10.10.21    Avyakt Bapdada      Sinhala Murli     11.08.88    Om Shanti    Madhuban


සාර්ථකත්වය සඳහා කාන්දම වන්නේ, හමු වී හැඩ ගැසීමයි.


සියලු දෙනාගේ සෙනෙහස, සෙනෙහස් සාගරයේ මුසු වී ඇත. මේ ආකාරයට නිරන්තරයෙන් සෙනෙහසේ ගිලී සිට, නොකඩවා අන් අයට සෙනෙහස අත්විඳීමට මඟ පාදන්න. සියලුම දරුවන්ගේ අදහස් එක හා සමාන වන හමුව දැකීමට, බාප්දාදා සතුටු වනවා. පියාසර කර මෙහි පැමිණෙන අය, නිරන්තර පියාසර ස්ථීතියේ ආශිර්වාද ඉබේටම නොකඩවා හිමි කරගනී. මෙහි පැමිණ ඇති සියලුම දරුවන්ගේ උනන්දුව සහ උද්යෝගය දැක, බාප්දාදා ඔවුන් මත සෙනෙහසේ මල් වස්සයි. පරම පියාව හමුවීම යනු, ඔබගේ සිතිවිලි සුසංයෝග වන හමුව සහ ඉන්පසුව ඔබගේ සංස්කාර, පියාගේ ඒවාට සමාන වන හමුවයි. පියාට සමාන වීමේ අරුත මෙයයි. සිතිවිලි සුසංයෝග කිරීම, සංස්කාර සුසංයෝග කිරීම, මෙම සුසංයෝගය යනු, නිරහංකාරී වීම සහ උපකරණයක් වීමය. ඔබ සමීපයට එන අතර ඔබ තවත් සමීපයට එයි. සේවයේ සාර්ථකත්වයේ සලකුණ දැකීමට බාබා සතුටු වනවා. ඔබ මෙම ස්නේහ-මිලානයට (සෙනෙහසේ හමුව) ඇවිත් තිබෙන්නේ නිරන්තරයෙන් සෙනෙහසින් යුතුව සිටීමට සහ සෙනෙහස් රළ ලොව පුරා පැතිරීමටයි. කෙසේවෙතත්, සෑම දේකට මෙන් පුණ්‍යකර්මද ඇරඹෙන්නේ නිවසෙනි. ප්‍රථමයෙන් තිබෙන්නේ අපගේ බොහෝ සේ ආදරණීය නිවහනයි - තමන්. එබැවින් ප්‍රථමයෙන් තමන්ගෙන් අරඹන්න, ඉන්පසුව බ්‍රහ්මිණ් පවුලේ අය සමඟ, පසුව ලොව සමඟ. සෑම සිතිවිල්ලකම සෙනෙහස තිබිය යුතුයි - හදවතින් මතුවන සත්‍ය, පරහිතකාමී සෙනෙහස. සෑම සිතිවිල්ලකම අනුකම්පාව සහ දයාව තිබිය යුතුයි ඔබගේ ස්වභාවික ස්වභාවය දානපතියෙක් කරගන්න - මෙය, සිතිවිලි වල සුසංයෝගය, අදහස් වල සුසංයෝගය සහ සංස්කාර වල සුසංයෝගය තිබෙන, සත්‍ය ස්නේහ මිලානයකි (සෙනෙහස් හමුවක්). සියලු දෙනාගේ සහයෝගයේ ව්‍යාපෘතියට පෙර, (වඩාත් යහපත් ලොවකට ගෝලීය සහයෝගිතාවය) , සෑම විටෙකම සියලුම ශ්‍රේෂ්ඨ බ්‍රහ්මිණ් ජීවාත්මයන්ගේ සහයෝගය, පහසුවෙන් සහ ඉබේටම ලෝකය සහයෝගී කරවයි. සාර්ථකත්වය සමීපයට පැමිණෙන්නේ මේ නිසයි. හමුවී වෙනස් වීම, එනම්, තමන්ව හැඩගසා ගැනීම, සාර්ථකත්වය සඳහා කාන්දමයි. මෙම කාන්දම මඟින් සියලුම ජීවාත්ම ඉතා පහසුවෙන් සහ ඉතා විගසින් මෙහාට ආකර්ෂණය වෙයි.

හමුව සඳහා මෙහි පැමිණි ඔය සියලුම දරුවන්ට බාප්දාදා සෙනෙහසින් පිරි සුබ පැතුම් ලබා දෙනවා. ඔබ සමීපව සිටින අතර ඔබ සෑම විටම සමීපව රැඳී සිටියි පරම පියාට සමීප වීම පමණක් නොව, නමුත් ඔබ අතරේ සමීප බවේ දර්ශනයක් ඔබ බාප්දාදාට පෙන්වූවා. ලෝකයට දර්ශනයක් පෙන්වීමට පෙර බාප්දාදාට දර්ශනයක් පෙන්වන ලදි. මෙහි පැමිණෙන අය, ඔය සියලුම දරුවන්ගේ ක්‍රියා දකින විට, ඔවුන් සිදුකළ යුත්තේ කුමන ක්‍රියාද සහ සිදුවීමට යන්නේ කුමක්ද කියා, ඔවුන් පහසුවෙන් වටහාගනී. ක්‍රියා සැලැස්ම, ඔබගේ ක්‍රියාය. අච්චා.

ඔබ සාදා ඇති සියලුම සැලසුම් හොඳයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ විට, බාප්දාදා විවිධ අංශ සූදානම් කිරීමට සංඥාවක් ලබා දුන්නා, එමෙන්ම ඔහු තවමත් පවසන්නේ ඒ දේමයි මෙම මහඟු කාර්යයෙන් කිසිදු අංශයක් (වෘත්තියක්) මඟහැරී නොයා යුතු බවට අරමුණ අනිවාර්යෙන් තබා ගන්න. කාලය නිසා ඔබට බොහෝ දේ කළ නොහැකි වුණත්, අනිවාර්යෙන් තැත් කරන්න, එමෙන්ම ඔබ අනිවාර්යෙන් සාම්පලයක් සූදානම් කළ යුතු බවට අරමුණ තබාගන්න. අනාගතයේ මෙම ව්‍යාපෘතිය ගැන තව දේ පවසනවා. එබැවින් කාලයට සුදුසු අන්දමින් නොකඩවා සියලු දේ කරන්න. කෙසේවෙතත්, එහි සමාප්තිය ගෙන ඒම සඳහා, සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. ඔබට මෙතරම් විශාල ලෝකයක සියලු ජීවාත්ම එකවර සම්බන්ධතාවයකට ගෙන ආ නොහැක. මේ නිසයි ඔබ සියලු වෘත්තීන් වලට සේවය කිරීමේ පදනමට අනුව, ඔබ සියලු ජීවාත්ම සහයෝගී කළ යුතු බව, එම කුල්මත් බවේ දීප්තියෙන් ඔබට පැවසීමට හැකි වන්නේ. එබැවින් මෙම අරමුණ සියලු දෙනාව තෘප්තිමත් කරයි. ඔබ සිදු කරමින් සිටියේ කුමක්ද කියා ඔවුන් නොදැන සිටි බව, කිසිම වෘත්තියකට පැමිණිලි කිරීමට නොහැකි විය යුතුයි. බීජ වපුරන්න. ඔබට කාලය තිබෙන අන්දමට සහ ඔබට එය කළ හැක්කේ කෙසේද අනුව, වර්ධනය සිදු වුණාවේ. මේ ගැන බරක් ඇති කර නොගන්න අප කළ යුත්තේ කුමක්ද? අප කෙතරම් කළ යුතුද? කෙතරම් සිදු වීමට තිබෙනවාද, එය අනිවාර්යෙන් සිදු වෙයි. ඔබ කෙතරම් සිදුකර තිබෙනවාද, ඔබ එපමණින් සාර්ථකත්වයට සමීප වී ඇත. ඔබට සාම්පල පිළියෙල කළ හැකියි, නේද?

ඉන්දියානු රජය සමීපයට ගෙන ඒමේ උතුම් සිතිවිල්ල ඔබට ඇති වී තිබේ, නමුත් කාලය කොහොමත් ඔවුන්ගේ බුද්ධි සමීපයට ගෙන එනවා. මේ නිසයි මෙම විශේෂ ව්‍යාපෘතියේ ආරම්භයේ සිට අවසානය දක්වා, සාර්ථකත්වය සහතික බවට විශේෂ, පිවිතුරු සිතිවිල්ල, සියලුම බ්‍රහ්මිණ් ජීවාත්ම තුළ තිබිය යුත්තේ. මෙම පිවිතුරු සිතිවිල්ලෙන්, පරම පියාට සමාන වීමේ චිත්ත තරංග වලින් සහ ජයග්‍රහණය සහතිකයි, යන අධිෂ්ඨානයෙන් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. කෙසේවෙතත්, ඕනෑම විශාල කාර්යයක් ආරම්භ වීමට තිබෙන විට, ඔවුන් විශාල බරක් ඔසවද්දි, භෞතික දේවලට මිනිසුන් කරන අන්දමින්, ඔවුන් ප්‍රථමයෙන් කරන්නේ කුමක්ද? සියලු දෙනාම එකට ඔවුන්ගේ සහයෝගයේ අතැඟිල්ල ලබා දී ඔවුන් සියලු දෙනාව ධෛර්යමත් කර උනන්දු කරවීමට වචන පවසයි. ඔබ එය දැක තිබෙනවා, එහෙම නේද? ඒ අන්දමින්ම මෙම විශේෂ කාර්යයට ඕනෑම කෙනෙකුට උපකරණයක් විය හැකි නමුත් කුම්භකරණව ඔහුගේ නිද්‍රාවෙන් අවදි කරන්නේ, සියලු දෙනාගේ සෙනෙහස, සියලු දෙනාගේ සහයෝගය සහ සියලු දෙනාගේ බලයේ උනන්දුව සහ උද්යෝගයේ චිත්ත තරංගයි. මෙම විශේෂ කාර්යය සඳහා මෙම අවධානය අවශ්‍යයි. සාර්ථකත්වය ලබා ගැනීම සඳහා, ඔබට විශේෂයෙන් තමන්ගේ, සියලු බ්‍රහ්මණයන්ගේ සහ ලොවේ සියලු ජීවාත්මයන්ගේ සහයෝගය අවශ්‍යයි. මෙහි සුළු හෝ වෙනසක් ඇත්නම්, එය සාර්ථකත්වය ගෙන ඒමේදි වෙනසක් ඇති කරයි. මේ නිසයි දරුවන්ගේ එඩිතරකමේ සියලු හඬවල් ඇසීමෙන්, බාප්දාදා ඒ වෙලාවේ සතුටු වූයේ. තවද, විශේෂයෙන් සමූහය තුළ ඇති සෙනෙහස නිසා, ඔහු සෙනෙහසේ ප්‍රතිලාභයක් ලබා දීමට ඇවිත්. ඔබ ඉතා හොඳයි, ඔබ මින් පෙර බොහෝ වාර ගණනාවක් හොඳම අය වී ඇති අතර දැන් එය බවට පත් වී ඇත. මේ නිසයි, බාප්දාදා දුර ඈත සිට පියාසර කිරීමට නිරන්තරයෙන් නිති සූදානමින් සිටින විශේෂ ද්විත්ව විදේශික දරුවන්ව, ඔහුගේ ගෙල වටා මාලය බවට පත් කර ඔවුන්ව ඔහුගේ හදවත තුළ මුසු කරගන්නේ. අච්චා.

කුමාරින් අයත් වන්නේ කනයියාට. (ක්‍රිෂ්ණා - මගේ හදවත සොරා ගත් කෙනා) එක වදනක් පමණක් මතකයේ තබාගන්න - සෑම දෙයක් සමඟම එක යන වචනය - එක උපදෙසක් (ඒක් මත්) , ස්ථාවරත්වය සහ නොසැලීම (එක් රස්) , එක පියා (ඒක් බාප්). භාරතයේ දරුවන්ටත් බාප්දාදා හදවතින්ම සුබ පැතුම් ලබා දෙනවා. ඔබගේ අරමුණට අනුව ඔබ සුදුසුකම් ප්‍රායෝගිකත්වයට දැමිය යුතුයි. ඔබට වැටහෙනවාද? බාබා යමක් පැවසිය යුත්තේ කාටද, එමෙන්ම යමක් නොපැවසිය යුත්තේ කාටද? මේ නිසයි ඔහු සියලු දෙනාටම යමක් පවසන්නේ. (දාදිජීට) උපකරණ වන අය සැබවින්ම සැලකිලිමත් වනවා. මෙය සානුකම්පිත බවේ සලකුණක්. අච්චා.

රැස්වීමට පැමිණි සියලුම සහෝදර සහෝදරියන්ව බාප්දාදා වේදිකාවට කැඳෙව්වා.

ඔබ සියලු දෙනාම මෙයට ඔබගේ බුද්ධිය හොඳින් යොදවා තිබේ. සෑම දරුවෙක් තුළම සේවය වෙනුවෙන් ඇති සෙනෙහස ගැන බාප්දාදා දන්නවා. සේවයේ ඉදිරියට යත්ම, සෑම තැනකම කෙතරම් සාර්ථකත්වය තිබේද කියා ටිකක් සිතන්න. සේවය වෙනුවෙන් සියලු දෙනා තුළම හොඳ කැමැත්තක් තිබේ. ඔබ දිවා රාත්‍රිය එකක් බවට පත් කර, සේවය සඳහා දිව යයි. වෙහෙස වී කරන වැඩ, සෙනෙහස් ස්වරූපයක් ලෙස බාප්දාදා දකිනවා. එය වෙහෙසකාරී වැඩක් නොවෙයි, නමුත් ඔබ ඔබගේ සෙනෙහස පෙන්වූවා. අච්චා. උනන්දුව සහ උද්යෝගය ඇති හොඳ සහකරුවන් ඔබට හමු වී ඇත. එය අසීමිත කාර්යයක් වන අතර ඔබට අසීමිත හදවතක් තිබේ, එනිසා අසීමිත අවධානයක් ඇති තැන අනිවාර්ය සාර්ථකත්වය තිබෙයි. සියලුම දරුවන් තුළ සේවය වෙනුවෙන් ඇති සෙනෙහස දැක, බාප්දාදා දිනපතාම සතුටේ ගීත ගායනා කරයි. ඔහු මෙම ගීතය බොහෝ වාර ගණනක් ගයා තිබේ, අපූරුයි දරුවනේ! අපූරුයි! අච්චා. පැමිණීමේ විශාල වැදගත්කමක් තිබුණි. ඔබ සියලු රහස් වටහාගන්නා අයයි, එහෙම නේද? පරම පියා දන්නවා, එමෙන්ම රහස්ද දනී. (බාප්දාදාට භෝග් පිළිගැන්වීමට දාදිජීට අවශ්‍ය විය.) අද බාප්දාදා ද්‍රිෂ්ඨි තුළින් පමණක් පිළිගන්නවා. අච්චා.

සියලු දෙනාගේම බුද්ධිය ඉතා හොඳින් ක්‍රියා කරන අතර ඔබ එකිනෙකාට සමීප වනවා. මේ නිසයි සාර්ථකත්වය උපරිම ලෙස සමීප. සමීප බව, සාර්ථකත්වය සමීපයට ගෙන එයි. ඔබට කිරීමට බොහෝ කාර්යයන් ලබා දී ඇති බව සිතා, ඔබ වෙහෙසට පත් වී නැහැ නේද? කෙසේවෙතත්, කාර්යයෙන් භාගයක් කරන්නේ බාප්දාදාය. සියලු දෙනාටම හොඳ උද්යෝගයක් තිබේ. ඔබට අධිෂ්ඨානයද තිබේ. සමීප බව කෙතරම් සමීපද? ඔබ කාන්දම (බාබා) මෙහි තබන්නේ නම්, එම සමීපත්වය එවිට සියලු දෙනාගේ ගෙල වටා මාලයක් බවට පත් වෙයි. ඔබ මෙය අත්දකිනවාද? අච්චා. ඔබ සියලු දෙනාම සියල්ලන්ටම වඩා හොඳම අයයි.

දාදීන්ට (88/03/31) පරම පියා දරුවන්ට තුති පුදන අතර දරුවන් පියාට තුති පුදයි. ඔබ එකිනෙකාට තුති පිදීමෙන් ඉදිරියට ගමන් කර ඇත. ඉදිරියට යෑමේ මාර්ගය මෙයයි. මෙම ක්‍රමවේදයෙන් ඔබ සියලු දෙනාගේ සමූහය යහපත් වනවා. ඔබ හා ජී (සැබවින්ම ඔව්) කියා එකිනෙකාට තුති පුදා, ඉදිරියට ගමන් කරයි. සියලු දෙනාම මේ ආකාරයට අනුගමනය කරන්නේ නම්, ඔවුන් සුරදූතයන් වෙයි. කුඩා මාලාව දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. තවමත් නිර්මාණය වී ඇත්තේ අත් වළල්ලක් පමණයි ගෙල වටා මාලය සූදානම් කෙරෙනවා. ඔබ සියලු දෙනාම ගෙල වටා මාලාව පිළියෙල කිරීමේ නියැලී සිටිනවා. දැන් අවධානය අවශ්‍යයි. ඔබ සේවය කිරීමේ බෙහෙවින් කාර්යබහුල වී සිටින විට, තමන් කෙරෙහි දැක්විය යුතු අවධානය ඇතැම් විට අඩු වනවා. විටෙක සාරය, විස්තරය තුළ මුසු වනවා එහි දිස්වන ස්වරූපය නොතිබෙයි. මෙය දැන් සිදුවිය යුතු බව ඔබම පවසයි. සිදුවීමට ඇති දේ සිදුවන බව, ඔබ පවසන දිනය යම් අවස්ථාවකදි පැමිණෙයි. ප්‍රථමයෙන් පහන් මාලාව මෙහිදි නිර්මාණය වෙයි. සියලු දෙනා තුළ උනන්දුව සහ උද්යෝගය වැඩි කිරීමට, ඔබ සියලු දෙනාම නිදසුන් බව බාප්දාදා සලකයි. ඔය සියලු දෙනාගේ එකමුතුකම, යග්යාවේ බලකොටුවයි. ඔබ 10ක් වුවත් 12ක් වුවත් බලකොටුවේ බැම්ම ඔබයි. එබැවින් බාප්දාදා බොහෝ සතුටු වෙයි. බාප්දාදා කොහොමත් සිටිනවා කෙසේවෙතත්, උපකරණ ඔබයි. දෙවන සහ තුන්වන කණ්ඩායම් එවන් සමූහයක් සූදානම් කරන්නේ නම්, විශ්මයන් ඇති වෙයි. දැන් එවන් කණ්ඩායමක් සූදානම් කරන්න. ප්‍රථම කණ්ඩායම ගැන සියලු දෙනාම පවසන්නේ ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස ඇති බවයි. ඔවුන්ගේ ස්වභාවයන් විවිධාකාර වන අතර, එමෙන්ම ඔව්, සැබවින්ම ඒවා විවිධාකාරව තිබෙයි, නමුත් ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි සෙනෙහස සහ ගෞරවය තිබෙන අතර සෑම විටම හා ජී කියයි. ඔවුන් නිසි වෙලාවට තමන්ව හැඩගසා ගන්නා අතර බලකොටුවේ බැමි ශක්තිමත්ව තිබෙන්නේ මේ නිසයි. ඔබ සියලු දෙනාම ඉදිරියට ගමන් කරන්නේ මේ නිසයි. අත්තිවාරම දැකීමෙන් සතුට තිබෙනවා, එහෙම නේද? වාරයේ මෙම ප්‍රථම ඵලය පෙනෙන සේම, කණ්ඩායම ශක්තිමත් වුණොත් සේවය ඔබ පසුපසින් එයි. ජයග්‍රාහී මාලාව නාටකයේ නියම වී ඇත. එබැවින් ඔබ සියලු දෙනාම අනිවාර්යෙන් එකිනෙකාට සමීප වෙයි, මන්ද, මාලාව නිර්මාණය වන්නේ එවිට පමණයි. එක පබුළුවක් එක තැනකත් තවත් පබුළුවක් එයට ඈතින්ද ඇත්නම්, මාලාවක් නිර්මාණය කළ නොහැක. පබුළු අඛණ්ඩව එකමුතු වෙයි ඔවුන් නොකඩවා සමීපයට පැමිණෙයි. එවිට පමණයි මාලාව නිර්මාණය වන්නේ. එබැවින්, ඔබ හොඳ නිදසුන්ය. අච්චා.

දැන් මුණගැසීම සඳහා නියමිත සංඛ්‍යා ක්‍රියාත්මක කළ යුතුයි. බාබා අතිරික්ත සකාශ් මාර්ගයෙන් රථය ක්‍රියාත්මක කරන බව ඔබට පවසන ලදි. එය සාමාන්‍ය දෙයක් නොවෙයි. බාබා සෑම දෙයක් ගැනම සලකා බැලිය යුතුයි. කෙසේවෙතත්, සියලු බලයන්ගේ ශක්තිය එක්රැස් වනවා, රථයත් මෙතරම් සහයෝගී වන්නේ මේ නිසයි. බලය එක්රැස් කරගෙන නොතිබුණේ නම්, මෙතරම් සේවය කිරීම අපහසු වනු ඇත. මෙයත් නාටකයේ සෑම ජීවාත්මයකගේම චරිත කොටසයි. ඔබ එක්රැස් කරගෙන ඇති කුමන හෝ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ සම්පත් සම්භාරය, අවශ්‍ය වෙලාවක ප්‍රයෝජනවත් වෙයි. බොහෝ ජීවාත්මයන්ගේ ආශිර්වාදත් ලැබෙයි, මේවාද එකතු වෙයි. එක් හෝ තවත් ආකාරයක පුණ්‍යකර්ම සම්පත් සම්භාරයක් තිබීම නිසා මෙම ජීවාත්මයට විශේෂ චරිත කොටසක් තිබේ. බාධක නොමැතිව රථය අඛණ්ඩව පැවතීමත් නාටකයේ කොටසකි. මාස හයක් සුළු දෙයක් නොවෙයි. අච්චා. සියලු දෙනාවම සතුටට පත් කෙරෙයි.

අව්‍යක්ත මුරලි වලින් තෝරාගත් ප්‍රශ්නොත්තර

ප්‍රශ්නය:
ඔබගේ සියලු දුර්වලතා අවසන් වන්නේ කුමන එක් වචනයේ අරුතේ, ස්ථාවරව රැඳී සිටීමෙන්ද?

පිළිතුර:
උත්සාහ දරන්නා (පුරුෂාර්ති) යන වචනයේ අරුතේ තමන්ව ස්ථාවර කරගන්න, එපමණයි. පුරුෂාර්ථ (පුරුෂ්-ජීවය, රථ්-රථය පදවන්නා). පුරුෂ් යනු මෙම රථය පදවන්නා, මෙම දාර්ථයේ පාලකයා. මෙම එක වචනයේ අරුතේ ස්ථාවර වීමෙන් ඔබගේ සියලු දුර්වලතා අවසන් වෙයි. ජීවයට (පුරුෂ්) පදාර්ථ මත අයිතියක් තිබේ, ඔහු එය මත යැපෙන්නේ නැත. රථකරු, රථය පදවයි, ඔහු රථය මත යැපෙන්නේ නැත.

ප්‍රශ්නය:
ආරම්භයේ සිටම රාජධානියට අයිතියක් හිමි කරගැනීම සඳහා ඔබ දැන් සිටම හදාගත යුතු සංස්කාර මොනවාද?

පිළිතුර:
දැන් සිටම ඔබගේ ආදි සහ සනාතන සංස්කාර ආරූඨ කරගන්න. ඔබට දීර්ඝ කාලයක සිට සටන් කිරීමේ සංස්කාර තිබේ නම්, එනම්, ඔබගේ කාලය සටන් කරමින් ගත කරන්නේ නම් - එක දිනක් ජය, ඊලඟ දිනයේ පරාජය - ඔබ නිරන්තරයෙන් ජයග්‍රහණය කිරීමේ සංස්කාර නිර්මාණය නොකරන්නේ නම්, එවිට ඔබ බ්‍රහ්මණයෙක් නොව සටන්කාමියෙක් ලෙස හැඳින්වෙයි. දේවතාවන් වන්නේ බ්‍රහ්මණයන්ය, සටන්කාමීන් යන්නේ ක‍්ෂත්‍රිය වංශයටයි.

ප්‍රශ්නය:
ලෝක පරිවර්ථකයෙක් වීමට පෙර, ඔබට අවශ්‍ය වන්නේ කුමන පරිවර්ථක බලයද?

පිළිතුර:
ලෝක පරිවර්ථකයෙක් වීමට පෙර, තමන්ගේ සංස්කාර පරිවර්ථනය කිරීමේ බලය ඔබට අවශ්‍යයි. පළමුව ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ආකල්පවල පරිවර්ථනය තිබිය යුතුයි. ඔය නරඹන්නන් බලන්නේ මෙම ද්‍රිෂ්ඨියෙන්ය. සියල්ල දෙස භෞතික ඇස් වලින් නොව, ඔබගේ දිව්‍යමය ඇසින් බලන්න. ඔබ දිව්‍යමය ඇසින් බලන විට ඔබට ඉබේටම දිව්‍යමය ස්වරූපය පමණක් පෙනෙයි. භෞතික ඇස්, හම දැක, හම (ශාරීරික ජීව) ගැන සිතයි. මෙය සුරදූතයන් හෝ බ්‍රහ්මණයන්ගේ ක්‍රියා කලාපය නොවෙයි.

ප්‍රශ්නය:
ඔබගේ ද්‍රිෂ්ඨිය සහ ආකල්පය කිසිම විටෙක දඟකාරකම් නොකිරීමට, සහෝදරයා සහ සහෝදරිය යන සබඳකම පවත්වාගන්නා අතර ඔබ බැලිය යුත්තේ කුමන දිව්‍යමය ඇසින්ද?

පිළිතුර:
සෑම ස්ත්‍රියක්ම ශරීරයක් තුළ සිටින ජීවාත්මයක්, ශක්ති ස්වරූපයක්, ජගත් මාතාවක්, දේවතාවියක් ලෙස දකින්න. මෙය දිව්‍යමය ඇසින් දැකීමයි. නරක ආකල්පයකින් කිසිවෙක් ශක්ති ස්වරූපයක් ඉදිරියට පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිස්සී යයි. එබැවින් කිසිවෙකු ඔබගේ සහෝදරිය හෝ ගුරුවරිය ලෙස නොදකින්න, නමුත් ශිව ශක්තියක් ලෙස දකින්න. මව්වරුන් සහ සහෝදරියන්ද තම ශිව-ශක්ති ස්වරූපයේ ස්ථාවර විය යුතුයි. මොහු මාගේ විශේෂ සහෝදරයා, මගේ විශේෂ ශිෂ්‍යයා ලෙස නොවෙයි. ඔවුන් මහාවීරයන් වන අතර ඔබ ශිව ශක්තීන්ය.

ප්‍රශ්නය:
මහාවීරයෙකුගේ විශේෂත්වය ලෙස පෙන්වන්නේ කුමක්ද?

පිළිතුර:
ඔහුගේ හදවතේ වාසය කරන්නේ රාමා පමණයි. මහාවීර අයත් වන්නේ රාමාට වන අතර ඔහුට ශිවාගේ ශක්තිය තිබේ. ඔබ ඕනෑම ශාරීරික ජීවයක් දෙස බලන විට, නළලේ ඇති ජීවාත්මය දෙස බලන්න. ශරීරයට නොව, ජීවාත්මයට කතා කරන්න. ඔබගේ ද්‍රිෂ්ඨිය නළලේ මාණික්‍යය මත පතිත විය යුතුයි.

ප්‍රශ්නය:
ඔබ නොසැලකිලිමත්ව නොව, ප්‍රවේසමින් භාවිත කළ යුතු එක් වචනය කුමක්ද? එම ප්‍රවේසම කුමක්ද?

පිළිතුර:
උත්සාහ දරන්නා යන වචනය නොසැලකිලිමත්ව භාවිත නොකරන්න, සෑම අවස්ථාවකදීම ඔබට අධිෂ්ඨානය තිබිය යුතු බවට සැලකිලිමත් වන්න. ඔබ කුමක් කළත්, ශ්‍රේෂ්ඨ ක්‍රියා පමණක් සිදුකර ශ්‍රේෂ්ඨත්වයට පත් වන්න. ඕම් ශාන්ති.

වරදානය:
ඔබ සම්පූණයෙන්ම කැප වී, පාපයන්ගේ පරම්පරාවල සලකුණු පවා අවසන් කරන භාරකරුවෙක් වේවා.

ඔබ පැරණි සංස්කාරයන්ගේ දේපළ, අවශ්‍ය වෙලාවක ගැනීමට පසෙක තැබූ විට, මායා ඔබව එක් හෝ තව අන්දමකින් හසු කරගනී. පැරණි වාර්ථාවේ කුඩා කැබැල්ලකින් පවා ඔබව හසු විය හැක. මායා ඉතා තියුණුයි, ඇගේ හසුකර ගන්නා බලයද අඩු නැත, එබැවින් දැන් පාපයන්ගේ පරම්පරාවන්ගේ සලකුණු පවා අවසන් කරන්න. කිසිම කොණක, ඔබගේ පැරණි සම්පත් වල සලකුණු නොතිබිය යුතුයි. මෙය සම්පූර්ණයෙන් කැප වුණු, භාරකරුවෙක් සහ යග්යාවට ආදරණීය සහ සහයෝඟී කෙනෙක් වීම, ලෙස හැඳින්වෙයි.

පාඨය:
ඔහුගේ හෝ ඇගේ විශේෂත්වය නිසා කෙනෙකුට විශේෂ සෙනෙහසක් තිබීමත් බැඳීමකි.