11.02.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ පැරණි ඇඳුම් ගලවා දමා ඔබ ආපසු නිවසට යනවා, යන අසීමිත සතුට ඔබට තිබිය යුතුයි. එවිට අළුත් ලොවේදී ඔබට අළුත් ඇඳුම් ලැබෙයි.

ප්‍රශ්නය:
නාටකයේ කුමන සූක‍්ෂම රහසද ඔබ වටහා ගත යුත්තේ?

පිළිතුර:
මෙම නාටකය, අඛණ්ඩව උකුණෙක් මෙන් ගමන් කරයි එය දිගටම හෙමින් සීරුවේ ගෙවී යයි. කුමන ක්‍රියාවක් සිදු කළද, එය සෑම වසර 5000කට වරක්, එම අයුරින්ම ආපසු සිදුවෙයි. මෙම රහස ඉතාමත්ම සියුම් වන අතර එය වටහා ගත යුතුයි. මෙම රහස නිවැරදිව වටහා නොගත් දරුවන් කියන්නේ, එය නාටකයේ තිබේ නම් ඔවුන් උත්සාහ දරණ බවයි. එබැවින් ඔවුන්ට උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වෙයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් පියාව හඳුනාගෙන ඇති අතර, දැන් ඔහුගෙන් ඔබගේ උරුමය හිමිකර ගනිමින් සිටී, නමුත් ඔබ පිවිතුරුද විය යුතුයි. ඔවුන් කන්නලව් කරන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! ඔවුන් කන්නලව් කරන්නේ ඔවුන්ට අපවිත්‍ර බුද්ධි ඇති බැවිනි. බුද්ධියද කියන්නේ මෙය අපවිත්‍ර කලි යුග ලෝකය බවයි. නව ලෝකයට සතෝප්‍රධාන් යැයි කියන අතර පැරණි ලොවට තමෝප්‍රධාන් යැයි කියයි. ඔය දරුවන්ට දැන් පියාව හමු වී තිබේ. ඔය බැතිමතුන්ට දැන් දෙවියන් මුණගැසී ඇත. භක්තියෙන් පසුව, දෙවියන් පැමිණ භක්තියේ ඵලය ලබා දෙන බව කියමනක් තිබේ. ඔවුන් උත්සාහ දරණ අතර, ඔවුන් එම උත්සාහයන්ගේ ඵලයද ඉල්ලයි. බැතිමතුන් කුමන ආකාරයේ උත්සාහයක්ද දරන්නේ කියා ඔබ දන්නවා. චක්‍රයෙන් භාගයක්ම භක්ති මාර්ගයේ සැරිසරා ඔබ වෙහෙසට පත්ව සිටියි. භක්තිය සිදු කරමින් ඔබ විශාල උත්සාහයක යෙදුණා. එයද නාටකයේ පෙර නියම වී තිබිණ. ඔබ උත්සාහ දරන්නේ තමන්ට යහපතක් සිදුකර ගැනීමටය. මිනිසුන් සිතන්නේ දෙවියන් පැමිණ, ඔවුන්ගේ භක්තියේ ඵලය ලබා දෙයි කියාය, එබැවින් ඵල ලබා දෙන්නේ දෙවියන්ය. බැතිමතුන් දෙවියන් සිහි කරන්නේ, භක්තියේ දුක ඇති නිසාය. එබැවින් ඔවුන් කියන්නේ පැමිණ අපව දුකින් මුදවා, අපව පිවිතුරු කරන්න. එය දැන් රාවණ්ගේ රාජධානිය බව කිසිවෙකු නොදනී. ඔබව අපවිත්‍ර කළේ රාවණුයි. රාමාගේ රාජධානිය තිබිය යුතු බව මිනිසුන් කියන නමුත්, එය සිදුවිය යුත්තේ කෙසේද හෝ කවදාද කියා ඔවුන් කිසිවෙකු නොදනී. මෙය දැන් රාවණ්ගේ රාජධානිය බව, ජීව සත්තාවන් ඇතුලතින් දන්නවා. එය සැබවින්ම භක්ති මාර්ගයයි. බැතිමතුන්ට බොහෝ නැටුම්, ගැයුම් හා විනෝදවීම් තිබේ. ඔවුන් සතුට අත්විඳින නමුත් ඔවුන් විටෙක හඬයි. ඔවුන් දෙවියන්ව නොහඳුනන නමුත් ඔවුන්ගේ දෑසේ ඔහු වෙනුවෙන් සෙනෙහසේ කඳුළු බිඳු තිබේ. ඔබ තුළ සෙනෙහසේ කඳුළු හටගන්නේ කවුරු වෙනුවෙන්ද, ඔබ සැබවින්ම ඔහුව හඳුනාගත යුතුයි. ඔබට පිළිරුවකින් කිසිවක් ලබා ගත නොහැක. ඔව් ඔවුන් දැඩි භක්තියේ යෙදෙන විට, ඔවුන්ට දර්ශනයක් ලැබෙයි. ඔවුනට එය විශාල සතුටට කරුණකි. දෙවියන්ම මෙහි පැමිණ, ඔහුව හඳුන්වා දී, ඔහු කවුද කියා ඔබට පවසයි. ඔහු පවසන්නේ මා කවුරුන්ද හෝ කුමක්ද කියා ලොවේ කිසිවෙකු නොදනී. ඔබ අතරින්ද, මට බාබා කියා අමතන සමහරු, ශක්තිමත් වන අතර, ඇතමෙක් දුර්වලයි. ඔබගේ ශරිර අවධානය බිඳ දැමීමට උත්සාහ දැරීමට අවශ්‍යයි. ඔබ ජීව අවධානයට පත්විය යුතුයි. පියා පවසන්නේ ඔබ ජීව සත්තාවන්ය. ඔබ උපත් 84ක් ගැනීම නිසා තමෝප්‍රධාන් වී ඇත. ඔය සෑම ජීවයකටම දැන් ඔබගේ තෙවැනි ඇස ලැබී තිබේ. වටහාගන්නේ ජීවයයි. පියා ඔබට මුළු ලෝක චක්‍රයේම ඥානය ලබාදෙයි. පියා ඥානයෙන් පිරී ඇත, එබැවින් ඔහු ඔය දරුවන්ට ද ඥානය ලබා දෙයි. උපත් 84 අත් විඳින්නේ ඔබ පමණද කියා මිනිසුන් ඔබගෙන් අසන විට ඔවුන්ට මෙසේ කියන්න ඔව්, නමුත් අපගෙන් ඇතමෙක් උපත් 84ක් ගන්නා අතර, ඇතමෙක් 82ක් ද ගනී, නමුත් ඕනෑම කෙනෙකුට ගත හැකි උපරිම උපත් ගණන වන්නේ 84යි. මුලදී එන අය උපත් 84ක් ගනී. හොඳින් ඉගෙනගෙන උසස් තත්ත්වයක් හිමි කර ගන්නා අය, විගසින් පැමිණෙයි ඔවුන් මාලාවේ සමීපයෙන් ඇමිණෙයි. ඔබ වෙනුවෙන් අළුත් නිවසක් සෑදෙන විට, එය ඉක්මනින් ගොඩනැඟෙන තරමට ඔබ එහි ගොස් වාසය කරනු ඇත කියා ඔබගේ හදවතට හැඟෙයි. ඒ අන්දමින්ම ඔබගේ පැරණි ඇඳුම් ගලවා දමා, අළුත් ඒවා දමා ගැනීමට ඉතා ළඟයි, යන සතුට ඔය දරුවන්ට තිබිය යුතුයි. නාට්‍යයක් අවසන් වීමට පැය භාගයකට පෙර, නළුවන් ඔරලෝසුව දෙස බැලීමට පටන් ගන්නා අතර, විගසින් ඔවුන්ට නිවසට යාමට කාලය පැමිණෙනු ඇතැයි සිතයි. එම කාලය එවිට පැමිණෙයි. ඔය දරුවනට මෙම අසීමිත ඔරලෝසුව තිබේ. ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වූ විට, ඔබ මෙහි නොරැඳෙන බව ඔබ දන්නවා. කර්මතීට් වීම සඳහා, ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වෙයි. ඉන්පසුව ඔබ නව ලොවට යන අතර, ඔබ ගන්නා සෑම උපතක් සමඟම ඔබගේ අංශක අඩුවෙයි. ඔබ අළුත් නිවසක මාස 6ක් ජීවත් වීමෙන් පසුව, කුමන හෝ ස්ථානයක අපිරිසිඳු පැල්ලම් පෙනෙනු ඇත, එහි සුළු හෝ වෙනසක් තිබෙනු ඇත. එම නව ලොවෙහි, ඇතැමෙක් ආරම්භයේ දී පැමිණෙන අතර, ඇතැමෙක් ටිකක් පසු වී පැමිණෙයි. පළමුව පැමිණෙන අයට සතෝප්‍රධාන් යැයි කියයි. ඉන්පසුව අංශක ක්‍රම ක්‍රමයෙන් අඩුවෙයි. මෙම නාටකයේ චක්‍රය, අඛණ්ඩව උකුණෙක් මෙන් ගමන් කරයි එය දිගටම හෙමිහිට ගෙවී යයි. මුළු ලෝකයේ සෑම කෙනෙක්ම, කුමන ක්‍රියාවක් සිදු කළත්, චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වන විට, ඔවුන් එය නැවතත් සිදු කරන බව ඔබ දන්නවා. මෙම කරුණු ඉතා සියුම් වන අතර වටහා ගත යුතුයි. පියා ඔබට අත්දැකීමෙන් පවසයි. ඔබ මෙම ඉගෙනුම වසර 5000කට පසුව නැවතත් සිදු කරන බව ඔබ දන්නවා. මෙම නාටකය පෙර නියම වූ එකකි. වෙනත් කිසිවෙකු මෙම චක්‍රය ගැන නොදනී. එහි නිර්මාණකරු, අධ්‍යක‍්ෂක සහ ප්‍රධාන නළුවා කවුරුන්ද කියා කිසිවෙකු නොදනී. ඔබ උපත් 84ක් අත්විඳ ඇති බව සහ දැන් ආපසු නිවසට යෑමට ඉතා ආසන්න බව ඔය දරුවන්ට දැන් වැටහෙනවා. අප ජීව සත්තාවන්ය. ඔබ ජීව අවධානයට පත් වූ විට පමණයි, ඔබගේ සතුටෙහි අංශක ඉහළ නඟින්නේ. වෙනත් නාටක සීමිත වන අතර, මෙම නාටකය අසීමිතයි. බාබා උගන්වන්නේ ජීව සත්තාවන් වන අපටයි. යම් කිසි විශේෂිත මොහොතක, සිදුවන දේ ගැන ඔහු අපට නොකියයි. ඔබ බාබාගෙන් යමක් අසන ඕනෑම විටෙක ඔහු පවසන්නේ නාටකයට අනුව, ඔබට කිව යුතු දේ, මා ඔබට කියන්නම්. නාටකයට අනුව ඔබට ලැබීමට ඇති පිළිතුර, ඔබට ලබා දෙයි. ඔබට ඇත්තේ එය අනුගමනය කිරීම පමණයි. නාටකයට අනුව නොමැති කිසිම දෙයක්, පියාට කළ නොහැක. සමහර දරුවන් කියන්නේ, එය නාටකයේ තිබේ නම්, ඔවුන් උසස් තත්ත්වයක් ලබා ගනී කියාය. එවන් දරුවන්ට කිසිසේත් උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. පියා පවසන්නේ උත්සාහ දැරිය යුත්තේ ඔබයි. පෙර චක්‍රයේ සිදුකළ ආකාරයෙන්ම නාටකය, ඔබව උත්සාහ දැරීමට දිරිමත් කරයි. නාටකයට අනුව, ඔබගෙන් ඇතමෙක් නැවතුමකට පැමිණෙයි ඔබ කියන්නේ ඔබ සෑම දෙයක්ම නාටකයට අනුව සිදු කරන බවයි. එවිට මින් වැටහෙන්නේ, එය ඔබගේ භාග්‍යයේ නොමැති බවයි. ඔබ දැන් ජීව සත්තාවක්ය, යන අවධානය ඔබට තිබේ. ඔබ මෙහි පහළට පැමිණියේ ඔබගේ චරිත කොටස් රඟපෑමටයි. ජීව අවිනාශී වන අතර ඔවුන්ගේ චරිත කොටස් ද අවිනාශීය. උපත් 84හි චරිත කොටස්, ඔබගේ ජීවයේ ස්ථීරව තැන්පත් වී තිබේ. ඔබ නැවතත් එම චරිත කොටසම රඟපානු ඇත. මෙයට ස්වභාව ධර්මය යැයි කියයි. වෙන කවර අන්දමකින්ද ඔබ ස්වභාව ධර්මය විස්තර කර දෙන්නේ ? ප්‍රධාන දෙය වන්නේ, ඔබ පිවිතුරු විය යුතු බවයි. ඔබට ඇත්තේ මෙම සැලකිලිමත් බව පමණයි. ක්‍රියා සිදුකරන විට, පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ඔබ සෑම කෙනෙක්ම ඒකායන ආදරවන්තයාගේ, ප්‍රියයන්ය. ඔබ සෑම ප්‍රේමවන්තයෙක්ම ඔබගේ ඒකායන පෙම්වතාව සිහිකළ යුතුයි. පෙම්වතා පවසන්නේ දැන් මා සිහි කරන්න! මා පැමිණියේ ඔබව පිවිතුරු කිරීමටයි. ඔබ මට පාරිශුද්ධකරුවා යැයි කියයි. එසේනම්, ඔබ මා අමතක කර, ගංඟා නදියට පාරිශුද්ධකරුවා යැයි කියන්නේ ඇයි? ඔබට දැන් මේ සෑම දෙයක්ම වැටහී ඇත, ඒ නිසයි ඔබ ඒ සෑම දෙයක්ම අතහැරියේ. පාරිශුද්ධකරුවා වන්නේ පියා පමණක් බව ඔබට වැටහෙයි. පාරිශුද්ධකරුවා වශයෙන් ඔබ කිසි විටෙක ක්‍රිෂ්ණාව සිහි නොකරයි. කෙසේවෙතත්, දෙවියන් පැමිණෙන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ස්වර්ණමය යුගයේ සිටි ක්‍රිෂ්ණා ජීවය, ඉන්පසුව බොහෝ ස්වරූප ලබා ගෙන, දැන් තමෝප්‍රධාන් වී සිටියි. ඔහු දැන් නැවත වතාවක් සතෝප්‍රධාන් වනවා. මෙම වැරැද්ද ආගමික ග්‍රන්ථ වල තිබේ. මෙම වැරැද්ද සිදු කිරීමෙන් පසුව පමණයි, මට පැමිණ එය නිවැරදි කළ හැකි වන්නේ. මෙම වැරදීම් ද නාටකයේ නියම වී තිබේ. එබැවින් ඒවා නැවතත් සිදුවෙයි. කතා කරන්නේ ශිව දෙවියන් බව ඔබට විස්තර කර දී තිබේ. ඔවුන් ශිවාට, දෙවියන් යැයි කියයි. සිටිය හැක්කේ එක් දෙවියන් පමණයි. සියලුම බැතිමතුන්ට භක්තියේ ඵලය ලබා දෙන කෙනා වන්නේ, ඒකායන දෙවියන්ය. කිසි කෙනෙක් ඔහුව නොදනී. ජීව සත්තාවන් කන්නලව් කරන්නේ ඕ දෙවි පියාණෙනි! ඔබගේ ලෞකික පියවරු මෙහි සිටියද, ඔය ජීව සත්තාවන් සිහිපත් කරන්නේ එම පියාවයි, එබැවින් ජීවයන්ට පියවරුන් දෙදෙනෙක් සිටියි. භක්ති මාර්ගයේ ඔබ අඛණ්ඩව සිහිපත් කළේ එම පියාවයි. ජීව කොහොමත් පැවතෙයි. සෑම ජීව සත්තාවකටම රඟපෑමට ඔහුගේම චරිත කොටස් ලැබී තිබේ. ඔවුන් එක් ශරීරයක් අතහැර තව ශරීරයක් ගෙන, අඛණ්ඩව ඔවුන්ගේ චරිත කොටස් රඟපායි. මේ සෑම දෙයක්ම විස්තර කර දෙන්නේ ඒකායන පියා පමණයි. ඔබ කියන්නේ අප මෙහි පැමිණ ඇත්තේ අපගේ කොටස් රඟපෑමටයි. මෙම ලෝකය ඔබගේ වේදිකාව වන අතර, ඉර, සඳ සහ තරු යන සියල්ල මෙම වේදිකාවේ ආලෝකයයි. ඉර, සඳ සහ තරු ඉතා හොඳ කාර්යයක් සිදුකරන බැවිනුයි, ඔවුන්ට දේවතාවන් යැයි කියන්නේ. ඔවුන් බැබලී, සෑම කෙනෙකුටම ලබා දෙන්නේ සතුටම පමණයි ඔවුන්, කිසිවෙකුට කිසිම අපහසුතාවයක් නොදෙයි. ඔවුන් සෑම කෙනෙකුටම සතුට ලබා දෙයි. ඔවුන් විශාල සේවයක් කරන නිසයි, ඔවුනට දේවතාවන් යැයි කියන්නේ. යහපත් ක්‍රියා සිදුකරන අය, දේවතාවන් මෙන් යැයි කියයි. ඇත්ත වශයෙන්ම දේවතාවන් සිටින්නේ ස්වර්ණමය යුගයේ පමණයි. ඔවුන් සෑම කෙනෙක්ම සතුට පිරිනමන්නන් විය. ඔවුන් සැවොම තුළ සෙනෙහස තිබිණි එබැවින් ඔවුන් දේවතාවන්ට සමාන කරයි. දේවතාවන්ගේ ප්‍රශංසා ගයති. මිනිසුන් ඔවුන් ඉදිරියට ගොස් ගයති අපට ගුණධර්ම නොමැත අප ගුණධර්ම විරහිතයි. අපට දයාව දැක්විය හැක්කේ, ඔබට පමණයි! පියා පවසන්නේ මා නැවතත් ඔබව ගුණධර්ම ඇති අය බවට පත් කිරීමට පැමිණියේ, ඔබ කෙරෙහි දයාවක් ඇති නිසයි. ඔබ පිදුම් ලබන්නට සුදුසු අයව සිට, ඉන්පසුව වඳින්නන් බවට පත් විය. ඔබ දැන් නැවතත් පිදුම් ලබන්නට සුදුස්සන් විය යුතුයි. හම් සෝ, සෝ හම් හි අරුත ඔබට විස්තර කර දී තිබේ. ජීව සහ උත්තරීතර ජීවය, එකම බවත්, එක හා සමාන බවත් මිනිසුන් කියති. පියා පවසන්නේ එය වැරදිය. ඔය අශාරීරික ජීව සත්තාවන්, දේවතාවන්, ක‍්ෂත්‍රියන්, වෛශ්‍යයන් සහ ඉන්පසුව ශුද්‍රයින් වෙයි. ඔබ දැන් බ්‍රහ්මිණ් වංශයට ඇතුළු වී තිබේ. ජීව, පළමුවෙන්ම ඔවුන්ගේ සතෝප්‍රධාන් තත්ත්වයට ගොස් ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යයි. බාබා සෑම චක්‍රයකම සංගම යුගයේ පැමිණ, ඔබට මෙම ඥානය ලබා දෙන බව ඔබට දැන් වැටහෙයි. භාරතය, සැබවින්ම දිව්‍යලෝකය වූ අතර, එහි ඉතා සුළු ජනගහනයක් පමණයි පැවතුණේ. එය දැන් කලි යුගයයි. සෑම ආගමක්ම දැන් පවති. ස්වර්ණමය යුගයේ වෙනත් ආගම් නොවීය එහි පැවතුණේ එක් ධර්මය පමණයි. සියලුම ඉතිරි ජීව සත්තාවන් සිටියේ, ආපසු නිවසට ගොසිනුයි. ලොවෙහි විනාශය, ඔබ ඉදිරියේ සිටගෙන සිටින බව ඔබට දැන් වැටහෙනවා. පියා ඔබට දැන් රාජයෝගා උගන්වනවා. මෙය අසීමිත ඔරලෝසුවක් බව, පැමිණෙන සැමට කියන්න. දිව්‍යමය දර්ශනයක් පිරිනැමීමෙන්, පියා, මෙම ඔරලෝසුවේ පිංතූරය සාදවා තිබේ. ඔබ එම ඔරලෝසුව දෙස බලමින් සිටින අන්දමින්ම, ඔබ දැන් මෙම අසීමිත ඔරලෝසුව සිහියේ තබා ගත යුතුයි. පියා, බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඒකායන ධර්මයේ ස්ථාපනය දිරිගන්වන අතර, මෙම පැරණි රාක‍්ෂක ලෝකයේ සියලු දේ හි විනාශය, ශංකර්ගේ මාර්ගයෙන් දිරි ගන්වයි. මෙම චක්‍රය අඛණ්ඩව භ්‍රමණය විය යුතු බව, බුද්ධිය ද පවසයි. කලි යුගයට පසුව, ස්වර්ණමය යුගය පැමිණෙයි. බොහෝ මනුෂ්‍යයින් මෙන්ම බොහෝ ස්වභාවික ව්‍යසන ද තිබේ. එම බෝම්බම නිර්මාණය කෙරෙයි. ආගමික ග්‍රන්ථ වල ඇති බොහෝ කතා, ප්‍රබන්ද කර ඇත. පියා පැමිණ, වේද සහ ග්‍රන්ථයන්ගේ සාරය විස්තර කර දෙයි. ප්‍රධාන ආගම් සතරක් තිබේ. පස්වැන්න බ්‍රහ්මිණ් ධර්මයයි. උසස්ම ධර්මය වන්නේ මෙම කුඩා ධර්මයයි. බ්‍රාහ්මණ පූජකයින්, යාගහෝම රැක බලා ගත යුතුයි. මෙය ඥාන යාග ගින්නයි. ස්වභාවික ව්‍යසනයක් අවසන් කිරීම සඳහා, මිනිසුන් යාග ගින්නක් ඇති කරයි. ඔවුන් සිතන්නේ කිසිම යුද්ධයක් ඇති නොවෙයි කියාය, නමුත් එම යුද්ධය සිදු නොවුණේ නම්, ස්වර්ණමය යුගය පැමිණෙන්නේ කෙසේද? මෙම මනුෂ්‍යයින් සියල්ලන්ම යන්නේ කොහාටද? ඔහු අප සියලුම ජීවාත්ම සත්තාවන්, ආපසු නිවසට රැගෙන යයි. එබැවින් අප අනිවාර්යෙන්ම අපගේ ශරීර මෙහි දමා යා යුතුයි. ඔබ කන්නලව් කරන්නේ බාබා පැමිණ අපව අපවිත්‍ර බවින්, පිවිතුරු කරන්න. පියා පවසන්නේ මා අනිවාර්යෙන්ම මෙම පැරණි ලෝකයේ විනාශය සිදු කරවිය යුතුයි. නව ලෝකය වන්නේ ස්වර්ණමය යුගයයි. මා සෑම කෙනෙක්වම ආපසු විමුක්තියේ ලෝකයට රැගෙන යන්නෙමි. සෑම කෙනෙක්ම මරණය කැඳවනවා. ඔවුන් මහා මරණය කැඳවන බව ඔවුන් නොදනී. පියා පවසන්නේ මා හට, මෙම අපිරිසිඳු ලෝකයේ සියලුම මිනිසුන්ව, සාම ලෝකයට රැගෙන යාමද, නාටකයේ පෙර සිට නියම වූවකි. මෙය හොඳ දෙයකි. ඔබ පළමුව විමුක්තිය ලබා ගත යුතු අතර, ඉන්පසුව ඔබගේ දිවිය, විමුක්තියෙන් ජීවත් විය යුතුයි. ඉන්පසුව ඔබ ඔබගේ ජීවිතය, බන්දනයෙන් ජීවත් වෙයි. සෑම කෙනෙක්ම ස්වර්ණමය යුගයට නොයයි. අන් සෑම කෙනෙක්ම අංක පිළිවෙලට, පසුව පැමිණෙයි. ඔබ දැන් සාමයේ ලෝකය සහ සතුටු ලෝකය සිහිපත් කළ යුත්තේ මේ නිසයි. පසුව පැමිණෙන අයට රඟපෑමට ඇත්තේ සුළු චරිත කොටස්ය. කෙසේවෙතත්, ඔවුන්ද පළමුව සතුට අත්විඳියි. ශ්‍රේෂ්ඨතම චරිත කොටස් තිබෙන්නේ ඔබටයි. ඔබට බොහෝ සෙයින් සතුට ලැබෙයි. ආගමික නායකයින් සිදු කරන්නේ ආගමක් ස්ථාපනය කිරීම පමණයි ඔවුන් කිසිකෙනෙක්ව ගලවා නොගනී. පියා භාරතයට පැමිණ සියලු දෙනාටම ඥානය ලබා දෙයි. ඔහු සියලු දෙනාගේම පාරිශුද්ධකරුවායි. ඔහු සියලු දෙනාටම විමුක්තිය ලබා දෙයි. වෙනත් ආගමික නායකයින්, පැමිණෙන්නේ කිසිවෙකුට විමුක්තිය ලබා දීමට නොවෙයි ඔවුන් එන්නේ ඔවුන්ගේම ආගම් ස්ථාපනය කිරීමට පමණයි. ඔවුන් කිසි කෙනෙක්ව සාමයේ ලෝකයට හෝ සතුටේ ලෝකයට රැගෙන නොයයි. ඔබ සෑම කෙනෙක්වම, සාම ලෝකයට සහ සතුටු ලෝකයට ගෙන යන්නේ පියා පමණයි. ඔබගේ වන්දනා ගමන තිබෙන්නේ, ඔබව දුකින් මුදවා, සතුට පරිනමන කෙනා වෙතට පමණයි. ඇත්ත වශයෙන්ම සත්‍ය වන්දනා ගමන ඇත්තේ ඒකායන බාබා වෙතට පමණක් බව, මිනිසුන්ට වැටහෙන්නේ නැත. ප්‍රශංසාව ඒකායන පියාගේ පමණයි. සෑම කෙනෙක්ම ඔහුට කන්නලව් කරති ඕ විමුක්තිය පිරිනමන්නා, පැමිණෙන්න! පියා පැමිණ, විමුක්තිය සහ ජීවන-මුක්තිය ලබා දෙන, සත්‍ය වන්දනා ස්ථානය වන්නේ භාරතය පමණයි. ඉන්පසුව භක්ති මාර්ගයේ දී ඔබ ඔහු වෙනුවෙන් විශාල දේවාල තනයි. ඔබ දියමන්ති සහ මැණික් වලින් දේවාල තනයි. බලන්න, සෝමනාථ දේවාලය කෙතරම් අලංකාරද, එමෙන්ම බාබා දැන් අසුන්ගෙන සිටින්නේ කොහෙද කියා අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරක. බාබාගේ උදව්කරුවන් වී ඇති ඔබ පමණයි ඔහුව හඳුනන්නේ. අන් අයට මාර්ගය පෙන්වීමට, බාබාට උපකාර කරන අය, උසස් ස්ථානයක් හිමි කරගනී. නීතිය මෙයයි. පියා පවසන්නේ උත්සාහ දරන්න! පියාව සහ උරුමය සිහිපත් කරන ලෙස, ඔවුන්ට කීමෙන්, බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන්න. උපත් 84හි චක්‍රය ඔබ ඉදිරියේය. මෙය අන්ධයින්ට කැඩපතක් මෙනි. මෙම නාටකය ඒ අන්දමින්ම නැවත සිදු වෙයි. කෙසේවෙතත්, ඔවුන්ට මාව හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඔවුන් මගේ දේවාල මංකොල්ලකෑම, මට නතර කළ නොහැක. ඒවා මංකොල්ලකෑමට ලක්වීම, නාටකයේ පෙර නියම වූවකි. එබැවින් ඒවා නැවතත් මංකොල්ලකෑමට ලක්වෙයි. මා කුමක් කරන්නද? ඔබ මට අඬගසන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමටයි. එබැවින් මා පැමිණ ඔය දරුවන්ට උගන්වමි. විනාශය, නාටකයේ පෙර නියම වූවකි, එබැවින් එය නැවතත් සිදුවෙයි. මම පිඹිමින්, විනාශය සිදු කරන්නේ නැත. බෝම්බ ආදිය නිෂ්පාදනය කිරීමද, නාටකයේ නියම වූවකි. මමද නාටකයට බැඳී සිටිමි. මගේ චරිත කොටස ශ්‍රේෂ්ඨතම චරිත කොටසයි ලෝකය පරිවර්ථනය කිරීම සහ අපවිත්‍ර අයව පිවිතුරු කිරීම. දැන්, වඩාත් බලවත් කවුද? මමද, නාටකයද? රාවණ්ද නාටකයට අනුව පැමිණිය යුතුයි. මා පැමිණ, මට ඇති සියලුම ඥානය ඔබට දෙමි. ඔබ ශිව බාබාගේ සේනාවයි. ඔබ රාවණ්ව පරාජය කරයි. පියා පවසන්නේ අඛණ්ඩව ම්‍යස්ථාන විවෘත කරන්න. මා පැමිණ සිටින්නේ ඔබට ඉගැන්වීමටයි. මම ඔබගෙන් කිසිම දෙයක් නොගන්නෙමි. ඔබට ඇති කුමන හෝ මුදලක්, වටිනා අන්දමකින් මෙහි භාවිත කළ යුතුයි. ඔබ ඒ සියල්ලම භාවිත කර, ඉන්පසුව සාගින්නේ සිටිය යුතු නැත. ඔබගෙන් කිසිකෙනෙක් සාගින්නෙන් නොපෙලෙනු ඇත. බාබා ඔබට සෑම දෙයක්ම දුන්නා, එබැවින් ඔබගෙන් කිසිවෙක් සාගින්නෙන් පෙලෙයිද? ඔබ හාමතේ සිටිනවාද? ශිව බාබාගේ නිධන් ගබඩාව තිබේ. මෙකල කී දෙනෙක් හාමතේ මිය යනවාද කියා බලන්න. ඔය දරුවන් දැන් පියාගෙන් උරුමය හිමිකර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මෙය ආධ්‍යාත්මික ස්වභාවික සුව කිරීමක් වේ. එය ඉතාම සරල කාරණාවකි. ඔහු මෙම මුඛය තුළින් මන්මනභව් යැයි කියයි, එපමණයි. සුවපත් කළ යුත්තේ ජීවයයි. මේ නිසයි පියාට, සදාතනික ශල්‍යවෛද්‍යවරයා යැයි කියන්නේ. ඔහු ඉතා හොඳ ශල්‍යකර්මයක් සිදු කරයි. ඔහු පවසන්නේ මාව සිහිපත් කරන්න, එවිට ඔබගේ සියලු දුක නැතිවී, ඔබ ලෝක පාලකයන් බවට පත් වෙයි. ඔබ මෙම කටු කැලය තුළ ජීවත් වන අතර, ඔබ නිවසට ආපසු ගොස්, ඉන්පසුව මල් උයනට යා යුතු බව, සිහියේ තබා ගත යුතුයි. අඛණ්ඩව එකිනෙකාට සිහි කර දෙන්න අල්ලා සිහි කරන්න, එවිට ඔබට ඔබගේ රාජධානිය හිමිවෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උසස් තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා, පියාගේ උදව්කරුවන් වන්න. අන්ධයින්ට මාර්ගය පෙන්වන්න. සෑම විටෙකම අසීමිත ඔරලෝසුව සිහියේ තබා ගන්න.

2. මෙම යාග ගින්න රැක ගැනීම පිණිස, ඔබ සැබෑ බ්‍රාහ්මණයෙක් විය යුතුයි. ඔබගේ ධනය වටිනා අන්දමකින් භාවිත කර, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කරගන්න.

වරදානය:
ඔබ, තම ස්ව-ප්‍රගතිය තුළින් සේවයේ ප්‍රගතිය ගෙන එන, සැබෑ සේවකයෙක් වේවා.

සේවය, ප්‍රගතිය ලැබීමේ ප්‍රධාන පදනම වන්නේ ස්ව-ප්‍රගතියයි. ස්ව-ප්‍රගතිය අඩු නම් එවිට සේවය සිදුවන්නේ අඩුවෙනි. සේවය යනු වචන වලින් පමණක් යමෙකුට පණිවිඩයක් ලබා දීම නොවෙයි, නමුත් ඔබගේ සෑම ක්‍රියාවකින්ම තව කෙනෙකුට ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කිරීමට දිරිගැන්වීමත් සේවයයි. තම සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් නිරන්තරයෙන් සේවයේ නියැලී සිටින අය, සේවය කිරීමෙන් ශ්‍රේෂ්ඨ භාග්‍යය අත්විඳියි. ඔබ සේවය කරන තරමට අනුව, තමන්ද ඉදිරියට ගමන් කරයි. තම ශ්‍රේෂ්ඨ ක්‍රියා තුළින් සේවය සිදුකරන අය, සෑම විටම නොකඩවා ඒවායේ ඵල ලබයි.

පාඨය:
සමීපයට පැමිණීම සඳහා, ඔබගේ සිතීම, පැවසීම සහ කිරීම සමාන කරගන්න.