10.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, හැම කෙනෙකුටම භාරතය නැවතත් දෙව් ලොවක් වෙමින් තිබේ යන සුබ ආරංචියත් දෙව් ලොව දෙවියන් වන පියා පැමිණ ඇති බවත් පිළිබඳ සුබ ආරංචියත් දෙන්න.

ප්‍රශ්නය:
දෙව් ලොව අයිතිකරුවන් වන බව පිළිබඳ සතුට ඇති දරුවන්ගේ ලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන් ඇතුළතින් කිසි විටෙක දුක අත් නොවිඳී. ඔවුන් වැදගතුන් බවත් පියා ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන් හා සමානව නිර්මාණය කරන බව පිළිබඳ කුල්මත් බව ඔවුන්ට ඇත. ඔවුන්ගේ හැසිරීම රාජකීය වේ. ඔවුන්ට මෙය අන් අයට නොදී සිටිය නොහැක.

ඕම් ශාන්ති.
පියාගේ විස්තරයෙන් ඔබ දරුවන් දන්නවා මෙම පණිවුඩය විශේෂයෙන් භාරතයටත් පොදුවේ ලෝකයටත් යා යුතු බව. භාරතය නැවතත් දෙව් ලොවක් වෙමින් තිබේ යන පණිවුඩය සෑම කෙනෙකුටම ලබා දෙන පණිවුඩකරුවන් ඔබලායි. දෙව් ලොව නැවතත් ස්ථාපණය වේ. මේ සඳහා දෙව් ලොව දෙවියන් වූ පියා භාරතයට පැමිණ ඇත. ඔබ දරුවන්ට මෙම පණිවුඩය පැහැදිලිව දීමට උපදෙස් ලැබී ඇත. හැම කෙනෙක්ම තම ආගම ගැන සැලකිලිමත්ය. ඔබ සැලකිලිමත් වන්නේ ඔබේ ආගම ගැනය. ඔබ කියා දෙන සුබ ආරංචිය නම් භාරතය නැවතත් දෙව් ලොව බවට පත් වී භාරතයේ සූර්ය වංශික දේව ආගම ස්ථාපනය වන බවයි. ඔබ ලෝකයේ හිමිකරුවන් වෙමින් සිටී යන සතුට ඔබ ඇතුළත තිබිය යුතුයි. මෙය ඇත්නම් කිසි දුකක් ඇති නොවේ. ඔබ දරුවන් දන්නවා නව ලොවක් හැදීම දුෂ්කර බව. අවිහිංසකයින්ට විරුද්ධ ප්‍රචණ්ඩත්වය එමට තිබේ. බාබා පත්‍රිකා මුද්‍රණය කර මෙසේ කීවා සහෝදර සහෝදරියනි, ඇතුළට පැමිණ මෙම සුබ ආරංචියට සවන් දෙන්න. බාබා එසේ කළා සේ ඔබද මෙම පණිවුඩය භාරතයේ මිනිසුන්ට දීමේ සිහිය සැමවිට තබා ගත යුතුය. දවස පුරාම අසීමිත පියා පැමිණ අසීමිත උරුමය දෙන පණිවුඩය සෑම කෙනෙකුටම දීමට ඔබ කැප විය යුතුය. ලක‍්ෂ්මි නාරායන් පිංතූරය දකින විට දවස පුරාම ඔබ උද්යෝගයෙන් සිටිය යුතුය. ඔබ ඉතා වැදගත් අයයි. ඒ නිසා ඔබේ හැසිරීම කිසි ලෙසකින් අශික‍්ෂිත නොවිය යුතුය. ඔබ වඳුරන්ට වඩා නරක් වී සිටින්න පුරුදු වී සිටි බව ඔබ දන්නවා. බාබා දැන් ඔබව දේවී දේවතාවන් හා සමාන කරවන අතර ඔබ සතුටින් ඉපිලිය යුතුයි. පුදුමය නම් ඔබ දරුවන් කිසිවෙක් එසේ සතුටින් නොසිටිනවා සේම සෑම කෙනෙකුටම මෙම සුභාරංචිය සතුටින් නොදීමයි. පියා ඔබ පණිවුඩකරුවන් ලෙස සූදානම් කර ඇත. ඒ නිසා සැමට මෙම පණිවුඩය අස්සවන්න. භාරතයේ මිනිසුන් දන්නේ නැහැ, ඔවුන්ගේ ආදී සනාතන දේවී දේවතා ධර්මය ඇති වූයේ කවදාද නැති වූයේ කවදාද කියා. දැන් ඉතිරිව ඇත්තේ ප්‍රතිමා පමණයි. අන් සියලු ආගම් තිබුණා නමුත් දැන් ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණක් දකින්න නැත. මේ ප්‍රතිමා ඇත්තේ භාරතයේ පමණි. බ්‍රහ්මා තුළින් ස්ථාපණය සිදුවුණි. ඒ නිසා ඔබ සැමට මේ සුභාරංචිය දිය යුතු අතර ඔබේ ඇතුළත සතුට රඳා තිබේ. මෙම ආරංචිය ප්‍රදර්ශන වලදී මෙසේ දෙන්න පැමිණ ඔබේ උරුමය අසීමිත පියාගෙන් ලබා ගන්න. ලක‍්ෂ්මි සහ නාරායන් දෙව් ලොව අයිතිකරුවන් වූවා. ඔවුන් කොහාට ගියාද? කිසිවෙක් නොදනී. ඒ නිසයි කියන්නේ, ඔවුන්ගේ මුහුණු මිනිසුන් මෙන් වුවත් චරිතය වඳුරන්ගේ මෙනි කියා. ඔබේ මුහුණු නම් මිනිසුන්ගේ මෙන් වන අතර ඔබේ චරිතය දෙවි දේවතාවුන්ගේ මෙන් වෙමින් තිබේ. ඔබ නැවතත් සියලු ගුණාංගයන්ගෙන් පිරී යන බව ඔබ දනී. ඒ නිසා අන් අයද මෙම උත්සාහයට උනන්දු කරවන්න. ඉතා හොඳ සේවයක් කිරීමේ හොඳම ක්‍රමය ප්‍රදර්ශනයි. ගේ දොර බන්ධන නැති විශ්‍රාමික සහ විවාහ නොවූ කුමර කුමරියන්ටත් සේවය කිරීමේ බොහෝ අවස්ථා ලැබේ. ඔබ සේවයේ නිරත විය යුතුමයි. මෙකල විවාහ වනවා යනු ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කර ගැනීමකි. අවිවාහකව සිටීම හොඳ තත්ත්වයකි. පියා මෙසේ කියයි අපිරිසිඳු ලෝකය වන මෙම මරණයේ දේශය දැන් විනාශ වීමටයි යන්නේ. එම පිරිසිඳු ලෝකයට යාමට ඕන නම් මේ සේවයේ නිරතව සිටින්න. ඔබ ප්‍රදර්ශනයකින් පසු තව තවත් ප්‍රදර්ශන තබන්න. සේවාධාරී දරුවන් සේවය කිරීමට ඉතා උනන්දුයි. සමහරු බාබාගෙන් මෙසේ අසයි මම රැකියාවෙන් අස් වෙන්නද? බාබා ඔබ එතරම් වටිනවා දැයි ඔබ දෙස බලයි. ඉන් පසු රැකියාව අතහැර මෙම සේවය කිරීමට අවසර දෙයි. ඔබ මේ පණිවුඩය සැමට දිය යුතුයි. පියා මෙසේ කියයි ඔබ පැමිණ ඔබේ රජ දහනේ වාසනාව ලබා ගන්න. අවුරුදු 5000 කට පෙරත් ඔබ මෙය ලබා ගත්තා. දැන් නැවතත් පැමිණ එය ලබා ගන්න. මගේ උපදෙස් පිළිපැදිම පමණයි ඇත්තේ. ඔබේ අඩුපාඩුකම් ඔබම සොයා ගන්න. මෙම පදක්කම් විශාල සේවයක් සඳහා භාවිත කළ හැකියි. මේ පදක්කම ඉතා හොඳ පළමු පංතියේ එකක්. එහි වටිනාකම සුළු මුදලක් වුවත් ඉතා හොඳ තත්ත්වයක් ලැබීමට එය පාවිච්චි කළ හැක. මිනිසුන් ඔවුන්ගේ ඉගෙනුම් සඳහා පොත් ආදියට බොහෝ මුදල් වැය කරයි. මෙහි පොත් ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට ඇත්තේ හැම කෙනෙකුගේම කනට පියාගේ සත්‍ය මන්ත්‍රය මුමුණා පණිවුඩය දීමයි. අන් සැවොම ලබා දෙන්නේ ව්‍යාජ මන්ත්‍රයන්ය. ව්‍යාජ දේ වල වටිනාකමක් නැත. දියමන්ති වලට මිස ගල් කැබලි වලට වටිනාකමක් නැත. මේ හැම වචනයක්ම ලක‍්ෂ ගණන් වටී. යන පැසසුම අදාල වන්නේ මෙම ඥානයටයි. බොහෝ ආගමික පොත් ඇති බව පියා කියයි. ඔබ ඒවා චක්‍ර භාගයක්ම හැදෑරූ නමුත් එයින් කිසිම තත්ත්වයක් ලැබුණේ නැහැ. දැන් ඔබට ඥාන මිණිමුතු ලැබේ. ඒ මිනිසුන් ආගමික ග්‍රන්ථ උගතුන් වන අතර පියා වූ කළී ඥාන සාගරයයි. ඔහුගේ සෑම වචනයක්ම ලක‍්ෂ ගණනක් වටී. ඔබ ලොව හිමිකරුවන් වන්නේ ඒ තුළිනි. ඔබ කෝටි ප්‍රකෝටි පතීන් වේ. මේ ඥානය එතරම්ම ප්‍රශංසනීයයි. ඔබ ආගමික පොත් කියවීමෙන් දුප්පතුන් වූවා. දැන් ඔබ මෙම ඥාන මිණිමුතු දානය කළ යුතුයි. පියා බොහෝ පහසු ක්‍රම කියා දෙයි. ඔවුන්ට මෙසේ කියන්න ඔබ ඔබේ මව් ආගම අමතක කළාට පසු ඉන් පිටත ඉබාගාතේ යන්න පටන් ගත්තා. භාරතයේ ඔබ මිනිසුන්ගේ ආදී සනාතන දේවී දේවතා ධර්මයට සිදු වූයේ කුමක්ද? අසූ හාර දාහේ කතා කීම නිසා කිසිවක් බුද්ධියට ඇතුළු වූයේ නැත. පියා දැන් මෙසේ විස්තර කරයි ඔබ අයත් වූයේ ආදී සනාතන දේවී දේවතා ධර්මයටයි. පසුව ඔබ උපත් 84ක් ගත්තා. ලක‍්ෂ්මි සහ නාරායන් ද අයත් වූයේ ආදී සනාතන දේවී දේවතා ආගමටයි. ඔවුන් ද ඔවුන්ගේ ආගමෙනුත් ක්‍රියාවෙනුත් දූෂිත බවට පත් වූවා. අන් සියලු ආගම් තිබෙන නමුත් මෙම ආදී සනාතන දේවී දේවතා ධර්මය දක්නට නැත. මෙය තිබුණු කාලයේ අනෙකුත් ආගම් නොතිබුණි. මෙය එතරම්ම පහසුය! මේ පියා, මේ දාදා ප්‍රජාපිතා බ්‍රහ්මා වන අතර ඔබ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් ද බොහෝ සෙයින් නියතයෙන්ම සිටිය යුතුය. පියා පැමිණ ඔබව රාවණ්ගේ දුක් විමන නමැති සිර මැදිරියෙන් නිදහස් කර ගනී. දුක් විමන යන්නෙහි තේරුම කිසිවෙක් තේරුම් නොගනී. පියා මෙසේ කියයි මේ දුක් ලෝකය වන අතර අනෙක සතුටු ලෝකයයි. ඔබේ සාම ලෝකය සහ සතුටු ලෝකය නොකඩවා දිගටම සිහිකරන්න. ඔවුන් අශරීරික ලෝකය (incorporeal world) ගැන කතා කරයි. මෙම ඉංග්‍රීසි වදන් ඉතා හොඳය. මෙහි ඉංග්‍රීසි භාෂාව කථීක භාෂාව වී ඇත. දැන් බොහෝ විවිධ භාෂා තිබේ. මිනිසුන් කිසිවක් තේරුම් නොගනී. දැන් නිර්ගුණ් ආයතනය නමින් ළමා ආයතනයක් ද ඇත. නිර්ගුණ් යන්නෙහි තේරුම ගුණවත්කම් නොමැති යන්නයි. ඔවුන් එවැනි ආයතන ඔහේ හදයි. ඔවුන් එය නම්කර ඇත්තේ නිර්ගුණ යන්නෙහි තේරුම හරි හැටි නොදැනයි. එවැනි ආයතන බොහෝ ඇත. භාරතයේ තිබුණේ ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණි. එකල අන්‍ය කිසිඳු ආගමක් නොතිබුණි. කොහොමනමුත්, මිනිසුන් චක්‍රයේ කාල සීමාව අවුරුදු 5000 වෙනුවට අවුරුදු ලක‍්ෂ ගණන් යැයි කියයි. ඔවුන් අවිද්‍යා අන්ධකාරයෙන් මුදවා ගත යුතුය. ඔබ එම සේවය කළ යුතුය. මෙම නාටකය පූර්ව නියමිත වුවද, ශිව බාබාගේ යග්‍යාවෙන් යැපෙද්දී ඔබ සේවය නොකළොත් බාබාගේ දකුණු අත වැනි වූ ධර්මරාජ් තුළින් ඔබ දඬුවම් අත් විඳිනු ඇත. ඒ නිසා, ඔබ ප්‍රවේසම් විය යුතුයි. සේවය කිරීම ඉතා පහසුයි. හැම කෙනෙකුටම සෙනෙහසින් යුතුව විස්තර කර දෙන්න. ගංඟා නම් ගඟ අසබඩ හෝ යම් සිද්ධස්ථානයක දරුවන් සේවය කරනවා පියාට ආරංචි වී ඇත. බැතිමතුන් උදේ පාන්දරින්ම නැගිට සිද්ධස්ථාන වෙත යයි. ආගමික සිත් ඇති මිනිසුන්ට විස්තර කිරීම ලේසියි. ලක‍්ෂ්මි නාරායන් සිද්ධස්ථාන වල සේවය කිරීම ඉතා හොඳය. ඔව් එහි ගොස් මෙසේ විස්තර කරන්න ලක‍්ෂ්මි නාරායන් එසේ සකස් කළ කෙනා ශිව බාබාය. මේ වනාන්තරය ගිණිතබා සියල්ල විනාශ කළ යුතු අතර ඔබේ කොටස් රඟපෑමද අවසාන වේ. ඉන්පසු ඔබ රාජකීය පවුලක උපත ලබයි. ඉදිරියේ දී ඔබ තේරුම් ගනීවි රජ දහන ඔබට ලැබෙන ආකාරය. නාටකයේ ඇති දේ කල්තියා ඔබට කියන්නේ නැත. ඔබට ලැබෙන තත්ත්වය ද නොකියැවේ. බොහෝ දාන කරමින් පින් කරන අය රාජකීය පවුලක උපත ලබයි. රජවරුන්ට බොහෝ ධනය ඇත. ඔබ දැන් මෙම අවිනාශී ඥාන මිණි මුතු දානය කරයි. මේ ඥානය භාරතයේ මිනිසුන් සඳහාමය. ඔවුනට මෙසේ කියන්න ආදී සනාතන දේවී දේවතා ධර්මය දැන් ස්ථාපනය වෙමින් තිබේ. පාරිශුද්ධකරුවාණන් වන පියා පැමිණ ඇත. පියා මෙසේ කියයි මාව සිහි කරන්න! මෙය ඉතා පහසුය! කොහොමනමුත්, ඔවුන්ගේ බුද්ධිය කොතරම් තමෝප්‍රධාන් ද යත් කිසිවක් උකහා ගැනීමට ඔවුන්ට නොහැකිය. ඔවුන් පාපයේ බලපෑමට යට වී ඇත. විවිධ වර්ගයේ සතුන් ඇත. සමහරුන්ට බොහෝ තරහ ඇත. එක් එක් සත්ව වර්ගයාගේ ස්වභාවය වෙනස්ය. ඔවුන්ට විවිධ ස්වභාවයෙන් දුක දීමේ හැකියාව ඇත. ප්‍රමුඛතම ලෙස දුක ලබා දෙන පාපය නම් කාම රාගය නම් වූ කඩුවයි. රාවණ් රාජ්‍යය වූ කලී පාප රාජ්‍යයයි. පියා සෑම දිනකම ඔබට තේරුම් කරයි. ඇතැම් හොඳ දූවරුන් සිර වී ඇත. ඔවුන් බන්ධන සහිත අය යැයි කියැවේ. ඇත්තෙන්ම, ඔවුන්ට ඥානාලෝකය තිබුණා නම් ඔවුන් බැඳ තබා ගන්න කිසිවකුට නොහැකිය. කොහොමනමුත්, ඔවුන්ට විවිධාකාරයේ ඇලීම් බන්ධන ඇත. සන්‍යාසීන් පවා ඔවුන්ගේ ගෙවල් සිහි කරයි. මෙම බන්ධන කඩා දැමීම ඉතා අපහසුයි. මෙම ජරාජීර්ණ ලෝකය විනාශ වේගෙන යන නිසා ඔබේ හිත මිතුරන් හා නැදෑයින් දැන් අමතක කළ යුතුව ඇත. ඔබේ ශරීරයද අමතක කර ඔබ ජීවාත්ම සත්තාවක් සේ සළකා බාබා සිහි කරන්න. ඔබ පාරිශුද්ධ විය යුතුමය. ඔබේ උපත් 84 හි කොටස් සම්පූර්ණ කළ යුතුය. ඊට පෙර කිසිවෙකුට නිවහනට යා නොහැක. දැන් මේ නාටකය අවසාන වන අතර ඔබ ගෙදර යන්නට ඔන්න මෙන්න කියා තිබෙන නිසා ඔබ දරුවන් බොහෝ සෙයින් සතුටු විය යුතුය. මෙම සිහියෙන් පමණි ඔබේ පාප දුරුවන්නේ. ඔබේ කොටස් දැන් අවසන් වෙමින් තිබෙන නිසා ආපසු ගෙදර යාමට උත්සුක විය යුතුව ඇත. බාබා බොහෝ සෙයින් සිහිකරන්න. මෙම සිහියෙන් පමණි ඔබේ පාප දුරු වන්නේ. පළමුව ඔබ ආපසු ගෙදර ගොස් ඉන්පසු සතුටේ දේශයට යනු ඇත. සමහරුන්ට මෙම ලෝකයෙන් විගසම නිදහස් වීමේ ඕනෑකම ඇති නමුත් ඔවුන් කොහේ යන්නද? සියල්ලට පළමුව ඉහළ තත්ත්වයක් ලැබීමට ඔබ උත්සාහ කළ යුතුයි. ප්‍රථමයෙන් ඔබේ තත්ත්වය පිළිබඳ නාඩි බලා ඔබෙන්ම අසා ගන්න, කොපමණ ප්‍රමාණයක් මා වටිනවාද, සහ දෙව්ලොව ගිය පසු මා මොනවද කරන්නේ කියා. පළමුවෙන්ම ඔබ වටිනා බවට පත් විය යුතුය. ඔබ පියාගේ වටිනා දරුවන් බවට පත් විය යුතුව ඇත. සියලුම දරුවන්ගෙන් වටිනාම වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් ය. සමහර දරුවන් ගැන දෙවියන් පවා මෙසේ කියයි මේ දරුවා ඉතා හොඳය. ඔහු සේවය කිරීමට වටී. සමහරුන්ට ඔහු මෙසේ කියයි මොහු වටින්නේ නැත. නිකරුනේ ඔහු ඔහුගේම තත්ත්වය නැති කර ගනී. පියා පවසන්නේ සත්‍යයම පමණි. ඔවුන් මෙසේ හඬගායි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! පැමිණ අපව සතුටු ලෝකයේ හිමිකරුවන් කරන්න. ඔවුන් ඉල්ලන්නේ අසීමිත සතුටයි. එවිට පියා මෙසේ කියයි අඩු ගණනේ පොඩි සේවයක් හෝ කිරීමට වටිනා බවට පත් වන්න. මගේ භක්තිවන්තයින්ට මෙම සුභාරංචිය දෙන්න. ශිව බාබා දැන් උරුමය බෙදයි. ඔහු මෙසේ කියයි මා සිහිකර පිරිසිඳු වූ විට ඔබ පිරිසිඳු ලෝකයේ හිමිකරුවන් බවට පත් වේ. මෙම ජරාජීර්ණ ලෝකය ගිණි තැබිය යුතුය. ඔබේ අරමුණ සහ ඉලක්කය ඉදිරියේ දකින විට, විශාල සතුටක් අත් විඳිය යුතුය. අපි ඔවුන් මෙන් විය යුතුව ඇත. ඔබ මෙය දවස පුරාම බුද්ධියේ තබා ගත් විට ඔබ කිසිම විදියකින් යක‍්ෂ ආකාරයෙන් නොහැසිරෙනු ඇත. අපි ඔවුන් වෙමින් සිටිමු. ඒ නිසා අප නරකට හැසිරෙන්නේ කෙසේද? කොහොමනමුත්, එය ඔවුන්ගේ වාසනාවේ නොමැති නම් එවැනි ක්‍රම ගැන සිතන්නේ නැත. ඔවුන් යමක් උපයා නොගනී. ඔබට හොඳ ආදායමක් උපයා ගත හැකියි. ඔබ සැවොම ගෙදර සිටිත්දීම හොඳ යමක් උපයා ගනිමින් අන් අයටද එසේ කරගන්නට උනන්දු කරවන්න. ගෙදර සිට ස්වදර්ශන චක්‍රය කරකවමින් අන් අයටද ස්වදර්ශන චක්‍රධාරී වන්නට ඉඩ සළසන්න. අන් අයව එසේ කරවන තරමට ඒ අනූව ඔබේ තත්ත්වය ඉහළ වනු ඇත. ඔබේ අරමුණ සහ ඉලක්කය වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් හා සමාන බවට පත් වීමටය. ඔබට සූර්ය වංශික වීමට ඕනෑ දැයි ඇසූ විට ඔබ සැවොම අත් ඔසවයි. මේ පිංතූර ප්‍රදර්ශන වලදී ඉතා ප්‍රයෝජනවත්ය. විස්තර කිරීමට ඒවා භාවිත කරන්න. අප ඇහුම්කන් දෙන්නේ ඉහළම ඉහළ පියා අපට කියා දෙන දේට පමණි. අපි වඩාත් කැමති භක්ති මාර්ගයේ දේට ඇහුම්කන් නොදී සිටීමටයි. මේ පිංතූර ඉතා හොඳය. ඒවා තුළින් ඔබට විශාල සේවයක් කළ හැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ තත්ත්වය නාඩි වලින් බලාගෙන ඔබ කොතරම් දුරට වටිනවාදැයි සොයා ගන්න. වටිනා බවට පත් වී ඔබ කරන සේවය ඔප්පු කර පෙන්වන්න. ඥානයෙන් ප්‍රබුද්ධ වී සියලු බන්ධන වලින් නිදහස් වන්න.

2. එකම පියාගේ උපදෙස් පිළිපදිමින් ඔබ තුළ ඇති අඩුපාඩු මකා ගන්න. දුක් දීමේ ස්වභාවය අතහරිමින් සතුට දානය කරන්නන් බවට පත් වන්න. ඥාන මිණිමුතු දානය දෙන්න.

වරදානය:
ඔබ සෑම විටම බලවත් වී, එහි ඉරණම නියමිත වී ඇති බව දැන, ශ්‍රේෂ්ඨ කාර්යය ප්‍රායෝගික කරත්වා.

ශ්‍රේෂ්ඨ නව ලෝකයේ ඉරණම නියම වී ඇති නමුත්, බලවත් වීමේ ආශිර්වාදය ලැබී ඇති දරුවන්, කර්මය සහ එහි ඵලයේ න්‍යායට සහ උත්සාහය සහ එහි ප්‍රතිලාභයේ පදනමට අනුව සහ නිරහංකාරී උපකරණ වීමෙන්, ඔවුන්ගේ කාර්යය කිරීමට උපකරණ බවට පත් වී ඇත. ලෝකයේ මිනිසුන්ට කිසිම බලාපොරොත්තුවක් දැකිය නොහැකි නමුත් ඔබ පවසන්නේ මෙම කාර්යය බොහෝ වාර ගණනාවක් සිදුකර ඇති බවත් එය දැන් පවා නිම කරමින් තිබෙන බවයි. මෙයට හේතුව වන්නේ, ස්ව-පරිවර්ථනයේ ප්‍රායෝගික සාක‍්ෂිය ඉදිරියේ වෙනත් කිසිදු ආකාරයක සාක‍්ෂියක් අවශ්‍ය නොවන නිසයි. ඒ සමඟම පරමාත්ම දෙවියන්ගේ කාර්යය සෑම විටම සාර්ථකයි.

පාඨය:
අඩුවෙන් පැවසීමේ සහ වැඩියෙන් ක්‍රියා කිරීමේ ශ්‍රේෂ්ඨ අරමුණ, ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි.