11.07.20       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, හොඳින් ඉගෙන ගෙන අධිරාජ්‍යයේ තිලකය පැළඳ ගැනීම කෙරහි නිරතුරුවම සැලකිලිමත්ව සිටින්න. රාජ්‍යයක් දිනා ගත හැකි වන්නේ මෙම ඥානය හැදෑරිමෙනුයි.

ප්‍රශ්නය:
අධෛර්යයට පත් නොවී ඔය දරුවන් උද්යෝගිමත්ව සිටිය යුත්තේ කුමන කරුණක් සම්බන්ධවද?

පිළිතුර:
ලක්ෂ්මි හා නාරායනන් වීම කෙරෙහි නිතරම උද්යෝගිමත්ව සිටින්න. අධෛර්යයට පත් නොවන්න. ඒ සඳහා ඇති ඉගෙනීම ඉතාමත් පහසුයි. ගෙදර ඉඳගෙනම වුවත් ඔබට මෙය ඉගෙන ගත හැකියි. මේ සඳහා කිසිම මුදලක් අය කෙරෙන්නේ නැහැ. නමුත් ඹබ අනිවාර්යයෙන්ම ධෛර්යවන්ත විය යුතුයි.

ගීතය:
මවත් ඔබයි . . . පියත් ඔබයි . . .

ඕම් ශාන්ති.
ඔබගේ පරමාත්ම පියාගේ ගුණ ගායනය ඹබට ඇසුණා. ගුණ ගැයෙන්නේ එකම එක කෙනා ගැන පමණයි. බ්‍රහ්ම විෂ්ණු හා ශංකර් ගැනවත් වර්ණනාවක් නොමැති එකේ වෙන කිසිම කෙනෙකුගේ ගුණ ගායනයක් තිබෙන්නත් බැහැ. බ්‍රහ්මා මගින් නිර්මාණය කෙරෙනා අතර ශංකර් මඟින් විනාශයත් විෂ්ණු මඟින් පෝෂණයත් සිද්ධ වෙනවා. ඔහු හැරෙන්න ගුණ ගැයිමට වෙන කවුරුන්ද සිටින්නේ? එවන් අය බවට ඔවුන්ව පත් කරවීමට ගුරුවරයා සිටියේ නැතිනම් ඔවුන් එම තත්ත්වයට පත් නොවන්න තිබුණා. පසුව රාජ්‍යය පාලනය කළ සුර්ය වංශයේ ගුණ ගැයෙනවා. සංගම් යුගයේ දී පරමාත්ම පියා පැමිණියේ නැතිනම් ඔවුන්ට ඒ රාජ්‍යය නොලැබෙන්න තිබුණා. වෙන කිසිම කෙනෙකුගේ ගුණ ගායනාවක් නැහැ. විදේශිකයන් ආදිය වර්ණනා කළ යුත්තේ නැහැ. එකම එක පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුගේ වර්ණනාවක් නැහැ. ඉහළම ඉහළ කෙනා වන්නේ ශිව බාබායි. ඔබට ඉහළ තත්ත්වයක් දිනා ගත හැක්කේ ඔහු මඟිනුයි. එමනිසා, ඉතාමත් හොඳින් ඔහුව සිහිපත් කළ යුතුයි. රජ කෙනෙක් බවට තමන්ව පත් කරවා ගැනීමට නම් නීතීඥවරයෙක් වීමට සිටිනා කෙනෙක් හොඳින් ඉගෙන ගන්නවා වගේ ඔබත් හොඳින් ඉගෙන ගත යුතුයි. ශිව බාබා තමන්ට උගන්වනා බව ඔය දරුවන් දන්නවා. හොඳින් ඉගෙන ගන්නා අය උසස් තත්ත්වයක් හිමි කර ගනීවී. ඉගෙන ගන්නේ නැති අයට එවන් තත්ත්වයක් හිමි වන්නේ නැහැ. ඔබට ශ්‍රීමත් උපදේශ ලැබෙන්නේ ඉගෙන ගැනීමටයි. ප්‍රධානම දෙය පාරිශුද්ධ වීමයි. මෙම ඉගනුම ඇත්තේ ඒ සඳහායි. මේ කාලය වන විට සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් හා අපිරිසිඳු අය බවට පත් වී ඇති බව ඔබලා දන්නවා. හොඳ හා නරක මිනිසුන් සිටිනවා. පාරිශුද්ධව සිටින්නන් හොඳ අය ලෙස හඳුන්වනවා. කෙනෙක් හොඳින් ඉගෙන ගෙන වැදගත් පුද්ගලයෙක් වුණු විට ඔහුගේ ගුණ වර්ණනා කරනවා. කොහොම නමුත් සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. අපිරිසිඳු අය අපිරිසිඳු අයව වර්ණනා කරනවා. ස්වර්ණම යුගයේ දී ඔවුන් සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. එහි දී කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ව වර්ණනා කරන්නේ නැහැ. මෙහි පිරිසිඳු පූජකවරුන් හා අපිරිසිඳු ගිහියන් සිටිනවා. එම නිසා පාරිශුද්ධ අයව ප්‍රශංසාවට ලක් වෙනවා. එහි රජ හා රැජිණ කොයි වගේද පුරවැසියනුත් ඒ වගේමයි. පිරිසිඳු හා අපිරිසිඳු කියා කිව හැකි වෙනත් ධර්මයක් නැහැ. මෙහිදී ඇතැම් අය මහා ඉහළින් ගිහි අයගේ පවා ගුණ ගයනවා. ලෝකය පුරාම පැතිරි ඇත්තේ ඝණ අන්ධකාරයක්. ඔය දරැවන්ට දැන් එය තේරෙනවා. එමනිසා හොඳින් ඉගෙන ගෙන තමන්ව රජවරුන් බවට පත් කරවාගැනීම කෙරෙහි ඔය දරුවන් සැලකිලිමත් වියයුතුයි. හොඳින් උත්සාහා දරණා අය ස්වාධිපත්යට තිලකය දිනා ගනීවි. ලක්ෂ්මි හා නාරායන් වීම සම්බන්ධයෙන් උද්දාමයට පත් වී සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් පටලැවිල්ලට පත් විය යුත්තේ නැහැ. උත්සාහ දරනවා මිසක් ඔබ අධෛර්යයට පත් නොවිය යුතුයි. මෙම ඉගෙනුම ඔබට ඇඳක හාන්සි වී වුවත් ඉගෙන ගත හැකි ආකාරයේ අධ්‍යාපනයකි. පිටරට වල ජීවත් වන ගමනුත් ඉගෙන ගත හැකි. ගෙදර ඉඳගෙනත් ඉගෙන ගත හැකි. එය එතරම්ම පහසු අධ්‍යාපනයක්. තම පාප කපා දමා ගැනීමටත් අන් අයට කරුණු පහදා දීමටත් උත්සාහා දරන්න. අනිකුත් ආගම් වල අයටත් මෙය පහදා දිය හැකිය. ඕනෑම කෙනෙකුට කියන්න: ඔබ ජීවාත්ම සත්තාවකි. සෑම කෙනෙකුගේම ජීවයේ මුල්ම ධර්මතාවම එකයි. එහි කිසිම වෙනසක් තිබිය නොහැකි. ආගම් ගණනාවක් ඇත්තේ ශරිර නිසයි. ජීවාත්මයන් වශයෙන් සෑම කෙනෙක්ම එකයි. ඒ සෑම කෙනෙක්ම පරමාත්ම පියාගේ දරුවන්. බාබා ඔය ජීවයන්ව භාරයට ගෙන තිබෙනවා. මෙන්න මේ නිසා තමයි බ්‍රහ්මාගේ කටෙන් උපන්නෝ කියා කියන්නේ. ජීවාත්මයන්ගේ පරම පියා කවුදැයි කියා ඕනෑම කෙනෙකුට පහදා දිය හැකියි. පිරවීමට කියා ඔබ ඔවුන්ට දෙන අයදුම් පත්‍රිකාවේ ලොකු අරුතක් තිබෙනවා. සෑම කෙනෙක්ම සිහිකරනා පියා සිටිනවා. ජීවයන් තම පියාව සිහි කරනවා. මේ දින වල භාරතයේ අය ඕනෑම කෙනෙකුට පියා යයි කියනවා. නගරාධිපති කෙනෙකුටත් පියා කියා කියනවා. කෙසේ වෙතත්, ජීවයන්ගේ පියා කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ තමයි මව ඔබ තමයි පියා කියා ගායනා කළත් ඒ කවුද, මොනවාද කරන්නේ කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. භාරතයේ දී පමණයි ඔබ ඔහුට මාතා පිතා කියා කියන්නේ. පරමාත්ම පියාම පැමිණ ඔය මුවින් උපදින දරු පරපුර නිර්මාණය කරනවා. භාරතය මව් රට කියා හඳුන්වන්නේ ශිව බාබා මව් පිය චරිතය රඟ දක්වනා ස්ථානය වන්නේ මෙය නිසයි. දෙවි පියාණන් දේව මාතා කියා දෙවියන්ව හඳුන්වන්නේ මෙහිදීයි. පිටරට වල අයදෙවි පියාණන් කියා කියනවා පමණයි. නමුත් දරුවන් හදා ගැනීමට මවකුත් සිටිය යුතුයි. කෙනෙක් බිරිඳක් ගෙන ඇය හා එකතු වී දරුවන් සාදනවා. මෙහිදීත් පරමාත්ම පියා, පරමාත්ම ජීවය මොහු තුළට ඇතුළුවී ඔහුව භාරයට ගන්නවා. දරුවන් හදා ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔහුට මව හා පියා කියන්නේ. ඔහු ජීවයන්ගේ පියායි. ඔහු මෙහි පැමිණ මෙය නිර්මාණය කරනවා. ඔබ මෙහිදී ඔහුගේ දරුවන් වන නිසා තමයි ඔහුට මව හා පියා කියා කියන්නේ. එය සියලු ම ජීවාත්මයන් වාසය කරනා ඔබගේ මිහිරි නිවහනයි. පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබව ආපසු ගෙන යන්න බැහැ. ඔබට මුණ ගැසෙනා ඕනෑම කෙනෙකුගෙන් අහන්න: ඔබගේ මිහිරි නිවහනට යාමට ඔබ කැමතිද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම පාරිශුද්ධ විය යුතුයි. දැන් ඔබලා අපිරිසිඳුයි. මෙය කලි යුග තමෝප්‍රධාන් ලෝකයයි. ඔබ දැන් නිවහන බලා යා යුතුයි. කලි යුග ජීවයන්ට නිවහනට යා නොහැකයි. මිහිරි නිවහනේ සිටිනා විට ජීවාත්මයන් පාරිශුද්ධයි. පරමාත්ම පියා දැන් පැහැදිලි කර කියන්නේ: පරමාත්ම පියාව සිහි කිරිමෙන් පමණයි ඔබගේ පාප දුරුවී යන්නේ. ශාරිරික අයව සිහි කරන්න එපා. වැඩි වැඩියෙන් පියාව සිහි කළ තරමට ඔබ පාරිශුද්ධ වන අතර ඒ තරමට ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගනීවි. ලක්ෂ්මි හා නාරායනන් පින්තූරය ඕනෑම කෙනෙකුට පහදා දීම ඉතාමත් පහසුයි. භරතය පුරා තිබුණේ ඔවුන්ගේ රාජධානියයි. ඔවුන් රජ කරනා කාලයේ දී ලෝකය පුරා සාමය පැතිරි තිබුණා. ලෝකයට සාමය ගෙන ආ හැක්කේ පරමාත්ම පියාටම පමණයි. වෙන කිසිම කෙනෙකුට එය කිරිමේ බලය නැහැ. පරමාත්ම පියා දැන් නව ලෝකය සඳහා අපට රාජයෝගා උගන්වනවා. රජවරුන්ගෙත් රජවරුන් වෙන්නේ කෙසේදැයි කියා ඔහු අපට කියා දෙනවා. ඥානයෙන් පිරි කෙනා පරමාත්ම පියාම පමණයි. නමුත් ඔහුට ඇත්තේ කුමන ඥානය දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලෝක ඉතිහාසය හා භූගෝලයේ මුල මැද හා අවසානය ඔබට කියා දෙන්නේ අසීමිත පියාම පමණයි. මිනිස්සු එක වෙලාවකට දෙවියන් සෑම තැනකම සිටිනවා කියලත් තවත් වෙලාවකට සෑම කෙනෙකුගේම සිතේ ඇති දේ ඔහු දන්නවා කියලත් කියනවා. ඒක එහෙම නම් ඔහුට දෙවියන් යයි නොකිය යුතුයි. පරමාත්ම පියා මෙහි සිට ඔබට මේ සියල්ල පහදා දෙනවා. මේ සියල්ල හොඳින් ග්‍රහණය කර ගෙන සතුටින් සිටින්න. ලක්ෂ්මි හා නාරායනන් ගේ පින්තුරු වල ඔවුන්ව පෙන්වා ඇත්තේ ඉතාමත් සතුටින් සිටිනා අය ලෙසිනුයි. පාසල් වල ඉහළ පන්ති වලට ඉගෙන ගැනීමට යන අය සිටින්නේ ඉතාමත් සතුටින්. ඔවුන් ඉතාමත් වැදගත් විභාගයක් සමත් වීමට යන බව අනිත් අයට තේරෙනවා. මෙයත් ඉතාමත් ඉහළ අධ්‍යාපනයක්. මෙහි කිසිම ගාස්තු අය කිරිමක් නැහැ. අවශ්යෙ වන්නේ ඔබගේ ධෛර්යය පමණයි. තමන් ජීවයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. මායා බාධක ගෙන එන්නේ මෙහිදී. පරමාත්ම පියා කියනවා: පාරිශුද්ධ වන්න. ඇතම් අය මෙසේ පියාට පොරොන්දු වී පසුව තම මුහුණු කැත කර ගන්නවා. මායා ඉතාමත් බලවත්. අසමත් වුණු විට ඔවුන්ගේ නම් සඳහන් වන්නේ නැහැ. අනිත් අය ගැන කියනා විට: ඔවුන් මුල ඉඳන්ම ඉතාමත් හොඳ උත්සාහයක් දැරුවා කියා කියනවා. ඔවුන්ව වර්ණනාවට ලක් වෙනවා. පරමාත්ම පියා කියනවා: තමා වෙනුවෙන් උත්සාහා දරා රාජ්‍යයක් දිනා ගන්න. මෙම අධ්‍යාපනය තුළින් ඔබ උසස් තත්ත්වයක් දිනාගත යුතුයි. මෙය රාජයෝගාවයි. ප්‍රජායෝගාව නොවෙයි. කෙසේවෙතත්, පුරවැසියනුත් බිහි විය යුතුයි. ඇතැම් අයගේ මුහුණත් ඔවුන් කරනා සේවයත් දෙස බැලු විට ඔවුන් සුදුසු වන්නේ කුමන දෙයකටදැයි කියා දැන ගත හැකියි. ශිෂ්‍යයෙකුගේ ගෙදර දොරේ හැසිරිමෙනුත් ඔහු අංක එක දිනා ගන්නවා ද අංක තුන දිනා ගන්නවා ද කියා තේරුම් ගත හැකි. මෙහිදීත් එය එසේමයි. අවසානයේ දී විභාග සියල්ල අවසන් වුණු විට ඔබට සියල්ල දැක ගත හැකි වේවි. දර්ශනයක් දැකිමට එතරම් කාලයක් ගත වන්නේ නැහැ. තමන් අසමත් වුණා කියා ඔබ ලැජ්ජාවට පත් වේවි. අසමත් වෙන අයට කවුද කැමති? චිත්‍රපට ආදිය නරඹා ඇතම් අය සතුටු වෙනවා. නමුත් බාබා කියන්නේ: ඔබව අපිරිසිඳු කරවනා අංක එකේ දේ වන්නේ චිත්‍රපටයි. එලෙස චිත්‍රපට ආදිය නරඹන අය සාමාන්‍යයෙන් අසමත් වී ඇද වැටෙනවා. චිත්‍රපටියක් බලන්නේ නැතිව නිදා ගන්නවත් බැරි ඇතැම් ගැහැණු අය පවා සිටිනවා. චිත්‍රපට බලනා අය අනිවාර්යෙන්ම තමන්ව අපිරිසිඳු කරගැනිමට උත්සාහා දරනවා. සතුට ගෙන දෙන දේවල් කියා මිනිස්සු සිතන අද කාලයේ ඇති සෑම දෙයකින්ම අවසානයේ ලැබෙන්නේ දුකක්ම පමණයි. ඒ සතුට විනාශ වන සුලුයි. අවිනාශි සතුටක් ලද හැක්කේ සදාතනික පියාගෙන් පමණයි. බාබා ඔබව ලක්ෂ්මි හා නාරායන් මෙන් කරවනවා කියා ඔබට තේරෙනවා. මීට පෙර ඔබ උපත් 21 ක් ගැන ලිව්වා. දැන් බාබා උපත් 50 ත් 60 ක් ගැන කියනවා. තඹ යුගයේදි පවා ඔබ ඉතාමත් ධනවත්ව සතුටින් සිටිනවා අපිරිසිඳු වුණත් ඔබට ලොකු ධනස්කන්ධයක් තිබෙනවා. ඔබගේ දුක ඇරඹෙන්නේ ඔබ සම්පුර්ණයෙන්ම තමෝප්‍රධාන් වුණු විටයි. මුලදි ඔබ සතුටින් සිටියා. ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත්වුණු විටයි පියා පැමිණෙන්නේ. අජාමිල් වැනි මහා පව්කාරයින්වත් ඔහු ඉහළට ඔසවා තබනවා. පරමාත්ම පියා තියනවා: මම සෑම කෙනෙක්වම මුක්ති දේශය වෙතට ආපසු ගෙන යන්නම්. ස්වර්ණම යුග රාජ්‍යය මම ඔබට දෙන්නම්. සෑම කෙනෙකුටම යහපතක් සැලසෙනවා. මම සෑම කෙනෙක්වම ඔවුන්ගේ සාමයේ හෝ සතුටේ ගමනාන්තය වෙතට ගෙන යනවා. ස්වර්ණමය යුගයේ සිටිනා සෑම කෙනෙක්ටම සතුට තිබෙනවා. සාම දේශයේ දී පවා සෑම කෙනෙක්ම සිටින්නේ සතුටින්. මිනිස්සු ලෝක සාමය පතනවා. ලක්ෂ්මි හා නාරායන් රාජ්‍යය සමයේ දී ලොව පුරා සාමය පැවතුණා, කියා ඔවුන්ට කියන්න. එහි කිසිම දුකක් නැහැ: දුකකුත් නැහැ කලබලයකුත් නැහැ. මෙහි සෑම නිවසක්ම කලබලකාරි වෙලා. සෑම රටක්ම කලහකාරි වෙලා. මුළු ලෝකයේම ඒ නොසන්සුන්තාවය පැතිරිලා. ලෝකය කෑලි කෑලි වලට කැඩී ගිහින්. එක් එක් බිඳුණු කොටස් රාශියක්. සෑම සැතපුම් 100 කටම වෙන වෙන භාෂාවල්. භාරතයේ පෞරාණික භාෂාව සංස්කෘතයි කියා මිනිස්සු කියනවා. නමුත් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ගැන කිසිම කෙනෙක් දන්නේවත් නැහැ. එහෙමනම් ඒක තමයි පැරණිම භාෂාව කියා ඔවුන් කියන්නේ කෙසේද? ආදි සනාතන දෙවි දේවතා ධර්මය පැවතියේ කොයි කාලයේ ද කියා ඔබට කියා දිය හැකියි. ඔබලා අතරත් එක් එක් මට්ටම් වල අය සිටිනවා. ඇතැම් අයට ඇත්තේ මොට්ට මොළයි. ගල් බුද්ධියක් ඇති අයව හඳුනා ගත හැකියි. භක්ති මාර්ගයේදීත් මිනිස්සු කියනවා: අනේ දෙවියනේ මොහුගේ බුද්ධියේ අගුල් ඇර දෙනු මැනව, කියලා. පරමාත්ම පියා ඔය සෑම දරුවෙකුටම බුද්ධියේ අගුල විවෘත වන ආකාරයේ ඥාන ආලෝකය ලබා දෙනවා. ඒ වුණත් ඇතැම් අයගේ බුද්ධිය ඇරෙන්නේම නැහැ. බාබා ඔබ තමයි මහා බුද්ධිමතා කියා ඔබලා කියනවා. මගේ සැමියාගේ බුද්ධිය පාදා දෙන්න කියා කියනවා. පියා කියනවා: මම ඇවිත් ඉන්නේ ඒකට නෙමෙයි. මම මෙතන වාඩිවෙලා එක එක්කෙනාගේ ඔළු ඇර ඇර ඉන්නේ නැහැ. එහෙම වුණොත් හැමෝගේම බුද්ධි පෑදි සෑම කෙනෙක්ම අධිරාජ්‍යවරයෙක් හෝ වරියක් වේවි. මම කොහොමද සෑම කෙනෙකුගේම බුද්ධි පාදන්නේ? ස්වර්ණම යුගයට යාමට සිටිනා අය නොවෙයි නම් මම කොහොමද ඒ අගුළු අරින්නේ? නාටකයට අනුව ඔහුගේ බුද්ධිය නිසි වේලාවට පෑදෙවි. මම කොහොමද ඒක කරන්නේ? ඒකත් ඇත්තේ නාටකය මතයි. සෑම කෙනෙකුටම ඉහළින්ම සමත් වන්න බැහැ. පාසලක සෑම කෙනෙක්ම එක් එක් මට්ටම් වල සිටිනා අයයි. මෙයත් අධ්‍යාපනයක්. පුරවැසියනුත් නිර්මාණය විය යුතුයි. සෑම කෙනෙකුගේම අගුළු ඇරෙනවානම් පුරවැසියන් එන්නේ කොහි ඉදන් ද? ඒක නෙවෙයි නීතීය. ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි. සෑම කෙනෙකුම දරනා උත්සාහයෙන් ඔබට මෙය කිව හැකියි. හොඳින් ඉගෙන ගන්නා අයව සෑම තැනකටම ආරාධනා කරනවා. හොඳින් සේවය කරන්නේ කවුදැයි කියා බාබා දන්නවා. ඔය දරුවන් හොඳින් ඉගෙන ගත යුතුයි. ඔබ හොඳින් ඉගෙන ගත් විට මම ඔබව ගෙදරට ගෙනිහින් පසුව දෙව්ලොවට යවනවා. නැතිනම්, දඬුවම සැර වැඩි වී ලබනා තත්ත්වයත් පහළ බසීවී. ශිෂ්‍යයෙක් තම ගුරුවරයාව කීර්තිමත් කළ යුතුයි. ස්වර්ණම යුගයේ ඔබ සිටි කාලයේ ඔබලාට දිව්‍යමය බුද්ධීන් තිබුණා. දැන් මෙය කලි යුගය වන නිසා කාටවත් ස්වර්ණමය බුද්ධියක් තිබිය හැකි ද? එකම එක රාජ්‍යයක් හා එකම එක ධර්මයක් තිබුණු කල ලෝකය පුරා සාමය පැතිරි තිබුණා. භාරතයේ ඔවුන්ගේ රාජධානිය පැවති කල ලෝක සාමය තිබුණා කියා ඔබට පුවත් පත් වල පවා පළ කළ හැකියි. ක්‍රමක් ක්‍රමයෙන් සෑම කෙනෙක්ම මෙය අනිවාර්යයෙන්ම තේරුම් ගනීවි. ඔය දරුවන්ගේ නම් කීර්තිමත් වේවි. අනිකුත් අධ්‍යාපන රටා වලදී මිනිස්සු නොයෙකුත් වර්ගයේ පොත් පත් හදාරනවා. මෙහිදී ඔබට එවන් දේවල් නැහැ. මෙම ඉගෙනුම ඉතාමත් පහසුයි. නමුත් හොඳ මහාරාතීන් පවා ස්මරණයේදී අසමත් වෙනවා. ස්මරණ බලය නොමැති විට ඥාන අසිපත වැඩ කරන්නේ නැහැ. ඉතාමත් ඉහළ සිහි කිරිමක් ඇති විට පමණයි ඒ ශක්තිය ඇති වන්නේ. කෙනෙක් බන්ධන වල සිටියා වුවත් ඔහු නොකඩවාම හොඳින් බාබාව සිහි කරනවා නම් ඉන් විශාල යහපතක් සිදුවේවී. බාබාව දැකලාවත් නැතිව බාබාවම සිහිකරමින් අවසන් හුස්ම හෙළනා ඇතම් අය සිටිනවා. ඉතාමත් හොඳින් බාබාව සිහිපත් කළ නිසා ඔවුන්ට හොඳ තත්ත්වයක් හිමිවෙනවා. පරමාත්ම පියාව සිහිකර ඔවුන් සෙනෙහසේ කදුළු සලනවා. ඒ කදුළු මුතු ඇට වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උසස් තත්වයක් දිනා ගැනීමට තමුන් වෙනුවෙන් උත්සාහ දරන්න. මෙම ඥානය හදාරා ස්වාධිපත්‍යයේ තිලකය තමාට පළඳා ගන්න. මෙම දැනුම හොඳින් ධාරණය කරගෙන නිරතුරුව උද්යෝගීමත්ව සිටින්න.

2. ඥාන අසිපත ස්මරණයේ බලයෙන් පුරවා ගන්න. සිහි කිරීමෙන් සියළු බන්ධන කපා දමන්න. අපිරිසිඳු සිනමා දර්ශන නරඹා නිසිම විටෙක ඔබගේ සිතිවිලි අපිරිසිඳු කර නොගන්න.

වරදානය:
ඔබ අසීමිත විශ්‍රාමික අවදියක සහ හුදකලාවේ සහ සිහිකිරීමේ නියැලි සිටිත්වා.

වත්මන් කාලයට අනුව, ඔබ සියලු දෙනාම විශ්‍රාමික අවදියට සමීපයි. විශ්‍රාමික අවදියේ සිටින අය, ළමා ක්‍රීඩා සෙල්ලම් නොකරයි. ඔවුන් නිරන්තරයෙන් හුදකලාව සහ සිහි කිරීමේ රැඳී සිටියි. අසීමිත විශ්‍රාමික අවදියක සිටින ඔබ සියලු දෙනාම, නිරන්තරයෙන් ඒකායන කෙනාගේ ගැඹුරු පත්ලේ සිටියි, එනම් ඔබ නිරන්තරයෙන් හුදකලාවේ සිටියි. ඒ සමගම, ඔබ ඒකායන කෙනාව නොකඩවා සිහි කළ යුතු අතර සිහිපත් කිරීමේ ප්‍රතිරූ විය යුතුයි. සියලුම දරුවන් වෙනුවෙන් බාප්දාදාගේ පිවිතුරු බලාපොරොත්තුව වන්නේ, දැන් දරුවන් සහ පරම පියා සමාන විය යුතු බවයි. සෑම විටම සිහි කිරීමේ මුසු වී සිටින්න. සමාන වීම යනු, මුසු වී සිටීමයි මෙය, විශ්‍රාමික ස්ථීතියේ සිටීමේ සලකුණකි.

පාඨය:
එඩිතරකමේ එක් පියවරක් තබන්න, එවිට පරම පියා උපකාර කිරීමේ පියවර දහසක් ගනි.