11.01.23       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ බුද්ධියෙහි යෝගා නිරන්තරයෙන්ම පියා සමඟ තබා ගන්න. එවිට ඔබට ඉතාමත් පහසුවෙන් මේ දීර්ඝ ගමන සම්පූර්ණ කළ හැකි වනු ඇත.

ප්‍රශ්නය:
තමාව බාබා වෙත කැප කිරීම උදෙසා ඔබ අත්හළ යුතු එකම එක දෙය කුමක්ද?

පිළිතුර:
ශරීර අවධානයයි. ඔබ ශරීර අවධානයට පත් වූ වහාම ඔබ මිය යන අතර, විනාශ මුඛයට ඇද වැටෙනු ඇත. මේ නිසා තමයි බාබාට කැපවීමේ සිතිවිල්ල පැමිණි විට දරුවන්ගේ හදවත් ගැහෙන්නේ. ඔබ කැප වූ දා සිට, ඔබ තුළ තිබිය යුත්තේ ඔහුගේම ස්මරණය පමණයි. ඔබ අනිවාර්යෙන්ම තමාව ඔහු වෙත කැප කළ යුතු වන අතර ඔහුගේ ශ්‍රීමත් පමණක් අනුගමනය කරන්න.

ගීතය:
ඔහෝ රාත්‍රි සංචාරයකය, වෙහෙසට පත් නොවන්න. හිරු පායා ඇත. ගමනාන්තය එතරම් ඈත නොවේ.

ඕම් ශාන්ති.
දෙවියන් කතා කරයි. දෙවියන් තම දරුවන්ට රාජයෝගා හා දැනුම ලබා දෙයි. මේ මනුෂ්‍යයෙක් නොවෙයි. ක්‍රිෂ්ණා දෙවියන් කතා කරනා බව ගීතාවේ සඳහන් වී තිබෙනවා. දැන්, මායාගෙන් මුළු ලෝකයම මුදවා ගන්නට ශ්‍රී ක්‍රිෂ්ණාට බැහැ. බාබා පැමිණීමෙන් පමණයි දරුවන්ට මෙය විස්තර කර දිය හැක්කේ. බාබාව තමා වෙත අයිති කරගෙන තිබෙනා අය බාබාත් සමඟ මුහුණට මුහුණ ලා අසුන්ගෙන සිටිනවා. ක්‍රිෂ්ණා, පියා ලෙස හැඳින්විය නොහැකියි. පියාව හඳුන්වන්නේ, උත්තරීතර ජීවාත්මය, උත්තරිතර දනව්වේ (පරම්දාම්) හි වාසය කරනා තැනැත්තා ලෙසයි. ජීවාත්මය මෙම ශරීරය මාර්ගයෙන් පරමාත්ම දෙවියන් සිහිපත් කරනවා. පරම පියා මෙහි අසුන්ගෙන විස්තර කරනවා: මා, පරම්දාම් හි වාසය කරනා ඔබගේ පියායි. සියලූ ජිවාත්මයන්ගේ පියා මමයි. මා චක්‍රයකට ඉහත දීත් මෙහි පැමිණ, මා වෙත, උත්තරීතර පියා වෙත ඔබගේ බුද්ධියේ යෝගා සම්බන්ධ කරලීමට දරුවන්ට ඉගැන්වූවා. ඔහු ජීවාත්මයන්ට කතා කරයි. ජීවාත්මයක් ශරීරයක් තුළට ඇතුළුවනතුරු, ඔහුට ඇස් දෙකෙන් දකින්නවත්, කන් දෙකෙන් අහන්නවත් බැහැ. ජීවාත්මයකින් තොර වූ ශරීරයක් අජීවී දෙයකි. ජීවාත්මය සජීවී තැනැත්තාය. මව් ගර්භාෂය තුළ දරුවෙක් සිටිනවා. නමුත්, ජීවාත්මයක් ඒ තුළට ඇතුළු වන තුරු, එයට දැඟලිය නොහැකියි. ඉතින්, බාබා එවන් වූ සජීවී ජීවාත්මයන්ට කතා කරනවා. ඔහු කියනවා: මා මෙම ශරීරය ගෙන තිබෙන්නේ ණයටයි. මා පැමිණ සියලූම ජීවාත්ම නැවතත් ගෙන යනවා. මා, මගේ ඉදිරියේ සිටිනා ජීවාත්මයන්ට රාජයෝගා උගන්වනවා. මුළු ලෝකයම රාජයෝගා ඉගෙන ගන්නේ නැහැ. මීට ඉහත චක්‍රයේදීත් පැමිණි අය තමයි රාජයෝගා ඉගෙන ගන්නේ. බාබා දැන් විස්තර කරනවා: නොකඩවාම, අවසානය වන තුරුම ඔබගේ බුද්ධියෙහි සම්බන්ධය බාබා හා තබා ගන්න: මෙය නවත්වන්න එපා. විවාහ වීමට ප්‍රථම, ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකා හඳුනා නොගනී. කෙසේවෙතත්, ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පසුව සමහරු අවුරුදු 60ක් හෝ 70ක් එකට ජීවත් වන අතර මුළු ජීවිතය පුරාම, ඔවුන් සිහි කරන්නේ ශරීරයම පමණයි. භාර්යාව කියයි: මේ මගේ ස්වාමි පුරුෂයා කියා. ඒ වගේම ස්වාමි පුරුෂයා කියයි: මේ මගේ භාර්යාව. ඔබ දැන් අශරීරික තැනැත්තා සමඟ සම්බන්ධව සිටිනවා. මෙහි පැමිණ මෙම විවාහය සූදානම් කරන්නේ ඒ අශරීරික වූ පියායි. මා පෙර චක්‍රයේ කළාක් මෙන් මම ඔබ දරුවන් මට විවාහ කරගන්නවා. මම, අශාරීරික තැනැත්තා, මනුෂ්‍ය ලෝක වෘක්ෂයෙහි බීජයයි. දෙවියන්, පරම පියා, විසින් මෙම මනුෂ්‍ය ලෝකය නිර්මාණය කළේ යැයි සෑම කෙනෙක්ම කියනවා. ඔබගේ පරම පියා සෑම විටම ඉන්නේ පරම්දාම්හියි. ඔහු දැන් කියනවා: මා සිහිපත් කරන්න. මන්ද, මේ ගමන ඉතා දීර්ඝ වූවක්. බොහෝ දරුවන් වෙහෙසට පත් වන අතර, ඔවුන්ට තම බුද්ධිය යෝගාහි සම්පූර්ණයෙන්ම යෙදවීමට නොහැකි වනවා. මායා ඔවුන්ව රස්තියාදුවේ ගෙන යන නිසා, ඔවුන් වෙහෙසට පත් වෙනවා. සමහරු බාබාගේ අත පවා අත්හැර, මිය යනවා. මීට ඉහත කල්පයේ දීත් මේ දෙයම සිදු වූවා. එම වැන්දඹුව දිගින් දිගටම ඔහුව සිහි කරනවා. මේ පියා සහ ස්වාමිපුරුෂයා ඒ අයුරින් ඔබව අත්හැර යන්නේ නැහැ. ඔහු කියනවා: මම මනමාලියන් වන ඔබව මා හා ගෙන යන්නෙමි. කොහොමනමුත්, මේ සඳහා කාලයක් ගත වෙනවා. ඉතින් වෙහෙසට පත් වන්න එපා. ඔබගේ හිස මත විශාල පාප බරක් තිබෙනවා. ඒ වගේම එය ඉවත් වී යන්නේ යෝගා මඟින්ම පමණයි. ඔබගේ යෝගා කෙතරම් බලවත් විය යුතුද කියතොත්, අවසාන මොහොතේදී ඔබට සිහිවිය යුත්තේ, පියා, ඒ මනමාලයාම පමණක් විය යුතුයි. ඔබ වෙනත් කෙනෙක් සිහි කළහොත්, ඔබ විනාශ වන අතර, එම පාපය වෙනුවෙන් දඩුවම් ලැබිය යුතු වනවා. මේ බාබා කියනවා: පරම්දාම් වෙත යන සංචාරකයිනි, වෙහෙසට පත් නොවන්න. මා බ්‍රහ්මා මාර්ගයෙන් ඒ මුල්ම ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කරනා බවත්, ශංකර් මාර්ගයෙන් සියලූ ආගම් වල විනාශයත් ගෙන එන බව ඔබට වැටහෙනවා. දැන් ඔවුන් සෑම ආගමක්ම එක්වන්නැයි කියමින් ඒ සඳහා සම්මන්ත්‍රණ පවා පවත්වනවා. ඔවුන් එකට එක් වී සාමයෙන් එකට ජීවත් වීමට ක්‍රම සොයනවා. මෙතරම් ආගම් ප්‍රමාණයක් එකම දිශාවක යාම සිදු විය නොහැකි දෙයකි. එක් දිශාවක යන, එක් ආගමක් ස්ථාපනය වෙනවා. සෑම ආගමක්ම සියලූ දිව්‍යමය ගුණාංග වලින් පිරි සම්පූර්ණයෙන් පාපයෙන් තොර වුවහොත්, ඔවුන්ට කිරි පැණි මෙන් ජීවත් විය හැකිය. රාමාගේ රාජ්‍යයේ සිටිනා සෑම කෙනෙක්ම කිරි පැණි වැනියි. සතුන් පවා රණ්ඩු කරන්නේ නැහැ. මෙහි සෑම නිවසකම තිබෙන්නේ අඩ දබරයි. ඔවුන් නායකයා සහ පාලකයාට අයත් නොවන විට තමයි එසේ දබර කරන්නේ. ඔවුන් තම මව හෝ පියාව දන්නේත් නැහැ. ඔවුන් මෙසේ ගායනාත් කරනවා: මව හා පියා ඔබයි. අප ඔබගේ දරුවන්. ඔබගේ අනුකම්පාවෙන් අප සතුටේ ධනය ලබන්නෙමු. දැන් සතුටේ කිසිම ධනයක් ඉතිරි වී නොමැති නිසා, ඔවුන් කියනවා: මවගෙන් හා පියාගෙන් අප කිසිම අනුකම්පාවක් ලබන්නේ නැහැ. ඔවුන් බාබාව දන්නේ නැහැ. ඉතින්, බාබා කොහොමද ඔවුන් වෙත අනුකම්පාව දක්වන්නේ? ඔවුන් ගුරුවරයාගේ උපදෙස් පිළිපදින්නේනම් පමණයි අනුකම්පාව ඇතිවිය හැක්කේ. දෙවියන් සෑම තැනකම ඉන්නවායි ඔවුන් කියනවා. එසේ බැලූවොත්, අනුකම්පා කරන්නේ කවුද? අනුකම්පාව ලබන්නේ කවුද? දෙකම අවශ්‍යයයි: අනුකම්පා කරන්නාත්, අනුකම්පාව ලැබිය යුතු අයත්. පළමුවෙන්ම ශිෂ්‍යයන් පැමිණ ගුරුවරයා සමඟ ඉගෙන ගත යුතුයි. කෙනෙක් පළමුවෙන්ම තමාවෙත මෙම අනුකම්පාව ඇති කර ගත යුතුයි. පසුව ඔහු තම ගුරුවරයාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. මෙම උත්සාහය දැරීමට ඔබව පෙළඹවීමට කෙනෙක් අවශ්‍යයි. මොහු පියා, ගුරුවරයා සහ සත් ගුරුවරයායි. ඔහුව හඳුන්වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා සහ උත්තරීතර සත්ගුරුවරයා ලෙසයි. බාබා කියනවා: සෑම චක්‍රයකදීම, මා මෙම ස්ථාපන ක්‍රියාවලිය සිදු කරමින් අපිරිසිඳු ලෝකය පාරිශුද්ධත්වයට පත් කරනවා. ලෝක සර්ව බලධාරී තැනැත්තා වන්නේ බාබායි. එමනිසා, ඒ ලෝක සර්ව බලධාරී තැනැත්තාගේ රාජ්‍යය නිරන්තරයෙන්ම රජයනු ඇත. මුළු ලෝකය පුරාම තිබෙන්නේ එකම එක ලක්ෂ්මි හා නාරායනගේ රාජධානියයි. ඔවුන් වෙතත් සර්ව බලධාරී තත්ත්වය තිබෙනවා. එහිදී කිසිම කෙනෙක් රණ්ඩු සරුවල් වන්නේ නැහැ. එහි මායා ඇත්තේ නැහැ. ඒ ස්වර්ණමය යුගය හා රිදී යුගයයි. සත් යුගය හා රිදී යුගය යන දෙකම දිව්‍ය ලෝකය, පාරාදීසය ලෙස හැඳින්වෙනවා. සෑම කෙනෙක්ම මෙසේ ගායනා කරනවා: රාධේ හා ක්‍රිෂ්ණා සිහිපත් කරමින්, වෘන්දා වනයට, දිව්‍ය ලෝකයට යන්න. කොහොමනමුත්, ඒ කිසිවෙක් යන්නේ නම් නැහැ: ඔවුන් කරන්නේ ඔවුන්ව සිහි කිරීම පමණයි. මේ මායාගේ රාජ්‍යය වන අතර සෑම කෙනෙක්ම අනුගමනය කරන්නේ රාවණ්ගේ වැරදි උපදෙස්ම පමණයි. වැදගත් යැයි කියාගෙන එන මිනිසුන් ඉතාමත් හොඳ මිනිසුන් ලෙස පෙනී සිට උසස් නාම පවා ලබා ගන්නවා. ඔවුන් මද ලෙසකින් හෝ භෞතික ධෛර්යයක් පෙන්වුවහොත් හෝ, හොඳ ක්‍රියාවක් කළහොත්, ඔවුන්ට උසස් නාමයක් දෙනවා. සමහරු දර්ශනාචාර්ය යනාදී නම් ලබනවා. ඔවුන් නොකඩවාම එලෙස නොයෙකුත් නම් තබා ගන්නවා. ඔබ දැන් බ්‍රහමින්වරුන්, ඔබ අනිවාර්යෙන්ම භාරතයට සේවය කරනවා. ඔබ ඒ දිව්‍යමය රාජ්‍යය ස්ථාපනය කරනවා. ඔබ ඔබගේ නාම ලබා ගන්නේ ස්ථාපන ක්‍රියාවලියෙන් අනතුරුවයි. සූර්ය වංශයේ රජ හෝ රැජිණ, චන්ද්‍ර වංශයේ රජ හෝ රැජිණ, යනාදිය එම නම්බු නාම වේ. පසුව ඔබගේ රාජ්‍යය ඇරඹෙනවා. එහිදී, කිසිම කෙනෙක් එවැනි, නාමයක් ලබන්නේ නැහැ. දුකක් දෙන කිසිවක් එහි ඇත්තේ නැහැ. ඉතින් කිසිම කෙනෙකුගේ දුකක් නැති කරන්නට හෝ, ධෛර්යයක් පෙන්වා නාමයක් ලබා ගැනීමේත් අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. මෙහි තිබෙනා ක්‍රම වේද එහි ඇත්තේ නැහැ. ඒ තබා, ලක්ෂ්මි හෝ නාරායනටවත් අපිරිසිඳු ලෝකයට පැමිණිය නොහැකියි. මේ වන විට පිරිසිඳු දේවතාවන් කිසිවෙක් ඇත්තේ නැහැ. මෙය අපිරිසිඳු, යක්ෂ ලෝකයක්. මිනිස්සු නොයෙකුත් ආකාරයේ අදහස් උදහස් වලින් වල්මත් වෙලා. මෙහිදී මෙහි තිබෙන්නේ ඒ එකම එක රාජධානියේ ස්ථාපනය සිදුවන්නා වූ එකම එක උසස් උපදේශයයි. කොහොමනමුත්, මෙසේ ඉදිරියට යන අතර තුර, සමහරුන්ට මායාගේ කටු ඇණුනු හෙයින් එම ජීව අබ්බගාත වූවා. මේ නිසා තමයි බාබා කියන්නේ: නිරන්තරයෙන්ම ශ්‍රීමත් අනුගමනය කරන්න. ඔබගේම මනසට එන දේ අනුගමනය කිරීමෙන් ඔබම රැවටෙනු ඇත. ඒ සත්‍ය වූ පියාගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබ සත්‍ය වූ ආදායමක් උපයා ගනු ඇත. තමාගේම සිතට එන දේ පිළිපැදීමෙන්, ඔරුව ගිලී යනවා. ශ්‍රීමත් අනුගමනය නොකිරීම හේතුවෙන්, බොහෝ මහා වීරයන්, පරිහාණියට ලක් වූවා. දැන් දරුවන් වන ඔබ විමුක්තිය ලබා ගත යුතුයි. ශ්‍රීමත් අනුගමනය නොකර පරිහාණියට ලක් වන්නන්ට බොහෝ සෙයින් පසුතැවිලි වීමට සිදු වනු ඇත. එවිට ශිව බාබා මෙම ශරීරයෙන් ධර්මරාජ් දේශයේ හිඳ මෙසේ කියයි: මා මෙම බ්‍රහ්මාගේ ශරීරය මාර්ගයෙන් ඔබට බොහෝ සෙයින් විස්තර කර දුන්නා. මා ඔබට ඉගැන්වූ අතර, ඔබ වෙනුවෙන් සෑහෙන උත්සාහයක් දැරුවා. සමහරු තමන්ගේ විශ්වාසය ගැන පවා කියමින් මෙසේ ලිව්වා: මම ශ්‍රීමත් අනුගමනය කරන්නෙමි. කොහොමනමුත්, ඔවුන් අනුගමනය කළේ නැහැ. ශ්‍රීමත් පිළිපැදීම ඔබ කිසිම දෙයක් නිසා නතර නොකළ යුතුයි. ඔබ සෑම දෙයක්ම ගැන බාබාට පවසතොත්. ඔබට අනතුරු ඇඟවීමක් වෙයි. ඔබ පියාව අමතක කළ විට පමණයි, කටු ඔබට අනින්නේ. එවිට ඒ විමුක්තිය ලබා දෙන්නා වූ පියාගෙන් හැතැප්ම දහස් ගණනක් දරුවන් ඈතට දිව යනවා. ඔවුන් මෙසේ ගායනා කරනවා: මා, ඔබට මාව කැප කරන්නම්. මම කැප වන්නෙමි. කොහොමනමුත්, ඔවුන් මෙසේ කරන්නේ කාටද? එය ලියැවී නැහැ: මම සන්‍යාසී කෙනෙක්ට කැප වන්නෙමි. නැතිනම්, මම බ්‍රහ්මා, විෂ්ණු හෝ ශංකර් වෙත කැප වන්නම්. නැතිනම්, මා ක්‍රිෂ්ණාට කැප වන්නම්. ඔබ, තමාව කැප කරන්නේ මනුෂ්‍යයෙක්ට නොව උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයටයි. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමිකර ගන්නවා. බාබාත් තමාව දරුවන් වන ඔබ වෙනුවෙන් කැප කරනවා. මේ අසීමිත වූ පියා මෙසේ කියනවා: මා මෙහි පැමිණ සිටින්නේ ඔබ වෙත කැප වන්නයි. කොහොමනමුත්, තමා පියාට කැප වන්නට සිතනා විට සමහර දරුවන්ගේ හදවත ගැහෙනවා. ඔබ ශරීර අවධානයට පත්වුවහොත්, මියැදෙන අතර විනාශ වී යනු ඇත. ඒ ඒකායන තැනැත්තාගේ ස්මරණය ඔබ තුළ තිබිය යුතුයි. ඔහු වෙත තමාව කැප කරන්න. මෙම නාටකය දැන් අවසන් වීමටයි තිබෙන්නේ. අප දැන් නිවස වෙත යා යුතුයි. ඔබගේ නෑ හිත මිතුරන් සෑම කෙනෙක්ම දැන් සොහොන් බිමේ වැළලී ගොසින්. දැන් ඔවුන්ව සිහි කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මේ සඳහා සෑහෙන පුහුණුවක් අවශ්‍ය වෙනවා. කතාවක් තියෙනවා: ජීවාත්මයක් උඩට නැගතහොත්, ඔහු අමෘතයේ රසය විඳිනවා. නමුත්, ජීවාත්මයක් පහළටම වැටුණහොත්, ඔහුට තම සියලූම තත්ත්වය නැතිව යනවා. ඔහු දිව්‍ය ලෝකයට නොඑන බවක් මින් අදහස් වන්නේ නැහැ. කොහොමනමුත්, රජ කෙනෙක් හා රැජිණියක් වීමත්, පුරවැසියෙක් බවට පත් වීමෙහිත් වෙනසක් තිබෙනවා. මෙහි සාමාන්‍ය වැසියෙක් හා අමාත්‍යවරයෙකුත් දෙස බලන්න: එහි වෙනසක් තිබෙනවා. එමනිසා, සම්පූර්ණ උත්සාහයෙහි යෙදෙන්න. කෙනෙක් වැටුණොත්, ඔහු සම්පූර්ණයෙන් අපිරිසිඳු වෙනවා. ජීවාත්මයකට ශ්‍රිමත් අනුගමනය කළ නොහැකි නම්, මායා එම ජීවාත්මයේ නාසයෙන් අල්ලා වලට විසිකර දමනවා. බාප්දාදාට අයිති වීමෙනුත් පසුව ඔහුට විරුද්ධ වීම ද්‍රෝහියෙක් බවට පත් වීමකි. මේ නිසා තමයි බාබා කියන්නේ: සෑම පියවරකදීම සැළකිලිමත් වන්න. මායාගේ කාලය දැන් අවසන් වෙමින් තිබෙනා නිසා ඇය ඔබ බොහෝ දෙනෙක්ව වට්ටන්නට ප්‍රයත්න දරනවා. එමනිසා, දරුවනි, ඉතාමත් සැළකිල්ලෙන් යුතුව ඉන්න. පාර තව ටිකක් දිගයි. නමුත් ලබනා තත්ත්වය ඉතාමත් උසස් වූවකි. ඔබ ද්‍රෝහියෙක් බවට පත්වුවහොත්, සෑහෙන දඩුවම් ලැබීමට සිදු වෙනවා. ධර්මරාජ් බාබා ජීවාත්මයන්ට දඩුවම් දෙන විට, ඔවුන් පීඩාවෙන් හක්‍ෂා වැළපෙනවා. පසුව එය සෑම චක්‍රයකටම අදාළ වෙනවා. මායා ඉතාමත් බලවත්. බාබාට ඔබ පුංචි ලෙසකින් හෝ අගෞරවයක් කළහොත්, ඔබ මියැදෙනු ඇත. සත්ගුරුට නිග්‍රහ කරනා අයට තම ඉලක්කය වෙත ළඟා විය නොහැකි බව කියැවෙනවා. සමහරු රාගය හා කෝපය ආදියට ගොදුරු වී වැරදි ක්‍රියාවන්හි යෙදෙමින් බාබාට නිග්‍රහ කරනවා. ඉතින් ඔවුන්ට සෑහෙන දඩුවම් විඳීමට සිදු වෙනවා. සෑම පියවරකින්ම මිලියන ගණනක ආදායමක් ලැබීමට තිබෙන්නා සේම, මිලියන ගණනින් අලාභත් සිදු වෙනවා. සේවය මඟින් ගිණුම වර්ධනය කරගත්තා වුවත්, පසුව වැරදි පාපකාරී ක්‍රියාවන්හි යෙදුණහොත්, ගිණුම හිඟ වෙනවා. බාබා ළඟ සම්පූර්ණ ගිණුම තිබෙනවා. දැන් බාබා ඔබට පෞද්ගලික ලෙසම උගන්වනවා. එය හරියට සම්පූර්ණ ගිණුමම ඔහුගේ අල්ල මත තිබෙන්නා වැනියි. කිසිම දරුවෙක් ශිව බාබාට අගෞරව කරනවා දකින්නට බාබා කැමති නැහැ. මන්ද, එමඟින් සෑහෙන පාපයක් එක්වන නිසයි. යග්‍යාවට ඔබ තම ඇටමිදුළු වලින්ම පවා සේවය කළ යුතුයි. දාදීජි ඍෂීගේ උදාහරණයක් තිබෙනවා. මෙමඟිනුත් තත්ත්වයක් ඇති වෙනවා. එසේ නැතිනම්, පුරවැසියන් අතරත් නොයෙකුත් තත්ත්ව බොහොමයක් ඇති වෙනවා. පුරුවැසියන්ට දාස දාසියන් ද අවශ්‍ය වෙනවා. එහි කිසිම දුකක් ඇත්තේ නැහැ. නමුත් තත්ත්වය ලබන්නේ අනුපිළිවෙළිනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මේ ස්මරණය නම් වූ වන්දනා ගමනේදී වෙහෙසට පත් වන්න එපා. නිවැරදි ස්මරණය තබා ගැනීමට පහුණු කරන්න. එවිට අවසානයේදී, ඔබ සිහි කරන්නේ බාබා මිස වෙන කෙනෙක් නොවේ.

2. ඒ සත්‍යය වූ පියාගේ උපදෙස් පිළිපදින්න. එවිට ඔබ නියම ආදායමක් හිමිකර ගනු ඇත. තමාගේම මනසේ ඇති වන වැරදි උපදෙස් පිළිපදින්න එපා. සත්ගුරුට නිග්‍රහ කරන්න එපා. රාගය හා කෝපයට ගොදුරු වී වැරදි ක්‍රියාවන් හි යෙදෙන්න එපා.

වරදානය:
ඔබගේ සිතිවිලි බලය මගින් සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වී, ඔබගේ සෑම කාර්යකින්ම සාර්ථක වීමට ඔබට අයිතියක් ලැබෙත්වා.

ඔබගේ සිතිවිලි බලයෙන් ඔබ බොහෝ කාර්යයන් වලදි පහසු සාර්ථකත්වය අත්විඳියි. භෞතික අහසේ ඔබ විවිධ තාරකා දකින සේම, ඔබගේ සිතිවිලි, ශ්‍රේෂ්ඨ සහ බලවත් වූ විට සහ ඔබ නිරන්තරයෙන් ඒකායන පියාගේ ගැඹුරේ ගිලි සීටින විට, ඔබට ලෝක වාතාවරණ අම්බරයේ බැබලෙන සාර්ථකත්වයේ තාරකා දැක ගැනීමට හැකි වෙයි. ඔබගේ ආධ්‍යාත්මික දෑස් සහ ආධ්‍යාත්මික ප්‍රතිරුව, දිව්‍යමය කැඩපතක් වෙයි. මෙම දිව්‍යමය කැඩපත, බොහෝ ජීවාත්මයන්ට ඔවුන්ගේ ජීව අවධාන ස්වරූපය අත්දැකීමට මඟ පාදන සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පත් වෙයි.

පාඨය:
නිරතුරුවම දේවමය සතුට අත්විඳින අය, සැහැල්ලු අධිරාජවරුන්ය.