10.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නැවත නැවතත් ජීවාත්ම අවධානයට පත්වීම පුහුණු කරන්න: මම ජීවාත්මයක්මි. මම ශරිරය අත්හැර තවත් ශරිරයක් ලබමි. මා දැන් නිවස වෙත යා යුතුව ඇත.

ප්‍රශ්නය:
ප්‍රධාන උත්සවය වන්නේ කුමක්ද, එය ප්‍රධාන වන්නේ ඇයි?

පිළිතුර:
ප්‍රධාන උත්සවය රක්ෂා බන්ධන් වේ. මන්ද, බාබා පාරිශුද්ධත්වයේ බන්ධනය බඳිනා විට භාරතය දිව්‍ය ලෝකය බවට පත් වන නිසයි. රක්ෂා බන්ධන් අවස්ථාවේදී, මෙම උත්සවය සැමරීම ඇරඹුණේ කවදාද යන්න ගැනත්, ඊට හේතුවත් සෑම කෙනෙක්ටම දරුවන් විසින් විස්තර කර දිය යුතු වේ. ස්වර්ණම යුගයේදී මෙම බන්ධනය අවශ්‍යවන්නේ නැහැ. කාලයාගේ ඇරඹුමේ සිටම රක්ෂා බන්ධන් උත්සවය සිදුවන බව ඔවුන් කියනවා.

ගීතය:
ජගදම්බා (ජගත් මාතාව) ට ආචාර...

ඕම් ශාන්ති.
මෙම ගීතය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. භක්ති මාර්ගයේ විවිධාකාර ගීත තිබෙනවා. අශාරිරික, සූක්ෂම හා ශාරිරික යන තිදෙනාම එහිදි ප්‍රශංසනීයත්වයට ලක්වනවා. බාබා දැන් දරුවන්ට විස්තර කර දෙන අතර දරුවන් වන අප ජීවාත්ම වන බව දැන් අප වටහාගෙන තිබෙනවා. උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය දැන් අපට විස්තර කර දෙනවා. සෑම මනුෂ්‍යයෙක්ටම විමුක්තිය ලබා දෙන්නා වූ ඒකායන තැනැත්තා පමණයි ඉන්නේ. ඔහුත් සමඟ සේවයෙහි යෙදෙනා අයත් ප්‍රශංසනීයත්වයට ලක්වනවා. බාබා කියනවා: මා පමණක් සිහිපත් කරන්න! ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය අපට පෞද්ගලිකවම ඥානය දෙන බවත්, ඒ නිසා අප තුළ අමිශ්‍ර පිය ස්මර්ණය තිබිය යුතු බව ජිවාත්ම වටහා ගන්නවා. වෙන කිසිම නමක් හෝ ස්වරූපයක් සිහිපත් නොවිය යුතුයි. සෑම කෙනෙක්ම ජීවාත්මයක්. නමුත්, ජීවාත්මයක් ශරිරයක් ලද විට, ශරිරයේ නම වෙනස් වෙනවා. ජීවාත්මයකට නමක් ලැබෙන්නේ නැහැ. ශරිරයටකට තමයි නමක් ලැබෙන්නේ. බාබා කියනවා: මමත් ජීවාත්මයක්, නමුත්, මම උත්තරිතර ජීවාත්මයයි. ඒ කියන්නේ පරමාත්ම දෙවියන් මමයි. මටත් නමක් තිබෙනවා. මම ශරිරයක් ලබා ගන්නේ නැහැ. මේ නිසා තමයි මට ශිවා යන නම ලැබී තිබෙන්නේ. අනෙක් සැමටම ඔවුන්ගේ ශරිරයට ලැබුණු නමක් තිබෙනවා; මට ශරිරයක් ඇත්තේ නැහැ. අනිවාර්යෙන්ම නමක් අවශ්‍ය වෙනවා. නමුත්, මමත් ජීවාත්මයක් පමණක් වූවා නම් දෙවියන් වන්නේ කවුද ? මම උත්තරිතර ජීවාත්මයයි. මගේ නම ශිවායි. ලින්ගමයකට වන්දනා කරන්නා වූ සෑම කෙනෙක්ම සළකන්නේ ඒ ඕවලාකාර වූ ගල් පිළිමය දෙවියන් බවයි. කොහොමනමුත්, භාෂාව අනුවයි නම වැටෙන්නේ; මෙහිදී සිදුවන්නේත් එයයි. ඔබගේ ජීවාත්මය වගේම තමයි, මගේ ජීවාත්මයත්. ඔබ තිතක්, මමත් තිතක්. මගේ නම, ඒ තිතෙහි නම ශිවායි. හඳුනා ගැනීම උදෙසා නමක් අවශ්‍යයි. මෙකල, උසස්ම වන්නා වූ බ්‍රහ්මා සරස්වතී ද විමුක්තිය ලබනවා. සෑම ජීවාත්මයක්ම විමුක්තිය ලබනු ඇත. සෑම ජීවාත්මයක්ම වාසය කරනුයේ ජිවාත්ම ලෝකයේයි. උත්තරිතර ජීවාත්මය ඊට හාත් පසින්ම වෙනස් වූවකි. සෑම කෙනෙකුටම තම තමන්ගේ චරිත කොටස ලැබී තිබෙනවා. මුළු රුද්‍රා මල් දාමයේම බීජය වන්නේ පරම පියායි. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරනවා: අහෝ, දෙවියනි, පියාණෙනි! සෑම තැනකම සිටිනා මිනිසුන් මව නොව, පියා සිහි කරනවා. ඔහු භාරතයට පැමිණ අපිරිසිඳුතාවය පාරිශුද්ධත්වයට පත්කරනවා. ඒ වගේම ඔහු මවක් ද ලබා ගන්නවා. උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය බ්‍රහ්මා මාර්ගයෙන් සරස්වති ලැබගෙන තිබෙනවා. ඔහු මොහු තුළට ඇතුළු වී තිබෙනවා. මෙම ලබා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනස් වූවකි. වැඩ කර ගැනීමට ඔහුට යමෙක් අවශ්‍යයි. ඔහු කියනවා: මා මොහු මාර්ගයෙන් ඥානය ලබා දී ඔහු මාර්ගයෙන්ම දරුවන් ලබා ගන්නවා. එමනිසා, මොහුත් මවකි. මෙය ගෘහ ජීවිත මාර්ගයයි. නමුත්, මොහු පුරුෂයෙක් වන හෙයින් සරස්වතීට මවගේ තත්ත්වය ලැබී තිබෙනවා. මේවා ඉතා ගැඹුරු රහස් වන අතර ඒවා හොඳින් තේරුම් ගත යුතු වෙනවා. මොහු තමයි මනුෂ්‍යත්වයේ පියා. ඔහු මොහුගේ මාර්ගයෙන් පුරවැසියන් නිර්මාණය කරනවා. ඔහු සරස්වතී මාර්ගයෙන් ඔබව ලබා ගන්නවා කියා දෙයක් ඇත්තේ නැහැ. මෙය වටහා ගත යුතුම වන දෙයක්. පළමුවෙන්ම බාබාගේ හැඳින්වීම ලබා දිය යුතු වෙනවා. ගීතයකුත් තියෙනවා: අහෝ පාරිශුද්ධකරුවාණෙනි එන්න! මෙසේ කීවේ කවුද? ජීවාත්මයයි. මන්ද, ජීවාත්මය හා ශරිරය දෙකම අපිරිසිඳු වී සිටිනා නිසයි. පළමුවෙන්ම තමා ජීවාත්මයක් බව සළකන්න. ජීවාත්මය තමයි මෙසේ කියන්නේ: මා ශරිරයක් ලැබගෙන නැවතත් එය අත්හැර දමනවා. සෑම කරුණක් පිළිබඳව වූ විශ්වාසය ඔබ වර්ධනය කර ගත යුතුයි, මන්ද, මේ සෑම කරුණක්ම අලුත් කරුණක් වන නිසයි. ඒ කතා කරන අනෙක් අය, මිනිසුන්; ඔවුන් දෙවියන් නොවේ. යමෙක් පැමිණි විට පළමුවෙන්ම ජීවාත්මය හා ශරීරය යනු වෙනස් දෙකක් බව විස්තර කර දෙන්න. ජීවාත්මය අවිනාශීයි. පළමුවෙන්ම ඔබ ජීවාත්මයක් බව සලකන්න. මම මහේස්ත්‍රාත්වරයෙක්මි. මෙසේ කීවේ කවුද ? ජීවාත්මය මෙම ඉන්ද්‍රිය මාර්ගයෙන් කතා කරයි. තම ශරිරයට නමක් තිබෙනා බවත්, ඔහුගේ තත්ත්වය මහේස්ත්‍රාත්වරයෙකුගේ තත්ත්වය බවත් ජීවාත්මය දන්නවා. එම ශරිරය අත්හැරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයෙකුගේ තත්ත්වය, ශරිරය, නම හා ස්වරූපය වෙනස් වන අතර පසුව තවත් තත්ත්වයක් හිමිකර ගැනෙනවා. එමනිසා, පළමුවෙන්ම ජීවාත්ම අවධානයට පත් වන්න! මනුෂ්‍යයන්ට ජීවාත්මය පිළිබඳව වූ ඥානයක් ඇත්තේ නැහැ. පළමුවෙන්ම, ඔවුන්ට ජීවාත්මය පිළබඳව ඥානය ලබා දෙන්න. පසුව ජීවාත්මයේ පියා, උත්තරිතර ජීවය බව විස්තර කර දෙන්න. ජීවාත්මයක් අසතුටට පත් වූ කල, ඔහු කන්නලව් කරනවා: අහෝ දෙවියනි, පියාණෙනි! පාරිශුද්ධකරුවා ඔහුයි. සෑම ජීවාත්මයක්ම අපිරිසිඳු වී තිබෙනවා. ඉතින් ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය, අනිවාර්යෙන්ම මේ අපිරිසිඳු ලෝකයේ අපිරිසිඳු ශරිරයකට පැමිණිය යුතු වෙනවා. බාබා කියනවා: ඔබ ඒ ඈත දනව්වේ සිටිනා වැසියාට කතා කරන්නේ ඔබ අපිරිසිඳු වන නිසයි. නමුත්, මා සදාකාලිකවම පිරිසිඳුයි. භාරතය පාරිශුද්ධත්වයෙන් තිබූ නමුත් දැන් එය අපිරසිඳු වී තිබෙනවා. පාරිශුද්ධකරුවා වූ පරම පියා පැමිණ ජීවාත්මයන්ට කතා කරනවා. ඔහු බ්‍රහ්මාගේ ශරිරයට ඇතුලු වී විස්තර කරනවා. මේ නිසා තමයි ඔහුගේ නම ප්‍රජාපිතා (මනුෂ්‍යත්වයේ පියා) වන්නේ. මනුෂ්‍යයන් නිර්මාණය වන්නේ බ්‍රහ්මා මගිනි. මොන මිනිසුන්ද ? ඒ බිහිවන්නේ නව ලෝකය සඳහා වූ මිනිසුන්ය. ඔහු අපිරිසිඳු බවට පත්ව සිටිනා ජිවාත්ම පාරිශුද්ධත්වයට පත්කරවනවා. ජිවාත්ම මෙසේ කන්නලව් කරනවා: මා දුකින් මුදවා ගන්න! මට විමුක්තිය ලබා දෙන්න! බාබා සෑම කෙනෙක්ටම විමුක්තිය ලබා දෙනු ඇත. මායා සෑම කෙනෙක්වම අසතුටට පත්කොට තිබෙනවා. සීතාවන් කන්නලව් කර තිබෙනවා. සීතාවන් එක් අයෙක් පමණක් නොවේ ඉන්නේ; රාවන්ගේ සිර කුටියේ සෑම කෙනෙක්ම පාපකාරී වූ දූෂිත තත්ත්වයට පත්ව සිටිනවා. මෙය රාවන්ගේ රාජ්‍යයයි. රාමා අශාරිරිකයි. ඔවුන් මතුරනවා: රාමා, රාමා. ඔවුන් ඒ සිහි කරන්නේ එකම එක දෙවියන්, පියායි. ශිවා අශාරිරික වන නිසා ඔහුට ඉන්ද්‍රිය අවශ්‍යයි. ශිව බාබා මෙහි අසුන්ගෙන මොහු මාර්ගයෙන් විස්තර කරනවා. ජිවාත්ම වන ඔබ අපිරිසිඳු වන අතර ඔබගේ ශරිරයත් අපිරිසිඳුයි. දැන් ඔබ අවලස්සන වන අතර, පසුව සුරූපී වෙනවා. ඥානයේ සාගරය බාබායි. ඔහු සුරූපී වීම උදෙසා වූ ඥානයේ වර්ෂාවෙන් ඔබව නහවනවා. භාරතයේ මිනිසුන් සුරූපී ලෙස සිටියා. නමුත්, රාග ගින්නෙහි අසුන් ගත් පසු, ඔවුන් වෛශ්‍යයින් බවට පත්වූවා. පසුව අවලස්සන වංශය වූ ශුද්‍ර වංශයට පැමිණියා. බාබා දැන් ඉහළට නගිනා තත්ත්වය වෙත ඒමට උදව් වෙනවා. පසුව රාවන් පැමිණි විට, එය සැමගේ පහළට බසිනා තත්ත්වය වනවා. මුලදි මෙය භාරත දේවතාවන්ගේ රාජ්‍යය වූවා. එය තව දුරටත් මෙහි නැහැ. උත්තරිතර පියා මේ ශරිරය මාර්ගයෙන් ඔබට විස්තර කරනවා. තම උරුමය ලබන්නට සිටිනා අයගේ සතුටේ ප්‍රමාණය තව තවත් ඉහළ නගිනවා. ඔබ අනිවාර්යෙන්ම ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ අනිවාර්යෙන්ම මෙම පොරොන්දුව දිය යුතුයි: ඔබ මා පාරිශුද්ධත්වයට පත් කිරිමට පැමිණ සිටිනවා, ඉතින් මම අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්නෙමි. මා ඒ නිර්මල ලොවෙහි පාලකයෙක් බවට පත්වනුයේ එවිට පමණයි. මෙය රක්ෂා බන්ධනයයි. දරුවන් පියා වෙත පොරොන්දු වෙනවා. ඔහු ශාරිරික පියෙක් නොවෙයි. ඔහු අශාරිරිකයි; ඔහු මොහු තුළට ඇතලු වී තිබෙනවා. ඔහු කියනවා: ඔබත් ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. තමා ජීවාත්මයක් ලෙස සළකා, උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය වූ මා සිහිපත් කරන්න. භාරතයේ පාරිශුද්ධත්වය තිබුණා. ඒ වගේම එහි සෑහෙන සාමයක් හා සමෘද්ධියක් තිබුණා. ඒ කාලයේ අනෙක් වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. ඔබ කියනවා: බාබා අපට මෙය විස්තර කරනවා. ඉතින්, ඔබත් එය වටහා ගත යුතුයි. බාබා සිහිපත් කිරිමෙන් පමණයි ඔබගේ පාප නැති වී යා හැක්කේ. පාරිශුද්ධකරුවා වන්නේ පරම පියා පමණයි. බාබා විස්තර කරනවා: ඔබ ජීවාත්මයන්ය. ඔබගේ මුල්ම ස්වභාවය සාමයයි. සාම දේශයේ වැසියන් ඔබයි. ඒ වගේම ඔබ කර්මයෝගීන් ද වෙනවා. ඔබ කෙතරම් කාලයක් පුරා නිහඬව ඉන්නවාද ? තමා ජීවාත්මයක් ලෙස සළකා බාබා සිහි කරන්න. එවිට ඔබගේ පාප සියල්ල නැති වී යනු ඇත. කලි යුගයේ සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. සංගම් යුගයේ දී අප පාරිශුද්ධත්වයට පත්වන බව ඔබ වටහා ගන්නවා. අපිරිසිඳු ලෝකය විනාශ වී යා යුතුමයි. මහා භාරත යුද්ධය සිදුවන අතර, මෙම පැරණි ලෝකය විනාශ වීමට ඉවහල් වන්නා වූ ස්වභාවික වියසන ද සිදුවනු ඇත. නව ලෝකය වූ කලී, දේවතාවන්ගේ රාජ්‍යයයි. අප දැන් ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය විසින් දෙන්නා වූ උපදෙස් පිළිපදිනවා. ඔබට ඔහුගේ ශ්‍රීමත් ලැබෙනවා. මෙම ඥානය වටහා ගත යුතුමයි. ඔවුන්ට කියන්න: එක් කණකින් අසා අනෙක් කණින් පිට කරන්න එපා. මෙහිදී ඔබ ඉගෙන ගත යුතුයි. දින හතෙහි බතිය ඉතාමත් ප්‍රසිද්ධ වූවක්, දින හතක් පුරා මෙහි පැමිණ මෙය වටහා ගන්න. පරම පියාවත් ඔබගේ උපත් පිළිබඳවත් තේරුම් ගන්න. ඔබ අපිරිසිඳු වූයේ කෙසේද, නැවතත් පාරිශුද්ධත්වයට පත් වන්නේ කෙසේද යනාදිය ගැන ඔබ වටහා නොගත හොත්, ඔබට පසුතැවිලි වීමට සිදු වෙනවා. මන්ද, දැන් ඔබගේ හිස මත පාප බරක් තිබෙනා නිසයි. ආදරවන්තයා වන්නේ පරම පියා පමණයි. ඔහු තමයි අපව නිර්මල ලෝකයේ පාලකයන් බවට පත්කරවන්නේ. අනෙක් සැවොම කරන්නේ එකිනෙකා අපිරිසිඳු කර වීමයි. ස්වර්ණම යුගයේ තිබෙන්නේ පිවිතුරු යුග දිවි ක්‍රමයයි. එය දැන් මෙම රාවන්ගේ රාජ්‍යය නිසා, අපිරිසිඳු වී තිබෙනවා. ඔබට ස්වර්ණම යුගයට යාමට අවශ්‍ය නම් පාරිශුද්ධත්වයට පත්වන්න. ඔබට ඒ අසීමිත වු පියාගෙන් උරුමය ලැබෙන්නේ එවිට පමණයි. අඩුම තරමින් මෙය සිහිකරන්න: අපි ඒ සාම දේශයේ වැසියන් වූවෙමු. පසුව අපි සතුටේ දේශය වෙත ගියෙමු. දැන් අප ඉන්නේ දුක් දේශයේයි. පසුව අප සාම දේශය වෙත යනු ඇත. මේ නිසා තමයි ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුත්තේ. බාබා කියනවා: ගෙදර ජීවත්වන අතරම, පළමුවෙන්ම, පාරිශුද්ධත්වයට පත් වන්න. දෙවනුව, මා සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප ඉවත් වී යනු ඇත. ඔබ මා සිහි නොකර, පාරිශුද්ධත්වයට පත් නොවුන හොත්, ඔබගේ පාප ඉවත් කර ගන්නේ වෙන කෙසේද ? ඔබට රාවන්ගේ රාජ්‍යයෙන් ඉවත් විය හැක්කේ කෙසේද? මෙහිදී සෑම කෙනෙක්ම ඉන්නේ දුකින් පිරි පැල්පතකයි. කල්ප බාගයක් පුරා භාරතය දුක් දේශය තුළ සිටිනා අතර, අනෙක් බාගය එය දුකින් තොර වූ ස්ථානයක් වෙනවා. ඔබ ඉන්නේ අපිරිසිඳු ලෝකයේයි. ඔබ අධිකාරීත්වයකින් යුතුව විස්තර කළා වුවත්, ගෞරවයෙන් යුතුව ඔවුන්ට කතා කොට මෙසේ පැවසිය යුතුයි. ඔබ දෙවියන්ගේ, පියාගේ දරුවන් යැයි කියා ගත්තා වුවත් පරම පියා ගැන ඔබට කිසිම දැනුමක් නැහැ. ඔබ ඔබගේ භෞතික පියා ගැන දන්නවා. නමුත්, ඔබට අසීමිත සතුටක් ලබා දෙන්නා වූ, ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත්කරවන්නා වූ පාරලෞකික පියා ගැන ඔබ දන්නේ නැහැ. භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කළ තැනැත්තාව ඔබට අමතක වී ගොස් තිබෙනවා. ඒ නිසාම තමයි ඔබ එවන් වූ තත්ත්වයට පත්ව තිබෙන්නේ. සෑම කෙනෙක්ම බිහි වී තිබෙන්නේ පාපයෙන් වන නිසා සෑම කෙනෙක්ම දූෂිතයි. ඕනෑම කෙනෙක්ට මෙය වටහා ගත හැකියි. ඔවුන්ට අපහාස කිරිමට අවශ්‍ය නැහැ. මෙය විස්තර කර දීමක් පමණයි. රක්ෂා බන්ධනයෙහි සෑහෙන වැදගත්කමක් තිබෙනවා. බාබා කියනවා: පාප පරාජය කර දමන්න. මා සිහි කරන්න. සාමයේ දේශය සිහි කරන්න. එවිට, ඔබට එහි යාමට හැකිවනු ඇත. තමා සාම දේශය හරහා සතුටේ දේශය වෙත යන බව බුද්ධිය තුළ තබා ගන්න. සියල්ලටම ප්‍රථම ඔබ අනිවාර්යෙන්ම ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. මම ජීවාත්මයක්මි; මා එක් ශරිරයක් අත්හැර තවත් ශරිරයක් ලබා ගන්නවා. ඒ වගේම මනුෂ්‍ය ජීවයක් කිසිම විටෙක බල්ලෙකු හෝ බළලෙකු නොවන බවත් බාබා විස්තර කර තිබෙනවා. මිනිස්සු භක්ති මාර්ගයේ යමින් බොහෝ රස්තියාදු වනවා. තමා අපිරිසිඳුයි, ඒ නිසා තමයි අප මේ පාරිශුද්ධකරුවා වූ බාබා සිහිපත් කරන්නේ යන වග ඔබ පවත්වන කතා වලදී විස්තර කර දෙන්නට ඔබට පුලුවන්. සියලු සීතාවන් දැන් දුකින් පිරි කුටියකට වී ඉන්නවා. ඒ වගේම දිනෙන් දිනම දුක වැඩි වෙනවා. පාලකයන් පවා, සෑහෙන දුකක් තිබෙනා බව වටහා ගන්නවා. ඔවුන් දැඩි උත්සාහයක යෙදෙනවා. එක් කෙනෙක් නිහඬ වෙනවා. නමුත් එවිට අනෙකා අවදි වෙනවා. ඉතින්, යුද්ධය දිගින් දිගටම සිදු වෙනවා. සාමය වෙනුවට තව තවත් අසමගිය ඇති වෙනවා. බාබා පැමිණ සියලු දුකට හා අසමගියට නැවතීමේ තිත තබා සතුටේ දේශය නිර්මාණය කරනවා. පැරණි ලෝකයේ දුක තිබෙනා අතර නව ලෝකයේ තිබෙන්නේ සතුටයි. රක්ෂා බන්ධන් උත්සවය ඉතා වැදගත් උත්සවයක්. මෙම ක්‍රමය පටන් ගත්තේ කවුද යන්න ගැන ඔබ විස්තර කර දිය යුතුයි. ඒ පාරිශුද්ධකරුවා, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පැමිණ ජීවාත්මයන්ට පාරිශුද්ධත්වයට පත් වීමේ පොරොන්දුව දීමට පෙළඹ වූවා. මීට අවුරුදු 5000කට ප්‍රථමත් ඔබ මෙම පොරොන්දුව දුන්නා. දැන් ඔබගේ බුද්ධියේ සම්බන්ධය උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය වෙත යොමු කරන්න. එවිට, ඔබ නැවතත් වතාවක් පාරිශුද්ධත්වයට පත් වනු ඇත. ඔවුන් ගෙන් අහන්න: ඔබ කවදා සිටද මේ රාඛි බඳින්නේ ? මෙය සදාකාලික නීතියක් බව ඔවුන් කියයි. කොහොමනමුත්, ඒ පිවිතුරු ලෝකයේ රාඛි බඳින්නේ නැහැ. මෙහි, කිසිම කෙනෙක් පිවිතුරු නැහැ. දැන් බාබා මෙවැනි අණක් යොදවනවා: පාරිශුද්ධත්වයට පත්වන්න, එවිට ඔබ ඒ නිර්මල වූ ලෝකය වෙත යනු ඇත! පළමුව පාරිශුද්ධත්වයයි. පිවිතුරු යුග දිවි මාර්ගයක් තිබුණා. නමුත් තව දුරටත් එය මෙහි නැහැ. දිව්‍ය ලෝකයේ දුකක් ගැන නාමයක් වත් ඇත්තේ නැහැ. නමුත්, මෙහි, මේ අපායේ සතුටක් පිළිබඳ නාමයක් වත් නැහැ. දූෂිත වූ අය තාවකාලික සතුටක් ලබනා අතර, උසස් වූවන් කල්ප බාගයක් පුරාවටම සතුට ලබනවා. රාඛි උත්සවය ගතවන බව ඔබට වැටහෙනවා. මීට කල්පයකට ප්‍රථමත් එය එලෙසින්ම සිදු වූ බව කිව හැකියි. නාටකය පැහැදිලි ලෙස වටහා නොගැනීම හේතුවෙන් ඔවුන් පටලැවිල්ලට පත් වූවා. පළමුවෙන්ම පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. මෙහි පැමිණ සෑම කෙනෙක්වම විමුක්තිය වෙත ගෙන යන්නේ බාබායි. රාඛි උත්සවය ඇරඹුණේ කවදාද? මෙයද ඉතාමත් වැදගත්. ඔබට මෙසේ ලියන්න පුළුවන්: මෙහි පැමිණ මෙය වටහා ගන්න. සෑම කෙනෙක්ටම විස්තර කරන්න, එවිට, ඔවුන් ඔබට කතාවක් පැවැත්වීමට ස්ථානයක් සූදානම් කර දෙනු ඇත. කොන්ග්‍රස් පක්ෂයේ මිනිස්සු කඩවල් ඉදිරියේ කතා පවත්වනවා. ඉතින් ඒ වටා බොහෝ මිනිසුන් රොක්වනවා. සේවය සඳහා ඔබ උත්සාහ කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අධිකාරීත්වයක් ඇතිව කතා කරනා අතරම, ගෞරවයත් තබා ගන්න. අපිරිසිඳුභාවයෙන් මිදී පිවිතුරු වීමේ මාර්ගය සෑම කෙනෙක්ටම පෙන්වා දෙන්න.

2. අමිශ්‍ර වූ ස්මරණයේ යෙදෙන්න. කිසිම මනුෂ්‍යයෙකුගේ නමක් හෝ ස්වරූපයක් සිහි කරන්න එපා. ඔබ පාරිශුද්ධත්වයට පත්වන බවට බාබාට පොරොන්දු වන්න.

වරදානය:
ඔබ යහපත් කෙනෙක් වී සහ සියලු සීමිත ආශාවන් අතහැරීම මඟින් සියලු ප්‍රාප්තීන්ගෙන් පිරේවා.

සීමිත ආශාවන් ඇත්තන් හට කිසිදා ඔවුන්ගේ ආශාවන් ඉටුවන්නේ නැත. යහපත් බවට පත්වන්නන්ගේ සියලු පිවිතුරු ආශාවන් නිරායාසයෙන් ඉටුවනවා ඇත. පිරිණමන්නාගේ දරුවන් හට කිසිම දෙයක් සඳහා ඉල්ලීමේ ආශාවක් නොතිබේ. ඕනෑම දෙයක් ඔබ ඉල්ලා සිටී නම් එවිට එය ඔබට ලබාගත නොහැකි වේ. යම් දෙයක් ඉල්ලනවා යනු ඔබට ආශාවක් තිබීමයි. ඔබට කිසියම් සීමිත ආශා වලින් තොර වූ අසීමිත සේවාවක් කිරීමේ සිතිවිල්ලක් ඇතොත් එය අනිවාරයෙන් ඉටුවනු ඇත. අන්න ඒ නිසායි, ඔබ යහපත් වෙමින් සීමිත ආශා කිසිවක් නොමැති වීමේ ක්‍රමය යොදාගත යුත්තේ. එවිට ඔබ සියලු ලැබීම් වලින් පිරෙනවා ඇත.

පාඨය:
ජයග්‍රාහී වීම යනු ස්මරණය ඇතිව පරාර්ථකාමී සේවාව කිරීම මඟින් මායා ජයගත්තෙකු වීමයි.