10.05.20    Avyakt Bapdada      Sinhala Murli     08.01.86    Om Shanti    Madhuban


පෘථීවියේ පූජණීය තාරකා.


අද දින, ඥාන සූර්යයා වන පරම පියා, බොහෝ විවිධ අන්දමේ විශේෂතා වලින් පිරි, ඔහුගේ විශේෂ තාරකා දකිනවා. සෑම තාරකාවකගේ විශේෂත්වය කෙසේද යත්, ලෝකය පරිවර්ථනය කිරීමට එය ආලෝකය ලබා දෙයි. මේ දිනවල මිනිසුන් තාරකා පිළිබඳ විශේෂයෙන් පර්යේෂණ පවත්වන්නේ, පෘථීවිය මත තාරකා ඇති කරන බලපෑම නිසාය. විද්‍යාඥයින් අහසේ තරු ගැන පර්යේෂණ කිරීමට තැත් කරන අතර බාප්දාදා ඔහුගේ පූජණීය තාරකාවන්ගේ විශේෂතා දෙස බලයි. එතරම් ඈතක සිට අහසේ තාරකාවන්ට පෘථීවිය මත හොඳ හෝ නරක බලපෑමක් ඇති කිරීමට හැකියාවක් තිබෙයි නම්, එවිට ඔය පූජණීය තරු වලට ඉතා පහසුවෙන් ලෝකය පරිවර්ථනය කර, පිවිතුරු, ප්‍රිතිමත් සහ සාමකාමි ලෝකයක් සෑදීමට, ඔබගේ බලපෑම සිදුකළ හැක. ඔබ පෘථීවියේ තාරකා වන අතර ඒවා අහසේ තාරකාය. පොළවේ තාරකා, මේ ලෝකය කැලඹීම් වලින් ආරක‍්ෂා කර, එය ප්‍රීතිමත් සහ ලස්සන ස්වර්ණමය ලෝකයක් බවට පත් කරන අයයි. මෙකල, සොබාදහම සහ මිනිසුන් යන දෙකොටසම කැලඹීම් ඇති කිරීමට උපකරණ වන නමුත් ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම, ලෝකයට සතුටේ හුස්මක් සහ සාමයේ හුස්මක් ගැනීමට මඟ පාදන අයයි. පොළවේ තාරකා වන ඔය තරු, සියලු ජීවාත්මයන්ගේ සියලුම ආශා ඉටු කිරීම සඳහා සියලු ලැබීම් වල ප්‍රතිමූර්තීන්ය. සියලුම දෙනාගේ බලාපොරොත්තු සුන් වූ හැඟීම්, බලාපොරොත්තු බවට වෙනස් කරන, බලාපොරොත්තුවේ ශ්‍රේෂ්ඨ තාරකා ඔබයි. එබැවින් ඔබගේ ශ්‍රේෂ්ඨ බලපෑම පරීක‍්ෂා කර බලන්න කෙතරම් ප්‍රමාණයකට සාමයේ තාරකාවක්, පූජණීය තාරකාවක්, සතුටේ ප්‍රතිමූර්තියක් වන තාරකාවක්, නිරන්තර සාර්ථකත්වයේ තාරකාවක්, නිරතුරුවම සියලු ආශා ඉටු කරන තරුවක් සහ තෘප්තියේ තාරකාවකගේ දීප්තියේ අලංකාරය මට තිබනවාද? ඔබ කෙතරම් ප්‍රමාණයකට ඔබගේ බලපෑම පතුරනවාද? ඔබගේ බලපෑමේ වේගය කුමක්ද? එම තරුවල වේගය ඔබ පිරික්සන ආකාරයෙන්ම, තමන්ගේම බලපෑමේ වේගය බැලීමට ඔබව පරීක‍්ෂා කරන්න, මන්ද වත්මන් ලෝකයට ඔය පූජණීය තරු අවශ්‍යයි. ඉතිං බාප්දාදා සියලුම විවිධ තරු දෙස බලමින් සිටියා.

ඔය ආධ්‍යාත්මික තාරකා සමූහය, ඉතා ශ්‍රේෂ්ඨ මෙන්ම බොහෝ සතුට ගෙන දෙන්නක්! ඔබ මේ ආකාරයේ දීප්තිමත් තාරකා බව ඔබ සලකනවාද? ඒ තාරකා දෙස බැලීමට මිනිසුන් බොහෝ උනන්දුවක් දක්වයි. සියලු දෙනාටම ඔය පූජණීය තරු දැකීමට අවශ්‍ය වන කාලයක් දැන් පැමිණෙනවා. ඔවුන්, ඔය ආශ්චර්යමත් තරු සොයමින්, මෙම සාමයේ, සතුටේ සහ ස්ථාවරත්වයේ බලපෑම පැමිණෙන්නේ කොහේ සිටද කියා, සිතමින් සිටියි. ඔවුන් මේ ගැන පර්යේෂණ පවත්වයි. වර්තමානයේ ඔවුන් පදාර්ථ ගැන පර්යේෂණය කිරීමේ නියැලී සිටියි, නමුත් ඔවුන් පදාර්ථ පිළිබඳව පර්යේෂණ කර වෙහෙසට පත් වූ විට, මෙම ආධ්‍යාත්මික පරියේෂණය කිරීමේ සිතිවිල්ල ඔවුන්ට ඇති වෙයි. එයට පෙර ඔය පූජණීය තාරකා, තමන්ව පරිපූර්ණත්වයට පත් කර ගත යුතුයි. එය සාමයේ ගුණය හෝ බලයේ ගුණය වුවද, සීඝ්‍ර වේගයකින් තමන්ව එක් විශේෂත්වයකින් පුරවා ගැනීමට සූදානම් සිදුකරන්න. ඔබත් මෙය පර්යේෂණය කළ යුතුයි. ඔබට සියලු ගුණදම් තිබේ, නමුත් අඩුම තරමින් එක් විශේෂිත ගුණදහමක විශේෂත්වය තිබීම තුළින්, ඔබව විශේෂයෙන් සම්පූර්ණ කරගන්න. නිදසුනක් ලෙස, සියලුම වෛද්‍යවරුන්ට සියලු රෝග පිළිබඳ සාමාන්‍ය දැනීමක් තිබේ. නමුත් ඒ සමඟම සමහරුන්ට යම් විශේෂිත රෝග ස්වරූප පිළිබඳව විශේෂ දැනුමක් තිබේ, එමෙන්ම එම විශේෂත්වය නිසා ඔවුන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියට පත් වෙයි. ඔබ සියලු ගුණදම් වලින් පිරි සිටිය යුතුයි, නමුත් ඔබට සේවය සඳහා භාවිත කර, නොකඩවා ඉදිරියට යා හැකි, එක් විශේෂිත වූ විශේෂත්වයක් ඔබ අත්විඳිය යුතුයි. නිදසුනක් ලෙස භක්තියේදි, දේවතාවියන්ගේ ප්‍රශංසාවේ, එක් එක්කෙනාව සිහි කෙරෙන්නේ, ඇයටම වෙන්වූ විශේෂත්වයට අනුව වන අතර එක් එක්කෙනා පිදුම් ලබන්නේද එම විශේෂත්වයට අනුවයි. ඔවුන් සරස්වති, දැනුමේ දෙවඟන බව විශේෂයෙන් විශ්වාස කර, ඇයට වන්දනාමාන කරයි. ඇය ශක්තියේද ප්‍රතිමූර්තියකි, නමුත් ඇගේ විශේෂත්වය නිසා, මිනිසුන් ඇයට වන්දනා කරන්නේ දැනුමේ දෙවඟන ලෙසටයි. ඔවුන් ධනයේ දෙවඟන ලෙසින් ලක‍්ෂ්මිව වන්දනා කරයි. ඒ ආකාරයෙන්ම, තමන් තුළ සියලු ගුණදම් සහ සියලු විශේෂතා තිබෙන අතරම, එක විශේෂතාවයක් පිළිබඳව විශේෂයෙන් පර්යේෂණ සිදුකර, ඔබව එයින් බලපෑම් සිදුකළ හැකි කෙනෙක් බවට පත් කරගන්න. මේ වසරේ සෑම ගුණදහමක් සහ සෑම බලයක්ම පර්යේෂණය කරන්න. සෑම ගුණදහමකම ගැඹුරටම යන්න. එහි පත්ලේ ඔබට එහි ශ්‍රේෂ්ඨත්වය අත්විඳීමට හැකි වෙයි. සිහිපත් කිරීමේ ස්ථීති සහ උත්සාහ දැරීමේ ස්ථීති ගැන ගැඹුරින් පර්යේෂණය කරන්න. ඒවායේ ගැඹූරට යන්න. ගැඹුරු අත්දැකීම් ලබා ගන්න. අත්දැකීම් සාගරයේ පතුලටම යන්න. මතුපිට රැලි වල ගමන් කිරීමේ අත්දැකීම් ලබා ගැනීම, සම්පූර්ණ අත්දැකීම් ලබා ගැනීම නොවෙයි. අභ්‍යන්තරගත වී, ඔබගේ බුද්ධිය, ගැඹුරු අත්දැකීම් වල මැණික් වලින් පුරවාගන්න, මන්ද හෙළිදරව් කිරීමේ කාලය දැන් සමීපයට පැමිණෙනවා. පිරිපුන් සහ අංග සම්පූර්ණ වන්න, එවිට සියලුම ජීවාත්ම ඉදිරියේ ඇති අවිද්‍යාවේ තිරය ඉවත් වෙයි. ඔබගේ පරිපූර්ණත්වයේ ආලෝකයෙන්, එම තිරය ඉබේටම විවර වෙයි. එබැවින්, මෙය පර්යේෂණය කරන්න. පිරික්සුම් එළියක් වන්න. ස්වර්ණ ජුබිලිය සැමරූ බව, ඔබට කිව හැකි වන්නේ එවිට පමණයි.

ස්වර්ණ ජුබිලියේ විශේෂත්වය ලෙසින්, ඔය සෑම කෙනෙකුගෙන්ම සියලු දෙනාටම මෙය අත්විඳීමට සලස්වන්න. ඔබගේ ද්‍රිෂ්ඨිය තුළින් ඔවුන්ට ස්වර්ණමය ශක්තීන් අත්දකින්නට සලස්වන්න. ආලෝක කිරණ වලින් ජීවාත්මයන්ට ස්වර්ණමය වීමට බලය දෙන ආකාරයෙන්, ඔබගේ සෑම සිතිවිල්ලක් සහ සෑම ක්‍රියාවක්ම ස්වර්ණමය කරගන්න. ඔවුන්ව රත්තරං කිරීමට උපකරණ වන්නේ ඔබයි. ස්වර්ණ ජුබිලියේ මෙම වසරේ, තමන් දිව්‍යත්වයේ මාස්ටර් ස්වාමීන්, දිව්‍යත්වයේ ස්වාමී (පාරස්නාත්, ගලක් මැණිකක් බවට පරිවර්ථනය කරන දිව්‍යමය කෙනා) ගේ දරුවන් බව සලකන්න. ජීවාත්මයක් කෙතරම් යකඩ මෙන් වුවද, දිව්‍යමය (පාරස්) කෙනෙකුගේ ඇසුරේ සිටින විට, යකඩ වුවත් දිව්‍යමය වෙයි. මෙසේ නොසිතන්න මේ කෙනා යකඩයි. ඒ වෙනුවට මෙසේ සිතන්න මා දිව්‍යමයයි. දිව්‍යමය කෙනෙකුගේ යුතුකම වන්නේ යකඩ වෙනස් කර, එය දිව්‍යමය බවට පත් කිරීමය. සෑම විටම මෙම අරමුණ සහ එයට සුදුසුකම් ඔබගේ සිහියේ තබාගන්න. එවිට පුජනීය තාරකාවන්ගේ බලපෑම ලෝකය දකිවි. වර්තමානයේ, දුප්පත් අසරණ මිනිසුන්, අහවල් තරුව පැමිණෙයි කියා බියෙන් සිටියි. පසුව, පූජණීය තරු පැමිණීම ගැන ඔවුන් සතුටු වෙයි. සෑම තැනකම පුජනීය තාරකාවන්ගේ දීප්තිය අත්විඳිවි. වාසනාවන්ත තරු, සාර්ථකත්වයේ තරු, පැමිණ ඇති බව, සතුටේ සහ සාමයේ තරු පැමිණ ඇති බව, සියලු දෙනාගේම මුවගින් මතුවෙයි. වර්තමානයේ ඔවුන් තම දූර දර්ශක තුළින් බලයි, නමුත් ඒ වෙලාවේ ඔවුන් තම තෙවැනි ඇසින්, ඔවුන්ගේ දිව්‍යමය ඇසින්, දකියි. කෙසේවෙතත්, මෙය සූදානම් වන වසරයි. තමන්ව ඉතා හොඳින් සූදානම් කරගන්න. අච්චා. ඔබ වැඩ සටහනේදි කරන්නේ කුමක්ද? බාප්දාදා මෙම ජවනිකාව සූක‍්ෂම කලාපයේ මතු කළා. ඔහු ජවනිකාව තුළ දුටුවේ කුමක්ද?

සම්මන්ත්‍රණයකදි ඔබ වේදිකාව මත අසුන් ගන්වන්නේ කතිකයන්ව පමණක්, නේද? සම්මන්ත්‍රණයක වේදිකාව යනු, කතිකයන්ගේ වේදිකාවකි. ඔබ එය පිළියෙල කරන්නේ මේ ආකාරයට නේද? ඔබ සෑම විටම මාතෘකාවක් ගෙන දේශන පවත්වයි, එමෙන්ම ඔබ එය හොඳින් සිදු කරයි, නමුත් මෙම ස්වර්ණ ජුබිලියේ, දේශන වලට අඩු කාලයක්ද, වඩාත් වැඩි බලපෑමක්ද ඇති කරන්න. එම වෙලාවේ විවිධ කතිකයන්ට ඔවුන්ගේ බලවත් දේශන ලබා දිය හැක. මෙහි ස්වරූපය කුමක් විය යුතුද? එක් දිනක, විශේෂයෙන් මේ සඳහා පැය භාගයක වැඩ සටහනක් පවත්වන්න. පිටස්තර පුද්ගලයෙක් හෝ විශේෂ කතිකයෙකුට දේශනයක් පැවැත්විය හැක, නමුත් පැය භාගයකට පමණක්, වේදිකාවේ විවිධ වයස් කාණ්ඩ වල අය, එනම්, එක් කුඩා දරුවෙක්, එක කුමාරි කෙනෙක්, එක් පිවිතුරු යුවලක්, එක ගෘහස්ථ යුවලක්, එක් වයස්ගත පුද්ගලයෙක් සිටිය යුතුයි. මෙම විවිධ පුද්ගලයන් වේදිකාව මත අඩසඳක හැඩයකට අසුන් ගන්වන්න. වේදිකා ආලෝකයේ දීප්තිය, වැඩි නොවිය යුතුයි ඒවා නියමිත ප්‍රමාණයට (ප්‍රමිතියට) තිබිය යුතුයි. සියලු දෙනාම, ඒවා තුළින් තම ජීවිත නිර්මාණය කර ගෙන ඇති, තම ජීවිත ශ්‍රේෂ්ඨ කරගැනීම සඳහා තමන්ට ලැබී ඇති විශේෂ රන් වැකි පිළිබඳව, විනාඩි තුන බැගින් කතා කළ යුතුයි. දරුවන්ට ලැබී ඇති ස්වර්ණමය වදන් පිළිබඳව, කුමාරි දිවියකට කුමාරීන්ට ලැබී ඇති වදන් කුමක්ද කියා, තරුණ බ්‍රහ්මචාරී යුවල් වලට ලැබී ඇති ස්වර්ණමය වදන් කුමක්ද කියා, ගෘහයක වාසය කරන භාරකරු ජීවාත්මයන්ට ලැබී ඇති ස්වර්ණමය වදන් කුමක්ද සහ මහළු අයට ලැබී ඇති ස්වර්ණමය වදන් කුමක්ද කියා, තරුණ කුමාර් හෝ කුමාරි කෙනෙකුට කතා කළ හැක. එක් එක් කෙනා විනාඩි තුන බැගින් කතා කළ යුතුයි. අවසානයේ මුළු ප්‍රේක‍්ෂකාගාරයම, සියලු දෙනාටම සරිලන ස්වර්ණමය වදනක්, පාඨයක ස්වරූපයෙන් හඬ නගා පැවසිය යුතුයි. සියලු දෙනාගේම අවධානය ඉබේටම ඒ පුද්ගලයා වෙතට යොමු වන ආකාරයෙන්, කතා කිරීමේ වාරය පැමිණෙන පුද්ගලයා මත, දීප්තිමත් ආලෝකයක් යොමු කළ යුතුයි. නිහැඬියාවේ බලපෑම තිබිය යුතුයි. ජවනිකාව, කෙනෙක් නාටකයක් රඟ දක්වන්නාක් සේ විය යුතුයි. එය දේශනයක් වන නමුත්, එය නාටකයක ස්වරූපයෙන් විය යුතුයි. ඔවුන් ඉතා අඩුවෙන් කතා කළ යුතුයි, එය විනාඩි තුනකට වඩා වැඩි නොවිය යුතුයි. මේ සඳහා කල් තියා, සූදානම් විය යුතුයි. ඊලඟ දිනයේ වෙනත් පාර්ශවයක් (වෘත්තියක්) විසින් ඒ අන්දමේම වැඩසටහනක් පැවැත්විය යුතුයි. නිදසුනක් ලෙස කෙනෙක් වෛද්‍යවරයෙක්, තව කෙනෙක් ව්‍යාපාරිකයෙක් සහ තව කෙනෙක් නිලධාරියෙක් ආදි වශයෙන්. විවිධ වෘත්තීන් වල පුද්ගලයන්, විනාඩි තුන බැගින් කතා කළ යුත්තේ, තම රාජකාරියේ සාර්ථකව රැඳී සිටීමට, නිලධාරියෙක් ලෙස තම වගකීම් ඉටු කරන විට, ඔහු භාවිත කරන්නේ කුමන ප්‍රධාන ස්වර්ණ ධාරණාවද, පිළිබඳවයි. සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාරණාව, ස්වර්ණමය වැකියක් ලෙස, ඔහු පැවසිය යුතුයි. එය දේශනයක් වන නමුත්, එය වෙනස් ස්වරූපයකින් පවත්වන නිසා, මෙම දේවමය ඥානය කෙතරම් අසීමිතද එමෙන්ම එය සෑම වෘත්තියකටම විශේෂ වන්නේ කෙසේද කියා ඔවුන්ට පෙනෙයි. ඔවුන් තම අත්දැකීම් විනාඩි තුනක දේශනයක් ලෙස ඉදිරිපත් කිරීම නොව, නමුත්, තව බොහෝ දෙනෙකුටද අත්දැකීමක් ලැබිය යුතුයි. වාතාවරණයේ කෙතරම් නිහැඬියාවක් තිබිය යුතුද යත්, සවන් දෙන අයට කිසිඳු කලබලයක් හෝ යමක් පැවසීමටවත් එඩිතරකමක් නොමැති විය යුතුයි. ට්‍රැෆික් කන්ට්‍රෝල් සඳහා තැටියක් වාදනය වන විට, සියලු දෙනාම නිහඬතාවයේ වාතාවරණයක් නිර්මාණය කරන ආකාරයටම, වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළදි, සියලුම බ්‍රහ්මණයන් තුළ එවැනි වාතාවරණයක් පවත්වාගැනීමේ අරමුණ තිබිය යුතුයි. ඒ වෙලාවේ ඔබ වචන නොමැතිව නිහැඬියාව පවත්වාගනී. කෙසේවෙතත් මේ වෙලාවේ, වාතාවරණය බලවත් කිරීම සඳහා, ඔබ දේශන පවත්වන්නේ වචන වලින් නොව, සාමයේ දේශනයි. මම ද කතිකයෙක් වන අතර මාව මින් බැඳ තබා ඇත. සාමයේ දේශනයක්ද අඩු නැහැ. බ්‍රහ්මණයන්ගේ මෙම වාතාවරණය, අන් අයවත් එම අත්දැකීම තුළට ගෙන යයි. හැකි තරමින් අන් සියලු ක්‍රියාකාරකම් අවසන් කරන්න. වාතාවරණය බලවත් කිරීම සඳහා සියලුම බ්‍රහ්මණයින් අනිවාර්යෙන් තම සහයෝගය ලබා දිය යුතුයි. කෙනෙකුට ඉටු කිරීමට යම් වගකීමක් තිබෙනවා නම්, ඔහු ඉදිරියේ අසුන් නොගත යුතුයි. ඉදිරිපස කිසිඳු බාධා කිරීමක් නොතිබිය යුතුයි. එය පැය තුනක බත්තියක් බව සලකන්න. එවිට එය හොඳ දේශනයක් බව කියනවා වෙනුවට, ඔවුන්ට හොඳ හැඟීමක් ඇති වූ බව ඔවුන් පවසයි. දේශනය සමඟම ඔවුන්ට එම හැඟීමද ඇති විය යුතුයි. ඔවුන් බත්තියකට සහභාගි විය යුතුයි, යන වැටහීම ඇතිව, සියලු බ්‍රහ්මණයින් පැමිණිය යුතුයි. ඔබ පැමිණිය යුත්තේ, සම්මන්ත්‍රණය නැරඹීමට පමණක් නොව, නමුත් සහයෝගය ලබා දීමටයි. එබැවින් මේ අන්දමින්, එම ජීවාත්ම කෙතරම් පීඩනයකින් සිටියත්, ඔවුන් පිටව යාමට පෙර, ඔවුන්ට සාමය සහ බලය කෙටි වෙලාවකට අත්විඳීමට හැකි වන අන්දමින් එවන් බලවත් වාතාවරණයක් නිර්මාණය කරන්න. ඔවුන්ට හැඟී යා යුත්තේ, මෙහි මිනිසුන් 3000 ක් අසුන් ගෙන සිටින බව නොවෙයි, නමුත් මෙය සුරඟන සමූහයක් බවයි. සංස්කෘතික වැඩසටහන් පවත්වන වෙලාවේ ඔවුන්ට සිනහසී විනෝද විය හැක, නමුත් සම්මන්ත්‍රණය වෙලාවේ, බලවත් වාතාවරණයක් තිබිය යුතුයි. එවිට පැමිණෙන අන් අයද ඒ ආකාරයෙන්ම කතා කරනු ඇත. කුමන ආකාරයේ වාතාවරණයක් නිර්මාණය වන්නේද, අනෙක් කතිකයන්ද එම බලපෑමට යටත් වෙයි. එබැවින් ඔවුන්ට කෙටි වෙලාවකදී බොහෝ සම්පත් ලබා දීමට වැඩසටහනක් ඇති කරන්න. එය කෙටි සහ මිහිරි විය යුතුයි. බ්‍රහ්මණයන් වන අපි, මෘදු හඬකින් කතා කරන්නේ නම්, එවිට වෙනත් මිනිසුන්ද මෘදුව කතා කරයි. අච්චා. ඔබ දැන් කරන්නේ කුමක්ද? ඔබ තමන්ව විශේෂ තාරකා ලෙස හෙළිදරව් කරනවා නේද? එබැවින් මෙම ස්වර්ණ ජුබිලියේ වසර, තමන්ව පිරිපුන් සහ අංග සම්පූර්ණ කරගන්නා වසර බවට පත්කර ගන්න. තමන් කැලඹිමට පත් නොවන්න, එමෙන්ම අන් අයව කැලඹීමට පත් නොකරන්න. කැලඹීම් ඇති කිරීමට සොබාදහම සෑහෙයි. සොබාදහම එයට අයත් කාර්යය සිදුකරනවා. ඔබ තම කාර්යය සිදුකරන්න. අච්චා.

පූජණීය තාරකා වී, ලෝකය ප්‍රීතිමත් සහ සාමකාමී කරවන සියලු දෙනාට, ලෝකය සහ එහි සිටින සියලු දෙනාව දිව්‍යමය කරවන, මාස්ටර් දිව්‍යත්වයේ ස්වාමීන්ට, සෑම විටම අත්දැකීම් වල සාගර පතුලටම යෑමෙන්, තමන් තුළ අත්දැකීම් වල මිණිමුතු රැස් කරගන්නා අයට, සෙවුම් පහන් වී, අවිදු අන්ධකාරයේ තිරය ඉවත් කරන අයට, පරම පියාව හෙළිදරව් කරන එවන් විශේෂ තාරකාවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

බාප්දාදා ගුරුවරුන්ට කතා කරමින්

1) ලෝකය අළුත් කිරීමේ කොන්ත්‍රාත්තුව ඔබ භාරගෙන තිබෙනවා නේද? ලෝකය අළුත් කිරීම සඳහා ඔබට සෑම විටම නව උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවාද, නැත්නම් එය තිබෙන්නේ ඇතැම් අවස්ථාවන්හි පමණක්ද? නව ලෝකය ස්ථාපිත වන්නේ, ඇතැම් විට පමණක්, උනන්දුව සහ උද්යෝගය තිබීම තුළින් නොවෙයි. නිරන්තරයෙන් නව උනන්දුව සහ උද්යෝගය ඇති අය, නව ලෝකය ස්ථාපිත කිරීමට උපකරණ වෙයි. ඔබ නොකඩවා නව ලෝකයේ සමීපයට පැමිණෙන ප්‍රමාණයට අනුව, නව ලෝකයේ විශේෂ දේවල ව්‍යාප්තිය, නොකඩවා සිදුවෙයි. නව ලොවට යාමට සිටින අය ඔබලා වන අතර, ලෝකය අළුත් කරන අයත් ඔබලාය. එය නිර්මාණය කිරීමට කාලය සහ ශක්තිය අවශ්‍ය වන නමුත් බලවත් ජීවාත්ම වන අය, සෑම විටම බාධක විනාශ කර, නොකඩවා ඉදිරියට ගමන් කරයි. එබැවින් එවන් නව ලොවක අත්තිවාරම ඔබයි. එහි අත්තිවාරම දුර්වල නම්, ගොඩනැගිල්ලකට කුමක් සිදුවෙයිද? එබැවින්, ලෝකය අළුත් කිරීමේ වගකීම ඇති අය, උත්සාහ දරා ශක්තිමත් අත්තිවාරමක් ඇති කළ යුතුයි. ගොඩනැගිල්ලට උපත් 21 ක් පැවතිය හැකි වන තරමට එය බොහෝ ශක්තිමත් කරන්න. ඉතිං, උපත් 21 කට, ඔබගේ ගොඩනැගිල්ල ඔබ පිළියෙල කර තිබෙනවා නේද? අච්චා.

2) ඔබ, පරම පියාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ජීවාත්ම බව, ඔබ අත්විඳිනවාද? මෙකල, ඔබ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අතර පසුව ඔබ ලෝක රාජධානියේ සිහසුන මත අසුන් ගනීවි. පරම පියාගේ සිහි කිරීම, තම හදවත් තුළ මුසු කර ගෙන ඇති අයට පමණයි, හදවත් සිහසුනේ අසුන්ගැනීමට හැකි වන්නේ. දරුවන් සෑම විටම පරම පියාගේ හදවත තුළ මුසු වී සිටින ආකාරයටම, දරුවන්ගේ හදවත් තුළත් සෑම විටම පරම පියාගේ සිහි කිරීම, ඉබේටම මුසුකර තබාගන්න. පියා හැර, තිබෙන්නේ වෙන මොනවද? එබැවින් ඔබ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටිනවා, යන කුල්මත් බව පවත්වාගන්න. අච්චා.

සත්ගුරු දිනයේ පෙ.ව. 6.00 ට සමුගන්නා වෙලාවේ

සෑම තැනකම සිටින සියලුම ආදරණීය සහ සහයෝගි දරුවන් මත, සෑම විටම බ්‍රහස්පතිගේ සහ වෘක‍්ෂයේ බීජයේ දශා තිබේ. ඔබ බ්‍රහස්පතිගේ දශා සමඟ, අන් අයව ශ්‍රේෂ්ඨ කරවීමේ සේවයේ ඉදිරියට ගමන් කරනවා. ඔබ සේවයේ මෙන්ම සිහිපත් කිරීමේද සාර්ථකව ප්‍රගතිය ලබන අතර නොකඩවාම එසේ කරයි. දරුවන්ට සංගම යුගය, බ්‍රහස්පතිගේ කාලයයි. සංගම යුගයේ සෑම මොහොතක්ම බ්‍රහස්පතිගේය, එනම්, එය වාසනාවන්තයි. එබැවින් ඔබ භාග්‍යවන්තයි, ඔබ පරමාත්ම දෙවියන්ට අයත්‍ය, ඔබ වාසනාව නිර්මාණය කරගන්නා අය මෙන්ම ඔබට වාසනාවන්ත ලෝකයට අයිතියක් තිබේ. එබැවින් එවන් නිරතුරුවම භාග්‍යවන්ත දරුවනට, සෙනෙහස, සිහිකිරීම සහ සුබ උදෑසනක්.

වරදානය:
ඔබ දේවමය විනය නීති පිළිපැදීමේ පදනම තුළින්, ලෝකයට නිදසුනක් වන, පහසු යෝගීවරයෙක් වේවා.

ලොවට නිදසුනක් වීමට, අම්රිත් වේලාවේ සිට රාත්‍රී කාලය තෙක් අඛණ්ඩව දේවමය විනය නීතී පිළිපදින්න. විශේෂයෙන් අම්රිත් වේලාවේ වැදගත්කම දැන, එම වෙලාවේ ශක්තිමත් ස්ථීතියක් නිර්මාණය කරගන්න, එවිට ඔබගේ ජීවිතය, දවස පුරාම ශ්‍රේෂ්ඨ වෙයි. ඔබ අම්රිත් වේලාවේ තමන්ව විශේෂ බලයෙන් පුරවාගෙන, බලයේ ප්‍රතිමූර්තියක් ලෙස ගමන් කරන විට, ඔබ කිසිඳු කාර්යයක් අපහසු බව අත්නොදකියි. විනය නීති වලට අනුව ඔබගේ ජීවිතය ගත කිරීමෙන් ඔබ ඉබේටම පහසු යෝගීවරයෙකුගේ ජීවිතය නිර්මාණය කර ගනීවි. එවිට, ඔබගේ ජීවිතය දැක, ලොවේ සියලු දෙනාම තම ජීවිත නිර්මාණය කරගනීවි.

පාඨය:
ඔබගේ ක්‍රියාකාරකම් සහ මුහුණින්, පිවිතුරු බවේ ශ්‍රේෂ්ඨත්වයේ අත්දැකීම ලබා දෙන්න.