10.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය ඔබ ජීව මරණයක් ලබා තිබෙනා උපතයි. ඔබ ඔබගේ පියා වන බාබාගෙන් ඔබගේ උරුමය දිනා ගන්නවා. ඔබ විශාල ලොතරැයියක් දිනාගෙන ඇත. එමනිසා, අසීමිත වූ සතුටින් සිටින්න.

ප්‍රශ්නය:
ඔබ තුළ ඇති සෑම කනස්සල්ලකටම අවසානය තැබීමට හා කෝපයට පත්වීම නතර කර ගැනීමට ඔබට ඔබ කිවයුතු දේ කුමක්ද?

පිළිතුර:
මම බාබාගේ දරුවෙක්. මම පියා මෙන් මිහිරි විය යුතුයි. බාබා ඉතාමත් මිහිරි ලෙස සියල්ල පැහැදිලි කර කියා දෙනවා සේ, බාබා කෝපයට පත් නොවනා සේ මමත් අන් අයට ඉතාමත් මිහිරි විය යුතුයි, ලුණු වතුර සේ නොවිය යුතුයි. මන්ද, පසුවන සෑම තත්පරයක්ම නාටකයේ කොටසක් බව මා දන්නවා. එමනිසා, කනස්සල්ලට පත්වීමට තිබෙන්නේ කුමක්ද? මේ ආකාරයෙන් ඔබට කතා කරන්න. එවිට ඔබගේ සෑම කනස්සල්ලක්ම අවසන් වී යනු ඇත. ඔබගේ කෝපය අතුරුදහන් වී යනු ඇත.

ගීතය:
මෙය වසන්ත කාලයයි. විනෝද වෙමින් ලෝකය අමතක කර දැමීමට කාලයයි

ඕම් ශාන්ති.
මෙම ගීතය ඇත්තේ බාබාගේ දරුවන්ගේ සතුට සම්බන්ධවයි. සත් යුගයේ දී ඔබට එවන් සතුටේ ගීත ගායනා කරන්න ලැබෙන්නේ නැහැ. එම නිධාන ඔබට ලැබෙන්නේ දැන් මේ මොහොතේදීයි. ලොකුම ලොතරැයිය මෙයයි. මිනිසුන්ට ලොතරැයියක් දිනූ විට, ඔවුන් ඉතාමත් සතුටට පත්වෙනවා. මෙම ලොතරැයිය දිනා ගැනීමෙන්, ඔබට උපතක් උපතක් පාසාම දිව්‍ය ලෝකයේ සතුට දැනෙනවා ඇති. මෙය ඔබ ජීව මරණයක් ලද උපතයි. ඔබ එවන් ජීව මරණයක් ලැබුවේ නැති නම් මෙය ඔබගේ ජීව මරණය වෙන්න බැහැ. ජීව මරණයක් ලබනා තෙක් ඔබගේ සතුට නම් වූ රසදිය කඳ ඉහළ යන්නේ නැහැ. ඉන් අදහස් වන්නේ ඔබ බාබාව ඔබට අයිතිකර ගත යුතුයි. එය කරනා තෙක් ඔබට සම්පූර්ණ උරුමයක් දිනා ගන්න බැහැ. බාබාට අයිති වුණු අය, බාබාව සිහි කරනා අයව බාබාත් සිහිකරනවා. ඔබ සත්‍යයේ දරුවන්ය. තමන් දැන් පියාගෙන් තම උරුමය හා ආශීර්වාදය දිනා ගන්නවාය යන කුල්මත් බව ඔබ තුළ තිබෙනවා. භක්ති මාර්ගයේදී භක්තිවන්තයින් එහේ මෙහේ රස්තියාදු ගසන්නේ මේ වෙනුවෙනුයි. පියාව මුණ ගැසීම සඳහා මිනිස්සු නොයෙකුත් ක්‍රම අනුගමනය කරනවා. නොයෙකුත් වේද ග්‍රන්ථ, ආගමික ග්‍රන්ථ හා සඟරා වැනි දේත් ඔවුන් හදාරනවා. කොහොමනමුත්, දවසින් දවස ලෝකය එන්න එන්නම දුකින් පිරෙනවා: එය තමෝප්‍රධාන් විය යුතුයි. මෙය කටු වලින් පිරි ගසකි. කටුවල අයිතිකරුම එම කටු මල් බවට වෙනස් කිරීමට පැමිණෙනවා. කටු ඉතා විශාල ඒවා බවට පත්වෙලා. මහත් වේදනාවක් ඇති කරවමින් ඒවා අනිනවා. ඔවුන්ට, නම් රාශියක් දී තිබෙනවා. සත් යුගයේ ඒවා නැහැ. බාබා පැහැදිලි කර කියා දෙනවා: මෙය කටුවලින් පිරි ලෝකයයි. ඒවා දිගටම එකිනෙකාව රිදවා ගන්නවා. ගෙදරක වුණත් එවන් වැදගත්කමකට නැති දරුවන් සිටිනවා, ඒ ගැන අහන්නවත් එපා` ඔවුන් තම මවටත් පියාටත් මහත් දුක් දෙනවා. සෑම කෙනෙක්ම එක වගේ නොවෙයි. වැඩියෙන්ම දුක දෙන්නේ කවුද කියා මිනිස්සු දන්නේ නැහැ. බාබා කියනවා: ගුරූන් දෙවියන්ගේ ගුණ වර්ණනාව නැති නාස්ති කර දමලා, නමුත් අපි ඔහුව මහත් සේ ප්‍රශංසාවට ලක් කරනවා. උත්තරිතර වශයෙන් වන්දනාවට පාත්‍රවන උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය ඔහුයි. ශිවාගේ පින්තූරය ඉතාමත් හොඳයි. කොහොමනමුත්, ශිවා ආලෝක තිතක් යන්න නොපිළි ගන්නා අය රාශියක් සිටිනවා. මන්ද, ජීවාත්ම හා උත්තරීතර ජීවාත්මය එකක් කියා තමයි ඔවුන් කියන්නේ. ජීවාත්මයක් ඉතාමත් සූක්ෂමයි. ඔහු නළල මධ්‍යයේ සිටිනවා. ඉතින්, දෙවියන්ගේ ස්වරූපය එයට වඩා විශාල වන්නේ කෙසේද? දෙවියන් එවන් කෙනෙක් වෙන්න බැහැ, ඔහු සදාකාලික දැවෙනා ආලෝකයක්, නැති නම් ඔහු හිරු දහසකට වඩා දීප්තිමත් කෙනෙක් කියා කියමින් බ්‍රහ්ම කුමාරින්ට හිනා වෙන නොයෙකුත් උගතුන් රාශියක් සිටිනවා. ඇත්තෙන්ම කියනවා නම් ඒක වැරදියි. ඔහුගේ නිවැරදි ගුණ වර්ණනාව ගැන ඔබට කිව හැක්කේ පියාටම පමණයි. මානව ලෝක ගසෙහි බීජය වන්නේ ඔහුයි. මෙම ලෝකය උඩු යටිකුරුව පෙරළුනු ගසක් වගෙයි. ස්වර්ණම හා රිදී යුගවලදී කිසිම කෙනෙක් ඔහුව සිහි කරන්නේ නැහැ. මිනිස්සු දෙවියන්ව සිහි කරන්නේ අසතුටට පත්වුණු විටයි. ඔවුන් කියනවා: අහෝ දෙවියනි, උත්තරීතර පියාණනි, උත්තරීතර ජිවයනි, අනුකම්පා කරන්න` අනුකම්පාව ඉල්ලන කිසිම කෙනෙක් සත් යුගයේදි හෝ රිදි යුගයේදී නැහැ. ඔවුන් නිර්මාණකරු වන බාබාගේ නව නිර්මාණයයි. මෙම පියාගේ ගුණ අසීමිතයි. ඔහු ඥානයේ සාගරයයි. පාරිශුද්ධකරුයි. ඔහු ඥානයේ සාගරය වන නිසා අනිවාර්යෙන්ම ඔහු දැනුම දෙන්න ඇති. ඔහු තමයි සත්‍යය. ජීවමය සත්‍යය. ප්‍රමෝදයේ ප්‍රතිමූර්තිය. දැනුම උකහා ගන්නේ ජීවතුන් අතර සිටිනා ජීවයන්ය. උදාහරණයක් වශයෙන් කියනවා නම් ජීවාත්මයක් තම ශරිරය අතහැර ගිය විට, ඔහු දැනුමේ සංස්කාර ඔහු සමඟ ගෙන යනවා. දරුවෙක් වුණු විට එම සංස්කාර ඔහු තුළ තව දුරටත් තිබෙනු ඇත. නමුත් මුඛයේ ඉන්ද්‍රියන් කුඩා නිසා, ඔහුට කතා කරන්න බැහැ. ඔහුගේ ඉන්ද්‍රියන් වර්ධනය වුණු විට ජීවාත්මය සිහි කිරිම සඳහා උනන්දු කරවන අතර මතකයන් අළුත් වෙනවා. කුඩා දරුවන් පවා ග්‍රන්ථ ආදිය මතක තබා ගන්නවා. ඒ ඔවුන්ගේ පෙර උපතේ සංස්කාර නිසායි. බාබා දැන් අපට අපගේ දැනුම නම් වූ උරුමය අපට ලබා දෙනවා. ඔහු බීජය වන නිසා මුළු ලෝකය පිළිබඳවම වුණු දැනුම ඔහු තුළ තිබෙනවා. අපට අප බීජය කියා හඳුන්වා ගන්න බැහැ. ගසක බීජය තුළ එම ගසේ මුල, මැද හා අග පිළිබඳ වූ කරුණු සටහන් වී තිබෙනවා. බාබාම කියනවා: මම තමයි ලෝකයේ බීජය. මෙම ගසෙහි බීජය ඇත්තේ ඉහළයි. බාබා සත්‍යයයි. ජිවමය සත්‍යයයි. ප්‍රමෝදයේ ප්‍රතිමූර්තියයි. ඥානයේ සාගරයයි. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුමත් ඔහු තුළ තිබෙනවා. තවත් මොනවාද ඔහු තුළ තිබෙන්න පුළුවන්? ග්‍රන්ථ වල දැනුම? බොහෝ දෙනෙක්ට එය තිබෙනවා. දෙවියන් ළඟ අනිවාර්යෙන්ම කිසියම් අළුත් දෙයක් ඇත. කිසිම පණ්ඩිතයෙක් විසින් නොකියපු දේ ඔහු ළඟ ඇති. ඕනෑම කෙනෙක්ගෙන් අසන්න: ලෝක ගස මතුවන්නේ කෙසේද? එය පෝෂණය වන්නේ කෙසේද? එහි ආයු කාලය කොපමණද? එය විනාශ වන්නේ කවදාද? එය වර්ධනය වන්නේ කෙසේද? මේ කිසිම දෙයක් පැහැදිලි කර කියා දෙන්න කිසිම කෙනෙක්ට බැහැ. සෑම ග්‍රන්ථයක්ම අතුරින් එකම එක මැණික වන්නේ ගීතාවයි. අන් සෑම කෙනෙක්ම එහි දරුවන්ය. ගීතාව කියවීමෙන් පසුවත් මිනිස්සු කිසිම දෙයක් අවබෝධ කර ගන්නේ නැති නම් වෙනත් ග්‍රන්ථයක් කියවා ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේද? උරුමය ලැබෙන්නේ ගීතාවෙනුයි. මුළු නාටකයේම රහස් දැන් බාබා පැහැදිලි කර කියා දෙනවා. බාබා ඔබගේ බුද්ධිය ගලකින් දිව්‍යමය එකක් බවට පත් කරවා ඔබව දිව්‍යත්වයේ දෙවියන් බවට පත්කරවනවා. සෑම කෙනෙක්ම ගල් වල දෙවිවරුන් බවට පත්වෙලා, සෑම කෙනෙක්ටම දැන් තිබෙන්නේ එතරම් ගල් බුද්ධියකුයි. කොහොමනමුත්, ඔවුන් තම තමන්ට විශාල නම් දී ගනිමින් තම තමන් දිව්‍යමය බුද්ධියක් ඇති අය වශයෙන් හඳුන්වා ගන්නවා. බාබා පැහැදිල කර කියා දෙනවා: මගේ ගුණ ගායනාව තමා අසහායම දේ වන්නේ, මම ඥානයේ සාගරයයි. ප්‍රමෝදයේ සාගරයයි. සතුටේ සාගරයයි. දේවතාවරුන්ව මේ ආකාරයේ ප්‍රශංසාවට ලක් වන්නේ නැහැ. භක්තිවන්තයින් දේව ප්‍රතිමා ඉදිරිපිටට ගොස් මෙසේ කියනවා: ඔබ සෑම දිව්‍යමය ගුණ ධර්මයකින්ම පිරිලා. සොළොස් කලාවන්ගෙන් සම්පූර්ණයි. මෙම ගුණ වර්ණනාව අයිති පියාට පමණක් බව ඔබ දන්නවා. දේවාල වල පෙන්වා තිබෙනා අය ඔවුන්ගේ සම්පූර්ණ උපත් 84 ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබගේ බුද්ධියේ දැන් තිබෙනවා. එමනිසා, ඔබ තුළ කෙතරම් සතුටක් තිබිය යුතුද? මීට පෙර ඔබ මේ ආකාරයෙන් සිතුවේ නැහැ. ඔබටත් ඔහු හා සම විය යුතු නිසා ඔබගේ බුද්ධිය තුළ විශාල පරිවර්ථනයක් සිදුවිය යුතු බව ඔබ දැන් දන්නවා. බාබා දරුවන් වන ඔබට සියල්ල පැහැදිලි කර කියා දෙනවා: එකිනෙකා සමඟ ඉතාමත් මිහිරි වන්න. ලූණු වතුර වගේ වෙන්න එපා. බාබා කාත් එක්කවත් තරහා වෙනවාද? ඔහු ඉතාමත් මිහිරි ලෙස සියල්ල පැහැදිලි කර කියා දෙනවා. පසුවන එක් තත්පරයක් වුණත් නාටකයේ කොටසක් කියා කිව හැකියි. ඒ ගැන කනස්සළු වන්න තිබෙන්නේ කුමක්ද? මේ ආකාරයෙන් ඔබම සියල්ල වටහා දෙන්න. පියාගේ දරුවන් වන ඔබ කිසිම කෙනෙක්ට දෙවෙනි නැහැ. පියාගේ දරුවන් අනිවාර්යෙන්ම පියා සමඟ වාසය කළ යුතුයි යන්න ඔබට අවබෝධ කර ගත හැකියි. පරමාත්ම දෙවියන් අශාරිරිකයි. ඉතින් ඔහුගේ දරුවනුත් අශාරිරිකයි. එම දරුවන්ම මෙහි පැමිණ තමන්ගේම චරිතය රඟපෑම සඳහා ක්‍රමයක් සොයා ගන්නවා. දිව්‍ය ලෝකයේ සිටිනා මිනිස්සු අයිතිවන්නේ දේවතා ධර්මයටයි. සෑම කෙනෙක්ම උපත් කීයක් ගන්නවාද කියා ඔබ ගණනය කර බැලූවොත්, ඔබට ඔබගේ හිස ඒ සඳහා බොහෝ සෙයින් වෙහෙස වන්න සිදු වේවි. කොහොමනමුත්, ඔවුන් පැමිණෙන කාලයේ හැටියට ඔවුන් ගන්නා උපත් ගණන අඩු වෙනවා. මීට පෙර මිනිස් ජිව බල්ලෝ බළල්ලූ වෙන බවත් ඔබ විශ්වාස කළා. ඒ කාලයේ ඔබට තිබුණු බුද්ධියත්, දැන් ඇති බුද්ධියත් අතර දිවා රෑ මෙන් වෙනසක් ඔබ තුළ තිබෙනවා. සෑම දෙයක්ම හොඳින් උකහා ගත යුතුයි. උපත් 84හි චක්‍රය දැන් අවසන් බව කෙටියෙන් පැහැදිලි කර කියා දීලයි තිබෙන්නේ. දැන් ඔබගේ කිලිටි ශරිරය අත්හැර දැමිය යුතුයි. සෑම කෙනෙකුගේම ශරිරය පැරණියි, දිරාපත් වෙලා, තමෝප්‍රධාන් වෙලා. ඒ වෙත ඇති බැඳීම ඉවත් කර ගන්න. ඇයි ඔබ ඔබගේ පැරණි ශරිරය සිහි කරන්නේ? දැන් සත් යුගයේදී ලැබෙන්න තිබෙනා අළුත් ශරිරය මතක් කර ගන්න. ඔබ ආපසු ගොස් පසුව මුක්ති දේශය හරහා සත් යුගයට පැමිණෙනු ඇත. ජීවන මුක්ති දේශය වෙත අප යන විට අන් සෑම කෙනෙක්ම මුක්ති දේශය වෙත යනවා. ජයග්‍රහණයේ කඳුළු යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. දුකෙහි කඳුළු වලට පසුව ජයග්‍රහණයේ කඳුළු ඇති වේවි. බොහෝ දෙනෙක් මිය යාවි. ඉතින් ඒ සඳහා කුමන හෝ දෙයක් උපකරණයක් විය යුතුයි. ස්වභාවික වියසන සිදුවේවි. මහ මුහුද පමණක් මුළු භූමියම විනාශ කරන්නේ නැහැ. සෑම දෙයක්ම අවසන් විය යුතුයි. කොහොමනමුත්, අවිනාශී දේශය වන භාරතය ඉතිරි වෙනවා. මන්ද, එය ශිව බාබාගේ ජන්ම භූමියයි. එමනිසා, මෙම දේශය සෑම වන්දනා ස්ථානයකටම වඩා උසස්ම උසස් වූ වන්දනා ස්ථානය වෙනවා. බාබා සෑම කෙනෙක්ටම මුක්තිය ලබා දෙනවා. නමුත් මනුෂ්‍ය ජීවීන් මේ ගැන දන්නේ නැහැ. ඔවුන් මෙය නොදැන ගැනීමත් නාටකයේම කොටසක්. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: දරුවනි, ඔබත් කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. නිර්මාණකරු හා මානව ලෝකයේ ආරම්භය, මැද හා අවසානය ගැන වූ සෑම දෙයක්ම ඔබට කියා දුන්නේ මමයි. රිෂීවරුන් හා මුණිවරයින් පවා තමන් මෙය දන්නේ නැහැයි කියා කිව්වා. මුළු ලෝකයේම ලොකුම සතුරා වන්නේ පස් පව් යන්න ඔවුන් දන්නේ නැහැ. භාරතයේ මිනිස්සු අවුරුද්දක් අවුරුද්දක් පාසා රාවණ් පුළුස්සනවා. නමුත් ඔහු භෞතික හෝ ආධ්‍යාත්මික හෝ නොවන නිසා කිසිම කෙනෙක් ඔහු ගැන දන්නේ නැහැ. පාප වලට කිසිම ස්වරූපයක් නැහැ. කෙනෙක් ක්‍රියා කරන්න පටන් ගත් විට පමණයි රාගය හෝ කෝපය යන ලක්ෂණ මොහු ළඟ තිබුණාද කියා දැන ගත හැකි වන්නේ. පාප වලත් ඉහළ, මධ්‍යම හා පහත් කියා කොටස් කිහිපයක් තිබෙනවා. ඇතැම් අය තුළ මහත් වූ තමෝප්‍රධාන් ආශාවන් වන රාගය තිබෙනවා. ඇතැම් අයට රජෝ කුල්මත් බවක් හා තවත් පිරිසක් ළඟ සතෝප්‍රධාන් තත්ත්වයක් තිබෙනවා. ඇතැම් අය උපතින්ම බ්‍රහ්මචාරීව වෙසෙනවා. ගෘහ ජීවිතයක කෙනෙක් බවට පත් වීම අනවශ්‍ය බරක් වශයෙන් පමණයි ඔවුන් දකින්නේ. හොඳම අය වශයෙන් හඳුන්වන්නේ එවන් අයවයි. සන්යාසීන් අතර වුණත් උපතින්ම බ්‍රහ්මචාරී අය වඩාත් හොඳ අය වශයෙනුයි සලකන්නේ. ආණ්ඩුවට නම් ඉතාමත් හොඳයි. මන්ද, ජනගහනය වැඩි වන්නේ නැහැනේ. ඔවුන්ට පාරිශුද්ධත්වයේ බල ලැබී තිබෙනවා. මෙය ඉතාමත් අදෘෂ්‍යමානයි. සන්යාසීන්ව පාරිශුද්ධව සිටිනවා. කුඩා දරුවනුත් පාරිශුද්ධයි. එමෙන්ම විශ්‍රාමික අවදියේ සිටින්නනුත් පාරිශුද්ධව සිටිනවා. එමනිසා, දිගින් දිගටම පාරිශුද්ධත්වයේ බල ලබා ගන්න. දරුවෙක් කිසියම් දුරකට යන තෙක් පාරිශුද්ධව තබා ගත යුතුයි කියාත් නීතියක් තිබෙනවා. ඉන් ඔවුන්ට බලය ලැබෙනවා. ඔබ පාරිශුද්ධ වන්නේ සතෝප්‍රධාන් ලෙසිනුයි. මෙම අවසන් උපතේදී ඔබ බාබාට පොරොන්දුවක් වෙනවා. ඔබ තමයි ස්වර්ණම යුගය ස්ථාපනය කරන්නේ. පාරිශුද්ධව සිටින්නන් පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් බවට පත්වනු ඇත. එය ඔවුන්ගේ උත්සාහයට අනුව, අංක පිළිවෙලටයි. මෙය දෙවියන්ගේ පවුලයි. සෑම කල්පයකදීම වතාවක් පරමාත්ම දෙවියන් සමඟ වාසය කරනා විට උපත් ගණනාවක ඔබ දේවතා කුලයට ඇතුළු වනු ඇත. මේ එකම එක උපත ඉතාමත් අගනා උපතකි. පියාගේ මෙය ඉහළම ඉහළ කුලයයි. ඉහළම කුලය වන්නේ බ්‍රහමින් කුලයයි. පහළම කුලයෙන් පැමිණි අය අපි දැන් උසස්ම අය බවට පත්ව සිටින්නෙමු. ශිව බාබා බ්‍රහ්මාව නිර්මාණය කළ විට පමණයි බ්‍රහමින්වරුන්ව නිර්මාණය කළ හැකි වන්නේ. බාබාගේ සේවයේ නිරත වී සිටින්නන් විශාල සතුටක් අත්දකිනවා. අපි පියාගේ දරුවන් බවට පත්ව සිටින්නෙමු. අපි ශ්‍රීමත් අනුගමනය කරන්නෙමු. ඔබ ඔබගේ හැසිරීම මඟින් ඔහුගේ නම කීර්තියට ලක් කරවනවා. ශිව බාබා කියනවා: අන් අය යක්ෂ ගති ගුණ ඇත්තන්ය, නමුත් ඔබ දිව්‍යමය ගුණ ධර්ම ඇති අය බවට පත්වෙයි. ඔබ සර්ව සම්පූර්ණ වුණු විට ඔබගේ හැසිරීම ද ඉතාමත් හොඳ එකක් වනු ඇත. බාබා කියයි: තම තමන්ගේ උත්සාහයන්ගේ ඵලය වශයෙන් දිව්‍යමය ගුණ ධර්ම සහිතව සිටි අය ඔබයි. යක්ෂ ගති ගුණ ඇති අයත් අංක පිළිවෙලකට සිටිනවා. උපතින්ම බ්‍රහ්චාරී අයත් සිටිනවා. සන්යාසීන් පාරිශුද්ධව සිටීම ඉතාමත්ම හොඳ දෙයක්. නමුත්, මුක්තිය ලබා දෙන්න ඔවුන්ට බැහැ. ගුරූන් ජීවයන්ට මුක්තිය ලබා දුන්නා නම් ඔවුන් එම ජීව තමන් සමඟ ආපසු ගෙන යනු ඇත. කොහොමනමුත්, ඔවුන් ඈතට ගොස් ඔවුන්ව අතහැර දමනවා. මෙහිදීි බාබා කියන්නේ: මම ඔබව මා සමඟ ගෙන යමි කියලයි. මා පැමිණෙන්නේ ඔබව මා සමඟ ගෙන යන්නයි. ඔවුන්ට බැහැ ඔබව ගෙන යන්න. ඔවුන්ම නිවෙස්වලට දාව නැවත උපත් ගන්නවා. පසුව ඔවුන්ගේ සංස්කාර නිසා නැවතත් වතාවක් අන් අයගෙන් ඈත් වී යනවා. ඔවුන්ගේ නම, ස්වරූපය සෑම උපතකදීම වෙනස් වෙනවා. දැන් ඔබ දරනා උත්සාහයට අනුව තමන්ට සත් යුගයේ උසස් තත්ත්වයක් ලැබෙනවා කියා දරුවන් දැන් දන්නවා. තත්ත්වයක් ලබා ගන්නේ කෙසේද කියා, එහිදී ඔබ දන්නේ නැහැ. මීට පෙර කල්පයේදී ඔබ කුමන උත්සාහයක් දැරුවා වුවත් එම දේම දැන් ඔබ කරනු ඇත. එහි විවාහ සිදුවන්නේ කෙසේද වැනි දේ ගැනත් දරුවන්ට දර්ශන දී තිබෙනවා. විශාල උද්‍යාන හා ගෙවතු එහි තිබේවි. දැන් භාරතයේ මිලියන ගණනින් ජනගහනය සිටිනවා. එහි සිටින්නේ සිය දහස් ගණනක් පමණයි. තට්ටු හය හතක ගොඩනැගිලි එහිදී නැහැ. ඒවා ඇත්තේ මේ කාලයේදීයි, මන්ද, ඉඩ ප්‍රමාණය නැති නිසායි. එහි එතරම් සීතල නැහැ. කිසිම දුකක් නැහැ. රස්නය නැහැ. එමනිසා, කඳු මුදුන් නගින්න යන්න අවශ්‍ය නැහැ. මේ මොහොත වන විට මිනිස්සු සිටින්නේ කටු කැලයකයි. වැඩි වැඩියෙන් සතුට ලබන්න ආසා වන විට දුක ද වැඩි වනු ඇත. දැන් මහත් සේ දුක තිබෙයි. යුද්ධයක් අවසන් වන විට ලේ ගංගාවල් ගලන්න පටන් ගන්නවා. අච්චා. මෙම මුරලිය කිව්වේ දරුවන් වන ඔබ සියල්ලන් ඉදිරියේයි. අංක එක පෞද්ගලිකව ඇසීම: දෙවනුව කැසට් පටයකට ඇහුම් කන් දීම හා තෙවැන්න මුරලිය කියවීම. එමනිසා, එය සතෝප්‍රධාන්, සතෝ හා රජෝ විය යුතුයි. මෙයට තමෝ මට්ටමක් තිබෙන්න බැහැ. කැසට් පටයේ එය නිවැරදියි. අච්චා.

බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන්ට බාප්දාදා සහ අපගේ සුමිහිරි මවගෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ කියයි.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ හැසිරීමෙන් හා දිව්‍යමය ගුණධර්ම මඟින් පියාගේ නම කීර්තියට ලක් කරවන්න. යක්ෂ ගතිගුණ ඉවත් කරන්න.

2. ඔබගේ පැරණි දිරාපත් වුණු ශරිරයට බැඳීමක් ඇති කර ගන්න එපා. සත් යුගයේ ඔබගේ නව ශරිරය ගැන සිතන්න. පාරිශුද්ධව සිටීමෙන් ඔබේ අදෘෂ්‍යමාන වූ සහාය ලබා දෙන්න.

වරදානය:
ඔබ මාස්ටර් සර්ව බලධාරියෙක් වී, දුර ඈත අසුන්ගෙන සිටින ජීවාත්මයන්ට ඔබගේ ආධ්‍යාත්මිකත්වයේ බලයෙන් සමීපත්වයේ අත්දැකීම ලබා දෙත්වා.

විද්‍යාවේ පහසුකම් මගින් දුර ඈත ඇති දේවල් ඔබට සමීප බව අත්දැකිය හැක. ඒ ආකාරයෙන්ම, ඔබගේ දිව්‍යමය බුද්ධියෙන්, දුර ඈත ඇති දෙයක් ඔබට සමීප බව අත්දැකිය හැක. ඔබ සමග සිටින අයව දැකීමට, කතා කිරීමට මෙන්ම සහයෝගය ලබා දීමට සහ ගැනීමට ඔබට හැකි සේම, ඔබගේ ආධ්‍යාත්මිකත්වයේ බලයෙන්, ඔබට දුර ඈත අසුන් ගෙන සිටින ජීවාත්මයන්ට සමීප බවේ අත්දැකීම ලබා දිය හැක. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබ මාස්ටර් සර්ව බලධාරී මනෝ ස්ථිතියේ ස්ථාවර වී පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතියක් ඇතිව ඔබගේ සිතිවිලි බලය පිරිසිදු කිරීමයි.

පාඨය:
ඔවුන්ගේ සෑම සිතිවිල්ලකින්, වචනයකින් සහ ක්‍රියාවකින් අන් අයව දිරිගන්වන අයට පමණයි, දිරිගැන්වීම් ලබා දෙන ප්‍රතිමූර්ති වීමට හැකි වන්නේ.