09.10.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මවත් පියාත් අනුගමනය කර හදවත නම් සිහසුන මත අසුන් ගන්න. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. ඉතා සරළ ලෙස පියාව සිහිපත් කර පාරිශුද්ධත්වයට පත්වන්න.

ප්‍රශ්නය:
පියා, දිළිඳු බවේ ස්වාමියා, තම දරුවන්ගේ වාසනාව නිර්මාණය කිරිම උදෙසා දෙන උපදේශය කුමක්ද?

පිළිතුර:
දරුවනි, ශිව බාබාට ඔබේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. කන්න, බොන්න, ඉගෙන ගන්න, ඕනෑම තැනක ගොස් සතුටු වෙන්න පුළුවන්. කොහොමනමුත්, කිර්තිය තිබෙන්නේ සහල් මිටක පමණක් බව සිහියේ තබා ගන්න. උපත් 21ක් පුරා ධනවත් වීමට ඔබ කැමති නම්, ඒ එක දුප්පත් මිනිසෙකුගේ සතයක් ධනවත් මිනිසෙකුගේ රු100 කටත් වඩා වටිනා බව සිහියේ තබා ගන්න. එමනිසා, පියා කෙලින්ම මෙහි එන විට ඔබගේ සෑම දෙයක්ම ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්න.

ගීතය:
මව හා පියා ඔබයි...

ඕම් ශාන්ති.
දරුවන් ගීතයෙහි අර්ථය වටහා ගත්තා. මිනිස්සු කෑ ගැසුවා වුවත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔහු අපගේ පියා බව ඔබ දන්නවා. ඇත්තෙන්ම, ඔහු ඔබගේ පියා පමණක් නොව, සැමගේම පියායි. මෙයද තේරුම් ගත යුතුයි. උත්තරිතර ජීවය අනිවාර්යෙන්ම සෑම ජීවයකගේම පියා වනවා. බාබා බාබා කියා කීමෙන් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ උරුමය සිහි කරනවා. පියා සිහි කිරිමෙන් පමණයි ඔබගේ පාපයන් ඉවත් කර දැමිය හැක්කේ. පියා දරුවන්ට කියනවා ජීව වන ඔබ අපිරිසිඳු වී තිබෙනවා. ඔබ දැන් පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඔහු සැමගේම බාබා වන අතර, ඔහුගේ දරුවන් අනිවාර්යෙන්ම පාපයෙන් තොර විය යුතුයි. එක්තරා කලකදි ඔබ සෑම කෙනෙක්ම පාපයෙන් තොර වූවා. පියාම විස්තර කරනවා ශ්‍රී ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය තිබෙන කල, සෑම කෙනෙක්ම පාපයෙන් තොර වූවා. ඔබ එහි දකින මනුෂ්‍ය ජීවත් පාපයෙන් තොර විය යුතුයි. මන්ද, ඔවුන්ගේ ශරිර විනාශ වී ගියා විය යුතුයි. පසුව සෑම ජීවයක්ම ගොස් අශාරිරික ලෝකයේ වාසය කරනවා. එහි දුකක් කියා නාමයක් හෝ නැහැ. එහි ශරිර නැහැ. සෑම ජීවයක්ම තම චරිත කොටස රඟ දැක්වීම උදෙසා ඒ ඈත දනව්වේ සිට පහළට එනවා. පළමුවෙන්ම එන්නේ භාරතයේ මිනිස්සු. භාරතයේ ප්‍රථමයෙන්ම තිබුණේ ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යයයි. අනෙක් සෑම ආගමකම අය සිටියේ අශාරීරික ලෝකයේයි. මේ වන විට සෑම කෙනෙක්ම ඉන්නේ භෞතික ලෝකයේයි. පියා දැන් ඔබව පාපයෙන් තොර දේවතාවන් බවට පත් කරවීම සඳහා පාපයෙන් තොර දරුවන් බවට පත්කරවනවා. ඔබ දේවතාවන් බවට පත් වූ විට ඔබට අනිවාර්යෙන්ම නව ලෝකයක් අවශ්‍ය වෙනවා. පැරණි ලෝකය විනාශ වී යා යුතුමයි. ආගමික ග්‍රන්ථ වල මහා භාරත යුද්ධය පෙන්නුම් කර තිබෙනවා. පාණ්ඩවයන් පස් දෙනා පමණක් ඉතිරි වූ බවත්, පසුව ඔවුනුත් කඳු මත මිය ගිය ආකාරයත්, එමනිසා, කිසිම කෙනෙක් ඉතිරි නොවූ ආකාරයත් ඔවුන් පෙන්නුම් කර තිබෙනවා. හොඳයි ඒ ජීව සියල්ල කොහෙද ගියේ? ජීව කිසිම විටෙක විනාශ වන්නේ නැහැ. ඉතින් ඔවුන් අශාරිරික පාපයෙන් තොර වූ ලෝකය වෙත ගියා කියා කියනවා. පියා ඔබව පාපකාරි ලෝකයෙන් අශාරීරික වූ පාපයෙන් තොර ලෝකය වෙත රැගෙන යනවා. ඔබ අනිවාර්යෙන්ම පියාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතු බව ඔබ දන්නවා. දුක දැන් බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. මේ කාලයේදි අපට සාමය හා සතුට දෙකම අවශ්‍යයි. සෑම කෙනෙක්ම දෙවියන්ගෙන් අහනවා අහෝ දෙවියනි, අපට සාමය හා සතුට දෙන්න. සෑම මනුෂ්‍යයෙක්ම උත්සාහ දරන්නේ ධනවත් වීමටයි. ධනය තිබෙනවා නම් ඔවුන් සතුටින් ඉන්නවා. අසීමිත වූ පියා ඔබට බොහෝ ධනය දෙනවා. ස්වර්ණම යුගයේදි ඔබ බොහෝ ධනවත් වූවා. ඔබට දියමන්ති හා මිණිමුතු වලින් සැදි මාළිගා තිබුණා. ඔබ මේ අසීමිත පියා ළඟට පැමිණ සිටින්නේ ඒ අසීමිත වූ දිව්‍ය ලෝකයේ උරුමය ලබා ගැනිමට බව දරුවන් දන්නවා. මුළු ලෝකයම මෙහි එන්නේ නැහැ. පියා එන්නේ භාරතයට පමණයි. මේ වන විට භාරතයේ මිනිස්සු අපායේ වැසියන්. පසුව පියා ඔවුන්ව දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කරවනවා. භක්ති මාර්ගයේ දී ඔබ දුක නිසා උපතක් උපතක් පාසාම පියාව සිහිකරමින් සිටියා අහෝ උත්තරිතර පියාණනි, උත්තරිතර ජීවය, අහෝ, සැමටම ප්‍රයෝජනයක් ගෙන එන බාබා, දුක නැති කර සතුට ලබා දෙන්නාණනි. ඔබ ඔහුව සිහිකරන නිසා, ඔහු අනිවාර්යෙන්ම මෙහි පැමිණ සිටිනවා. වැඩක් නැතිව කිසිම කෙනෙක් ඔහුට කතා කරන්නේ නැහැ. පරමාත්ම දෙවියන්, පරම පියා පැමිණ භක්තිවන්තයන්ට ඔවුන්ගේ ඵලය ලබා දෙන බව ඔවුන් වටහා ගන්නවා. කොහොමනමුත්, ඔහු සැමට එය ලබා දෙනවා. ඔහු සැමගේම බාබායි. ඔබ සතුටේ දේශය වෙත යන බවත්, අනෙක් සියලුම දෙනා සාමයේ දේශය වෙත යන බවත් ඔබ දන්නවා. ඔබ සතුටේ දේශයේ සිටින විට මුළු ලෝකය පුරාම තිබෙන්නේ සාමය හා සතුටයි. පියා තම දරුවන්ට ආදරෙයි. දරුවනුත් පියාට ආදරෙයි. මෙවැනි කියමනකුත් තිබෙනවා මවත් ඔබයි, පියාත් ඔබයි. භෞතික ලෙස මවක් හා පියෙක් සිටිද්දීත් ඔබ ගායනා කරනවා මව හා පියා ඔබයි. අප ඔබගෙන් විශාල සතුටක් හා ආශීර්වාද ලබනවා. ඔබගේ භෞතික දෙමාපියන්ට ඔබ මෙසේ ගායනා කරන්නේ නැහැ. ඔවුනුත් උත්සාහයෙන් යුතුව තම දරුවන් රැක බලා ගත්තත්, ඔවුන්ට උරුමයක් දි ඔවුන්ව විවාහ කෙරෙව්වත්, ඒ ඈත දනව්වෙහි සිටින පියා තමයි ඔබට විශාල සතුටක් දෙන්නේ. ඔබ දැන් පරමාත්ම දෙවියන් විසින් යොදාගනු ලැබූ දරුවන්. අනෙක් සියලු දෙනා යක්ෂයා විසින් තෝරාගත් දරුවන්. ස්වර්ණම යුගයේ එසේ තෝරා ගත් දරුවන් නැහැ. එහි සතුට හැර වෙන කිසිම දෙයක් නැහැ. එහි දුකක් කියා නාමයක්වත් නැහැ. පියා කියනවා මා පැමිණ සිටින්නේ ඔබට ඒ පරම්පරා 21ක් සඳහා වූ අසීමිත සතුට ලබාදීම සඳහායි. තමා ඒ අසීමිත පියාගෙන් අසීමිත වූ සතුට ලබන බව ඔබ දැන් දන්නවා. සෑම දුක් කරදරයක්ම දැන් අවසන් වීමටයි යන්නේ. සත් යුගයේදි ඔබට තිබෙන්නේ සතුටින් පිරි සබඳතා වන අතර, කලි යුගයේ තිබෙන්නේ බාධක වලින් පිරි කරදරයි. පියා ඔබව සතුට නම් වූ සබඳතාවය වෙත ගෙන යනවා. ඔහුව හඳුන්වන්නේ දුක නැතිකර සතුට ලබා දෙන්නා ලෙසයි. පියා පැමිණ දරුවන් වන ඔබට සේවය කරනවා. ඔහු කියනවා මා ඔබගේ කීකරු සේවකයායි. කල්ප භාගයක් තිස්සේම ඔබ මා සිහිකරමින් සිටියා. අහෝ බාබා පැමිණ අපට අසීමිත වූ සතුට ලබා දෙන්න. මා දැන් පැමිණ සිටින්නේ ඔබට එය ලබාදීමටයි. ඉතින් ශ්‍රීමත් අනුගමනය කරන්න. මේ මරණයේ දේශය දැන් විනාශ වීමට තිබෙන අතර, අමරණීයත්වයේ දේශය ස්ථාපනය වනවා. ඔබ දැන් ඒ අමරණීයත්වයේ දේශය වෙත යාම උදෙසා අමරණීය වූ බාබාගෙන් අමරණීයත්වයේ කතන්දරයට සවන් දෙනවා. එහි කිසිම කෙනෙක් මිය යන්නේ නැහැ. ඔවුන් කිසිම විටෙක අහවල් අහවල් කෙනා මැරුණා ආදී වචන පාවිච්චි කරන්නේ නැහැ. ජීවය කියනවා මා දැන් මේ දිරාපත් වූ ශරිරිය අත්හැර අලුත් එකක් ලබා ගන්නවා. එය හොඳයි. එහි කිසිමාකාරයක අසනීපයක් නැහැ. එහි මරණයේ දේශයක් පිළිබඳ සඳහනක්වත් නැහැ. මා පැමිණ සිටින්නේ ඔබව අමරණීයත්වයේ දේශයේ පාලකයන් බවට පත් කරවීමටයි. එහිදි ඔබ පාලනය කරන විට, මරණීය දේශයේ කිසිවක් මතකයේ නැහැ. එසේ පහළට බැසගෙන එන විට තමා පත්වන තත්ත්වය කුමක්ද යන්න ගැන ඔබට අවබෝධයක් නැහැ. නැතිනම්, ඔබට ඔබගේ සතුට නැතිව යනවා. මෙහිදී ඔබ මුළු චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. ඇත්තෙන්ම එය දිව්‍ය ලෝකය වූ අතර, දැන් එය අපායකි. මේ නිසා තමයි මිනිස්සු කෑ ගහන්නේ. ජීව වන ඔබ සාම දේශයේ වැසියන්. ඔබ මෙහි එන්නේ ඔබගේ චරිත කොටස රඟ දැක්වීමටයි. ඔබ ඔබගේ සංස්කාර ගෙදර යන විට රැගෙන යන අතර, පසුව එතැනින් පැමිණ අලුත් ශරිරයක් ගෙන රාජ්‍යය පාලනය කරනවා. ඔබට දැන් ඒ අශාරිරක ලෝකයේත්, සූක්ෂම ලෝකයේත්, භෞතික ලෝකයේත් සියලු තොරතුරු ලබා දි තිබෙනවා. ස්වර්ණම යුගයේ දී ඔබ මේවා ගැන දන්නේ නැහැ. ඔබ එම රාජ්‍යය පාලනය කිරිම පමණයි කරන්නේ. ඔබ දැන් නාටකය ගැනත් දන්නවා. ජීව වන ඔබ දන්නවා, ඔබ මෙම උත්සාහයෙහි යෙදෙන්නේ ස්වර්ණම යුගය සඳහා බව. ඔබ අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකයට යාමට සුදුසු වෙනවා. ඔබ ඔබටම ප්‍රයෝජනයක් ඇති කර ගන්නා අතර, අනෙක් අයටත් එසේ කරනවා. එවිට ඔබ දිගින් දිගටම ඔවුන්ගේ ආශිර්වාද ලබනවා. ඔබගේ සැලැස්ම කුමක්ද කියා බලන්න! මේ කාලයේදි සෑම කෙනෙක්ටම ඇයගේ හෝ ඔහුගේ සැලැස්මක් තිබෙනවා. පියාටත් සැලැස්මක් තිබෙනවා. මිනිස්සු විදුලිය සඳහා වේල්ලක් ආදිය සෑදිමට රුපියල් මිලියන ගණන් වියදම් කරනවා. පියා විස්තර කරනවා ඒ සෑම සැලැස්මක්ම යක්ෂ සැලැස්මවල් වන අතර, මගේ සැලැස්ම දේව සැලැස්මකි. දැන් කාගේ සැලැස්මද සාර්ථක වන්නේ? මිනිස්සු ඔවුන් එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා. සෑම කෙනෙකුගේම සැලැස්මවල් දූවිල්ලක් බවට පත්වනවා. ඔවුන් දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ නැහැ. ඔවුන් කරන ඕනෑම දෙයක් කරන්නේ දුක සඳහායි. පියාගේ සැලැස්ම දිව්‍ය ලෝකය නිර්මාණය කිරිම සඳහායි. අපායේ වැසියන් සැලැසුම් කරන්නේ අපායේ විසිමටයි. බාබා සැලැසුම් කරන්නේ දිව්‍ය ලෝකය නිර්මාණය සඳහායි. ඉතින් ඔබ තුළ විශාල සතුටක් තිබිය යුතුයි. මෙවැනි කියමනක් සිහි වනවා ඔබගේ අනුකම්පාව නිසා අප විශාල සතුටක් ලබනවා. එය ලබා ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුමයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබට ලබා ගත හැකියි. ඔබට රජ හා රැජින විය හැකියි. ලෝක පාලකයා හෝ සේවකයෙක් බවටත් පත් විය හැකියි. එය තීරණය වන්නේ ඔබ දරණ උත්සාහය මතයි. පියා ඉතා සරළ ලෙස මෙසේ කියනවා පළමුවෙන්ම පාරිශුද්ධත්වයට පත් වී නොකඩවාම සෑම කෙනෙකුටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඇල්ෆා සිහිකරන්න. පසුව බීටා. එවිට රාජ්‍යය ඔබගේයි. ඔබ පියාගේ ස්මර්ණයෙහි දී තමයි මායා බාධක ගෙන එන්නේ. ඇය ඔබගේ බුද්ධියෙහි යෝගා කඩා දමනවා. පියා කියනවා ඔබ මා සිහිපත් කරන තරමටම ඔබගේ පාප ඉවත් වී යන අතර, උසස් තත්ත්වයක් ලබන්නේත් ඒ අනුවමයි. මේ නිසා තමයි භාරතයේ පැරණිම යෝගා ක්‍රමය බොහෝ ප්‍රසිද්ධ වන්නේ. පියා විමුක්තිදායකයා ලෙසත් හඳුන්වනවා. පියා උපත් 21ක් සඳහා ඔබව දුකින් මුදවා ගන්නවා. භාරතයේ අය සතුටේ දේශයේ සිටින අතර, අනෙක් සියලුම දෙනා ඉන්නේ සාමයේ දේශයේයි. අශාරීරික ලෝකයේ හා ශාරිරික ලෝකයේ සැලසුම් දෙස බැලිමෙන්, අනෙක් ආගම්වල අයට සත් යුගයට යාමට නොහැකි බව ඔබ ඉක්මණින්ම වටහා ගන්නවා. දිව්‍ය ලෝකයේ ඉන්නේ දේවතාවන් පමණයි. පියා හැර වෙන කිසිම කෙනෙකුට මෙම නාටකය ගැන දැනුම විස්තර කළ නොහැකියි. දරුවන් තම උරුමය ලබා ගැනිම සඳහා පියා ළඟට යනවා. ඔබට අසීමිත වූ සතුටක් තිබෙන්නේ ස්වර්ණම යුගයේදි පමණයි. පසුව රාවණ්ගේ රාජ්‍යය තිබෙනවා. එහි තිබෙන්නේ අසීමිත වූ දුකයි. බාබා දැන් ඔබට නියම කතන්දරය කියා දී ඒ අමරණීයත්වයේ දේශය වෙත යාමට ඔබව සුදුස්සන් බවට පත් කරවන බව ඔබට දැන් වැටහෙනවා. ඔබ දැන් කෙතරම් උසස් ක්‍රියා කරනවාද කියතොත් මේ ආකාරයෙන් තමයි ඔබ උපත් 21ක් පුරා ධනවත් වන්නේ. කියමනක් තිබෙනවා ඔබ ධනවත් වේවා! ඔබට පුතුන් ලැබේවා! එහිදී අනිවාර්යෙන්ම ඔබට පුතෙක් හා දුවෙක් ලැබෙනවා. ඔබගේ ආයු කාලය දීර්ඝ වේවා! ඔබගේ ආයු කාලය අවුරුදු 150ක් වෙනවා. එහි අකල් මරණ කිසිවක් ඇති වන්නේ නැහැ. මෙය විස්තර කරන්නේ පියා පමණයි. කල්ප භාගයක් තිස්සේම ඔබ මට කතා කරමින් සිටියා. සන්යාසින් මෙසේ කියනවාද? ඔවුන් දන්නේ මොනවාද? පියා මෙහි අසුන්ගෙන ඔබට ඉතා ආදරයෙන් මෙය කියා දෙනවා. දරුවනි, මේ එක් උපත තුළදි ඔබ පාරිශුද්ධත්වයෙන් සිටියහොත් ඔබ උපත් 21ක් සඳහා ඒ පිරිසිඳු ලෝකයේ පාලකයන් බවට පත්වනු ඇත. පාරිශුද්ධත්වය ඇති තැන සතුටත් තිබෙනවා. ඔබ ඒ පිරිසිඳු දේව ධර්මයට අයිති වූ අතර, දැන් අපිරිසිඳු වී දුක අත්දකිනවා. ඔබ ස්වර්ණම යුගයේ සිටින කල පාපයෙන් තොර වූවා. දැන් පාපාකාරි තත්ත්වයට පත්වීමෙන් ඔබ මෙම අපාය තුළ අසතුටට පත්ව සිටිනවා. පියා ඔබව උත්සාහ කරවීමට පොළඹවනවා දිව්‍ය ලෝකයේ අධිරාජ්‍යයා හා අධිරාජිනිය බවට පත්වන්න. ඔබේ මමා හා බාබා මෙම තත්ත්වයට පත්වනවා. ඉතින් ඔබත් මේ සඳහා උත්සාහ දැරිය යුතුයි. මෙහි කිසිම දෙයක් ගැන පටලැවිලි සහගත විය යුතු නැහැ. පියා කිසිම කෙනෙක්ව තම පාද අබියස දණ ගැසීමට හෝ ඉඩ දෙන්නේ නැහැ. පියා විස්තර කරනවා මා ඔබට දියමන්ති වලින් සැදි මාළිගා දී ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කළා. පසුව ඔබ දිගින් දිගටම කල්ප භාගයක් තිස්සේ භක්ති මාර්ගය තුළම ඔබගේ හිස අතුල්ලා ගත් අතර මුදල්ද දුන්නා. ඒ දියමන්ති වලින් සැදි මාළිගා ආදියට මොකද වුණේ? ඔබ දිව්‍ය ලෝකයේ සිට පැමිණි අතර දැන් අපාය වෙත ලඟා වී තිබෙනවා. මා දැන් නැවතත් ඔබ දිව්‍ය ලෝකය වෙත ගෙන යනවා. මා ඔබව කිසි ලෙසකින් අපහසුතාවයට පත් කරන්නේ නැහැ. සරළ ලෙස මා සිහිපත් කර පාරිශුද්ධත්වයට පත්වන්න. ඔබ සතයක් හෝ දෙන්න අවශ්‍ය නැහැ. කන්න, බොන්න, ඉගෙන ගන්න, නැවුම් බවක් ලබා නැවත ගෙදර යන්න. බාබා කරන්නේ ඔබට ඉගැන්වීමයි. ඔබට ඉගැන්වීමට ඔහු ඔබගෙන් කිසිම අය කිරිමක් කරන්නේ නැහැ. ඔබ කියනවා බාබා, මම අනිවාර්යෙන්ම ඔබට යමක් දෙනවා. නැතිනම් මා කොහොමද එහිදි මාළිගා ලබන්නේ? භක්ති මාර්ගයේ මිනිස්සු දෙවියන්ගේ නාමයෙන් කියා මිනිසුන්ට දන් දෙනවා. දෙවියන් ඔවුන්ට එහි ඵලය ලබා දෙනවා. දුප්පත් අය එසේ කරන්නේ නැහැ. කොහොමනමුත්, ඔවුන් එහි ඵලය ලබන්නේ එක් උපතක් සඳහා පමණයි. බාබා, ඔබ දැන් කෙලින්ම මෙහි පැමිණ සිටිනවා. මා ඔබට පුංචි මුදලක් දුන් විට ඔබ ඒ වෙනුවට දිව්‍ය ලෝකයේදි මට උපත් 21ක් සඳහා උරුමය ලබා දෙනවා. පියා සෑම කෙනෙක්ම ධනවත් කරවනවා. ඔබ මුදල් දෙන නිසා ඔබගේ නවාතැන් සඳහා ගොඩනැගිලි තැනෙනවා. එසේ නැත්නම් ඒවා තනන්නේ කෙසේද? දරුවන් පමණයි මේ ගොඩනැගිලි ආදිය තනන්නේ. ශිව බාබා කියනවා මම ඒවායෙහි නවතින්න යන්නේ නැහැ. ශිව බාබා තමයි, අශාරිරික වූ දානය කරන්නා වන්නේ. ඔබ ඔහුට දෙන අතර, ඔහු උපත් 21ක් සඳහා ඔබට එහි ඵලය ලබා දෙනවා. මා ඔබගේ දිව්‍ය ලෝකයට එන්නේ නැහැ. ඔබව අපායෙන් ගලවා ගැනිමට නම් මම අනිවාර්යෙන්ම මෙම අපායට පැමිණිය යුතු වෙනවා. ඔබගේ ගුරූන් තව තවත් ඔබව මඩ වලටම ඇද දමනවා. ඔවුන් විමුක්තියක් ලබා දෙන්නේ නැහැ. පියා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයේ ලෝකය වෙත ගෙන යාම උදෙසායි. ඉතින් ඇයි ඔබ එවන් වූ පියෙක් සිහි නොකරන්නේ? පියා කියනවා කිසිම මුදලක් දෙන්න එපා. මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් නැති වි ගොස් ඔබ මා ළඟට පැමිණෙනු ඇත. මේ ගොඩනැගිලි සියල්ල නිර්මාණය වන්නේ දරුවන් වන ඔබටමයි. සහල් මිටක් පිළිබඳ සිහිවටනයක් තිබෙනවා. දුප්පත් අය තම ධෛර්යට අනුව තමා දෙන දෙයෙහි ඵලය ලබනවා. ධනවත් අය ලබන තත්ත්වය කුමක්ද, එවැනිම තත්ත්වයක් දුප්පත් අය ලබනවා. දෙදෙනාම එක සමානයි. රුපියල් සියයක් ළඟ ඇති දුප්පත් කෙනෙක් රුපියලක් දුන්නත්, බොහෝ සෙයින් මුදල් ඇති ධනවත් කෙනෙක් රුපියල් සියයක් දුන්නත් දෙදෙනාම ලබන්නේ එකම ඵලයයි. මේ නිසා තමයි පියා දුප්පතාගේ ස්වාමියා ලෙස හඳුන්වන්නේ. සැමටම වඩා දුප්පත් වන්නේ භාරතයයි. මා පැමිණ එය දනවත් කරවනවා. දන් දෙන්නේ දුප්පත් අයටයි. බාබා ඉතා පැහැදිලි ලෙස ඔබට විස්තර කරනවා. දරුවනි, මරණය දැන් ඔබ ඉදිරියේමයි. දැන් සෑම දෙයක්ම ඉක්මණින් කරන්න. ස්මරණයෙහි වේගය වැඩි කරන්න. ඔබ කෙතරම් දුරට ඒ සුමිහිරි වූ පියා සිහිපත් කරනවාද. ඒ තරම්ම වූ උරුමයක් ලබනා අතර ඔබ ධනවත් අයෙක් බවට ද පත්වනු ඇත. පියා ඔබට වැඳ වැටීමට හෝ පොළවල් වලට යන්න කියන්නේ නැහැ. ගෙදර ඉන්නා අතරම පියාත්, ඔබගේ උරුමයත් සිහිපත් කරන්න. එපමණයි. පියා කියන්නේ තිතක්. ඔහු හඳුවන්නේ උත්තරිතර පියා, උත්තරිතර ජීවය ලෙසයි. උත්තරිතර ජීවය ඔහුයි. උසස්ම වූ තැනැත්තා වන්නේ ඔහුයි. පියා කියනවා මම තිතක් ඔබත් එවැනිම වූ තිතක්. භක්ති මාර්ගයේ ඔවුන් කර ඇත්තේ මා පෙන්නුම් කිරිම සඳහා විශාල ස්වරූපයක් යොදා ගැනීම පමණයි. තිතකට වන්දනා කරන්නේ කෙසේද? ඔහුව හඳුන්වන්නේ ශිව බාබා ලෙසයි. මෙසේ කීවේ කවුද? ශිව බාබා ඔබට ඔබගේ උරුමය දෙනවා කියා ඔබ දැන් කියනවා. එය පුදුමයක්. උපත් 84හි චක්‍රය දිගින් දිගටම කැරකෙනවා. වාර ගණනාවක් ඔබ මෙම උරුමය ලබා ඇති අතර දැන් දිගින් දිගටම එය ලබනවා. පියා ඉතාමත් ලස්සනට මේ සියල්ල ඔබට විස්තර කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මරණය දැන් ඔබ ඉදිරියේමයි. එමනිසා, දැන් ස්මරණයේ වේගය වැඩි කරන්න. සත්යුග රාජ්‍යයේ උසස් තත්ත්වයක් ලැබීම උදෙසා සම්පූර්ණ උත්සාහයේ යෙදෙන්න.

2. ඔබටත් අන් අයටත් ප්‍රයෝජනවත් වූ අයෙක් බවට පත් වී ආශීර්වාද ලබන්න. පාරිශුද්ධත්වයේ ලෝකය වෙත යාම සඳහා, අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්න.

වරදානය:
ඔබගේ නව දිවියේ අවධානයෙන් ඔබ ජීවමානව මියැදී, ඔබගේ භෞතික ඉන්ද්‍රියන් මත ජය ගනිත්වා.

සම්පූර්ණයෙන් ජීවමානව මියැදී ඇති ඔය දරුවන්ට භෞතික ඉන්ද්‍රියන්ගේ ආකර්ෂණයට ලක් විය නොහැක. ජීවමානව මියැදීම යනු, ඔබ සියලු දේට මිය ගොස් ඇති බවත් ඔබගේ පැරණි දිවිය අවසන් වී ඇති බවත්ය. ඔබ නව ජීවිතයක් ලබා ඇති බැවින්, ඔබගේ නව උපතේ සහ නව ජීවිතයේදි, භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට ඔබ හසු වන්නේ කෙසේද? ඔබගේ බ්‍රහ්ම කුමාරි හෝ කුමාරයෙකුගේ නව දිවිය තුළ, ඔබ භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසු වීම පිළිබඳ සම්පූර්ණ දැනුම ඉක්මවා ගොස් ඇත. ශුද්‍රයෙකුගේ කුඩාම හුස්මක් එනම්, සංස්කාරයකට පවා සුළුවෙන්වත් ඔබ මත ඇලෙන්නට ඉඩ නොදෙන්න.

පාඨය:
අම්රිත් වේලාවේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, ඔබගේ හදවත තුළ මුසු කරගන්න, එවිට වෙනත් කිසිම සෙනෙහසක් ඔබව ආකර්ෂණය නොකරයි.