09-11-2020 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්


සුමිහිරි දරුවනි, මේ ඔබගේ ඉතාමත් වටිනා කාලයයි. එම නිසා ඔබ එය අපතේ නොහැරිය යුතුයි. සුදුසු අයට දැනුම දානය කරන්න.

ප්‍රශ්නය:

දිගින් දිගටම ගුණධර්ම උකහා ගනිමින් ඔබගේ හැසිරීම අලුත් කර ගැනීමට ඇති පහසුම මග කුමක්ද?

පිළිතුර:

බාබා ඔබට පැහැදිලි කර කියා දෙන දේ අන් අයටත් පැහැදිලි කර කියා දෙන්න. දැනුමේ ධනය දානය කිරීමෙන් ඔබට දිගටම ගුණධර්ම උකහා ගත හැකි වන අතර ඔබගේ හැසිරීමත් දිගින් දිගටම අලුත් වනු ඇත. මෙම දැනුම තම සිහියේ තබා ගත නොහැකි අය හා දැනුමේ ධනය දානය නොකරන්නන් මසුරු අයයි. ඔවුන් නිරපරාදේ පාඩු සිදු කර ගන්නෝ වෙති.

ගීතය:

ඔබගේ ළමා කල අමතක නොකරන්න...

ඕම් ශාන්ති. ආදරණීය දරුවනි, ඔබලාට ගීතය ඇහුණු අතර එහි අර්ථයත් ඉතාමත් හොඳින් අවබෝධ කර ගත්තාග තමන් ජීව බවත් අසීමිත පියාගේ දරුවන් බවත් අමතක කරන්න එපා. පියාව සිහිපත් කරමින් එක මිනිත්තුවක් ඔබ සතුටින් සිටිනවා. අනිත් මිනිත්තුවේදී පියාව අමතක කරනා නිසා අසතුටට පත් වෙනවා. එක මිනිත්තුවකදී ඔබ ජීවත් වෙනවා. ඊළඟ මිනිත්තුවේදී මරණයට පත් වෙලා. එක් මිනිත්තුවකදී අසීමිත පියාට අයිතිව සිට ඊළඟ මිනිත්තුවේදී භෞතික පවුල කරා යනවා. එම නිසා පියා කියනවා: අද ඔබලා හිනා වෙලා ඉන්නවා. නමුත් හෙට අඬන්න එපා. ගිතයෙනුත් අදහස් වන්නේ මෙයයි. මිනිසුන් විශාල පිරිසක් සාමය සොයමින් එහේ මෙහේ ඇවිදින් සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා: වන්දනා ගමන් වල පවා ඔවුන් යනවා. එහේ මෙහේ හැම තැනම යාමෙන් සාමය සොයා ගත හැකියි කියා කියන්න බැහැ. මෙම සංගම යුගයේදී පමණයි පියා පැමිණ ඔබට පැහැදිලි කර කියා දෙන්නේ. පළමුවෙන්ම තමාව හඳුනා ගන්න. ජීව සාමයේ ප්‍රතිමූර්තීන් ය. ඔවුන්ගේ නේවාසික නිවහන සාම දනව්වයි. ජීව මෙහේ පහළට පැමිණි විට අනිවාර්යෙන්ම තම චරිතය රඟ දැක්විය යුතුයි. ඔබ සාම දේශයේ සිටිනා විට සාමකාමීව සිටිනවා. ස්වර්ණමය යුගයේ පවා සාමය තිබෙනවා. එහි සතුටත් සාමයත් දෙකම තිබෙනවා. සාමයේ දේශය සතුටේ දේශය කියා හඳුන්වන්නේ නැහැ. සතුට ඇති තැන සතුටේ දේශය කියාත් දුක ඇති තැන දුකෙහි දේශය කියාත් හඳුන්වනවා. ඔබට දැන් මේ සියල්ල තේරෙනවා. මිනිස්සුන්ට මේ දේවල් තේරුම් කර දීමට නම් පෞද්ගලිකවම ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. ප්‍රදර්ශන වලට මිනිසුන් පැමිණි විටල පළමුවෙන්ම ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ජීවයන්ගේපියා එකම එක කෙනෙක් කියා පැහැදිලි කර කියා දි තිබෙනවා. ඔහු ගීතාවේ දෙවියනුයි. අන් සෑම කෙනෙක්ම ජීව. ජීව තම ශරීර අතහැර දමා වෙනත් ශරීර ගන්නවාග ශරීරයේ නම වෙනස් වෙනවා. ජීවයේ නම වෙනස් වෙන්නේ නැහැ. සතුටේ උරුමය ලබා දෙන්නේ අසීමිත පියා පමණයි කියා දරුවන් වන ඔබලාට පැහැදිලි කර කියා දිය හැකියි. පියා සතුටේ ලෝකයක් ස්ථාපනය කරනවා. දුක්ඛිත ලෝකයක් නිර්මාණය කිරීම පියාට කළ නොහැක්කක්. භාරතයේ ලක්ෂ්මී නාරායන්ගේ අධිරාජ්‍යය තිබුණා. පින්තූර තිබෙනවා. ඔවුන්ට කියන්න: මෙම සතුටේ උරුමය ඔබට ලබා ගත හැකියි. මේවා ඔබගේ හුදෙක් හිතළු කියා ඔවුන් කියනවා නම්ල ඔවුන්ව අත්හැර දමන්න. මේවා ඔබගේ හිතළු පමණයි කියා හිතනා අය කිසිවක් තේරුම් ගන්නේ නැහැ. ඔබගේ කාලය ඉතාමත් වටිනවා. මුළු ලෝකය පුරාම වෙන කිසිම කෙනෙකුගේ කාලය ඔබගේ කාලය තරම් වටින්නේ නැහැ. වැදගත් පුද්ගලයින්ගේ කාලයත් වටිනවා. පියාගේ කාලය හරි වටිනවා. පියා ඔබට සියල්ල පැහැදිලි කර කියා දී සම්පූර්ණයෙන්ම ඔබව වෙනස් කරවනවා. එමනිසාල පියා දරුවන් වන ඔබට පමණයි කියන්නේ: ඔබගේ වටිනා කාලය අපතේ හරින්න එපා. යෝග්‍ය අයට දැනුම දානය කරන්න. ඔබ පැහැදිලි කර කියා දිය යුත්තේ ඒ සුදුසු අයට පමණයි. සෑම දරුවෙක්ටම මෙම දැනුම තේරුම් ගන්න බැහැ. ඇතැම් අයට මේවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැහැ. පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ජීව වන අපගේ පියා වන්නේ ශිවායි යන්න ඔවුන් තේරුම් ගන්නා තෙක් ඔවුන්ට කිසිවක් තේරුම් ගත හැකි වන්නේ නැහැ. ගොඩාක් ආදරෙන් හා නිහතමානීව ඔවුන්ට පැහැදිලි කර කියා දෙන්න. පසුව යන්න අරින්න. මන්ද යක්ෂ නසමාජයට අයිති අය වාදයක් පටන් ගැනීමට එතරම් දුරට පැකිලෙන්නේ නැහැ. ආණ්ඩුව ශිෂ්‍යයින්ට ප්‍රශංසා කරනවා. ඔවුන් වෙනුවෙන් බොහෝ කටයුතු සූදානම් කර දෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන්ම තමයි පළමුවෙන්ම ගල් විසි කරන්න පටන් ගන්නේ. ඔවුන් තුළ උතුරා යන ශක්තියක් තිබෙනවා. වයසක අයටවත් අම්මලාටවත් එතරම් වේගයෙන් ගල් විසි කරන්න බැහැ. ගොඩාක් කෑකෝ ගසන්නේ සිසුන්. යුද්ධයට යාමට පුහුණු කරවන්නේත් ඔවුන්වයි. පියා දැන් ජීව වන ඔබට පැහැදිලි කර කියා දෙනවා: ඔබව දැන් උඩ යට පෙරලලයි තියෙන්නේ. තම තමන් ජීව වශයෙන් සලකනවා වෙනුවට ඔබලා සිතන්නේ තමන් ශරීර කියලයි. පියා දැන් ඔබව හරි උඩ අතට හරවනවා. දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. උඩ අතට හැරී සිට ගැනීම තුළින් ඔබ ලෝක පාලකවරුන් බවට පත් වෙනවා. කල්ප භාගයක් පුරාවටම ඔබ උඩ යට පෙරළී සිටිය බව දැන් ඔබට තේරෙනවා. පියා දැන් කල්ප භාගයකටම ඔබව උඩ අතට හරවා තබනවා. අල්ලාගේ දරුවන් බවට ඔබ පත් වුණු විට ඔබට ලෝක ස්වාධිපත්‍යය හිමි වෙනවා. රාවණ් ඔබව උඩ යටිකුරු පෙරළූ විට සියල්ල විනාශ වන අතර ඔබ දිගින් දිගටම වැටෙනවා. රාමාගේ රාජ්‍යයත් රාවණ්ගේ රාජ්‍යයත් ගැන දරුවන් වන ඔබලාට තේරෙනවා. ඔබලා පියාගේ ස්මරණයේ සිටිය යුතුයි. ඔබගේ ශරීර ජීවිකාව සඳහා යම් යම් දේ කළ යුතු වුවත් තවත් ඔබට කාලය ඇති වෙන්න තිබෙනවා. ශිෂ්‍යයෙක් නැති වෙලාවක හෝ වෙන කිසියම් දෙයක් කිරීමට නැති වෙලාවක බාබාගේ ස්මරණයේ සිටින්න. ඒ ආදායම තාවකාලික කාලයකට වන අතර මේ ආදායම සදාකාලයටමයි. මේ සඳහා ඔබ වැඩිපුර අවධානයක් යෙදවිය යුතුයි. මායා නිතර නිතරම ඔබගේ සිතිවිලි අනිකුත් පැති වලට ගෙන යනවා. මෙය දිගටම සිදු වේවි. මායා දිගටම ඔබට අමතක කරවනවා. මේ සම්බන්ධව නාට්‍යයක් පෙන්වාතිබෙනවා: දෙවියන් මෙය කියනා අතර මායා තවත් එකක් කියනවා. පියා දරුවන්ට කියනවා: නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. බාධක ඇත්තේ මෙහියි. වෙන කිසිම දෙයක එතරම් බාධක නැහැ. පාරිශුද්ධත්වය නිසා බොහෝ දෙනා පහර වලට ලක් වෙනවා. භගවතයේ මෙම කාලය ගැන සඳහන් කර තිබෙනවා. පුට්නාල සුප්නකා වැනි නම් තිබෙනා යක්ෂණියන් සිටිනවා. මේ සියලුම දේවල් අදාල වන්නේ මේ කාලයටයි. පියා පැමිණ ඔබව පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඔබ අතීතයේදී අත් විඳි දේවල් ඔවුන් උත්සව සේ සමරනවා. නොකඩවාම ඔවුන් අතීතයේ ගුණ වර්ණනා කරනවා. රාමාගේ රාජ්‍යය අතීතයේ සිදු වූවක් නිසා මිනිස්සු ඔහුගේ ගුණ ගායනා කරමින් ප්‍රශංසා කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ක්‍රිස්තුන් වහන්සේ පැමිණ ඒ ආගම ස්ථාපනය කළා. එහි කාලය හා දිනය සඳහන්ව තිබෙනා නිසා දිගටම ඔහුගේ උපන් දිනය සමරනවා. ඒ ව්‍යාපාරය කල්ප භාගයක් පුරාවටම භක්ති මාර්ගයේ දිගටම කෙරීගෙන යනවා. සත් යුගයේ එවන් දෙයක් සිදු වන්නේ නැහැ. මෙම ලෝකය විනාශ වීමටයි තිබෙන්නේ. මේ දේවල් තේරුම් ගත හැකි අය ඉතාමත් ටික දෙනයි සිටින්නේ. අවසානයේදී සෑම ජීවයක්ම නිවස බලා යා යුතුයි කියා බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා. සෑම ජීවයක්ම තම ශරීර අතහැර දමා ආපසු යාවි. තවත් ඉදිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කලක් බව දරුවන් වන ඔබලාගේ සිහියේ තිබෙනවා. දැන් නැවතත් වතාවක් සියල්ලම විනාශ වී යා යුතුයි. සත් යුගයට යන්නේ අපි පමණයි. සෑම ජීවයක්ම එහි යන්නේත් නැහැ. මිට පෙර කල්පයේදී ගිය අයම නැවතත් ඒ ඒ අයගේ අනුපිළිවෙලට යාවි. ඔවුන් හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වනා අයයි. ඉතාමත් හොඳින් ඉගෙන ගන්නා අයව ඒ ඒ පිළිවෙලින් මාරු කර යවනවා. ඔබවත් මාරු වෙනවා. සියලුම ජීව මෙහෙන් පිටත් වී ගොස් සාමයේ දේශයට වී සිට නැවතත් පිළිවෙලින් ආපසු පහළට එන බව ඔබගේ සිහියෙන් ඔබ අවබෝධ කරගෙන තිබෙනවා. පියා කියනවා: කෙසේ වෙතත් ප්‍රධානම දේ පියාගේ හැඳින්වීම ලබා දීමයි. නිරන්තරයෙන්ම පියාගේ නම ඔබගේ දෙතොලේ තබා ගන්න. ජීවය යනු කුමක්ද? උත්තරීතර ජීවය කුමක්ද? ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මේවා දන්නේ නැහැ. දීප්තිමත් තාරුකාවක් නළල මධ්‍යයේ බබලනවා කියා මිනිස්සු කිව්වත්ල ඉන් එහාට කිසිම දෙයක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. මෙම දැනුම ඇත්තේ ඔබලා අතරින් ඉතාමත් ටික දෙනෙක් අතරයි. ඔබට එය නැවත නැවතත් අමතක වෙනවා. පළමුවෙන්ම පියා තමයි පාරිශුද්ධකරු කියන එක පැහැදිලි කරන්න. ඔහු අපට උරුමය ලබා දෙනවාත් සමඟම අපව ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යවරුන් බවටත් පත් කරවනවා. අන්තිමට දිනය පැමිණියා. භක්ති මාර්ගයේ දී ඔබ මෙම මාර්ගය බල බලා සිටියා. භක්තිය ඇරඹෙන්නේ තඹ යුගයේයි. අවසානයේදීල පියා පැමිණ ඔබට මාර්ගය පෙන්වා දෙනවා. සියල්ල අහවර වන කාලය කියා හඳුන්වන්නේ මෙම කාලයයි. යක්ෂ බන්ධන වල සියලුම ගිණුම් පියවී ඔබ නිවහන වෙත යනු ඇත. උපත් 84 චරිතය ගැන ඔබ දන්නවා. මෙම චරිතය දිගටම ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු ශිව ජයන්තිය සමරන නිසා අනිවාර්යයෙන්ම ශිවා පැමිණ සිටින්න ඇති. ඔහු අනිවාර්යයෙන්ම යමක් කරන්න ඇති. නව ලෝකය නිර්මාණය කරන්නේ ඔහු පමණයි. ලක්ෂ්මී හා නාරායන් පාලකවරුන්ල නමුත් වෙන කිසිවෙක් නොවෙයි. පියා දැන් නැවතත් වතාවක් රාජයෝගා උගන්වනවා. ඔහු මෙම රාජ යෝගාව මීට පෙරත් ඔබට උගන්වා තිබෙනවා. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුගේ දෙතොලින් මෙය මතු නොවිය යුතුයි. මෙයපැහැදිලි කළ හැක්කේ ඔබට පමණයි. ශිව බාබා අපට රාජයෝගාව උගන්වනවා. මිනිස්සු ශිවෝහම් කියා කියනා විට ඒකත් වැරදියි. පියා දැන් ඔබට පැහැදිලි කර කියා දෙනවා: ඔබ චක්‍රය වටා ගොස් බ්‍රහමිණ් කුලයෙන් දැන් දේවතා වංශයට පැමිණ සිටිනවා. හම් සෝ සෝ හම් හි අර්ථය ඔබට පැහැදිලි කර දිය හැකියි. අපි දැන් බ්‍රහමින්වරුන් ය. මෙය උපත් 84 චක්‍රයයි. මෙය ජප කිරීමට මන්ත්‍රයක් නොවෙයි. මෙහි අර්ථය ඔබගේ සිහියේ තිබිය යුතුයි. එය එක් තත්පරයක දෙයක්. බීජයක් ගැන ඔබට සියල්ල එක තත්පරයකින් අවබෝධ කර ගත හැක්කාක් සේල හම් සෝ සෝ හම් යන්නෙහි රහසත් ඔබට එක් තත්පරයකින් අවබෝධ කර ගත හැකියි. මේ ආකාරයෙන් අපි චක්‍රය වටා යනවා. ස්වදර්ශනචක්‍රය කියා හඳුන්වන්නේ මෙයටයි. තමන් ස්වදර්ශනචක්‍රධාරි කෙනෙක් කියා යමෙකුට කියූ විටල ඔහු ඔබව විශ්වාස කරනා එකක් නැහැ. ඔබ ඒ නාමය තමාටම තබාගෙනයි කියා ඔහු කියාවි. තමන් උපත් 84 ක් ගත්තේ කෙසේදැයි කියා එවිට ඔබට පැහැදිලි කර කියා දිය හැකියි. මේ චක්‍රය දිගටම කැරකෙනවා. තමාගේ උපත් 84 පිළිබඳ දර්ශනයක් ජිවයට තිබෙනවා. ස්වදර්ශනචක්‍රධාරි කෙනෙක් වෙනවා යනු මෙයයි. මේවා ඇසුණු විට පළමුව ඔවුන් පුදුම වේවි. මොවුන් මේ කියන බොරු කතාන්දර මොනවාද කියා ඔවුන් සිතාවි. පසුව පියාගේ හැඳින්වීම ලබා දුන් විට ඔබ කියන්නේ බොරුයි කියා ඔවුන් තවදුරටත් හිතනා එකක් නැහැ. ඔබ පියාව සිහිපත් කරනවා. බාබා ඔබ පැමිණි විට අපි ඔබට කැප වෙමු කියා ඔබලා කියනවා. අපි සිහි කරන්නේ ඔබවම පමණයි. පියා කියනවා: ඔබ මෙසේ කිව්වා. ඒ නිසා දැන් මම ඔබලාට එය මතක් කර දෙනවා. බැඳීම් ජය ගත්තෙක් බවට පත් වී තම ශරීරයට පවා ඇති බැඳීම් සියල්ල විනාශ කර දමන්න. තමා ජීවයක් බව සලකා මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප සියල්ල දුරු වී යනු ඇත. ඔබ කියනා මේ රස කතා හැමෝම ආසාවෙන් අසාවි. පියාගේ හැඳින්වීම ඔවුනට නැතිනම්ල කුමන හෝ ගැටළුවක් හැම තිස්සේම ඔවුන්ගේ හිතේ තිබේවි. මෙන්න මේ නිසා තමයි පියාගේ හැඳින්වීම ඇති පින්තූරයක් දෙකක් ඔබ සෑම විටම ඔවුන් ඉදිරියේ පළමුවෙන්ම තැබිය යුත්තේ. පියාගේ හැඳින්වීම ලබා ගැනීමෙන්ල ඔවුන් උරුමයටද උරුමකම් කියාවි. පියා කියනවාථ මා ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. එක් කිරුළක් ඇති රජවරුන් ද්විත්ව කිරුළු පැළඳි රජවරුන් ඉදිරියේ හිස නමනා පින්තූරයක් සාදන්න. වන්දනාවට සුදුසු කෙනෙක් බවට පත් වීමත් වන්දනාකරුවෙක් බවට පත් වීමත් අතර ඇති වෙනස එවිට ඔවුන්ට අවබෝධ කර ගත හැකි වේවි. පළමුවෙන්ම ඔවුන් පියාව වන්දනා කරනා අතර පසුව තම තමන්ගේම පිළිම වන්දනා කරනවා. අතීතයේ සිටි පාරිශුද්ධ අයගේ පිළිම සාදා ඔවුන්ව වන්දනා කරනවා. ඔබට දැන් මෙම දැනුම ලැබෙනවා. මීට පෙරල ඔබ දෙවියන් ගැන කියනා විට පැවසුවාථ ඔබලා වන්දනීයයි. ඔබ වන්දනා කරුවෙකි. මුළු චක්‍රය පුරාම යන්නේ ඔබයි කියා දැන් ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. සෑම විටම මෙම දැනුම ඔබගේ සිහියේ තබාගෙන සිටින්න. පසුව ඔබට එය අන් අයටත් පැහැදිලි කර කියා දිය හැකියි. දානය කිරීමෙන් ඔබගේ ධනය කවදාවත් නැති වී යන්නේ නැහැ. ධනය දානය නොකරනා අයව හඳුන්වන්නේ මසුරු අය කියායි. පියා විසින් ඔබට කියා දුන් දේවල් අන් අයටත් කියා දිය යුතුයි. අන් අයට කියා දුන්නේ නැතිනම් ඔබට නිරපරාදේ කර ගන්නේ පාඩුවක්. ඔබට ගුණධර්ම උකහා ගන්න ලැබෙන්නේ නැහැ. ඔබගේ හැසිරීමත් ඒ වගේම වේවි. ඔබ සෑම කෙනෙක්ටම තම තමන්ව අවබෝධ කර ගත හැකියි. අන් සෑමකෙනෙක්ම අඥානයි. දැන් ඔබ සියල්ලම දන්නවා. පියා කියනවා: මේ පැත්තේ ඇත්තේ දේවතා වංශය වන අතර අනිත් පැත්තේ ඇත්තේ යක්ෂ වංශයයි. තමන් දැන් සිටින්නේ සංගම යුගයේයි කියා ඔබලාට දැන් තේරෙනවා. පවුලක එක් සාමාජිකයෙක් සංගම යුගයට අයිතිව සිටිනා අතර අනිත් අය කලි යුගයට අයිති විය හැකියිථ දෙදෙනාම එකටම ජීවත් වේවි. පසුව හංසයෙක් මෙන් වූ ජීවිතයක් .ත කිරිමට ඔහු සුදුසු නැහැයි කියා තේරුම් ගත් විට යම් යම් ක්‍රමෝපායන් සොයා ගත යුතුයි. නැතිනම් ඔහු දිගටම බාධක ඇති කරාවි. අන් අයව තමා හා සමාන බවට පත් කරවීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. නැතිනම් ඔවුන් දිගටම බාධා ඇති කරාවි. එවිට ඔවුන්ගෙන් ඈත් වීමට ක්‍රමයක් සොයා ගත යුතුයි. බාධක පැමිණේවි. මේ දැනුම දෙන්නේ ඔබ විසින් පමණයි. ඔබ ඉතාමත් මිහිරි විය යුතුයි. ඔබ බන්ධන ජය ගත්තෙක් බවටත් පත් විය යුතුයි. එක් පාපයක් අත් හැරිය විට අනිත් පාපයන් ප්‍රශ්න ඇති කරවීමට පටන් ගනීවි. එවිට සියල්ල මීට පෙර කල්පයේදී සිදු වුණු ආකාරයෙන්ම සිදු වන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. මේ අවබෝධයෙන් ඔබ නිහඬව සිටිය යුතුයි. දෛවය කුමක්දැයි කියා ඔබ තේරුම් ගෙන සිටිනවා. ඉතාමත් හොඳින් පැහැදිලි කරනා අය පවා පරාජය වෙනවාථ ඔවුන් ලොකු පහරකින් ඇද වැටෙනවා. මීට පෙර කල්පයේදීත් ඔවුන් පහර කෑමට ලක් වෙන්න ඇතියි කියා එවිට කියනවා. ඔබ සෑම කෙනෙක්ටම ඇතුළතින් අවබෝධ කර ගත හැකියි. ඇතැම් අය ලියනවා: බාබාල මට කේන්ති ගිහින් කෙනෙක්ට ගැහුවා. මම මේ වැරැද්ද කළා. පියා පැහැදිලි කරනවාථ හැකි උපරිමයෙන් තමාව පාලනය කර ගන්න. විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. අහිංසක අය මත විශාල පහර එල්ල වෙනවා. පිරිමි අය ශක්තිමත්. ගැහැණු අය දුර්වලයි. අදෘශ්‍යමාන ලෙස සටන් කර රාවණ් ජය .න්නේ කෙසේද කියා බාබා නැවතත් වතාවක් ඔබට කියා දෙනවා. මේ සටන වෙන කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ. මෙය අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති අයත් සිටින්නේ පිළිවෙලින්. මෙය සම්පූර්ණයෙන් අලුත් දෙයක්. සතුටේ දේශය යාම සඳහා ඔබලා දැන් ඉගෙන ගන්නවා. දැන් ඔබට මෙය මතකයි. නමුත් පසුව සියල්ල අමතක වෙනවා. ප්‍රධානම දෙය ස්මරණ වන්දනාවයි. ස්මරණය තුළින් අපි පාරිශුද්ධත්වයට පත් වෙමු. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. මොන දේ සිදු වුණත් ඒ දෛවය යයි සලකමින් නිහඬව සිටින්නග තරහ ගන්න එපා. හැකි උපරිමයෙන් තමාව පාලනය කර ගන්න. අන් අයවත් තමා හා සම කෙනෙක් බවට පත් කරලීම සඳහා ක්‍රම සහ විදි සොයා ගන්න.
  2. ලොකු සෙනෙහසකින් හා නිහතමානිත්වයකින් සැමටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. බාබා කියනා මිහිරි දේවල් සැමටම කියන්න: තමා ජීවයක් බව සලකා මා සිහිපත් කරන්න. ඔබගේ ශරීරය කෙරෙහි ඇති සම්පූර්ණ බැඳීම පරාජය කර දමන්න.

වරදානය:

ඔබ සැබවින්ම ආදරණීය සහ සහයෝගී වී, නිෂ්ඵලත්වයේ රාවණව පුළුස්සා දැමීම සඳහා, සෑම විටම ඔබගේ නිරහංකාරකමේ පලිහ පැළඳ සිටිත්වා.

කෙනෙක් ඔබගේ සමූහය තුළ කෙතරම් දුර්වලතා දැකීමට උත්සාහ දැරුවත්, සුළුවෙන්වත් සංස්කාරයන්ගේ හෝ ස්වභාවයේ ගැටුමකටවත් පෙනෙන්නට ඉඩ නොතබන්න. කෙනෙක් ඔබට සාප කළත්, අපහාස කළත්, සාන්තුවරයෙක් මෙන් ඉන්න. කෙනෙක් වැරදි දෙයක් කළත් ඔබ නිවැරදිව ඉන්න, එපමණයි. කෙනෙක් ගැටුමක් ඇති කරන විට, ඔහුට සෙනෙහසේ ජලය ලබා දෙන්න. ‘මේ ඇයි? එය මෙහෙම වෙන්නේ ඇයි?’ මේ ආකාරයෙන් ප්‍රශ්න විමසා ගින්දර මතට තෙල් නොදමන්න. සෑම විටම නිරහංකාරකමේ පලිහ පැළඳ සිටින්න. නිහංකාරකම ඇති තැන, සෙනෙහස සහ සහෝයෝගය අනිවාර්යෙන් තිබෙයි.

පාඨය:

‘මගේ’ යන සියලුම සීමිත අවධාන, එක් ‘මගේ බාබා’ තුළ මුසු කරගන්න.

*** ඕම් ශාන්ති ***