10.11.23 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ පියා මෙන් මුරලිදරයන් (බටනලා වාදකයන්) විය යුතුයි. පියාගේ උදව්කරුවන්
වන්නේ මුරලිදර දරුවන් පමණයි. එවන් දරුවන් ගැන පියා සතුටු වෙයි.
ප්‍රශ්නය:
කුමන දරුවන්ගේ
බුද්ධියද ඉතා නිරහංකාරී වන්නේ?
පිළිතුර:
දැනුමේ අවිනාශී මැණික් දන් දී, සැබෑ මහජන හිතෛශීන් වී, එමෙන්ම, දක්ෂ අලවිකරුවන් වන
අය, සේවය කිරීමෙන් ඉතා නිරහංකාර සහ බොහෝ ශිෂ්ඨ වෙයි. ඔබ පරිත්‍යාගයක් කරන කිසිම
විටෙක ඔබට අහංකාරකමක් නොතිබිය යුතුයි. ඔබ දෙන්නේ, ශිව බාබා ඔබට ලබා දී ඇති දේ බව
සෑම විටම ඔබගේ අවධානයේ තිබිය යුතුයි. ශිව බාබාගේ සිහිපත් කිරීමේ සිටීමේ ලාභයක්
තිබේ.
ගීතය:
මව සහ පියා,
ඔබයි.
ඕම් ශාන්ති.
’මව සහ පියා, ඔබයි' යන ගීතය වාදනය කිරීමෙන් පමණක් ඔහුගේ ප්‍රශංසාව ඔප්පු වන්නේ නැත.
ඔබ ප්‍රථමයෙන් ’ශිවාට නමස්කාර වේවා' යන ගීතය වාදනය කර, ඉන්පසුව ’මව සහ පියා ඔබයි'
යන ගීතය වාදනය කරන්නේ නම්, ඔවුන්ට දැනුම ගැන දැනගැනීමට හැකි වෙයි. මිනිසුන්
පූජස්ථාන වලට යයි. ඔවුන් ලක්ෂ්මි සහ නාරායන් හෝ ක්‍රිෂ්ණා දේවාලයකට යන විට, ඔවුන්
දේවතා ප්‍රතිමා ඉදිරියට ගොස්, කිසි දෙයක් වටහා නොගෙන, මෙසේ පවසයි ’මව සහ පියා
ඔබයි.' එබැවින් ඔබ ප්‍රථමයෙන් ’ශිවාට නමස්කාර වේවා' ගීතය වාදනය කර, ඉන්පසුව ’මව සහ
පියා ඔබයි' ගීතය වාදනය කරන්නේ නම්, ඔවුන්ට ඔහුගේ ප්‍රශංසාව දැනගත හැකි වෙයි. මෙම
ගීත, අළුතින් පැමිණෙන අයට හොඳයි. ඔවුන්ට විස්තර කිරීමට ඒවා පහසු කරවයි. පියාගේ නම,
ශිවාය. ශිවා සෑම තැනකම සිටින බව කිව නොහැක. එසේ නම් සෑම කෙනෙකුගේම ප්‍රශංසාව එක හා
සමාන වෙයි. ඔහුගේ නාමයම වන්නේ, ශිවාය. වෙනත් කිසිවෙකුට ශිවා යන නම, තමන්ට දීගත
නොහැක. ඔහුගේ ක්‍රම සහ විදි අසහායයි. ඒවා දේවතාවන් ඇතුළු සියලුම මනුෂ්‍යයන්ගේ
ඒවාගෙන් මුළුමනින්ම වෙනස්ය. මෙම දැනුම ඉගැන්විය හැක්කේ මව සහ පියාට පමණයි.
සන්යාසීන් අතර මව්වරුන් නැත ඔවුන්ට (සන්යාසීන්ට) රාජයෝගාව ඉගැන්විය නොහැක්කේ මේ
නිසයි. ඔවුන්ට කිසි කෙනෙකුට ’ශිවාට නමස්කාර වේවා' යැයි කිව නොහැක. ඔබට ශාරීරික
ජීවයක් පිළිබඳව ’ශිවාට නමස්කාර වේවා' යැයි කිව නොහැක. මේ සියල්ල විස්තර කළ යුතු
නමුත් ඔය දරුවන් සියලු දෙනාම අංකානුරූපයි. විටෙක හොඳ දරුවන්ට ද සමහර කරුණු අතපසු
වෙයි. ඔවුන්, තමා ඉතා දක්ෂ බව සලකයි. මෙහිදී හදවතේ පිරිසිඳු බව තිබිය යුතුයි. සෑම
දෙයක් ගැනම සත්‍යය පවසා, සෑම දේකින්ම සත්‍යවාදීව සිටීමට කාලයක් ගතවෙයි. ඔබ ශරීර
අවධානයට පැමිණීමෙන් කුලුපග වීම ආදිය ඇතිවන අතර එහි තව බොහෝ කාරණා ඇතුලත්ය. තවමත්,
ඔබගෙන් කිසිවෙකුට ඔබ ජීව අවධානයට පත්ව ඇති බව කිව නොහැක, එසේ නම් ඔබගේ කර්මතීට්
තත්ත්වයට ඔබ පත්ව සිටිනු ඇත. සියලු දෙනාම අංකානුරූපයි. සමහර දරුවන් බොහෝ සේ
නොවටින්නේය. බාබාගේ සේවය කරන්නේ කවුරුන්ද කියා වටහාගත හැක. ඔවුන්ට රුද්‍රාගේ මාලාවේ
සමීප වීමට හැකි වන්නෙත්, සිහසුනක අසුන් ගැනීමට සුදුසු වන්නෙත්, ඔවුන් ශිව බාබාගේ
හදවත් සිහසුනට නැංග විට පමණයි. ඔවුන්ගේ භෞතික පියාගේ හදවත්-සිහසුනට නගින්නෙත්,
ඔහුගේ උදව්කරුවන් වන වටිනා දරුවන්ය. මෙය අසීමිත පියාගේ අවිනාශී දැනුමේ මැණික්
ව්‍යාපාරයයි. එබැවින් ඔහුගේ ව්‍යාපාරයේ, ඔහුට උදව්කරන අය සමඟ පියාද සතුටු වනු ඇත.
ඔබ අවිනාශි දැනුමේ මැණික් ධාරණය කර, අන් අයට ද ඒවා ධාරණය කරගැනීමට දිරි ගැන්විය
යුතුයි. සමහර මිනිසුන් සිතන්නේ ඔවුන් තමන්ව රක්ෂණය කර ඇති බැවින් ඔවුන්ට එහි
ප්‍රතිලාභය ලැබෙයි කියාය. මෙහි ඔබ බොහෝ දෙනෙකුට දන් දිය යුතුයි. දැනුමේ අවිනාශී
මැණික් දන් දී, පියා මෙන් මහජන හිතෛශීන් වන්න. පියා පැමිණෙන්නේ දැනුමේ මැණික් වලින්
ඔබගේ ඒප්‍රන පිරවීමටයි. එය ධනය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. පියා කැමති වන්නේ, වටිනා
දරුවන්ට පමණයි. ඔබ මෙම ව්‍යාපාරය කිරීමට නොදන්නේ නම්, ඔබ මුරලිදර් ව්‍යාපාරිකයාගේ
දරුවන් ලෙස හැඳින්වෙන්නේ කෙසේද? ඔබ කිසිදු ව්‍යාපාරයක් නොකරන්නේ නම්, ඔබ තමන් ගැන
ලැජ්ජා විය යුතුයි. අලවිකරුවෙක් දක්ෂ බව, ව්‍යාපාරිකයෙක් දුටු විට, ඔහු එම කෙනාට
හවුල්කරුවෙක් වීමට ආරාධනා කරයි. ඔබට එවන් පහසුවෙන් හවුල්කරුවෙක් විය නොහැක. මෙම
ව්‍යාපාරය කිරීමෙන් ඔබගේ බුද්ධිය ඉතා නිරහංකාරී වෙයි. සේවය කිරීමෙන් ඔබගේ බුද්ධිය
බොහෝ සේ ශිෂ්ඨ වෙයි. බාබා සහ මමා ඔවුන්ගේ අත්දැකීම් පවසයි. ඔබට උගන්වන ඒකායන කෙනා,
බාබාය. මෙම බාබා ඉතා හොඳින් දැනුම ධාරණය කර, ඉතා හොඳින් මුරලිය ද හසුරුවන බව ඔබ
දන්නවා. අච්චා, ශිව බාබා මෙම කෙනා තුළ සිටිනවා, ඔහු කොහොමත් මුරලිදරයි, නමුත් මෙම
බාබා ද සියල්ල දන්නවා. එසේ නැත්නම් ඔහු එවන් උසස් තත්ත්වයක් හිමි කරගන්නේ කෙසේද?
මෙම දැනුම පවසන්නේ ශිව බාබා බව, ඔබ සෑම විටම සැලකිය යුතුයි. ශිව බාබා සිහි කිරීමෙන්
ඔබට ලාභයක් තිබේ. ශිව බාබා මෙම කෙනා තුළට පැමිණෙයි. මමා වෙනම, මමාගේ පෞරුෂත්වයෙන්
කතා කරයි. ස්ත්‍රීන් ඉහළ නැංවීමට අවශ්‍ය නිසා ඇගේ නම කීර්තිමත් කළ යුතුයි. මෙවන්
කියමනක් තිබේ ඇය කෙබඳු වුවත් ඇය මගේයි, එබැවින් මා ඇය රැක බලා ගත යුතුයි. මෙසේ
පවසන්නේ සැමියන්ය. බිරිඳක් මෙසේ නොකියයි ’ඔහු කෙබඳු වුවත් ඔහු මගෙයි.' පියා පවසන්නේ
'ඔය දරුවන් කෙබඳු වුවත් ඔබ මගේය', එබැවින් මා ඔබව රැකගත යුතුයි. කීර්තිමත් වන්නේ
පියාගේ නාමයයි. මෙහි, කොහොමත් පියාගේ නාමය කීර්තිමත් වන අතර ඉන්පසුව ශක්තීන්ගේ නම්
කීර්තිමත් කළ යුතුයි. ඔවුන්ට සේවය කිරීමට ඉතා හොඳ අවස්ථාවක් ලැබෙයි. දිනෙන් දින,
සේවය ඉතා පහසු වෙයි. දැනුම සහ භක්තිය, දහවල සහ රාත්‍රිය තිබේ. ස්වර්ණමය සහ රිදී
යුග, සතුටේ දහවල වන අතර තඹ සහ කලි යුග, දුකෙහි රාත්‍රියයි. ස්වරණමය යුගයේ භක්තියක්
නැත. ඔබට ඉතා පහසු කරුණු ලැබෙයි. ගොස්, ඔබගේ නෑ මිතුරන්ට මේවා විස්තර කරන්න. ඔබගේ
නිවහන ඉහළ නංවන්න. ඔබගේ පවුලේ අය සමඟ නිවෙස් වල වාසය කරන අය ඔබලාය, එබැවින් ඔබට මෙම
කරුණු ඉතා පහසුවෙන් ඔවුන්ට විස්තර කළ හැක. විමුක්තිය පිරිනමන්නා වන්නේ එක් පාරලෞකික
පියා පමණයි. ඔහු ගුරුවරයා මෙන්ම සත්ගුරු ද වෙයි. තඹ යුගයේ සිට අන් සියලු දෙනාම කර
ඇත්තේ, සියලු දෙනාව පහළට, පහත්භාවයට ගෙන ඒමයි. කලි යුගයේ පහත් සහ පාපකාරී ජීවාත්ම
සිටියි. ස්වර්ණමය යුගයේ පාපකාරී ජීවාත්ම ගැන සඳහනක් නැත. කුදු ගැසුනු අය, ගල්
බුද්ධි ඇති අය සහ අජාමිල් වැනි පාපාත්ම සිටින්නේ දැන්ය. කල්ප භාගයක් එය දිව්‍යලෝකය
වන අතර ඉන්පසුව භක්තිය ආරම්භ වී ඔබගේ පහත බැසීමේ ස්ථීතිය ඇරඹෙයි. ඔබ නියත වශයෙන්ම
වැටිය යුතුයි. සූර්ය වංශික අයගෙන්, ඔබ වැටී, චන්ද්‍ර වංශයේ අය බවට පත් වෙයි.
ඉන්පසුව ඔබ නොකඩවා වැටෙයි. තඹ යුගයේ සිට ඔබට හමුවන සෑම කෙනෙක්ම ඔබව පහතට ගෙන එයි.
ඔබ මෙය දන්නේ දැන් පමණයි. දිනෙන් දින නොකඩවා ඔබට ශක්තිය ලැබෙයි. මුනිවරුන්ට සහ
පූජකයන්ට විස්තර කිරීමේ ක්‍රමවේදද ඔබ නිර්මාණය කළ යුතුයි. පරම පියා, පරමාත්ම ජීවය
සර්ව ව්‍යාප්ත විය නොහැක්කේ මන්ද කියා අවසානයේ ඔවුන් අනිවාර්යෙන්ම වටහාගනි. විස්තර
කිරීමට ඔබට භාවිත කළ හැකි කරුණු බොහෝ තිබේ. මුලදි භක්තිය අමිශ්‍ර වන අතර එය පසුව
මිශ්‍රිත වෙයි අංශක අඩුවීම ඇරඹෙයි. දැන් අංශක ඉතිරිව නැත. දිව්‍යමය අංශක අඩුවන්නේ
කෙසේද කියා, වෘක්ෂයේ සහ චක්‍රයේ පිංතූර වලද පෙන්වා තිබේ. මේවා විස්තර කිරීම ඉතා
පහසුයි. කෙසේවෙතත් එය ඔබගේ භාග්‍යයේ නොමැති නම් ඔබට ඒවා විස්තර කිරීමට නොහැකි වෙයි.
ඔබ ජීවාත්ම අවධානයට පත් නොවෙයි. ඔබගේ පැරණි සිරුරුවල ඔබ සිරවී සිටියි. පියා පවසන්නේ
ඔබගේ පරණ සිරුරු වලින් ඔබගේ සියලුම බැඳීම් ඉවත් කර, තමන් ජීවාත්ම බව සලකන්න. ඔබ ජීව
අවධානයට පත් නොවන්නේ නම්, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි.
ශිෂ්‍යයෙක් සෑම විටම අන්තිමයා වීමට කැමති නොවෙයි. ඉගෙනුමට ඔහු අවධානය යොමු නොකරන
බව, ඔහුගේ සියලුම මිතුරන්, නෑයන්, ඔහුගේ ගුරුවරයා සහ අනෙක් ශිෂ්‍යයන් වටහාගනි.
මෙහිදී ද කෙනෙක් ශ්‍රීමත් අනුගමනය නොකරන විට, ඔහුගේ තත්ත්වය කුමක් වෙයිද කියා
වටහාගත හැක. පුරවැසියන් වන්නේ කවුද, දාසයන් සහ සේවකයන් වන්නේ කවුද කියා, සෑම
කෙනෙකුටම වටහාගැනීමට හැකි වෙයි. පියා විස්තර කරන්නේ ඔබගේ නෑ මිතුරන්ට යහපතක්
සිදුකරන්න. මෙය නීතියක්. නිවසක වැඩිමහල් සහෝදරයෙක් සිටින විට, බාල කෙනාට උදව් කිරීම
ඔහුගේ වගකීමකි. ’පිංකම් ඇරඹෙන්නේ නිවසින්'හි අරුත මෙයයි. පියා පවසන්නේ දන් දීමෙන්
ඔබගේ ධනය අඩු වන්නේ නැත. ඔබ ධනය දන් නොදෙන්නේ නම්, ඔබට ධනය නොලැබෙන අතර ඔබට උසස්
තත්ත්වයක් හිමිකර ගැනීමට නොහැකි වෙයි. ඔබට ඉතා හොඳ අවස්ථාවක් ලැබෙයි. ඔබ දයාවන්ත
විය යුතුයි. සන්යාසීන් සහ පූජකයන් කෙරෙහි ද ඔබ සානුකම්පිත විය යුතුයි. ඔවුන්ට
කියන්න පැමිණ වටහාගන්න. සෑම කල්පයකදීම භාරත ජනතාවට ඔවුන්ගේ නිරන්තර සතුටේ උරුමය
ලබාදෙන ඔබගේ පාරලෞකික පියාව ඔබ නොදනී. කිසිවෙක් මෙය නොදනි. රජයේ නිලධාරීන් ද දූෂිත
බව මිනිසුන් කියයි, එබැවින් ඔවුන්ව උසස් කළ හැක්කේ කාටද? මෙකල තාපස සමාජය කෙරෙහි
බොහෝ ගෞරවයක් තිබේ. පියා තුළ ඔවුන් කෙරෙහි (තාපසයන් සහ පූජකයන්) පවා දයාවක් තිබෙන
බව, ඔබ ඔවුන්ට ලියන විට, ඔවුන් පුදුමයට පත්වෙයි. ඔබ තව ඉදිරියට යත්ම, ඔබගේ නාමය
කීර්තිමත් වෙයි. බොහෝ දෙනෙක් ඔබ වෙතට නොකඩවා පැමිණෙන අතර බොහෝ ප්‍රදර්ශන ද
පැවැත්වෙයි. අවසානයේදී සමහරු අනිවාර්යෙන් අවදි වෙයි. සන්යාසීන් පවා අවදි වෙයි.
ඔවුන් වෙන කොහේ යන්නද? තිබෙන්නේ එක වෙළඳ සැලයි. විශාල දියුණුවක් අඛණ්ඩව සිදුවෙයි.
ඕනෑම කෙනෙකුට පැමිණ ඉගෙන ගැනීමට හැකි වන පරිදි ඔබට විස්තර කිරීමට බොහෝ හොඳ පිංතූර
නිර්මාණය වෙයි. පිදුරු ගොඩ ගිණි ගන්නා විට, මිනිසුන් අවදි වෙයි, නමුත් එවිට එය පමා
වැඩි වෙයි. දරුවන්ටත් එයම බලපායි. අවසානයේ ඔබ කෙතරම් දුර දුවන්නද? තරඟයකදී වුවත්
සමහරු මුලින් දුවන්නේ සෙමින්ය. ත්‍යාගයක් දිනාගන්නේ ටික දෙනෙකි. මෙය ඔබගේ තුරඟ තරඟය
ද වෙයි. ආධ්‍යාත්මික වන්දනා ගමන, යන මෙම තරඟයේ දිව යාමට, දැනුමැති ජීවාත්ම
අවශ්‍යයි. පියා සිහිකිරීමත් දැනුමයි, එහෙම නේද? වෙනත් කිසිවෙකුට මෙම දැනුම නොමැත.
මනුෂ්‍යයන් දියමන්ති මෙන් වන්නේ දැනුම තිබීමෙන් වන අතර ඔවුන් සිප්පි කටු මෙන් වන්නේ
අවිද්‍යාව තුළින්ය. පියා පැමිණෙන්නේ ඔබගේ සතෝප්‍රධාන් ප්‍රතිලාභය නිර්මාණය
කිරීමටයි. පසුව මෙම ප්‍රතිලාභය ක්‍රම-ක්‍රමයෙන් අඩුවෙයි. ඔබ මේ සියලුම කරුණු ධාරණය
කර ඉන්පසුව ක්‍රියා කළ යුතුයි. ඔය දරුවන් මහා දානපතියන් විය යුතුයි. ඔබගේ සිරුරු,
මනස සහ ධනය පියාට කැප කරන්නේ මෙහිදි බැවින්, භාරතය මහා දානපතියෙක් ලෙස හැඳින්වෙයි.
එවිට පියා ද සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් කැප කරයි. භාරතයේ මහා දානපතියන් බොහොමයක්
සිටියි. ඉතිරි මනුෂ්‍යයන් සියලු දෙනාම අන්ධ විශ්වාසය තුළ සිරවී සිටියි. ඔබ මෙහි
දෙවියන්ගේ ආරක්ෂාව යටතට පැමිණ සිටියි. රාවන ඔබව දුකට පත් කළ බැවින් ඔබ රාමාගේ
(දෙවියන්) ආරක්ෂාව යටතට පැමිණියා. ඔබ සියලු දෙනාම සිටියේ ශෝක කුටියේ. ඔබට දැන්
ශෝකයෙන් නිදහස් කුටියට එනම් දිව්‍යලෝකයට යාමට තිබේ. දිව්‍යලෝකයේ නිර්මාණකරු වන
පියාගේ ආරක්ෂක ස්ථානයට ඔබ පැමිණ ඇත. සමහරුන්ව ඔවුන්ගේ ළමා කාලයේදී බලෙන් ගෙන ආහ.
මෙම ආරක්ෂක ස්ථානයේ ඔවුන් කිසිදු සතුටක් අත් විඳින්නේ නැත එය ඔවුන්ගේ භාග්‍යයේ
නොමැත. ඔවුන්ට අවශ්‍ය මායා රාවන ගේ ආරක්ෂාව ලබා ගැනීමටයි. දෙවියන්ගේ ආරක්ෂාව අතහැර,
මායා රාවනගේ ඇකයට යාමට ඔවුන්ට අවශ්‍ය වීම මහා පුදුමයකි. ’ශිවාට නමස්කාර වේවා' ගීතය
ඉතා හොඳයි. ඔබට මෙය වාදනය කළ හැක. මිනිසුන්ට එහි අරුත නොවැටහෙයි. ශ්‍රීමත් වලට
අනුව, ඔබට එහි නිවැරදි අරුත විස්තර කළ හැකි බව, ඔබට පැවසිය හැක. ඔවුන් කරන්නේ දිගටම
බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම පමණයි. නාටකයට අනුව, ඔබට මෙම ගීත වලින් ද උපකාර
ලැබෙයි. ඔබ පියාට අයත් වන නමුත් සේවය නොකරන්නේ නම්, ඔහුගේ හදවත්-සිහසුනේ අසුන්
ගන්නේ කෙසේද? සමහර දරුවන් නොවටින අය වී, බොහෝ දුක ගෙන දෙයි. මෙහි, ඔබගේ මව මිය
යන්නේ නම්, හල්වා කන්න. ඔබගේ බිරිඳ මිය ගියත්, හල්වා කන්න. ඔබ විලාප නගමින් හඬන්නේ
නැහැ. ඔබ නාටකය ගැන ස්ථාවරව සිටිය යුතුයි. මමා සහ බාබා, යනු ඇත, එමෙන්ම ඉතා විශේෂ
දරුවන් ද කලින් යනු ඇත. සෑම කෙනෙක්ම තමන්ගේම චරිත කොටස රඟපෑ යුතුයි. කණස්සලු වීමට
ඇති අවශ්‍යතාවය කුමක්ද? අපි නාටකය දෙස නොබැඳි නරඹන්නන් ලෙස බලා සිටිනවා. ඔබගේ
ස්ථීතිය සෑම විටම ප්‍රබෝදමත්ව රැඳී තිබිය යුතුයි. සැලකිලිමත් වීමේ සිතිවිලි බාබාට
පවා ඇති වෙයි. නීතිය පවසන්නේ ඒවා අනිවාර්යෙන් පැමිණෙන බවයි. මමා සහ බාබා සම්පූර්ණ
වී සිටිනවා නොවෙයි. සම්පූර්ණ ස්ථීතිය අවසානයේ පැමිණෙයි. වර්තමානයේ කිසි කෙනෙකුට
තමන් සම්පූර්ණ බව කිව නොහැක. මෙම පාඩුව සිදුවුනි, ගැටුම් ඇතිවුනි, බීකේවරු ගැන
පුවත්පත වල කටකතා පැතිරුනි. ඒ සියල්ල කල්පයකට පෙරද සිදුවුනා. එබැවින් කණස්සලු විය
යුත්තේ ඇයි? අවසානයේ ඔබගේ 100% ස්ථීතියට ඔබ ළඟා වෙයි. ඔබ සානුකම්පිත වී අන් අයව
තමන් හා සමාන බවට පත් කරන විට, ඔබට පියාගේ හදවත් සිහසුනට නැඟීමට හැකි වෙයි. ඔබ
තමන්ව රක්ෂණය කරන්නේ නම්, එය වෙනම කාරණයකි ඔබ එය කරන්නේ තමා වෙනුවෙන්. මෙම දැනුමේ
මැණික් ඔබ අන් අයට දන් දිය යුතුයි. ඔබ පියාව සම්පූර්ණයෙන් සිහි නොකරන්නේ නම්, ඔබගේ
හිස මත ඇති බර වැඩි වෙයි. ප්‍රදර්ශන වලදි විස්තර කිරීමට වටිනා අය අවශ්‍යයි. ඔවුන්
දක්ෂ විය යුතුයි. රාත්‍රියේ සිහිපත් කිරීමේ සිටීමේ විශාල සතුටක් තිබේ. ඔබ හිමිදිරි
උදෑසන හෝරාවේ එම ආධ්‍යාත්මික මනාලයාව සිහිකළ යුතුයි. බාබා, ඔබ ඉතා මිහිරියි! මා
සිටි අන්දමත්, ඔබ මාව කවුරු බවට පත් කරන්නේද කියාත් බලන්න! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා
සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ හදවත
නිරන්තරයෙන් අවංකව තබාගන්න. සෑම විටම සත්‍යය පවසා, සෑම දෙයකදීම නිරන්තරයෙන් අවංකව
සිටින්න. ශරීර අවධානයට පත් වී, තමන් ඉතා දක්ෂ බව නොසිතන්න. කිසිම විටෙක අහංකාර
නොවන්න.
2. නොබැඳි නරඹන්නෙක්
වී නාටකය නරඹන්න. නාටකයේ ස්ථාවර වන්න. කිසි දෙයක් ගැන කණස්සලු නොවන්න. ඔබගේ ස්ථීතිය
නිරතුරුවම ප්‍රබෝදමත්ව තබාගන්න.
වරදානය:
ඔබට
ස්ව-ආධිපත්‍යයේ අධිකාරිත්වය තිබීම තුළින්, ඔබ ලෝක රාජධානියේ අධිකාරිත්වය හිමි
කරගන්නා මාස්ටර් සර්ව බලධාරියෙක් වේවා.
මෙකල, ස්ව-ආධිපත්‍යයේ
අධිකාරිත්වය ඇති අය, එනම්, තම භෞතික ඉන්ද්‍රියන් ජය ගන්නා අයට, ලෝක රාජධානියේ
ආධිපත්‍යය හිමි කර ගත හැක. ස්ව-ආධිපත්‍යයේ අධිකාරිත්වය ඇති අයට පමණයි ලෝක රාජධානියේ
අධිකාරිත්වය හිමි වන්නේ. එබැවින් පරීක්ෂා කරන්න: මෙම ජීවාත්මය වන මා, මගේ ජීවාත්ම
බලයන්ගේ පාලකයෙක්ද: මනස, බුද්ධිය සහ සංස්කාරවල? මගේ මනස මාව පාලනය කරනවාද, මම මගේ
මනස පාලනය කරනවාද? මගේ සංස්කාර ඒවා දෙසට මාව ඇද ගන්නේ නැහැ නේද? ස්ව- ආධිපත්‍යයට
අයිතියක් ඇති කෙනෙකුගේ මනෝ ස්ථිතිය, නිරන්තරයෙන් මාස්ටර් සර්ව බලධාරියෙකුගේ එකකි,
එනම්, කිසිම බලයක අඩුවක් නොමැති කෙනෙකි.
පාඨය:
සියලු සම්පත්
වලට යතුර වන ‘මේරා බාබා’ (මගේ බාබා) ඔබ සමග තබා ගත් විට, වෙනත් කිසි දේකට ඔබව
ආකර්ෂණය කළ නොහැක.