11.02.21       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවිතයට ප්‍රාණය ගෙන දෙන දෙවි පියාණන් පැමිණ සිටින්නේ ඔය දරුවන්ට ජීවිත දානය දීමටයි. ජිවිත දානය ලබනවා යනු තමෝප්‍රධාන් ඔබ සතෝප්‍රධාන් වීමයි.

ප්‍රශ්නය:
නාටක සැලැස්මේ සෑම රහසක්ම ඔබ දන්නා නිසා එම නාටකයේ ඔබට අලුත් දෙයක් නොවන සිදු වීම කුමක්ද?

පිළිතුර:
මුළු ලෝකය පුරාම අද කාලයේ සිදු වන කලබල ඔබලාට අලුත් දෙයක් නොවෙයි. විනාශය සිදු වන මොහොතේදී කිසිම සෙනෙහසකින් තොරව සිටින්නන් තමාගේම කළය විනාශ කර ගැනීම වළ කපා ගන්නක් වේ. මෙම ලෝකය වෙනස් කළ යුතුයි යන අවබෝධය අලුත් දෙයක් නොවෙයි. අපගේ නව ලෝකය නැවතත් ස්ථාපනය වන්නේ මහභාරත යුද්ධයෙන් පසුවයි.

ගීතය:
හිමිදිරියේ මෙහි සපැමිණියේ කවුරුන්දෝ?

ඕම් ශාන්ති.
උදේ පාන්දරින් පැමිණ බටනලාව වාදනය කරන්නේ කවුරුන්දෝ. මුළු ලෝකයම තිබෙන්නේ ඝණ අන්ධකාරයේයි. ඔබ දැන් ඥාන සාගරයේ. පාරිශුද්ධ කරවන පරමාත්ම පියාණන්ගේ, ජීවිතය දානය කරන්නාගේ බටනලාවට ඇහුම්කන් දෙමින් සිටියි. ජිවිත රකින දෙවියන් ඔහුයි. මිනිස්සු: අහෝ දෙවියනේ මාව දුකින් බේරා ගනු මැනව කියා කන්නලව් කරනවා. ඔවුන් ඉල්ලන්නේ සීමිත උදව්ය. ඔහු අසීමිත පියා වන නිසා ඔය දරුවන් දැන් අසීමිත උදව් ලබමින් සිටිනවා. ජීවාත්මයන් අදෘශ්‍යමාන බව ඔය දරුවන් දන්නවා. දරුවන්ගේ ශරීර ඇසට පෙනෙනවා. පරමාත්ම පියාගේ ශ්‍රීමත් උපදේශ දරුවන් වෙනුවෙනුයි. සියලුම ග්‍රන්ථ වල මැණික වන ගීතාව ඉතාමත් ප්‍රසිද්ධයි. මිනිසුන් එයට ක්‍රිෂ්ණාගේ නම ඇතුළත් කර තිබීම පමණයි කර ඇත්තේ. ඉහළ උපදෙස් වන ශ්‍රීමත් පරමාත්ම දෙවියන්ගේ උපදෙස් බව ඔබලා දැන් දන්නවා. දූෂිත අයව උසස් ජීවාත්මයන් බවට පත් කරවිය හැක්කේ එකම එක පරමාත්ම පියාට පමණක් බව ඔබත් දැන් තේරුම් ගෙන තිබෙනවා. ඔහු සාමාන්‍ය මිනිසුන්ව නාරායන බවට පත් කරවනවා. සත්‍ය නාරායනගේ කතාන්දරය තිබෙනවා. අමරණීයත්වයේ කතාන්දරය සඳහන් කර තිබෙනවා. අමරණීයත්වයේ පාලකවරුන් බවට ඔබව පත් කරවීමත් සාමාන්‍ය මනුෂ්‍යයින්ව නාරායන කරවීමත් එකම දෙයකි. මෙය මරණීය දේශයයි. භාරතය අමරණීය දේශයබ බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. අමරණීය බාබා පාර්වතීට දැනුම දුන්නේ මෙහිදියි. එක් පාර්වතී කෙනෙක් හෝ ද්‍රවුපති කෙනෙක් පමණක් නොවෙයි සිටියේ: දරුවන් රැසක් මෙයට ඇහුම්කන් දෙනවා. ශිව බාබා ඔබට සෑම දෙයක්ම බ්‍රහ්මා හරහා කියා දෙනවා. පරමාත්ම පියා කියනවා: ඔය ආදරණීය දරුවන්ට මම බ්‍රහ්මා හරහා කරුණු කාරණා පැහැදිලි කර දෙනවා. ඔබලා අනිවාර්යෙන්ම ජීව අවධානයට පත් විය යුතු බව පරමාත්ම පියා ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. ඔබව මේ තත්ත්වයට පත් කරවිය හැක්කේ පරමාත්ම පියාට පමණයි. ජීවය පිළිබඳ වූ දැනුම ලෝකයේ සිටිනා තවත් එකදු ජිවයකටවත් නැහැ. ජීවාත්මය පිළිබඳ වූ දැනුම නොමැති නම් පරමාත්ම ජීවය පිළිබඳ වූ දැනුම ඔවුන් කෙසේ ලබන්නද? ඔවුන් කියනවා: ජීවාත්මය වන මම උත්තරීතරයි. මුළු ලෝකයම එවන් ලොකු පටලැවිල්ලක පැටලිලා. ඔවුන්ට ඇත්තේ මුළුමනින්ම ගල් වුණු බුද්ධියකි. පිටරට වල සිටිනා අයගේ බුද්ධිනුත් ගල් බවින් අඩු නැහැ. තමන් විසින් නිපදවා ඇති බෝම්බ තමන්වත් මුළු ලෝකයමත් විනාශ කරනා බව ඔවුන්ගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. මේ කාලය වන විට ඔවුන්ගේ බුද්ධිය කිසිම වැඩකට නැති එකක් බවට පත් වෙලා. ඔවුන් කරනා සෑම පෙර සූදානමක්ම ඔවුන්ගේම විනාශයටයි. මෙය ඔය දරුවන්ට අලුත් දෙයක් නොවෙයි. නාටකයට අනුව ඔවුන්ගේ චරිත කොටස එය වන බව ඔබලා දන්නවා. ඔවුන් නාටකයේ බන්ධනයෙන් බැඳිලා. ගල් බුද්ධියක් නොවෙයි නම් තිබෙන්නේ එවන් වැඩක් ඔවුන් කරයිද? තමන්ගේ මුළු වංශ පරම්පරාවම ඔවුන් මේ ලෙස විනාශ කර ගැනීම මහත් පුදුමයක්. නිකම් ඉන්නා විට නම් සියල්ලම හොඳයි. නමුත් හමුදාවට පහරක් එල්ල වුණොත් ඔවුන් ජනාධිපතිව පවා ඝාතනය කර දමාවි. එවන් සිදුවීම් එන්න එන්නම සිදු වෙනවා. තමන් බලයෙන් වැඩි නිසා ඔවුන් කිසිම කෙනෙක්ම ඉවසන්නේ නැහැ. අද ලෝකයේ නොයෙකුත් ආකාරයේ කැලඹිලි. ගල් බුද්ධියක් ඇති අය රාශියක් සිටිනවා. විනාශය සිදු වන මොහොතේදී පරමාත්ම පියා කෙරෙහි සෙනෙහසින් නොසිටිනා අය රාශියක් සිටිනා බව ඔබ දරුවන් අවබෝධ කරගෙන සිටිනවා. ඔවුන් විනාශය කරාම ඇදගෙන වැටෙන බව කියා තිබෙනවා. මෙම ලෝකය දැන් වෙනස් විය යුතුයි. මහාභාරත යුද්ධයක් සිදු වුණු බව ඔබලා දන්නවා. පරමාත්ම පියා ඔබලාට රාජයෝගාව උගන්වනවා. ග්‍රන්ථ වල සම්පූර්ණ විනාශයක් ගැන පෙන්වා තිබෙනවා. කෙසේ වෙතත්, එවන් විනාශයක් සිදු වන්නේ නැහැ. එසේ වුණා නම් එය සම්පූර්ණ ශූන්‍ය වී යාමක් විය යුතුයි: කිසිම මානව ජීවයකින් තොරව පංචමහා භූතයන්ගෙන් පිරි ලෝකයක් පමණක් තිබෙන්න විදියක් නැහැ. එවන් ශූන්‍ය වීමක් සිදු වුණා නම් මානව ජීවීන් පැමිණියේ කොහි සිටන් ද? කකුලේ මාපට ඇඟිල්ල උරමින් බෝ කොළයක් මත පා වී සාගරයෙන් පැමිණි ශ්‍රී ක්‍රිෂ්ණා ගැන මිනිස්සු කියනවා. කුඩා ළදරුවෙකුට එසේ පැමිණිය හැක්කේ කෙසේ ද? ග්‍රන්ථ වල එවන් කතාන්දර රැසක් ලියා තිබෙනවා. ඒ ගැන අහන්නවත් එපා. බිශම්පිතාමි වැනි පණ්ඩිතවරුනුත් ඔය කුමාරීන් කියා දෙන ඥාන හීයට හසු වුණු බව සඳහන් වී තිබෙනවා. ඔබ තවත් ඉදිරියට යන විට එවැන්නනුත් පැමිණේවි. ඔබගේ සේවය බලවත් වන තරමට හා සෑම කෙනෙකුටම පරමාත්ම පියාගේ හැඳින්වීම ඔබ දෙන තරමට අන් අය මත වඩාත් බලවත් බලපෑමක් ඇති කරවීමට ඔබට හැකි වනු ඇත. ඔව්, බාධකත් පැමිණිය හැකියි. යක්ෂ සමාජය විසින් මෙම යාග ගින්නට නොයෙකුත් බාධක ගෙන ආ බවත් සඳහන් වී තිබෙනවා. ගල් බුද්ධි ඇති අසරණ දුප්පතුන්ට මේ කිසිම දෙයක් ගැන තේරෙන්නේ නැහැ. ඔබගේ දැනුම අසහායයි කියා ඔවුන් කියනවා. මේවා නව ලෝකය සඳහා වුණු නව කරුණු බව ඔබ තේරුම් ගෙන සිටිනවා. පරමාත්ම පියා කියනවා: වෙන කිසිම කෙනෙකුට ඔබට මෙම රාජයෝගාව කියා දෙන්න බැහැ. ඥානය හා යෝගාව ඔබට කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. මුක්තිය ලබා දෙන්නා වන්නේ එකම එක පරමාත්ම පියා පමණයි. ඔහුම පමණයි පාරිශුද්ධකරු වන්නේ. එම නිසා, ඔහු අනිවාර්යෙන්ම අපිරිසිඳු අයට දැනුම දේවි. තමන් දැන් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත් වෙමින් සිටිනා නිසා තමන් දිව්‍යත්වයේ දේවතාවරුන් වේවියි කියා ඔය දරුවන්ට තේරෙනවා. මිනිස්සු දේවාල ගණනාවක් සාදා තිබුණත් ඒ දේවතාවරුන් කවුරුන්ද ඔවුන්ගේ කාර්යභාරය කුමක්දැයි කියා ඒ අය දන්නේ නැහැ. දිව්‍යත්වයේ දෙවියන් සඳහා දේවාලයක් තිබෙනවා. නමුත් භාරතය දිව්‍ය දේශයක් බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. මුතු මැණික් ඔබ්බවා සෑදූ මාළිකා රැසක් එහි තිබුණා: ඒ මේ ඊයේ සිදු වුණු දෙයක්. ස්වර්ණමය යුගය පමණක් වසර සිය දහස් ගණනක් තිබුණා කියා ඒ මිනිසුන් කියනවා. නමුත් පියා කියන්නේ මුළු නාටකයම වසර 5000 ක් කියලයි. මෙන්න මේ නිසා තමයි: අද භාරතයත් කොයි වගේද කියා කියන්නේ. වසර සිය දහස් ගණනක් පැරණි කිසිම දෙයක් ගැන කිසිම කෙනෙකුට කිසිම මතකයක් තිබිය නොහැකියි. ඔය දරුවන්ට දැන් සියල්ලම තේරෙනවා. සෑම වසර 5000 කදී ම බාබා පැමිණ සෑම දෙයක්ම සිහිපත් කර දෙන බව ඔබලා දන්නවා. ඔය දරුවන් දෙව්ලොව පාලකවරුන්ව සිටියා. එය වසර 5000 ක සිදු වීමක්. ලක්ෂ්මී නාරායනගේ රාජ්‍යය තිබුණේ කොයි කාලයේ ද ඒ අද සිට කොපමණ කාලයකට පෙර ද කියා ඔබට ඕනෑම කෙනෙකුගෙන් ඇසිය හැකියි. ඔවුන් කියාවි වසර දහස් ගණනකට පෙර කියලා. මෙය වසර 5000 ක දෙයක් බව ඔබට පහදා දිය හැකියි. ඔවුන් කියනවා: ක්‍රිස්තුන් පැමිණීමට වසර ගණනාවකට පෙර පාරාදීසය තිබුණු බව ඔවුන් කියනවා. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයට පමණයි. මෙය පහදා දෙන්නේ ඔය දරුවන්ට පමණයි. මිනිස්සු බාබාගේ උපන් දිනය සමරණා නිසා, යමක් කිරිමට ඔහු අනිවාර්යෙන්ම පැමිණෙන්න ඇති. ඔහු තමයි පාරිශුද්ධකරු. එමනිසා ඔහු පැමිණ සිටින්නේ අනිවාර්යෙන්ම සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවීමටයි. ඥානයේ මහා සාගරය ඔහුයි. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම ඔබට ඥානය දේවි නේද? යෝගාවේ අසුන් ගත් විට අනිවාර්යෙන්ම තමන් ජීව සත්තාවක් බව සලකා පරමාත්ම පියාව සිහිපත් කරන්න. ඥානය මෙයය. නේද? එරමිණියා ගොතාගෙන බිම අසුන් ගනිමින් ඒ අය කරන්නේ හතා යෝගාවයි. ඔවුන් කරන විවිධාකාර දේ දෙස බලන්න. ඔය අම්මලාට ඒවා කරන්න බැහැ. ඒ අය බිම වාඩි වෙන විදියට ඔබලාට වාඩි වෙන්නවත් බැහැ. පරමාත්ම පියා කියනවා: සුමිහිරි දරුවනි, ඒ කිසිවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පාසලක දරුවන් විනයක් ඇතිව අසුන් ගත යුතුයි. පරමාත්ම පියා ඔබට එවන් දෙයක්වත් කියන්නේ නැහැ. ඔබ කැමති අයුරකින් ඔබලාට අසුන් ගත හැකියි. බිම වාඩි වී සිට වෙහෙස දැනෙනවා නම් හාන්සි වන්න. බාබා ඒ කිසිවක් ඔබට තහනම් කරන්නේ නැහැ. මේ දේවල් ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි කරුණුයි. ඔබ කෙතරම් අසනීපෙන් සිටියා වුවත් මෙහි කිසිම අපහසුතාවයක් ඇති වන්නේ නැහැ. මේ දේ වලට ඇහුම් කන් දෙමින් ශිව බාබා සිහි කරමින් සිටිනා අතරම වුවත් ඔබට ශරීරය අතහැර යාමට වුවත් සිදු විය හැකියි කියන්න බැහැ. ගංඟා නදියේ පැන් බිඳක් දෙතොලේ තබාගෙන ඒ ගං තෙරදී ම මිය යා යුතුයි කියා සඳහන් කර තිබෙනවා. ඒ සියල්ල අයිති භක්ති මාර්ගයටයි. ඇත්තටම කියනවා නම් ඉන් කියැවෙන්නේ ඥාන අමෘතය ගැනයි. මේ ආකාරයෙන් තමුන්ට ශරීර අතහැර යාමට සිදු වන බව ඔබලාට තේරෙනවා. ඔය දරුවන් පැමිණියේ පරම දේශයේ සිටයි. ඔබ මාව මෙහි දමා යන්න ගියා. පරමාත්ම පියා කියනවා: මම ඔය දරුවන්ව මා සමඟ ආපසු ගෙන යන්නම්. මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව මා සමඟ ගෙන යාමටයි. ඔබ ඔබගේ නිවහන දන්නේත් නැහැ. ජීවාත්මය දන්නේත් නැහැ. මායා ඔබගේ පියාපත් මුලුමනින්ම කපා දමලා. ඔය ජීවාත්මයන් තමෝප්‍රධාන් වී සිටිනා නිසා පියාසර කළ නොහැකිව සිටිනවා. ඔබ තමෝප්‍රධාන් වන තෙක් කොහොමද ශාන්ත දේශයට පියාසර කර යා හැක්කේ? නාටක සැලැස්මට අනුව සැම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතු බව ඔබ දන්නවා. මේ කාලය වන විට මුළු ගසම තමෝප්‍රධාන් වී මුළුමනින්ම දිරාපත් වෙලා. සෑම ජීවාත්මයක්ම තමෝප්‍රධාන් බව ඔය දරුවන් දන්නවා. නව ලෝකයේදී සෑම කෙනෙක්ම සතෝප්‍රධාන්ය. මෙහි සිටිනා කිසිම කෙනෙකුට සතෝප්‍රධාන් තත්ත්වයක් ලද නොහැකියි. ජීවාත්මයක් මෙහිදී පිරිසිඳු වුණා නම් ඒ ජීවයට තව දුරටත් මෙහි සිටිය නොහැකියි. ඔහු ඉක්මනින්ම පැන යාවි. මුක්තිය ලබා ශාන්ත දේශයට යාමට සැම කෙනෙක්ම භක්ති වන්දනාවන් කරනවා. කෙසේ වෙතත්, දැන්ම ආපසු යාම තවම කිසිම කෙනෙකුට නියම වී නැහැ. පරමාත්ම පියා මෙහි සිට මේ සෑම රහසක්ම ඔබට පහදා දෙන්නේ ඒවා අවබෝධ කර ගැනීමටයි. ඒ වුණත් ඔබ විසින් කළ යුතු ප්‍රධානම දෙය නම් පරමාත්ම පියාව සිහි කර ස්වදර්ශනචක්‍රධාරී වීමයි. බීජය සිහි කළ විට මුළු ගසම ඔබගේ සිහියට ඒවි. ආරම්භයේදී ගස පොඩියි. පසුව එය ක්‍රම ක්‍රමයෙන් වැඩෙනවා. අනේක වූ ආගම් ගණනාවක් තිබෙනවා. ඔබ සියල්ල එක් තත්පරයකින් තේරුම් ගන්නවා. මානව ලෝක ගසෙහි බීජය වන්නේ එකම එක පරමාත්ම පියා බව ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා කවදාවත් සෑම තැනකම සිටිනා කෙනෙක් වන්නේ නැහැ. මේක තමයි ලොකුම වැරැද්ද. කිසිම මිනිසෙකුට දෙවියන් යයි කියන්න බැහැ. පරමාත්ම පියා ඔය දරුවන්ට සෑම කරුණක්ම ඉතාමත් පහසුවෙන් කියා දෙනවා. ඒ වුණත් වාසනාවේ ඇති අයත් දැඩි ශ්‍රද්ධා විශ්වාසය ඇති අයත් පමණයි තම පරමාත්ම පියාගෙන් මෙම උරුමය දිනා ගන්නේ. විශ්වාසයක් නැතිනම් ඔවුන්ට කිසිම දෙයක් අවබෝධ කර ගත හැකි වන්නේ නැහැ. වාසනාවේ නැතිනම් ඔවුන් මොන උත්සාහයක් දරන්නද? ඔවුන්ගේ වාසනාවේ නොමැති නම් කිසිම දෙයක් තේරුම් ගත නොහැකි අය සේ ඔවුන් අසුන් ගෙන සිටීවි. අසීමිත උරුමයක් තමාට උරුම කර දීම සඳහා පරමාත්ම පියා පැමිණ සිටිනා බවවත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. අලුත් ශිෂ්‍යයෙක් ගිහින් වෛද්‍ය විද්‍යාලයේ අසුන් ගතහොත් ඔහුට තේරෙන්නේ මොනවාද? කිසිම දෙයක් නැහැ. ඒ ආකාරයෙන්ම මෙහි පැමිණ අසුන් ගන්නා අයත් සිටිනවා. මෙම අවිනාශී ඥානය කෙදිනකවත් විනාශ වන්නේ නැහැ. රාජධානියක් ස්ථාපනය වෙමින් පවතින බව පරමාත්ම පියා පැහැදිලි කර කියා තිබෙනවා. එමනිසා සෑම කෙනෙක්වම අවශ්‍යයි. දැසි දැස්සන්, පුරවැසියන්ගේ දැසි දැස්සන්. එමනිසා මේ අය නිකම්ම ඇවිත් යාමට පැමිණෙනවා. ඇතැම් අයට සෑම දෙයක්ම ඉතාමත් හොඳින් තේරුම් ගත හැකියි. ඔවුන් තම අදහස් පවා ලියා දක්වනවා. ඔවුන් තවත් වර්ධනය වීමට උත්සාහ දරනවා. කෙසේ වෙතත්, ඒ කාලයට තව තවත් කලබලකාරිත්වය වැඩි වෙන සියල්ල අපහසු වේවි. දවසින් දවස කුණාටු වැඩි වෙනවා. මධ්‍යස්ථාන ගණනාවක් තිබෙනවා. ඔවුන් සියල්ල ඉතාමත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. බ්‍රහ්මා හරහා ස්ථාපනය සිදු වෙනවා කියා කියනවා. විනාශයත් අත ළඟයි. විනාශය සිදු විය යුතුයි. ජනගහනය අඩු කරන්නයි කියා ආණ්ඩුව ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් ඔවුන් මොනවා කරන්න ද? ගස වර්ධනය විය යුතුයි. පරමාත්ම පියා සිටිනා තාක්කල් සෑම ආගමකම ජීවයක් මෙහි පැමිණිය යුතුයි. ආපසු යා යුතු කාලයේදී, ජිවයන්ගේ පැමිණීම නතර වේවි. දැන් සෑම කෙනෙක්ම මෙහි පැමිණිය යුතුයි. කෙසේ වෙතත්, කිසිම කෙනෙකුට මේ දේවල් තේරෙන්නේ නැහැ. දැන් මේ ඇත්තේ රාවණ රාජ්‍යය වන නිසා තමන් රාම රාජ්‍යයක් බලාපොරොත්තු වෙනවා කියා ගාන්ධි තුමා පවා කීවා. අහවල් අහවල් කෙනා ස්වර්ගස්ථ වුණා කියා කියනවා නම් ඉන් අදහස් වන්නේ මේක අපාය බවයි. මේ සරල දෙයවත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ: ඔහු ස්වර්ගයට යාම හොඳයි. එසේ නම් අනිවාර්යෙන්ම ඔහු සිට ඇත්තේ අපායේයි. බාබා කියනවා: මිනිස් මූණක් තිබුණත් මිනිසුන්ට ඇත්තේ වඳුරු චරිතයකි. පතීතපාවන සීතාරාම් කිය කියා ඔවුන් ගීත ගයනවා. අපි සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවන්නේ පරමාත්ම පියා පමණයි. සෑම කෙනෙක්ම භක්ති මාර්ගයේ සීතාවන් වන අතර පරමාත්ම පියා රාමා වේ. කෙලින්ම මෙය කී විට මිනිස්සු පිළි ගන්නේ නැහැ. ඔවුන් රාමාට කන්නලව් කරනවා. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට ඥානයේ තෙවෙනි ඇස ලබා දී තිබෙනවා. දැන් ඔබලා වෙනමම ලෝකයකට අයිතියි වගේයි. පැරණි ලෝකයේ ඔවුන් මොනවා කරන්නද? ඔබට දැන් මෙය තේරෙනවා. අඥාන ඔය දරුවන් දැන් ඥානවන්ත වෙලා. රාවණ ඔබව අඥානයින් කරවලා. පරමාත්ම පියා පහදා කියනවා: මේ කාලයේදී සෑම මිනිසෙක්ම තමෝප්‍රධාන් වෙලා. මෙන්න මේ නිසා තමයි පියා පැමිණ සෑම කෙනෙක්වම සතෝප්‍රධාන් කරවන්නේ. පරමාත්ම පියා කියනවා: ඔය දරුවන් නොනවත්වාම සේවා කටයුතු කරගෙන ගියත් ඉතාමත් සරලව එකම එක දෙයක් මතක තබා ගන්න: පරමාත්ම පියාව සිහි කරන්න. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමේ මඟ වෙන කිසිම කෙනෙකුට කියා දෙන්න බැහැ. සෑම කෙනෙකුගේම ආධ්‍යාත්මික ශල්‍ය වෛද්‍යවරයා එකම එක අයෙකි. ජිවාත්මයන් තමෝප්‍රධාන් වී ඇති බැවින් ඔහු පැමිණ ඔය ජීවාත්මයන්ට එන්නතක් දෙනවා. පරමාත්ම පියා සදාතනික වෛද්‍යවරයායි කියා කියනවා. සතෝප්‍රධාන් ජීවාත්ම දැන් තමෝප්‍රධාන් වෙලා. එමනිසා ඔවුන්ට එන්නතක් අවශ්‍යයි. පරමාත්ම පියා කියනවා: දරුවනි, තමන් ජීවාත්මයන්ය යන විශ්වාසයෙන් පරමාත්ම පියාව සිහි කරන්න. ඔබගේ බුද්ධිය ඉහළට යොමු කර බැඳගන්න. ජීවත්ව සිටිනාතාක් කල් එල්ලුම් ගසෙහි එල්ලී සිටින්න. මින් අදහස් වන්නේ ඔබගේ බුද්ධිය මිහිරි නිවහන යා යෝග වී පැවතිය යුතු බවයි. අපි අපගේ මිහිරි නිවහනට යා යුතුය. අශාරීරික ලෝකය අපගේ මිහිරි නිවහනයි කියා කියනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව,පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකය දැනටමත් විනාශ වි හමාරයි. එමනිසා, තමන් ඉන් වෙනමම සිටින්නෙක් කියා සලකන්න. ගස වර්ධනය වෙනවාත් සමඟම මුහුණ දීමට සිදු වන කුණාටු බාධක ඉදිරියේ බිය නොවී ඒවා ජයග්‍රහණය කරන්න.

2. ජීවාත්ම සත්තාව සතෝප්‍රධාන් කර ගැනීම සඳහා දැනුම හා යෝගාවේ එන්නත තමාට දී ගන්න. තම බුද්ධියේ යෝගාව මිහිරි නිවහන හා යා කර තබා ගන්න.

වරදානය:
ඔබගේ භාග්‍යය සහ භාග්‍යය පිරිනමන්නාව ඔබගේ අවධානයේ තබා ගැනීමෙන් ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් වී සියලු ප්‍රශ්න වලින් නිදහස් වේවා.

නිරන්තරයෙන් ඔබගේ මනසේ සූක‍්ෂම හඬට සවන් දෙන්න අපූරුයි මගේ භාග්‍යය සහ අපූරුයි භාග්‍යය පිරිනමන්නා එමෙන්ම නොකඩවා සතුටින් නර්ථනය කරන්න. ඔබට දැනගන්නට අවශ්‍ය සියලු දේ ඔබ දැන් දන්නා අතර ඔබට ලබා ගැනීමට අවශ්‍ය සියලු දේ ඔබ ලබා ගෙන තිබේ. මෙම අත්දැකීම පවත්වාගන්න එවිට ඔබ සියලු ගැටළු වලින් නිදහස් වෙයි. ගැටලු වල සිරවී ඇති ජීවාත්ම සොයාගැනීමට ඇති කාලය දැන්ය. එබැවින් ඔබ දැන් මාස්ටර් සර්ව බලධාරියෙක් සහ මාස්ටර් නිර්මාණකරුවෙක් බව අවධානයේ තබාගෙන, සුළු සහ ළමා වියේ කාරණා වලට තම කාලය අපතේ නොයවන්න.

පාඨය:
නෙළුම් මල් අසුනේ අසුන් ගෙන සිටින කෙනෙකුට පමණයි, මායාගේ ආකර්ෂණය ඉක්මවා සිටීමට සහ පරම පියාගේ සෙනෙහසින් ආදරණීය වී, ශ්‍රේෂ්ඨ කර්ම යෝගීවරයෙකු විය හැක්කේ.