10.05.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා ඔබට උසස් වූ උපදෙස් ලබා දීමටත්, ඔබව නිරන්තරයෙන්ම සතුටට හා සාමයට පත්කිරිම උදෙසාත් පැමිණ සිටිනවා. ඔහුගේ උපදෙස් පිළිපදින්න. මේ ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබා අන් අයටත් එය උගන්වන්න. එවිට ඔබ සදා සෞඛ්‍යමත්භාවයටත්, ධනවත් බවටත් පත්වනු ඇත.

ප්‍රශ්නය:
මුළු චක්‍රයෙන්ම මේ කාලයේදී පමණක් ඔබ කිසිම හේතුවක් නිසා අතපසු නොකර ගත යුතු, ඔබ ලබනා අවස්ථාව කුමක්ද?

පිළිතුර:
ආධ්‍යාත්මික සේවයෙහි යෙදිමෙන් සාමාන්‍ය මනුෂ්‍යයින් දේවත්වයට පත් කරවීමේ අවස්ථාව ඔබට ලැබෙන්නේ මේ කාලයේදි පමණයි. මෙම අවස්ථාව අතපසු කර ගන්න එපා. ආධ්‍යාත්මික සේවයෙහි කාර්ය බහුල වන්න. සේවයෙහි යෙදෙන්නෙක් බවට පත්වන්න. කුමාරින් විශේෂයෙන් දේව ආණ්ඩුවේ සේවයෙහි යෙදිය යුතුයි. සම්පූර්ණයෙන්ම මමාව අනුගමනය කරන්න. කුමාරින් පියාටම අයිතිවි නොකඩවාම ලෝක සේවයෙහි යෙදෙනා නමුත්, කටු මල් බවට පත්කරවනා සේවය නොකළහොත්, එය පියාට අගෞරව කිරිමකි.

ගීතය:
අවදිවන්න මනමාලියනි, අවදිවන්න. නව යුගය දැන් අත ළඟයි.

ඕම් ශාන්ති.
මනමාලියන් වන ඔබට විස්තර කළේ කවුද? මනමාලයා මනමාලියන් සොයා පැමිණියා කියා කතාවක් තිබෙනවා. මනමාලියන් බොහොමයක් ඉන්නවා. ඒ එකම මනමාලයාට මනමාලියන් බොහොමයක් සිටීම පුදුමයකි. ක්‍රිෂ්ණාට රැජිණියන් 16,108 සිටියා කියා මිනිස්සු කියනවා. නමුත් එවන් දෙයක් නැහැ. ශිව බාබා කියනවා මට මනමාලියන් මිලියන ගණනක් ඉන්නවා. මා ඒ සියලුම මනමාලියන් නැවත ගෙන යනවා. බාබා දැන් නැවතත් වතාවක් මනමාලියන් වන ඔබව ගෙන යාම සඳභා පැමිණ සිටිනා බව ඔබ දන්නවා. මනමාලියන් වන්නේ මේ සජිව ජීවයි. ඒ මනමාලයා අපට ශ්‍රීමත් ලබා දීමටත්, අපව අලංකාර කරලීමටත් පැමිණ සිටිනා බව ඔබ හදවත තුළ තිබෙනවා. සෑම කෙනෙක්ම උපදෙස් දෙනවා. ස්වාමිපුරුෂයා තම භාර්යාවට උපදෙස් දෙනවා. පියා තම දරුවන්ට උපදෙස් දෙනවා. නමුත් ඒ සියල්ලන්ගේම උපදෙස් වලට වඩා මොහුගෙන් ලැබෙනා උපදෙස් සම්පූර්ණයෙන්ම අසහාය වූත් උපදෙස් වේ. මේ නිසා තමයි ඒවා ශ්‍රීමත් ලෙස හැඳින්වෙන්නේ. අනෙක් සියල්ලක්ම මනුෂ්‍යයින්ගෙන් ලැබෙනා වැරදි උපදෙස්. ඒ සෑම කෙනෙක්ම උපදෙස් දෙන්නේ ශරීරවල ජීවනෝපාය සඳහායි. පුජකතුමන් හා ශාන්තුවරයින් සියල්ලෝම තම ශරීරයේ ජීවනෝපාය ගැන සැලකිලිමත් වෙති. ඒ සෑම කෙනෙක්ම දිගින් දිගටම තමාගේ ධනවත්කම වැඩිකර ගැනීමට අන් අයට උපදෙස් දෙමින් ඉන්නවා. පූජකතුමන් හා ගුරූන් දෙන උපදෙස් උසස්ම උපදෙස් කියා මිනිස්සු සිතනවා. කොහොමනමුත්, ඔවුනුත් තමන්ගේ බඩ වියත රැක ගැනීම සඳහා බොහෝ ධනය උපයා ගන්නවා. මට මාහටම කියා ශරිරයක් නැහැ. මම මගේ ප්‍රයෝජනය සඳහා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔබත් ඔබේම කුස ගැන සැලකිලිමත් වන්නේ තමා අධිරාජ්‍යයෙක් අධිරාජිනියක් විය යුතු බවයි. සෑම කෙනෙක්ම බලන්නේ තමන්ගේ සැපතයි. සමහරු නිකම් බාර්ලි චපාති කනවා. ඒ නමුත්, තවත් සමහරු අශෝක හෝටලයට ගිහින් කනවා. පූජකවරුන් මුදල් උපයාගෙන කෝවිල් තනනවා. ශිව බාබා තමාගේ ජීවිතය රැක ගැනීමට කියා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔහු ඔබව නිරන්තරයෙන්ම සතුටට පත් කරවීම සඳහා තමයි සෑම දෙයක්ම කරන්නේ. පසුව ඔබ සදා සෞඛ්‍යමත් හා ධනවත් බවට පත්වනවා. මම සදා සෞඛ්‍යමත් බවට පත්වීමට උත්සාහ කරන්නේ නැහැ. මා අශරිරික වන අතර මා එන්නේ දරුවන් වන ඔබව නිරන්තර සතුටට පත් කරවීම සඳහායි. ශිව බාබා අශරිරිකයි. අනෙක් සෑම කෙනෙක්ම බලන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීම ගැනයි. තඹ යුගයේ මහා භූත පිළිබඳ වූ දැනුම හා බ්‍රහ්මාලෝකය පිළිබඳ දැනුම තිබුණු අය සිටියා. ඔවුන් ස්මරණයේ යෙදුණු නිසා ගෙදර සිටියදීම සෑම දෙයක්ම ලැබුවා. සෑම කෙනෙක්ටම උදරයක් තිබෙනවා. සෑම කෙනෙක්ටම කෑම අවශ්‍යයි. කොහොමනමුත්, ඔවුන් යෝගාහි යෙදෙන නිසා, ඔවුන්ට කොහේවත් යාමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. පියා දැන් දරුවන්ට නිරන්තර සතුටින් සිටීමේ මාර්ගය පෙන්වා දෙනවා. බාබා ඔබට උපදෙස් දී ලෝක පාලකයින් බවට පත් කරවනවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ අමරණීය වේවා. ඔහුගේ උපදෙස් උසස්ම උපදෙස් වේ. මනුෂ්‍යයින් නොයෙකුත් උපදෙස් දෙනවා. සමහරු තම විභාග සමත් වී නීතිඥයින් වෙනවා. කොහොමනමුත්, ඒ සෑම දෙයක්ම තාවකාලික කාලයක් සඳහා පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීමටත් තම දරුවන් හදා ගැනීමටත් පමණයි. බාබා දැන් ඔබට ශ්‍රීමත් දෙනවා දරුවනි, ශ්‍රීමත් අනුගමනය කරන්න, එවිට ඔබ ලෝක පාලකයින් බවට පත්වනු ඇත. සෑම කෙනෙක්ටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. එවිට පියාගේ ස්මරණයෙහි යෙදීම නිසා ඔවුන් සදා සෞඛ්‍යමත් හා ධනවත් බවට පත්වනු ඇත. සදාකාලික වෛද්‍යවරයා වන්නේ ඔහුයි. පියාගේ දරුවන් වන ඔබ ආධ්‍යාත්මික වෛද්‍යවරුන්. මෙහි කිසිම අමාරුවක් නැහැ. ජීවයන්ට උපදෙස් ලැබෙන්නේ මේ මුඛයෙන්ය. දරුවන් මේ උසස් සේවයෙහි යෙදිය යුතුයි. වෙන කිසිම කෙනෙකුට මෙවන් වූ උපදෙස් දිය නොහැකියි. අප දැන් පියාගේ දරුවන් බවට පත්ව සිටිනවා. ඉතින් අප කළ යුත්තේ පියාගේ ව්‍යාපාරයද, ලෞකික ව්‍යාපාරයද? අප බාබාගේ අවිනාශි වූ දැනුම් මිණිමුතු වලින් අපගේ මලු පුරවා ගන්නවා. ඔවුන් ශිවා ඉදිරියට ගොස් මෙසේ කියනවා අපගේ මලු පුරවාලන්න. තමාට රුපියල් දහ දහක් හෝ විසි දහක් ලැබෙයි කියා ඔවුන් සිතනවා. ඔවුන් එසේ ලදහොත්, ඔහුට තම සියල්ල කැපකරනවා. ඔවුන් ඔහුට දැඩි ආගන්තුක සත්කාරයක් කරනවා. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. දැන් සෑම කෙනෙක්ම පියාගේ හැඳින්වීම ලබාදී මේ අසීමිත වූ ඉතිහාසය හා භූගෝලය ගැන ඔවුන්ට කියා දෙන්න. එය ඉතාමත් පහසුයි. සාමාන්‍ය ඉතිහාසය හා භූගෝලයේත් බොහෝ දේ තිබෙනවා. අසීමිත ඉතිහාසය හා භූගෝලය යනු ඒ අසීමිත පියා වාසය කරනා ස්ථානය, ඔහු මෙහි එන්නේ කෙසේද, ජීව වන අප තුළ උපත් 84ක චරිත කොටසක් පටිගත වී තිබෙන්නේ කෙසේද යනාදිය ගැනයි. ගානට වැඩිය විස්තර කරන්න එපා. ඇල්ෆා හා බීටා පමණක් විස්තර කරන්න. ජීව වන අප පියා සිහිපත් කර ලෝක පාලකයින් බවට පත්වනවා. ඔබ දැන් ඉගෙන ගෙන අන් අයටත් ඉගැන් විය යුතුයි. ඇල්ෆා යනු අල්ලායි. බීටා යනු රාජ්‍යයයි. දැන් ඔබ කළ යුත්තේ මෙම ව්‍යාපාරයද, දෙසීයක් හාරසියයක් ලබනා භෞතික වයාපාරයද යන්න ගැන සිතා බලන්න. බාබා කියනවා දියණියක් දක්ෂ නම්, ඇගේ නෑ හිතමිතුරන්ට ඔවුන්ගේ දිවි රැක ගැනීම සඳහා මට යමක් දෙන්න පුළුවන්. කොහොමනමුත්, දියණිය ඉතා හොඳ සේවයෙහි යෙදෙනා කෙනෙක් විය යුතුයි. ඒ වගේම ඇතුලාන්තයෙන් හා පිටස්තරවත් පිරිසිඳු හා අවංක වූ මිහිරි කතා බහක් තිබෙන්නෙක් විය යුතුයි. ඇත්තෙන්ම කුමාරි කෙනෙක් ලබනා ආදායමක් ඇගේ දෙමාපියන්ට බලාපොරෙත්තු වන්න බැහැ. බාබාට අයිතිවීමෙන් පසු ඔබ දිගින් දිගටම ලෞකික වැඩටම වැඩි අවධානයක් යොමු කරනවා නම් එය හරියට බාබාට අගෞරව කරනවා වැනියි. බාබා කියනවා මනුෂ්‍යයින්ව දිව්‍ය ලෝකයේ පාලකයින් බවට පත්කරවන්න. දරුවන් ලෞකික සේවයේ යෙදෙමින් බොහෝ වෙහෙස වෙනවා. තමා කළ යුත්තේ කුමන සේවයක්ද යන්න ගැන ඔබ දැන් තේරුම් ගත යුතු වෙනවා. පාසල් විවෘත කිරිම ආණ්ඩුවේ රාජකාරියක්. තමා කළ යුත්තේ කුමන සේවයක්ද යන්න ගැන ඔබ දැන් තේරුම් ගත යුතුයි. දේව ආණ්ඩුවද, සාමාන්‍ය ආණ්ඩුවද? බාබාටත් මැණික් වෙළඳ ව්‍යාපාරයක් තිබුණා. නමුත්, ජ්‍යෙෂ්ඨ බාබා (ශිව බාබා) කිව්වා ඔහු මෙවන් තත්ත්වයකට පත්වන්නා වූ අවිනාශී වූ දැනුම් මිණිමුතු බෙදා දෙන ව්‍යාපාරයෙහි යෙදිය යුතු බව. ඔහු අත් හතරකින් යුතු පිළිමයේ දර්ශනයක් ඔහුට ලබා දුන්නා. දැන් ඔහු ලෝක අධිකාරිත්වය ලබා ගත යුතුද? එයම කළ යුතුද? සැමට වඩා හොඳම ව්‍යාපාරය මෙයයි. ඔහු ඉතාමත් හොඳ ආදායමක් ලැබුවා. නමුත්, බාබා ඔහු තුළට ඇතුළු වී ඇල්ෆා හා බීටා සිහිපත් කිරිමට උපදෙස් දුන්නා. එය ඉතාමත් පහසුයි. පුංචි දරුවන්ට පවා ඉගෙන ගන්න පුළුවන්. ශිව බාබාට සෑම දරුවෙක්ම තේරුම් ගත හැකියි. මොහුටත් ඉගෙන ගත හැකියි. පිටස්තර සියලු දේ දන්නේ මොහුයි (බාහර්යාමි). ඒ වගේම ශිව බාබා තමයි ඇතුලාන්තයේ තිබෙන සෑම දෙයක්ම දන්නේ (අන්තර්යාමි). මේ බාබාට සෑම කෙනෙකුගේම වචනින්, මුහුණින් හා ක්‍රියාවෙන් සෑම දෙයක්ම තේරුම් ගත හැකියි. ආධ්‍යාත්මික සේවය කිරිමට දූවරුන්ට අවස්ථාව ලැබෙන්නේ එකම එක අවස්ථාවයි. තමා මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත්කරවිය යුතුද, කටු බවට පත්ව සිටිනා අයව එලෙසින්ම තබනවාද යන්න ගැන දැන් ඔබ හද තුළට අතුළු විය යුතුයි. තමා කළ යුත්තේ කුමක්ද යන්න ගැන ඔබ සිතා බැලුවාද? අශාරිරික වූ දෙවියන් කතා කරයි තම ශරිරය මෙන්ම ඊට අයත් සියලු සබඳතා සියල්ල කඩා දමන්න. තමා ජීවයක් ලෙස සිතා නොකඩවාම පියා සිහිපත් කරන්න. බ්‍රහ්මාගේ ශරිරය මඟින් පියා කතා කරන්නේ බ්‍රහමිණ්වරුන් වන ඔබට පමණයි. සාමාන්‍ය බ්‍රහමිණ්වරුනුත් කියනවා දේවතාවන් බවට පත්වීමට සිටිනා බ්‍රහමිණ්වරුන්ට ආචාර ආදි වශයෙන්. ඔවුන් භෞතික නිර්මාණය වන නමුත් ඔබ බ්‍රහ්මාගේ කටින් උපන් නිර්මාණයයි. බාබාට අනිවාර්යෙන්ම බ්‍රහ්මා දරුවා අවශ්‍ය වෙනවා. කුමාර්කා, බාබාට දරුවන් කී දෙනෙක් ඉන්නවාද? සමහරු කියනවා බිලියන 6ක්, සමහරු කියනවා බ්‍රහ්මා පමණයි. ඔහුට ත්‍රිමූර්ති දරුවන් සිටිනවා කියා කියන්න ඔබට පුළුවන්. නමුත් සෑම කෙනෙක්ම කරනා ක්‍රියා එකිනෙකට වෙනස්. විෂ්ණු මාර්ගයෙන් බ්‍රහ්මා උපත ලැබුවා. බ්‍රහ්මා මාර්ගයෙන් විෂ්ණු උපත ලැබුවා. ඒ දෙදෙනාම එකම කෙනෙක්. විෂ්ණු උපත් 84ක් ගත්තා වුවත්, බ්‍රහ්මා උපත් 84ක් ගත්තා වුවත් එකම දෙයයි. පසුව ශංකර් ඉන්නවා. ශංකර් ශිවා වෙන්නේ නැහැ. ඔවුන් හඳුන්වන්නේ ත්‍රිමූර්ති ලෙසයි. නමුත් නිරවද්‍ය දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මේ සෑම දෙයක්ම දැනුම පිළිබඳ කරුණු. උසස් විභාග සමත්වීමට ඉගෙන ගන්නවාට වඩා මෙම සේවයෙහි යෙදීම දරුවන්ට හොඳ නැද්ද? එමඟින් ලැබෙන්නේ තාවකාලික සතුටක් හා පුංචි පඩියකුත් පමණයි. මෙහිදී, ඔබට ඔබගේ අනාගත උපත් 21ක් පුරා සමෘද්ධිමත්ව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? කුමාරි කෙනෙක් සියලු කරදර වලින් නිදහස් වූවෙක්. ඔබගේ පාරිශුද්ධත්වය නිසා, විවාහ වූ කාන්තාවන්ට වඩා බොහෝ ඉහළින් යාමට ඔබට පුළුවන්. මමාත් කුමාරි කෙනෙක්. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඇය බොහෝ ඉදිරියට ගියා. ඉතින් කුමාරින් වන ඔබ ඇයව අනුගමනය කළ යුතුයි. කටු මල් බවට පත්කරවන්න. ඔබ මෙම දිව්‍ය අධ්‍යාපන අවස්ථාව ද ගත යුත්තේ, එයද ගත යුත්තේ? කුමාරින්ගේ සම්මන්ත්‍රණයක් තිබිය යුතුයි. විවාහ වූ කාන්තාවන් තම ස්වාමිපුරුෂයා සිහි කරමින් ඉන්නවා. සන්යාසින් පවා සෑහෙන කල්පනා කරනවා. කුමාරින් එම ඉනිමගේ නොයා යුතුයි. ඔබ තබා ගන්නා ආශ්‍රය බෙහෙවින් ඔබව වර්ණවත් කරනවා. ඇය වැදගත් පුද්ගලයෙකුගේ පුතෙක් දුටු විගස ඇගේ හදවත ඔහු වෙත යන අතර ඇය ඔහුව විවාහ කරගන්නවා. එවිට සම්පූර්ණ ක්‍රීඩාව අවසන්. මධ්‍යස්ථානයේ මෙම දැනුමට සවන් දීමෙන් පසු ඔවුන් පිටට යනවා. එවිට, සම්පූර්ණ සෙල්ලම අවසානයි. මෙය මධුභනයයි. බොහෝ දෙනා මෙහි පැමිණ තමා ගෙදර ගොස් මධ්‍යස්ථානයක් විවෘත කරනවා කියා කියනවා. කොහොමනමුත්, ඔවුන් පිටට ගිය සැණින් අතුරුදන් වෙනවා. මෙහිදි ඔවුන් දැනුම පිළිබඳ වූ කරුණු වටහා ගන්නවා. නමුත් පිටට ගිය සැණින් ඔවුන් තුළ කුල්මත්භාවය නැති වී යනවා. මායා දැඩි ලෙස විරුද්ධවාදිකම් කරනවා. මායා පවා කියනවා වාහ්! මැය බාබා හඳුනාගෙනත් ඔහුව සිහිකරන්නේ නැහැ. ඉතින් මා ඇයට පහර දෙන්නම්. මෙසේ කියන්න එපා මායාට කියන්න අපට පහර දෙන්න එපා කියා. මෙය සටන් බිමක්. එක් පැත්තක රාවන්ගේ හමුදාවත්, අනෙක් පැත්තේ රාමාගේ හමුදාවත් තිබෙනවා. ධෛර්යමත් වී රාමාගේ පැත්තට යන්න. යක්ෂ සමාජය දේව සමාජය බවට පත් කරවීමේ ව්‍යාපාරයෙහි යෙදෙන්න. ඔබ කෙනෙක්ට සාමාන්‍ය අධ්‍යාපනය උගන්වනවා වුවත්, ඔවුන් වර්ධනය වී ඉගෙනගෙන අවසන් වූ පසු විනාශය ඔවුන් ඉදිරියෙහි එනු ඇත. එහි ලක්ෂණ ඔබට දැකගත හැකියි. ක්‍රිස්තියානි සහෝදරයින් දෙදෙනා (ඇමෙරිකාව හා රුසියාව) එකඟතාවයකට පැමිණිය හොත්, යුද්ධයක් සිදු නොවන බව බාබා විස්තර කර තිබෙනවා. කෙහොමනමුත්, එය දෛවය නොවේ. ඔවුන්ට කිසිම දෙයක් වටහා ගත නොහැකියි. යෝගා බලයෙන් දරුවන් දැන් රාජ්‍යයක් ස්ථාපනය කරනවා. මෙය තමයි ශිව බාබාගෙන් භාරතයේ පෞරාණික දැනුම හා යෝගා ඉගෙන ගෙන භාරතය දියමන්තියක් බවට පත් කරවන්නා වූ ශිව ශක්ති හමුදාව. පියා චක්‍රයක් අවසන් වීමෙන් පසු පැමිණ අපිරිසිදු වූවන් පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඔබ සෑම කෙනෙක්ම ඉන්නේ රාවන්ගේ සිරකුටියේයි. ඔබ ඉන්නේ දුකින් පිරි පැල්පතකයි සෑම කෙනෙක්ම අත්දකින්නේ දුකයි. පසුව රාමා පැමිණ සෑම කෙනෙක්ම නිදහස් කරගෙන දුකින් තොර පැලට, දිව්‍ය ලෝකය වෙත ගෙන යනවා. ශ්‍රීමත් කියන්නේ කටු මල් බවටත්, මනුෂ්‍යයින් දේවත්වයටත් පත් කරවන්න. දුක නැති කර සතුට ලබා දෙන දෙවැන්නන් ඔබයි. ඔබ මෙම ව්‍යාපාරයෙහි යෙදිය යුතුයි. ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් පමණයි ඔබ උසස් තත්ත්වයට පත්වන්නේ. පියා ඔබට උපදෙස් දෙනවා. පියා දැන් කියනවා මෙය මගේ ඉල්ලීමයි, එය සපුරාලනවාද, නැත්ද යන්න ඔබගේ කැමැත්තයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සේවයෙහි යෙදීමට නම් ඇතුලතිනුත්, පිටිනුත් පිරිසිඳු හා අවංක කෙනෙක් වන්න. තම දෙතොල් මඟින් ඉතාමත් මිහිරි වචන කතා කරන්න. තම ශරිරයටත් ඊට අදාළ සියලු සබඳතාවයන්ගෙනුත් ඔබ බුද්ධියෙහි යෝගා ඉවත් කරන්න. ඔබ තබාගෙන සිටිනා ආශ්‍රය පිළිබඳව සැලකිලිමත් වන්න.

2. පියා මෙන්ම දුක නැති කර සතුට බෙදනා දෙවන කෙනා බවට පත්වන්න. ආධ්‍යාත්මික සේවයෙහි යෙදී නියම ආදායම ලබා ගන්න. ඒ ආධ්‍යාත්මික පියාගේ උපදෙස් අනුගමනය කර ආධ්‍යාත්මික සේවකයෙක් බවට පත්වන්න.

වරදානය:
ඔබ "මම සහ මගේ බාබා" යන ක්‍රමවේදය යොදා ජීවනමුක්ති අවධිය අත්විඳ පහසු යෝගීවරයෙක් වේවා.

බ්‍රහමිණ් කෙනෙක් වනවා කියන්නේ ඔබේ ශරිරය, ශරිරයට අයත් ඥාති සම්බන්ධතා සහ පහසුකම් ආදී ඕනෑම බන්ධන වලින් නිදහස් වීමය. ඔබේ ශරීරයේ ඥාති සම්බන්ධතාවය ඔබේ ශරීරයට අදාළ නොවනමුත් එය ජීවාත්මයට අදාළ වේ. යම් කෙනෙක් තව කෙනෙකුගේ ආභාෂයට ලක් වේද එය බන්ධනයකි. කෙසේවෙතත්, බ්‍රහමණයෙක් යනු ජීවන් මුක්තිය ලත් කෙනෙකි. ඔබේ භෞතික ඉන්ද්‍රියන් ගේ ආධාරය තිබෙන තාක් ඔබට ක්‍රියාවන් කළ යුතු වෙනවා. එහෙත් කර්මයේ, කර්ම බන්ධන නොවෙයි. කර්ම සම්බන්ධතා වේ. මේ අයුරින් ගැලවීම ලද්දන් නිරන්තරව සාර්ථකත්වයේ ප්‍රතිමූර්තින් වෙති. මේ සඳහා යොදාගත යුතු පහසු ක්‍රමවේදය තමයි, "මම සහ මගේ බාබා !". මෙම මරණය ඔබව පහසු යෝගී, සඵලතා මූර්ති (සාර්ථක ප්‍රතිරූප) සහ බන්ධන් මුක්ත (ඕනෑම බන්ධන වලින් නිදහස්) කෙනෙක් කරවයි.

පාඨය:
මම සහ මගේ යන කලවම අවසන් කිරීම වූ කලී නියම රත්රන් බවට පත්වීමය.

මාතේෂ්වරීජීගේ අමිල වූ උසස් වදන්

ගීතාවෙහි පවසා ඇත: "ඕ ගීතාවේ දෙවියනි, ඔබ විසින් කරන ලද පොරොන්දුව පැමිණ ඉටු කරන්න." එබැවින් ගීතාවේ දෙවියන්ම, පෙර චක්‍රයේ දී ඔහු විසින් පොරොන්දු වූ දෙය ඉටු කිරීම සඳහා දැන් පැමිණ සිටී. ඔහු කියනවා: දරුවනි, භාරතයෙහි අතිශය අධර්මතාවය පවතින විට අනිවාර්යෙන් මාගේ පොරොන්දුව ඉටු කිරීමට මා එනවා මයි. මගේ පැමිණීම සෑම යුගයේම සිදුවන දෙයක් නොවේ. සෑම යුග වලම ධර්මයට නින්දාවක් සිදුවන්නේ නැත. සෑම කල්පයේම යකඩ යුගය එන නිසා අනිවාර්යයෙන් ම ඔහු ආ යුතුයි. සෑම චක්‍රයේම යුග හතරක් ඇත. මීට කල්පයක් (aeon) කියා හඳුන්වයි. අඩ චක්‍රයක් පුරා ස්වර්ණම සහ රිදී යුග වලදී ජීවාත්මයන් සතෝගුණී සහ සතෝප්‍රධාන් වී සිටිය නිසා එහිදී දෙවියන්ගේ පැමිණීමට අවශ්‍යතාවයක් නොතිබේ. තඹ යුගයෙහි වෙනත් ආගම් ආරම්භ වූ නමුත් එහිදී ද ධර්මයට අතිශය නින්දාවක් නොතිබේ. මෙයින් පෙනී යන්නේ දෙවියන් හුදෙක් යකඩ යුගය හැර එම යුග තුනේ නොඑන බවයි. ධර්මය අතිශය අපකීර්තියට ලක්වන්නේ මෙම යුගයේ අන්තිමේ දීය. ඉතින්, මේ කාලේ දී දෙවියන් ඇවිත් අධර්මිෂ්ටතාවය විනාශ කර දමා සත්‍යයේ භූමිය ස්ථාපනය කරයි. තඹ යුගයේ ඔහු පැමිණියේ නම් එවිට ස්වර්ණම යුගය තඹ යුගයෙන් පසු ආ යුතු වෙනවා. එසේනම්, ඉන්පසු යකඩ යුගයක් කුමටද? අඳුරු යකඩ යුගය දෙවියන් විසින් ස්ථාපනය කළා කියා කිව නොහැක. එසේ විය නොහැක. මේ නිසායි දෙවියන් කියන්නේ: මා එක්කෙනෙකි සහ මා එන්නේ එක් වරයි. මා අධර්මිෂ්ටතාවය එනම්, යකඩ යුගය විනාශ කර දමා ස්වර්ණම යුගය ස්ථාපනය කරමි. ඒ හෙයින්, මා පැමිණෙන කාලය සංගම යුගයේ දීය. අච්චා.