10.09.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා පැමිණ ඇත්තේ ඔබගේ බැටරි චාජ් කිරීමටයි. ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ සිටින තරමට ඔබගේ බැටරි දිගටම වැඩියෙන් චාජ් වෙයි.

ප්‍රශ්නය:
ඔබගේ සත්‍යයේ ඔරුවට, කුණාටු පැමිණෙන්නේ ඇයි?

පිළිතුර:
මන්ද, මෙකල කෘත්‍රිම මිනිසුන් බොහොමයක් සිටින බැවින්. ඇතැම් අය තමන්ට දෙවියන් යැයි කියාගන්නා අතර තවත් ඇතමෙක් ඔවුන්ගේ ගුප්ත බල පෙන්වයි. මිනිසුන්ට සත්‍යය හඳුනාගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ නිසාය. ඔවුන් සත්‍යයේ ඔරුව සෙලවීමට උත්සාහ දරන නමුත්, ඔබගේ සත්‍යයේ ඔරුව කිසිදාක ගිලෙන්නේ නැති බව ඔබ දන්නවා. ඔවුන්ට විමුක්ති මාර්ගය හමුවන්නේ මෙහි පමණක් බව, අද බාධක ඇති කරන අයට හෙට දිනයේ වැටහෙයි සියල්ලන්ටම ඇත්තේ මෙම සාප්පුව පමණක් බව ඔවුන්ට වැටහෙයි.

ඕම් ශාන්ති.
මෙය පවසන්නේ ඔය දරුවන්ට, ඔය ජීවාත්මයන්ට ඔය ප්‍රාණීන්ටයි, මන්ද දෙසවන් වලින් ඇහුම්කන් දෙන්නේ ප්‍රාණීන් බැවින්. සෑම දෙයක්ම ධාරණය කරගන්නේ ජීවාත්මයයි. පියාගේ ජීවාත්මය, දැනුමින් පිරී ඇත. ඔය දරුවන්ද මෙම උපතෙදී ජීව අවධානයට පත් වී ඇත. ඔබ උපත් 63 කට භක්ති මාර්ගයේදී ශරීර අවධානයෙන් සිට ඇත. ජීවාත්මයක් අනිවාර්යෙන්ම තිබෙන බව ඔබ දැන සිටි නමුත්, ජීවාත්මයක් යනු කුමක්ද කියා ඔබ දැන සිටියේ නැත. සිරුරක් තුළට ඇතුළු වන්නේ ජීවාත්මයකි. පාරිශුද්ධ ආත්මයක් හෝ අපවිත්‍ර ආත්මයක් යැයි කියයි. අපවිත්‍ර උත්තරීතර ආත්මය යැයි කියනවා ඔබ කිසි විටෙක අසා නොමැත. දෙවියන්, සෑම කෙනෙක් තුළම සිටින්නේ නම්, අපවිත්‍ර උත්තරීතර ආත්මය යැයි කියනු ඇත. එබැවින් ප්‍රධානතම දෙය වන්නේ, ජීවාත්ම අවධානයට පත් වීමයි. ජීවාත්ම කෙතරම් කුඩාද, එසේම ජීවාත්මයන්ගේ සම්පූර්ණ චරිත කොටස් එය තුළ පටිගත වී ඇති ආකාරය ගැන, කිසිවෙක් නොදනී. ඔබ සවන් දෙන්නේ අළුත් දෙයකටයි. මෙම සිහිපත් කිරීමේ වන්දනාව ඔබට උගන්වන්නේ පියා පමණයි. වෙනත් කිසිම කෙනෙකුට එය ඉගැන්විය නොහැක. තමන් ජීවයක් බව සැලකීමට නැවත නැවතත් උත්සාහ දැරීමට අවශ්‍ය වෙයි. බැටරියෙන් ක්‍රියා කරන හදිසි ආලෝක පහන් ඔබට තිබේ. එය චාජ් කරනු ලබයි. සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨතම බලය වන්නේ පියාය. බොහෝ ජීවාත්ම සිටියි. එම බලයෙන්, ඒ සියලුම දෙනාව, බලයෙන් පිරවිය යුතු වනවා. පියා, සර්ව බලධාරියාය. ජීවාත්ම වන අප, ඔහු සමඟ යෝගාවේ නොසිටින්නේ නම්, අපගේ බැටරි චාජ් කරගන්නේ කෙසේද? බැටරියේ චාජ් එක නැති වීමට මුළු චක්‍රයක්ම ගත වෙයි. බැටරිය චාජ් කරගත යුත්තේ දැන්ය. ඔබගේ බැටරි වල චාජ් එක අවසන් වී ඇති බවත්, ඒවා දැන් චාජ් කරගත යුතු බවත්, ඔය දරුවන්ට වැටහෙයි. කෙසේද? බාබා පවසන්නේ මා සමඟ යෝගාවේ සිටින්න. මෙය ඉතා පහසුවෙන් වටහාගත හැකි දෙයකි. පියා පවසන්නේ ඔය ජීවාත්ම, ඔබගේ බුද්ධිය, මා සමඟ යෝගාවෙන් සම්බන්ධ කරන විට, ඔබ බලයෙන් පිරී, සතෝප්‍රධාන් බවට පත් වෙයි. මෙම අධ්‍යයනය ආදායමක් ගෙන දෙයි. සිහිපත් කිරීම තුළින් ඔබ පිවිතුරු වී, ඔබගේ ආයුෂ වැඩිවෙයි. ඔබගේ බැටරි චාජ් වෙයි. ඔබ කෙතරම් පියාව සිහිපත් කරන්නේද කියා, ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක‍්ෂා කළ යුතුයි. ඔබ පියාව අමතක කරන විට, බැටරිය බසියි. වෙනත් කිසිම කෙනෙකුට සැබෑ සම්බන්ධතාවයක් නැත. සැබෑ සම්බන්ධතාවයක් තිබෙන්නේ ඔය දරුවන්ට පමණයි. පියාව සිහි නොකර, කෙනෙකුගේ ආලෝකය දැල්වෙන්නේ කෙසේද? ඔබට දැනුම ලබා දෙන්නේ ඒකායන පියා පමණයි. දැනුම දිවා කාලය බවත් භක්තිය රාත්‍රීය බවත් ඔබ දන්නවා. ඉන්පසුව රාත්‍රිය පිළිබඳව නීරසයක් ඇතිවන අතර, දිවා කාලය ආරම්භ වෙයි. පියා පවසන්නේ රාත්‍රිය අමතක කර, දිවා කාලය සිහි කරන්න. දිව්‍ය ලෝකය, දිවා කල වන අතර, අපාය, රාත්‍රියයි. ඔය දරුවන් දැන් ජීවමාන ස්වරූපයෙන් සිටින අතර, මෙම සිරුරු විනාශ වන සුළුයි. ඒවා දුහුවිලි වලින් සැදි ඇති අතර නැවත දුහුවිලි සමඟ මුසුවෙයි. ජීවාත්ම අවිනාශී වන නමුත් බැටරි බසියි. ඔබ දැන් බොහෝ නුවණැත්තන් බවට පත් වෙමින් සිටිනවා. ඔබගේ බුද්ධිය අපි පැමිණි නිවහනට නැවත නැවතත් යයි. අප දැන් සූක‍්ෂම කලාපය පිළිබඳව දන්නවා. විෂ්ණුව අත් සතරක් සහිතව එහි පෙන්නුම් කරයි. මනුෂ්‍යයන්ට අත් සතරක් තිබිය නොහැක. බ්‍රහ්මා සහ සරස්වති, ඉන්පසුව ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වන අතර, විෂ්ණුට අත් සතරක් ලබා දී ඇත්තේ මේ නිසා බව, කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. මෙම දේවල් විස්තර කළ හැක්කේ අන් කිසිවෙකුට නොව, පියාට පමණයි. ජීවාත්මය මෙම සංස්කාර වලින් පිරී ඇත. සතෝප්‍රධාන් බවින් තමෝප්‍රධාන් වන්නේ ජීවාත්මයි. සියලුම ජීවාත්ම, පියාට අඬගසති අහෝ බාබා, අපගේ බැටරි බැහැලා. දැන් පැමිණෙන්න, මන්ද අපට නැවතත් අපගේ බැටරි චාජ් කරගැනීමට අවශ්‍යයි. පියා දැන් පවසන්නේ ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ සිටින තරමට, ඒ අනුව ඔබට බලය ලැබෙයි. ඔබට පියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. බාබා, මා ඔබ සතුයි. මා ඔබ සමඟ ආපසු නිවසට යමි. එය විවාහයෙන් පසුව ඥාතීන් පැමිණ, ඇගේ දෙමාපියන්ගේ නිවසින් මනාලිය රැගෙන යන සේය. මෙහි දැන් ඔබව සැරසීමට, පියවරුන් දෙදෙනෙකු ඔබට ලැබී තිබේ. සැරසිල්ල ඉතා හොඳ විය යුතුයි, එනම් ඔබ සියලු ගුණදම් වලින් පිරිය යුතුයි. තමන්ගෙන් විමසන්න මට කිසියම් පළුදු තිබේද? මනසේ කුණාටු තිබෙන නමුත් පරීක‍්ෂා කර බලන්න මා කිසියම් වැරදි ක්‍රියා සිදු කරන්නේද? මා කිසිවෙකුට දුක් දෙන්නේද? පියා, දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නාය. අපද සෑම කෙනෙකුටම සතුට වෙතට මාර්ගය පෙන්විය යුතුයි. මෙය කිරීමට, බාබා ඔබට බොහෝ විවිධ ක්‍රම පෙන්වා දෙයි. ඔබ සේනාවයි. ඔබගේ නම වන්නේ, ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාර් සහ කුමාරීන්ය. පැමිණෙන ඕනෑම කෙනෙකුගෙන් විමසන්න ඔබ පැමිණියේ කොහේ සිටද, එමෙන්ම ඔබ පැමිණියේ කවුරුන් වෙතටද? ඔවුන් මෙසේ පිළිතුරු දෙනු ඇත අප බ්‍රහ්ම කුමර කුමරියන් වෙතට පැමිණ සිටියි. අච්චා. බ්‍රහ්මා කියන්නේ කවුද? ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මා යන නම අසා තිබේද? ඔව්. ඔබත් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ය. සියල්ලන්ම ඔහුගේ ප්‍රජාවයි. ඔහු ඔබගේද පියා වන නමුත්, ඔබ ඔහුව නොදනී, එපමණයි. බ්‍රහ්මාද අනිවාර්යෙන්ම කාගේ හෝ දරුවෙකි. ඔහුගේ පියාට (ශිව බාබා) දැකිය හැකි සිරුරක් නැත. ශිව බාබා, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් යන තිදෙනාට වඩා උසස්ය. ඔහු තිදෙනාගේම නිර්මාණකරු බැවින්, ත්‍රි මූර්ති ශිවා යැයි කියයි. පෙළපත් වෘක‍්ෂයක් සේ, ශිව බාබා, ඉහළින්ම සිටින අතර, ඉන්පසුව තිදෙනා සිටියි. බ්‍රහ්මාගේ පියා, අනිවාර්යෙන්ම පරමාත්ම දෙවියන්ය. ඔහු, සියලුම ජීවාත්මයන්ගේ පියාය. අච්චා, ඉතිං බ්‍රහ්මා පැමිණියේ කොහේ සිටද? පියා පවසන්නේ මා මෙම කෙනාගේ සිරුර තුළට ඇතුළු වී, ඔහුට බ්‍රහ්මා යන නම තබමි. ඔය දරුවන්ටද නම් ලබා දුන් අතර, එබැවින් ඔහුට බ්‍රහ්මා යන නම තැබුණි. බාබා පවසන්නේ මෙය මගේ දිව්‍යමය සහ අලෞකික උපතයි. මා ඔය දරුවන්ව දරුකමට හදා ගන්නවා. මා මෙම කෙනාගේ සිරුරට ඇතුළු වී, ඔබට දැනුම පවසමි. එබැවින් අප බාප්දාදාය. ඔහු ඇතුළු වන සිරුරට, ඔහුගේම ජීවාත්මයක් තිබේ මා පැමිණ, ඔහු අසලින් අසුන් ගනිමි. ජීවාත්ම දෙකක් එකට චරිත කොටසක් රඟපාන බොහෝ අවස්ථා තිබේ. ජීවාත්මයක් කැඳවන විට, එම ජීවය පැමිණ අසුන් ගන්නේ කොහිද? එම ජීවය පැමිණ, නිසැකයෙන්ම බ්‍රහ්මණ පූජකයා අසලින් අසුන් ගනු ඇත. මෙහිද ජීව දෙකක් සිටියි බාප් සහ දාදා. පියා මෙම කෙනාට පැවසුවේ ඔබ තමන්ගේම උපත් නොදනී. ඔබ සෑම චක්‍රයකදීම උපත් 84 හි චක්‍රය වටා යන බවත්, ඉන්පසුව ඔබ ආපසු නිවසට යන බවත් ඔබට දැන් සිහිපත් වී තිබේ. මෙය දැන් ඔබව මාරු කර හරින, සංගම යුගයයි. යෝගාවේ සිටීමෙන් ඔබ සතෝප්‍රධාන් වී, ඔබගේ බැටරි චාජ් වෙයි. ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයට යයි. මුළු චක්‍රයම දිගින් දිගටම ඔබගේ බුද්ධිය තුළ බ්‍රමණය වෙයි. ඔබට විස්තරාත්මකව කිව නොහැක. වෘක‍්ෂයක කාල පරාසයක් තිබේ. ඉන්පසුව එය වියළී යයි. මෙහිද, සියලුම මනුෂ්‍යයන් වියළී ගොස් සේය. සෑම කෙනෙක්ම එකිනෙකාට දිගින් දිගටම දුක් දෙයි. දැන් සෑම කෙනෙකුගේම සිරුරු විනාශ වීමටයි තිබෙන්නේ. සියලුම ජීවාත්ම නැවත නිවසට යයි. පියා හැර වෙනත් කිසිවෙකුට මෙම දැනුම ලබා දිය නොහැක. මුළු ලෝකයේම අධිරාජ්‍යය ඔබට ලබා දෙන්නේ පියා පමණයි. එබැවින් ඔබ ඔහුව බොහෝ සිහිපත් කළ යුතුයි. ඔබ සිහිපත් කිරීමේ නොසිටින විට, මායා ඔබට පහර දෙයි. තදින්ම පහර දෙන්නේ පාපයන් සිදු කිරීමටයි. සටන් භූමියේ සිටින්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. එබැවින් කුණාටු පැමිණෙන්නේද ඔබට පමණයි. කෙසේවෙතත්, ඔබ කිසිදු පාප ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. ඔබ පාප ක්‍රියා සිදු කරන විට, ඔබ පරාජය වනවා. බාබා ඔය දරුවන්ට උගන්වනවා දරුවනි, කිසිම විටෙක පාපයේ නොගැලෙන්න. වංශයේ නමට අපහාස නොකරන්න. ලෞකික පවුලක, දරුවෙක් නොවටින විට, දෙමාපියන් පවසන්නේ ඔබගේ මුහුණේ දැලි ගාගන්නේ ඇයි? ඔබ වංශයේ නමට අපහාස කරනවා. ඔබ ජය, පරාජය, පරාජය සහ ජය අත්විඳීමෙන් පසුව, අවසානයේදී ඔබ ජය ලබයි. මෙය සත්‍යයේ ඔරුවයි. කෘත්‍රිම මිනිසුන් බොහෝ දෙනෙක් මතු වී ඇති බැවින්, බොහෝ කුණාටු ඇතිවෙයි. සමහරෙක් තමන් දෙවියන් බවත් සමහරුන් තමන් තව කවුරුන් හෝ බවත් පවසයි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ ගුප්ත බල පෙන්වයි ඔවුන් දර්ශන පවා පිරිනමයි. පියා පැමිණෙන්නේ සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දීමටයි. මෙම වනාන්තරය හෝ මෙම වනාන්තරයේ වැසියන්වත් ඉතිරි වන්නේ නැත. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. මෙම පැරණි ලෝකය දැන් සොහොන් බිමක් වී ඇති බව ඔබ දන්නවා. මිය යාමට සිටින අය වෙත, ඔබගේ හදවත ඔබ බැඳ නොගත යුතුයි. මෙම ලෝකයේ අවසානය, අත ලඟය. විනාශය අත ලඟය. පියා පැමිණෙන්නේ නව ලෝකය, පැරණි වූ විට පමණයි. පියාව ඉතා හොඳින් සිහි කිරීමෙන් ඔබගේ බැටරි චාජ් වෙයි. සමහරුන්ට ඉතා හොඳින් දැනුම පැවසීමට හැකි නමුත් ඔවුන්ට යෝගාවේ බලය ඇත්තේම නැහැ, එබැවින් එම බලය නොමැත අසිපත එතරම් බලවත් නැත. පියා පවසන්නේ මෙය අළුත් දෙයක් නොවෙයි. මම වසර 5000 කට පෙරද ආවෙමි. පියා විමසන්නේ අප මින් පෙර මුණ ගැසී තිබෙනවාද? දරුවන් පිළිතුරු දෙන්නේ අප චක්‍රයකට පෙර මුණ ගැසුණා. ඇතැම් අය එවිට පවසන්නේ, නාටකය ඔවුන්ට උත්සාහ දැරීමට දිරි ගන්වයි කියාය. හොඳයි, නාටකය, දැන් ඔබට උත්සාහ දැරීමට දිරිගන්වනවා, එබැවින් එය කරන්න! නිකම්ම කොහේ හෝ තැනක ඉඳගෙන සිටින්න එපා. පෙර චක්‍රයේදී උත්සාහ දැරූ අය, නැවතත් එසේ කරනු ඇත. තවමත් මෙහි නොපැමිණුනු අයද, පැමිණෙයි. මෙම මාවත දිගේ ඇවිදගෙන යන අතර ඉන්පසුව පිටවී විවාහ වුණු අයත්, නාටකයේ එය ඔවුන්ගේ චරිත කොටස නම්, නැවතත් පැමිණ උත්සාහ දරයි. ඔවුන් වෙන කොහේ යන්නද? සෑම කෙනෙකුටම ඔවුන්ගේ පසු පස එල්ලෙන වලිගත් සමඟ, නැවතත් පියා වෙතට පැමීණීමට සිදුවෙයි. අවසානයේදී බිෂම්පිතමායිද පැමිණි බව, ලියැවී ඇත. වර්තමානයේ ඔවුන්ට බොහෝ අහංකාරකම තිබෙන නමුත්, පසුව ඔවුන්ගේ අහංකාරකම අවසන් වෙයි. ඔබ සෑම වසර 5000 කට වරක්ම ඔබගේ චරිත කොටස් රඟපායි ඔබ රාජධානිය හිමි කරගෙන, ඉන්පසුව එය අහිමි කරගනී. දිනෙන් දින, මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිවෙනවා. ස්වර්ණමය යුගයෙදී දේවතා ධර්මය පැවතුණු බවත්, ඔවුන් දැන් වන්දනාවට ලක් වන්නේ ඒ නිසා බවත්, විශේෂයෙන්ම දේවතාවන්ව වන්දනා කරන, භාරතයේ ජනතාවට ඔබ විස්තර කළ යුතුයි. ක්‍රිස්තියානුවන් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කරන නමුත් ඔවුන් ප්‍රශංසා කරන්නේ, ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. මෙම ධර්මය ස්ථාපිත කළේ කවුද? ඔවුන් විශ්වාස කරන්නේ එය ස්ථාපිත කළේ ක්‍රිෂ්ණා බවයි, ඔවුන් දිගටම ඔහුව වන්දනා කරන්නේ ඒ නිසයි. ඔබද අංකානුරූපයි. ඇතැම් අය බොහෝ උත්සාහ දරන අතර ඇතැම් අය ඊට ටිකක් අඩුවෙනි. සෑම කෙනෙක්ම තම ඇඟිල්ලක සහාය ලබා දීමෙන්, කන්දක් ඔසවන ආකාරය පෙන්වා ඇත. මෙම ලෝකය දැන් පැරණී වී ඇති අතර, සෑම දෙයකම බලය නැති වී ගොසින්ය. ඔවුන්ට ආකර වල රත්තරං සොයාගැනීමටවත් නොහැක. දිව්‍ය ලෝකයේ, රත්තරං මාලිගා තිබෙන අතර, රජයට දැන් ණය පියවීමට ඇති බැවින් එපා වී ඇත. එහි බොහෝ ධනය තිබේ බිත්ති වල දියමන්ති සහ මැණික් ඔබ්බවා ඇත. සෑම දෙයක්ම දියමන්ති වලින් එබ්බවීමට මිනිසුන් බොහෝ උනන්දුවක් දක්වයි. එහි ධනයෙහි අඩුවක් නැත. එහි බොහෝ සම්පත් තිබේ. ඇලඩින් සහ ඔහුගේ මැජික් පහන ගැන නාටකයක් රඟ දැක්වෙයි. පහන ඇතිල්ලීමෙන් පමණක්, මුළු මාලිගාවක් මතු වෙයි. මෙහිද, ඔබට දිව්‍යමය දර්ශනයක් ලැබුණු සැනින්, ඔබ දිව්‍ය ලෝකයට යයි. එහිදී ඔබ, දියමන්ති එබ්බවූ බටනලා ආදි භාණ්ඩ සමඟ, රජ කුමර කුමරියන්ව දකියි. එවන් ආභරණ මෙහි කිසිවෙකු පළඳින්නේ නම්, ඒවා සොරකම් කරනු ඇත. එම කෙනාට පිහියෙන් ඇන, සොරකම් කරනු ඇත. එහි, එවන් දේ සිදු නොවෙයි. මෙම ලෝකය ඉතාමත්ම පැරණි සහ අපිරිසිදුයි. ලක‍්ෂ්මි සහ නාරායන්ගේ ලෝකය බොහෝ ආශ්චර්යමත් සහ අලංකාර විය. දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා තිබිණි. ඔවුන් පමණක් එහි තනිවම නොසිටියි. එයට දිව්‍ය ලෝකය යැයි කීහ. ඔබ සැබවින්ම දිව්‍ය ලෝකයේ අධිපතියන්ව සිටි බව ඔබ දන්නවා. සෝම්නාථ වෙනුවෙන් දේවාලය තැනුවේ අපයි. ඔබ කවුරුන් වී සිටියාද, එමෙන්ම භක්ති මාර්ගයේදී ඔබ දේවාල තනා, වන්දනාමාන කළ ආකාරය ඔබට වැටහෙයි. ඔබගේ උපත් 84 පිළිබඳ දැනුම ඔය ජීවාත්මයන්ට තිබේ. දියමන්ති සහ මැණික් බොහෝ තිබුණි. ඒ සියල්ලම කොහේ ගියාද? ක්‍රම ක්‍රමයෙන් සෑම දෙයක්ම අවසන් විය. මුස්ලිම්වරුන් බොහෝ කොල්ල කෑ අතර, ඔවුන් සොහොන් කොත් වල දියමන්ති තැන්පත් කර, ටජ් මහල් ආදිය ගොඩනැඟුවා. බ්‍රිතාන්‍යයන් පැමිණ, ඒවා හාරා, පිටතට රැගෙන ගිය අතර, දැන් කිසිවක් ඉතිරිව නැත. භාරතය දැන් සිඟන්නෙක් වී ඇති අතර දිගටම ණය වෙයි. ඔබට ධාන්‍ය, සීනි ආදි කිසිවක් ලබා ගත නොහැක. ලෝකය දැන් පරිවර්ථනය විය යුතුයි. කෙසේවෙතත්, ඊට පෙර, ඔය ජීවාත්මයන්ගේ බැටරි සතෝප්‍රධාන් කර ගැනීම සඳහා, ඔබ චාජ් විය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම පියාව සිහි කළ යුතුයි. ඔබගේ බුද්ධියේ යෝගාව, පියාට සම්බන්ධ විය යුතුයි. ඔබගේ උරුමය ඔබට හිමි වන්නේ ඔහුගෙනි. ඔබත් සමඟ මායා සටන් කරන්නේ මෙහිය. පෙර කල, ඔබට මෙම දේවල් වැටහුණේ නැත ඔබද අන් අය මෙන්ම විය. ඔබ දැන් සංගම යුගයේ සිටින නමුත් අන් සෑම කෙනෙක්ම සිටින්නේ කලි යුගයේය. මිනිසුන් පවසන්නේ ඔබ, ඔබගේ හිතට ඇතුළු වන ඕනෑම දෙයක් පවසන බවයි. කෙසේවෙතත්, ඔවුන්ට විස්තර කිරීමට ඔබට භාවිත කළ හැකි උපායන් තිබේ. ක්‍රම ක්‍රමයෙන් ඔබගේ සංඛ්‍යාව වැඩි වනු ඇත. බාබා දැන් විශාල විශ්ව විද්‍යාලයක් විවෘත කරනවා. එහි විස්තර කිරීමට පිංතූර අවශ්‍යයි. ඔබ තව දුරටත් ප්‍රගතිය කරා යන විට, මෙම සියලුම පිංතූර විනිවිද ආලෝක (ට්‍රාන්ස් ලයිට්) ස්වරූපයෙන් සකස් කෙරෙනවා ඇත. එවිට ඔබට විස්තර කිරීමට පහසු වනවා ඇත. පියාගේ සිහිපත් කිරීම තුළින් සහ ඔහුගේ දැනුමෙන්, ඔබ නැවත වරක් ඔබගේ ආධිපත්‍යය ස්ථාපිත කරගන්නා බව ඔබ දන්නවා. මායා ඒ අතරමැදට පැමිණ, ඔබව බොහෝ සේ මුලා කරයි. පියා පවසන්නේ දිගටම මුලාවීමෙන් තමන්ව ආරක‍්ෂා කරගන්න. මේ සඳහා ඔහු ඔබට අඛණ්ඩව බොහෝ ක්‍රම පෙන්වා දෙයි. ඔවුන්ට මෙය පමණක් පවසන්න පියාව සිහිකරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබ එවිට මෙම ලක‍්ෂ්මි සහ නාරායන් මෙන් වෙයි. මෙම බැජ් ආදිය, පරමාත්ම දෙවියන් විසින්ම සාදවා ඇත. එබැවින් ඔබ ඒවා බොහෝ අගය කළ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සියලුම ගුණදම් වලින් තමන්ව සරසාගන්න. කිසිවෙකුට දුක් නොදෙන්න. සියලුම දෙනාට සතුට වෙතට යන මාර්ගය පෙන්වන්න.

2. මුළු ලෝකයම සොහොන් බිමක් මෙන් වී ඇත, එබැවින් ඔබගේ හදවත, එයට බැඳ නොගන්න. ඔබට දැන් නව ලෝකයට යාමට තිබෙන බැවින්, ඔබව දැන් මාරු කර හරින බව, සෑම විටෙකම ඔබගේ අවධානයේ තබා ගන්න.

වරදානය:
ඔබ ගෘහස්ථ දිවියක් ගත කරමින් මම නම් වූ විඥානය අත්හරින ලද නියම භාරකාරයෙක් වන්න සහ මායා ජයගත්තෙක් වන්න.

විෂබීජ බිහි වනුයේ හුදෙක් කුණු කසල තුලයි. එමෙන්ම මායා බිහිවන්නේත් මම නම් වූ විඥානය ඇති තැනයි. මායා ජයපත්තකු වීම සඳහා පහසු ක්‍රමය වනුයේ තමාව භාරකාරයෙකු ලෙසින් සැලකීමයි. බ්‍රහ්ම කුමාර් යනු භාරකාරයෙක් වේ. ඉතින්, භාරකාරයෙකු කිසිවෙක් කෙරෙහිත් මොනම ඇල්මක්වත් නොතබන්නෙකි. මන්ද, ඔහු සතුව මම නම් වූ විඥානය නොමැත. ඔබම තමාව ගෘහස්ථයෙක් යැයි සැලකූ විටයි මායා පැමිණෙන්නේ. ඔබව භාරකාරයෙක් යැයි සලකන විට මායා දුරස් වී යාවි. එමනිසා, පවුලේ අය සමඟ ඉඳිමින් නොබැඳි වී අනතුරුව ක්‍රියා කරන්න. එවිට ඔබ මායාගෙන් අනතුරක් නොවිය හැකි කෙනෙක් (Mayaproof) බවට පත් වේවි.

පාඨය:
අහංකාරය ඇති තැන අවමන් හැඟීම් අනිවාර්යෙන්ම තිබේවි.