10.01.21    Avyakt Bapdada      Sinhala Murli     09.10.87    Om Shanti    Madhuban


අලෞකික රාජකීය අධිකරණය පිළිබඳ පුවත්.


අද දින බාප්දාදා ස්ව-ආධිපත්‍යයට අයිතියක් තිබෙන ඔහුගේ දරුවන්ගේ රාජකීය අධිකරණය දෙස බලනවා. මුළු කල්පයෙන්ම, සංගම යුගයේ මෙම අලෞකික අධිකරණය, අසහායයි, එයට ශ්‍රේෂ්ඨ අභිමානයක් තිබේ, එය අති විශේෂිතයි එමෙන්ම වඩාත්ම ආදරණීයයි. මෙම රාජකීය අධිකරණ වේදිකාවේ ආධ්‍යාත්මික දීප්තිය, ආධ්‍යාත්මික නෙළුම් මල් ආසනය, ආධ්‍යාත්මික කිරුළ සහ තිලකය, මුහුණේ දිස්නය සහ වාතාවරණයේ ඇති ශ්‍රේෂ්ඨ අවධානයේ අලෞකික සුවඳ, සුන්දරයි, එමෙන්ම උපරිම ලෙස ආකර්ෂණීයයි. එවන් සමූහයක් සහ සෑම ස්ව-ආධිපත්‍ය ජීවාත්මයක්ම දැක, බාප්දාදා බොහෝ සතුටට පත් වනවා. එය ඉතා විශාල අධිකරණයක්. සෑම බ්‍රහ්මිණ් දරුවෙක්ම ස්ව-අධිපතියෙක්, තමන්ගේ පාලකයෙක්. එබැවින්, බොහෝ බ්‍රහ්මිණ් දරුවන් සිටිනවා. සියලුම බ්‍රහ්මිණ්වරු එකට එකතු කර අධිකරණයක් පවත්වන්නේ නම්, එය අති විශාල රාජකීය අධිකරණයක් වෙයි. වෙනත් කිසිම යුගයක එතරම් විශාල අධිකරණයක් නැත. සංගම යුගයේ විශේෂත්වය වන්නේ, උසස්ම-උසස් පරම පියාගේ සෑම දරුවෙක්ම තමන්ගේ පාලකයෙක් බවට පත්වීමය. ලෞකික පවුලක, සෑම පියෙක්ම ඔහුගේ දරුවන්ට පවසන්නේ මගේ මේ දරුවා මගේ රජ-දරුවායි, හෝ ඔහුගේ පැතුම වන්නේ ඔහුගේ සෑම දරුවෙක්ම රජෙක් විය යුතු බවයි. කෙසේවෙතත්, සෑම දරුවෙකුටම රජ විය නොහැක. මෙම කියමනේදී ඔවුන් පරම පියාව අනුකරණය කර තිබේ. මෙකල, බාප්දාදාගේ සියලුම දරුවන් අනිවාර්යෙන් රාජ යෝගීන්, එනම්, ස්ව-පාලකයන්. ඔවුන් අංකානුරූප රාජයෝගීවරුන් ඔවුන් කිසිවෙක් ප්‍රජා යෝගිවරුන් (පුරවැසියෙක් වන යෝගීවරයෙක්) නොවෙයි. ඉතිං, බාප්දාදා අසීමිත රාජකීය සමූහය දෙස බලමින් සිටියා. ඔබ සියලු දෙනාම, තමන්ගේ පාලකයන් බව සලකනවා නේද? පැමිණ සිටින ඔය සියලුම අළුත් දරුවන් තමන්ගේ පාලකයන්ද, නැත්නම් ඔබ එය බවට පත් වීමට තිබේද? ඔබ අළුත්, එබැවින් හමු වී එකට එකමුතු වන ආකාරය ඔබ ඉගෙන ගන්නවා. අව්‍යක්ත පියා ඔබට පවසන අව්‍යක්ත කරුණු වටහාගැනීමේ පුරුද්ද ඔබ නොකඩවා වර්ධනය කරගනී. කෙසේවෙතත්, මෙම භාග්‍යයේ වටිනාකම, ඔබ දැනට වඩා පසුව අගය කරයි අප සියලු දෙනා කෙතරම් භාග්‍යවන්ත ජීවාත්මද!

බාප්දාදා ඔබට අලෞකික රාජකීය අධිකරණයේ පුවත් කියමින් සිටියා. බාබාගේ අවධානය, නොදැනුවත්වම ඇදී ගියේ, විශේෂයෙන්ම දරුවන්ගේ කිරුළ සහ මුහුණු වල දීප්තිය දෙසටයි. කිරුළ, පාරිශුද්ධත්වයේ සංකේතයකි, බ්‍රහ්මිණ් දිවියේ විශේෂත්වයයි. මුහුණේ දීප්තිය, ආධ්‍යාත්මිකත්වයේ දීප්තිය සහ ආධ්‍යාත්මික මනෝ ස්ථීතියක ස්ථාවරව සිටීමයි. ඔබ සාමාන්‍ය අන්දමින් කෙනෙක් දෙස බලන විට වුවත්, ඔබගේ ද්‍රිෂ්ඨිය ප්‍රථමයෙන් යන්නේ මුහුණ වෙතටයි. ඔබගේ මුහුණ, ඔබගේ ආකල්පය සහ ස්ථීතියේ කැඩපතකි. එබැවින්, සියලු දෙනා තුළ දීප්තියක් තිබෙන බව බාප්දාදා දුටු නමුත් ඉන් එකක් වූයේ සෑම විටම ආධ්‍යාත්මික ස්ථීතියේ ස්ථාවරව සිටි අයයි, එනම්, මෙම ස්ථීතිය ස්වභාවිකව සහ පහසුවෙන් තිබූ අය වන අතර අනෙක් අය, මෙම ස්ථීතිය තුළ ස්ථාවර වූයේ ආධ්‍යාත්මික ස්ථීතියේ පුහුණුව තුළින්ය. එක් අතකින් මෙම ස්ථීතිය පහසුවෙන් තිබූ අය සිටි අතර අනෙක් අතට මෙම ස්ථීතියේ ස්ථාවර වීමට උත්සාහ දැරීමට සිදු වූ අය සිටියා, එනම්, එක වර්ගයක් පහසු යෝගීවරු වූ අතර අනෙක් අය උත්සාහ දැරීමට සිදු වූ යෝගීවරුන්ය. දෙකෙහි දීප්තියේ වෙනසක් තිබුණි. ඔවුන්ගේ මේක්-අප් නිසා මෙකල මිනිසුන් ලස්සනට දිස්වන සේම, එක් කොටසකට ස්වභාවික සුන්දරත්වය තිබූ අතර අනෙක් අයට උත්සාහය තුළින් සුන්දරත්වය ලැබුණි. ස්වභාවික සුන්දරත්වයේ දිස්නය සෑම විටම නිරන්තර වන අතර අනෙක් සුන්දරත්වයේ දිස්නය ඇතැම් විට ඉතා හොඳ වන අතර තවත් විටෙක යම් ප්‍රතිශතයකට පමණයි එය සෑම විටම එක වගේ නැත, සෑම විටම ස්ථාවර නැත. එබැවින්, නිරන්තරයෙන් පහසු සහ ස්වභාවික යෝගීවරයෙක් වීමේ ස්ථීතිය, ඔබට අංක එකේ ස්ව-අධිපතියෙක් වීමට මඟ පාදයි. ඔය සියලුම දරුවන් බ්‍රහ්මිණ් දිවියක් ගත කිරීමට පොරොන්දු වී ඇති නිසා, එනම්, ඒකායන පරම පියා ඔබගේ ලෝකය වන අතර ඔබ අයත් වන්නේ, වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාටයි, පියා ඔබගේ ලෝකය බැවින් සහ වෙනත් කිසිවෙක් නොමැති නිසා, ඔබට ස්වභාවිකව සහ පහසුවෙන් නිරන්තර යෝගී ස්ථීතියක් තිබෙයි, එහෙම නේද? එසේ නැත්නම් ඔබට උත්සාහ දැරීමට සිදුවෙයිද? වෙනත් කිසිවෙකු සිටියි නම්, ඔබගේ බුද්ධිය ඒ දෙසට යෑම නතර කිරීමට සහ මෙහි ගෙන ඒමට ඔබට උත්සාහ දැරීමට සිදු වෙයි. කෙසේවෙතත්, ඒකායන පියා සියල්ල නම්, බුද්ධිය කොහේ යන්නද? එයට කොහේවත් යාමට නොහැකි බැවින්, එයට කුමන අභ්‍යාසය තිබෙයිද? අභ්‍යාසයේද වෙනසක් තිබේ. එකක් ස්වභාවික අභ්‍යාසයකි, එය සෑම විටම එම ස්ථීතියේ තිබෙන අතර අනෙක උත්සාහ දැරීම තුළින් කරන අභ්‍යාසයකි. මෙම අභ්‍යාසය පහසුවෙන් තිබෙන අය, ස්ව-ආධිපත්‍යය ඇති දරුවන් වන විට, ඔවුන් පහසු සහ ස්වභාවික යෝගීවරුන් බවට සලකුණකි. ඔවුන්ගේ මුහුණු වල ඇති දීප්තිය අලෞකිකයි, එබැවින් අන් අය ඔවුන්ගේ මුහුණු දුටු සැනින්, එම ජීවාත්ම උසස් ලැබීම් වල ප්‍රතිරූ සහ පහසු යෝගීවරුන් බව ඔවුන් අත්දකියි. කෙනෙකුට භෞතික ධනය තිබෙන විට හෝ යම් භෞතික තත්ත්වයක් ලබා ඇති විට, ඔහුගේ මුහුණේ දීප්තියෙන් ඔහු ධනවත් පවුලකින් හෝ උසස් තත්ත්වයක් ලබා ඇති බව, කිව හැක. ඒ ආකාරයෙන්ම, මෙම ශ්‍රේෂ්ඨ ලැබීමේ කුල්මත් බව සහ දීප්තිය, රාජධානියකට ඇති මෙම ශ්‍රේෂ්ඨ අයිතිය, එනම්, ශ්‍රේෂ්ඨ ස්ථීතියකට ලැබීම, ඔවුන්ගේ මුහුණුවල දිස්වෙයි. සියලුම ස්ව-අධිපති දරුවන්ගේ දීප්තිමත් මුහුණු, සෑම විටම මේ ආකාරයෙන් තිබිය යුතුයි. උත්සාහයේ ලකුණු දිස් නොවිය යුතුයි ලැබීම් වල ලකුණු දිස් විය යුතුයි. දැන් වුවද ඔබ සමහර දරුවන්ගේ මුහුණු දුටු විට පවසන්නේ මේ කෙනා යමක් ලබාගෙන තිබේ, නමුත් තවත් අයගේ මුහුණු දුටු විට ඔබ පවසන්නේ මෙය ඉතා උසස් ගමනාන්තයක් වන අතර ඔවුන්ට බොහෝ ශ්‍රේෂ්ඨ අත්හැරීම් තිබේ. ඔවුන්ගේ මුහුණු වල ඔවුන්ගේ අත්හැරීම දිස්වන නමුත්, ඔවුන්ගේ භාග්‍යය නොපෙනෙයි. නොඑසේ නම්, මේ කෙනා ඉතා හොඳින් උත්සාහ දරන බව කියයි.

ඔය සෑම දරුවෙකුගේම මුහුණේ පහසු යෝගීවරයෙකුගේ දීප්තිය දැකීමට බාප්දාදාට අවශ්‍යයි. ඔබ, ලැබීම්වල සම්පත් ගබඩාව, වන පියාගේ දරුවන් බැවින්, ශ්‍රේෂ්ඨ ලැබීම් වල කුල්මත් බවේ දීප්තිය දිස් විය යුතුයි. ආශිර්වාද ලත් කාලය වන සංගම යුගයේ, සියලු ලැබීම් හිමි කරගැනීමට ඔබට අයිතියක් තිබේ. අපට නිරන්තර යෝගාව තිබෙන්නේ කෙසේද? අපට නිරන්තර අත්දැකීමක් තිබී, අප සම්පත් ගබඩාව අත්විඳින්නේ කෙසේද? දැන් මේ සඳහා උත්සාහ දැරීමට ඔබගේ කාලය අපතේ නොහරින්න, නමුත් ලැබීම් වල ප්‍රතිරුවක් වීමේ භාග්‍යය පහසුවෙන් අත්දකින්න. පරිසමාප්තිය සඳහා කාලය සමීපයට පැමිණෙනවා. දැන් පවා ඔබ එක හෝ තව දේකට උත්සාහ දරමින් සිටින්නේ නම්, එවිට ලැබීම් සඳහා කාලය අවසන් වෙයි. එසේ නම් ඔබ ලැබීම්වල ප්‍රතිමූර්තියක් වීම අත්විඳින්නේ කවදාද? සංගම යුගයට සහ බ්‍රහ්මණ ජීවාත්මයන්ට මෙම ආශිර්වාදය තිබේ, ඔබ සියලු ලැබීම් වලින් පිරිපුන් වේවා. ඔබට මෙවන් ආශිර්වාදයක් නොමැත, ඔබ සෑම විටම උත්සාහ දරන්නෙක් වේවා. නමුත් ඔබට ලැබීම් තිබීමේ ආශිර්වාදය ඇත. ලැබීම් වල ආශිර්වාදය ලැබී ඇති, ආශිර්වාද ලත් ජීවාත්මයන්ට, නොසැලකිලිමත්කමේ සිර විය නොහැක. එබැවින් ඔවුන්ට උත්සාහ දැරීමට අවශ්‍ය නොවෙයි. එබැවින් ඔබ පත්විය යුත්තේ කවුරුන් බවටද කියා ඔබට වැටහෙනවාද?

රාජකීය අධිකරණයේ, රාජධානියකට අයිතියක් තිබීමේ විශේෂත්වය වුණේ කුමක්ද යන්න, දැන් පැහැදිලියි, එහෙම නේද? ඔබට රාජධානියට අයිතියක් තිබෙනවා නේද? එසේ නැත්නම් ඔබට මෙය තිබේද නැද්ද කියා, ඔබ තවමත් සිතමින් සිටිනවාද? ඔබ භාග්‍යය පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නාගේ දරුවන් බවට පත්ව ඇත. රජ කෙනෙක් යනු, භාග්‍යය පිරිනමන්නෙක්, ලබා දෙන කෙනෙක්. ඔබට කිසිම අඩුවක් නැතිනම්, ඔබ ගන්නේ මොනවාද? එබැවින් ඔබට වැටහුණාද? අළුත් දරුවන් මෙම අත්දැකීම තුළ සිටිය යුතුයි. සටන් කරමින් ඔබගේ කාලය අපතේ නොහරින්න. ඔබ සටන් කරමින් ඔබගේ කාලය අපතේ හරින්නේ නම්, ඔබගේ අවසන් මොහොතේ පවා ඔබ සටන් කරමින් සිටිනු ඇත. එවිට ඔබ කවුරු වෙයිද? ඔබ චන්ද්‍ර වංශයේ කොටසක් වෙයිද, නැත්නම් ඔබ සූර්ය රාජ වංශයට යයිද? සටන් කරමින් සිටින අය චන්ද්‍ර වංශයට යයි. මම ගමන් කරමින් සිටිනවා, මා මෙය කරනවා, එය සිදුවෙයි, මා එතැනට ලඟා වෙයි. දැන් තවමත් මේ ආකාරයේ අරමුණක් තබා නොගන්න. දැන් නොමැති නම්, කිසිදා නොවෙයි. ඔබ යමක් වීමට යන්නේ නම්, එය දැන් සිදුවිය යුතුයි. ඔබ යමක් ලබා ගන්නට යන්නේ නම්, එය දැන් විය යුතුයි. තම සම්පූර්ණ ගමනාන්තයට නිසි කලට ලඟා වන්නේ, එවන් උනන්දුවක් සහ උද්යෝගයක් ඇති අය පමණයි. ඔබගෙන් කිසිවෙක් රිදී යුගයේ රාමා සහ සීතා වීමට සූදානම් නැත. ඔබට ස්වර්ණමය යුගයේ සූර්ය රාජ වංශයට යාමට අවශ්‍ය බැවින්, එවිට සූර්ය රාජ වංශය යනු, නිරන්තර මාස්ටර් භාග්‍යයේ දානපතියෙක් සහ ආශිර්වාද දානපතියෙකි, ගැනීමට ආශාවක් ඇති කෙනෙක් නොවෙයි. මට යම් කිසි උපකාරයක් ලැබිය යුතුයි මෙය සිදුවන්නේනම් එය ඉතා හොඳයි එවිට මගේ උත්සාහයන්හි මා හොඳ අංකයක් හිමි කරගනී. නැහැ. ඔබට උපකාර ලැබෙනවා, සියල්ල සිදු වෙනවා. මෙය, ස්ව-ආධිපත්‍යය ඇති දරුවන් වීම, තමන්ගේ පාලකයන් වීම, ලෙස හැඳින්වෙයි. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද? නැත්නම් ඔබ පමා වී පැමිණි නිසා, ඔබට පිටුපසින් සිටීමට අවශ්‍යද? ඉදිරියට යාමේ පහසු මඟ වන්නේ, පහසු සහ ස්වභාවික යෝගීවරයෙක් වීමයි. එය ඉතා පහසුයි. ඉන්නේ ඒකායන පියා පමණක් බැවින්, වෙනත් කිසිවෙක් නොමැති බැවින්, ඔබ වෙන කොහේ යන්නද? ලැබීම් පිට ලැබීම් ඇති නිසා, එයට උත්සාහයක් අවශ්‍ය වන්නේ ඇයි? එබැවින් ලැබීමේ කාලයෙන් ප්‍රයෝජන ගන්න. සියලු ලැබීම්වල ප්‍රතිමූර්තියක් වන්න. ඔබට වැටහෙනවාද? බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, අවසාන කෙනා මෙන්ම ස්ථාපනයේ ආරම්භයේ පැමිණි අයද, සෑම දරුවෙක්ම, අංක එකට පැමිණිය යුතු බවයි. පුරවැසියන් නොවෙයි, රජුන් වන්න! අච්චා.

මහාරාශ්ත්‍ර සහ මධ්‍ය ප්‍රදේශ් සිට කණ්ඩායම් පැමිණ සිටියි. බලන්න මහා (ශ්‍රේෂ්ඨ) යන වචනය ඉතා හොඳයි. මහාරාශ්ත්‍ර යන ස්ථානයේ මහා යන වචනය තිබේ, එබැවින් ඔබ ශ්‍රේෂ්ඨ බවට පත් විය යුතුයි. ඔබ ශ්‍රේෂ්ඨ බවට පත්වී සිටිනවා නේද? මන්ද පරම පියාට අයත් වීම යනු, ශ්‍රේෂ්ඨත්වයට පත්වීමය. ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයි, බ්‍රහ්මිණ් යනු ශ්‍රේෂ්ඨ බවයි. ඔබගේ සෑම ක්‍රියාවක් ශ්‍රේෂ්ඨයි, සෑම වචනයක්ම ශ්‍රේෂ්ඨයි, එමෙන්ම සෑම සිතිවිල්ලක්ම ශ්‍රේෂ්ඨයි. ඒවා අලෞකික බවට පත් වෙලා නේද? එබැවින්, මහාරාශ්ත්‍ර සිට පැමිණි අය, ඔබ ශ්‍රේෂ්ඨයි යන අවධානයේ ප්‍රතිමූර්ති ලෙස සෑම විටම සිටින්න. බ්‍රහ්මිණ් යනු ශ්‍රේෂ්ඨ මුදුන් මල්කඩයි, එහෙම නේද?

මධ්‍ය ප්‍රදේශයේ අය, සෑම විටම මධ්‍යජීභව (මැද සිටින කෙනා, විෂ්ණු) යන කුල්මත් බව පවත්වා ගන්නා අයයි. මන්මනාභව සමඟම, ඔබට මධ්‍යජීභව යන ආශිර්වාදයද තිබේ. එබැවින් ඔබගේ දිව්‍ය ලෝකමය ස්වරූපය, මධ්‍යජීභව ලෙස හැඳින්වෙයි. ඔබ ඔබගේ උසස් ලැබීම්වල කුල්මත් බව පවත්වා ගන්නා අයයි, එනම්, ඔබ මධ්‍යජීභව යන මන්ත්‍රයේ ස්වරූපයේ ස්ථාවරව රැඳී සිටින අයයි. තවද ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ මධ්‍යජීභව නම්, එවිට ඔබ අනිවාර්යෙන් මන්මනාභව ද වෙයි. එබැවින් මධ්‍ය ප්‍රදේශය යනු මහා මන්ත්‍රයේ ප්‍රතිරූප වන අයයි. එබැවින් ඔබ දෙකොටසම ඔබගේම විශේෂතා වලින් ශ්‍රේෂ්ඨයි. ඔබ කවුරුන්ද කියා ඔබට වැටහෙනවාද?

ඔබ ප්‍රථම පාඩම ආරම්භ කළ කාලයේ සිට, මෙය ස්ථීර කරගත්තා මා කවුද? පරම පියාද ඔබට ඒ දේම සිහි ගන්වයි. මෙය මතගාන්න. මා කවුද? යන එක් ව්‍යවහාරය තිබේ, නමුත් එයට බොහෝ පිළිතුරු තිබේ. මා කවුරුන්ද? ගැන ලැයිස්තුවක් සාදන්න. අච්චා.

සියලුම ලැබීම්වල ප්‍රතිරූ වන සෑම තැනකම සිටින සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, අලෞකික රාජකීය අධිකරණයට අයිතියක් ඇති සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම විටම ආධ්‍යාත්මිකත්වයේ දීප්තිය හදාගත් විශේෂ ජීවාත්මයන්ට, නිරන්තර ස්වභාවික යෝගීවරුන්ට, පහසු යෝගීවරුන්ට, උසස්ම-උසස් ජීවාත්මයන්ට, සෙනෙහස පිරි සිහි කිරීම උසස්ම-උසස් බාප්දාදාගෙන් කාරුණිකව පිළිගන්න.

අව්‍යක්ත බාප්දාදා ද්විත්ව විදේශික සහෝදර සහෝදරියන් මුණ ගැසෙමින්:
ද්විත්ව විදේශික යනු, තම ආදිතම ස්වරූපය, තම ආදිතම දේශය, තම ස්ව-ආධිපත්‍යය සහ ඔවුන්ගේ ආදිතම රාජධානියේ අවධානය සෑම විටම තිබෙන අයයි. ද්විත්ව විදේශිකයන් විශේෂයෙන් කළ යුතු සේවය කුමක්ද? ඔබ දැන් විශේෂයෙන්ම නිහැඬියාවේ බලයේ අත්දැකීම ජීවාත්මයන්ට ලබා දිය යුතුයි. විද්‍යාවේ බලය ඉතා සුප්‍රසිද්ධ වන ආකාරයෙන්ම, මෙයත් විශේෂ සේවයකි. සෑම සියලු දරුවෙක්ම, විද්‍යාව යනු කුමක්ද කියා දන්නවා. ඒ ආකාරයෙන්ම, විද්‍යාවටත් වඩා නිහැඬියාවේ බලය උසස්ය. එම දිනයත් පැමිණෙයි. නිහඬ බවේ බලය හෙළිදරව් කිරීම යනු, පරම පියාව හෙළිදරව් කිරීමය. විද්‍යාව දැකිය හැකි සාක‍්ෂි පෙන්වන ආකාරයෙන්ම, නිහඬ බවේ බලයේ ප්‍රායෝගික සාක‍්ෂිය වන්නේ ඔය සියලු දෙනාගේ ජීවිතයි. ප්‍රායෝගික සාක‍්ෂි ලෙසින් ඔබ සියලු දෙනාව පෙනෙන විට, ඔවුන් නොපැතූ ලෙස ඔවුන්ගේ බැල්මට ඔබ පහසුවෙන් හසුවෙයි. ඔබ පසුගිය වසරේ සාම වැඩසටහන පැවැත්වූ අන්දමින්, එමෙන්ම එය ප්‍රායෝගික ලෙස වේදිකාවේ පෙන්වූහ, ඒ ආකාරයෙන්ම ජංගම සාම ආකෘති පෙන්වන්න. එවිට විද්‍යාඥයන්ගේ ද්‍රිෂ්ඨිය අනිවාර්යෙන් නිහඬ බව ඇති අය මත පතිත වෙයි. ඔබට වැටහෙනවාද? විදෙස් රටවල විද්‍යාවේ බොහෝ නව නිපැයුම් තිබේ. එබැවින් නිහඬ බලයේ හඬද එහි සිට පහසුවෙන් පැතිරෙයි. සේවයේ අරමුණ කොහොමත් තිබේ, එමෙන්ම ඔබට උනන්දුව සහ උද්යෝගයද තිබෙයි. ඔබට සේවය නොකර සිටිය නොහැක. ආහාර නොමැතිව කෙනෙකුට සිටිය නොහැකි සේම, ඔබට සේවය නොකර සිටිය නොහැක, මේ නිසයි බාප්දාදා සතුටු වන්නේ. අච්චා.

අව්‍යක්ත බාප්දාදා කණ්ඩායම් මුණගැසෙමින්:
ඔබ තමන් ස්ව-දර්ශන චක්‍රධාරීන් වන ශ්‍රේෂ්ඨ ජීවාත්ම බවට පත් වී ඇති බව ඔබ අත්දකිනවාද? ඔබට තමන්ගේ දර්ශනයක් ලැබී තිබෙනවා නේද? තමන්ව හැඳින ගැනීම යනු, තමන්ගේ දර්ශනයක් ලැබීමයි, එමෙන්ම චක්‍රය පිළිබඳ ඥානය තිබීම යනු, ස්ව-දර්ශන චක්‍රධාරීයෙක් වීමයි. ඔබ ස්ව-දර්ශන චක්‍රධාරීයෙක් වූ විට, වෙනත් සියලුම අන්දමේ බ්‍රමණය කිරීම් අවසන් වෙයි. ශරීර අවධානයේ බ්‍රමණය, නෑ සබඳතාවන්ගේ බ්‍රමණය, ප්‍රශ්න බ්‍රමණය කිරීම ඒ සියල්ලම මායාගේ විවිධ අන්දමේ බ්‍රමණයන්ය! කෙසේවෙතත්, ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වීමෙන් මේ සියලුම ආකාරයේ බ්‍රමණය කිරීම් අවසන් වී, ඔබ සියලු ආකාරයේ බ්‍රමණය කිරීම් වලින් ඉවත් වෙයි. එසේ නැත්නම් ඔබ දැළ තුළ සිරවෙයි. ඉතිං ඔබ පෙර සිර වී සිටි අතර ඔබ දැන් ඉන් ඉවතට ඇවිත්. උපත් 63 ක් ඔබ බොහෝ අන්දමේ බ්‍රමණයන් තුළ නොකඩවා සිර වූ අතර මෙකල ඔබ එම බ්‍රමණයෙන් ඉවත් වී ඇති බැවින් ඔබ නැවත සිර නොවිය යුතුයි. ඔබම එය අත්විඳ එය දැක තිබෙනවා, එහෙම නේද? සියලු විවිධ අන්දමේ බ්‍රමණයන් තුළ සිර වීමෙන් ඔබට සියල්ල අහිමි වූ අතර ස්ව-දර්ශන චක්‍රධාරීයෙක් වීමෙන් ඔබට පරම පියාව හමුවිය, ඔබට සියලු දේ හමුවිය. එබැවින් සෑම විටම ස්ව-දර්ශන චක්‍රධාරීයෙක් වන්න, මායා පරාජය කරන්නෙක් වී නොකඩවා ඉදිරියට ගමන් කරන්න. එසේ කිරීමෙන් ඔබ සෑම විටම සැහැල්ලුවෙන් සිට කිසිම ආකාරයක බරක් අත් නොවිඳිනු ඇත. බර ඔබව පහළට ගෙන එන නමුත් සැහැල්ලුවෙන් සිටීමෙන් ඔබ නොකඩවා ඉහළ පියාසර කරයි. එබැවින් ඔබ පියාසර කරන අය නේද? ඔබ දුර්වල නැහැ නේද? එක පියාපතක් හෝ දුර්වල නම්, එය ඔබව පහළට ගෙන එන අතර ඔබට පියාසර කිරීමට ඉඩ නොදෙනු ඇත, එබැවින් පියාපත් දෙකම ශක්තිමත් කරන්න, එවිට ඔබ ඉබේටම නොකඩවා පියාසර කරයි. ස්ව-දර්ශන චක්‍රධාරීයෙක් වීම යනු, ඉහළ නැඟීමේ ස්ථීතියේ අඛණ්ඩව පියාසර කිරීමය. අච්චා.

ඔබ රාජ යෝගීන්, ශ්‍රේෂ්ඨ ජීවාත්මයි, එහෙම නේද? සාමාන්‍ය දිවියක් තිබුණු ඔබ, පහසු යෝගීන්, රාජයෝගීන් බවට පත්ව තිබේ. එවන් ශ්‍රේෂ්ඨ යෝගීවරු සෑම විටම අතීන්ද්‍රීය සුඛයේ ඔංචිල්ලාවල සෑම විටම පැද්දෙයි. හතයෝගීවරුන් හත යෝගාව තුළින් තම සිරුරු ඉහළට ඔසවා පියාසර කිරීම පුහුණු වෙයි. ඇත්ත වශයෙන් ඔය රාජයෝගීන් උසස් මනෝ ස්ථීතියක් අත්විඳියි. මෙය අනුකරණය කර, ඔවුන් තම සිරුරු ඉහළට ඔසවයි. කෙසේවෙතත්, ඔබ කොහේ සිටියත්, ඔබ ඔබගේ ඉහළ ස්ථීතියේ සිටියි, එබැවින් යෝගීවරු උඩ ඉහළ රැඳී සිටින බව කියයි. ඔබ ආලෝකමත් සහ සැහැල්ලු වී ඇති නිසා, මනස් ස්ථීතියේ ස්ථානය ඉහළයි. කෙසේවෙතත්, සුරදූතයන් ගැන පැවසෙන්නේ, ඔවුන්ගේ දෙපය කිසිම විටෙක බිම නොමැති බවයි. සුරදූතයන් යනු, තම බුද්ධියේ දෙපය බිම නොමැති අයයි, ශරීර අවධානය නොමැති අයයි. සෑම විටම ශරීර අවධානයෙන් ඉවත්ව උඩ ඉහළ රැඳී සිටින්න. ඔබ එවන් සුරදූතයන්, එනම්, රාජයෝගීන් බවට පත්වී ඇත. ඔබට දැන් මෙම පැරණි ලෝකය කෙරෙහි කිසිම බැඳීමක් නැත. සේවය කිරීම වෙනම කරුණක් නමුත් කිසිම බැඳීමක් නොතිබිය යුතුයි. යෝගීවරයෙක් වීම යනු, පරම පියා සහ මා, තුන්වැන්නෙක් නොමැත. එබැවින් රාජයෝගීන්, සුරදූතයන්, වීමේ මෙම අවධානය සෑම විටම පවත්වාගන්න. මෙම අවධානයෙන් ඔබ නිරන්තරයෙන් නොකඩවා ඉදිරියට යයි. රාජයෝගීන් සෑම විටම අසීමිත බවේ අධිපතියන්ය, සීමිත බවේ පාලකයන් නොවෙයි. ඔබ සීමිත දෙයින් ඉවතට පැමිණ ඇත. ඔබට අසීමිත අයිතීන් ලැබී තිබේ. එබැවින් මින් සතුටට පත් වන්න. පරම පියා අසීමිත වන සේම, අසීමිත සතුටේ, අසීමිත කුල්මත් බවේ රැඳී සිටින්න. අච්චා.

සමුගන්නා වෙලාවේ:
අම්රිත් වේලාවේ ආශිර්වාද ලත් සියලුම දරුවන්ට, ආශිර්වාද පිරිනමන්නා වන පියාගෙන් ස්වර්ණමය සෙනෙහස සහ සිහි කිරීම කාරුණිකව පිළිගන්න. ඒ සමඟම ස්වර්ණමය ලෝකය නිර්මාණය කිරීමේ සේවය කිරීමට සෑම විටම සැලසුම් ආවර්ජනය කරමින් සිටින අයට, තම හදවතින් සහ ජීවිතයෙන්, බොහෝ සෙනෙහසින් සේවයේ යෙදී සිටින අයට, තම සිරුරු, මනස සහ ධනයෙන් සහයෝගී වන ජීවාත්මයන්ට, බාප්දාදා ඔබ සියලු දෙනාට සුබ උදෑසනක්, දියමන්ති උදෑසනක් පතනවා. සෑම විටම දියමන්තියක් වී මෙම දියමන්ති යුගයේ විශේෂත්වය, ආශිර්වාදයක් සහ උරුමයක් ලෙස ගන්න. එවිට ඔබ ස්වර්ණමය ස්ථීතියක ස්ථාවරව රැඳී සිටිනු ඇති, එමෙන්ම ඔබ අන් අයටද එවැනිම අත්දැකීමක් ලබා දෙයි. එබැවින් සෑම තැනකම සිටින වීර, දියමන්ති දරුවන්ට දියමන්ති උදෑසනක්. අච්චා.

වරදානය:
ඔබ දයාවන්ත හැඟීම් සහ අන් අය වෙනුවෙන් පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති අයෙක් වී, ඔබට අපහාස කරන අයව ඉහළට ඔසවන්න.

ඔබ සමඟ සතෝගුණි හෝ තමෝගුණි කෙනෙක් වුවත් එනම්, කුමනාකාරයක ජීවාත්මයක් සම්බන්ධ වුණත්, ඔබ සෑම විටම ඔවුන් කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති අයයි, එනම්, ඔබට නින්දා කරන අයව ඔබ ඉහළට ඔසවයි. කිසිම ජීවාත්මයක් වෙනුවෙන් නොකමැත්තේ ද්‍රිෂ්ඨියක් තබා නොගන්න, මන්ද, එම ජීවාත්මය නොදැනුවත්කමේ බලපෑම යටතේ සිටින බව ඔබ දන්නවා, එනම්, ඔහුට වැටහීමක් නැත. එම ජීවාත්මය වෙනුවෙන් අකමැත්ත නොව, අනුකම්පාව සහ සෙනෙහස දක්වන්න. අන් අය කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති ජීවාත්ම, කිසිම විටෙක මෙසේ නොසිතයි මේ කෙනා මෙය සිදු කළේ ඇයි? ඔවුන් සෑම විටම සිතන්නේ, ඒ ජීවාත්මයට යහපතක් සිදු කරන්නේ කෙසේද කියායි. සුබ පතන්නෙකුගේ ස්ථීතිය මෙයයි.

පාඨය:
තපස්යාවේ බලයෙන්, කිසිසේත් කළ නොහැකි දේ, කළ හැකි දෙයක් බවට පත් කර, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න.