10.03.24    Avyakt Bapdada      Sinhala Murli     13.02.99    Om Shanti    Madhuban


මෙම දිනයේ ශිවාගේ අවතරණය සමගම ඔය දරුවන් ඔබගේ වටිනා සිතිවිලි සම්පතින්, අරපිරිමැස්මේ අවතරණ විය යුතුයි.


අද දින ත්‍රිමුර්තී ශිව් පිතා සිය අතිශයින් සෙනෙහෙවත් සහ සුමිහිරි සාලිග්‍රාම් දරුවන් හමුවන්න ඇවිත් සිටිනවා. ශිවා සහ සාලිග්‍රාම් යන්ගේ විශේෂ දිනයයි අද, පරම පියා ප්‍රීතියෙන් සිටියි. මන්ද ඔහු ඇවිත් ඉන්නේ ඔහුගේ දරුවත් හමුවන්නයි. ඒවාගේම ඔවුන්ගේ උපත් දිනය සමරන්නයි. එවිට ඔය දරුවන් කියන්නේ, ඔබ ඇවිත් සිටින්නේ ඔබේ පියාගේ උපන් දිනය සමරන්නයි කියාය. පරම පියා සතුටු වෙනවා. දරුවනුත් සතුටු වෙනවා. ඒ ඇයි? ඒ මෙම උපන් දිනය මුළු චක්‍රයෙහිම ඉතාමත් අසහාය හා ආදරණීයම වන නිසයි. මුළු චක්‍රය පුරා එවන් හා උපන් දින උත්සවයක් අන් කිසිවකු සමරා නැත. දරුවන්ගේ සහ පියාගේ උපන් දිනය. එකම වේලාවට කිසි කලෙක, කිසිවෙකුට සැමරිය නොහැකිය. එමනිසා, මුලින්ම බාල්දාදා සියලු දරුවන්ට කෝටි ප්‍රකෝටි වාරයක් සුබ පැතුම් දෙනවා. අම්රිත් වේලාවේ සිටම, සියලුම දරුවන්ගේ හදවත් වලින් බාල්දාදාට සුබ පැතුම් ලැබෙමින් තිබෙනවා. බොහෝ සාලිග්‍රාම් දරුවන් දකිමින්. බාප්ථාදා තම හදවතින් ගයන්නේ: "ආහා. දිගුකල් නැතිවී සිට දැත් හමුවු දරුවතී ආහා. ආහා අපුරුයි ප්‍රියාදර දරුවනී අපුරුයි. ආහා තමන්ගේ අලෞකීක ජන්ම දිනයයි ඔය දරුවන් සමරන්නේ. " බාදාදා ඔය සෑම දරුවන්ටම "ආහා ආහා" ගීතය ගයයි. මන්ද, සමස්ත ලෝකයෙත්ම සියලු ජීවාත්මයන් අතුරින් කෝටි වාරයක් වාසනාවන්ත වූවත් සහ අනාගතයේ වාසනාවන්තයන් වීමට යන්නේ ඔය දරුවන් ස්වල්පදෙනා මයි. අඩ චක්‍රයක්ම ඔබ අමරණීය අන්දමින් වාසනාවන්ත වී සිටිනවා ඇත. මෙම වරය හුදෙක් එක් උපතකට පමණක් නොවේ. ඔබට බොහෝ උපත් සඳහායි මෙම අමරණීය වරය දී තිබෙන්නේ. ඔබේ ආත්ම අභිමානය පිළිබඳ අවබෝධය ඔබට කොයි තරම් ඇත්ද ? මෙම අලෞකීක උපත ගත් ට විගසම, පරම පියා ඔබේ අලෞකීක උපන්දිනය සඳහා ඔබට අසීමිත ප්‍රාප්තයන් දෙනවා. දරුවත් ඉපදුනු මොහොතේම පරම පියා ඔබ සෑම දෙනාටම උසස් අවබෝධයේ තිලකය තබා ඇත. ඔබ තවමත් මෙම තිලකය ඇතිවයි සිටින්නේ. නැද්ද ? මෙය ඔබේ බ්‍රාහ්මණ ජීවිතය වූ ණ හෙයින් එම තිලකය අවිනාශී එකක් විය. ඔබේ උසස් වාසනාවේ සලකුණ වන්නේ, ඔබ බ්‍රාහ්මණයන්ගේ නළල් මත වූ තිලකයන් වේ.

මෙහි සිටින ඔය දරුවන් මෙන්ම ඈත තැන් වල සිටිනා සියලු දරුවන් ඉතාමත් උද්යෝගය සහ උනන්දුව ඇතිව මෙම සුන්දර, සුවිශේෂ ජන්ම දිනය සමරමින් සිටිනවා. ඔබ එය සමරමින් සිටිනවා නේද ? ඔබ සැවොම සතුටුයි පියා ඔබේ ජන්ම දිනය සමරමින් සිටිනවාට. ඒවාගේම පියාත් සතුටු වෙනවා ඔබ සැවොම ඔහුගේ උපන්දිනය සමරනවාට. ඔබ සියල්ලන්ම බොහෝම සතුටින් සිටිනවා. ඔබේ සතුටේ ප්‍රමාණය කිව හැකිද? එය මැනිය හැකිද? ඔබේ අලෞකීක සතුට මැනිය හැකි මිටරයක් තවමත් මෙලොවේ සොයාගෙන නැත. ඔබේ සතුට සාගරයක් තරම් පුළුල් ද කියා යම් කෙනෙක් ඇසුවොතින් ඔබ කුමක් කියන්නේ ද? එම සාගරය. කොහෙත්ම ඔබේ සතුට තරම් නැත. හොඳයි. ඔබේ සතුට අහස තරම් උස ද? ඔබේ නිවස සහ සූක්‍ෂම කලාපය අහසටත් ඉහළින් බොහෝ ඈත තිබෙයි. එබැවින්. ඔබේ සතුට මැනිය හැකි උපකරණයක් නැත. එසේම කිසිවිට එය මනිත්ත පුළුවත් යමක්, ඇති වන්නේ ද නැත. ඔබට තිබෙන්නේ ඒ තරම් සතුටක්. එමනිසා, තනි අතින් අත්පුඩි ගසන්න. (සැවොම අත්පුඩි ගැසුවා) ඔබ සැවොම ඔබට මෙම සතුට ඇතැයි කියමින් අත් ඔසවමින් සිටිනවා. ඔබට සුබ පැතුම් දැන් දෙවන ප්‍රශ්නය සඳහායි. (සැවොම තේරුම් ගෙන ඇත. ඒ නිසා සිනාසෙනවා) බාදාදාට සෑම දරුවකුම පූර්ණ විකසිත වූ ආධ්‍යාත්මික රෝස මලක් සේ දකින්නයි ඕන. අඩක් විකසිත ලෙස නොවේ. එය අඛණ්ඩ සහ පූර්ණ විකසිත වී තිබෙන්න ඕන. පුර්ණ විකසිත මලක් ඉතා මනරම් වේ; ඒ දෙස බලා ඉඳිමින් ම ඔබ සතුටු වෙයි. කෙසේවෙතත්, යාන්තමින් එය මැලවේ නම් ඔබ කුමක් කරයි ද? පැත්තක දමනවා. බාල්දාදා ඔබව පැත්තක දමන්නේ නැහැ. නමුත්, ඔබම තමන්ව පැත්තක දමයි.

සැමරීමක් සඳහා වූ දිනය අදයි. නැද්ද ? ඔබ සැමවිටම මුරලියට කෙසේ හෝ සවන් දෙනවා. අද ඔබේ මනසින් නටන්න ගයන්න පුළුවන් බොහෝ සේ සතුටින් ඔබේ මනස තුළ නටන්න. පාද වලින් නොවෙයි. ඔබ භෞතිකව නටන්න පටන් ගත්තොත්, ලොකු ව්‍යාකූලතාවයක් ඇතිවේවි. ඔය දරුවන් සුමිහිරිතම පියාගේ වර්ණනා සහ ඔබේම අලෞකීක වර්ණනා ගී ද බොහෝ ගයමින් සිටින බව බාල්දාදාට පේනවා. ඔබේ මනසේ හඬ බාල්දාදාට ඇසෙයි. මනසේ හඬ සියලුම රටවල් වලින් එනවා. ඔබ පියාගේ හඬට සවන් දෙමින් සිටියි. පියා ඔබේ හඬට ඔ සවන් දෙමින් සිටියි. පියා මෙසේ ද කියයි: හේ, ලොවේ ප්‍රියතම දරුවනී, ඕන තරම් ගයන්න‚ නටන්න. ඔබ වෙන කුමක් කරන්න ද? බ්‍රාහ්මණ ඕ දරුවන් ඔබ කුමක් කරයි ද? යෝගා තිබීමෙහි මුළු අර්ථය කුමක් ද? එය අපහසු දෙයක් ද? යෝගා තිබීමෙහි අර්ථය ජීවාත්මයක් පරමාත්මය හා හමුවක් ඇති වීමයි. මෙම හමුවීමේදී කුමක් සිදුවේ ද? ඔබ සතුටින් නටයි. ඔබේ හදවත නිරායාසයෙන්ම පරම පියාගේ සුමිහිරි ප්‍රශස්ති ගී මෙ ගයන්ත පටන් ගනී. බ්‍රහමින්වරුන් කරන වැඩේ මේකයි; හුදෙක් නොකඩවා ඔබ ගයමින් නටනවා. මෙය අපහසු ද? නැහැ. නේද ? එය අපහසුවට දැනෙන අය අත් ඔසවන්න. ගයන්නත්, නටන්නත් තිබෙන වාරය මෙය වේ. එමනිසා, ඔබ කළ යුත්තේ කුමක් ද? ගයන්න නටන්න. මෙය පහසුයි. නොවේ ද? එය පහසු නම්, එකඟ බව දන්වා හිස වනන්න. එය අපහසු නැහැ නේද? ඇයි ඔබ උවමනාවෙන්ම යම් පහසු දෙයින් ඈත් වීමෙන් හෝ වෙනස් කරමින් අපහසු කර ගත්තේ ? එය අපහසු නැහැ. එය ඉතා පහසුයි. පියා දන්නවා. ඔබ අඩ චක්‍රයක් පුරා ඉතා අපහසුවෙන් ඔබේ ජීවිතය ගත කළ බව. එබැවින් මෙය දැන් ඉතා පහසුයි. මෙය අපහසුවට යම් කෙනෙකුට දැනෙයි ද? ඇතැම් විටෙක මෙය ඔබට අපහසුවට දැනේ ද? මිනිසුන් ට වැරදීමකින් යන මග අතරමං වුණොතින් එය ඔවුන්ට අපහසුවට දැනෙයි. මෙම දැනුමේ මාර්ගය මෙ අපහසු නැත. බ්‍රහමින් ජීවිතය අපහසු නැත. ඔබ බ්‍රහමින් වෙනුවට සටන්කාමීන් (ක්‍ෂත්‍රීයන්) වූවොත්. එවිට සටන්කාමීන්ගේ වැඩේම සණ්ඩු සරුවල් වීමයි. එය අපහසු වනු ඇත. නොවේ ද? අපහසු වන්නේ සටන් කිරීමයි. පහසු වන්නේ සතුට සැමරීමයි.

ඩබල් විදේශිකයන් සතුටින් සමරන්නන් ය. එක් අතිත් අත්පුඩි ගසන්න. ඔය ගොල්ලන් විනෝදයෙන් සිටිනවා ද? ඔබ ආපසු නිවසට යනවිට කලබල වෙන්නේ නැහැ නේද? බලන්ත, අද ශිව් ජයන්තියේ වැදගත් විෂයන් දෙකක් සංකේතවත් වෙනවා. පළමුවැත්ත, මිනිසුන් අද දින උපවාස රකිනවා. ඩබල් විදේශිකයන් මෙලෙසින් උත්සව සමරන්නේ නැහැ. භාරතයේ අයයි මෙලෙසින් උත්සව සමරන්නේ. එමනිසා. මෙම දිනයේ වැදගත් කම හේතුකොට ගෙන ඔවුන් උපවාස රකිති. එවිට දෙවැන්න. ඔවුන් මුළු රාත්‍රියම අවදියෙන් සිටිති. ඔබ සැම ද උපවාස රකිනවා. නොවේ ද? ඔබේ පොරොන්දුවේ ඔබ ස්ථිරව සිටිනවා ද? නැත්තම් ඇතැම් විට ස්ථිර වීත් ඇතැම්විට දුබල වීත් සිටිනවා ද? ඔබ යම් දෙයක් අමුවෙන් ගන්න කැමැති ද? ඔබ කැමැති ඉදුණු දේ වලට පමණයි. එහෙම නේද ? එහෙනම්. ඔබ මොන පොරොන්දුවක් ද කළේ ? මොනවද බාල්දාදා මුලින්ම ඔබ ලවා පොරොන්දු කෙරෙව්වේ ? ඔබට අවධානයේ තිලකය තැබුවාම ඔබ කළ පළමු පොරොන්දුව කුමක් ද? ඔබට එය මතකද ? ඔබ මුළුමනින්ම පවිත්‍ර වේවා. පරම පියා එසේ කී සැනින්ම ඔය දරුවන් එය භාරගත්තා. පාරිශුද්ධ වීමේ පොරොන්දුව යනු බ්‍රහ්මචර්යාවේ පොරොන්දුව නොවේ. නමුත් එය බ්‍රහ්මචාරී (බ්‍රහ්මා අනුගමනය කරන්නා) වීමයි. ඔබේ සෑම වචන තුළම පාරිශුද්ධත්වයේ කම්පත ඉස්මතු වී තිබේවා. ඔබේ සෑම සිතිවිල්ලකම පාරිශුද්ධත්වයේ වැදගත් කම පිරී තිබේවා. සෑම ක්‍රියාවේ ම, කර්ම සහ යෝගා තිබේවා. එනම්, එහි කර්ම යෝගියකුගේ අත්විඳීම තිබේවා. බ්‍රහ්මචාරී වීම යනුවෙන් කීමේ අර්ථය මෙය වේ. බ්‍රහ්ම පියා කතා කළ සෑම වචනයක්ම උසස් වදන් බවට පත්වූ ආකාරය ඔබ දැක්කා; ඔහු සමාන්‍ය වචන කිසිවිට පැවසුවේ නැහැ. ඔබේ උපත ද සාමාන්‍ය උපතක් නොවෙයි; එය අලෞකීකයි (ආධ්‍යාත්මිකයි). අලෞකීක වීමේ අර්ථය පාරිශුද්ධ වීමයි. එබැවින්, තමන්ගේම ගුරුවරයෙක් වී සෑම රාත්‍රියේම තමන්ව පරීක්‍ෂා කර ඔබේ ලකුණු වල ප්‍රතිශතය දෙත්ත. ඔබ 100% වෙන්න ඕන. දිනපතා තමන් දෙස බලන්න. අත් අය දෙස නොබලන්න. බාදාදා දකිනවා ඔබ තමන් දෙස බලනවා වෙනුවට අන් අය දෙසයි බලන්න පටන් ගන්නේ. එය කිරීමට පහසුයි. ඔබව ම පරීක්‍ෂා කර ඔබේ සිතිවිලි. වචන හා ක්‍රියා ආදියෙහි ඔබේ පාරිශුද්ධතාවයේ ප්‍රතිශතය කොපමණ ද කියා බලන්න.

මේ වසරේ ඔබ විසින් සැමටම දුන් පණිවිඩය කුමක් ද? ඔබේ සියලුම උත්සව වලදී ඔබ කතා කරන්නේ පරිවර්ථනය ගැනයි. ඔබ කොහේ දී දේශනයක් දුන්නත්, පරිවර්ථනය යන මැයෙන් ඉතා හොඳ දේශනයක් ඔබ දී තිබෙනවා. මෙම වසරේ සේවා ක්‍ෂේත්‍රයේදී ඔබ අන් අයට දුන්නේ පරිවර්ථනයේ අරමුණකි. නොවේ ද? මෙම පණිවිඩය ඔබ සැමටම දී තිබෙන්නේ ඉතා උත්කර්ෂවත් ලෙසිනී. බාල්දාදා සතුටු වුණා. එබැවින්. දිනපතා ඔබව පරීක්‍ෂා කරමින් කොපමණ පරිවර්ථනයක් ඔබ තුළ ඇතිවූවාද කියා බලන්න. ඔබේ පරිවර්ථනය එවන් වූ ඉහළ යෑමේ ස්ථිතියක් විය යුතුයි. පහළ බසින ස්ථිතිය නොවෙයි. බාල්දාදා සෑම දරුවකුගේම වාර්ථා සටහන බලනවා. ඇතැම්විට ඔබ සිතනවා ඇති බාල්දාදා සියලුම දරුවන්ගේ වාර්ථා බලයිද නැත්නම් විශේෂ දරුවන් ස්වල්ප දෙනෙකුගේ වාර්ථා පමණක් බලයි ද කියා. බාල්දාදා සමහර විට සියලුම දරුවන්ගේ වාර්ථා බලනවා. ඔහු දිනපතාම බලන්නේ නැහැ. කෙසේවෙතත්, ඒවා සමහර විටයි බලන්නේ, මේ දරුවා අන්තිමට පැමිණ වේගයෙන් යන දරුවා වත්ද කියලයි. ඔබ සිනාසෙයි, ඒ නිසා ඔබේ වාර්ථාව මොන වාගේද කියා බාල්දාදා කියන්න ඕනද? අද සැමරීමේ දිනයක් වන නිසා බාබා ඔබට නොකියනු ඇත. කෙසේවෙතත්, බාබා සංඥා කරනවා මෙම දිනය සහ කාලය කොතරම් වටී ද කියා ඉදිරියෙදී ඔබ සිහි කළ යුතු බව. මෙම දිනය සහ කාලයයි ඔබේ උපවාසය රැකීම එනම්, මෙම අධිෂ්ඨානය තිබීම. සැබෑ භක්තිවන්තයන් කිසිසේත් ඔවුන්ගේ දිවුරුම කඩ නොකරති. බාදාදා නැවතත් ඔබ දරුවන්ට සංඥා කරන්නේ. දැනුදු ඔබේ ප්‍රථම පදනම වූ සිතිවිලි බලය සමහර විට බොහෝ සේ නාස්ති වෙමින් තිබෙන නිසයි. නිෂ්ඵල සිතිවිලි වලට වඩා මදක් අඩුවෙනුයි නිශේධනීය සිතිවිලි ඇත්තේ. ඔබ වෙනුවෙනුත් ලොව වෙනුවෙනුත් අවශ්‍ය තරමට ඔබේ සිතිවිලි බලය අධික කරන්න. මන්ද ඔබේ වචන හා ක්‍රියාවන් වලට පදනම වන්නේ ඔබේ සිතිවිලි බලයයි. එමනිසා, ඔබේ සිතිවිලි බලය පරිවර්ථනය කරන්න. ඕනෑම නාස්තියක් හෝ නිශේධනීය බවක් ඇත්නම්, ඒවා පරිවර්ථනය හෝ කර ලෝක යහපත සඳහා භාවිත කරන්න. බාදාදා සිතිවිලි ධනවස්තුවයි බොහෝ උසස් ධන වස්තුව වශයෙන් සලකන්නේ. එබැවින් ඔබේ සිතිවිලි ධනයෙන් සකසුරුවම් සහිත ආත්ම මූර්තීන් බවට පත්වන්න. අද දිනය අවතරණය වූ දිනය වශයෙන් හැඳින්වේ. අද සියලුම දරුවන් උදෙසා බාදාදාට තිබෙන පාරිශුද්ධ ආශාව නම්, අද ශිවාගේ පහළ වීමේ දිනය වූවාක් මෙන්ම ඔබ සියල්ලන් ද අරපිරිමැස්මේ අවතරණ බවට පත්වූ දිනය වීමයි. ඔබේ සිතිවිලි සකසුරුවම් සහිත වීම ඒවා ව්‍යර්ථ වීමෙන් ඉතිරි කිරිමකි; එවිට නිරායාසයෙන්ම අනෙකුත් සියලු ධනවස්තු ඉතිරි කිරීම ඔබ කරනවා ඇත. 1999 දී කුමක් සිදුවේවි ද? දැනටමත් 1999 වසර පටන් ගෙන ඇත. 1999 දී කුමක් සිදුවේ ද යනුවෙන් ඔබ කලින් සිතුවා. මොනවත් සිද්ධ වුණාද? දැන් පෙබරවාරියයි. යම් දෙයක් සිද්ධ වුණත් එම කාරණා ඔබට කුමට ද? ඉන් ඔබට පාඩුවක් වෙයි ද? ඔබ බියෙන් පසුවෙනවා ද? කුමක් සිද්ධ වේවි ද කියා නොදත් නිසා බියෙන් සිටිනවා ද? ඔබට සියල්ලක්ම හොඳ වේවි. ලොවේ කුමක් සිදුවුණත්, ඔබ සරළව නිර්භීතව ප්‍රමෝදයෙන්, එසේම නාට්‍යය නරඹමින් සිටින්නයි ඕන. නාට්‍යයක ඔවුන් සෙනෙහස මෙන්ම රුධිරයත් පෙන්වයි. ඔවුන් සටන් වදිනවාත් පෙන්වනවා එසේම හොඳ දේවලුත් පෙන්වනවා. එමනිසා, එම නාට්‍යයෙහි කුමක් සිදුවේවිද කුමක් සිදුවුණේද යැයි ඔබ බියට පත්වේද ? කුමක් සිද්ධ වේවිද කියා ඔබ සිතනවාද? සරළව හිඳිමින් නාට්‍යයේ සිද්ධ වෙන දේ විනෝදයෙන් ඔ නරඹන්න. මෙය ද අසීමිත නාට්‍යයකි. ඔබට යාන්තමින් හෝ සිදුවීම් පෙන්වද්දී බියක් හෝ එය එසේ සිද්ධ නොවිය යුතු යැයි සිතන්නේ නම්, ද, හෝ එවන් ස්ථිතියක් නම් ඔබට ඇත්තේ. එවිට ඒ මගින් බලපෑමක් ඔබට ඇතිවනු ඇත. හොඳ සිද්ධියක් පෙන්වද්දී, ඔබට හොඳ ස්ථිතියක් තිබෙයි එවිට තාට්‍යයෙහි යම් වැරදි සිද්ධියක් වෙන්න යන බව පෙන්වූවාම ඔබට එයිනුත් බලපෑමක් ඇති වී ඔබ තුළම ආරවුලක් අත්විඳිනු ඇත. එබැවින් එය 1999 හෝ 2000 වුණත් ඔබට ඇති කාරිය කුමක්ද? ක්‍රීඩා සිදු වෙද්දෙන්, සරළව තරඹමින් විනෝද වෙන්න. බිය නොවන්න. ඇයි මේ දේ වුණේ කියා සිතමින් කලබල වෙන්න එපා. ඒ ගැන අල්ප මාත්‍රයක සිතිවිල්ලක් වත් නොතබාගන්න. හැමෝම අහන්නේ 1999දී කුමක් වෙයිද කියලයි. යමක් සිදුවේවිද නැද්ද කියලයි. බාල්දාදා කියන්නේ : ඔබ සැවොම ස්වභාව ධර්මය නම් මූල ධාතූන්ට සෑම දේම ශුද්ධ කිරීමේ සේවය දී තිබෙනවා. ඔබ විසින් ස්වභාව ධර්මයට දිග කොසු ඉදල් දී තිබෙනවා, ඒ නිසා ඒවාට සියල්ල ශුද්ධ කළ හැකියි. එහෙනම් ඔබ බිය ඒ වෙන්නේ ඇයි ? ස්වභාව ධර්මය ඔබේ අණ පරිදි සියල්ල ශුද්ධ පවිත්‍ර කරාවි. ඉතින් ඔබ සසල වෙන්නේ කුමකට ද? මෙම අණ දුන් අයත් ඔබමයි. එමනිසා. අචල සහ නොසැලෙන අය බවට පත් වී ඔබේ මනස සහ බුද්ධිය සම්පූර්ණයෙන්ම බලවත් කරගන්න. ඔබව අචල සහ මයි.එමනිසා.අචල නොසෙල්විය හැකි ස්ථිතියක ස්ථාවර කරගන්න. නොකඩවා සොබා දහමේ ක්‍රීඩා නරඹන්න. බිය නොවන්න. ඔබ සාමාන්‍ය අය නොවෙයි අලෞකීකයි. සාමාත්‍ය අය තමයි කලබල වෙන්නේත්, බියට පත්වන්නේත් ඔබ අසහාය මාස්ටර් සර්ව බලධාරී ජීවාත්මයන් හුදෙක් නාට්‍යය රඹමින් ලෝක යහපත කාර්යයෙහි ඔබව නිරත කරවන්න. ඔබේ මනස සහ බුද්ධිය නිදහස් කළොතින්, එවිට ඔබ බය වෙන්න ගනීවි. ඔබේ ඔ ඔ මනස සහ බුද්ධිය ප්‍රදීපාගාරයක් කළේ නම්, එම ආලෝකය පැතිර වීමේ කාර්යයෙහි නියැළී සිටීයොත් එවිට, කාර්ය බහුල වූ ජීවාත්මයන් වූ සැමවිටම පැහැදිලි අවබෝධයෙන් සිටීවි. ඇයි? මොනවද? යන ප්‍රශ්න වලින් ඔබේ බුද්ධිය පුරවා තබන්න එපා. එය හිස් කරත්ත. සරළව: "එක් බාබාත්, මමත්". ඉන්පසු, කාලයට අනුව ලියුම්, දුරකතන, ටීවී හෝ ඕනෑම සන්නිවේදන මාර්ගයක් ක්‍රියා විරහිත වුණත් ඔබට පියාගේ මගපෙන්වීම් පැහැදිලිව ම අල්ලා ගැනීමට හැකි වේවි. විද්‍යා උපකරණ කිසිවිට ඔබේ ආධාරකය නොකර ගන්න. එම උපකරණ පරිහරණය කරන්න. නමුත්. ඔබේ ජීවිතය ඒවාට වහල් වෙන්නට ඉඩ නොදෙන්න. ඇතැම්විට, ඔබට විවිධාකාර වූ විද්‍යාවේ පහසුකම් තිබෙතත්, ඒවා ඔබට පරිහරණය කිරීමට නොහැකි වේ. මේ නිසයි. ඔබ කොතැන සිටියත්, නිහඬතාවයේ පහසුකම් ඉතා පැහැදිලිව සහ ඉතා ඉක්මණීන් දේ ක්‍රියා කරන්නේ. මොන තරම් අපහසු අවස්ථාවක ඔබ සිටියා වුවත්, කෙසේ හෝ ඔබේ බුද්ධියේ රේඛාව පැහැදිලිව තබාගත යුතුයි. තේරුණා ද? ඔබ ස්වර්ණම යුගය ඉක්මණීන් ඒමට ඉල්ලා සිටිනවා. එහෙම නේද? ස්වර්ණම යුගයෙහි මෙම පිරිසිදුකම තිබිය යුතුයි. ඉතින්, ඔබ වෙනුවෙන්, ස්වභාව ධර්මය සියල්ල ඉතා හොඳින් පිරිසිදු කරාවි.

අදදින, අධිෂ්ඨාන පූර්වක සිතිවිල්ලක් තබාගත යුතු දිනයයි; නිකම්ම සිතිවිල්ලක් නොවෙයි. නමුත් ඔබේ සිතිවිලි තුළ අධිෂ්ඨානය තිබිය යුතුයි. අද මොන අධිෂ්ඨානයක් ද ඔබ තබාගත්තේ ? ඔබ සකසුරුවම් ආත්ම මූර්තියක් වීමයි. ඔබේ සිතිවිලි තුළ, ඔබේ වචන සහ සාමාත්‍ය ක්‍රියාවත් තුළ සකසුරුවම් වීමයි. දෙවනුවට සැමවිටම ඔබේ බුද්ධිය පැහැදිලිව තබා ගැනීම. බාල්දාදා කතා කරනවිට මෙසේ සඳහන් කරයි : ස්වාමියා අවංක හදවත් හා සතුටු වෙයි. වර්තමානයේ අවංකත්වය සහ පිරිසිදුකමට මහත් අවශ්‍යතාවයක් ඇත. හදවතෙහි අවංක විම පවුලෙහි අවංක වීම. සහ පියාට අවංක වීම. ඔබට තේරුණා ද ? අද. බාබාට කිසිවක් කියන්න උවමනා නැහැ. කොහොම වුණත්. ඔහු එය කීවා. බාල්දාදාට ඔබ වෙනුවෙන් මහත් සෙනෙහසක් තිබෙනවා. ඒ නිසා, ඔබ තුළ සුළු දුර්වලකමක් පවා දැකීම ඔහුට දරාගන්න බැහැ. බාල්දාදාට නිරන්තරයෙන්ම ඔහුගේ සෑම දරුවාම ඔහු වාගේම පරිසමාප්ත වී සිටිනවා දකින්නයි උවමනා කරන්නේ.

සෑම තැන්වලම ප්‍රචණ්ඩතා ඇත. සිය ස්වභාව ධර්මයේ මූලධාතු සෑම තැන් වලම විශාල වශයෙන් ප්‍රචණ්ඩතා ඇති කරයි ප්‍රචණ්ඩතාවයෙන් තොරවූ තැනක් නැත. මිනිසුන් ප්‍රචණ්ඩතාවයෙහිය. ස්වභාව ධර්මයත් ප්‍රචණ්ඩතාවයෙහිය. ලොවෙහි සෑම තැන් වලම ප්‍රචණ්ඩතා තිබෙන විට ඔබ කුමක් කරන්නේ ද? එම වෙලාවෙහි ඔබේ ආරක්‍ෂාවට මග කුමක් වේද? තත්පරයක් තුළ දී ඔබව විදේහී අශාරීරික සහ ජීවාත්ම අවධානයට පත්කරන විට, ඔබට ප්‍රචණ්ඩතා මධ්‍යයෙහි නොසැලී සිටීමට හැකි වනවා ඇත. මේ සඳහා ඔබට වේලාවක් යන්නේ නැහැ නේද? කුමක් සිදුවේවි ද? දැන්ම උත්සාහ කරන්න. ඔබට කොතැනදීත්, කොයි වේලාවේදීත් තත්පරයක් තුළ ඔබේ මනස සහ බුද්ධිය ස්ථාවර කිරීමට හැකි වේද ? (බාබා සරඹයක් මෙහෙයෙව්වා) මෙයට කියන්නේ ආධ්‍යාත්මික ප්‍රයත්නය කියාය. හොඳයි.

දෙස් විදෙස් වල සිටිනා පියාගේ සෙනෙහසේ ගැලී සිටිනා සියලුම දරුවන්ට, බ්‍රහ්මචාරියකු ගේ ස්ථිතියෙහි තමාව ස්ථාවර කරගත් සෙනෙහෙවන්ත සහයෝගශීලී දරුවන්ට, නිරන්තරයෙන් එක්කෙනාට පමණක් අයිති වී තමන් කරන සෑම කාර්යයක්ම සකසුරුවම් සහිතව කරනා, එඩිතරව කරනා දරුවන්ට, ඕනෑම ප්‍රචණ්ඩතා මධ්‍යයේ නොසැලී නිර්භයව සිටිනා ජීවාත්මයන්ට‚ නිරන්තරව සතුටින් සමරන්නන් හට, පරම පියාට සමීප වී සිටින්නන් හට ස්නේහ ස්මරණයෙන් නමස්තේ.

දරුවන් එවා ඇති සියලු කාඩ්පත් බාබාට ලැබී ඇත. ඔබ එවා ඇති සියලුම උපන්දින කාඩ්පත් මෙන්ම ඔබගෙන් සමහරු එවා ඇති වැලන්ටයින් කාඩ්පත්ද බාදාදා දුටුවා. ශිවරාත්‍රියට සුබපැතුම් සමගම සෙනෙහස් සාගරය වන පරමාත්ම පියා ඔබට වැලන්ටයින් දිනය වෙනුවෙන්ද සුබ පැතුම් ලබා දෙනවා. සුබ පැතුම්! සුබ පැතුම්! සුබ පැතුම්! සියලු රටවල්, මහ නගර, නගර සහ ගම්වල මෙන්ම වැඩියෙන්ම කුඩා ගම්වල වාසය කරන සියලුම දරුවන්ට සෙනෙහස, ස්මරණය සහ සුබ පැතුම්. ඔබ සියලු දෙනාටත් සුබ පැතුම්! බාබාට සුබ පැතුම් කොපමණ ලබා දිය හැකිද? ඔබට පිළිගත හැකි ප්‍රමාණයට වඩා වැඩි සුබ පැතුම් ප්‍රමාණයක් බාබා ලබා දෙනවා.

වරදානය:
ඔබගේ සෙනෙහසේ සහ නවතාවයේ අධිකාරිත්වයෙන් ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වී, අන් අයට කැප වීමට දිරිමත් කරත්වා.

ඔබ සමග සම්බන්ධ වන සියලු දෙනාටම, ඔබ ආරාධනා කළ යුත්තේ කුමනාකාරයේ සබැදියාවකටද යත්, මෙම සබැදියාව ඇති කර ගන්නා අතර, ඔවුන් කැප වුණු බුද්ධියක් වර්ධනය කරගෙන මෙසේ කිව යුතුයි: “ පියා පවසා ඇති කුමක් වුණත් සත්‍යයයි”. මෙය හැදින්වෙන්නේ කැප වුණු බුද්ධියක් තිබීම ලෙසයි. එවිට ඔවුන්ගේ ප්‍රශ්න අවසන් වෙයි. ඔවුන් පැවසිය යුත්තේ, ඔබගේ දැනුම හොද බව පමණක් නොවෙයි, නමුත් මෙම දැනුම අළුත් බවත් එය නව ලෝකය ගෙන එන බවයි. කුම්භකරණ අවදි වන්නේ මෙම හඩ ඇති වන විට පමණයි. එබැවින් නවතාවයේ ශ්‍රේෂ්ඨත්වයෙන් සහ ඔබගේ සෙනෙහස සහ අධිකාරිත්වයේ සමබරතාවයෙන් ඔවුන්ට මේ ආකාරයෙන් කැප වීමට මග පාදන්න, මයික් සූදානම් කර ඇති බව පැවසිය හැකි වන්නේ එවිට පමණයි.

පාඨය:
ඒකායන පියාට ආදරණීය වන්න, එවිට ඔබට ලෝකයාගේ සෙනෙහස ලැබෙයි.