09.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සුමිහිරි පියා පැමිණ සිටින්නේ, ඔබව මෙම අමිහිරි ලෝකයෙන් ඉවත් කර, ඔබව මිහිරි කිරීමටයි. එබැවින් බොහෝ සෙයින් මිහිරි වන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් මෙම පැරණි ලෝකයට අකමැති ඇයි?

පිළිතුර:
මෙම ලෝකය, අපායේ අන්ත අගාධය බවට පත්වී ඇති නිසා. එය තුළ සිටින සෑම කෙනෙක්ම අමිහිරියි. අපවිත්‍ර අයට අමිහිරි අය යැයි කියයි: ඔවුන් සියලු දෙනාම විෂ ගංගාවේ කිමිදෙනවා. ඔබ එයට අකමැති මේ නිසයි.

ප්‍රශ්නය:
මිනිසුන් විමසන එක් ප්‍රශ්නයක, ඔවුන් වැරදි දෙකක් සිදුකරයි. ප්‍රශ්නය කුමක්ද, වැරදීම් මොනවාද?

පිළිතුර:
මිනිසුන් විමසන්නේ: මගේ මනස සාමකාමී කරගන්නේ කෙසේද? පළමු වැරැද්ද මෙයයි, මන්ද, ජීවාත්මයක් තම සිරුරෙන් වෙන් වන තුරු, ඔහුට සාමය ලැබෙන්නේ කෙසේද? ඔවුන් සිදුකරන දෙවන වැරදීම වන්නේ, දෙවියන්ට බොහෝ වේශ තිබෙන බව සහ ඔහු සෑම තැනකම සිටින බව, පැවසීමය. පරමාත්ම දෙවියන් සෑම තැනකම සිටින්නේ නම්, සාමය අවශ්‍ය කාටද, එමෙන්ම එය ලබා දිය හැක්කේ කාටද?

ඕම් ශාන්ති.
බාබා සාම දේශයේ සිට පැමිණ ඇති බවත්, ඔබ සිතන්නේ කුමක් ගැනද කියා, ඔබගෙන් විමසන බවත්, ඔය දරුවන්ට වැටහෙනවා. පියා, මිහිරි නිවහන වන සාම දේශයේ සිට පැමිණ ඇත්තේ අපව සතුටු දේශයට රැගෙන යාමට බව ඔබ දන්නවා. පියා විමසන්නේ : ඔබ දැන් ඔබගේ මිහිරි නිවස සිහි කරනවාද එසේත් නැත්නම් වෙනත් දෙයක් සිහි කරනවාද? මෙම ලෝකය මිහිරි නැහැ: ඇත්ත වශයෙන්ම එය ඉතා අමිහිරියි. අමිහිරි දේවල් දුක ඇති කරයි. අප දැන් අපගේ මිහිරි නිවසට යන බව ඔය දරුවන් දන්නවා. අපගේ අසීමිත පියා බොහෝ සේ මිහිරියි. මෙකල සිටින අන් සියලුම පියවරුන් බොහෝ අමිහිරියි, අපවිත්‍රයි, අපිරිසිදුයි. එම කෙනා සියලු දෙනාගේම අසීමිත පියාය. දැන් ඔබ පිළිපැදිය යුත්තේ කාගේ උපදෙස්ද? අසීමිත පියා පවසන්නේ : දරුවනේ, දැන් ඔබගේ සාම දේශය සිහි කරන්න, එමෙන්ම ඒ සමගම ඔබගේ සතුටු දේශය ද සිහි කරන්න. මෙම දුක් දේශය අමතක කරන්න. මෙම ලෝකයට ඉතා කටුක, නම් ලබා දී තිබේ: අපායේ අන්ත අගාධය, විෂ ගංගාව ගලා යන, අපාය. මෙම මුළු ලෝකයම, විෂ ගංගාව බව පියා විස්තර කර දෙයි. මෙකල සෑම කෙනෙක්ම දුක් විඳිනවා, ඔවුන් එයට අකමැති වන්නේ ඒ නිසාය. එය ඉතා කිලිටි ලෝකයකි. එබැවින් ඔබ තුළ ඒ පිළිබඳව නිරාශාවක් තිබිය යුතුයි. සන්යාසීන්ට ද ඔවුන්ගේ නිවෙස් පිළිබඳව නිරාශාවක් තිබේ. ස්ත්‍රියක්, සර්පයෙක් බව ඔවුන් සලකන අතර, නිවසක වාසය කිරීම, අපායේ වාසය කර, ගෙල සිරකර ගැනීමක් වැනි බව ඔවුන් සලකති. මෙසේ පවසමින් ඔවුන් එය අත්හරියි. ඇත්ත වශයෙන්ම දෙදෙනාම අපායට දොරටුයි. ඔවුන් නිවසක වාසය කිරීමට අකමැති බැවින් වනගත වෙයි. ඔබ තම නිවෙස් වල වාසය කරයි: ඔබ ඒවා අත්නොහරියි. ඔබ මෙය ඥානය තුළින් වටහාගනී. මෙය විෂ ගංගාව බව, පරම පියා ඔය දරුවන්ට විස්තර කරයි. සෑම කෙනෙක්ම දිගින් දිගටම දූෂිත වනවා. බාබා දැන් ඔය දරුවන්ව සාම දේශයට රැගෙන යයි. එහි සිට, ඔහු ඔබව ක්‍ෂීර සාගරයේ දේශයට යවයි. මෙම ලෝකයේ සාමය නොමැති බැවින්, මේ මුළු ලෝකයම පිළිබඳව ඔබට නිරාශාවක් ඇති කරලීමට ඔහු ඔබව දිරිමත් කරවයි. මනුෂ්‍යයන් නොකඩවා සාමය වෙනුවෙන් බොහෝ වෙහෙස වෙයි. සන්යාසීන් ආදීන් මෙන්ම පැමිණෙන කවුරු වුවද, මනසේ සාමය අයදියි, නැතහොත් ඔවුන්ට මුක්ති දේශයට යාමට අවශ්‍ය බව ඔවුන් පවසයි. ඔවුන් අසන ප්‍රශ්න දෙස බලන්න! ජීවාත්මය, සිරුරෙන් වෙන් වන තෙක්, කෙනෙකුගේ මනසට සාමය ලැබිය නොහැක. ප්‍රථමයෙන් ඔවුන් පවසන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත බව හෝ අප සියලු දෙනාම දෙවියන්ගේ ස්වරූප බවයි. එසේ නම් ඔවුන් මෙවැනි ප්‍රශ්න අසන්නේ ඇයි? දෙවියන්ට සාමය අවශ්‍ය වන්නේ ඇයි? සාමය ඔබගේ ගෙල වටා ඇති මාලාව බව, පරම පියා විස්තර කරයි. ඔබ පවසන්නේ: අපට සාමය අවශ්‍යයි. ප්‍රථමයෙන් ඔබ කවුද කියා අපට කියන්න. ජීවාත්මයට තම මුල්ම ධර්මය සහ වාසස්ථානය අමතක වී ඇත. පරම පියා පවසන්නේ : ඔය ජීවාත්ම, සාමයේ ප්‍රතිමූර්තීන්ය. ඔබ සාම දේශයේ නිවැසියන්ය. ඔබට ඔබගේ මිහිරි නිවහන සහ මිහිරි පියාව අමතක වී ඇත. සිටින්නේ එක් දෙවි කෙනෙක් පමණයි: බැතිමතුන් අසංඛේය ප්‍රමාණයක් සිටියි. බැතිමතුන් බැතිමතුන්ය: ඔවුන්ට දෙවියන් කියා අමතන්නේ කෙසේද? බැතිමතුන් ආධ්‍යාත්මික උත්සාහයන් දරා, යාඥා කරයි: අහෝ දෙවියනේ! කෙසේවෙතත්, ඔවුන් දෙවියන් නොහඳුනයි. ඔවුන් දුකට පත්ව ඇත්තේ ඒ නිසාය. අප මුලින්ම සාම දේශයේ නිවැසියන් බවත් ඉන්පසුව අප සතුටු දේශයට ගිය බවත් පසුව රාවනගේ රාජධානියට ගිය බවත් ඔබට දැන් වැටහි තිබේ. චක්‍රය-වටාම චරිත කොටස් රඟපාන අය ඔබලාය. ප්‍රථමයෙන් ඔබ සිටියේ ස්වර්ණමය යුගයේය. භාරතය සතුටු දේශය විය: එය දැන් දුක් දේශයයි. ඔය ජීවාත්ම, සාම දේශයේ වාසය කරන අතර පරම පියාද වාසය කරන්නේ එහිය. ඔහුගේ වර්ණනාව වන්නේ: පාරිශුද්ධකරු සහ ඥානයේ මහා සයුර. ඔහු ඥානයෙන් ඔබව පිවිතුරු කරවයි. ඔහු ඥානයේ මහා සාගරයයි, ඔවුන් ඔහුට අඬගසන්නේ ඒ නිසාය. මෙහි ඥානය නොමැති බව මින් ඔප්පු වෙයි. ඔය ඥානයේ ගංගාවන් මතුවී, ඥානයෙන් නැහැවෙන්නේ, ඥානයේ මහා සාගරය පැමිණි විට පමණයි. ඥානයේ මහා සාගරය ලෙස හැඳින්වෙන්නේ, ඒකායන පරම පියා, පරමාත්ම ජීවය පමණයි. ඔහු පැමිණ දරුවන් නිර්මාණය කළ විට පමණයි, ඔවුන්ට ඥානය සහ විමුක්තිය ලබා ගැනීමට හැකි වන්නේ. රාවනගේ රාජධානිය ඇරඹෙන විට භක්තිය ඇරඹෙයි, එනම්, ඔබ පුදන්නන් බවට පත්වෙයි. ඔබ නැවතත් පිදුම් ලබන්නට සුදුස්සන් වනවා. පිවිතුරු අය පිදුම් ලබන්නට සුදුසු අය ලෙස හැඳින්වෙන අතර අපවිත්‍ර අය පුදන්නන් ලෙස හැඳින්වෙයි. මිනිසුන් සන්යාසීන් ඉදිරියේ තම හිස නමා ඔවුන්ට මල් පූජා කරයි. ඔවුන් පිවිතුරු බවත් තමන් අපවිත්‍ර බවත් ඔවුන් සලකති. පරම පියා පවසන්නේ : මේ ලෝකයේ කිසිම කෙනෙකුට පිවිතුරු විය නොහැක. මෙය විෂ ගංගාවයි. ඔබ රාජධානිය පාලනය කරන, විෂ්ණුගේ දේශය, කිරි සාගරය ලෙස හැඳින්වෙයි. පරම පියා පවසන්නේ : දරුවනේ, තමන් ජීවාත්ම බව සලකා, ඔබගේ මිහිරි නිවහන සිහි කරන්න. ඔබ අනිවාර්යෙන් ක්‍රියා සිදුකළ යුතුයි. පිරිමි තම ව්‍යාපාර බලාගත යුතු අතර මව්වරුන් තම ගේදොර බලාගත යුතුයි. ඔබට අමතක වෙයි. මේ නිසයි අම්රිත් වේලාවේ කාලය ඉතා හොඳ වන්නේ. ඒ වෙලාවේ සිහිපත් කිරීමේ අසුන්ගන්න. දෙදෙනාම නිදහස් බැවින් හොඳම වෙලාව අම්රිත් වේලාවයි. ඇත්ත වශයෙන්ම ඔබට සවස් වරුවේද කාලය ලැබෙයි, නමුත් ඔබගෙන් සමහරු ඒ වේලාවේ වෙහෙස වී සිටියි. අච්චා. ගොස් විවේක ගෙන උදෑසනින් අවදි වී, සිහිපත් කිරීමේ සිටින්න. ජීවාත්ම වන අපගේ පියා, අපව රැගෙන යාමට පැමිණ සිටියි. උපත් 84හි චරිත කොටස දැන් සම්පූර්ණ වී තිබේ. ඔබ මේ ආකාරයෙන් දිගින් දිගටම සිතිය යුතුයි. ඔබට ආදායමක් උපයා ගැනීමට හොඳම වෙලාව වන්නේ උදෑසනයි. ඔබ දැන් උපයන ආදායම ඔබට ස්වර්ණමය යුගයෙදී ප්‍රයෝජනවත් වෙයි. ඔබ දැන් පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නවා. එහි ආර්ථික අපහසුකම් නොමැත; එහි කරදර නැහැ. පරම පියා ඔබගේ ඒප්‍රන කෙතරම් පුරවන්නේද යත්, ආදායමක් උපයා ගැනීමට ඔබ කරදර විය යුතු නැහැ. මෙහි ආදායමක් උපයාගැනීම සඳහා මිනිසුන්ට බොහෝ කරදර තිබේ. බාබා ඔබව උපත් 21කට කරදර වලින් නිදහස් කරයි. එබැවින් හිමිදිරි උදෑසනින් අවදි වී තමන්ටම මෙසේ කතා කරන්න. ජීවාත්ම වන අප, පරම දනව්වේ (පරම්දාම්) නිවැසියන්ය; අප පරම පියාගේ දරුවන්ය. ප්‍රථමයෙන් අප ඇතුළු වන්නේ ස්වර්ණමය යුගයටයි. අප, පියාගෙන් අපගේ උරුමය ලබා ගන්නවා. පරම පියා පවසන්නේ : වසර 5000කට පෙර, භාරතය ධනවත්ව තිබුණු කල්හි, ඔබ උපරිම ලෙසින් ධනවත්ව සිටියා. දැන් එය අපාය, දුක් දේශයයි. සියල්ලන්ටම විමුක්තිය ලබාදෙන්නා වන්නේ ඒකායන පියා පමණයි. ඔබ එකිනෙකාට මතක් කර දිය යුතුයි. ස්වර්ණමය යුගය පැවතුණේ භාරතයේ පමණයි. එය දෙව්ලොව, ජීවන-මුක්තිය ලෙස හැඳින්වීය. අපාය, බන්දන-දිවිය ලෙස හැඳින්වෙයි. ප්‍රථමයෙන් සූර්ය-පෙළපතත් පසුව චන්ද්‍ර පෙළපතත් ඉන්පසුව වෛශ්‍ය සහ ශුද්‍ර පෙළපත් රාජධානිද තිබිණ. අසුර බුද්ධි තිබෙන නිසා මිනිසුන් නොකඩවා එකිනෙකාට දුක් ඇති කරයි. සෑම භෞතික පියෙක්ම තම දරුවන්ගේ සේවකයෙක් වෙයි. ඔවුන් පාපයේ ගැලී දරුවන් නිර්මාණය කරයි. ඔවුන්ව රැක බලාගෙන ඉන්පසුව ඔවුන්ව අපායට තල්ලු කර හරියි. ඔවුන් විෂ ගංගාවේ කිමිදෙන විට, ඔවුන්ගේ පියා සතුටු වනවා. එබැවින් ඔවුන් අහිංසකයි. මෙම එපිටින් පැමිණි පියාද අහිංසකයි: ඔහු දරුවන්ගේ සේවකයාය. එම ලෞකික පියා, ඔහුගේ දරුවන්ව අපායට තල්ලු කරන නමුත් මෙම කෙනා ඔබව දිව්‍යලෝකයට, සාම දේශයට රැගෙන යයි. ඔහු උත්සාහ දරයි. ඔහු කෙතරම් අහිංසකද? ඔහු තම පරම දනව්ව අතහැර පැමිණ ඇත. ජීවාත්ම කෙතරම් දුරට පහත් වී ඇත්ද කියා ඔහු දකියි. ඔවුන් නොකඩවා මට අපහාස කරයි. ඔවුන් මාව හඳුනන්නේවත් නැහැ. ඒ වගේම ඔවුන් මගේ රථයටද නොකඩවා අපහාස කරයි. ඔවුන් බොහෝ බොරු චෝදනා සිදුකර තිබේ. ඔවුන් ඔබටද චෝදනා කරයි. ක්‍රිෂ්ණාටද චෝදනා කර ඇත. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා සුන්දරව සිටින විට කිසිවෙකුට ඔහුට චෝදනා කළ නොහැක. ඔහුට චෝදනා කරන්නේ ඔහු අවලස්සන වූ විට පමණයි. සුන්දරව සිටි කෙනා, අවලස්සන විය. ඔහුට චෝදනා කරන්නේ ඒ නිසාය. සුන්දර අයට චෝදනා කළ නොහැක. ජීවාත්ම, පිවිතුරු බවින් අපවිත්‍ර වූ විට, ඔවුන්ට අපහාස කරයි. මෙම නාටකය, පෙර නියමිත වූවක්. අසරණ මනුෂ්‍යයන්ට කිසිවක් නොවැටහෙයි. මෙය කුමනාකාරයේ දැනුමක්ද කියා ඔවුන් නොදන්නා බව බොහෝ දෙනෙක් අවුලට පත් වී පවසයි; මෙම දේවල් ග්‍රන්ථවල සඳහන් වී නොමැති බවයි. භාරතයේ මාතාවන්, ශිව ශක්ති සේනාව, සිදුකළේ කුමක්ද කියා, ඔවුනට අමතක වී ඇත. ලෝකමාතාව (ජගදම්බා) ශිව ශක්ති කෙනෙක් ලෙස හැඳින්වෙයි. ඇය වෙනුවෙන් බොහෝ දේවාල තනා තිබේ. දිල්වාලා දේවාලය ද තිබේ. ඉන්නේ, හදවත් දිනාගන්න, එක් ශිවබාබා පමණයි. බ්‍රහ්මා, ජගදම්බා සහ ඔය කුමාරීන්ද සිටිනවා. මහාරතීන්ද සිටියි. ඔබ ප්‍රායෝගික ලෙස ඒවාට සමානයි. ඔබගේ එම අජීවි සිහිවටනය (දිල්වාලා දේවාලය) බොහෝ කලක් පැවතෙනවා: එය විනාශ වී, ඔබ ස්වර්ණමය යුගයට යයි. එහි සිහිවටන ආදිය නොමැත. වසර 5000කට පෙරාතුව, ඔබ මේ ආකාරයෙන්ම අසුන්ගෙන සිටියා, එවිට ඔබගේ සිහිවටනය පසුව නිර්මාණය කෙරුණි. ඔබ ස්වර්ණමය සහ රිදී යුගයන්හි ඔබගේ රාජධානිය පාලනය කළා. පසුව පිදීම සඳහා එම සිහිවටන, භක්ති මාර්ගයේ නිර්මාණය කෙරෙනවා. ඔබ දැන් බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ව ද හැඳිනගත්තා. විෂ්ණු, බ්‍රහ්මා බවට පත් වන අතර බ්‍රහ්මා, විෂ්ණු බවට පත්වෙයි: එයට උපත් 84ක් ගත වනවා. ඔබ දැන් නැවත වරක් උත්සාහ දරනවා. ඔබ මම්මා සහ බාබා අනුගමනය කළ යුතුයි. ඔබ උත්සාහ දරණ ප්‍රමාණයට අනුව ඔබ සුන්දර වෙයි. ඔබට අපවිත්‍ර බවින් පිවිතුරු වීමට, පරම පියා පහසු මගක් උගන්වනවා. ඔබ අඛණ්ඩව පියාව සහ මිහිරි නිවහන සිහිපත් කරන්නේ නම්, ඔබ දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. උදෑසනින් අවදි වී, සිහිපත් කිරීමේ සිටින පුරුද්ද, ඔබ ඇති කළ යුතුයි. මෙය ස්ථිර වූ විට, ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඉබේටම සිහිපත් කිරීම ඇති වෙයි. අපට අවශ්‍ය, අපගේ මිහිරි නිවහන සහ අපගේ මිහිරි රාජධානිය සිහි කිරීම පමණයි. ප්‍රථමයෙන් අප සතෝප්‍රධාන් වී ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ වෙයි. මේ ගැන සැකයක් තිබිය නොහැක, එබැවින් අවුලට පත් වීමට අවශ්‍යතාවයක් නැත. ඔබ පිවිතුරුව රැඳී සිටිය යුතුයි. දේවතාවන්ගේ ආහාර ඉතා පිවිතුරුයි. අපද ආහාර පිළිබඳව ආරක්‍ෂක පියවර ගත යුතුයි. මේ ගැන ප්‍රශ්න ඇසීමට අවශ්‍ය නැහැ. රාගය ඉතා නරක බව ප්‍රථමයෙන් බුද්ධියට වැටහෙයි. දෙවනුව ඔබ මස් ආහාරයට නොගත යුතු අතර මත්පැන් භාවිත නොකළ යුතුයි. අපවිත්‍ර අයට ලූණු හෝ සුදු ලූණු නොමැතිව ආහාර ගැනීමට අපහසුය. ඔබට බ්‍රහ්මණයන්ගෙන් හැර, වෙනත් කිසිවෙකුගෙන් පිවිතුරු ආහාර නොලැබෙන බව, පරම පියා විස්තර කර දෙයි. ඔබ පරම පියාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ සිටින පමණට, ඔබ වැඩියෙන් පිවිතුරු වෙයි. ඔබ තමන්ව ආරක්‍ෂා කරගන්නේ කෙසේද, කුමන ක්‍රමවේදයෙන්ද කියා, ඔබගේ බුද්ධිය වටහා ගත යුතුයි. ඔබ ඔබගේ බුද්ධිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔබ තම නිවෙස්වලද රැඳී සිටිය යුතුයි. එබැවින් ඔබගේ ලෞකික පවුලේ අය සමග ඔබ සම්බන්ධතා පැවැත්විය යුතුයි. ඔබ ඔවුන්ටද යහපතක් සිදුකළ යුතුයි. ඔබ මෙම දේවල් ඔවුන්ටද පැවසිය යුතුයි. පරම පියා පවසන්නේ : පිවිතුරු වන්න! එසේ නැතිනම් ඔබ බොහෝ දඬුවම් විඳ, ඔබගේ තත්ත්වය පහත් වෙයි. මාලාව සැදී ඇත්තේ, ගෞරව සම්මාන ඇතිව සමත් වන අයගෙන්ය. එය දැන් ගිණුම් පියවීමේ කාලයයි: සෑම කෙනෙකුගේම පාපයේ කර්ම ගිණුම් පියවෙයි. ඔබගේ පාපයන් දුරුවන්නේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණක් බව, බාබා විස්තර කර දී තිබෙනවා. මෙයට උත්සාහයක් අවශ්‍ය වෙයි. ඥානය ඉතා පහසුයි. මුළු නාටකය මෙන්ම වෘක්‍ෂයද ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. කෙසේවෙතත්, ඔබ මිහිරි පියාව, මිහිරි රාජධානිය සහ මිහිරි නිවහන සිහිකළ යුතුයි. නාටකය අවසන් වීමට දැන් ඉතා ආසන්න අතර අප ආපසු නිවසට යා යුතුයි. සෑම කෙනෙක්ම තම සිරුරු හලා දමා පෙරළා යා යුතුයි. මෙය තරයේ සිහියේ තබාගන්න. මේ ආකාරයෙන් සිහිපත් කිරීමේ සිටින අතර ඔය ජීවාත්ම ඔබගේ සිරුරු හලා දමා, ඔය ජීවාත්ම ආපසු යයි. එය ඉතා පහසුයි. ඔය දරුවන් දැන් පෞද්ගලිකවම සවන් දෙන අතර අන් අය පටිගතකිරීම් වලට සවන් දෙයි. යම් දිනයක නියත වශයෙන්ම මිනිසුන් මෙම ඥානය රූපවාහිනියෙන් නරඹා එයට සවන් දෙයි. සෑම දෙයක්ම සිදුවෙයි. පසුව පැමිණෙන අයට එය පහසු වෙයි. එඩිතරකම පවත්වාගන්නා දරුවන්ට පියාගෙන් උපකාර ලැබෙයි. මෙයත් පිළියෙල කෙරෙයි. හොඳින් සේවය කරන අයද සිටීවි. දරුවන්ගේ ප්‍රගතිය සඳහා මේ සියලු පහසුකම් තිබෙයි. අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබාගත හැක. ඒකායන පියා සිහි කරන්න, එපමණයි. ඉස්ලාමිකයන්ද හිමිදිරි උදෑසන එහෙ මෙහෙ යමින් සියලු දෙනාව අවදි කරයි : අවදි වී අල්ලා සිහි කරන්න. මෙම කාලය නින්ද සඳහා නොවෙයි. ඇත්තවශයෙන්ම මින් හැඳින්වෙන්නේ වර්තමාන කාලය ගැනයි. ඔබට පාරාදීස රාජධානියේ ආධිපත්‍යය ලැබෙන බැවින් අල්ලා සිහි කරන්න. පාරාදීසිය, මල් උද්‍යානය ලෙස හැඳින්වෙයි. ඔවුන් එය නිකමට ගායනා කරයි. ඔබ පියා සිහිපත් කිරීමෙන් ප්‍රායෝගික ලෙස දේවතාවන් බවට පත්වනවා. උදෑසන අවදි වීමේ පුරුද්ද ඉතා හොඳයි. උදෑසන වාතාවරණය ඉතා හොඳයි. උදෑසන ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුවයි. පෙරවරු දෙකේ සිට තුන දක්වා කාලය, අරුණෝදයේ අමෘත වේලාව ලෙස හැඳින්වෙයි. ඔබ උදෑසනින් අවදි වී, සාම දේශය සහ සතුටු දේශය සිහි කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ සිහි කිරීමේ සිට, පිවිතුරු ආහාර කෑමට ගන්න. අපවිත්‍ර ඕනෑම දෙයක් පිළිබඳව ආරක්‍ෂක පියවර ගන්න. මම්මා සහ බාබා අනුගමනය කර, පිවිතුරු වීමට උත්සාහ දරන්න.

2. හිමිදිරි උදෑසනින් අවදි වී, මිහිරි පියාව සහ මිහිරි රාජධානිය සිහි කරන්න. පියාගේ සිහිපත් කිරීමෙන්, මෙම ගිණුම් පියවීමේ කාලයේදී, ඔබගේ සියලුම කර්ම ගිණුම් පියවන්න.

වරදානය:
ඔබේ සැහැල්ලු තත්ත්වයෙන් උසස් ස්පර්ශයේ පදනම මත සියලු කාර්යයන් කරමින් ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

ඕනෑම කාර්යයක් කරමින් සිටිද්දී, මේ අවධානය සෑම විටම තිබෙතොත්: ජ්‍යෙෂ්ඨ බාබා මෙහි හිඳද, ඔබේ තත්ත්වය නිරන්තරයෙන් සැහැල්ලු වේවි. ශ්‍රේෂ්ඨතම ස්වාධිපත්‍යය නම් සැහැල්ලු තත්ත්වයක් තිබීමයි. මෙකල, සියල්ලන්ම ශෝකයේ අධිපතීන් වෙති. එහෙත් ඔබලා සැහැල්ලු අධිරාජයන් වේ. දුකෙන් සිටින අයට සාර්ථකත්වය ලබාගත නොහැකි වීමට හේතුව ඔවුන්ගේ කාලය සහ ශක්තිය දුකෙහි නාස්ති කරන නිසාවෙනි. අනතුරුව ඔවුන් මොනම දෙයක් කළත් ඒවා වරදිනවා. කෙසේවෙතත්, ඔබ සැහැල්ලුවෙන් ඉඳී. ඔබට නියම වේලාවට උසස් ස්පර්ෂයන් තිබෙන්නේත් ඔබ කරන සේවයෙහි සාර්ථකත්වය තිබෙන්නේත් මේ නිසාවෙනි.

පාඨය:
ඥානයේ ප්‍රතිරුවක් වූ ජීවාත්මයකගේ සැම සිතිවිල්ලක් සහ මොහොතක්ම බලයෙන් පිරී තිබේ.