11.02.19       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුමේ අසිපත සඳහා යෝගා බලය අවශ්‍ය වේ. ජයග්‍රහණය ලැබිය හැක්කේ එවිට පමණි. දැනුමෙහි යෝගා බලය ඇති විට එය අනිවාර්යෙන්ම ජනතාවට බලපෑමක් ඇති කරනු ඇත.

ප්‍රශ්නය:
ඔබ සත්‍යයේ දූතයින්ය. මුළු ලොවටම ඔබ දිය යුතු පණිවුඩය කුමක්ද?

පිළිතුර:
මුළු ලොවටම දෙවියන් පවසා ඇති එම පණිවුඩය දෙන්න ඔබ සියලු දෙනාම ජීවයන් බවට සැලකිය යුතුය. ශරීර අවධානය අත්හරින්න. ඔබගේ පියා වන මා ස්මරණය කරන්න. එවිට ඔබ හිස මත ඇති පව් බර ඉවත්වනවා ඇත. එකම පියා ස්මරණය කිරීමෙන් ඔබ පාරිශුද්ධ වනවා ඇත. අභ්‍යන්තරගතව සිටින දරුවන්ට පමණක් මෙම පණිවුඩය දිය හැක.

ඕම් ශාන්ති.
දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයෙකුට හෝ පාපකාරී ගති ඇති මනුෂ්‍යයෙකුට හෝ දෙවියන් යැයි කිව නොහැකි බව පියා විස්තර කර ඇත. දිව්‍යමය ගුණධර්ම ඇති අය ස්වර්ණමය යුගයේදී ද, පාපකාරී ගති ඇති අය යකඩ යුගයේදී ද ඇති බව ඔබ දරුවන් දනී. මේ නිසා තමයි බාබා ලියා තිබෙන්නේ ඔබ දිව්‍යමය ගුණධර්ම ඇති කෙනෙක්ද, නැතිනම් පාප ගති ඇති කෙනෙක්ද? ස්වර්ණමය යුගයේ කෙනෙක්ද, නැතිනම් කලි යුගයේ කෙනෙක්ද? මිනිසුන්ට මේවා තේරුම් ගැනීමට ඉතාමත් අපහසුය. ඉනිමගේ පින්තූරය ඔබට ඉතාමත් හොඳින් තේරුම් කළ හැක. ඔබගේ දැනුමේ ඊතල ඉතාමත් හොඳය, එහෙත්, ඒවාට බලය වුවමනා වන්නේ අසිපතෙහි එවැනි ශක්තියක් ඇති ලෙසටය. සමහර ඒවාට තියුණු මුවහතක් ඇත. ගුරු ගෝබින් සිං අසිපත පිටරට යැවීය. ඔවුන් එම අසිපත සැමතැනම ගෙන යනවා. ඔවුන් එය ඉතා පිරිසිඳුව තබා ගනී. සමහර අසිපත් පයිසා දෙකක් වටී. බලය ඇති අසිපත් ඉතාමත් තියුණුයි, ඒවා මිලෙන් අධිකයි. ඔබ දරුවන් ද එසේමය. සමහර දරුවන්ට බොහෝ දැනුම ඇත. එහෙත් යෝගා බලයේ අඩුවක් ඇත. දුප්පත් සහ බන්ධන වල සිටින අය ශිව බාබාව බොහෝ ස්මරණය කරති. ඔවුනට දැනුම අඩු නමුත් යෝගා බලය බොහෝ ඇත. ඔවුන් තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වෙමින් සිටී. ඔවුන් අර්ජුණ සහ බිල්ගේ උදාහරණ පෙන්වයි. අර්ජුණාට වඩා ඊතල විදීමට බිල් දක්ෂය. අර්ජුණා නම්, ගෙදර සිටිමින් සැම දින ඇහුම්කන් දෙන අයයි. පිටත ජීවත් වූ අය දක්ෂයින් බවට පත් විය. දැනුමේ එම බලය ඇති අය ඉදිරියේ ඔවුන් දණ නමයි. එය දෛවය යැයි කිව හැක. යම් කෙනෙකු අසමත් වුවහොත් හෝ බංකොලොත් වුවහොත් එය දෛවය යැයි කියති. දැනුම සමඟම යෝගා බලය ද අවශ්‍ය වේ. ඔබට එවැනි බලයක් නොමැති නම්, ඔබද කුකුල් දැනුම ඇති කෙනෙක් වේ. දරුවන්ට ද එය හැඟේ. සමහරු ඔවුන්ගේ ස්වාමිපුරුෂයාට ද, සමහරු තවත් කෙනෙකුට ද සෙනෙහස ඇත. ඔවුන් දැනුමේ ඉතා දක්ෂ වුවත් ඔවුන්ගේ ඇතුලත බොහෝ කලබලකාරීය. මෙහිදී ඔබ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය විය යුතු වේ. සෑම දෙයක්ම දකිමින් කිසිවක් නොදැක්කා සේය. ඔබගේ සෙනෙහස එකම පියාට පමණි. අත්වලින් වැඩ කරමින් හදවතින් මතක් කිරීම අවශ්‍ය වන්නේ මේ නිසාය. ඔබ කාර්යාලයේ වැඩ කරන අතර ඔබ ජීවයක් බව ඔබගේ බුද්ධියෙන් මතක් කරන්න. නොකඩවා මා සිහි කරන්න යැයි පියා අණ කර ඇත. භක්ති මාර්ගයේදී ද ඔවුන් වැඩ කරමින් ඔවුන්ගේ විශේෂ ආදරණීය දේවතාවරුන් මතක් කරති. ඒවා ගල් ප්‍රතිමාය. ඒවායේ ජීවාත්මයන් නොමැත. ලක්ෂ්මී සහ නාරායන්ට ද වඳිනු ලබයි. ඔවුන් ද ගල් ප්‍රතිමා වේ. ඒවායේ ජීවයන් කොතනදැයි ඔවුන්ගෙන් අසන්න. නමක් සහ රූපයක් සමඟ ඔවුන් නිසැකවම මෙහි සිටින බව ඔබ තේරුම් ගෙන ඇත. යෝගා බලයෙන් ඔබ දැන් පවිත්‍ර දේවතාවරුන් බවට පත් වේ. ඔබගේ ඉලක්කය සහ අරමුණ ඔබට ඇත. දෙවනුව, පරම පියා පැහැදිලි කරයි මෙම ඉතාමත් සුබ සංගම් යුගයේදී පමණක් ඥාන සාගරය ද දැනුමේ ගංගානම් ගඟ ද ඇත. ඔවුන් සිටින්නේ එක කාලයකදී පමණි. ඥාන සාගරය පැමිණෙන්නේ චක්‍රයේ ඉතාමත් සුබ සංගම් යුගයේදී පමණි. ඥාන සාගරය, අශරීරික උත්තරීතර පියා, උත්තරිතර ජීවය වේ. ඔහුට කතා කිරීමට ඇත්තටම ශරීරයක් වුවමනාය. කෙසේවෙතත්, වතුර ගැන කතාවක් නැත. සංගම යුගයේදී ඔබ මෙම දැනුම ලබයි. අන් සියලු දෙනාටම ඇත්තේ භක්තියයි. භක්ති මාර්ගයේ සිටින අය ගංගානම් ගඟේ ජලයට ද වඳිති. පාරිශුද්ධකරු නම් එකම පියා පමණි. මෙම පැරණි ලොව වෙනස්විය යුතු කල්හී පමණක් ඔහු පැමිණේ. මෙය අන් අයට විස්තර කර දීමට ඔබට බුද්ධියක් වුවමනාය. ඥාන සාගරය උත්තරිතර පියා, උත්තරිතර ජීවය පමණක් බව ජනයාට තේරුම් ගත හැකි සේ ලිවිය යුතු දේ, තනිව සිට දැනුම් සාගරය මතගෑම කළ යුතුය. ඔහු පැමිණි විට, ඔහුගේ දරුවන් වන බ්‍රහ්ම කුමාරයන් සහ කුමාරියන් දැනුම ධාරණය කර දැනුමේ ගංගානම් ගඟ බවට පත් වේ. නොකඩවා දැනුම දෙන දැනුමේ ගංගානම් ගංගාවල් බොහෝ ඇත. ඔවුනට පමණක් ගැලවීම දිය හැක. ජලයේ නෑමෙන් ඔබට පවිත්‍ර විය නොහැක. දැනුම ඇත්තේ සංගම් යුගයේ පමණි. මෙය විස්තර කර දීමට ඔබට විවිධ ක්‍රම වුවමනාය. ඔබ ඉතාමත් හොඳින් අභ්‍යන්තර ගත විය යුතුය. ශරිර අවධානය අතහැර ඔබ ජීවයක් යැයි සලකන්න. ඔබලා උත්සාහවන්තයෝ යැයි ඔබ මේ කාලයේදි කියති. පියා ස්මරණය කිරිමෙන් ඔබගේ පව් ගෙවේ. එවිට යුද්ධය ආරම්භ වේ. එම කාලය වන විට සියලු දෙනාම පණිවුඩය ලබා තිබිය යුතුය. ශිව බාබා පමණක් පණිවුඩය දෙනවා ඇත. පියාට පණිවුඩකරු යැයි කියති. තමා ජීවයක් යැයි සලකා උත්තරිතර පියා, උත්තරිතර ජීවය සමග යෝගා කරන්න, එවිට උපතක් උපතක් පාසා ඔබ කළ පව් කැපී යනවා ඇත යන පණිවුඩය සියලු දෙනාටම ලැබිමට සලස්වන්න. පියා මෙතැන් සිට බ්‍රහ්මාගේ මුඛයෙන් මෙය කියයි. ගංගානම් ගඟේ ජලය කුමක් විස්තර කරන්නද? අසීමිත පියා අසීමිත දරුවන්ට විස්තර කරයි. ස්වර්ණම යුගයේ දී ඔබලා ධනවත් සහ සෞභාග්‍යයෙන් පිරි සිටියහ. දැන් ඔබලා අසතුටට සහ දුප්පත් බවට පත් වී ඇත. මෙය අසීමිත කරුණකි. එම සියලුම පින්තූර භක්ති මාර්ගයට අයිති ඒවාය. භක්ති මාර්ගයේ මෙවලම් ද නිර්මාණය කළ යුතු වේ. ආගමික ග්‍රන්ථ ඉගෙන ගැනිමද, වන්දනාමාන කිරිම ද සියල්ලම භක්තිය වේ. මම ඔබලාට ආගමික ග්‍රන්ථ උගන්වන්නේ නැත. මම අපවිත්‍ර අයට දැනුම දෙන්නේ පවිත්‍ර කිරිමට වේ. ඔබ ජීවයක් යැයි සලකන්න. දැන් ජීවය සහ ශරිරය යන දෙකම අපවිත්‍ර වී ඇත. දැන් පියාව මතක් කරන්න, එවිට ඔබලා දේවතාවරු වෙනවා ඇත. ඔබගේ ශරිරය සහ සියලුම පරණ නෑ සබඳකම් වලට ඇති ඇලිම දැන් අවසන් කළ යුතු වේ. ඔබ පැමිණි විට මම අන් කිසිවෙකුට සවන් නොදෙමි. මම සියලුම නෑ සබඳකම් ඔබ සමඟ තබා ගනිමින් සියලුම ශාරිරික අය අමතක කරමි යැයි ඔබ ගායනා කළේය. පියා දැන් ඔබට එම පොරොන්දුව මතක් කරයි. මා සමඟ පමණක් යෝගා කිරිමෙන් ඔබ සියලු පව්වලින් නිදහස් වෙනවා ඇත. ඔබලා නව ලොව පාලකයන් වනවා ඇත. ඔබගේ ඉලක්කය සහ අරමුණු මෙය වේ. රජවරුන් සමඟ පුරවැසියන් ද නිර්මාණය කළ යුතුය. රජවරුන්ට සේවක සේවිකාවන් ද අවශ්‍යය. පියා නොකඩවා මේ සියල්ල ඔබට තේරුම් කරයි. ඔබ හොඳින් යෝගා නොකරන්නේ නම්, දිව්‍යමය ගුණධර්ම ධාරණය නොකරන්නේ නම් ඔබ උසස් තනතුරුක් ලබා ගන්නේ කෙසේද ? ගෙදරක කුමන හෝ කරුණක් නිසා රණ්ඩු දබර ඇති වේ. ඔබලා ඔබගේ ගෙදර රණ්ඩු දබර ඇති කරන නිසා දැනුම නොරඳා පවති. ස්වාමියා සහ බිරිඳ දෙදෙනාම හොඳින් සිටී දැයි බාබා අසයි. ඔබගේ හැසිරීම ඉතාමත් හොඳ විය යුතුය. යන්තමින්වත් තරහවක් නොතිබිය යුතුය. දැන් ලොව බලවත් කැළඹීම් සහ අසමඟිය ඇත. ඔබගෙන් සමහරු දැනුමින් සහ යෝගා වලින් දක්ෂ වේ නම්, එවිට අන් අයද බාබා හොඳින් මතක් කිරිමට පටන් ගනි. ඔබට මෙය ඉතා හොඳින් පුහුණු වීමට හැකි වන අතර බුද්ධිය ද අසීමිත වේ. බාබා කුඩා පින්තූර වලට එපමණ කැමැත්තක් නොදක්වයි. සියලුම පින්තූර විශාල විය යුතුය. චිත්‍රපටිවල විශාල දැන්වීම් පත්‍ර තිබෙනා ලෙස ඒවා ප්‍රධාන තැන්වල පිටත තබන්න. ඉතාමත් හොඳ පින්තූර සාදන්න. එවිට ඒවා අපතේ නොයනවා ඇත. ඉනිමගෙහි විශාල පින්තූරයක් සාදා සියලු දෙනාටම පෙනෙන ස්ථානයක තබන්න. තෙත් වන හෝ පාට අඩු නොවන තද තීන්ත ගාන්න. මේවා ප්‍රධාන ස්ථානවල තබන්න. නැතිනම්, කොතැනක හෝ ප්‍රදර්ශනයක් තිබේ නම් පින්තූර දෙකක් හෝ තුනක් ප්‍රමාණවත් වේ. ඇත්තෙන්ම ඔබ මෙම චක්‍රයේ පින්තූරය තාප්පයක් තරම් විශාල ලෙස සෑදිය යුතුය. එය රැගෙන යාමට මිනිස්සු 8 ක් හෝ 10ක් අවශ්‍ය වුවාට කම් නැත. එවිට මෙය ඈත සිට දකින අයට සෑම දෙයක්ම පැහැදිලිව පෙනෙනවා ඇත. ස්වර්ණමය යුගයේ ආගම් රාශියක් නැත, ඒවා පැමිණෙන්නේ පසුවයි. පළමුව දෙව්ලොව සිටින්නේ ජනයා ස්වල්පයකි. දැන් දෙව්ලොව ද හෝ අපාය දැයි ඔබට හොඳින් විස්තර කළ හැකිය. එන ඕනෑම කෙනෙකුට නොකඩවා විස්තර කරන්න. පින්තූර විශාල විය යුතු වේ. පාණ්ඩවයින්ගේ ප්‍රතිමා කොපමණ විශාලව සාදා ඇති දැයි බලන්න. ඔබලාත් පාණ්ඩවයින්ය. සංගම යුගයෙදි ශිව බාබා ඔබට උගන්වයි. ඒ ශ්‍රී ක්‍රිෂ්ණා ස්වර්ණම යුගයේ පළමු කුමරාය. මෙය විස්තර කිරීමෙන් ඔබගේ රාජධානිය ඔබ ස්ථාපනය කරනවා ඇත. ඉගෙන ගන්නා අතර සමහරු යති. පාසලක වුවද යම් කෙනෙකුට ඉගෙන ගැනීමට නොහැකි නම් ඔහු යයි. මෙහිද මෙම පාඩම අතහැර ගිය අය බොහෝය, ඉතින් ඒ අය දෙව් ලොවට නොයන්නේද ? මම ලොවෙහි අධිපතිය, ඉතින් ඔවුන් මගෙන් වචන දෙකක් ඇසුවත් නිසැකවම දෙව් ලොවට යනවා ඇත. ඔබ වර්ධනය වන විට බොහෝ අය සවන් දෙනවා ඇත. පසුගිය කල්පයේ වු අන්දමට සම්පුර්ණ රාජධානියක් ස්ථාපනය වනවා ඇත. වාර ගණනක් පුරා රාජධානිය ලබා එය නැති වූ බව ඔබ දරුවන්ට වැටහේ. ඔබලා දියමන්ති ලෙස වී දැන් සිප්පි කටු වී ඇත. භාරතය දියමන්තියක් විය. දැන් එයට කුමක් වී ඇත්ද ? එය එම භාරතයම නොවේද ? මෙම සංගම් යුගය ඉතාම සුබ කාලයකැයි කියති. ඉතාමත් උසස් වු මනුෂ්‍යයින් ද වෙති. අන් සියලු දෙනාම පහතට වැටි ඇත. වන්දනාවට සුදුසු අය දැන් වඳින අය වී ඇත. ඔවුන් උපත් 84ක් ගනිති. එම ශරිරයන් අවසන් වී ජිවයන් ද තමෝප්‍රධාන් වී ඇත. ඔවුන් සතෝප්‍රධාන් වු විට ඔවුනට වැන්දේ නැත, ඔවුන් ජීවමාන ස්වරූපයෙන් සිටියේය. ඔබ දැන් ජීවමාන ස්වරූපයෙන් ශිව බාබා ස්මරණය කරති. පසුව ඔබ වන්දනාකරුවන් වු විට ගල්වලට වැන්දේය. බාබා දැන් ජීවමාන ස්වරූපයෙන් වේ. එකළ ඔබ ඔහුගේ ගල් ප්‍රතිමාවක් සාදා එයට වඳියි. භක්තිය ආරම්භ වන්නේ රාවන්ගේ රාජධානියේ වේ. ඔවුන් එම ජීවයන්මයි. එහෙත් වෙනත් ශරිරයක් නොකඩවා ගන්නවා ඇත. භක්තිය ආරම්භ වන්නේ ඔබ වැටුණු විටයි. බාබා එවිට පැමිණ ඔබට දැනුම දෙයි. එවිට දවස ආරම්භ වේ. බ්‍රහමින්වරු එවිට දේවතාවරුන් වේ. දැන් ඔබලාට දේවතාවරුන් යැයි නොකියයි. බ්‍රහ්මා ස්වර්ණමය යුගයේ නැත. බ්‍රහ්මා මෙහිදි තපස්යා කරයි. ඔහුද මනුෂ්‍යයෙකි. ශිව බාබාට කියන්නේ ශිවා කියා පමණි. ඔහු මොහු තුළ සිටින විටද ඔහුට ශිවා කියයි. ඔහුට වෙන කිසිම නමක් දිය නොහැක. ශිව බාබා ඇතුල් වන්නේ මොහුට පමණි. ඔහු ඥාන සාගරයයි. ඔහු බ්‍රහ්මාගේ ශරිරය තුළින් ඔබට දැනුම දෙයි. එමනිසා, හොඳ අවබෝධයකින් පින්තූර සෑදිය යුතුය. එහි ලියා ඇති දේ ප්‍රයෝජනවත් වේ. පාරිශුද්ධ කරන්නා වන්නේ ජල සාගරයද නැති නම් ගංගා ජලයද ? හෝ ඥාන සාගරය සහ ඔහුගෙන් මතු වී ඇති බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් වන ගංගාවන්ද? පියා ඔවුනට පමණක් දැනුම දෙයි. බ්‍රහ්මා තුළින් බ්‍රාහ්මණයින් වු අය දේවතාවරුන් වේ. විවිධ ස්වරූපයේ ඉතා විශාල පින්තූරයක්ද ඔබ පෙන්විය යුතුය. මෙය ප්‍රධාන පින්තූරයකි. සුමිහිරි දරුවනි, ඔබගේ බුද්ධිය ශිෂ්ට සම්පන්න කර ගත යුතු වේ යැයි බාබා පැහැදිලි කරයි. යම් කෙනෙකුගේ ඇස දුෂ්ට බව බාබා දුටු විට ඔහු වැඩි කාලයක් මෙහි නොරැඳෙන බව දනි. ඔබ ජීවයන් දැන් ත්‍රිකාල්දර්ශීන් වන බව තේරුම් ගන්නේ කලාතුරකින් කෙනෙකි. ඔබ ඉතා මෝඩය, ඔබ පියාව අත්හරී. රාජධානියක් ස්ථාපනය කරන බව ඔබ දරුවන් වටහා ගනිති. එයට සියලු දෙනාම අවශ්‍ය වේ. අවසානයේ දී සියලුම දර්ශන දකිනවා ඇත. පළමු පන්තියේ සේවක සේවිකාවන් ද නිර්මාණය වේ. ඔවුන් ක්‍රිෂ්ණාව පෝෂණය කරනවා ඇත. නොයෙක් වර්ගයේ සේවිකාවන් වේ පිඟන් සෝදන අය, ක්‍රිෂ්ණාට කවන පොවන අය, සියලුම දේ පිරිසිදු කරන අය, ඔවුන් සියලු දෙනාම මතු වන්නේ මෙතැනිනි. පළවෙනි අංකයේ අය නිසැකවම උසස් තත්ත්වයක් උරුම කර ගනී. ඔබට එම හැඟිම ඇත. ඇතැම් දරුවන් හොඳින් මුරලියක් කළා වුණත් යෝගාවෙන් ඔවුන් දුර්වල බව බාබාට දැනේ. සමහර ස්ත්‍රීන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට ඉහළින් යයි. යම් කෙනෙකු දැනුමේ සිටින විට ඔහු හෝ ඇය කියයි බාබා, අනිත් රෝදය හරි නැත. ඔබ එකිනෙකාට අනතුරු ඇඟවිය යුතුය. මෙම පවුල් මාර්ගයට ජෝඩුව ගැලපිය යුතුය. ඔබ අන් අයවද ඔබ හා සමාන කළ යුතු වේ. අවසානයේ දි ඔබට ලොවම අමතක වනවා ඇත. ඔබ හංසයෙක් වන අතර අන් අය පාත්තයින් වන බව ඔබට වැටහේ. සමහරුන්ට එක පළුද්දක්ද, අන් අයට වෙනත් පළුද්දක්ද ඇත. මෙය කඹ ඇදිමකි. එයට බොහෝ උත්සාහය අවශ්‍යය. එය ඉතා පහසුයි. ඔබට එක තත්පරයකින් ජීවන මුක්තිය ලැබේ. පැන්සයක්වත් වියදම් නොකර ඔබට උසස්ම තත්ත්වය උරුම කර ගත හැක. දුප්පත් අය නොකඩවා හොඳ සේවයක් කරති. හිස් අතින් පැමිණියේ කවුදැයි ඔබ දනි. බොහෝ දේ ගෙන ආ අය අද මෙහි නැත. එහෙත් දුප්පත් අය ඉතා උසස් තත්ත්වයක් හිමිකර ගනිති. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1. දැනුමේ අසිපත යෝගා බලයෙන් පිරවීමට අභ්‍යන්තර ගත වී, මම ජීවයක්මි යන්න පුහුණු කරන්න. පියා පමණක් නිරන්තරයෙන්ම ස්මරණය කිරිමට පියාගේ අණ මම වන ජීවයට ලැබි ඇත. එකම පියාට පමණක් සත්‍ය සෙනෙහස තබා ගන්න. ඔබගේ ශරිරයට සහ ශරිර නෑයන්ට ඇති ඔබගේ ඇලිම බිඳ දමන්න.

2. ඔබගේ පවුලේ අය සමඟ ගෙදර ජීවත් වෙමින් එකිනෙකාට අනතුරු අඟවන්න. හංසයකු වී උසස් තත්ත්වයක් උරුම ගර ගන්න. තරහවේ අල්ප මාත්‍රයම ඉවත් කරන්න. ඔබගේ බුද්ධිය ශිෂ්ට කරගන්න.

වරදානය:
ඔබ තීව්‍ර උත්සාහයන් දැරීමෙන්, සැහැල්ලු සහ ආලෝකමත් වී, විනෝදය අත්දකින අතර, සියලු සිදුවීම් අභිබවා යන්න.

සමහර දරුවන් පවසන්නේ, සාමාන්‍යයෙන් මා හොඳින් ඉන්නවා, නමුත් වෙනත් මිනිසුන් හෝ පරිසරය සමග, මෙම සංස්කාර වල බන්දනය තිබෙනවා. හේතුව කුමක් වුවත්, කොහොම වුවත්, තීව්‍ර උත්සාහ දරන්නෙක්, කිසිදෙයක් සිදු නොවූ ලෙසින්, සියලු සිදුවීම් අභිබවා යයි. එවන් ජීවයක් නිරතුරුවම විනෝදයක් අත්විඳියි. එවන් මානසික ස්ථීතියක්, පියාසර කිරීමේ ස්ථීතිය ලෙස හැඳින්වෙන අතර, පියාසර කිරීමේ ස්ථීතියේ සලකුණ වන්නේ, සැහැල්ලුවෙන් සහ ආලෝකමත්ව සිටීමයි. එවන් ජීවාත්මයක්ව, කිසිම ආකාරයක බරකට, කැලඹිල්ලට පත් කළ නොහැක

පාඨය:
සෑම ගුණධර්මයක් මෙන්ම දැනුමේ සෑම කරුණක්ම, ඔබගේ ආදිතම සංස්කාරය බවට පත්කර ගන්න.