11.03.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාගේ ක්‍රියාකාරකම් සහ දරුවන්ගේ ක්‍රියාකාරකම් අතර වෙනස හඳුනාගන්න. පරම පියාට ඔබ හා ක්‍රීඩා කළ හැකියි. නමුත් ඔබ හා අනුභව කළ නොහැකියි.

ප්‍රශ්නය:
සත්‍යයේ ආශ්‍රය ඔබව එගොඩ කරයි. නරක ආශ්‍රය ඔබව ගිල්වා දමයි" මෙහි අර්ථය කුමක්ද?

පිළිතුර:
"දැන් ඔබට සත්‍යයේ ආශ්‍රය තිබෙනවා. එනම්, ඔබේ බුද්ධියේ යෝගාව පරම පියා හා සම්බන්ධ කර තිබෙන හෙයින් ඔබට එගොඩ වීමට හැකි වේ. අනතුරුව කෙමෙන් ඔබ ශරීරයේ අවධානයට එනවා. එතැනින් පටන් නොකඩවා පහළට බසින්නේ ඔබ ආශ්‍රය මගින් වර්ණවත් වූ හෙයින්ය. මේ නිසයි, කියමනක් ඇත්තේ: "සත්‍යයේ ආශ්‍රය ඔබව එගොඩ කරයි. නරක ආශ්‍රය ඔබව ගිල්වා දමයි" ඔබේ ශරීරය ඇතුළු සියලු ඥාතී සම්බන්ධතා අමතක කරන්න. පරම පියාගේ ආශ්‍රයේ. එනම්, පරම පියා ස්මරණය කරන්න. එවිට ඔබ පියා මෙන්ම පාරිශුද්ධ වනවා ඇත.

ඕම් ශාන්ති.
ඔබ දරුවන්ට දැන් පන්ති දෙකක් තිබෙයි. ඒක හොඳයි. එකක් තමයි. ස්මරණ වන්දනා ගමන තුළින් ඔබේ පාපයන් කැපී යාමත්. ඔබ ජීවාත්මයන් නොකඩවා පාරිශුද්ධ වීමත් වේ. දෙවැනි පන්තිය. එවන් වූ දැනුමයි. දැනුමත් පහසු වේ: දැනුමේ කිසි අපහසුතාවයක් නැත. ඔබේ මධ්‍යස්ථානත් මෙහෙත් අතර වෙනසක් ඇත. මෙහි පරම පියා හා දරුවන් සිටියි. මෙය පරම පියා හා දරුවන්ගේ සභාවයි. එහෙත් ඔබේ මධ්‍යස්ථාන වල ඔබ දරුවන්ගේ සභාවයි. මේ නිසයි. මෙහි දරුවන් පුද්ගලිකවම පැමිණෙන්නේ. ඔබ ඔහුව ස්මරණය කළා වුවත්. මෙහිදී ඔහුව ඔබ ඉදිරියේ දකී: මම ඔබ සමඟ ඉඳිමි, මම ඔබ සමඟ කතා කරමි. පියා මේ පැහැදිලි කරන්නේ පරම පියාගේ ක්‍රියාකාරකම් සහ දරුවන්ගේ ක්‍රියාකාරකම් අතර වෙනසක් තිබෙනවා යන්නයි. මදක් සිතන්න පියාගේ භූමිකාව කුමක්ද, රථයේ භූමිකාව කුමක්ද කියා. රථය තුළින් ඔහුගේ භූමිකාව කළ හැකි ද? ඔව්, පියාට ඔහු තුළින් එය කළ හැකියි. ඔබ කියයි : "මම ඔබ සමඟ ඉඳිමි" ඒ වාගේම ඔබ කියයි: "මම ඔබ සමඟ අනුභව කරමි" කෙසේවෙතත්, ඔහු අනුභව නොකරයි. පරම පියාට වැටහෙනවා."දරුවන් සමඟ ක්‍රීඩා කිරිම" යනු එම දෙදෙනොම ඔබ සමඟ කිරීමය. මෙහිදී ඔබ සමඟ ඔහු සෑම දෙයක්ම කරයි. ඒ ඔහු පරම ගුරුවරයා ද වූ නිසාය. ඔය දරුවන්ව විනෝදවත් කිරිම ගුරුවරයෙකුගේ යුතුකමය. එහි ගෘහස්ථ ක්‍රීඩාංගන තිබෙනවා. මෙකල, නොයෙක් වර්ගයේ ක්‍රීඩාවන් තිබෙනවා. චෙස් හා සමාන බොහෝ ජනප්‍රිය ක්‍රීඩා ඇත. එසේම මෙය මහාභාරත කතාවේ සඳහන් වේ. කෙසේවෙතත්, එය සූදු කෙළියකි. සූදු කෙළියේ යෙදෙන අය අසුවෙති. මේ සියල්ලම උපුටාගෙන තිබෙන්නේ භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථ වලින්ය. උපවාස හා පිළිවෙත් රැකීම ආදීන්ද ඔබ දනී. ඒ සියල්ලක්ම භක්ති මාර්ගයට අයත් විෂයන්ය. ඇතැම් අය වතුර නොබී ටික දිනක් සිටිති. ඇතැම් අය වතුර හා කෑමෙන් තොරව ටික දිනක් සිටිති. භක්ති මාර්ගයේ යම් ලැබීමක් ඇත්නම්. එය තාවකාලිකව පමණී. මෙහි සෑමදේම ඔය දරුවන්ට පැහැදිලි කර තිබේ. ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ පැකිළෙමින් සිටිති. දැනුමේ මාර්ගය, සතුටට මාර්ගය වේ. පරම පියාගෙන් ඔබේ සතුටේ ප්‍රාප්තය ලබමින් සිටින බව ඔබ දැන් දනී. භක්ති මාර්ගයේ පවා ඔබ සිහිකළ යුත්තේ එක්කෙනාවයි. එක්කෙනා වන්දනා කිරීම පිරිසිදු වන්දනාවයි. එයත් හොඳයි. භක්තිය පවා සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව තුළින් යනවා. සියල්ලටම වඩා උසස්ම වන්දනාව ශිව් බාබාගේ සතෝගුණී භක්තියයි. ඔබ සියලුම දරුවන්ව ශිව් බාබා සතුටු දේශය වෙත ගෙන යන්නේ ඔහුම ඇවිත්ය. ඔවුන් කැඳවමින් සිටින කෙනාමයි, දරුවන්ට බෙහෙවින් සේවය කරමින්, ඔබව පාරිශුද්ධ කරමින් සිටින්නේ. අනතුරුව ගල් බොරළු තුළත් ඔහු සිටිනවා යැයි ඔවුන් කියති. ඉතින්, ඒ අපහාස කිරීමකි. අසීමිත පියාගේ රාජධානියේ වාසනාව ඔබ දරුවන් ලබා ඇත. ඔබ යළිත් එය නිසැකවම ලබාවි. ඔබ භක්තියෙන් දැනුම වෙනස් වූවක් යැයි සලකනවා. රාම රාජධානිය කෙසේ පැවතුනේද රාවණ රාජධානිය කෙසේ පැවතුනේද යන්න ඔබේ උත්සාහය අනුව අනුපිළිවෙලින් ඔබ දනී. මේ නිසයි, මිනිසුන් හට සත්‍ය අවබෝධය ලැබීම පිණීස ඔබ පත්‍රිකා ආදිය මුද්‍රිත කර තිබෙන්නේ. ඔබ සතුව ඇති සියල්ලක්ම සත්‍යයි. ඔබ දරුවන් සේවය කළ යුතුයි. බොහෝ සේවය කිරීමට තිබෙනවා. සේවය සඳහා මෙම බැජ් එකත් වඩාත් හොඳයි. මෙම බැජ් එක උසස්ම ග්‍රන්ථයකි. මේවා දැනුමේ විෂයන් වේ. මෙහිදී ඔබ ස්මරණ යාත්‍රාව වෙනම පැහැදිලි කළ යුතුය. මෙය නිහඬ ජප කිරීමකි. මෙහි ජප කිරීම වැනි දෙයක් නැත. ඔබට "ශිව ශිව" කියා අභ්‍යන්තරයෙන් ජප කිරීමට උවමනා නොවේ; ඔබ සරළව පරම පියා සිහි කළ යුතුයි. එම ශිව් බාබා පරම පියා බවත් එවිට අප ජීවාත්මයන් ඔහුගේ දරුවන් බවත් ඔබ දනී. ඔහු පුද්ගලිකවම ඔබ ඉදිරියට ඇවිත් කියයි: මම පාරිශුද්ධකරුවා වෙමි. සෑම චක්‍රයේම මම ඔබව පාරිශුද්ධ කිරීමට එමි. ඔබේ ශරීරය ඇතුළු සියලු ශරීරධාරීන් අත් හැර ඔබව ජීවාත්මයක් වශයෙන් සලකන්න. ඔබේ පියා වූ මා ස්මරණය කරන්න එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වේවි. මාගේ භූමිකාව අපවිත්‍ර අයව පවිත්‍ර කිරීමයි. මෙම යෝගාව බුද්ධිය හා සම්බන්ධයි. එනම්, පරම පියාගේ ආශ්‍රයයි. ඔබ ආශ්‍රයෙන් වර්ණ ගැන්වේ. සත්‍යයේ ආශ්‍රය ඔබව එගොඩ කරයි, නරක ආශ්‍රය ඔබව ගිල්වා දමයි කියා කියමනක් ඇත. ඔබේ බුද්ධිය පියා හා සම්බන්ධ කිරීම මගින් ඔබට එගොඩ විය හැකියි. අනතුරුව ඔබ පහළ බහින්න පටන්ගනී. සත්‍යයේ ආශ්‍රය ඔබව එතෙර කරවයි; එයින් ඔහු ගැන සිහිපත් වේ. මෙහි තේරුම එම භක්ති මාර්ගයේ සිටින්නන් නොදනී. ඔබ ජීවාත්මයන්ට තමන් අපවිත්‍ර බවත් එම සදා පවිත්‍ර කෙනා සමග යෝගා කිරීම මගින් ඔබ පවිත්‍ර වන බවත් යන වැටහීම ලැබී ඇත. පරමාත්ම පරම පියාව ජීවාත්මයන් ස්මරණය කළ යුතුයි. ජීවාත්මයක් පවිත්‍ර වූ කල ඔහුට පවිත්‍ර ශරීරයක් ලැබේ. ඔහු නියම රත්රන් බවට පත්වේ. මෙය ස්මරණ වන්දනාව වේ. ඔබේ පාප පිළිස්සී යාවි. එම යෝග ගින්නෙන් මිශ්‍ර වූ දේ ඉවත් වී යාවි. ඔබ නව ලොවේ නව යුගයේ පාරිශුද්ධ වී එසේම මුළුමනින්ම අකුසලෙන් තොර වී සිටි බව ඔබ දනී. ඔබ කලා 16න් පිරී සිටියා. දැන් කිසි කලාවක් ඉතිරි වී නැත. මෙයටයි රාහුගේ අපලය කියන්නේ. මුළු ලොව මතම රාහුගේ අපලය ඇත; විශේෂයෙන් භාරතය මතයි. ශරීරය අවලස්සනයි, ඔය දෑසින් දකින දේවලුත් අවලස්සනයි. රජ සහ රැජිණ කෙසේද ජනයා ද එසේම වේ. කිසිවෙකුත් "කැත සහ සුන්දර" (ශ්‍යාම් සුන්දර්) යන්නෙහි අර්ථය නොදනී. ඔවුන් බොහෝ නම් දී තිබෙනවා. පරම පියා දැන් පැමිණ එහි අර්ථය පැහැදිලි කරයි. ඔබ මුලින් ලස්සන වී සිටියා. අනතුරුව ඔබ අවලස්සන වුණා. ඔබ දැනුමේ ගින්න මත ඉඳීමෙන් ලස්සන වුණා. කෙසේවෙතත්, ඔබ අවලස්සන බවෙන් ලස්සන වීම සහ ලස්සන බවෙන් අවලස්සන වීමත් විය යුතුයි. මෙහි අර්ථය පරම පියා විසින් ඔබ ජීවාත්මයන්ට පැහැදිලි කළා. අප ජීවාත්මයන් ස්මරණය කරන්නේ එක් පියාවයි. ඔබ තිත් බව ඔබේ බුද්ධියට ඇතුල්වී ඇත. මෙයට ජීවාත්මය පිළිබඳ අවබෝධයයි කියති. අනතුරුව දැකීමට, ඇතුළු නුවණ ඇත. මේ විෂයන් වටහාගෙන තිබිය යුතුයි. ඔබ ජීවාත්මය ගැන වටහා ගන්න: මම ජීවාත්මයක්මි. මෙය මාගේ ශරීරයයි. මම මෙහි පැමිණ ශරීරයකට ඇතුල්වුණේ මගේ චරිත කොටස කිරීමටයි. නාට්‍ය සැලැස්ම අනුව, අප පළමුව මෙහි ආවා. සියලු දෙනාම ජීවාත්මයන්ය. ඇතැම් අයට දීර්ඝ චරිත කොටස් තිබෙන අතර ඇතැම් අයට කෙටි චරිත කොටස් තිබේ. මෙය ඉතාමත් විශාල අසීමිත නාට්‍යයකි. ඔබ මෙහි අනුපිළිවෙලින් පැමිණී අයුරු සහ ඔබේ චරිත කොටස කරන්නේ කෙසේද යන්නත් ඔබ දනී. මුලින්ම දේවතා වංශය තිබුණි. ඉතාමත් සුබම සුබ කාලය වූ සංගම් යුගයේ දී ඔබ මෙම දැනුම ලබනවා. අනතුරුව අවසානයේ, මේ කිසිවක් ඔබට මතක් නොවේ. පරම පියා විසින් කියයි: මෙම දැනුම අතුරුදහත් වේවි. දේවතා ධර්මය බිහිවුණේ කෙසේද යන්න කිසිවෙකුත් නොදනී. ඔබ දරුවන් මෙය දන්නා අතර ඔබ අන් අයවත් ඔබට සමාන කරවයි. ඔබේ පිරිස අධික වූ විට ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කිරිමට සිදුවනු ඇත. අනිවාර්යෙන් ක්‍රමයක් මතුවේවි. ඔබට විශාල ශාලාවක් ද උවමනා වේවි. පෙර චක්‍රයේ කුමන ක්‍රියාවක් ඔබ කළේ ද යළිත් ඔබ එය කරනවා ඇත. ඔබ මෙය වටහාගෙන ඇත. ඔබ දරුවන්ගේ සංඛ්‍යාව නොකඩවා වැඩි වේවි. බාබා මංගල උත්සව සඳහා ශාලා ඉදිකරන්නන්ට පැහැදිලි කරන්නැයි ඔබට කියා ඇත. මෙහි ධර්මශාලා ආදියත් ඔවුන් මංගල උත්සව සැමරීමට ගනී. අපගේ කුලයට අයත් අය මෙය ඉක්මණීන් වටහා ගනීවි. මෙම කුලයට අයත් නොවනා අය බාධා කරාවි. මෙම කුලයට අයත් අය මෙයමයි සත්‍යය කියා පිළිගනිති. මෙම ධර්මයට අයත් නොවන්නත් සටන් කරාවි. මෙම සිරිත් විරිත් සැමවිටම තිබූ දෙයක් යැයි කියති. අපවිත්‍ර පවුල් මාර්‍ගය ඇත්තේ දැන්ය. ඔබව යළිත් වරක් පවිත්‍ර කිරීම පිණිස පරම පියා පැමිණ සිටිනවා. ඔබ පාරිශුද්ධත්වය ප්‍රබල ලෙස ඉස්මතු කරන නිසයි එහි බොහෝ බාධා ඇත්තේ. ඔවුන් ආගාකාන්ට බොහෝ ගෞරවය දක්වති. පාප් වහන්සේට ද බොහෝ ගෞරව කරති. පාප්තුමා ඇවිත් කළේ කුමක්ද කියා ඔබ දනී. ඔහු සියදහස් ගණන් විවාහයන් කර දී තිබෙයි; මංගල උත්සව බොහෝ පැවැත් වේ. පාප්තුමා ඇවිත් අත් පළඳනාවක් බඳී. එම මිනිසුන් මෙසේ කිරීම ගෞරවයක් ලෙස සලකති. ඔවුන් මෙම විවාහ උත්සව සඳහා ප්‍රබල ජීවයන්ටත් ආරාධනා කරති. මෙකල ඔවුන් විවාහ තීන්දු කිරීමේ උත්සව පවා සමරති. පරම පියා කියයි : රාගය විශාලතම සතුරා වේ. මෙම නියෝගය ඔබේ නැන්දලාගේ ගෙදර යනවා වාගේ ලෙහෙසි නොවේ. පැහැදිලි කිරීමට ඉතා හොඳ උපක්‍රම අවශ්‍ය කරයි. මෙසේ ඔබ වර්ධනය වනවිට, ඔවුන් ටිකෙන් ටික තේරුම් ගන්න පටන් ගනී. මුල්ම හින්දු ආගමිකයන්ට පැහැදිලි කරන්න. ඔවුන් ඉක්මණීන් මෙය වටහා ගන්නා අතර මෙයයි ආදි සනාතන දේවතා ධර්මය යැයි ද හින්දු ආගම නොවෙයි කියාත් වටහා ගනී. ඔබ පරම පියා කෙරෙන් දැනගත් අයුරින්ම, අන් අයත් එමෙන්ම වටහාගන්නා අතර පැතිරීම නොකඩවා සිදුවේවි. නොකඩවා පැළ සිටුවීම සිදුවේය යන විශ්වාසය ඔබට ඇත. ඔබ පරම පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරිම මගින් දේවතා බවට පත්වේ. ඔවුත් නව ලොවේ වාසය කරන්නන්ය. සංගම් යුගයේ පරම පියා පැමිණ ඔබව මාරු කරන බව ඔබ කලින් දැන සිටියේ නැහැ. ඔබ මෙය කොහෙත්ම දැන සිටියේ නැහැ. සැබැවින්ම සුබදායී සංගම් යුගය මෙයයි කියා ඔබ දැන් තේරුම් ගෙන ඇත. ඔබ ඉතාමත් උසස් අය බවට පත්වෙමින් සිටිනවා. ඔබ කෙතරම් උත්සාහ කරයිද ඒ අනුව ඔබ පත්වනවා ඇත. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ හදවතෙන් අසන්න, පාසැලේදී මොනයම් විෂයකින් හෝ දුර්වල වූයේ නම්, එවිට ඔබ එම විෂයෙන් අසමත් වන බව ඔබ දනී. මෙයද පාඨශාලාවකී. ගීතා පාඨශාලා ඉතා ප්‍රසිද්ධය. ඔවුන් එම නම යාන්තමින් වෙනස් කර ඇත. "සත්‍ය ගීතාව සහ අසත්‍ය ගීතාව" කියා ලියූ කල ඔවුන් ව්‍යාකූල වේ. අනිවාර්යෙන්ම ගැටුමක් ඇතිවේවි. මේ ගැන බය වෙන්න උවමනා නැහැ. මෙකල බස් ආදිය පුළුස්සන එක මෝස්තරයක් වී ඇත. ඔවුන් නොකඩවා සෑම දේටම ගිණී තබයි. කවුරු හෝ උගැන්වූ දෙයක් ඔවුන් උගනී. මිනිසුන් දැන් බොහෝ දේවල් ඔවුන් පෙර දැන සිටියාටත් වඩා ඉගෙන ගනිති. ඔවුන් වැඩ වර්ජනය ආදියත් නොකඩවා කරති. සෑම වසරේම රජයට බොහෝ පාඩු සිදුවනවා එමනිසා, වරිපනම්ද වැඩිවේ. දවසක බැංකු ආදියත් සැමගේ සේප්පුව විවෘත කරාවි. ඔවුන් නොකඩවා ඇති තරම් ආහාර සොයා ගබඩා කිරීමෙහි යෙදේ. ඔබ මේ සියලු දේ වලින් නිදහස් ය. ඔබේ ප්‍රධාන දේ තමයි ස්මරණ වන්දනාවේ යෙදීම. එම දේවල් හා කිසිම සම්බන්ධයක් තමාට නැතැයි පියා පවසයි. මගේ යුතුකම ඔබට මාර්ගය පෙන්වීමයි. එවිට ඔබේ දුක් සියල්ල ඉවත් වී යාවි. මේ කාලයේ දී ඔබේ කර්ම ගිණුම් පියවීමට තිබේ. තවත් ඇති සියලු ලෙඩ රෝගයන් ද මතු වේවි. අවසානයේ කළ කර්මයේ ගිණුම්ද පියවන්න සිදුවේ. ඔබ බිය නොවී සිටිය යුතුයි. ඔවුන් ලෙඩ වු කල දෙවියන් සිහිකරන්න කියති. ඔබට මෙම දැනුම රෝහල් වලට ගොස් දිය හැකියි. පරම පියා ස්මරණය කරන්න එවිට ඔබේ පාප නැතිවී යාවි. මෙය හුදෙක් එක් උපතක දෙයක් නොවේ. ඔබ උපත් 21ක් නිරෝගීව සිටින බවට මම සහතික කරමි. එයද, එක් පරම පියා ස්මරණය කිරීම මගින් ඔබේ ආයු කාලය දීර්ඝ වේවි. භාරතයේ මිනිසුත් දීර්ඝායුෂ ලබා සිටියා; ඔවුන් ලෙඩ රෝග වලින් නිදහස්ව සිටියා. පරම පියා දැන් ඔබව උසස් කිරීමට ශ්‍රීමත් දෙමින් සිටිනවා. "අති උසස් සහ සුබදායි" යන වදන් ඔබ කිසිවිට අමතක නොකරන්න. සෑම චක්‍රයේම මෙසේ පත්වන්නේ ඔබමය. මෙය වෙන කිසිවෙකුටත් කිව නොහැකිය. මේ අයුරින් ඔබට බොහෝ සේවය කළ හැකිය. ඕනෑම වේලාවක වෛද්‍යවරු හමුවීම සඳහා වේලාවක් නියම කළ හැකියි. රැකියා කරන අයට ද බොහෝ සේවය කළ හැකියි. රෝගීන්ට කියන්න වෛද්‍යවරයෙක් අප ළඟත් ඉන්නවා. ඔහු අවිනාශී අසීමිත ශල්‍ය වෛද්‍යවරයායි. අප දැන් උපත් 21ක් නිරෝගීමත් කරන එම කෙනාටයි අයිති වී සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාට පැහැදිලි කරන්න: මිනිසුන් නිරෝගීව සිටින්න බොහෝ උත්සාහ කරමින් සිටිනවා. ස්වර්ණම යුගයේ ඉතා ස්වල්ප ජනතාවක් සිටී. එහි සාමය. සතුට සහ පාරිශුද්ධත්වය තිබේ: එහි සෑම දේම තිබේ. මුළු ලොවටම යහපත ගෙනෙන්නේ ඔබ විසිනී. ඔබ මගපෙන්වන්නන් වේ. ඔබ පාණ්ඩව සමූහයයි. මෙය කිසිවෙකුගේත් බුද්ධියේ නොමැත. ආහාර අමාත්‍යවරයාටත් පැහැදිලි කරන්න. ශිව් බාබා සියල්ලන්ට වඩා උසස්ම ආහාර අමාත්‍යවරයා වේ. ඔහු බොහෝ ආහාර සපයනවා, දිව්‍යලෝකයේ කිසිවක් අඩු නැත. ඔබ දැන් සංගම් යුගයේ සිටියි. ඔබේ බුද්ධියේ මුළු චක්‍රයම පිළිබඳව ඇති නිසයි ඔබට ස්ව දර්ශන චක්‍රධාරින් යැයි අමතනුයේ. කෙසේවෙතත්, භාරතය ණය ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. ඥානය ඇත්තා ඇවිත් නොකඩවා ඔබට ඔහුගේ ඥානය උගන්වමින් සිටින බව ඔබ දරුවන් දනී. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. එක් පියා ඔබේ මිත්‍රයා කර අත්විඳින්න: "මම ඔබ සමඟ ඉඳගනිමි. මම ඔබට පමණක් සවන් දෙමි. මම ඔබ සමඟ අනුභව කරමි" නරක ඇසුර අත් හැර සත්‍යයේ ඇසුරෙහි සිටින්න.

2. ස්මරණ වන්දනාව මගින් ඔබේ කර්ම ගිණුම් සහ කර්ම විඳවීම් පියවන්න. මුළුමනින්ම පාරිශුද්ධ වන්න. සංගම් යුගයේදී ඔබව මුළුමනින්ම පරිවර්ථනය කරන්න.

වරදානය:
ඔබ හදවතින්ම "මගේ බබා" කියමින් සැබෑ ගනුදෙනුවක් කිරීමෙන් තමාව සම්පූර්ණයෙන් කැපකර ජීව මරණයක් ලද අයෙකු බවට පත්වේවා.

බ්‍රහ්ම කුමාර හෝ කුමාරි වීම යනු තමාව සම්පූර්ණයෙන් කැපකර යටත්වීමයි. ඔබ ඔබේ හදවතින්ම "මගේ බාබා" යැයි පවසන විට, "දරුව, මේ සියල්ල ඔබගේ ය!" කියා බාබා පවසයි. ඔබ නිවසක ජීවත් වුවත්, මධ්‍යස්ථානයක ජීවත් වුවත්, ඔබේ හදවතින් “මගේ බාබා” යැයි පවසන විට, පරමාත්ම පියා ඔබව ඔහුට අයිති කර ගනියි. මෙය හදවතේ ගනුදෙනුවක් මිස වචනයෙන් කරන භෞතික ගනුදෙනුවක් නොවේ. කැපකර යටත් වීම යනු ශ්‍රීමත් තුළ සිටීමයි. මේ ආකාරයට කැප වූවන් පමණක් ජීව මරණය ලද බ්‍රාහ්මණයින් වේ.

පාඨය:
ඔබට "මගේ" යන වචනයට ආදරයක් තිබේ නම්, "මගේ " යන සියල්ලම "මගේ බාබා" සමග ඒකාබද්ධ කර ගන්න.

අද, 2021 මාර්තු මස 11වන දින, අපගේ ගැඹුරු සෙනෙහසට පාත්‍ර වූ දාදි, බාප්දාදාගේ දෑසේ ආලෝකය, දිලාරාම් පියා ඇගේ හදවත තුළ රදවා ගත් කෙනා, බාප්දාදාගේ රථය වන දාදි ගුල්සාජී (චෝඨා නන්දි, කුඩා ගවයා) සූක්ෂම කලාපයේ නිවැසියෙක් බවට පත් විය. අද, ඇගේ සංවත්සර දිනයේ, ඇගේ අමිල වදන් අපගේ ජීවිත තුළට ධාරණය කරගෙන ඇගේ සෙනෙහසට සහ බාප්දාදාගේ පෝෂණයට ප්‍රතිඋපකාරයක් ලබා දෙමු. අප ඇයට ලබා දෙන සැබෑ උපහාරය මෙයයි.

ගුල්සා දාදිජී පැවසූ අමිල වැකි.

1. ඔබගේ සියලු වගකීම් බාබාට භාරකර සැහැල්ලු සහ ආලෝකමත් වන්න, එවිට ඔබ සෑම විටම නර්ථනය කරනු ඇත.

2. ඔබගේ මනස සහ බුද්ධිය පරම පියා මත ස්ථාවර කරගන්න: ඒවා ඒකාග්‍රතාවයට පත් කිරීම, සත්‍ය ආධ්‍යාත්මික වීර්යයි.

3. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, පරාර්ථකාමී සෙනෙහසයි. මෙයට ප්‍රතිඋපකාරයක් ලෙස සරළව, ඔහු හා සමාන වන්න.

4. බාබාගේ ඇසුර අත්විදීම සදහා, ඔබගේ මනස සහ බුද්ධිය පිරිසිදුව සහ පැහැදිලිව තබා ගන්න.

5. සර්ව බලධාරී පියා ඔබ සමග සිටින විට, ඔබ නිරන්තර සතුටින් සිටිවි. අවුලට පත් නොවන්න, බිය නොවන්න, අධෛර්යමත් නොවන්න.

6. ඔබගේ අභ්‍යන්තර සිරුරේ වාහනයෙන් සේවය කිරීමට, සැහැල්ලු සහ ආලෝකමත් වන්න.

7. ඔබගේ හදවතේ ඇති දේවල් බාබාට පවසන්න, ඔහුව ඔබගේ දෑස තුළ අසුන් ගන්වන්න, එවිට ඔබගේ දෑස් වෙනත් කිසිවෙක් වෙතට ඇදී නොයනු ඇත.

8. අවසන් නිමේශයන්හි ඔබගේ මනසින් සේවය කිරීම සදහා, බල තොගයක් රැස් කරගන්න.