10.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ මහා සාගරය වන පියා විසින් ඔබව දැනුමේ වර්ෂාවෙන් නහවන බවත්, ඔබ මෙයින් පිවිතුරු වී, ඔබගේ ශ්‍රේෂ්ඨ නිවසට පෙරලා යෑමේ කුල්මත්භාවය, සෑම විටෙකම තබාගන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන්ගේ විශ්වාසය තව තවත් අඛණ්ඩව ශක්තිමත් වන්නේ කුමන පදනමට අනුවද?

පිළිතුර:
ලෝකය තුළ කැලඹීම් වැඩි වී ඔබගේ දිව්‍යමය වෘක‍්ෂය දිගටම වැඩෙන විට, ඔබගේ හදවත් තව දුරටත් පැරණි ලෝකයෙන් ඉවත් වී, ඔබගේ විශ්වාසය දිගටම වැඩියෙන් ශක්තිමත් වෙයි. සේවය සීඝ්‍ර වේගයකින් සිදුවෙයි. ඔබ ධාරණයට නොකඩවා අවධානය යොමු කරන්නේ නම්, බුද්ධිය තුළ උද්යෝගය වැඩි වී, ඔබ අසීමිත සතුටින් රැඳී සිටිවි.

ඕම් ශාන්ති.
ශිව බාබාව සිහිපත් කිරීමට කියා, දරුවන්ට දිනපතා කීමට අවශ්‍ය නැහැ. ඔබ ශිව බාබාගේ දරුවන් බව, ඔය දරුවන්ට වැටහෙනවා එය කීමට අවශ්‍ය නැහැ. ශිව බාබා අපට මෙම කෙනාගේ මාර්ගයෙන් උගන්වනවා. මෙය දැනුමේ සාගරයෙන් එන දැනුමේ වර්ෂාවයි. දැන් ඔවුන් මතට දැනුමේ වර්ෂාව ඇති බව දරුවන්ගේ බුද්ධිය තුළ ඇත. මා දැනුමේ වර්ෂාව වස්සන්නේ, බ්‍රහ්මනයන් වන අය මත පමණයි. මා දරුවන්ගේ මුහුණට-මුහුණලා පැමිණෙන අතර, දරුවන් දැන් මා සමග මුහුණට-මුහුණලා අසුන්ගෙන සිටිනවා. ඔහු සමග මුහුණට-මුහුණලා අසුන් ගැනීමේ ඔබගේ කුල්මත්භාවය, බාබා නැවත නැවතත් වැඩි කරයි. එවිට මායා එම කුල්මත්භාවය පහළට ඇද දමයි. ඇය සමහරුන්ගේ කුල්මත්භාවය සුළුවෙන් අඩු කරන අතර සමහරුන්ගේ එය මුළුමනින්ම අඩු කරයි. ඔබ සාගරය වෙතට පැමිණ ඇත්තේ නැවුම් වීමට, එනම්, මුරලියෙන් කරුණු ධාරණය කිරීමට සහ උපදෙස් ගැනීමට බව, ඔය දරුවන්ට වැටහෙනවා. අප ඔහු ඉදිරිපිට අසුන් ගෙන සිටිනවා. මෙම දැනුමේ සාගරයෙන් වර්ෂාව වසින්නේ එක් වතාවක් පමණයි. පියා පැමිණෙන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමටයි. මිනිසුන් මෙම වර්ණනාවද ගයයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි එන්න! ඔබ සත් යුගයේදී මේ ආකාරයෙන් කන්නලව් නොකරයි. එහිදී, ඔබ දැනුමේ මහා සාගරයේ වර්ෂාවෙන් ඒ වන විටත් පිවිතුරු වී සිටියි. දැනුම සමඟින් නිරාශාවද තිබේ. කුමකට නිරාශාවද? බුද්ධිය තුළ, පැරණි, අපවිත්‍ර ලෝකය කෙරෙහි නිරාශාවක් තිබේ. ඔබ දැන් නව ලෝකයට යන බවත් ඔබ පැරණි ලෝකය අත්හල යුතු බවත්, ඔය දරුවන්ගේ බුද්ධියට වැටහෙයි. මේ සඳහා මිනිසුන් නිරාශාව යන වචනය භාවිත කර ඇත. බාබා නව නිවසක් ඉදි කරන විට, බුද්ධියේ යෝගාව පැරණි එකෙන් ඉවත් වී අලුත් එකට බැඳෙයි. අලුත් එකට යාම සඳහා, පැරණි එක අවසන් විය යුතු බව ඔබට හැඟෙයි. ඔය දරුවන්ටද අභ්‍යන්තරයෙන් හැඟෙන්නේ, ඔබට ඉක්මන් කර නිවසට ගොස් ඉන්පසුව සතුටින් සිටීමට, දිව්‍ය ලෝකය විගසින් ස්ථාපිත විය යුතු බවයි. ප්‍රථමයෙන් අපි මනාලයා සමග ආපසු නිවසට යා යුතුයි. මෙය දෙමාපිය නිවසයි එය කුඩා නිවසයි. අනෙක, මහා පියාගේ මහා නිවසයි. මෙය සියලුම ජීවාත්මයන්ගේ නිවහන බව ඔබ දන්නවා. මෙය වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ නොව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ පමණක් තිබේ. පෙර කල, අඳුර තිබුණු අතර දැන් ආලෝකය ඇත. සෑම කෙනෙක්ම මෙම දැනුම නොගන්නා බවත් ඔබට වැටහෙනවා. සෑම කෙනෙක්ම නියත වශයෙන්ම පෙරලා නිවසට යයි. ඔබගේ නිවහනට ඔබ දැන් ආපසු යන බව ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ සුදුස්සන් වනවා. ඔබ දිව්‍ය ලෝකයට යාමට සුදුස්සන් විය යුතුයි. ප්‍රථමයෙන් ඔබගේ පාපයන් දුරු කර ගැනීමට මා සිහිපත් කරන්න, දෙවනුව චක්‍රය බ්‍රමණය කරන්න. ලෝක චක්‍රය බ්‍රමණය වන්නේ කෙසේද? එහි කාල වකවානුව කොපමණද? කවුරුන්, කුමන කාලයේ පැමිණෙයිද? පියා මෙහි අසුන් ගෙන මේ සියල්ල විස්තර කරයි. මනුෂ්‍යයන් උපත් මිලියන 8.4ක් ගන්නා බව ඔවුන් පවසන විට, ඉන් කියැවෙන්නේ සෑම කෙනෙක්ම එපමණ උපත් සංඛ්‍යාවක් ගන්නා බවද? තිබෙන්නේ උපත් 84ක් පමණක් බවත් මෙම ගිණුම තිබෙන බවත්, ඔබට දැන් වැටහෙයි. සෑම කෙනෙක්ම උපත් 84ක් නොගනී. ජීවාත්ම, ආරම්භයේ සිටම නොකඩවා පුනර්භව ගනී. අවසානයේදී එක් උපතක් හෝ දෙකක් පමණක් ගන්නා අය පවා සිටිනවා. ආරම්භයේ පැමිණෙන අය, උපත් 84ක් ගනී නිදසුනක් ලෙස, ලක‍ෂ්මි සහ නාරායන. මිනිසුන් ඔවුන්ගේ දේවාලයට යන නමුත් ඔවුන් කිසිවක් නොදනී. ඔවුන් දේවතාව සහ දේවතාවියගේ දර්ශනයක් ලබා ගැනීමට යන බව නිකමට පවසයි. ඔවුන්ගේ රාජධානිය ස්ථාපිත වන්නේ කෙසේද කියා ඔවුන් නොදන්නා අතර, තවද ඔවුන් වන්දනා කරන අයගේ කාර්යය පවා නොදනී එබැවින් එම වන්දනාවෙන් ඇති ඵලය කුමක්ද? එයට අන්ධ විශ්වාසය යැයි කියන්නේ එනිසාය. ඔවුන් ආධ්‍යාත්මික උත්සාහ, තපස් රැකීම, සහ වන්දනා ගමන් ආදියේ යන්නේ, දෙවියන් හමුවීමේ මාර්ගය ඔවුන්ට ලැබෙයි කියා සිතමින්ය. නමුත් කිසිවෙකුට ඒ කිසිවකින් පරමාත්ම දෙවියන් හමුවිය නොහැක. සමහරු මෙහි පැමිණ, දර්ශනයක් ලබා ගැනීමට ජගදම්බා දේවාලයටද යයි, එබැවින් ඔවුන්ගේ බුද්ධිය තුළට කිසිම දෙයක් ඇතුළු වී නොමැති බව, බාබාට වැටහෙයි. ඔබගේ සියලු ආශා දැන් ඉටු කෙරෙනවා. ජගදම්බාගේ චරිත කොටස දැන් නිවැරදිව රඟ දැක්වෙනවා. ජගදම්බාගේ කොටස අනිවාර්යෙන් බොහෝ ඉහළයි. ප්‍රථමයෙන් ලක‍ෂ්මිද ඉන්පසුව නාරායනද ඇත. මෙය ඔබගේ අවසන් උපත වන අතර කර්මික ගිණුම් මෙහිදි පියවෙනවා. ඔබ සියලු කර්මික ගිණුම් පියවීම මඟින්, නිදහස් බවට පත්විය යුතු අතර, පියාගේ සිහිපත් කිරීමේද සිටිය යුතුයි. ඇත්ත වශයෙන්ම ඔය දරුවන් සිහිපත් කළ යුත්තේ ඒකායන පියාව පමණයි. ඔබ ශාරීරික ජීවියෙක් සිහි කරන්නේ නම් එය ඔබගේ කාලය අපතේ හැරීමකි. කිසි කෙනෙකුට නිරන්තරයෙන් බාබා සිහිපත් කිරීම කළ නොහැක්කක්. නිරන්තරයෙන් සිහිකළ හැකි එවන් දේවල් නැත. බිරිඳකට වුවත් නිරන්තරයෙන් ඇගේ සැමියා සිහිකළ නොහැක. ඇය ආහාර පිළියෙල කරන විට හෝ දරුවන් රැක බලා ගන්නා විට, නිසැකයෙන්ම ඇය සැමියා සිහි නොකරයි. කෙසේවෙතත්, මෙහි, ඔබ නිරන්තර සිහි කිරීමේ සිටීම පුහුණු විය යුතුයි, මන්ද, එවිට අවසානයේදී ඔබගේ ස්ථීතිය ඒකායන කෙනා පමණක් සිහිපත් වන ආකාරයට විය යුතුයි. මෙය වැදගත් විභාගයකි. මැණික් අටෙහි බොහෝ වර්ණනා තිබේ මිනිසුන් අපල අත්විඳින විට මැණික් අටක් ඇති මුද්දක් පළඳයි. අවසානයේදී එක් පියාගේ සිහිපත් කිරීම පමණක් තිබිය යුතුයි. ඒ සඳහා ඔබගේ බුද්ධියේ රේඛාව මුළුමනින්ම පැහැදිලි විය යුතුයි, එමෙන්ම වෙනත් කිසිවෙකු සිහි නොවිය යුතුයි, එවිට පමණයි ඔබට මාලාවේ පබුළුවක් වීමට හැකි වන්නේ. මැණික් නවයෙහි බොහෝ ප්‍රශංසා තිබේ. එබැවින් දැන් නිරන්තර සිහිපත් කිරීමේ අභ්‍යාසය ඇති කරගන්න. වර්තමානයේ පැය දෙකක් හෝ තුනක්වත් බාබාව සිහිපත් කරන අය විරලයි. ලෝකයේ කැලඹීම් වැඩිවන විට, එපමණින් ඔබගේ විශ්වාසය දිගටම පවතින අතර, ඔබගේ හදවත් පැරණි ලෝකයෙන් ඉවතට බිඳී යයි. බොහෝ දෙනෙක් මිය යයි. මායා බොහෝ පැරණි සතුරෙක් බව, බුද්ධිය පවසයි. සතුරන් නොමැති තැනක් නැත. ඔය දරුවන් දැන් කිලිටි බවින් පිරිසිඳු බවට පරිවර්ථනය වනවා. අපවිත්‍ර මිනිසුන් පිසින ආහාර, ඔබ කෑමට නොගත යුතුයි, යන වැටහීම ඔබට තිබේ. මෙසේද කියයි ආහාර කෙබඳුද, මනස එබඳුය. නරක දේ මිල දී ගන්නා, පිළියෙල කරනා මෙන්ම, එය කෑමට ගන්නා අයටද, පාපයන් එක්රැස් වෙයි. පියා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කර දෙයි. ඔය දරුවන් මෙහි නැවුම් වීමෙන් පසු ආපසු යයි. දවස පුරා ලෝක චක්‍රය ඔබගේ බුද්ධිය වටා බ්‍රමණය විය යුතු අතර ඔබගේ නිවහනද ඔබට සිහිවිය යුතුයි. ඔබ මෙහි සිට ඔබගේ ලෞකික නිවෙස්වලට ආපසු යන විට, ඔබගේ ස්ථීතියට බලපෑමක් ඇති වෙයි, මන්ද, ඔබට එවන් ආශ්‍රයක් ලැබෙන බැවින්. මෙහි අසුන්ගෙන සිටින විට පවා, සමහරුන්ගේ බුද්ධියේ යෝගාව පිටත සැරිසරයි, ඔවුන්ට සම්පූර්ණ ධාරණාව නොමැත්තේ මේ නිසාය. අසීමිත පියා මෙහි අසුන්ගෙන ඔය ජීවාත්මයන්ට විස්තර කරයි ඔබ ජීවාත්මයක් වන අතර ඔබ ශරීරය මඟින් ක්‍රියා සිදුකරනවා. ඔබ බාබාගෙන් ශ්‍රීමත් ගෙන ඔබගේ රාජධානියේ භාග්‍යය නැවත වරක් හිමි කරගන්නා බව, ඔබට වැටහෙයි. එබැවින් ඔබ කෙතරම් සතුටු විය යුතුද! මෙසේ සිහි කර ඇත අතීන්ද්‍රීය සුඛය ගැන, ගෝපීන්ගේ ස්වාමිගේ දරුවන්ගෙන් විමසන්න. ඔබගේ ස්ථීතිය තව තවත් ඉහළ යත්ම සහ ව්‍යාප්තිය නොකඩවා සිදුවන විට, ඔබගේ සතුටෙහි රසදිය කඳ අඛණ්ඩව ඉහළ යන අතර ඔබගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. ඔබගේ ධාරණාවට ඔබ දිගටම අවධානය යොමු කරන විට, ඔබගේ බුද්ධියේ උද්යෝගය නොකඩවා වැඩිවෙයි. කාලය ගෙවී යත්ම, සේවය ඉතා සීඝ්‍ර වේගයකින් ගමන් කරයි. යමෙක් ඊතලයකින් පසාරු වන ආකාරයේ එවන් ක්‍රම ඔබ නිර්මාණය කළ යුතුයි. ප්‍රධානතම දේ වන්නේ පියාගේ හැඳින්වීම ලබා දීමය. ඔබට අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් හිමි වෙයි. ඔහු දැනුමේ මහා සාගරයද වෙයි. මනුෂ්‍යයන් පිවිතුරු වන්නේ දැනුම තුළින් පමණයි. එම පියාම පාරිශුද්ධකරු ද වෙයි. සර්ව ව්‍යාප්තියේ අදහස සමඟින්, භක්තිය පැවතිය නොහැක, යන එක් කරුණ මාතෘකාවට ගන්න. මෙය ඉතා පැහැදිලිව විස්තර කළ යුතුයි. අපගේ දැනුම තුළින් විනාශය සිදුවන බව, එම මිනිසුන් පවසයි. රුද්‍රාගේ දැනුමේ යාග ගින්නෙන් විනාශයේ ගිණිදැල් මතු වන බව ඔබද පවසයි. එබැවින් ඔවුන්ද නිවැරදියි! කෙසේවෙතත්, ඔවුන්ට නොවැටහුනත්, විනාශය හැර, වෙන කුමක් වෙන්නද? චක්‍රයකට පෙරද විනාශය සිදු විය. දෙවියන් පවසයි රුද්‍රාගේ දැනුමේ යාගහෝමයට මේ සියල්ල බිලි වෙයි. ඔබගේ දැනුම එබඳු එකක් බව ඔවුන් සිතයි, ඔවුන් ඔබට විරුද්ධ වන්නේ ඒ නිසාය. බොහෝ භක්තියේ යෙදීමෙන් ඔවුන්ට දෙවියන් හමුවෙයි කියා ඔවුන් විශ්වාස කරයි. අපත් පවසන්නේ, බොහෝ භක්තියේ යෙදී ඇති අයට දෙවියන් හමු වී ඇති බවයි. කෙසේවෙතත්, ඔවුන්ට මෙවැනි දේ වටහාගැනීමට, මිනිසුන් වෙනුවෙන් විශාල උත්සාහයක් දැරීමට සිදුවෙයි. චක්‍රයකට පෙරත්, ඔය දරුවන් පියාගේ උපකාරය ඇතිව, අපාය, දිව්‍ය ලෝකය බවට පරිවර්ථනය කළා, එබැවින් අපායේ විනාශයද අනිවාර්යෙන්ම සිදුවන්නට ඇත. අපාය විනාශ වන විට පමණයි, දිව්‍ය ලෝකය ස්ථාපිත කළ හැකි වන්නේ. භාරතය සැබවින්ම පිවිතුරුව පැවති බවද ඔබට විස්තර කළ හැක. දිව්‍ය ලෝකය නියත වශයෙන්ම පැවති බවට, සියලූ ආගම්වල අය එකඟ වනු ඇත. පෞරාණික යනු පැරණිතම දේය, එබැවින් එය අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකය වන්නට ඇති. පැරණි වී ඇති දේ, අලුත්ද විය යුතුයි මෙය ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. දේවතාවන්ගේ රාජධානිය නියත වශයෙන්ම පැවතීය, නමුත් එය දැන් නොපවති. ඔවුන් නැවත වරක් ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ ස්ථාපනය සිදුකරනවා. කාගේ උපකාරය ඇතිවද? සියලුම ජීවාත්මයන්ගේ අශාරීරික බාපුජී (පියා) වන ඒකායන කෙනාගේ උදව්වෙන්. ඔහු සියලූම ජීවාත්මයන්ගේ පියාය. ඔබට මේ සියලූම දේ වැටහෙයි. ඔබ බොහෝ සෙයින් සාමාන්‍යයි! පියා පවසන්නේ මමද දුප්පතාගේ ස්වාමීය. ඔබ දුප්පත්ය. ඔබට තිබෙන්නේ මොනවාද? ඔබ සෑම දෙයක්ම භාරතය වෙනුවෙන් කැප කර ඇත. රාවන සමග ඔබගේ යුද්ධය බොහෝ ශ්‍රේෂ්ඨයි! ශක්ති සේනාව ඔබයි. මෙසේද ගායනා කරයි මවට නමස්කාර වේවා! අපවිත්‍ර අය, පිවිතුරු අයට ප්‍රශංසා කරයි, එබැවින් ඔවුන් සඳහන් කරන්නේ කිනම් මව ගැනද? ඔවුන් සිතන්නේ එය පෘථීවි මාතාව කියාය, නමුත් ඉන් හැඳින්වෙන්නේ පෘථීවිය මත ජීවත් වන අය ගැනයි. ජගදම්බා සිටියි, එබැවින් ඇගේ දරුවන්ද සිටියි. ගොඩනඟා ඇති සිහිවටනය, දිල්වාලා දේවාලයයි. කුමාරීන් මෙන්ම මව්වරුන් ලෙස හැඳින්වෙන, අර්ධ කුමාරීන්ද සිටියි. ඔබ පවසන්නේ බාබා, අපි බ්‍රහ්මකුමර කුමරියන්ය, එබැවින් අපට මව්වරුන් නොව, ඔබගේ දරුවන් කියා අමතන්න. අප කුමාරීන්ය. මේවා වැටහීම අවශ්‍ය වන, ගැඹුරු දේවල්ය, නමුත් මිනිසුන්ට ඒවා වටහා ගත නොහැක. පූර්ව උපත්වල පැවති අවධානය සනිටුහන් වී ඇති අතර එය බිඳෙන්නේ නැත. ශිව බාබා ඔබ ඉදිරියේ අසුන්ගෙන, ජීවාත්ම වන ඔබට කතා කරන බව, ඔබගේ බුද්ධියේ තිබේ. පියා මෙම ශරීරය තුළට ඇතුළු වී ඇත. බාබා පැමිණ, දිව්‍යමය, අලෞකික ක්‍රියාකාරකම් සිදු කරයි. අපවිත්‍ර අය පිවිතුරු කිරීම සඳහා ඔහු උගන්වයි. නිවැරදි සිහිපත් කිරීම තිබිය යුතුයි. පාරිශුද්ධකරු වන ශිව බාබා, අපට උගන්වනවා. උසස්ම වන්නේ පාරිශුද්ධකරුයි, ඔහු පියා මෙන්ම ගුරුවරයා ද වෙයි. මතු වන ප්‍රථම වචනය විය යුත්තේ පාරිශුද්ධකරු ය. මිනිසුන් ඔහුව සිහි කර මෙසේ පවසයි අහෝ දෙවි පියාණෙනි වඩින්න! පැමිණ, නැවත වරක් අපට රාජ යෝගාව උගන්වන්න! පියාද පවසන්නේ මා ඔබට නැවත වරක් පහසු දැනුම උගන්වනවා. මෙහි පොත් ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. කෙසේවෙතත්, මිනිසුන් මෙම නම් සඳහන් කර ඇත. පියා දැන් ඔබට උගන්වන්නේ ඔබව වටිනා අය කිරීමටයි. ඔබට සෑම දිනෙකම නව කරුණු ලබා දෙනවා. ගීතාව, ග්‍රාන්ත් ආදියේ කිසිම එකතු කිරීමක් හෝ සංස්කරණයක් නොමැත ඔවුන් පවසන්නේ එම දේවල්මයි. කෙසේවෙතත් මෙහි, එකතු කිරීම් තිබෙන අතර සමහර දේ සංස්කරණයද කෙරෙනවා. ඔබට දිනපතාම අලුත් කරුණු දෙනු ලබනවා. මෙම දැනුම බොහෝ ආශ්චර්යමත්ය! එය කිසිම ශාස්ත්‍රයක ඇතුලත් වී නැත. දෙවියන් පවසයි තම ශරීරය ඇතුළුව සෑම කෙනෙක්ව අමතක කර දමා ඒකායන කෙනා පමණක් සිහි කරන්න! මා ඔය සියලුම ජීවාත්ම පෙරලා නිවසට රැගෙන යන්නම්. මා අමරණීය පිළිරුවයි, සියලු මරණයන්ගේ මරණයයි. මා පැමිණ සිටින්නේ සියලුම දරුවන් නිවසට ගෙන යන්නයි, එබැවින් ඔබ සතුටු විය යුතුයි. ඔබ දැන් ආපසු නිවසට යන බව ඔබට වැටහෙනවා. විගසින් දක‍්ෂ වී, බාබාගෙන් ඔබගේ උරුමය දිනා ගන්න. එතෙක් යුද්ධය ආරම්භ වන්නේ නැත. බාබා පවසන්නේ මට කිසිවක් කළ නොහැක. ප්‍රථමයෙන් පෙරහුරුවීම් සිදුවෙයි. තවමත් පාලකයන් පැමිණ නැත. ඔබට රාජස්ථාන් (රජවරුන්ගේ දේශය) ගැනද විස්තර කළ හැක. ඔවුන්ගෙන් විමසන්න මෙම රාජස්ථාන් යන ව්‍යවහාරය භාවිත කරන්නේ ඇයිද කියා ඔබ දන්නවාද? එය භාරතයේ ලක‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එම රාජස්ථානය නැවතත් ස්ථාපිත කළ යුතුයි, එබැවින් එය දැන් ස්ථාපනය වනවා. අප මෙය දන්නා නමුත් ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නඟින්නේ, මෙය ඔබගේ බුද්ධියට ඇතුළු වන විට පමණයි. ඔවුන් එම දේවතාවන්ට භක්ති මාර්ගයේදී දේවාල තනයි. භාරතයේ බොහෝ ධනය තිබුණි. අප නැවත වරක් එය රජවරුන්ගේ දිව්‍යමය භූමිය බවට පත් කරවනවා. පැමිණ, මෙම කරුණු වටහා ගන්න. මෙය විස්තර කිරීමේදී එවන් උද්යෝගයක් තිබිය යුතුයි. මෙය සම්මන්ත්‍රණයක්ද වෙයි. ඔබ සේවය කළ යුත්තේ කෙසේද කියා, බාබා විස්තර කර දී තිබේ. කුමාරීන්, මව්වරුන් සහ සහෝදරයන් යන සියලූ දෙනා එකට සවන් දෙයි. උසස්ම උසස් වන්නේ ක්‍රිෂ්ණා නොව, ඒකායන දෙවියන්ය. එබැවින් ඔබට රාජස්ථාන් ගැන විස්තර කළ හැක. නියත වශයෙන්ම රාජස්ථාන්, රජුන්ගේ භූමිය තිබුණු අතර, ඔවුන් වෙනුවෙන් දේවාල ගොඩනගා ඇත. අප නැවත වරක් එය නිර්මාණය කරනවා. පියා අපට රාජයෝගාව උගන්වනවා. ඔබත් මෙය අත්හදා බැලිය යුතුයි. එවිට චක්‍රයෙන් භාගයක්ම ඔබට හඬන්නට සිදුනොවෙයි. රාමාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ රාවන පරාජය කරනවා. එවන් වදන් වලට ඔවුන් සවන් දෙන්නේ නම්, එය ඔවුන්ව ස්පර්ෂ කරන අතර, ඊතලය වැදෙන අය වටහාගැනීම සඳහා පැමිණෙයි. බාබා දිනපතාම මෙම අසීමිත සම්මන්ත්‍රණය පවත්වයි. මෙය ජීවාත්ම සහ පරම ජීවාත්මය අතර සම්මන්ත්‍රණයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කර්මයේ වේදනා විඳීමෙන් නිදහස් වීම සඳහා, ඒකායන පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ශාරීරික ජීව කිසිවෙකු සිහිකර කාලය අපතේ නොහරින්න. ඔබගේ බුද්ධියේ රේඛාව බොහෝ සේ පැහැදිලිව තබාගන්න.

2. බොහෝ පිවිතුරු ආහාර කන්න. ආහාර කෙබඳුද, මනස එබඳුය. එබැවින් අපවිත්‍ර මිනිසුන් පිළියෙල කරන ආහාර නොකන්න. ඔබගේ බුද්ධිය ඔබ පිරිසිඳු කළ යුතුයි.

වරදානය:
ඔබ නිරන්තරයෙන් ආධ්‍යාත්මික දයානුකම්පා සහිත ධනවතුන් වී එයින් සැම දෙනාවම තෘප්තිමත් කරන්න.

වත්මන් ලොවෙහි, ධනය ඇති බොහෝ අය සිටිනවා නමුත් අවශ්‍යම කරන උතුම්ම ධනය නම් දයානුකම්පාව වේ. දුප්පත් වුණත් පොහොසත් වුණත් මෙකල මිනිසුන්ට දයානුකම්පාව තිබේ. ඔබට දයානුකම්පාවේ ධනය තිබෙන නිසා අන් අයට වෙන කිසිවක් ඔබ නොදුන්නාට කම්නැත, ඔබට සෑම දෙනාවම ඔබේ දයානුකම්පාවෙන් සෑහීමට පත්කළ හැකියි. ඔබේ ආධ්‍යාත්මික දයානුකම්පාව වූ කලී ඔබේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයේ අනුගත වූවකි. ඔබට මෙම අධ්‍යක්ෂික දයානුකම්පාවෙන් සෑම දෙනාවම ඔවුන්ගේ ශරීරය, මනස සහ ධනය අතිනුත් සෑහීමට පත් කළ හැකියි.

පාඨය:
සෑම කාර්යයෙහිම ඔබේ සහායකයාව දිරිමත් කරන විට අනිවාර්යෙන් ඔබ සාර්ථක වේවි.