10.09.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ආධ්‍යාත්මික පියාගෙන්, අලුත් ආධ්‍යාත්මික දේවල් වලට සවන් දෙනවා. ඔය ජීවාත්ම, තම ස්වරුප වෙනස් කර, මෙහි පැමිණ ඇති ආකාරයෙන්ම, පියාද එසේම පැමිණ ඇත.

ප්‍රශ්නය:
පියා ලබා දෙන විස්තර කිරීම් වලට, මහත් අවධානයකින් අසා සිටින්නේ නම්, කුඩා දරුවන්ට හිමි කරගත හැකි නම්බු නාමය කුමක්ද?

පිළිතුර:
ආධ්‍යාත්මික නායකයා කියා. කුඩා දරුවන් යම් එඩිතර දෙයක් කර, පියා පවසන දේවලට අවධානය යොමු කර, ඔවුන් ඒවා වෙනත් අයට විස්තර කරන්නේ නම්, සෑම කෙනෙක්ම ඔවුන්ට බොහෝ සෙනෙහස ලබා දෙයි. පියාගේ නාමයද කීර්තිමත් වෙයි.

ගීතය:
අහසේ ඇති ඔබගේ සිහසුන හැරදා, මහ පොළවට වඩිනු මැනව.

ඕම් ශාන්ති.
දරුවන් අඬ ගැසූ අතර පියා ප්‍රතිචාර දැක්වූවා. ඔය දරුවන් ප්‍රායෝගිකව පවසන්නේ මොනවාද? බාබා, නැවත වරක් රාවණගේ රාජධානියට පැමිණෙන්න. මෙවැනි ව්‍යවහාරයක්ද තිබේ මායාගේ සෙවණැල්ල නැවතත් වැටී ඇත. රාවණට මායා යැයි කියයි. ඔවුන් කන්නලව් කරන්නේ මේ නිසාය එය දැන් රාවණගේ රාජධානිය වී ඇත. එබැවින් නැවත වරක් මෙහි පැමිණෙන්න! මෙහි රාවණගේ රාජධානියේ බොහෝ දුක තිබේ. අපි බොහෝ දුක්බර, පාපකාරී ජීව බවට පත් වී ඇත. පියා ප්‍රායෝගිකව මෙහි සිටියි. එම මහාභාරත යුද්ධයම නැවත වරක් මෙහි ඇති වන බව ඔය දරුවන් දන්නවා. පියා ඥානය සහ රාජයෝගාව උගන්වනවා. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ අශාරීරික පරම පියාණෙනි, පරමාත්ම ජීවයනි. අශාරීරික ලෝකයෙන් පැමිණ, ශාරීරික වේශයක් ගන්න! ඔබගේ වේශය වෙනස් කරන්න! පියා විස්තර කර දෙන්නේ, ඔබත් බ්‍රහම් යන මහා භූතය හෝ අශාරීරික ලෝකය යන ස්ථානයේ වාසය කරන්නන්ය. ඔබද ඔබගේ වේශය වෙනස් කර ඇත. කිසි කෙනෙක් මෙය නොදනී. අශාරීරික ජීවාත්මයක් පැමිණ, භෞතික ශරීරයක් ගනී. එය අශාරීරික ලෝකයයි. මෙය භෞතික ලෝකය වන අතර අනෙක, සූක‍්ෂම ලෝකයයි එය වෙනම ඇත. ඔබ නිහඬ දේශයෙන්, ශබ්දය ඉක්මවූ දේශයෙන්, මෙහි පැමිණෙන බව, ඔබගේ බුද්ධිය තුළ ඇත. පියාට නව නිර්මාණය බිහි කිරීමට ඇති විට, ඔහු ප්‍රථමයෙන්ම සූක‍්ෂම දේශය නිර්මාණය කරයි. ඔබ සූක‍්ෂම දේශයට යන්නේ දැන් පමණයි ඔබ ඉන්පසුව නැවත එහි නොයයි. ඔබ ප්‍රථමයෙන් පහළට පැමිණෙන විට, සූක‍්ෂම දේශය හරහා නොඑයි. ඔබ ඍජුවම මෙහි පැමිණෙයි. ඔබට දැන් සූක‍්ෂම දේශයට ගොස් නැවත පැමිණිය හැක. එය දෙපයින් යෑම සහ ඒම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. දර්ශන ඇති වන්නේ ඔය දරුවන්ටයි. ඔබට අශාරීරික ලෝකයේද දර්ශන ඇති විය හැකි නමුත් ඔබට එහි යාමට නොහැක. ඔබට වයිකුන්ත්හි දර්ශනද ඇති විය හැකි නමුත්, ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු වන තුරු ඔබට එහි යාමට නොහැක. ඔබට සූක‍්ෂම දේශයට යාමට හැකි බව කිව නොහැක. ඔබට එහි දර්ශන ලබාගත හැක. ශිව බාබා, දාදා සහ ඔය දරුවන් සිටිනවා. ඔය දරුවන් නව ආධ්‍යාත්මික දේවලට සවන් දෙන අන්දම දෙස බලන්න! ලෝකයේ කිසිම කෙනෙක් මෙම දේවල් නොදනි. ඔවුන් අශාරීරික ලෝකය ගැන කතා කරන නමුත්, එය කෙබඳුද කියා නොදනී. පළමුව, ඔවුන් ජීවාත්මය නොදනී, එබැවින් ඔවුන් අශාරීරික ලෝකය ගැන දන්නේ කෙසේද? පියා පැමිණ පළමුවෙන්ම ඔබට ජීවාත්මය පිළිබඳ අවබෝධය ලබා දෙයි. ඔබ ජීවාත්මයි ඔබ ඔබගේ වේශය වෙනස් කර ඇත, එනම්, ඔබ අශාරීරික බවින් ශාරීරිකභාවයට පැමිණ තිබේ. ඔබ උපත් 84ක් අත්විඳින්නේ කෙසේද කියා, ඔය ජීවාත්මයන්ට දැන් වැටහෙයි. ජීවාත්මයක්, තැටියක් මෙන්, ඒ සියලුම කොටස්වලින් පිරී ඇත. ඔහු ඔබට මේ සියලු දේ පෙරද පැවසීය. පියා පවසන්නේ මා දැන් ඔබට ගැඹුරු, විනෝදාත්මක දේවල් පවසනවා. ඔබ පෙර දැන නොසිටි දේවල් දැන් දන්නවා. ඔබගේ බුද්ධිය තුළට අලුත් කරුණු ඇතුළු වෙයි, ඔබට විගසින් අන් අයට විස්තර කිරීමට හැකි වන්නේ එනිසාය. බ්‍රහ්මිණ් වෘක‍්ෂය අඛණ්ඩව දිනෙන් දින වැඩෙයි. ඉන්පසුව එය දේවතා වෘක‍්ෂය වෙයි. බ්‍රහ්මණ සංඛ්‍යාව වැඩි වෙයි. ලෝක සිතියමක ඔබ ඉන්දියාව දෙස බලන විට, එය ඉතා කුඩා ලෙස පෙනෙන ආකාරයෙන්, එය පෙනුමට ඉතා කුඩාය. ඇත්ත වශයෙන් ඉන්දියාව ඉතා විශාලයි. ඒ ආකාරයෙන් ඥානය ගැන පැවසෙන්නේ මන්මනාභව, එනම්, ඇල්ෆා සිහිපත් කරන්න. බීජය ඉතා කුඩා නමුත් ඉන් වැඩෙන ගස, ඉතා විශාලයි. මෙම බ්‍රහ්මිණ් වංශයද ඉතා කුඩා වන අතර එය අඛණ්ඩව වර්ධනය වෙයි. ඔබ මෙකල බ්‍රහ්මණයන් බවත් ඉන්පසුව ඔබ දේවතාවන් වන බවත්, ඔබගේ බුද්ධිය තුළ තිබේ. උපත් 84හි ඉනිමගෙහි පිංතූරය ඉතා හොඳය. පැමිණ, මෙය වටහාගන්නේ, උපත් 84ක් ගන්නා අය බව, ඔය දරුවන්ට විස්තර කළ හැක. ඇතැමුන් උපත් 84ක්ද ඇතැමුන් උපත් 80ක්ද ගනී. අඩු තරමින්, ඔබ මෙම දේවතා වංශයට අයත් බව, ඔබට වැටහෙයි. ඔබ සූර්ය රජ පෙළපත් වංශයට අයත් වෙයි. ඔබ අසමත් වුවොත් පසුව පැමිණෙයි. සෑම කෙනෙක්ම එකවර නොපැමිණෙයි. බොහෝ දෙනෙක් මෙම ඥානය ලබා ගන්නා නමුත්, සෑම කෙනෙක්ම එකවර පහළට පැමිණෙන්නේ නැත. ඔවුන් එකට ආපසු ගොස්, එක්වර ටික දෙනෙක් බැගින් පහළට පැමිණෙයි. මෙය වටහාගත යුතු දෙයකි. සෑම කෙනෙක්ම එකවර උපත් 84ක් ගන්නේ කෙසේද? නැවත වරක් පැමිණ, ගීතාවේ ඥානය ඔබට පවසන ලෙසට, ඔබ පියාට අඬ ගසයි. මහාභාරත යුද්ධය සිදුවන විට, ඔහු පැමිණ, ගීතාවේ ඥානය පවසන බව, මින් පෙන්නුම් කරයි. මෙයට රාජයෝගාව යැයි කියයි. ඔබ දැන් රාජයෝගාව ඉගෙනගන්නවා. බාබා සෑම වසර 5000කට වරක් සෑම කල්පයකදීම පැමිණ, අපට ඥානය ලබා දෙයි. අපි සත්‍ය නාරායනගේ කතාපුවතට සවන් දෙමින් සිටිනවා නොවේද? පියා පහදා දෙන්නේ දරුවනි, රාවණගේ සෙවණැල්ල ඔබ මත වැටී ඇත. දැන් නාටකයට අනුව, රාවණගේ රාජධානිය අවසන් විය යුතුයි. ස්වර්ණමය යුගයේ රාමාගේ රාජධානිය තිබෙන අතර මෙකල එය රාවණගේ රාජධානියයි. ඔබට දැන් තිබෙන ඥානය, ලෝකයේ කිසිම කෙනෙකුට නොමැති බව, ඔබට වැටහෙයි. මෙය නව ලෝකය වෙනුවෙන්, අපගේ නව දැනුමයි. ඔවුන් ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම ලියා ඇති නමුත් එය පැරණි කරුණකි. ඔබ දැන් අලුත් දේට සවන් දෙමින් සිටිනවා. ඔව්, දෙවියන් කතා කරන බව, ඔවුන් කිසිදා අසා නැති බව, ඔවුන් පවසයි. ඔවුන් සැමදා අසා ඇත්තේ මෙසේය ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි. ඔබ නව ලෝකය වෙනුවෙන් සෑම දෙයක්ම අළුතින් අසයි. භාරතය පෞරාණික බව, ඔබ සෑම කෙනෙක්ම දන්නවා. කෙසේවෙතත්, එය කෙදිනද, එමෙන්ම ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය දිගටම පැවතුණේ කෙසේද? ඔවුන්ගේ රාජධානිය ඔවුන්ට හිමිවුණේ කෙසේද, එමෙන්ම එය ඉන්පසුව ගියේ කොහිද? මේ කිසි දෙයක් ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔවුන්ගේ රාජධානිය අවසන් වීමට, සිදුවූයේ කුමක්ද? ජය ලබාගත්තේ කවුද? ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. ස්වර්ණමය යුගය, වසර සිය දහස් ගණනක් පවතින බව, ඔවුන් පවසයි. ලක‍්ෂ්මි සහ නාරායනට රාජධානියක්, වසර සිය දහස් ගණනක් පාලනය කිරීම, කිසිදා සිදුවිය නොහැක්කක්. එසේ නම්, සූර්ය-රජපෙළපත් රජවරුන් බොහෝ දෙනෙක් සිටිය යුතුයි. ඒ කිසිවෙකුගේ නමක් සඳහන් කර නැත. වසර 1250ක් හෝ ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය කෙතරම් කාලයක් පැවතුණේද කියා, කිසිවෙකු නොදනී. කිසිවෙක් මෙය නොදන්නා අතර, වසර සිය දහස් ගණනක දෙයක් ගැන, කිසි කෙනෙක් දැනගන්නේ කෙසේද? කිසිම කෙනෙකුගේ බුද්ධිය ක්‍රියාත්මක වන්නේ නැත. ඔය පුංචි අයට විගසින් විස්තර කළ හැක. මෙය ඉතා පහසුය. මේ මුළු කතාවම පදනම් වී ඇත්තේ භාරතයේය. භාරතයේ ජනතාව, ස්වර්ණමය සහ රිදී යුගයන්හිදි, රජවරුන් විය. විවිධ ප්‍රතිමා තිබේ. එය පැවතියේ අදට වසර 5000කට පෙර වන නමුත් ඔවුන් වසර සිය දහස් ගණනක් ගැන කතා කරයි. පියා පවසන්නේ මෙම කතාව වසර 5000ක් ගැනයි වසර 5000කට පෙර, එය ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. ඔවුන්ගේ රජපෙළපත තිබුණු අතර ඉන්පසුව ඔවුන්ට පුනර්භව ගැනීමට සිදුවිය. ඔය පුංචි ගැහැණු ළමයි මේ ටික විස්තර කරන විට, ඔබ මෙම ඥානය ඉතා හොඳින් ඉගෙනගෙන ඇති බව, මිනිසුන් සිතයි. ආධ්‍යාත්මික පියා හැර වෙනත් කිසිම කෙනෙකුට මෙම ආධ්‍යාත්මික ඥානය නොමැත. ආධ්‍යාත්මික පියා පැමිණ, ඔබට මෙම ඥානය ලබා දී ඇති බව, ඔබ කියයි. ජීවාත්ම සවන් දෙන්නේ සිරුර තුළිනි. ජීවාත්මය පවසන්නේ මම අහවල් කෙනාය. මනුෂ්‍යයන් තමාව අවබෝධ කර නොගනී. පියා, අපට අපව අවබෝධ කර දී ඇත. ජීවාත්මය වන මා, සම්පූර්ණ උපත් 84 ගනී. ඔබ අසුන්ගෙන එවන් දේ විස්තර කරන විට, ඔබට ඉතා හොඳ දැනුමක් ඇති බව, ඔවුන් සිතයි. පරමාත්ම දෙවියන් ඥානයෙන් පිරි සිටියි. ඔවුන් ගයන්නේ දෙවියන්, දැනුමින් සපිරිය, ආනන්දයෙන් සපිරිය, ඔහු විමුක්තිදායකයා මෙන්ම මාර්ගෝපදේශකයාය, නමුත් ඔහු අපව රැගෙන යන්නේ කොහිද කියා, කිසිවෙකු නොදනී. ඔය දරුවන්ට මෙය විස්තර කළ හැක. ආධ්‍යාත්මික පියා ඥානයෙන් පිරී සිටියි. ඔහුට ආනන්දයෙන් පිරි කෙනා යැයිද කියයි. ඔවුන් දුකෙන් සිටින විට, ඔහු පැමිණ, මිනිසුන්ව මුදවාගනී. රාවණගේ එක රාජධානියක් තිබේ. මෙසේ කියයි දිව්‍යමය දෙවි පියාණන්. රාවණගේ රාජධානියට, අපාය යැයි කියයි. ඔබ අසුන් ගෙන මෙම ඥානය කාට හෝ විස්තර කරන විට, එය අන් අයටත් පවසන ලෙස, ඔවුන් ඔබට විගසින් කියයි. කෙසේවෙතත්, ඔබ මෙය හොඳින් ධාරණය කරගත යුතුයි. එහි ඇතුලත ප්‍රදර්ශන පිංතූර තිබෙන, සඟරාවන් ඇත. මෙම පිංතූර හොඳින් වටහාගන්න, එවිට ඒවා මඟින් විශාල සේවයක් සිදු කිරීමට හැකි වෙයි. මෙම දරුවාට (ජයන්ති බෙන්) ලන්ඩන් වලට ගොස් ඇගේ ගුරුවරයාට විස්තර කළ හැක. ඔබටත් ලන්ඩන් වලට ගොස් මෙම සේවය කළ හැක. ලෝකයේ බොහෝ රැවටිලි තිබේ. රාවණ, සෑම කෙනෙක්වම රැවටිලිකරුවන් බවට පත්කර ඇත. දරුවන්ට, මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය විස්තර කළ හැක. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානිය කෙතරම් කාලයක් පැවතුණාද? ඉන්පසුව, අහවල් වසරේ සිට, ඉස්ලාමිකයන්, බෞද්ධයින් සහ ක්‍රිස්තියානුවන්ගේ කාලවකවානු පැවතීය. විවිධකාර ආගම්වල වෘක‍්ෂය වර්ධනය වී, බොහෝ විශාල වී ඇත. අන් ආගම් පැමිණෙන්නේ චක්‍ර භාගයකට පසුවයි. ඇය (ජයන්ති බෙන්) මෙවන් දේ පවසන විට, ඇය ආධ්‍යාත්මික නායිකාවක් බවත්, ඇයට ආධ්‍යාත්මික ඥානය ඇති බවත්, ඔවුන් පවසනු ඇත. එවිට ඇය මෙසේ කියයි මෙම ඥානය ලබා දෙන්නේ ඉන්දියාවේය. ආධ්‍යාත්මික දෙවියන්, පියාණන් එය ලබා දෙනවා. ඔහු බීජයයි. මෙය උඩු යටිකුරු වූ ගසකි. බීජය ඥානයෙන් පිරි ඇත. බීජයක් තුළ, එහි ගසෙහි ඥානය තිබෙයි. මෙය, විවිධ ආගම් වල වෘක‍්ෂයයි. මෙයට භාරතයේ දේවතා ධර්මය යැයි කියයි. ප්‍රථමයෙන් ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජධානියත් ඉන්පසුව රාමා සහ සීතාගේ රාජධානියත් තිබේ. ඔවුන් කල්ප භාගයකට පැවතෙන අතර ඉන්පසුව ඉස්ලාමිකයන් පැමිණෙයි ගස දිගටම වර්ධනය වෙයි. මෙම දරුවා ගොස් දේශන පවත්වා, ගස මතුවන ආකාරය විස්තර කළ යුතුයි. ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය අපට විස්තර කළ හැක. විදේශයන්හි මෙය කිරීමට වෙනත් කිසිවෙකු නැත. එය දැන් කලි යුගයේ අවසානය බවත්, ස්වර්ණමය යුගය පැමිණීමට ඉතා ආසන්න බවත් ඔවුන් බොහෝ සතුටට පත් වන බවත්, මෙම දරුවා ගොස් විස්තර කළ යුතුයි. බාබා ඔබට ක්‍රමවේද පෙන්වා දෙයි, එබැවින් ඔබ ඒවාට අවධානය යොමු කළ යුතුයි. කුඩා දරුවන්ට බොහෝ ගෞරවය ලැබෙයි. කුඩා දරුවන් යම් එඩිතර දෙයක් කළ විට, ඔවුන්ට බොහෝ දෙනෙකුගෙන් සෙනෙහස ලැබෙයි. ඔය කුඩා දරුවන් මෙම දේවල් වලට අවධානය යොමු කරන්නේ නම්, ඔබට ආධ්‍යාත්මික නායකයන් විය හැකි බව, පියාට හැඟෙයි. අසුන්ගෙන ඔබට මෙම ඥානය ලබා දෙන්නේ ආධ්‍යාත්මික දෙවි පියාණන් පමණයි. ක්‍රිෂ්ණාට, දෙවි පියාණන් කියා ඇමතීම වරදකි. පරමාත්ම දෙවියන් අශාරීරිකයි. ජීවාත්ම වන අප සියලු දෙනා සහෝදරයන් වන අතර පියා, ඔහුයි. කලි යුගයේ සෑම කෙනෙක්ම දුකින් සිටින විට, පියා පැමිණෙයි. එය නැවතත් කලි යුගය වන විට, ස්වර්ණමය යුගය ස්ථාපිත කිරීමට පියා පැමිණිය යුතුයි. පෞරාණික භාරතය, සතුටු දේශය විය. එය දිව්‍ය ලෝකය වූ අතර සිටියේ මිනිසුන් ඉතා සුළු පිරිසක් පමණයි. එසේනම් ඉතිරි සියලුම ජීවාත්ම සිටියේ කොහිද? ඔවුන් සාම දේශයේ විය. ඔබ මේ අන්දමින් විස්තර කළ යුතුයි. මේ ගැන බිය වීමට කිසිවක් නැත. මෙය කතාපුවතක් පමණයි. කතාන්දරයක් පවසන්නේ සතුටින්ය. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් සිදුවන ආකාරයද කතා පුවතකි. එයට ඥානය කියාද ඔබට කිව හැක. ඔබ මෙය ඉතා ස්ථීර වශයෙන් මතකයේ තබා ගත යුතුයි. පියා පවසන්නේ ජීවාත්මය වන මා තුළ, මුළු වෘක‍්ෂයේම ඥානය තිබෙන අතර, මා එය ඔබට නැවත නැවතත් පවසමි. ඥානයෙන් පිරුණු පියා, ඔය දරුවන්ට ඥානය ලබා දෙනවා. මෙම දරුවා ගොස් ඔවුන්ට මෙම ඥානය ලබා දෙන විට, ඔවුන් මෙසේ පවසනු ඇත වෙනත් අයටද අඬගසන්න. ඔවුන්ට කියන්න ඔව්, මට ඔවුන්ට කිව හැක, මන්ද, භාරතය දිව්‍ය ලෝකය බවට පත්කළ, භාරතයේ පෞරාණික යෝගාව ගැන, මිනිසුන්ට දැන ගැනීමට අවශ්‍යයි. යම් කෙනෙක් ගොස් ඔවුන්ට එය විස්තර කළ යුතුයි. සන්යාසීන්ට කිව හැක්කේ කුමක්ද? ආධ්‍යාත්මික ඥානය තිබෙන්නේ ගීතාවේ පමණක් බවය, එමනිසා, ඔවුන් ගොස් පවසන්නේ ගීතාව පමණය. මිනිසුන් බොහෝ දෙනෙක් ගීතාව කියවා, එය කට පාඩම් කරයි. එය ආධ්‍යාත්මික දැනුමද? එම දැනුම පදනම් වී ඇත්තේ මනුෂ්‍යයෙක් මතයි. මනුෂ්‍යයන්ට ආධ්‍යාත්මික ඥානය ලබා දිය නොහැක. එම ගීතාව සහ බාබා ඔබට පවසන ඥානය අතර, දිවා රාත්‍රිය මෙන් වෙනසක් ඇති බව, ඔබට දැන් වැටහෙයි. පියා එම ඥානය ලබා දෙන නමුත්, ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කරයි. ක්‍රිෂ්ණාට, ස්වර්ණමය යුගයෙදී මෙම ඥානය නොමැත. ඥානයෙන් පිරි කෙනා, පියා පමණයි. මෙවා බොහෝ දුෂ්කර කාරණාය! ක්‍රිෂ්ණා ජීවය, ස්වර්ණමය යුගයේ සිටින විට, මෙම ඥානය නොපවති. ඔවුන් සෑම දෙයක්ම එකට පටලවාගෙන ඇත. ඔය සෑම කෙනෙකුටම විදේශ වලට ගොස් බාබාගේ නම කීර්තිමත් කළ හැක. ඔබට දේශන දිය හැක. ඔවුන්ට පවසන්න අපට ලෝක ඉතිහාසය සහ භූගෝලය ගැන ඥානය ඔබට ලබා දිය හැක. පරමාත්ම දෙවියන්, ලෝකය ස්ථාපිත කරන අන්දම සහ ඉන්පසුව දිව්‍ය ලෝකය, අපාය වන අන්දම, ගැන අපට, ඔබට විස්තර කළ හැක. අසුන්ගෙන මේවා ලියාගන්න, ඉන්පසුව ඔබට යම් කරුණු අමතක වී ඇතිද කියා පරීක‍්ෂා කර බලන්න. ඉන්පසුව එම කරුණු මතක් කර, ඒවා සටහන්ද කර ගන්න. මේ අන්දමින් පුහුණු වීමෙන්, ඔබ ඉතා හොඳින් ලියයි. ඔබ ඉතා හොඳින් විස්තර කරන විට, ඔබගේ නාමය කීර්තිමත් වෙයි. පිටත සේවය කිරීම සඳහා බාබාට මෙහි සිට ඕනෑම කෙනෙක් යැවිය හැක. මෙම කෙනා ගොස් වෙනත් අයට විස්තර කරන්නේ නම් එය ඉතා හොඳයි. ඔබට දින හතකදී පමණක්, ඉතා දක‍්ෂ විය හැක. බීජයේ සහ වෘක‍්ෂයේ ඥානය ඔබගේ බුද්ධිය තුළ හොඳින් ධාරණය කරගෙන, විස්තරාත්මකව පැහැදිලි කරන්න. ඔබට පිංතූර භාවිත කර, හොඳින් විස්තර කළ හැක. සේවය කිරීමට උනන්දුවක් තිබිය යුතුයි. එවිට ඔබගේ තත්ත්වය ඉතා උසස් වෙයි. ඥානය ඉතා පහසුයි. මෙය අපිරිසිඳු, පරණ ලෝකයකි. දිව්‍ය ලෝකය හා සසඳන විට, මෙම පැරණි ලෝකය, දුගඳ ගොම මෙනි. එය ස්වර්ණමය ලෝකය වන අතර මෙය, ගොම ලෝකයයි. ඔබ, ඔබගේ ශරීර හලා දමා, රජ කුමර කුමරියන් වී, එවන් පාසැල් වල ඉගෙන ගන්නා බව, ඔය දරුවන් දන්නවා. එහි ගුවන්යානා වලින් කිසිදා අනතුරු සිදු නොවෙයි. ඔය දරුවන් තුළ මෙම සතුට තිබෙයි නම්, ඔබ කිසිදාක කිසිවක් නිසා අඬන්නේ නැත. ඔබ රජ කුමර කුමරියන් වන බව ඔබට වැටහෙයි, එබැවින් ඔබ තුළ එම සතුට නොතිබෙන්නේ ඇයි? අපි අනාගතයේදී එවන් පාසැල් වලට ගොස් මේ මේ දේවල් කරයි. ඔය දරුවන්ට මේ සියලුම දේවල් අමතක වන්නේ මන්ද කියා, බාබාට වටහා ගැනීමට නොහැක. ඔබට බොහෝ කුල්මත් බවක් දැනිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධියෙන් ගොම වැනි මෙම අපිරිසිඳු පරණ ලෝකය ඉවත් කරගන්න. ස්වර්ණමය යුග ලෝකය සිහි කර, අසීමිත සතුට සහ කුල්මත්භාවය පවත්වා ගන්න. කිසිදා නොහඬන්න.

2. පියා ඔබට පවසන, ගැඹුරු සහ විනෝදාත්මක දේවල් ධාරණය කරගෙන, ඉන්පසුව ඒවා සෑම කෙනෙකුටම පවසන්න. ආධ්‍යාත්මික නායකයෙකුගේ නම්බු නාමය හිමි කරගන්න.

වරදානය:
ඔබ ක්‍රියා සිදුකරන අතර පහසු සහ ස්වභාවික යෝගීවරයෙක් වී කර්ම බන්දන වලින් නිදහස් වේවා.

මහාවීර දරුවන්, භෞතික ලෝකයේ කිසිම ආකර්ෂණීය දේකට ඇදී යන්නේ නැත. ඔවුන් තත්පරයකදි නොබැඳී සිට පරම පියාට ආදරණීය වෙයි. ඔවුන්ට උපදෙසක් ලැබුණු සැනින්, තම සිරුරු වලට නොබැඳී සිටීම, අශාරීරික වීම, ජීව අවධානයට පත් වීම, බන්දන වලින් නිදහස්ව සිටීම, සහ යෝග්යුක්ත වීම අත්විඳින අය, පහසු යෝගීවරු, ස්වභාවික යෝගීවරු, නිරන්තර යෝගීවරු, කර්ම යෝගීවරු සහ ශ්‍රේෂ්ඨ යෝගීවරුන්ය. ඔවුන්ට අවශ්‍ය ඕනෑම විටෙක, අවශ්‍ය ඕනෑම කාලයක්, තම සිතිවිලි සහ හුස්ම, පරම පියා වන ප්‍රාණයේ ස්වාමීගේ (ප්‍රාණේශ්වර) ස්මරණය කරා යොමු කළ හැක.

පාඨය:
නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථීතියක ශ්‍රේෂ්ඨ අසුනේ අසුන්ගෙන සිටීම, තපස්වි ජීවාත්මයකගේ ලක‍්ෂණයකි.