙන්වීම සඳහා සියලු බලයන් හි ආලෝකයන් අඛණ්ඩව ක්‍රියා කෙරේවි.

පාඨය:
සෙනෙහස සහ සහයෝගය වාගේම, බලයේ ස්වරූපයක් බවට පත් වන්න. එවිට ඔබ රාජධානියේ ඉදිරියෙන් අංකයක් ගනිවි.