11.01.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, වඩාත්ම ආදරණීය ශිව බාබා, ඔය දරුවන්ව ලෝකයේ අධිපතියන් කරවීමට පැමිණ සිටියි. එබැවින් ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
මිනිසුන් උත්තරීතර පියා සම්බන්ධයෙන්, එකිනෙකාට පවසන, මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ දේවල් දෙක මොනවාද?

පිළිතුර:
එක් අතකින් ඔහු සදාතනික ආලෝකය බව ඔවුන් පවසන අතර, අනෙක් අතට ඔවුන් පවසන්නේ, ඔහු නමක් හා රූපයක් ඉක්මවු බවයි. මෙම කාරණා දෙක, එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ඔහුව නිවැරදිව හඳුනා නොගැනීම නිසා, ඔවුන් දිගින් දිගටම අපවිත්‍ර වෙයි. පරමාත්ම පියා පැමිණි විට, ඔහු තමාගේ සත්‍ය හැඳින්වීම ලබා දෙයි.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවන්නට සහ මියැදෙන්නට.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුණා. කෙනෙක් මිය ගිය විට, ඔහු පියෙකුට දාව උපදියි. ඔහුගේ පියාට දාව ඔහු උපත ලැබු බව කියයි. ඔවුන් මවගේ නම සඳහන් නොකරයි සුබ පැතුම් ලබා දෙන්නේ පියාටයි. ඔබ ජීවාත්ම බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. එය ශරීරය පිළිබඳ කාරණාවකි. ජීවාත්මයක්, තම සිරුර හලා, ඔහුගේ ඊලඟ පියා වෙතට යයි. උපත් 84 කදී ඔබට භෞතික පියවරු 84 ක් සිට ඇත. ඇත්ත වශයෙන්ම ඔබ පටන් ගැන්මෙදී අශාරීරක පියාගේ දරුවන්ය. ඔය ජීවාත්ම, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයගේ දරුවන්ය. ඇත්ත වශයෙන්ම ඔබ නිර්වාණ දේශය සහ සාම දේශය ලෙසින් හැඳින්වෙන ස්ථානයේ වැසියන්ය. ඔබ පටන්ගැන්මේදී එම ස්ථානයේ වැසියන්ය. පියාද වාසය කරන්නේ එහිය. ඔබ මෙහි පැමිණ භෞතික පියවරුන්ගේ දරුවන් බවට පත් වෙයි. එබැවින් ඔබට එම පියාව අමතක වෙයි. ඔබ සතුටින් සිටින ස්වර්ණමය යුගයෙදී ඔබ එම පාරලෞකික පියා අමතක කර දමයි. ඔවුන් සතුටින් සිටින විට, කිසි කෙනෙක් එම පියාව සිහි කරන්නේ නැත. ඔවුන් ඔහු සිහි කරන්නේ ඔවුන් දුකින් සිටින විටයි, එමෙන්ම ඔහුව සිහි කරන්නේ ජීවාත්මයි. භෞතික පියෙක්ව සිහි කරන විට, බුද්ධිය යන්නේ සිරුර වෙතටයි. මෙම බාබා (බ්‍රහ්ම බාබා) එම බාබාව සිහි කරන විට, ඔහු පවසන්නේ ඕ බාබා! කියාය. දෙදෙනාම බාබාය. නිවැරදි වචනය වන්නේ බාබාය. එම කෙනා පියා වන අතර මෙම කෙනාද පියෙක්ය. ජීවයක්, එම ආධ්‍යාත්මික පියාව සිහිපත් කරන විට ඔහුගේ බුද්ධිය ඒ දෙසට යයි. පරම පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. පියා පැමිණ ඔබව සතු කරගෙන ඇති බව, ඔබ දැන් දන්නවා. පියා පවසන්නේ මා මුලදී ඔබව දිව්‍ය ලෝකයට යැවූ විට, ඔබ බොහෝ සතුටින් සිටියා, නමුත් දැන් නාටකයේ සැලසුමට අනුව උපත් 84 ක් ගැනීමෙන් පසුව ඔබ දුකට පත්වී ඇත. දැන් නාටකයට අනුව, පැරණි ලෝකය අවසන් විය යුතුයි. ඔය ජීවාත්ම සහ ඔබගේ ශාරීරික පැළඳුම් සතෝප්‍රධාන් විය. ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයේ සිට රිදී යුගයට ගිය අතර, ඒ අනුව ඔබගේ සිරුරුද රිදී යුගී විය. ඉන්පසුව ඔබ තඹ යුගයට ගියා. දැන් ඔය ජීවාත්ම මුළුමනින්ම අපවිත්‍ර වී ඇති නිසා ඔබගේ සිරුරුද අපවිත්‍රයි. එය අවපැහැ ගැන්වෙන නිසා කිසි කෙනෙක් කැරට් 14 රත්තරං වලට කැමති නොවන වන සේම, ඔබද දැන් අවපැහැ ගැන්වී කලි යුගී බවට පත් වී ඇත. දැන් මෙතරම් අවලස්සණ වී ඇති ජීවාත්මය සහ ශරීරය, නැවත පිවිතුරු වන්නේ කෙසේද? ජීවාත්ම, පිවිතුරු වන විට, ඔවුන්ට පිවිතුරු ශරීර ලැබෙයි. ඔබ එසේ වන්නේ කෙසේද? ගංගා නදියේ නෑමෙන්ද? නැත! ඔබ කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි! මෙය පවසන්නේ ජීවයයි. බුද්ධිය, පාරලෞකික පියා වෙතට යයි. අහෝ බාබා! බාබා යන වචනය, කෙතරම් මිහිරිදැයි බලන්න. බාබා, බාබා! කියා ඔබ පවසන්නේ භාරතයේ පමණයි. ඔබ දැන් බාබාට අයත් වන අතර, ජීවාත්ම අවධානයට පත්වෙමින් සිටිනවා. පරමාත්ම පියා පවසන්නේ මා ඔබව දෙව්ලොව ඇරියා. ඔබ අළුත් සිරුරු හදාගත්තා. ඔබ දැන් පත්ව සිටින්නේ කවුරුන් බවටද? ඔබ සෑම විටෙකම මෙම දේවල් ඔබගේ ඇතුලාන්තයේ තබා ගත යුතුයි. ඔබ සිහි කළ යුතතේ පරම පියාව පමණයි. ඔබ ඔහු සිහි කරන්නේ අහෝ බාබා, ජීවාත්ම වන අප, අපවිත්‍ර වී සිටියි! දැන් පැමිණ අපව පිවිතුරු කරන්න! මෙම කොටස නාටකයේ නියම වී තිබේ, ඔවුන් කන්නලව් කරන්නේ මේ නිසාය. නාටකයේ සැලසුමට අනුව, ඔහු මෙහි පැමිණෙන්නේ පැරණි ලෝකය නැවතත් අළුත් වීමට ඇති විටයි. එබැවින් ඔහු අනිවාර්යෙන්ම පැමිණිය යුත්තේ සංගම යුගයේදීය. බාබා, වඩාත්ම ආදරණීයයි යන විශ්වාසය ඔය දරුවන්ට තිබේ. මිහිරි, වඩා මිහිරි සහ වඩාත්ම මිහිරි! යැයි කියයි. දැන් මිහිරි වන්නේ කවුද? ලෞකික සම්බන්ධකම් වලදී, මුලින්ම සිටින්නේ ඔබට උපත ලබා දෙන පියාය. ඉන්පසුව ගුරුවරයා සිටියි ඔහු යහපත්ය. ඔබ ඔහු සමග ඉගෙනගෙන තත්ත්වයක් ලබා ගනී. ආදායම් මාර්ගය වන්නේ දැනුමයි යැයි කියමනකි. ග්‍යාන්, ඥානය වන අතර යෝගාව, සිහි කිරීමයි. ඉතිං, ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කළ පියාව ඔබට අමතක විය. ශිව බාබා පැමිණෙන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ශිව බාබා, බ්‍රහ්මගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු කරන බව, පිංතූර වල පැහැදිලිව පෙන්වා තිබේ. ක්‍රිෂ්ණා රාජයෝගාව උගන්වන්නේ කෙසේද? රාජයෝගාව උගන්වන්නේ ස්වර්ණමය යුගය සඳහාය. එබැවින් පරමාත්ම පියා එය නිසැකයෙන්ම උගන්වන්නේ සංගම යුගයේදීය. ස්වර්ණමය යුගය ස්ථාපිත කරන්නේ බාබාය. ශිව බාබා එය සිදු කරන්නේ මෙම කෙනාගේ මාර්ගයෙනි. ඔහු කරන්කරවන්හාර්ය ක්‍රියා කරන, එමෙන්ම අන් අය මාර්ගයෙන් ක්‍රියා කරන කෙනා). ඒ මිනිසුන් ත්‍රිමූර්ති බ්‍රහ්ම ගැන කතා කරයි. උසස්ම උසස් කෙනා වන්නේ ශිවාය. මේ කෙනා ශාරීරික වන අතර එම කෙනා අශාරීරිකයි. ලෝකය පැවතෙන්නේ මෙහිය. මෙම ලෝක චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වෙයි එය අඛණ්ඩව නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. සූක‍්ෂම කලාපයේ ලෝක චක්‍රයක් ගැන සඳහනක් නැත. නැවත නැවතත් ඒ අන්දමින්ම සිදුවන්නේ, මනුෂ්‍යයින්ගේ ලෝක ඉතිහාසය සහ භූගෝලයයි. සූක‍්ෂම ලෝකයේ චක්‍රයක් නැත. ඔවුන් ලෝක ඉතිහාසයේ සහ භූගෝලයේ නැවත සිදුවීම ගැන කතා කරයි. ඉන් හැඳින්වෙන්නේ මේ කාලය ගැනයි. ස්වර්ණමය යුගය, රිදී යුගය, තඹ යුගය සහ කලි යුගය තිබේ, ඒ අතරමැද අනිවාර්යෙන්ම සංගම යුගය අවශ්‍යයි. එසේ නැත්නම්, කලි යුගය, ස්වර්ණමය යුගය බවට පත් කරවන්නේ කවුද? අපායේ වැසියන්ව, දෙව්ලොව වැසියන් බවට පරිවර්ථනය කිරීමට, පරම පියා සංගම යුගයෙදී පැමිණෙයි. මෙය උසස්ම අධිකාරිත්වයයි, දෙවි පියාණන්ගේ රජයයි, එමෙන්ම ධර්මරාජ් සිටින්නේද ඔහු සමගයි. ජීව පවසන්නේ මට ගුණදම් නැහැ. මා ගුණදම් රහිතයි! දේවාලවල, දේවතා ප්‍රතිමා ඉදිරියට ගිය විට මිනිසුන් මෙසේ කියයි. ඔවුන් මෙය කිව යුත්තේ පරමාත්ම පියාටයි. ඔවුන් ඔහුව පසෙකට දමා ගොස්, මෙය සහෝදරයන්ට පවසයි. මෙම දේවතාවන් සහෝදරයන්ය. ඔබට සහෝදරයන්ගෙන් (දේවතාවන්) කිසිම දෙයක් ලැබෙන්නේ නැත. සහෝදරයන්ට වන්දනා කරමින් සිටි අතර, ඔබ අඛණ්ඩව පහළට පැමිණියා. බාබා දැන් පැමිණ ඇති බවත්, ඔබට ඔහුගෙන් උරුමයක් ලැබෙන බවත් ඔය දරුවන්ට දැන් වැටහෙයි. මිනිසුන් පරම පියාව නොදන්නා අතර, ඔහු සෑම තැනකම සිටින බව පවසයි. ඇතමුන් පවසන්නේ ඔහු සදාතනික ආලෝක පදාර්ථය බවයි. තවත් සමහරුන් පවසන්නේ ඔහු නමක් සහ රූපයක් ඉක්මවු කෙනෙක් බවයි. ඔහු සදාතනික් ආලෝක පදාර්ථය බැවින්, ඔහු නාමයක් සහ රූපයක් ඉක්මවා සිටින්නේ කෙසේද? පරමාත්ම පියාව නොදන්නා නිසා, මිනිසුන් අපවිත්‍ර වී තිබේ. සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතුයි. පසුව, පියා පැමිණි විට, ඔහු සෑම කෙනෙක්වම සතෝප්‍රධාන් කරවයි. සියලුම ජීවාත්ම, පරමාත්ම පියා සමග අශාරීරික ලෝකයේ වාසය කරයි. පසුව ඔවුන් පැමිණ ඔවුන්ගේ සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා තම චරිත කොටස් රඟපායි. ජීවාත්ම, පියාව සිහිපත් කරයි. පියා පැමිණ පවසන්නේ මා බ්‍රහ්මගේ සිරුරේ ආධාරය ගන්නෙමි. භාග්‍යවන්ත රථය මෙයයි. ජීවාත්මයක් නොමැතිව රථයක් තිබිය නොහැක. මෙය ඥානයේ වර්ෂාව බව, ඔය දරුවන්ට විස්තර කර දී තිබේ එය ඥානයයි. මේ තුළින් සිදුවන්නේ කුමක්ද? අපවිත්‍ර ලෝකය, පිවිතුරු වෙයි. ගංගා නම් නදිය සහ යමුණා නදියද ස්වර්ණමය යුගයේදී පවතීවි. ඔවුන් පවසන්නේ ක්‍රිෂ්ණා, යමුණා ගංතෙර ක්‍රිඩා කරන බවයි. එවන් කිසි දෙයක් නැත. ඔහු ස්වර්ණමය යුගයේ රාජ කුමාරයෙක් වන අතර, ඔහු මලක් බැවින් බොහෝ හොඳින් රැක බලා ගනු ලබයි. මලක් ඉතා හොඳ මෙන්ම ලස්සණය. සෑම කෙනෙක්ම පැමිණ, මලකින් සුවඳ ලබාගනී. කිසිම කෙනෙක් කටුවකින් සුවඳ ගන්නේ නැත. මෙය දැන් කටු ලෝකයයි. පරම පියා පැමිණ, මෙම කටු කැලෑව, මල් උයනක් බවට පත් කරවයි, මේ නිසයි ඔහු බබුල්නාථ කියා හැඳින්වෙන්නේ (කටු වලට අධිපති). ඔහු මෙතැන අසුන්ගෙන, කටු, මල් බවට පරිවර්ථනය කරන බැවින්, ඔහුට කටු, මල් බවට පරිවර්ථනය කරන බාබා ලෙස ප්‍රශංසා කරයි. ඔය දරුවන් තුළ දැන් පරම පියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි! භෞතික පියවරුන් ඔබව අගුපිලට විසි කර දමයි! මෙම පියා ඔබව පිවිතරු කර, උපත් 21 කට ඔබව අගුපිලෙන් ඉවත් කරයි. ඔවුන් ඔබව අපවිත්‍ර කරයි, මේ නිසයි, ජීව, ලෞකික පියවරුන් සිටියදී පවා, මෙම ලෝකයට එපිටින් සිටින පියාව සිහි කරන්නේ. ඔබ චක්‍රයෙන් භාගයක්ම පියාව සිහි කරමින් සිටි බව ඔබට දැන් වැටහෙයි. පියා අනිවාර්යෙන්ම පැමිණෙයි. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරති. ඔබ අසීමිත පියාට අයත් බව ඔබ දන්නවා. ඔබට දැන් ඔහු සමග මෙන්ම ඔබගේ ලෞකික පියවරුන් සමඟද සම්බන්ධතාවයක් තිබේ. එපිටින් සිටින පියාව සිහිපත් කිරීමෙන් ඔබ පිවිතුරු වෙයි. එම අය ඔබගේ ලෞකික පියවරුන් බවත්, මෙම කෙනා එපිට සිටින පරමාත්ම පියා බවත් ඔය ජීවාත්මයන්ට වැටහෙයි. භක්ති මාර්ගයේද ජීවාත්මයන්ට මෙය වැටහෙයි. ඒ නිසයි ජීව කන්නලව් කරන්නේ අහෝ දෙවියණි! අහෝ දෙවි පියාණෙනි! ජීව, අවිනාශී පියාව සිහිපත් කරන නමුත්, එම පියා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බව, කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත. ග්‍රන්ථ වල, සියලුම යුගවලට දීර්ඝ කාල වකවානුවක් දී ඇත. පරමාත්ම පියා පැමිණෙන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට බවත්, ඔහු නිසැකයෙන්ම පැමිණිය යුත්තේ සංගම යුගයෙදී බවත්, කිසි කෙනෙකුගේ සිතට ඇතුළු වන්නේ නැත. චක්‍රයේ කාල වකවානුව වසර සිය දහස් ගණනක් බව ලියා, ඔවුන් මිනිසුන්ව මුළුමනින්ම අන්ධකාරයට පත් කර තිබේ! ඔවුන් දෙවියන්ව ලබා ගැනීමට දිගින් දිගටම වැටි වැටි සැරිසරයි. ඔවුන් පවසන්නේ බොහෝ භක්තියේ යෙදෙන අය, අනිවාර්යෙන්ම දෙවියන්ව ලබා ගනී. වැඩියෙන්ම භක්තියේ යෙදෙන අයට, සැබවින්ම පළමුව පරමාත්ම දෙවියන්ව හමුවිය යුතුයි. පරම පියා ඔබට පැහැදිලි ගිණුම පෙන්වා තිබේ. පළමුව භක්තිය සිදු කරන අය ඔබයි. ගොස් නව ලෝකය පාලනය කිරීම සඳහා එබැවින් පරමාත්ම දෙවියන්ගෙන් පළමුව ඥානය ලබා ගත යුත්තේ ඔබයි. අසීමිත පියා ඔය දරුවන්ට ඥානය ලබා දෙයි. මෙහි අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පරම පියා පවසන්නේ ඔබ චක්‍රයෙන් භාගයක්ම මා සිහි කරමින් සිටියා. කිසි කෙනෙක් සතුටින් සිටින විට, මා සිහි කරන්නේ නැත. සෑම කෙනෙක්ම අවසානයේදී දුකට පත් වූ විටයි, මා පැමිණ, ඔබව සතුටට පත්කරවන්නේ. ඔබ දැන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට පත්වනවා. මහ ඇමති සහ අගමැතිගේ බංගලාවන් කෙතරම් පළමු පෙළේ ඒවාද කියා බලන්න! එහි, ගවයන් සහ සියලුම ගෘහ භාණ්ඩ ආදියද පළමු පෙළේ ඒවා වෙයි. ඔබ එතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත් වෙමින් සිටිනවා ඔබ දිව්‍ය ලෝකයේ අධිපතියන්, දිව්‍යමය ගුණධර්ම ඇති දේවතාවන් බවට පත්වෙමින් සිටිනවා. එහි, ඔබගේ මාලිගා, දියමන්ති සහ මැණික් වලින් ඔබ්බවා තිබෙයි. එහි, ඔබගේ ගෘහ භාණ්ඩ පළමු පෙළේ වී, රත්තරං වලින් ඔබ්බවා තිබෙයි. මෙහි, ඔංචිල්ලා ආදිය වුවත් ඉතා පහත් තත්ත්වයේ ඒවාය. එහි සෑම දෙයක්ම අංක එකේ මෙන්ම දියමන්ති සහ මැණික් වලින් ඔබ්බවා තිබෙයි. මෙය රුද්‍රාගේ ඥානයේ යාග ගින්නයි. ශිවාට රුද්‍රා යැයිද කියයි. භක්තිය අවසානයකට පැමිණෙන විට, පරමාත්ම දෙවියන් රුද්‍රාගේ යාග ගින්න නිර්මාණය කරයි. ස්වර්ණමය යුගයෙදී, යාග හෝම හෝ භක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙකල පියා මෙම රුද්‍රාගේ අවිනාශි යාග ගින්න නිර්මාණය කරන අතර, පසු කාලයන්හිදි මෙය සිහිපත් කෙරෙයි. භක්තිය, සෑම කල්හිම නොපැවතෙයි. භක්තිය සහ ඥානය ඇත. භක්තිය, රාත්‍රිය වන අතර, ඥානය, දිවා කලයි. පරම පියා පැමිණ, දිවා කල ගෙන එයි. එබැවින් ඔය දරුවන් තුළ පියා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. බාබා, ඔබව ලෝක පාලකයන් බවට පත් කරවනවා! ඔහු වඩාත්ම ආදරණීය බාබාය. ඔහුට වඩා ආදරණීය වෙනත් කෙනෙක් සිටිය නොහැක. ඔබ චක්‍රයෙන් භාගයක්ම ඔහු සිහිකරමින් සිටියා බාබා, පැමිණ අපගේ දුක නැති කරන්න! පරමාත්ම පියා දැන් පැමිණ, විස්තර කරන්නේ ඔබ ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කළ යුතුයි. ඔබට බාබා සමග කොපමණ කාලයක් මෙහි සිටිය හැකිද? ඔබට බාබා සමග සිටිය හැක්කේ උත්තරීතර දේශයේ පමණයි. මෙතරම් දරුවන් සංඛ්‍යාවකට මෙහි සිටිය නොහැක. ගුරුවරයා ප්‍රශ්න අසන්නේ කෙසේද? ඔබට ශබ්ද විකාශන යන්ත්‍රයකට ප්‍රතිචාර කළ හැකිද? මේ නිසයි ඔහු වරකට ශිෂ්‍යයින් ටික දෙනෙකුට පමණක් උගන්වන්නේ. බොහෝ කොලීජී තිබෙන අතර, පසුව ඔවුන් සියලු දෙනාම විභාග වලට පෙනී සිටිය යුතුයි. ලැයිස්තුවක් සාදයි. මෙහි ඔබට උගන්වන්නේ එක් පරම පියා පමණයි. දුක් කාලයන්හිදී සෑම කෙනෙක්ම මෙම ලෝකයට එපිටින් සිටින පියාව සිහි කරන බව, ඔබ විස්තර කළ යුතුයි. එම පියා දැන් පැමිණ සිටියි. විශාල මහා භාරත යුද්ධය තිබෙන්නේ ඔබ ඉදිරියේය. ඒ මිනිසුන් සිතන්නේ මහා භාරත යුද්ධ සමයේ ක්‍රිෂ්ණාද පැමිණි බවයි. එය කෙසේවත් සිදු විය නොහැක්කක්! මිනිසුන් මුළුමනින්ම අවුලට පත්ව සිටියි. ඒ තිබියදී ඔවුන් දිගින් දිගටම ක්‍රිෂ්ණා සිහි කරයි. දැන් ශිවා සමගින්ම, ක්‍රිෂ්ණාද බොහෝ ආදරණීයයි. කෙසේවෙතත්, ඔහු ශාරීරික වන අතර, එම කෙනා අශාරීරිකයි. අශාරීරික පියා, සියලුම ජීවාත්මයන්ගේ පියාය. දෙදෙනාම බොහෝ ආදරණීයයි. ක්‍රිෂ්ණාද ලෝකයේ අධිපතිය. වැඩියෙන් ආදරණීය කවුරුන්ද කියා, ඔබට දැන් විනිශ්චය කළ හැක. ඔබව ඒ තරම් වටිනා අය කරවන්නේ ශිව බාබා පමණයි. ක්‍රිෂ්ණා කරන්නේ කුමක්ද? ඔහුව ඒ අන්දමට පත් කරවන්නේ පරම පියා පමණයි, එබැවින් වැඩියෙන් ප්‍රශංසා කළ යුත්තේ එම පියාවයි. ඔවුන් ශංකර්ගේ නර්ථනය පෙන්වා ඇත. ඇත්ත වශයෙන්ම නර්ථනයක් ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. පරමාත්ම පියා ඔබට විස්තර කර තිබෙන්නේ ඔබ සෑම කෙනෙක්ම පාර්වතීන්ය. අමරණීයත්වයේ පියා වන ශිවා, ඔබට කතාපුවත පවසනවා. එය පාපයෙන් තොර ලෝකයයි. එහි පාපයන් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා දූෂිත ලෝකයක් නිර්මාණය කරයිද? පාපයන් තුළ දුක තිබේ. මිනිසුන් බොහෝ විවිධ මාදිලියේ හත යෝගා ඉගෙනගනී. ඔවුන් ගොස් ගුහාවල අසුන් ගෙන සිටියි. ඔවුන් ගින්දර උඩින් පවා ඇවිදියි. බොහෝ ගුප්ත බල තිබේ ඔවුන් විජ්ජා තුළින් බොහෝ දේ මතු කර පෙන්වයි. දෙවියන්ටත් විජ්ජාකරු, මැණික් වෙළෙන්දා සහ ව්‍යාපාරිකයා යැයි කියයි. එබැවින් ඔහු අනිවාර්යෙන්ම ජීවමාන විය යුතුයි. ඔහු පවසන්නේ මා සැබවින්ම පැමිණෙන්නෙමි. ඔහු විජ්ජාකරුයි. ඔහු මනුෂ්‍යයින්ව, දේවතාවන් බවට සහ යාචකයන් රජකුමරුන් බවට පත් කරවයි. ඔබ එවන් විජ්ජා කිසිදා දැක තිබේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ මල් උයනට යා යුතුයි. එබැවින් සුවඳැති මල් වන්න. කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න. සියලු සම්බන්ධතා එක් පාරලෞකික පියා සමග පවත්වන්න.

2. වඩාත්ම ආදරණීය කෙනා ශිව බාබාය. ඔහුට පමණක් ආදරය කරන්න. සතුට පිරිනමන්නා වන පරමාත්ම පියාව සිහි කරන්න.

වරදානය:
ඔබ මෙලොවට ඇති බැඳීම් වලින් නිදහස්, පියාසර කරන කුරුල්ලෙක් වී, සූක‍්ෂම දේශය වටා සංචාරය කරත්වා.

සූක‍්ෂම දේශය සහ අශාරීරික ලෝකය වටා ඔබගේ බුද්ධියේ අහස් යානාවෙන් සංචාරය කිරීම සඳහා, පියාසර කරන කුරුල්ලෙක් වන්න. ඔබගේ බුද්ධියෙන්, ඔබට අවශ්‍ය ඕනෑම තැනකට, ඕනෑම වෙලාවක යන්න. මෙය කළ හැකි වන්නේ ඔබ මෙලොවට ඇති බැඳීම් වලින් නිදහස් වූ විට පමණයි. මේ ලෝකය නීරසයි, එමෙන්ම මේ නීරස ලෝකය සමග ඔබට කිසිදු සම්බන්ධකමක් නොමැති විට, ලැබීමක් නැති තැන, ඔබගේ බුද්ධියෙන් එහි යෑම ඔබ නතර කළ යුතුයි. මෙය අපායේ අන්ත අගාධයයි, එබැවින් මෙලොවට යාමට කිසිදු සිතිවිල්ලක් හෝ සිහිනයක් ඔබට නොතිබිය යුතුයි.

පාඨය:
ඔබගේ මුහුණෙන් සහ ක්‍රියාකාරකම් වලින් සත්‍යයේ සහ ආචාරශීලී බවේ අත්දැකීම ලබා දීම, ශ්‍රේෂ්ඨත්වයයි.