10.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙම විශ්ව විද්‍යාලයට පැමිණියේ මෙම ලෝකයෙන් මිය ගොස් නව ලෝකයට යාමටයි. ඔබගේ සෙනෙහස දැන් ඒකායන පරමාත්ම දෙවියන්ට පමණයි.

ප්‍රශ්නය:
ඔබ ධනවත් වන්නේ පරම පියාව කුමන ක්‍රමයට සිහිපත් කිරීමෙන්ද?

පිළිතුර:
පරම පියා තිතකි. තිතක් බවට පත් වී, තිත සිහිපත් කරන්න, එවිට ඔබ ධනවත් වෙයි. ඔබ එකට ආසන්නයෙන් තිතක් (බිංදුවක්) ලියූ විට, එය 10 වන අතර, ඔබ එය අසල තවත් බිංදුවක් ලියූ විට, එය 100 ක් ද ඉන්පසුව 1000 ක් ද වෙයි. ඔබ පියා සිහි කිරීමෙන් අඛණ්ඩව බිංදුවක් එකතු වී, ඔබ තව තවත් ධනවත් වෙයි. ඔබ සැබෑ ආදායමක් උපයා ගන්නේ, මෙම සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි.

ගීතය:
සලබයන් වෙනුවෙන් සමූහය තුළ දැල්ල ඇවිලී ඇත.

ඕම් ශාන්ති.
ගීතයේ අරුත බොහෝ අසහායයි. සෙනෙහස ඇති වන්නේ කුමකටද? කාටද? පරමාත්ම දෙවියන්ට, මන්ද ඔබ මෙම ලෝකයෙන් මිය යන විට, ඔබ යන්නේ ඔහු වෙතටයි. වෙනත් කිසිවෙකු කෙරෙහි ඔබට මේ ආකාරයේ සෙනෙහක් තිබෙනවාද? ඔබ මිය යනු ඇතැයි, සිතන තරමේ සෙනෙහසක්? එවන් සෙනෙහසක් කිසිවෙකුට තිබෙයිද? ගීතයේ අරුත බොහෝ සෙයින් සුන්දරයි! සලබයෙක් තුළ දැල්ලක් කෙරෙහි සෙනෙහසක් තිබෙන අතර එය වටා බ්‍රමණය වී, ඉන්පසුව දැල්ලෙහි මියැදෙයි. ඔබ තුළ පරම පියා කෙරෙහි සෙනෙහස ඇති විට, ඔබත් ඔබගේ සිරුර හලා දැමිය යුතුයි, එනම්, ඔබ පියාගේ සිහිපත් කිරීමෙන් ඔබගේ සිරුර අතහරියි. මෙම ගීතය එක්කෙනා ගැනම පමණයි. පියා පැමිණෙන විට, ඔහුට ආදරය කරන අය, මෙම ලෝකයෙන් මිය යා යුතුයි. ඔබ පරමාත්ම දෙවියන්ට සෙනෙහස දක්වන විට, ඔබ මිය ගිය පසු යන්නේ කොහාටද? ඔබ අනිවාර්යෙන්ම දෙවියන් වෙතට යයි. මිනිසුන් දෙවියන් වෙතට යාමට, දන් දී, පුණ්‍යකර්ම සිදු කර, වන්දනා ගමන් ආදියේ යයි. කෙනෙක් මිය යාමට ආසන්න වූ විට පවා, ඔහුට දෙවියන් සිහි කරන්නට කියා මිනිසුන් කියයි. පරමාත්ම දෙවියන් ඒ තරමට ප්‍රසිද්ධයි. ඔහු පැමිණෙන විට, ඔහු මුළු ලෝකයම අවසන් කර දමයි. ඔබ මෙම විශ්ව විද්‍යාලයට පැමිණ ඇත්තේ මෙම පැරණි ලෝකයට මියැදී, නව ලෝකයට යාමට බව ඔබට වැටහෙයි. පැරණි ලෝකයට, අපවිත්‍ර ලෝකයට, අපාය යැයි කියයි. පරම පියා ඔබට නව ලෝකයට පාර පෙන්වයි. මා සිහි කරන්න, එපමණයි! මා දිව්‍යමය දෙවි පියාණන්ය. ඔබට එම පියාගෙන් ධනය, දේපළ, ගොඩනැගිලි ආදිය ලැබෙයි. දියණියන්ට උරුමයක් ලැබෙන්නේ නැත. ඔවුන්ව වෙනත් නිවෙස් වලට යවයි, එනම්, ඔවුන්ට උරුමකරුවන් විය නොහැක. පරමාත්ම දෙවියන් සියලුම ජීවාත්මයන්ගේ පියාය සෑම කෙනෙක්ම ඔහු වෙතට යා යුතුයි. නව ලෝකයේ සිටින්නේ මනුෂ්‍යයන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බැවින්, සියලු දෙනාව ආපසු නිවසට ගෙන යාමට, පරම පියා නිසැකයෙන්ම යම් කලකදී පැමිණෙන්නට ඇති. පැරණි ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් සිටියි. නව ලෝකයේ මනුෂ්‍යයන් ටික දෙනෙක් සිටින අතර, බොහෝ සතුට තිබේ. පැරණි ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් සිටින අතර විශාල වශයෙන් දුක තිබේ, ඔවුන් කන්නලව් කරන්නේ මේ නිසාය. බාපු (ගාන්දිජී) එකල කියුවේ අහෝ පාරිශුද්ධකරු, වඩිනු මැනවි! ඔහු සැබවින්ම ඔහුව දැන සිටියේ නැත. පාරිශුද්ධකරු වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වන දෙවියන් බවත් ඔහු ලෝකයට විමුක්තිය ලබා දෙන බවත් මිනිසුන්ට වැටහෙයි. ලොවෙහි සියලුම දෙනා රාමා සහ සීතා පිළිබඳ විශ්වාස නොකරයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, විමුක්තිදායකයා සහ මාර්ගෝපදේශකයා බව මුඵ ලෝකයම සලකයි. අච්චා, එසේ නම් ඔබට දුක ලබා දෙන්නේ කවුද? ඔහු පාරිශුද්ධකරු බැවින් පියාට ඔබට දුක දෙන්නට නොහැක. ඔබව සතුටේ දේශයට, පිවිතුරු ලෝකයට රැගෙන යන කෙනා, ඔහුයි. ඔබ එම ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන්ය. පියා කෙසේද දරුවන්ද ඒ වගේයි. භෞතික පියෙකුට භෞතික දරුවන් සිටියි. ඔබ ජීවාත්ම බවත්, උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ඔබට ඔබගේ උරුමය ලබා දීමට පැමිණ ඇති බවත් ඔය දරුවන් දැන් වටහා ගත යුතුයි. අපි ඔහුගේ දරුවන් වන විට, අපිට අනිවාර්යෙන්ම අපගේ දිව්‍ය ලෝකකයේ උරුමය ලැබෙයි. දිව්‍ය ලෝකකය ස්ථාපනය කරන කෙනා ඔහුයි. ඔබ ශිෂ්‍යයන් බව අමතක නොකරන්න. මධුබාන් වල ශිව බාබා බටනලාව (මුරලිය) වාදනය කරන බව ඔය දරුවන්ගේ බුද්ධිය තුළ ඇත. මෙහි තිබෙන්නේ උණ බම්බු බටනලාවක් නොවෙයි. ක්‍රිෂ්ණා නටමින් බටනලාවක් වාදනය කිරීම - ඒ සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. කෙසේවෙතත්, ඥානයේ බටනලාව වාදනය කරන්නේ ශිව බාබා පමණයි. ඉතා හොඳ ගී රචනා කරන අය, ඔබ වෙතට පැමිණෙයි. සාමාන්‍යයෙන් ගීත රචනා කරන්නේ පිරිමින්ය. ඔබ ගායනා කළ යුත්තේ, ඔබට ශිව බාබාව සිහිපත් කළ හැකි, දැනුමේ ගීත පමණයි. පරම පියා පවසන්නේ ඇල්ෆා වන මා සිහි කරන්න! ශිවාට තිතක් යැයි කියයි. ව්‍යාපාරිකයන් බිංදුවක් ලියන විට, ඔවුන් එය හඳුන්වන්නේ ශිවා ලෙසයි. 1 අසලින් බිංදුවක් ලියන්න, එවිට එය 10 ක් වෙයි, තවත් බිංදුවක් එකතු කරන්න, එවිට එය 100 වෙයි. ඉන්පසුව තවත් බිංදුවක් එකතු කරන්න, එවිට එය 1000 ක් වෙයි. ඔබත් ශිවා සිහි කළ යුතුයි. ඔබ ශිවාව වැඩියෙන් සිහි කරන තරමට වැඩි වැඩියෙන් බිංදු එකතු වී, ඔබ චක්‍රයෙන් භාගයක්ම ධනවත් වෙයි. එහි දුප්පත් මිනිසුන් නැත. එහි සෑම කෙනෙක්ම සිටින්නේ සතුටින්ය දුක පිළිබඳ සඳහනක් නැත. පියාගේ සිහිපත් කිරීම තුළින් ඔබගේ පාපයන් අඛණ්ඩව දුරු වී, ඔබ බොහෝ ධනවත් වෙයි. සත්‍ය පියාගෙන් සත්‍ය ආදායමක් උපයා ගැනීම ලෙසින් මෙය හැඳින්වෙයි. ඔබත් සමඟ යන්නේ මෙම ආදායම පමණයි. සියලුම මනුෂ්‍යයන් ආපසු යන්නේ හිස් අතින්ය. ඔබ පිරුණු දෑතින් ආපසු යයි. පරම පියා සිහි කරන්න! පියා පහදා තිබෙන්නේ පාරිශුද්ධත්වය ඇත්නම්, ඔබට සාමය සහ සමෘද්ධිය ද ලැබෙයි. ඔය ජීවාත්ම මුලදි පිවිතුරුව සිටි අතර ඉන්පසුව ඔබ අපවිත්‍ර වුහ. සන්යාසීන්ට අර්ධ පිවිතුරු යැයි කියයි. ඔබගේ අත්හැරිම සම්පූර්ණයි. ඔවුන්ට (සන්යාසීන්ට) කොපමණ සතුට ලැබෙන්නේද කියා ඔබට වැටහෙයි ඔවුන්ට සතුට ටිකක් ලැබෙන අතර දුක හැර වෙනත් දෙයක් ලැබෙන්නේ නැත! පෙර කල ඔවුන් සර්ව ව්‍යාප්තිය ගැන කතා කළේ නැත. සර්ව ව්‍යාප්තිය ගැන කතා කිරීමෙන් ඔවුන් දිගින් දිගටම පහළට පැමිණ ඇත. ඔවුන් එයින් ආදායමක් උපයන බැවින්, ලෝකයේ විවිධ මාදිලියේ හමුවීම් තිබේ එයත් ඔවුන්ගේ ව්‍යාපාරයකි. මෙසේ කියයි සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීමේ ව්‍යාපාරය හැර අන් සියලු ව්‍යාපාර දුහුවිලි මෙනි. මෙම ව්‍යාපාරය කරන අය සිටින්නේ ඉතාමත්ම අල්පයකි. පරමාත්ම පියාට අයත් වීමෙන් පසුව, ඔබ සෑම දෙයක්ම, ඔබගේ සිරුර පවා පියාට දෙයි, මන්ද ඔබට නව සිරුරක් අවශ්‍ය බැවින්. පියා පවසන්නේ ඔබට ක්‍රිෂ්ණාගේ දේශයට යා හැක, නමුත් ජීවාත්මය තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වූ විට පමණයි. ක්‍රිෂ්ණාගේ දේශයේදී ඔබ මෙසේ නොපවසයි අපව පිවිතුරු කරන්න! මෙහි සියලුම මනුෂ්‍යයන් කන්නලව් කරන්නේ අහෝ විමුක්තිය ලබා දෙන්නා, පැමිණෙන්න! අපව මෙම පාපකාරී ජීවයන්ගේ ලෝකයෙන් මුදවගන්න! පරම පියා දැන් ඔහුත් සමඟ ඔබව රැගෙන යාමට, පැමිණ ඇති බව ඔබ දන්නවා. එහි යෑම හොඳයි. මිනිසුන්ට සාමය උවමනාය. සාමය යනු කුමක්ද? කිසි කෙනෙකුට ක්‍රියා සිදු නොකර සිටිය නොහැක. සාමය තිබෙන්නේ, සාම දේශයේය. කෙසේවෙතත්, ඔබ සිරුරක් ගෙන, ක්‍රියා සිදුකළ යුතුයි. ස්වර්ණමය යුගයෙදී ඔබ ක්‍රියා සිදුකරන නමුත් ඔබට සාමය තිබේ. අසාමයෙන් සිටින මිනිසුන් දුක අත්විඳියි, ඔවුන්ට සාමය ලබා ගත හැක්කේ කෙසේද කියා ඔවුන් විමසන්නේ එබැවින්ය. සාම දේශය ඔබගේ නිවස බව, ඔය දරුවන් දැන් දනී. ස්වර්ණමය යුගයේ සාමය සහ සතුට තිබේ එහි සෑම දෙයක්ම තිබේ. ඔබට එය අවශ්‍යද එසේ නැත්නම් ඔබට සාමය පමණක් අවශ්‍යද? මෙහි දුක ඇති නිසා, මෙහි මිනුසුන් පාරිශුද්ධකරු පියාට අඬ ගසති. මිනිසුන් භක්තියේ යෙදෙන්නේ දෙවියන් මුණ ගැසීම උදෙසාය. භක්තිය ආරම්භයේදී අමිශ්‍ර වන අතර ඉන්පසුව එය මිශ්‍ර වෙයි. මිශ්‍ර භක්තියේදී මිනිසුන් කරන දේවල් දෙස බලන්න! ඉනිමගෙහි පිංතූරයේ සෑම දෙයක්ම ඉතා පැහැදිලිව පෙන්වා ඇති නමුත් ඔබ පළමුවෙන්ම පරමාත්ම දෙවියන් යනු කවරෙක්ද කියා ඔප්පු කළ යුතුයි. ශ්‍රී ක්‍රිෂ්ණාව එය බවට පත් කළේ කවුරුන්ද? ඔහුගේ පෙර භවයෙදී ඔහු කවුරුන්ව සිටියාද? මෙම දේවල් බොහෝ උපක්‍රමශීලීව ඔබ පහදා දිය යුතුයි. හොඳින් සේවය කරන අයගේ හදවත් එයට සාක‍්ෂි දරයි. විශ්ව විද්‍යාලයක හොඳින් ඉගෙනගන්නා අය නිසැකයෙන්ම ඉදිරියෙන් සිටියි එය අංකානුරූපයි, තවමත් හිස් ඔළු ගෙඩි ඇති අය සිටියි. ජීවාත්ම, ශිව බාබාට පවසන්නේ මගේ බුද්ධියේ අගුල විවර කරන්න! පරම පියා පවසන්නේ මා පැමිණ සිටින්නේ ඔබගේ බුද්ධියේ අගුල් විවර කරන්න පමණයි, නමුත් ඔබගේ ක්‍රියා කෙසේද යත්, අගුල් විවර වෙන්නේම නැත! එබැවින් බාබා කුමක් කරන්නද? බොහෝ පාපයන් සිදු කර ඇත. එවන් දරුවන් ගැන බාබා කුමක් කරන්නද? ඔවුන් ඇති තරම් ඉගෙන නොගන්නා බව, ශිෂ්‍යයන් ගුරුවරයාට කියයි. ගුරුවරයා කුමක් කරයිද? ගුරුවරයාට අනුකම්පාවක් නොතිබෙයි. ඇතැම් විට ඔහු ඔබට වැඩිපුර කාලය දෙනු ඇත. එයට තහනමක් නැත. ප්‍රදර්ශනයේ දොරටු පුළුල්ව විවෘතයි ඔබට ගොස් එහිදී පුහුණු විය හැක. භක්ති මාර්ගයේ සමහරෙක් ඔබට මාලාවක පබුළු බ්‍රමණය කරන්නටත් තවත් සමහරෙක් ඔබට මන්ත්‍රයක් ජප කරන්නට කියාත් කියයි. මෙහිදී පරමාත්ම පියා ඔහුගේම හැඳින්වීම ඔබට ලබා දෙයි. පියා සිහිපත් කරන්න, මන්ද මෙසේ කිරීමෙන් ඔබට ඔබගේ උරුමය ලැබෙයි. එබැවින් ඔබ ඉතා හොඳින් ඔබගේ සම්පූර්ණ උරුමයම පියාගෙන් හිමි කර ගත යුතුයි. මෙහිදීද පරම පියා පවසන්නේ කිසිදා පාපයේ නොගැලෙන්න! පාපය කෙරෙහි ඔබට සුළු හෝ රසයක් තිබේ නම්, එය වැඩි වනු ඇත. එක් වරක් හෝ සිගැරට්ටුවක් බීමට ඔබ තුළ රසයක් ඇතිනම්, එම පුරුද්ද වර්ධනය වෙනු ඇත, මන්ද ආශ්‍රයේ බලපෑම නිසා. ඉන්පසු එම පුරුද්ද මකා දැමීමට අපහසු වෙයි. එවිට ඔවුන් ගැලවුමට බොහෝ කාරණා කියයි! කිසිම පුරුද්දක් වර්ධනය නොකර ගත යුතුයි. කිලිටි පුරුදු බිඳ දැමිය යුතුයි. පරම පියා පවසන්නේ ජීවත්ව සිටියදී ශරීරය පිළිබඳ අවධානය අත්හැර, මා සිහිපත් කරන්න. දේවතාවන්ට භෝග් වශයෙන් පුදන්නේ පිවිතුරු ආහාරය පමණයි. එබැවින් ඔබත් පිවිතුරු ආහාර පමණක් ආහාරයට ගත යුතුයි. මෙකල පිවිතුරු එළඟි තෙල්වත් ලබාගන්නට බැහැ ඔවුන් ඒ වෙනුවට භාවිත කරන්නේ තෙල් පමණයි. එහි තෙල් ආදිය නැත. මෙහි කිරි පට්ටි වල ඔවුන් පිවිතුරු මෙන්ම ව්‍යාජ එළඟි තෙල්ද තබාගනී. ඔවුන් දෙකටම පිරිසිඳු ගිතෙල් යැයි කියන නමුත් ඒවායේ මිලෙහි වෙනසක් තිබේ. ඔය දරුවන් දැන් මල් මෙන් පිපී, ප්‍රබෝදමත් විය යුතුයි! දිව්‍ය ලෝකකයේ ස්වභාවික සුන්දරත්වය තිබේ. එහි පදාර්ථයන් පවා සතෝප්‍රධාන්ය. මෙහි කිසිවෙකුට ලක්‍ෂ්මි සහ නාරායන මෙන් ස්වභාවික සුන්දරත්වයක් නිර්මාණය කළ නොහැක. කිසි කෙනෙකුට ඔවුන්ගේ භෞතික ඇස් වලින් ඔවුන් දැක ගත නොහැක. ඔව්, දර්ශන වලදී ඔවුන්ව දැකගන්නා නමුත්, ඉන්පසුව වුවද ඒ හා සමාන පිංතූර සෑදිය නොහැක. එබැවින් ඔය දරුවන්ට බොහෝ කුල්මත්භාවයක් තිබිය යුතුයි. අපව ආපසු නිවසට රැගෙන යාමට බාබා පැමිණ ඇත. දිව්‍ය ලෝකකයේ උරුමය අපි පියාගෙන් ලබා ගන්නට යනවා. අපගේ උපත් 84 දැන් අවසන් වීගෙන යනවා. මෙවන් සිතිවිලි ඔබගේ බුද්ධියේ තබාගැනීමෙන් ඔබට සතුටින් සිටීමට හැකි වෙයි. පාපය පිළිබඳ සුළු හෝ සිතිවිල්ලක් නොතිබිය යුතුයි. පරම පියා පවසන්නේ විශාලතම සතුරා වන්නේ රාගයයි. ද්‍රෟපදී කන්නලව් කළේ මේ නිසාය. ඇයට සැමියන් පස් දෙනෙක් සිටියේ නැත. ඇයව බේරාගැනීමට කියා ඇය කන්නලව් කළේ, දුෂාශන් ඇයව නිරුවත් කරමින් සිටි නිසාය. ඇයට සැමියන් පස් දෙනෙක් සිටින්නේ කෙසේද? එවන් දේවල් සිදුවිය නොහැක. ඔය දරුවන්ට දිගින් දිගටම අළුත් කරුණු ලැබෙමින් පවතින නිසා, ඔබ පිංතුර වෙනස් කරමින් සිටිය යුතුයි. ඔබ යම් යම් දේ වෙනස් කළ යුතු අතර තව වචන එකතු කළ යුතුයි. ඔබ කෙටි කාලයකදී, භාරතය සුරඟනන්ගේ දේශය බවට පත් කරවන බව ලියයි ඔබ මෙම අභියෝගය නිකුත් කරයි. පියෙක් තම දරුවන්ට මෙසේ කියයි පුතා, පියාව පෙන්නුම් කරන අතර, පියා, පුතාව පෙන්නුම් කරයි. කොයි පියාද? ශිවා සහ සැලිග්‍රම ඔවුන් සිහි කෙරෙයි. ශිව බාබා විස්තර කරන කුමක් වුවත් අනුගමනය කරන්න. මෙසේ කියන්නේ ඔහු පිළිබඳවයි පියාව අනුගමනය කරන්න! භෞතික පියවරුන් අනුගමනය කිරීමෙන් ඔබ අපවිත්‍ර වෙයි. එම කෙනා ඔබ ලවා, ඔහුව අනුගමනය කරවන්නේ ඔබව පිවිතුරු කිරීමටයි. එහි වෙනසක් තිබේ. පරම පියා පවසන්නේ මිහිරිතම දරුවනි, මා අනුගමනය කර, පිවිතුරු වන්න. ඔබ දිව්‍ය ලෝකකයේ අධිපතියන් බවට පත්වන්නේ මාව අනුගමනය කිරීමෙන් පමණයි. ඔබගේ භෞතික පියවරුන් අනුගමනය කිරීමෙන් ඔබ උපත් 63ක්ම ඉනිමඟ දිගේ පහළට පැමිණියා. පියා අනුගමනය කිරීමෙන් ඔබ ඉහළ නඟී! ඔබ පියා සමඟ ආපසු යා යුතුයි. පරමාත්ම පියා පවසන්නේ මේ සෑම මැණිකක්ම, රුපියල් සිය දහස් ගණනක් වටි. ඔබ පරම පියාව හඳුනන අතර ඔබගේ උරුමය ඔහුගෙන් හිමි කරගනී. ඔවුන් පවසන්නේ, ඔවුන් බ්‍රහම් පදාර්ථයට මුසුවන බවයි. කිසි කෙනෙකුට මුසු විය නොහැක ඔවුන් නැවතත් පැමිණිය යුතුයි. පියා ඔබට සෑම දිනයකදීම විස්තර කරයි මිහිරිතම දරුවනි, පළමුවෙන්ම සෑම කෙනෙකුටම පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. එපිටින් පැමිණි පරමාත්ම පියා, ඔබව පිවිතුරු කිරීම සඳහා, ඔබට උරුමයක් ලබා දෙයි. මිනිසුන් අසීමිත පියාට මෙසේ පවසන්නේ මේ නිසාය අපව පාරිශුද්ධ කරන්න! පාරිශුද්ධකරු ඔහුයි. පාරිශුද්ධකරු කියා භෞතික පියෙකුට කිව නොහැක. ඔහුම දිගටම කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරු වඩිනු මැනවි, කියමින්ය. එබැවින් සෑම කෙනෙකුටම පියවරුන් දෙදෙනාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔබට විවාහ වී අපවිත්‍ර වන්නට කියා ඔබගේ භෞතික පියා පවසන නමුත්, එපිටින් පැමිණි පරම පියා, ඔබට පිවිතුරු වන්නට කියා පවසයි. ඔහු පවසන්නේ මා සිහිපත් කිරීමෙන් ඔබ පිවිතුරු වෙයි. සෑම කෙනෙක්ම පිවිතුරු කරන්නේ ඒකායන පරමාත්ම පියාය. වෙනත් අයට විස්තර කිරීමට මෙම කරුණු ඉතා හොඳයි. ඥානයේ විවිධ කරුණු ආවර්ජනය කර, ඒවා වෙනත් අයට විස්තර කරන්න. ඔබගේ ව්‍යාපාරය මෙයයි. අපවිත්‍ර අයව පිවිතුරු කරන්නේ, ඔබලාය. එපිටින් පැමිණි පියා දැන් පවසන්නේ දැන් පිවිතුරු වන්න, මන්ද විනාශය අත ලඟයි. ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔබ අනිවාර්යෙන්ම එපිටින් පැමිණි පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබ ප්‍රදර්ශන වල මෙම පොරොන්දුව ලිවිය යුතුයි මම එපිටින් පැමිණි පරමාත්ම පියාව අනුගමනය කර, අපවිත්‍ර වීම නතර කරමි. මෙසේ ලියන්න මා පරම පියාට මෙම සහතිකය දෙන්නෙමි. සෑම දෙයක්ම රඳා පවතින්නේ පිවිතුරුකම මතයි. ඔය දරුවන් තුළ දිවා රාත්‍රියේ සතුට තිබිය යුතුයි. පියා වන ඇල්ෆා, අපට බීටා වන රාජධානිය ලබා දෙනවා. ශිවාගේ උපන් දිනය යනු, භාරත දිව්‍ය ලෝකකයේ උපන්දිනය බව, ඔබට දැන් වැටහෙයි. ගීතාව සියලුම ග්‍රන්ථයන්හි මාණික්‍යයයි. මෙවැනි කියමනකි ගීතා මාතාව. ඔබගේ උරුමය හිමි වන්නේ පියාගෙන් පමණයි. ගීතාවේ නිර්මාපකයා වන්නේ ශිව බාබා පමණයි. එපිටින් පැමිණි පරමාත්ම පියාගෙන්, පිවිතුරු වීමට උරුමය ඔබට හිමි වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ දේවමය ශිෂ්‍යයන්, යන අවධානය සෑම විටෙකම පවත්වා ගන්න. කිසිම කිලිටි පුරුද්දක් ඇති කර නොගන්න, ඒවා අවසන් කර දමන්න. පාපය පිළිබඳ පුංචිම හෝ සිතිවිල්ලක් නොතිබිය යුතුයි.

2. ජීවත්ව සිටින අතර ශරීරය පිළිබඳ අවධානය අවසන් කර, පරමාත්ම පියා සිහි කරන්න. ඥානයේ විවිධ කරුණු ආවර්ජනය කර, අපවිත්‍ර අයව පිවිතුරු කිරීමේ ව්‍යාපාරයේ යෙදෙන්න.

වරදානය:
ඔබ ශ්‍රේෂ්ඨ භාග්‍යය ඇත්තෙක් වී, ඔබගේ ජන්ම උරුමයේ කුල්මත්භාවයෙන්, ඔබගේ සුදුසුකම් ඔබගේ අරමුණට සමාන කරවන්න.

ඔබගේ භෞතික ජීවිතයේ, ඔබගේ ජන්ම උරුමය වන්නේ ඔබගේ භෞතික ධනයයි. ඒ ආකාරයෙන්ම බ්‍රහ්මණ උපත තුළ, ගුණදම් වල ධනය, ආධ්‍යාත්මික සතුට සහ බල ඔබගේ ජන්ම උරුමයයි. ස්වභාවික අන්දමකින් ඔබගේ ජන්ම උරුමයේ කුල්මත් බව තබා ගන්න, එවිට උත්සාහ දැරීමට අවශ්‍යතාවයක් නොතිබෙයි. මෙම කුල්මත් බව තිබීමෙන්, ඔබගේ සුදුසුකම් ඔබගේ අරමුණට අනුකූල වෙයි. තමන් කවුරුන්ද කියා දැනගෙන සැබෑ ආකාරයෙන් සහ කෙබඳු වුණත් තමාව පිළිගැනීමෙන් මෙන්ම ශ්‍රේෂ්ඨ පියාව සහ පවුල ගැන දැනුවත් වීමෙන් ඔබ ශ්‍රේෂ්ඨ භාග්‍යය ඇත්තෙක් වෙයි.

පාඨය:
ඔබගේ ආදිතම ස්වරූපයේ ස්ථාවරව රැඳී සිට සෑම ක්‍රියාවක්ම සිදු කරන්න, එවිට ඔබ පහසුවෙන්ම සාර්ථකත්වයේ තාරකාවක් වෙයි.