09.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කරනා සෑම දෙයක්ම යෝගා බලයෙන් කරන්න. ඒ ගැන පියාගෙන් ඇසීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබලා පරමාත්ම දෙවියන්ගේ දරුවනුයි. ඉතින් එමනිසා කිසිම යක්ෂ ක්‍රියාවක් කරන්න එපා.

ප්‍රශ්නය:
ඔබගේ යෝගා බලයෙන් කෙරෙනා ප්‍රාතිහාර්යය මොනවා ද?

පිළිතුර:
යෝගා බලයෙන් ඔබට ඔබගේ සියලූම භෞතික ඉන්ද්‍රියන් පාලනය කරගත හැකියි. යෝගා බලය නොමැති නම් ඔබට පාරිශුද්ධ විය නොහැකියි. මුළු ලෝකයම පාරිශුද්ධ වන්නේ යෝගා බලයෙනුයි. එමනිසා තමනුත් පාරිශුද්ධ වී ඔබගේ ආහාර පානත් පිරිසිදු කර ගැනීම සඳහා ස්මරණ වන්දනාවේ අසුන් ගන්න. සෑම දෙයක්ම උපක්‍රමශීලිව කරන්න. සෑම කෙනෙක් සමගම නිහතමානීව ගනුදෙනු කරන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට කියා දේ. ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් ආධ්‍යාත්මික පියා පැමිණ නව ලෝකය නැතිනම් දෙව්ලොව ස්ථාපනය කරන්නේ කෙසේදැයි කියා දන්නේ නැහැ. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. පියාගෙන් ඔබට ඒ ගැන ඇසිය නොහැකියි. පරමාත්ම පියා ඔබට සෑම දෙයක්ම පහදා දෙනවා. ඔබ කිසිම දෙයක් අහන්න අවශ්‍ය නැහැ. ඔහු නිතරම සියල්ලම ඔබට කියා දෙනවා. පරමාත්ම පියා කියනවා : සෑම කල්පයකදීම, මෙම භාරත දේශයේ මා පැමිණ කළ යුත්තේ කුමක්දැයි කියා මම දන්නවා. ඔබ මෙය දන්නේ නැහැ. ඔහු ඔබට සෑම දිනකම කියා දෙනවා. කිසිම කෙනෙක් ප්‍රශ්නයක් ඇසුවේ නැති වුවත් ඔහු නොනවත්වාම සියල්ලම පැහැදිලි කර කියා දෙනවා. ඇතැම් විට ඇතැම් දරුවන් ආහාරපාන සම්බන්ධයෙන් තමන්ට යම් යම් අපහසුතාවන් තිබෙනවායි කියා එයට කුමක් කරන්නදැයි කියා අහනවා. මෙය අවබෝධයට ගත යුතු කරුණකි. සෑම දෙයක්ම යෝගා බලයෙන් කරන්නැයි කියා පරත්ම පියා ඔබට කලින්ම කියා තිබෙනවා. කරනා සෑම දෙයක්ම ස්මරණ වන්දනාවේ නිරතව සිට කරන්න. ඔබ කොහේ ගියත්, ඔබ විසින් කළ යුතු ප්‍රධානම දෙය නම් පරමාත්ම පියාව සිහි කිරිමයි. එසේම කිසිම යක්ෂ ක්‍රියාවක් නොකර සිටීමයි. අපි පරමාත්ම දෙවියන්ගේ දරුවෝ වෙමු. ඔහු සියලුම දෙනාගේ පරමාත්ම පියායි. ඔහු සෑම කෙනෙක්ටම එකම ඉගැන්වීම් ලබා දෙනවා. පරමාත්ම පියා උගන්වනවා : දරුවනි, ඔබලා දෙව්ලොව පාලකවරුන් විය යුතුයි. රාජධානියක පවා විවිධ නිලතල තිබෙනවා. සෑම කෙනෙක්ගේම තත්ත්වය ඒ ඒ කෙනා දැරු උත්සාහයේ තරමටයි. උත්සාහ දැරිය යුත්තේ දරුවනුයි. ප්‍රතිලාභය ලද යුත්තේ ද දරුවනුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ උත්සාහ දැරිමට ඔබලාව දිරිමත් කිරිමටයි. පරමාත්ම පියා පැමිණෙන්නේ කවදාද, පැමිණි විට කරන්නේ මොනවාද, ඔබව ගෙන යන්නේ කොහාටදැයි කියා ඔබ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. නාටක සැලැස්මට අනුව පරමාත්ම පියාම පැමිණ ඔබ වැටුණු තැන ඔබටම පහදා කියා දෙනවා. ඔබ වැටුණේ ඉහළම තට්ටුවෙනුයි. තමන් කවුද යන්න පිළිබඳව ඔබගේ සිහියට කිසිවක්ම ඇතුළු වුණේ නැහැ. දැන් ඔබ මෙය තේරුම් ගන්නවා නේද? පරමාත්ම පියා පැමිණ කුමක් කරයි ද කියා ඔබ සිහිනයකින්වත් සිතුවේ නැහැ. ඔබ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. දැන් ඔබ පියාව සොයාගෙන සිටිනවා. එවන් පියකුට තමන්ව කැපකළ යුතුයි කියා ඔබට තේරෙනවා. ඉතාමත් ඉහළ පතිභක්තියක් ඇති බිරිඳක් තම සැමියා වෙනුවෙන්ම කැප වීසිටින්නාක්සේම, දර සෑයට පැනීමටවත් ඇය බියවන්නේ නැහැ : ඇය ධෛර්යවන්තයි. ඒ කාලයේ බොහෝ දෙනෙක් එලෙස දර සෑයට පැන්නා. මෙහිදී බාබා ඔබට කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ. ඥාන සෑය කියන වචනය භාවිතා කළා වුවත් ගිනිගෙන දැවීමක් සිදුවන්නේ නැහැ. වෙඬරු පිඩකින් කෙස් ගසක් අදින්නාක් සේ ඉතාමත් පහසුවෙන් පරමාත්ම පියා සියල්ල පහදා දෙනවා. ඔබගේ හිස මත උපත් ගණනාවක පාප බර ඇති බව ඔය දරුවන්ට සත්‍ය වශයෙන්ම තේරෙනවා. සිටියේ එක් අජාමිල් කෙනක් පමණක් නොවෙයි. සෑම මිනිසෙක්ම එකිනෙකාට දෙවෙනි නැති අජාමීල්වරුන්. තම පෙර උපතේ දී තමන් කළේ මොනවාදැයි කියා මිනිස්සු දන්නේ නැහැ. තමන් කළේ පව් කරන එකම පමණක් බව ඔබලා දැන් දන්නවා. ඇත්තටම කියනවා නම් එකම එක පින්වන්ත ජීවයක්වත් නැහැ. සෑම ජීවයක්ම පාපකාරියි. කෙනෙක් පිනක් කළහොත් ඔහු පින්වන්ත ජීවයක් වෙනවා. කෙසේවෙතත්, පින්වන්ත ජීව සිටින්නේ ස්වර්ණම යුගයේ පමණයි. ඉතින් කෙනෙක් රෝහලක් සෑදුවහොත් කුමක් සිදුවේවි ද? ඉණිමගේ පහළට බැසීම නතර කරන්න බැහැ. ඔහු වර්ධනීය තත්ත්වයකට යන්නේ නැහැ: එන්න එන්නම ඇද වැටෙනවා. මෙම පරමාත්ම පියා ඉතාමත් ආදරණීය කෙනෙක් වන නිසා ඔබ තමාගේ සියල්ලම ඔහු වෙනුවෙන් කැප කරන්නම් කියා කියන්නේ ඔහු සියලුම සැමියන්ගෙත් සැමියා මෙන්ම පියවරුන්ගේත් පියා හා ඉහළම ඉහළ කෙනා වන නිසාවෙනි. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ව අවදි කරවනවා. ඔබලාව දෙව්ලොව පාලක වරුන් කරවනා එවන් වූ පරමපියා ඉතාමත්ම නිරහංකාරයි. ඉතාමත්ම සරලයි. මුල් කාලයේදී දියණියන් රෝගාතුර වුණු විට බාබාම පැමිණ ඔවුන්ට සේවය කළා. ඔහුට කිසිම අහංකාරයක් නැත. බාප්දාදා තමයි ඉහළම ඉහළ කෙනා ඔහු කියනවා: මම කුමනාකාරයේ දෙයක් කළ ද, ඒ දෙය මම කරන්නේ මොහු හරහායි. මම ඔහුව දිරිමත් කරවනවා. දෙදෙනාම එක් අයෙක් වගෙයි. පියා කරන්නේ මොනවාද දාදා කරන්නේ මොනවාදැයි කියා ඔබට කියන්න බැහැ. පරමාත්ම පියාම මෙහි සිට ඔය දරුවන්ට කර්ම, අකර්ම හා පාපකර්ම ගැන කියා දෙනවා. පරමාත්ම පියා ඉතාමත් උතුම්. මායාගේ බලපෑම ද හරිම ඉහළින් තිබෙනවා. පරමාත්මය වන දෙවිපියාණන් කියන්නේ : මෙය කරන්න එපා, එසේ කියලත් ඇතැම් අය අහන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා : ආදරණීය දරුවනි, මෙය කරන්න එපා, එසේ කියලත් ඇතැම් අය වැරදි දේ කරනවා. ඔහු ඔබට තහනම් කරන්නේ වැරදි ක්‍රියා කිරිමට පමණයි. නමුත් මායාත් හරිම බලවත්. වැරදීමකින්වත් පියාව අමතක කරන්න එපා. ඔබ මට මොනවා කළත්, ගැහුවත් මට කමක් නැහැ. නමුත් බාබා නම් ඇත්තටම එහෙම මොකුත් කරන්නේ නැහැ. කෙසේවෙතත්, මෙසේ කියන්නේ අන්තයටම ගිය අවස්ථාවකදීයි. ඔබ මට මොනවා කීවත් මම ඔබගේ දොරකඩින් සෙලවෙන්නේ නැහැයි කියා කියනා ගීතයක් තිබෙනවා. බාහිර ලෝකය කොහොමත් කොයි වගේ ද? සිහියෙනුත් කියන්නේ : මම වෙන කොහේ යන්න ද? වෙන කිසිම කාලයකදී ඔබට නොලැබෙනා අධිරාජ්‍යය පරමාත්ම පියා ඔබට දානය කරනවා. ඔබගේ ඊළඟ උපතේ දී යමක් ලද හැකියි කියා දෙයක් නැහැ. අසීමිත සතුටු දේශයේ පාලකවරුන් බවට ඔබලා පත් කරවනා පාරලෞකික පියා මොහුයි. ඔය දරුවනුත් දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පියාගේ උපදේසය නම් : පොලිස් සේවකයෙක් ආදී ඔබගේ රාජකාරි වැඩකටයුතු හොදීන් කරන්න. නැතිනම් ඔබගේ රැකියාව අහිමි වී යාවි. ඔබ ඔබගේ රැකියාව කළ යුතුයි. ඇතැම් විට තදින් බැලිය යුතුයි. හැකි උපරිමයෙන් සියල්ල සෙනෙහසින්ම කරන්න. නැතිනම්, උපක්‍රමශීලීව තද බැල්මක් යොදන්න. අත පය භාවිතා කරන්න යන්න එපා. බාබාට දරුවන් රැසක් සිටිනවා. බාබාත් දරුවන් ගැන සැලකිලිමත් වෙනවා. ප්‍රධානම දෙය පාරිශුද්ධව සිටීමයි. උපතක් උපතක් පාසා ඔබ කන්නලව් කරගෙන ආවා. අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැනව. අපව පිරිසිදු කරවනු මැනවි. කෙසේවෙතත්, ඔබට එහි අරුත තේරුණේ නැහැ. ඔවුන් කන්නලව් කරනවානම් අනිවාර්යයෙන්ම ඔවුන් අපිරිසිදු අය විය යුතුයි. නැතිනම් කන්නලව් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔය අහිංසක දුබල අයට නොයෙකුත් ප්‍රහාර එල්ල වෙනවා. ඔබලා ඒවා ඉවසිය යුතුයි. බාබා නොයෙකුත් උපක්‍රම පෙන්වා දෙනවා. ලොකු නිහතමානිත්වයකින් දිගටමඉදිරියටම යන්න. ඔහුට කියන්න : ඔබ මගේ දෙවියාය. ඉතින් ඔබ ඉල්ලන්නේ මොනවාද? විවාහ වන මොහොතේ දී මනමාලයා, මම ඔබගේ සැමියායි, දෙවියායි, ගුරුයි. ඔබගේ සියල්ල මමයි කියා කියනවා. එමනිසා දැන් ඔහුටකියන්න : මට ඕනේ පාරිශුද්ධව සිටීමටයි. ඉතින් ඇයි ඔබ මට අවහිර කරන්නේ? දෙවියන් යනු පාරිශුද්ධකරුවායි. මාව පාරිශුද්ධ කරවන්නා ඔබ විය යුතුයි. මේ ආකාරයෙන් විශාල සෙනෙහසකින්, නිහතමානිත්වයකින් කතා කරන්න. ඔහුට කේන්ති ගියහොත් මල් ඉසින්න. ඇතැම් විට ඔවුන් තම බිරින්දෑවරුන්ට පහර දෙනවා. පසුව සමාව ඉල්ලනවා. කෙනෙක් ඕනෑවට වඩා මත්වන දේ පානය කර මත් වුණු විට හිතන්තේ තමුන් ලෝක අධිරාජ්‍යවරයෙක් කියලයි. මේ වස ගැන අහන්නවත් එපා. පසුව ඔවුන් පසුතැවිලි වූවත් පුරුද්දට ගිහින් තිබෙනා නිසා ඔවුන්ට එය අත්හරින්න බැහැ. වරක් දෙවරක් පාපයට වැටී මත් වී පසුව නොවරදවාම ඇද වැටෙනවා. මත් වන වන දේ ජීවයට සතුටක් ගෙන දෙනවා වගේ තමයි පාපයනුත්. ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. යෝගා බලයෙන් තොරව, ඔබගේ කිසිම භෞතික ඉන්ද්‍රියක් පාලනය කර ගත හැකි වන්නේ නැහැ. මෙය යෝගා බලයේ ප්‍රාතිහාර්යයයි. මෙන්න මේ නිසා තමයි එහි නමත් ඉතාමත්ම ප්‍රසිද්ධ. මිනිස්සු යෝගාව ඉගෙන ගැනීම සඳහා පිටරට සිට පැමිණෙනවා. ඔවුන් නිහඩව සිටිනවා. තම ගෙවල්දොරවල් පවුල් වලින් ඔවුන් ඈත් වෙනවා. ඒ කල්ප බාගයකට ලබනා කෘතීම (තාවකාලික) සාමයයි. සැබෑ සාමය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා : දරුවනි, ඔබගේ මුල්ම ධර්මතාවය සාමයයි. ඔබගේ ශරිරය මගින් ක්‍රියා කළ යුතුයි. ජීවයක් ශරිරයක් ගන්නා තෙක් සාමකාමීව සිටිනවා. නැතිනම්, ඒ ජීවය තවත් තැනකට ගිහින් තවත් ශරිරයක් ගන්නවා. මෙහි ඇතැම් ජීව තම සූක්ෂම ශරීරයෙන් එහෙ මෙහෙ සැරිසරමින් සිටිනවා. ඒවා ආලෝක ශරීරයි. ඇතැම් ජීව මහත් දුක් දෙන අතර අනිත් අය හොඳයි. මෙහිදීත්, කිසිම කෙනෙකුට කිසිම දුකක් නොදෙන හොඳ මිනිසුන් සිටිනවා. අනිත් අය දුක් ගෙන දෙනවා. ඇතැම් අය සාදු සන්යාසීවරුන් වගෙයි. පරමාත්ම පියා කියනවා : බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු දරුවනි, ඔබලා දැන් නැවතත් වතාවක් පැමිණ වසර 5000 කට පසුව මා මුණ ගැසුණා. ඔබ මෙහි පැමිණියේ කුමක් ලබන්න ද? ඔබ ලබන්න යන දේ ගැන පියා ඔබට කියා දී තිබෙනවා. බාබා, ඔබගෙන් අපට ලැබෙන්න තිබෙනා දෙය ගැන ප්‍රශ්නයක් නැහැ. ඔබ දෙව්ලොව දෙවි පියාණනුයි. නව ලෝකයේ නිර්මාණකරුයි. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඔබගෙන් ස්වාධිපත්‍යය ලබන්නෙමු. පරමාත්ම පියා කියනවා : කෙනෙක් ඥානයේ අල්ප මාත්‍රයක් හෝ අවබෝධ කර ගත හොත් ඔහු අනිවාර්යයෙන්ම දෙව්ලොවට යාවි. මා පැමිණ සිටින්නේ දෙව්ලොව නිර්මාණය කිරිමටයි. පරමාත්ම දෙවියනුත් ප්‍රජාපිතා බ්‍රහ්මා ලොකුම පෞරුෂත්වයන් ඇත්තන් වේ. විෂ්ණු කවුදැයි කියා ඔබ දන්නවා. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. අපි ඔවුන්ගේ වංශයට අයිතියි කියා ඔබ කියනවා. මෙම ලක්ෂ්මි හා නාරායනන් ස්වර්ණමය යුග රාජ්‍ය පාලනය කළා. මෙම චක්‍රය ආදිය ඇත්තෙන්ම විෂ්ණුට අයිති නැහැ. මෙම සැරසිලි අදාල වන්නේ බ්‍රහ්මාටයි. මේ කාලයේදි අපට මෙම ඥානය තිබෙනවා. මේ කිසිම දෙයක් ග්‍රන්ථ වල සඳහන් වී නැහැ. එවන් දෙයක් පහදා දීමට වෙනකිසිම කෙනෙකුට ශක්තියක්වත් නැහැ. ඔබ දැන් උපත් 84 චක්‍රය ගැන දන්නවා. එහි අරුත වෙන කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. පරමාත්ම පියා මෙය ඔය දරුවන්ට පහදා දෙනවා. මෙම සැරසිලි හරියට ම ගැලපෙන ඒවා නොවන බව ඔය දරුවන්ට තේරෙනවා. අපි තවමත්පාඩම් ඉගෙන ගන්නා අය වන අතර උත්සහ දරමින් සිටිනවා. පසුව අපි ඔවුන් වගේ වෙමු. ස්වදර්ශන චක්‍රය කරකැවීමෙන් අපි දේවතාවරුන් වේවි. ස්වදර්ශන චක්‍රය යනු නිර්මාපකත්, නිර්මාණයේ මුල මැද හා අගත් දැන ගැනීමයි. පරමාත්ම පියා සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් පැහැදිලි කර කියා දෙනවා. මෙම චක්‍රයේ කාල පරාසය ඔවුන් කියනා තරමේ විය නොහැකියි. ලෝකයේ තොරතුරු ප්‍රකාශ වන්නේ එහි ජනගහනයේතරමටයි. ඉබ්බන්ගේ ජනගහනය ගැන හෝ මාළුන්ගේ ජනගහනය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මිනිස්සු ඔබගෙන් ප්‍රශ්න අසනවා. පියා සියල්ලම ඔබට පහදා දෙනවා : ඔබ කළ යුත්තේ මුළු අවධානයම යෙදීම පමණයි. යෝගා බලයෙන් ඔබ ලෝකය පාරිශුද්ධ කරවනවා කියා බාබා කියා දී තිබෙනවා. ඉතින් ඔබගේ ආහාර පාන පිරිසිදු වෙන්න බැරි ද? අහා! ඔබ මේ තත්ත්වයට පත් වුණා. අනිත් අයවත් මේ තත්ත්වයට පත් කරවනවා ද? නැවතත් වතාවක් දෙව්ලොව ස්වාධිපත්‍යය ඔබට දීම සඳහා පරම පියා පැමිණ සිටිනා බව ඔය දරුවන් දැන් තේරුම් ගෙන තිබෙනවා. එමනිසා ඔබ ඔහුව ප්‍රතික්ෂේප කළ හොත් ලෝකයේ ස්වධිපත්‍යය සියල්ල අවසන් වී යනවා. පසුව ඔබ නවතින්නේ කුණු කූඩයේයි. මුළු ලෝකයේ ම කුණු. ඉතින් එය කසළ යයි කියයි. ලෝකයේ තත්ත්වය දෙස බලන්න. තමන් දැන් ලෝක පාලකවරුන් බවට පත් වෙනවා කියා ඔබලා දන්නවා. ස්වර්ණමය යුගයේ එක් රාජ්‍යයක් පැවති බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් ඔබව විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ගේඅහංකාරය ඔවුන් තබා ගෙන සිටිනා නිසා ඔබට ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ සියල්ල නිකම් හිතාගෙන ඉන්නා දේවල් කියලයි ඔවුන් කියන්නේ. ශරීර පවා සාදා තිබෙන්නේ හිතළුවෙන් කියා කියනවා. කිසිම දෙයක අරුත තේරෙන්නේ නැහැ. දෙවියන්ගේ මන:කල්පිතයක් වන මෙය ගැන ඔවුන් දන්නේ ටිකකි. සෑම කෙනෙක්ම දෙවියන් බලාපොරොත්තු වන තත්ත්වයට පත් වේ. මෙය ඔහුගේ නාටකයයි. එවන් දේවල් කියනවා. අහන්නවත් එපා. පරමාත්ම පියා දැන් පැමිණ සිටිනා බව ඔය දරුවන් දන්නවා. මහලු මව්වරුන් පවා : බාබා අපි සෑම වසර 5000 කටම වරක් ඔබගෙන් දෙව්ලොව රාජ්‍යය හිමි කර ගන්නවා. දැන් අපි පැමිණ සිටින්නේ දෙව්ලොව ස්වාධිපත්‍යය දිනා ගැනීමටයි. සෑම නළුවෙක්ටම තම තමන්ට අදාල චරිත කොටසක් ඇති බව ඔබ දන්නවා. දෙදෙනෙකුට එකම චරිතයක් තිබෙන්න බැහැ. මෙම නමින්ම රූපයෙන්ම මෙම කාලයේදීම ඔබ පියාගෙන් උරුමය දිනා ගැනීමට උත්සාහ දරාවී. ලොකු ආදායමක් තිබෙනවා. කෙනෙක් ඥානයෙන් අල්පයකට ඇහුම්කන් දුන්නත් ඔහු දෙව්ලොවට යනවායි කියා බාබා කීවත් මිනිස්සු උසස් වීමට උත්සාහ දරනවා. එමනිසා උත්සාහය පළමු සහ ප්‍රධාන වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා කිසිම අහංකාරයකින් තොරව ඔය දරුවන්ට සේවය කරන්නා සේ ඔබත් පරමාත්ම පියාව අනුගමනය කළ යුතුයි. ඒ වගේම පියාගේ ශ්‍රීමත් පිළිපැද ලෝක ස්වාධිපත්‍යය දිනා ගන්න. එය ප්‍රතික්ෂේප කරන්න එපා.

2. ජීව මරණයක් ලබා ඉහළම ආදරණීය සියලුම පියවරුන්ගේත් පියාට සැමියන්ගේත් සැමියාට තමාව කැප කරවිය යුතුයි. ඥාන සෑය මත අසුන් ගන්න. වැරදීමකින්වත් පරමාත්ම පියාව අමතක කර වැරදි ක්‍රියා කරන්න එපා.

වරදානය:
ඔබ ඥානයේ ගැඹුරටම යෑම මාස්ටර් ඥාන සාගරය විම මඟින් අත්දැකීම් මිණිමුතු වලින් පිරී සිටිත්වා.

ඥානයේ ගැඹුරටම යන දරුවන් අත්දැකීම් මිණිමුතු වලින් පිරෙනු ඇත. එකක් දැනුමට සවන් දී අන් අයට පැවසීමයි. අනෙක අත්දැකීම් වල ප්‍රතිරුවක් වීමයි. සැම විටම අවිනාශීව ඉඳීම සහ බාධක වලින් නිදහස්ව ඉඳීම අත්විඳිමින් සිටින්නන්ව කිසිවෙකුටත් සොලවන්න බැහැ. මායා එම අත්දුටුවන් හට කුමක් හෝ කිරීමට තැත් කරයි ද ඉන් ඇය කිසි සේත් සාර්ථක නොවනු ඇත. අත්දුටවන් කිසිවිට මුලාවන්නේ නැත. ඉතින්, ඔබ ඔබේ අත්දැකීම් නොකඩවා වැඩි කර ගන්න. එමඟින් ඔබ සෑම ගුණධර්මයේම ප්‍රතිරුවක් බවට පත් වෙනවා. ආවර්ජනය කිරීමේ බලයෙන් පාරිශුද්ධ සිතිවිලි රැසක් එකතු කර ගන්න.

පාඨය:
සුර දේවතාවක් වූ කලී ඕනෑම ශාරීරික සියුම් අහංකාරයෙනුත් ඉක්මවූ කෙනෙකි.