09.11.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ශරීර අවධානයට පත් වූ විට මායා පහර දෙයි. ජීවාත්ම සත්තාව ගැන අවධියෙන් සිටින විට ඔබට පියාගේ සියලු ශ්‍රීමත් අනුගමනය කළ හැකි වේ.

ප්‍රශ්නය:
පියාට දෙවිදිහක උත්සාහයන් කරන දරුවන් ඇත. ඒ කවුරුන් ද?

පිළිතුර:
එක වර්ගයක් වන්නේ සම්පූර්ණ උත්සාහය දරමින් පියාගෙන් සම්පූර්ණ උරුමය ලබාගන්නා අයයි ඔවුන් හැම පියවරක දී ම පියාගෙන් අවවාද ලබාගනී. අනෙක් වර්ගය වන්නේ පියාගෙන් වෙන් වීමට උත්සාහ දරන අයයි. බාබා සිහිකරමින් දුකින් මිදීමට උත්සාහ දරණ අය සේම, දුකට හසු වීමට උත්සාහ දරණ අය ද ඇත. මෙය ද විශ්මයකි!

ගීතය:
සතුටු සලඹ සංගමය තුළ සිළුව දැල්වී ඇත!

ඕම් ශාන්ති.
ඔබ දරුවන් මෙම ගීතය බොහෝ වාරයක් අසා ඇත. පියා පැමිණ ඔහුව හඳුන්වා දෙන විට, ඒ පළමු අවස්ථාව නිසා අළුත් දරුවන් මෙය අසන්නේ පළමු වතාවටය. දැන් ඔබ දරුවන් හැඳින්වීම ලබා ඇති අතර ඔබ අසීමිත මව හා පියා වන අයගේ දරුවන් බවට පත් වී ඇති බව දනී. මව පියා වන අය මනු ලොව නිර්මාණකයා වනු නොඅනුමානය. කොහොමනමුත්, මායා මනුෂ්‍යයින්ගේ බුද්ධිය සම්පූර්ණයෙන් මරා දමා ඇත. එවැනි සරළ දෙයක් ඔවුන්ගේ බුද්ධිය තුළට නොවදී. කවුරුත් කියන්නේ දෙවියන් අපි මැවුවා කියාය. එමනිසා, ඔහු මව ද පියා ද වනු ඇත. ඔවුන් දෙවියන් සිහි කරන්නේ භක්ති මාර්ගයේ දීය. හෑම ආගමකම මිනිසුන් පියා ලෙස සිහිකරයි. දෙවියන්ගේ භක්තිවන්තයින්ට දෙවියන් විය නොහැකියි. බැතිමතුන් ආධ්‍යාත්මික උත්සාහයන් දරමින් දෙවියන්ට යාඥා කරයි. නිශ්චිතවම ඇත්තේ එකම එක දෙවි කෙනෙක් වන අතර ඔහු සියලු දෙනාගේම පියාය, එනම්, සියලු ජීවාත්ම සත්තාවන්ගේ පියා වන කෙනාය. සියලු ශරීර වලට එක පියෙක් සිටිය නොහැකියි. වෙනස් වෙනස් පියවරු බොහෝ සිටිය හැකියි. හැම කෙනෙකුටම භෞතික පියෙක් හිටියත් ඔවුන් හඬගා සිහිකරන්නේ 'අහෝ දෙවියනි' කියාය. පියා මෙහි සිට මෙසේ විස්තර කරයි මනුෂ්‍යයින් පියා අමතක කිරීමට තරම් සිහිකල්පනාවෙන් තොරය! ඔබ තේරුම් ගෙන සිටිනවා දෙව්ලොව නිමැවුම්කරු එකම පියා බව. මේ කළියුගයයි. මෙම කළියුගය නියතයෙන්ම විනාශ විය යුතුය. හැම කරුණක් අරඹයාම 'අතුරුදන්වේ' යන්න යෙදේ. ඔබ දරුවන් දන්නවා දැන් සත් යුගය අතුරුදන් වී ඇති බව. අච්චා. දැන් පැන නඟින ප්‍රශ්නය නම් ඔවුන් සත් යුගයේ දී දන්නවාද ස්වර්ණමය යුගය අතුරුදන් වී, රිදී යුගය එන බව? නැත! එහිදී මෙම ඥානයේ අවශ්‍යතාවයක් නැත. චක්‍රය කැරකෙන්නේ කෙසේද? සහ ඔවුන්ගේ පාරලෞකික පියා කවුද? යන මේ කරුණු ඔවුන් කිසිවකුගේ බුද්ධිය තුළ නැත. ඔය දරුවන් පමණයි මෙය දන්නේ. 'ඔබ අපේ මවත් පියාත් වන අතර අපි ඔබේ දරුවන් වෙමු.' එසේ වුවත් ඔවුන් ඔහුව දන්නේ නැත. ඒ නිසා මෙය කීම ද නිරර්ථකය. ඔවුන් සියලු දෙනා පියා අමතක කර, ඒ නිසාම අනාථයින් බවට පත් වී ඇත. පියා මේ සියල්ල විස්තර කරයි. හැම පියවරකදීම ශ්‍රීමත් අනුගමනය කරන්න, නැත්නම් ඕනෑම වේලාවක මායා ඔබව රැවටිය හැකියි. මායා බොහෝ වංචාකාරීය. ඔබ මායාගෙන් මුදා ගැනීම පියාගේ කාර්යයයි. කොහොමනමුත්, රාවණ් කියන්නේම ඔබට දුකට හේතුවන කෙනාය. පියා වූ කලී ඔබට සතුට දෙන කෙනාය. මනුෂ්‍යයින්ට මේවා තේරුම්ගත නොහැකියි. ඔවුන් සිතන්නේ සතුටත්, දුකත් දෙකම දෙන්නේ දෙවියන් බවයි. පියා තේරුම් කරන්නේ මිනිසුන් විවාහ මඟුල් පවත්වා සතුටු වීමට බොහෝ වියදම් කරන බවයි. ඔවුන් පිරිසිඳු පැළ අපිරිසිඳු කිරීමට උත්සාහ කරයි. ඔබ මෙය තේරුම් ගත්තාට ලෝකය තේරුම් ගන්නේ නැත. ඔවුන්, මිනිසුන් විස සාගරයේ ගිල්වීමට බොහෝ උත්සව පවත්වයි. මෙය සත් යුගයේ නැති බවවත් ඔවුන් නොදනී. එය කිරි සාගරය වන අතර, මෙහි ඇත්තේ විෂ සාගරයයි. එම ලෝකය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරය. රිදී යුගයේ දි කලා දෙකක් අඩු වුවද, එයට ද පාපයෙන් තොර ලෝකය යැයි කියයි. රාවණ් රාජ්‍යය පටන්ගන්නේ තඹ යුගයේ දී නිසා රිදී යුගයේ පාප තිබිය නොහැකියි. එය භාගයට භාගයකි. එනම්, ඥාන සාගරය සහ අඥාන සාගරය වශයෙන්ය. අඥානය ද සාගරයක් තරම්ය. මනුෂ්‍යයින් පියා ගැන නොදැනීමට තරම් අඥාන වී ඇත. අරක මේක කිරීමෙන් දෙවියන් සොයාගත හැකි යැයි ඔහේ කියා දමයි. කොහොමනමුත්, ඔවුන් කිසිවක් සොයා නොගනී. ඔවුන් හිස ගලේ ගසාගෙන, අනාථ වී, අසතුටට පත් වූ පසු ස්වාමියා හා හිමිකරු වන මම පැමිණෙමි. ස්වාමියා හා හිමිකරු නොමැති විට මහා කිඹුලා වන මායා හැම කෙනෙක්ම මුළුමණින්ම ගිලදමයි. පියා මෙසේ විස්තර කරයි මායා ද ඉතා ශක්තිමත් අතර බොහෝ අය මායා විසින් රවටා ඇත. සමහරු කාමරාගයෙන් පහර කා ඇති අතර, අන් අය පහර කා ඇත්තේ බැඳීම් මඟිනි. ජීවාත්ම සත්තාව පිළිබඳ සිහිය සඳහායි උත්සාහය අවශ්‍ය වන්නේ. පියා නැවත මෙසේ කියන්නේ ඒ නිසාය ප්‍රවේසම් වන්න, මන්මනභාව්! ඔබ පියා සිහි නොකළොත් මායා පහර දෙයි. එමනිසා, නිරන්තර සිහියෙන් සිටීමට පුරුදු පුහුණු කරන්න. එසේ නොවූ විට මායා ඔබව වැරදි දේ කිරීමට යොමු කරනු ඇත. ඔබ හරි දේ හා වැරදි දේ අතර වෙනස දැකීමේ බුද්ධිය ලබා ඇත. කුමක් හෝ ගැන පැටලිලි සහිත නම් පියාගෙන් අසන්න. ඔබට ටෙලිග්‍රෑම් එකක් හෝ ලියුමක් හෝ දුරකථනයෙන් වුවද ඇසිය හැක. උදේ පාන්දර නම් ඔබට කෙළින්ම දුරකථන සම්බන්ධය ගත හැකි වන්නේ ඒ වේලාවට ඔබ හැර අන් සියලු දෙනා නින්දේ පසුවන නිසාය. දවසින් දවස එය ඉතා පැහැදිලි වෙයි. කොහොමනමුත්, ආණ්ඩුව දුප්පත් නිසා වියදම නම් ඒ අනූව වැඩි වේ. මේ කාලයේ සියලු දෙනාම සම්පූර්ණ දිරාපත්භාවයට පැමිණ මුළුමණින්ම අපිරිසිඳු වී ඇත. එසේ වුවත් විශේෂයෙන් භාරත්වාසීන් රජෝ හා තමෝ ගුණී කියන්නේ මක් නිසාද? ඒ ඔවුන් ඉතාමත්ම වැඩියෙන් සතෝප්‍රධාන්ව සිටි නිසාය. අන් ආගම් වල අයට එතරම් සතුටක් හෝ එතරම් දුකක් නැත. ඔවුන් දැන් තෘප්තිමත්ව ඇති නිසා ඇති තරම් ආහාර එවිය හැකි වී තිබේ. ඔවුන්ගේ බුද්ධිය රජෝප්‍රධාන්ය. ඔවුන් විනාශය සඳහා බොහෝ දේ දිගටම නිපදවයි. නමුත් ඔවුන් එය තේරුම් ගන්නේ නැත. මේ නිසයි ඔවුන්ට බොහෝ පිංතූර ආදිය යැවිය යුත්තේ. අවසානයේ දී ඔවුන්ට දැනගන්නට ලැබේවි හා තේරුම් ගනීවි මේ දේවල් ඉතා හොඳ බව. ඒවාහී ලියා ඇත්තේ දෙව් පියාගේ නාමයෙන් ත්‍යාගයක් කියාය. ව්‍යසන අවස්ථා ආ විට මෙම හඬ ඔවුන්ට ඇසී ඔවුන් තේරුම් ගනීවි ඔවුන්ට නියත වශයෙන්ම මේවා ලැබුණු බව. මේ පිංතූර වලින් බොහෝ වැඩ සිදුවනු ඇත. ඒ දුප්පත් මිනිස්සු පියා ගැන දන්නේ නැත. සතුට දානය කරන්නා වන්නේ පියාම පමණි. කවුරුත් ඔහුව සිහිකරයි. පිංතූර මඟින් ඔවුන්ට මේවා තේරුම් ගත හැකියි. බලන්න මේ කාලයේ දී ඔබට වර්ග අඩි තුනක්වත් ලබා ගත නොහැකි වුවත් ඔබ මුළු ලොව හිමිකරු බවට පත්වේ. පිට රටවල මේ සේවය මේ පිංතූර මඟින් බොහෝ සෙයින් සිදුවනු ඇත. කොහොමනමුත්, දරුවන් මේ පිංතූර එතරම් අගය කරන්නේ නැත. නියතයෙන්ම මේවාට වියදම් ප්‍රමාණයක් ද යයි. ඒ රාජ්‍යය ස්ථාපිත කිරීමට දහස් ගණන් මිනිසුන් මරණයට පත් වී, රජයට රුපියල් මිලියන ගණන් වැය වී ඇත. මෙහිදී කිසිවකුට මරණය යන ප්‍රශ්නයක් ඇති නොවේ. ඔබ සම්පූර්ණ උත්සාහ දැරිය යුත්තේ ශ්‍රීමත් පදනම් කර ගෙනය. එවිට පමණි ඔබට උසස් තත්ත්වය ලැබිය හැකි වන්නේ. නැත්නම්, ඔබට දඬුවම් දෙන වේලාවේදී බොහෝ සෙයින් පසුතැවිලි වීමට සිදුවේ. ඔහු පියා වනවා සේම උත්තරීතර විනිශ්චයකරු ද වෙයි. ඔබ දරුවන්ට උපත් 21කට ඔබේ ස්වාධිපත්‍ය රජදහන ලබා දීමට මම මෙම අපිරිසිඳු ලෝකයට එමි. ඔබ විනාශකාරී දෙයක් කළොත්, ඔබට සම්පූර්ණ දඬුවමක් විඳීමට සිදුවනු ඇත. ඔබ මෙසේ නොකිය යුතුය බලමු මොකද වෙන්නෙ කියා! ඊළඟ උපත ගැන සිතන්න අවශ්‍ය කාටද? මිනිසුන් දන් දීම් කරන්නේ ඔවුන්ගේ ඊළඟ උපත වෙනුවෙනි. ඔබ දැන් කරන කුමක් හෝ උපත් 21ක් වෙනුවෙනි. ඔවුන් කරන ඕනෑම දෙයක් තාවකාලිකය. ඔවුන්ගේ ඵල ලැබෙන්නේ අපායේ වන අතර, ඔබ ඵල ලබන්නේ ස්වර්ණමය යුගයේ දීය. එහි ඇත්තේ අහස පොළොව අතර මෙන් වෙනසකි. ඔබ දෙව්ලොව සඳහා වූ ඵලය උපත් 21කට ලබයි. හැම කරුණකදීම ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබේ බෝට්ටුව එගොඩ වෙයි. පියා මෙසේ කියයි මා ඔය දරුවන් මගේ ඇසිපිය මත හිඳුවාගෙන බොහෝ සැප පහසුව ඇති එගොඩ කරා ගෙන යමි. ඔබ බොහෝ සෙයින් දුක අත්විඳ ඇත. මම දැන් ඔබට මෙසේ කියමි මා සිහිකරන්න! ඔබ අශරීරිකව පැමිණ ඔබේ කොටස් රඟපා දැන් ආපසු යයි. ඔබේ මෙම කොටස් සදාතනිකයි. විද්‍යාවේ අහංකාරය ඇති අයට මේවා තේරුම් ගත නොහැකිය. ජීවාත්ම සත්තාව ඉතා කුඩා තරුවක් මෙන් වන අතර එය සදාතනිකය, අවිනාශී කොටසක් ඒ තුළ වාර්තා ගත වී ඇත. එය නිමක් නැත. පියා මෙසේ කියයි මම නිර්මාණකරුවා මෙන්ම ප්‍රධාන නළුවා ද වෙමි. මගේ කොටස රඟපෑමට මම හැම චක්‍රයකදී පැමිණෙමි. උත්තරීතර ජීවාත්ම සත්තාවට මනස හා බුද්ධිය ඇත. ඒ අතර ඔහු ජීවත්වන්නා මෙන්ම ඥානයෙන් පිරි තැනැත්තාය. කොහොමනමුත්, ඔහුගේ කාර්යය කිසිවෙක් නොදනී. ඔබ ද තරු මෙන් වන අතර, මා ද තරුවකි. ඔබ අසතුටින් සිටි නිසා භක්ති මාර්ගයේ දී ඔබ මාව සිහි කළේය. මා පැමිණ ඔබ දරුවන් නැවත මා සමඟම ගෙදර රැගෙන යමි. මා ඔබේ මාර්ගෝපදේශකයා වෙමි. උත්තරීතර ජීවාත්ම සත්තාව වන මා ඔබ සත්තාවන් නැවත ගෙදර ගෙන යමි. ජීවාත්ම සත්තාවක් මදුරුවෙකුටත් වඩා කුඩාය. දැන් තමයි ඔබ දරුවන්ට මෙහි තේරුම ලැබෙන්නේ. ඔහු සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කරයි. පියා මෙසේ කියයි මා ඔබ ලෝකයේ හිමිකරුවන් කරවන නමුත්, දිව්‍යමය දර්ශන ලබා දීමේ යතුර මා වෙත තබා ගනිමි. මෙය කාටවත් දෙන්නේ නැත. භක්ති මාර්ගයේ දී මට පමණි මෙය වුවමනා වන්නේ. පියා මෙසේ කියයි මම ඔබව පිරිසිඳු සහ වන්දනාවට සුදුසු බවට පත් කරමි. මායා ඔබව අපිරිසිඳු කරමින් වන්දනාකරුවෙක් බවට පත් කරයි. බොහෝ සෙයින් විස්තර ඔබට කරන නමුත් තේරුම් ගන්නේ බුද්ධිමත් අය පමණි. මේ හඬපටය ඉතා හොඳ දෙයකි. දරුවන් නියත ලෙසින්ම මුරලි ඇසිය යුතුය. ඔබ වූ කලී බොහෝ කල් නැතිවී සිට දැන් හමුවූ දරුවන් ය. බාබාට බන්ධන සහිත ගෝපිකාවරු ගැන මහා කරුණාවක් ඇත. ඔවුන් බාබාගේ මුරලි ඇසීමෙන් මහා සතුටක් අත්විඳී. දරුවන්ගේ සතුට වෙනුවෙන් කෙනෙක් කුමක් නොකරයි ද? දිවා රෑ බාබා ගම්වල ගෝපිකා ගැන සැළකිලිමත් වේ. එම දරුවන් දුකින් මුදවා ගැනීමේ ක්‍රම ගැන සිතමින් ඔහුට නින්ද නොයයි. කොහොමනමුත්, සමහර අය දුකේ පැටලීමට සූදානම් වේ. සමහරු උරුමය ලබා ගැනීමට උත්සාහ කරන අතර, අන් අය ඔහුව අත්හැරීමට උත්සාහ කරයි. අද ලෝකය ඉතා නරකය. සමහර දරුවන් ඔවුන්ගේ පියා පවා මැරීමට නොපසුබට වෙයි. මේ අසීමිත පියා සියල්ල පැහැදිලිව විස්තර කරයි. ඔබට කවදාකවත් අසතුටක් නොවීමට තරම් ධනයක් මා ඔබට දෙමි. එමනිසා, ඔබ දරුවන් හදවතින්ම අනුකම්පා සහිත වී අන් අයට ද මෙම සතුටේ මාර්ගය කියා දෙයි. අද කාලයේ හැම කෙනෙක්ම දිගින් දිගටම දුකට හේතු වන දේ කරයි. ඔබේ ජීවිකාව ඉපයීමට හැකි බවට පත්වන්නේ ඉගෙනීම මඟිනි. මිනිසුන් ඔවුන්ගේ මව හා පියාගෙන් උරුමයක් ලැබුවත් එහි ඇති ඵලය කුමක් ද? ධනය තිබෙන තරමට මිනිසුන් ගැලෙන්නේ පාපයේය. එකල මිනිසුන් වන්දනා ගමන් ගිය විට බොහෝ නිහතමානී වන නමුත් දැන් රහසේ බීම සඳහා මද්‍යසාර පානය පවා ගෙන යයි. බාබා මේවා දැක ඇත. සමහරුන්ට මද්‍යසාර නැතුවම බැරිය. ඒ ගැන කුමන කතාද? සමහර සෙබළු සටනට යාමට පෙර මත්පැන් බොති. ඔවුන් මැරුම්කෑම ගැනවත් නොසිතයි. ඔවුන් සිතන්නේ එක ශරීරයක් අත හැර තවත් ශරීරයකට යාමටයි. ඔබ දරුවන් දැන් ලබන්නේ මෙම කුණු ශරීරය අත්හැර දැමීමේ ඥානය වන අතර ඔවුන්ට එය නැත. කොහොමනමුත්, ඔවුන් මිනීමැරීම පුරුද්දක් කරගෙන ඇති අතර, මැරුම්කෑම ද ලබයි. අප මෙහි සිට අපේම උත්සාහයෙන් බාබා ළඟට යාමට අවශ්‍යය. මෙය ජරාජීර්ණ හමකි. සීත කාලයේ දී සර්පයින්ගේ හම වියළි බවට පත් වූ කළ ඔවුන් එය හළා දමයි. ඔබ දැන් බාබා ළඟට යා යුතුයි. බාබා මෙය කිරීමට ක්‍රම පෙන්වා දී ඇත මන්මනභාව්! මාව සිහිකරන්න. එපමණයි. මෙහිදීම ඔබ ශරීර අත්හරී. සන්‍යාසීන්වරුන්ට ද මෙය සිදු වේ. ඔවුන් ද හිටි ගමන් ශරීර හළා දමා යයි. ඔවුන් ද සිතන්නේ ජීවාත්ම සත්තාව බ්‍රහ්ම් ධාතුවට ගිලී යන බවයි. ඒ නිසා ඔවුන් බ්‍රහ්ම් ධාතුව හා යෝග වෙයි. කොහොමනමුත්, ඔවුන්ට එසේ යා නොහැක. මෙසේ ම මිනිසුන් කාෂි වලදී ඔවුන්ව බිලි දෙයි. ඔවුන් සිය දිවි නසා ගනී. බාබා, සන්‍යාසීන්, යෝගා අතරතුර ශරීර අතහැර යනවා දැක ඇති නමුත් එය හතායෝග අත්හැරීමයි. පියා ඔබ උපත් 84ක් ගන්නා ආකාරය විස්තර කර දෙයි. ඔහු ඔබට මෙතරම් ඥානයක් දෙන නමුත් ශ්‍රීමත් අනුගමනය කරන්නේ කලාතුරකින් කෙනෙකි. ශරීර අවධානයෙන් සිටීම මඟින් සමහරු බාබාට පවා උපදෙස් දීමට පටන්ගනී. පියා මෙසේ විස්තර කරයි ජීවාත්ම සත්තා අවධානයට පත්වන්න! මා වූ කළී ජීවාත්ම සත්තාවකි. බාබා ඔබ ඥාන සාගරයයි. බාබා මා දැන් ඔබේ උපදෙස් පමණක්ම පිළිපදිමි. එපමණයි! හැම පියවරකදීම විශාල ප්‍රවේසමක් අවශ්‍යය. වැරදි දිගටම සිදුවන නමුත්, ඔබ තව දුරටත් උත්සාහ කළ යුතු වෙයි. කොහේ ගියත් බාබා ව දිගටම සිහිකරන්න. ඔබේ හිස මත විශාල පව් බරක් ඇත. ඔබ කර්මය ගෙවා අවසන් ගිණුම් ද පියවිය යුතුයි. මෙම කර්ම විඳ වීම අවසානය දක්වාම අත නොහැරේ. ශ්‍රීමත් අනුගමනයෙන් ඔබ පිරිසිඳු බුද්ධියක් ඇති අය බවට පත් විය යුතුය. ඔහු සමඟ ධර්මරාජ් ද සිටින අතර ඔහු වගකිව යුතුයි. පියා මෙහි සිටිය දී ඔබ බර දරන්නේ ඇයි? පාරිශුද්ධකරුවා වන පියා අපිරිසිඳු අය වෙතට පැමිණ ඇත. මෙය අළුත් දෙයක් නොවේ. මෙම කොටස නොගිණිය හැකි වාරයක් මීට පෙර රඟපා ඇති අතර, රඟපෑම දිගටම සිදු වේ. මෙය ද විශ්මය දනවන්නකි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, පාරලෞකීක බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා සේම අනුකම්පා සහිත වී, අන් හැම කෙනාම දුකින් මුදවන්න. ඔවුන්ට සතුටේ මාර්ගය පෙන්වන්න.

2. කිසිම වැරදි ක්‍රියාවක් නොකරන්න. ශ්‍රීමත් මත පදනම් ව උපත් 21ක වාසනාව සකසා ගන්න. ඔබ ගන්නා හැම පියවරකදීම ප්‍රවේසම් වන්න.

වරදානය:
ඔබ පරම පියාගෙන් ආශිර්වාද ලබා ගැනීමට නිරන්තරයෙන් සුදුසු වී, ඔබගේ පොරොන්දු (වයිදා) අවධානයේ තබා ගැනීමෙන් යහපතක් (ෆයිදා) අත්කර ගන්න.

ඔබගේ මනසින්, වචන වලින් හෝ ලිඛිතව, ඔබ කුමන පොරොන්දුවක් සිදු කළත්, ඒවා ඔබගේ අවධානය තුළ තබා ගන්න, එවිට ඔබට එම පොරොන්දු වලින් සම්පූර්ණ ඵල ලබා ගැනීමට හැකි වෙයි. ඔබ කී වරක් පොරොන්දු සිදු කළාද, එමෙන්ම ඔබ කී වරක් ඒවා ඉටු කළාද කියා පරීක්ෂා කරන්න. පොරොන්දු සහ ඵල: මේ දෙක අතර තුලනයක් තබා ගන්න, එවිට ඔබට නොකඩවා ආශිර්වාද පිරිනමන්නා වන පියාගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබට ශ්‍රේෂ්ඨ සිතිවිලි තිබෙන සේම ශ්‍රේෂ්ඨ ක්‍රියාද සිදු කරන්න, එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වෙයි.

පාඨය:
පරම පියාව පමණක් දිස් වන සේ, ඔබව දිව්‍යමය කැඩපතක් බවට පත් කරගන්න; මෙය සැබෑ සේවය ලෙස හැඳින්වෙයි.