11.06.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බ්‍රහමින් වු වායින් පසුව පරම පියාගේ නාමය අවමන් වන අයුරින් එවන් හැසිරීම් කිසිවක් නොතිබේවා.

ප්‍රශ්නය:
දේව සිසුන්ගේ මුවින් මතු නොවිය යුතු වචන මොනවා ද?

පිළිතුර:
"ඉගෙන ගන්න අපට වේලාවක් නැහැ" මේ වචන ඔබේ මුවින් මතු නොවිය යුතුයි. පරම පියා ඔය දරුවන්ගේ හිස මත කිසිම බරක් තබන්නේ නැහැ. සරළව ඔහු කියන්නේ: පාන්දරින් අවදී වී මා සිහිපත් කරන්න. ඉන්පසු පැය භාගයක් හෝ පැයක් ඉගෙන ගන්න.

ප්‍රශ්නය:
මිනිස්සුන්ගේ සැලැස්ම කුමක්ද, පරම පියාගේ සැලැස්ම කුමක් ද?

පිළිතුර:
මිනිස්සුන්ගේ සැලැස්ම නම් එක්‍සේසත් කිරීමයි. මනුෂ්‍යයන්ගේ ආශාව එක් දෙයකි. නමුත් පරම පියාගේ සැලැස්ම නම් ව්‍යාජ භූමිය සත්‍ය භූමිය බවට වෙනස් කිරීමයි. එමනිසා, සත්‍යයේ දේශයට යාම සඳහා ඔබ අනිවාර්යෙන්ම සත්‍යගරුක වන්න ඕන.

ගීතය:
මෙකල මිනිසුන්ට කුමක් වීද ?

ඕම් ශාන්ති.
ඔය දරුවනුත් "ඕම් ශාන්ති" කියයි. ජීවාත්මයන්ට තම ශරිර තුලින් "ඕම් ශාන්ති" කිව හැකියි. ජීවාත්මයක් වූ මාගේ ආදී ධර්මය ශාන්තියයි. ඔබ මෙය අමතක නොකළ යුතුයි. පරම පියාත් ඇවිත් "ඕම් ශාන්ති" කියනවා. පරම පියා වාසය කරන්නේත් ඔබ සාමයෙන් සිටි ප්‍රදේශයේයි. එය අපගේ සාම දනව්ව සේම අපගේ නිවහන ද වේ. පිටත ලෝවැසි උගතුන් හෝ පණ්ඩිතයන් මෙය නොදනී. ඔවුන් නිකම්ම ආත්මය සහ පරමාත්මය එක සේය කියා කියති. කිසිවකුටත් ජීවාත්මය පිළිබඳ දැනුම නැත. ජීවාත්මය කුමක්ද කියාවත් ඔවුන් නොදනී. තාරකා මෙන් කෝටි සංඛ්‍යාත ජීවාත්මයන් සිටී. සෑම ජීවාත්මයක් තුළම අවිනශී චරිත කොටස් නියමිත වී ඇත. එසේම ඔවුනොවුන්ගේ කාලයේදී එය ඉස්මතු වේ. පරම පියා මෙය පහදා දෙන්නේ මෙහි අසුන්ගෙනයි. මෙය පරම පියාට මිනිසෙකු තුළට නොපිවිස මිනිසකු නොවී පැහැදිලි කළ නොහැකියි. ශරීරයක් මටත් අවැසි වෙනවා. නිර්මාණයන් නිර්මාණ කරද්දී ශරීරයක් අරගන්න සිද්ධ වෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය සිදුවෙයි. නිර්මාපක අශාරීරික ශිවා වේ. ඔහු මේ ප්‍රජාපිතා බ්‍රහ්මා තුළින් පැහැදිලි කරන්නේ බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්ම කුමාරින්ටයි. ශුද්‍රයින්ට නොවේ. මෙය අපගේ බ්‍රහමින් කුලයයි. මුලින්, අප සිටියේ ශුද්‍ර කුලයේයි. ඊට කලින්, අප සිටියේ වෛශ්‍ය සහ ක්‍ෂත්‍රීය කුලයේයි. මේ දේවල් මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. මේ බ්‍රහමින්වරු පසුව ක්‍ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර කුලයන් වලට අයත් වන අය නිශ්චිත වශයෙන්ම දේවතාවරුන් බවට පත්වෙති. හිස කුඩුම්බිය නම් බ්‍රහමින්වරුන්ය. මුලින් අප සිටියේ ශුද්‍ර කුලයේයි. එකල බ්‍රහ්මණයත් හුරු වී සිටියේ කුඩුම්බිය ගව කුරයක් මෙන් දමන්නයි. ඔබ කරන්නේ කරණම් ගැසීමේ ක්‍රීඩාවයි: මම එය නොකරමි. ඔබ මේ කුල චක්‍රයෙහි යනවා. එය එතරම් පහසු විෂයකි. ස්වදර්ශන්චක්‍රධාරී ඔබේ නියම නාමයයි. එහෙත් මිනිස්සු ග්‍රන්ථ ආදීයෙහි අනෙකුත් දේවල් ලියා තිබෙන්නේ, ඔබ ස්වදර්ශනචක්‍රධාරී වන්නේ මෙහි දීයි යන්න ඔබට වැටහේ. කෙසේවෙතත්, එම ආයිත්තම් වල සංකේත දී තිබෙන්නේ දෙවි දේවතාවන්ටයි. මන්ද, ඔවුන් සම්පූර්ණයි, ඔවුන්ටයි එම සංකේත ගැලපෙන්නේ, ඔබ මේ දැනුම උකහා ගැනීම මගින් නැවත වරක් ලෝක පාලකයන් බවට පත්වෙයි. ඔබ දැන් මෙහි පුද්ගලිකව අසුන්ගෙන සිටිනවා. මෙයයි රුද්‍ර ඥාන යග්යාව. යග්යාවක් සඳහා අනිවාර්යෙන්ම බ්‍රහ්මණයන් අවැසියි. යග්යාවක් නිර්මාණය කිරීම ශුද්‍රයෙකුට කළ නොහැකියි. මේ යග්යාව නිර්මාණය කළේ රුද්‍ර ශිව් බාබායි. එමනිසා, බ්‍රහමින් වරු අනිවාර්යෙන්ම අවැසි වෙනවා. පරම පියා කියයි : මා කතා කරන්නේ බ්‍රහමින් දරුවන් සමග පමණයි. මෙය එවැති යග්යාවක්. පරම පියා ආ ගමන්ම මේ යග්යාව ඔහු නිර්මාණය කළා. අශ්වයෙකු පරිත්‍යාග කළ යාගය වශයෙන් හැඳින්වෙයි. එනම්, ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරිම සඳහා වූ යාගයයි. කොතැනද ? භාරතයෙහිය. බාබා නිර්මාණය කරන්නේ ස්වර්ණමය යුග ස්වාධිපත්‍යයයි. එමනිසා, ඔබට මෙය ශිව ග්‍යාන් යග්යා හෝ රුද්‍ර ග්‍යාන් යග්යා කියා කිව හැකියි. සෝම්නාථ කෝවිලත් ඔහුගේ වේ. ඔහුට බොහෝ නම් දී තිබෙනවා. මෙයට කියන්නේ යග්යාව කියායි. මෙයට පාසලක් කියන්නේ නැත. පරම පියා රුද්‍ර ග්‍යාන් යග්යාවක් නිර්මාණය කළා. යග්යාවට පාසලක් නොකියයි. යග්යාව නිර්මාණය කරනුයේ බ්‍රහ්මණයන් විසිනී. පරිත්‍යගශීලී බෝලානාථ (අවිහිංසක ස්වාමියා) තමයි බ්‍රහමින් වරුන්ට දන් දෙන්නේ. ශිවා කියන්නේ ඔහුටයි. අවිහිංසක ස්වාමියා, සියලු ධනසම්පත් වලට අධිපති ඔහු වේ. දැන් ඔබ ඔහු සමඟයි මුහුණට මුහුණ ලා සිටින්නේ. බාප්දාදා ඔය දරුවන් හදාගන්න ගත්තා. මොහු ‍ජ්‍යෙෂ්ඨ මවයි. කෙසේවෙතත්, මව්වරු බලා ගැනීම පිණිස මමා පත්කළා. සියල්ලන්ට වඩා ඇය දක්‍ෂයි. ප්‍රධාන චරිතයයි ඇගේ කොටස. එය ජගදාම්බා, ඥාත දේවිය වේ. මහා ලක්‍ෂ්මිට ඥාන දේවිය කියා කිව නොහැක. "ලක්‍ෂ්මි" යන නාමයේ අර්ථය ධනයේ දෙවඟන යන්නයි. ඔවුන්ගේ නිවසේ යම් අයෙකුට ලක්‍ෂ්මී කියන්නේ ධනය ඔවුන්ට බොහෝ ඇති නිසායි. ඔවුන් ලක්‍ෂ්මී ගෙන් ඉල්ලා සිටින්නේ ධනය පමණයි. සෑම මාස 12 ක් අවසානයේ දී ඔවුන් ලක්‍ෂ්මීට යදිනවා. සැමගේ ආශාවන් ඉෂ්ට කරන්නේ ජගදාම්බායි, ජගදාම්බා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දියණිය බව දරුවන් වටහාගත්තා. ඇගේ නම සරස්වතී වේ. එක් නමක් සෑහේ. මවකුත් ඒ වාගේම දරුවනුත් සිටී. ශිව් බාබාගේ දැනුමටයි ඔබ සවන් දෙන්නේ. පරම පියා ඇවිත් මොහුව භාරගත්තා. බ්‍රහමා යනුවෙන් නම් තැබුවා. ඔහුත් කියන්නේ : මම මේ අපවිත්‍ර ශරීරයට ඇතුල් වී සිටිමි. මේ කිසිවක් පොත් පත්වල සඳහන් වී නොමැත. ඔබ නව ලොව සඳහා උත්සාහ කරමින් සිටින බව ඔබට වැටහේ. ඔබ කටු බවින් මල් බවට පත්වෙමින් සිටිනවා. පරම පියා බ්‍රහමින්ව මල් බවට වෙනස් කරයි. උයනේ ස්වාමියා ඔහු වේ. එවිට ඔබ සැම අනුපිළිවෙලින් උයන්පලල්න් වේ. හොඳ උයන්පල්ලන් අය අයවත් තමන්ට සමාන අය බවට පත්කරති. ඔවුන් නොකඩවා පැළ සිටුවති. සියල්ලන්ම අනුපිළිවෙලින් සිටින්නේ. මෙයට ආධ්‍යාත්මික දැනුම යැයි කියයි. දැනුම දෙන්නේ පරමාත්ම දෙවියන්. වේද ශාස්ත්‍ර පොත් වල තිබෙන දේ පවසන්නේ මිනිසුන්. ජීව සත්තාවන්ට ආධ්‍යාත්මික දැනුම දෙන්නේ පරමාත්මයයි. අන් කිසිවෙකුටත් නිර්මාපක සහ නිර්මාණයන් පිළිබඳ දැනුම ලැබී නැත. ඔවුන් නිකම්ම කතන්දර කියති. සැමතැනම බොරු සහිත බොරු ලෝකයයි මේ. ඉස්සර කෘත්‍රිම ස්වර්ණාභරණ තිබුණා. නමුත් දැන් එය තවත් කෘත්‍රිම වී ඇත. දැන් බොහෝ සේ කෘත්‍රිම ආභරණ ඇත. නියම ස්වර්ණාභරණ කිසිවකුටත් තබාගත නොහැක. රාවනගේ රාජධානිය ව්‍යජත්වයේ දේශයයි. රාම (දෛවියත්) විසින් සත්‍ය දේශය ස්ථාපනය කෙරේ. ශිව් බාබා විසින් නිර්මාණය කරන යග්යාව මෙය වේ. මෙය පාසලක්, ගග්යාවක් එසේම නිවසද වේ. ඔබ දැන් පුද්ගලිකවම පාරලෞකීක පියාගේත් ප්‍රජාපිතා බ්‍රහ්මාගේත් ඉදිරියේ සිටින බව වටහාගෙන ඇත. බ්‍රහමින් නොවී ඔබ උරුමය ලබන්නේ කෙසේද ? යග්යාව රැකබලා ගැනීමට සත්‍ය බ්‍රහමින්වරු අවැසියි. පාපයේ ගැලෙන්නන් හට බ්‍රහමින් යැයි නොකියයි. එක් පයක් රාවනගේ ඔරුවේත් අනෙක රාමාගේ ඔරුවේත් තැබුවොත් කුමක් සිදුවේද ? දෙකට කැඩී යයි. ඉත්පසු එවන් ක්‍රයාකාරකම් වල යෙදී ඔබ පරම පියාගේ නමට නින්දාවක් ඇති කරයි. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් යැයි අමතන නමුත් කරන ක්‍රයා ශුද්‍රයින්ගේ වේ. පරම පියා කියයි : කොහොමනමුත්, ඔබේ වැඩ රාජකාරිය ආදිය කළා වුවත් ශ්‍රීමත් අනුව සියල්ල කළේනම්, එවිට එය බාබගේ වගකීම වෙයි. ඔබ මෙහි පැමිණියේ දේවමය නිර්දේශ ලබන්නයි. අනෙක් ඒවා යක්‍ෂ නිර්දේශයන් වේ. එහෙත් ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ උසස් වීම සඳහායි. අති උසස් පියා දෙන්නේ අති උසස් නිර්දේශයන්ය. ඔබට උසස් නිර්දේශ ලැබෙන්නේ මනුෂ්‍යයාගෙන් දේවතාවන් බවට වෙනස් වීම සඳහා බව ඔබට වැටහෙයි. ඔබත් කියන්නේ අප සුර්ය වංශීක පාලකයන් වෙනවා කියායි. මෙම යග්යාව ඇත්තේ පාලකයන් වීම සඳහායි. පුරවැසියන් වීම සඳහා නොවේ. ඔබ රජවරු සහ රැජිණියන් වෙනවා. එසේම ප්‍රජාවන්ද නිර්මාණය වේවි. මමා බාබා උත්සාහ කර මෙසේ වූවා සේම. ඔය දරුවනුත් එලෙසම විය යුතුයි. ඔය දරුවන්ටත් තමන් බ්‍රහ්මකුමාර සහ බ්‍රහ්මකුමාරින්, ශිව් බාබාගේ මුණුපුරන් වීම ගැන ඒ සමාන සතුට තිබිය යුතුයි. ශිවාට ප්‍රජාපිතා කියන්නේ නැහැ. ඔහු නිර්මාපක වේ. එහෙත් දේවතාවරු දිව්‍යලෝකයේ වාසය කරන්නන්ය. මනුෂ්‍යයත්ව දේවතාවරු බවට වෙනස් කරන්නේ පරම පියායි. ඔබේ ශරීර කප් රුක මෙන්ම තිරිහන් වෙනවා. අවලස්සන වූ ඔබ ජීවාත්මයන්ව ඔහු පිරිසිදු සහ ලස්සන කරවයි. ඔබ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වන විට එම ශරිර නොතිබෙයි. පිදුරු ගොඩක් ඇත්තේ මේ නිසායි. සැවොම විනාශ වී යාම සඳහා ගිණි තැබීමට, මේවා අසීමිත දේවල් වේ. මෙය අසීමිත දුපතක් වන අතර ඒවා සීමිත වේ. එහි නම් වශයෙන් බොහෝ භාෂා ඇත. බොහෝ දුපත් ඇත, නමුත් සමස්ත ලොවම දූපතකි (ලංකා) රාවන රාජ්‍යය සමස්ථ ලොවම ආවරණය කළා. ඔබත් ගීතයට සවන් දුන්නා. මොන තත්ත්වයට අද මිනිසුන් පත් වීද ? එහි ඔවුන් එකිනෙකාව මරන්නේ නැත. රාම කෙබඳුද. උසස් ප්‍රතිපදා අනුගමනය කළ පුරවැසියනුත් එබඳුම විය යනුවෙන් කියා ඇත. එහි දුකක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඕනෑම කෙනෙකුගේ දුකට හේතු වන්නේ පාපයයි. එහි රාවන හෝ හනුමන් සිටිය හැක්කේ කෙසේද ? එසේ නැතිනම් එය පීතෘත්වයක් වනු ඇත. සෑම කෙනෙකුටම පියෙකු විය නොහැකියි. දැන් ඔය දරුවන්ට පහදා දිය හැකියි අඩ කල්පයක් පුරා ව්‍යාජත්වයේ ආදායමයි කවුරුත් උපයා තිබෙන්නේ කියා. දැන් සත්‍ය දේශය කරා යාම උදෙසා ඔබ සත්‍ය ආදායමක් උපයන්න ඕන. ඔවුන් ග්‍රන්ථ ආදිය කියවන්නේත් ආදායමක් ලබාගැනීමටයි. ශිව් බාබා එම ග්‍රන්ථය හදාරා නැත. ඔහු ඥානයෙත් සපිරි, ඥාන සාගරය වේ. ඔහු සත්‍යය සහ සජීවී වේ. ඔබ දැත් සත්‍ය දේශයට යාම සඳහා බාබා වෙතින් සත්‍ය ආදායමක් උපයන බව වටහා ගත්තා. ව්‍යාජත්වයේ දේශය විනාශ වන විට ශරීර සමඟ අනෙකුත් සියලු දේ විනාශ වී යාවි. යුද්ධය සිදුවන ආකාරය ඔබ සැවොම දකීවි. ඔවුන් සියලු දෙනාම එකට එක්වෙන්න ඕන කියා සිතනා නමුත් ඔවුන් භේද වෙති. මනුෂ්‍යයන්ගේ ආශාව එකකි. දෙවියන්ගේ ආශාව වෙනත් එකකි. ඔවුන්ගේ සියලු සැලැසුම් විනාශය සඳහා වේ. දෙවියන්ගේ සැලැස්ම මොනවාද ? දැන ඔබ එය දන්නවා. පරම පියා ඇවිත් සිටින්නේ මේ ව්‍යාජත්වයේ දේශය සත්‍ය දේශය බවටත් මනුෂ්‍යන් දේවතාවත් බවටත් වෙනස් කිරීම සඳහායි. ඔබ සත්‍ය පියා මගින් ඔබ සත්‍යවන්ත වූ අතර ඔබ රාවන මගින් ව්‍යජ බවට පත්වුණා. ඔබ බ්‍රහමින් වරු යන්නේ දෝත පුරා අරගෙනයි. ශුද්‍රයන් ආපසු යන්නේ හිස් අතින්ය. නමන් දේවතාවරු වෙන්න සිටින බව ඔබට වැටහේ. දැත් පරම පියා කියන්නේ: නිවෙස් වල සිටිනා ගමන් නෙළුම් මලක් මෙන් වී මා සිහිපත් කරන්න. ඔබ බාබා අමතක කළ යුත්තේ ඇයි ? ඔබ අමතක කරන්නේ ඔබව දිව්‍යලෝක හිමිකරුවන් බවට පත් කරන්නාවයි. මෙය අළුත් දෙයකි: ඔබ මෙහි ජීව අවධානයට පත්වෙන්න ඕන. ජීවාත්මයක් අවිනාශි වේ: ඔහු ශරීරයක් අත්හැර ඊලඟ එක ගතී. පරම පියා කියන්නේ: ජීවාත්ම අවධානයට පත්වන්න. මන්ද ඔබ නිවහනට යා යුතුව ඇත. ශරීර අවධානය අත්හරින්න. මෙය උපත් 84ක් පරණ දිරාපත් සපත්තුවකි. වස්ත්‍ර පැළඳිය යුතු වන විට එය පළඳිති. ඔබ එම පරණ ශරීරයත් අත්හළ යුතුයි. දැන් එම රාග චිතකයෙන් බසින්න. ඥාත විතකයේ අසුන්ගන්න. පාප වලින් වැළකී සිටිය නොහැකි බොහෝ දෙනෙක් එහි සිටී. පරම පියා කියයි :තඹ යුගයේ සිට මේ පාපයන් නිසා ඔබ විශාල වශයෙන් රෝගාතුර වුවා. දැන් මේ පාපයන් ජයගන්න. රාගය නම් පාපයේ නොගැලෙන්න: පාරිශුද්ධ වන්න, එම ශරීර අපිරිසිදුයි. එහෙයින් පාරිශුද්ධවන්න. මෙහි සෑම කෙනෙක්ම ඉපදී ඇත්තේ පාපය තුළිනී. ස්වර්ණම යුගයේ සහ රිදී යුගයේ පාප කිසිවක් නොතිබෙයි. ග්‍රන්ථයන් වල අරමුණක් ඉලක්කයක් නොමැත. මෙහි ඔබට අරමුණක් සහ ඉලක්කයක් ඇත. අප දැන් මනුෂ්‍යයන් ගෙන් දේවතාවරුන් බවට වෙනස් වෙමිත් සිටිනවා. පරම පියා කියයි : ඔබ ඉගෙන ගත් සියලු දේ අමතක කරන්න. ඒවායෙහි හරයක් නැත. ඔබේ ඉහළ නැඟීමේ ස්ථිතිය ඇතිවන්නේ එක් වරකි. එයින් පසු ඇත්තේ පහළ බසින ස්ථිතියයි. එය පහළ බසින ස්ථිතියයි. ඔබ මොන තරම් ඔළුව හප්පා ගත්තත් එහිදී පහළ බසින්නත් අපිරිසිදු වෙන්නත් සිදුවේ. මෙය අපවිත්‍ර ලොවයි. අපගේ භාරතය තමයි දිව්‍යලෝකය වී තිබුණේ දැත් එය අපාය වී ඇති බව ඔය දරුවන්ට වැටහේ. ප්‍රථමයෙන් තිබුණේ එක් ආදී දේවතා ධර්මයයි. එය දැන් නොමැත. එම ධර්මය ඇන් තැවත වරක් ප්‍රතිස්ථාපනය කෙරෙයි. බාබා ඇවිත් බ්‍රහ්මා මාර්ගයෙන් නැවතත් එම ප්‍රති ස්ථාපන කාර්යය කරයි. ඔබත් කියන්නේ නැවත වරක් ඔබේ අධිරාජ්‍යය හිමිකර ගන්නවා කියායි. ඔබ අධිරාජ්‍යය ලබාගත්තායින් පසුව මෙම දැනුම අතුරුදහන් වේවි. මෙම දැනුම පාරිශුද්ධ වීම උදෙසා ලැබෙන්නේ අපවිත්‍ර අයටයි. එසේනම්, පිවිතුරු ලොවේ මෙම දැනුම නොරැඳී තිබෙන්නේ ඇයි? ලක්‍ෂ්මී නාරායනගේ අධිරාජය කොපමණ වසරක් තිබෙයිද යන්න ඔබත් දන්නවා. ඔබ කියයි : බාබා, අප වසර 5000කට පසුව නැවත වරක් අධිරාජ්‍යය ලබන්නට ඇවිත් සිටිනවා. මා ජීවාත්මයක්. පරම පියාගේ දරුවෙක්, කෙනෙකු තමාටම මි හරකා යැයි කියා ගත් උදාහරණයක් ඇත. ඔහු දිගටම තමාට මී හරකෙක් කියා ගත් නිසා එසේම විශ්වාසය වඩවා ගෙන ඔහුට අං තිබෙන හේතුවෙන් ජනේලයෙන් පිටතට එන්න බැරි යැයි කීවා. මේ උදාහරණය ඔබටත් ගැලපෙයි. ඔබ බාබාගේ දරුවෙක් යන විශ්වාසය ඔබට තිබෙනවා. මම "චතුර්භුජ" (අත් සතරක් සහිත විෂ්ණු රූපය) ඔබ එසේ වෙනවා යැයි කීමෙන් පමණක් එසේ වන්නේ නැහැ. එසේ ඔබව පත් කරන්නා අනිවාර්යෙන්ම අවශ්‍යයි. මෙම ඥානය ඇත්තේ ඔබව සාමාන්‍ය මනුෂ්‍යයාව නාරායන බවට වෙනස් කිරීමටයි. මෙම දැනුම හොඳින් උකහාගෙන අන් අයවත් එසේ කිරීමට උනන්දු කරවන්නන් තමයි උසස් තත්ත්වයක් ලබන්නේ. ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න වේලාවක් නැතැයි කියන්න බැහැ. එසේ නම් ඔබට ගෙදර යන්න පුළුවනී. ඉගෙන නොගෙන උරුමය ලබාගත නොහැකියි. ඔබ දෙවිපියාණන්ගේ දරුවන්, එසේ වීත් ඔබට ඉගෙන ගන්න වේලාවක් නැතැයි කියයි. පරම පියාට අයිති වූවාට පසුව ඔබ ඔහුව දික්කසාද කරයි නම් එවිට ඔහු කියාවි ඔබ නම් මහා මෝඩයෙක් කියා. ඔබට පැයක් හෝ පැය භාගයක කාලයක් නැද්ද? පාන්දරින්ම අවදි වී පරම පියා සිහිපත් කරන්න. කිසිම අපහසුතාවක් ඔබේ හිසමත තැබුවේ නැහැ. උදෑසනින් අවදි වී හරිම ලෙහෙසියෙන් පියා සිහිපත් කර, ස්ව දර්ශන චක්‍රය කරකවන්න. අන් අයට නැතත් අවම වශයෙන් තමාට යහපත සලස්වාගන්න. ඔබ වඩාත් කරුණාබරිත වූ තරමින් තමාටත් අන් අයටත් බොහෝ සෙත සලස්වා ගනී. උසස් තනතුරත් ඔබ ලබාගතී. මෙය අති විශාල ආදයමකි. බොහෝ ධනය ඇත්තත් කියන්නේ ඔවුන්ට වේලාවක් නැතැයි කියාය. ධනවතුත් එහි දුප්පත් වෙති. දුප්පතුන් ධනවත් වනවා ඇත. වැඩියෙන්ම අඩන්නේ මව්වරුය. ඔබ ඔවුන්ව හිනස්සන්න ඕන. නිරන්තරයෙන් ස්මරණ වන්දනාවේ සිටින්න. මධුභන් වල සාමය ඇත. එමනිසා, ඔබට විශාල වශයෙන් ආදායමක් උපයන්න පුළුවනී.
අච්චා.

සුමිහිරි, ආදරණිය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සත්‍ය දේශයට යාම පිණිස සත්‍ය ආදායමක් උපයන්න. ජීවාත්ම අවධානයට පත්වන්න. මේ පරණ දිරාපත්සපත්තුවේ උඩඟුකම අතහරින්න.

2. කරුණාවන්ත වී ඔබටත් අන් අයටත් යහපත සලස්වන්න. උදෑසනින් අවදිවන්න. පරම පියා සිහිපත් කරන්න. ස්වදර්ශන චක්‍රය කරකවන්න.

වරදානය:
ඔබ ඔබේ සුබ පැතුම් වලින් ඕනෑම අපතයක් බලවත් දෙයකට පරිණාමනය කරන ශුද්ධ හංසයෙකු වේවා.

ශුද්ධ හංසයෙකු යනු සෘණාත්මක වන ඕනෑම දෙයක් ඉවත ලා ධනාත්මක දෙය උකහාගන්නා කෙනෙකි. දකිමින් අසමින් සිටින අතරේ එය බැලීම හෝ සවන් දීම නොකරන්න. සෘණාත්මක යනු අපත දේවල්ය. එමනිසා, අපත දේවල් සවන් දීම, සිදු කිරීම හෝ පැවසීම නොකරන්න. අපත යැයි සැලකෙන ඕනෑම දෙයක් බලවත් දෙයකට වෙනස් කරන්න. මේ සඳහා, අවශ්‍ය වන්නේ සෑම ජීවාත්මයක් කෙරෙහිම සුබ පැතුම් තිබීමය. සුබ පැතුමින් යම් අයුතු දෙයක් පවා නිවැරැදි වෙනවා. එමනිසා, කොහොම කෙනෙක් වුණත් කම්නැත. ඔහුට පහසුවෙන් නොනවත්වා සුබ පැතුම් ලබා දෙන්න. සුබ පැතුම් වලට ගලක් ද ජලය බවට වෙනස් කළ හැකි අතර ඕනෑම අපත දෙයක් ද බලවත් දෙයකට වෙනස් කළ හැකි වේවි.

පාඨය:
අතීන්ද්‍රිය සතුට අත්විඳීම සඳහා සාමයේ ප්‍රතිමූර්ති ධරයෙකු ගේ ස්ථිතියෙහි ස්ථිරවන්න.