11.08.22       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ආධ්‍යාත්මික ඥානය උකහා ගැනීම උදෙසා ඔබගේ බුද්ධිය පවිත්‍ර, ස්වර්ණමය බඳුනක් බවට පත්විය යුතුය. පාරිශුද්ධත්වයේ රාඛි එකක් බඳින්න, එවිට, ඔබ අධිරාජ්‍යයේ තිලකය ලබනු ඇත.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ මේ මොහොතේදී උත්සාහ දරා පරම පියාගෙන් දිනාගත යුතු සහතිකය කුමක්ද?

පිළිතුර:
පාරිශුද්ධ ලෝකය වෙත යාම සඳහා ඔබට පාරිශුද්ධත්වයේ සහතිකයක් අවශ්‍යයි. එනම්, වටිනා කෙනෙක් බවට පත්විය යුතුයි. මෙලෙස පාරිශුද්ධත්වය සඳහා පොරොන්දුවක් වූ පසු, බුද්ධිය ස්වර්ණමය යුගයට අයත් එකක් බවට පත් වෙනවා. මේ සඳහා පරම පියාගේ උපදේසය නම්: දරුවනි, ඔබගේ සිහිය අන් සෑම කෙනෙක්ගෙන්ම ඉවතට ගෙන ඥානය නම් වූ සෑය මත අසුන් ගන්න. එකම එක මව හා පියාව අනුගමනය කරන්න. තමන් අනිවාර්යෙන්ම පාරිශුද්ධව සිටිනා බවට පොරොන්දු වන්න. පියා හා අවංකව කටයුතු කරන්න.

ගීතය:
මගේ සහෝදරය, රාඛි බන්ධනයේ වගකීම ඉටු කරලනු මැන...

ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ නොයෙකුත් වාර ගණනාවක් මෙම ගීතය අසා තිබෙනවා. භක්ති මාර්ගයේදී මිනිස්සු රක්ෂා බන්ධන් උත්සවය සමරමින් ගීත ගායනා කරමින් සිටියා. දැන් මේ තිබෙන්නේ ඥානයේ මාර්ගයයි. පරම පියා දරුවන් වන ඔබට දැන් මෙසේ කියනවා: දරුවනි, මායා, රාවන් ජය ගැනීම තුළින් ඔබ ලෝකය ජය ගත්තන් බවට පත් වනු ඇත. එනම්, ඔබ ලෝකයේ පාලකවරුන් බවට පත් වේවි. උත්සාහය රඳා පවතින්නේ පස් පව් ජය ගැනීම මත බව දරුවන් වන ඔබ දන්නවා. එහිදීත්, ලොකුම සතුරා වන්නේ රාගය නම් වූ පාපයයි. පාරිශුද්ධත්වය නිසා නොයෙකුත් කලබල, ප්‍රචණ්ඩකාරීත්වයන් සිදු වෙනවා. මායාව ජයගෙන ලෝක පාලකවරුන් බවට පත්වීම සඳහා ඔබව උනන්දු කරවිය හැක්කේ ඉහළම ඉහළ පරම පියාට පමණයි. අසීමිත පියාගෙන් උරුමය දිනා ගැනීම සඳහා තමන් අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි කියා දැන් දරුවන් වන ඔබ හොඳින් දන්නවා. ලෞකික අධ්‍යාපනයක් පවා හදාරන්නේ බ්‍රහ්මචාරීව සිටිමිනුයි. මෙය ආධ්‍යාත්මික අධ්‍යාපනයයි. මේ ඥානයේ ධනය තැන්පත් කර තැබීම සඳහා රත්‍රන් භාජනයක්, එනම්, පවිත්‍ර භාජනයක් අවශ්‍යයි. සෑම කෙනෙකුගේම බඳුන දැන් ගල් බවට පත් වී තිබෙනා නිසා පාරිශුද්ධත්වයට පත් වීමට ටික කලක් ගත වෙනවා. පරම පියා පැහැදිලි කර කියා දෙනවා: නිවස බලා ගමන් කිරීම සඳහා ඔබ දැන් පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඥානය හා යෝගාව වැඩි වැඩියෙන් හැදෑරූ තරමට ඔබගේ බුද්ධිය ද ටිකෙන් ටික පාරිශුද්ධත්වයට පත්වනු ඇත. මන්ද, දැන් තමන් නිවස බලා ගමන් කළ යුතුයි කියා ඔබ දන්නවා. කලි යුගයෙන් තඹ යුගයටත්, එතනින් රිදී යුගයටත්, ඉන් පසුව ස්වර්ණමය යුගයටත් ඔබ යා යුතුයි. මෙම අධ්‍යාපනය, ඔබ හොඳින් ඉදිරියට යන අතරතුර දී මායා පහර දෙන ආකාරයේ එකක්. සෑම කෙනෙක්ටම පාරිශුද්ධව සිටින්න බැහැ. මායා කුණාටු ගණනාවක් නිර්මාණය කරනවා. කලි යුගයෙන් ඔබ තඹ යුගයට යද්දී, මායාගේ කුණාටු ඔබව වට කර ගන්නා නිසා බුද්ධිය නැවතත් වතාවක් කලි යුගයේ එකක් බවට පත් වී පරිහාණියට පත් වනවා. ඔබ අනිවාර්යෙන්ම බිම ඇද වැටී පසුව නැවතත් නැඟිට, තඹ යුගයටත්, එතනින් රිදී යුගයටත්, ඉන් පසුව ස්වර්ණමය යුගයටත් යනවා. ඉගෙන ගන්නා අතර, ඥානයට ඇහුම්කන් දෙන අතර, අවසානයේ දී අපේ බුද්ධිය ස්වර්ණමය යුගයේ බුද්ධියක් බවට පත් වෙනවා. පසුව අපි අපේ ශරීර අත් හරිනවා. මේ මොහොත වන විට, නැඟීම් බැසීම් ගණනාවක් ඇති වෙමින් පවතිනවා. එයට කාලය ගත වෙනවා. ඔබගේ බුද්ධිය ස්වර්ණමය යුගයේ බුද්ධියක් බවට පත් වූ විට අධිරාජ්‍යය වෙත අයිතිය ඇති කෙනෙක් බවට ඔබ පත් වෙනවා. පාරිශුද්ධත්වයේ රාඛියක් බැඳීම තුළින්, අධිරාජ්‍යයේ තිලකය ඔබට හිමි වන බව සඳහන් වී තිබෙනවා. අධිරාජ්‍යයක් දිනා ගැනීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වය සඳහා පොරොන්දුවක් විය යුතු බව දරුවන් වන ඔබ හොඳින් දන්නවා. ඥානය හා යෝගාව ධාරණය කර ගැනීම සඳහා කාලයක් ගත වෙනවා. ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වා ගමන් කිරීමට වසර 5000ක් ගත වෙනවා. ඔබ දැන් හොඳින් ඉගෙන ගන්නවා. එය සිදුවන්නේ මෙම උපතේදී, මෙම ස්ථානයේදී පමණයි. ඉගෙනීම වැඩි වූ තරමට ඔබගේ සතුට ද තව තවත් වර්ධනය වනු ඇත. යෝගා බලයෙන් හා ඥානයේ බලයෙන් අපි අධිරාජ්‍යය ස්ථාපනය කරන්නෙමු. සෑම දෙයකම බලයක් තිබෙනවා. ටිකක් ඉගෙන ගැනීමෙන් අඩු බලයකුත්, වැඩියෙන් ඉගෙන ගැනීමෙන් වැඩි බලයකුත් ඔබට ලැබෙනවා; ඔබ උසස් තත්ත්වයක් ලබනවා. මෙහිදීත් එය එසේමයි: ටිකක් ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙන්නේ අඩු තත්ත්වයක්. පරම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා: මෙම බ්‍රහමින් ධර්මය ඉතා කුඩායි. බ්‍රහ්මින්වරුන් සූර්ය හා චන්ද්‍ර වංශයන්හී දෙවි දේවතාවරුන් බවට පත් වනවා. ඔබ දැන් උත්සාහ දරමින් සිටිනවා. තමන් දැන් මේ තඹ යුගයට එළඹුණා පමණයි කියා ඔබ තේරුම් ගත යුතුයි. ඔබ රිදී හා ස්වර්ණම යුග වලට පැමිණිය යුතුයි. අවසානයේදී දරුවන් බොහොමයක් එහි සිටීවි. සෑම දෙයක්ම රඳා පවතින්නේ පාරිශුද්ධත්වය මතයි. ඔබ වැඩියෙන් ස්මරණයේ සිටින විට, ඔබ බොහෝ බලය ලබනු ඇත. තමන් අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් වී භාරතයත් පාරිශුද්ධත්වයට පත් කරවනවා කියා ඔබ පරම පියාට පොරොන්දු වී තිබෙනවා. ඔබ රාඛි බඳින්න ගිය විට: මීට වසර 5000කට පෙරත් අපි මෙම, ඔබව පාරිශුද්ධත්වයට පත් කරවීම සඳහා මෙම රාඛිය බැඳීමට පැමිණියා කියා පැහැදිලි කර කියා දිය යුතුයි. රාඛි බන්ධනය එක් දිනකට පමණක් සීමා වූවක් නොවෙයි: අවසානය දක්වාම එය ගමන් කරනවා. ඔබ නිත්‍ය වශයෙන්ම පොරොන්දුව රැක ගනිමින් තම අධ්‍යාපනයටත් අවධානය යොමු කරනවා. ඥානයෙන් හා යෝගාව මඟින් ඔබ කලි යුගයෙන් ස්වර්ණමය යුගයට යා යුතුයි කියා ඔබ දන්නවා. තමෝප්‍රධාන් තත්ත්වයෙන් ඔබ සතෝප්‍රධාන් තත්ත්වයට පත් විය යුතුයි. අළුත් කෙනෙක් මේ දේවල් එතරම්ම තේරුම් ගන්නා එකක් නැහැ. අන්න ඒ නිසා තමයි ඔබගේ දින හතේ බතිය ඉතාමත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ. පළමුවෙන්ම ඔබ ඔවුන්ගේ නාඩි පරීක්ෂා කර බැලිය යුතුයි. පරම පියාගේ හැඳින්වීම ලබා ගන්නා තෙක්, ඔහු ගැන ශ්‍රද්ධා විශ්වාසයක් ඇති කර ගන්නා තෙක් ඔවුන් කිසිම දෙයක් අවබෝධ කර ගන්නා එකක් නැහැ. දිගටම ඔබගෙන් හැඳින්වීම ලබා ගනීවි. ගස දිගින් දිගටම වර්ධනය වේවි. ස්ව ආධිපත්‍යය ස්ථාපනය වීම සඳහා කාලයක් ගත වෙනවා. ඔබ ස්වර්ණමය යුගය (ස්ථිතිය) වෙත ලඟා වෙන තෙක් ලෝකය විනාශ විය නොහැකියි. බොහෝ දරුවන් සිටිනා කාලයක් පැමිණේවි. දැන්, රක්ෂා බන්ධන් කාලයේදී ඔබ වැදගත් පුද්ගලයින් සිටිනා තැන් වලට යනවා. ඔවුන්ටත් මෙය පැහැදිලි කර කියා දිය යුතුයි. පාරිශුද්ධකරුවා වන පරම පියා ලෝකය අපිරිසිදු තත්ත්වයෙන් පිරිසිදු කර වීම සඳහා පැමිණෙන්නේ මෙම සංගම යුගයේදී පමණයි. භාරතය ඇත්තෙන්ම පාරිශුද්ධව තිබුණා, දැන් එය අපිරිසිදු වෙලා. මහා භාරත යුද්ධය දැන් ඉදිරිපිටම තිබෙනවා. පරම පියා කියනවා: දරුවනි, මායා, රාවන් ඔබගේ ලොකුම සතුරායි. අනිත් අය කුඩා භෞතික සතුරන්. භාරතයේ ලොකුම සතුරා රාවනුයි. අන්න ඒ නිසා තමයි පාරිශුද්ධත්වයේ රාඛිය බැඳිය යුතු වන්නේ. භාරතය උසස් කර වීම සඳහා තමන් දැන් අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත්වෙනවා කියා බාබාට පොරොන්දු විය යුතුයි. අපි නොකඩවාම අන් අයවත් එම තත්ත්වයට පත් කරවන්නෙමු. දැන්, සෑම කෙනෙක්ම රාවන් නිසා පරාජයට පත් වෙලා. මිනිස්සු භාරතයේ පමණක් රාවන්ගේ පඹයෙක් සාදා පුළුස්සනවා. රාවන්ගේ රාජ්‍යය කල්ප බාගයක් පුරා ක්‍රියාත්මක වුණා. මෙය පැහැදිලි කර කියා දිය යුතුයි. කිසිම දෙයක් පැහැදිලි කර කියා නොදී රාඛි බැඳීමෙන් ඇති වැඩක් නැහැ. ඔබ පමණයි මෙම කතාන්දරය ගැන දන්නේ. මීට වසර 5000කට පෙරත් බාබා පැමිණ, ඔබ පාරිශුද්ධත්වයට පත්වුණොත් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට ඔබ නාරායන කෙනෙක් බවට පත් වේවි, කියා කියූ බවක් වෙන කිසිම කෙනෙක් කියනා එකක් නැහැ. සත්‍ය නාරායනගේ කතාව හා අමරණීයත්වයේ ස්වාමියාගේ කතාව කියා දිය හැක්කේ ඔබට පමණයි. භාරතය පාරිශුද්ධව තිබුණු බව ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි; එය රත්‍රන් ගේකුරුල්ලා වූවා. දැන් එය අපිරිසිදු වෙලා; දැන් එය හැඳින්විය හැක්කේ යකඩ ගේකුරුල්ලා වශයෙනුයි! පරම පියාගේ හැඳින්වීම ලබා දී, අහන්න එය විශ්වාස කරනවාද කියා. පරම පියා අනිවාර්යෙන්ම බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට උරුමය ලබා දෙනවා. පරම පියා කියනවා: දැන් මා සිහිපත් කරන්න. ඔබගේ උපත් 84 දැන් අවසන් වෙමින් පවතිනවා. ඔබ මායාට යට වුණා. දැන් නැවතත් වතාවක් මායාව ජයගත යුතුයි. දරුවනි, දැන් පාරිශුද්ධත්වයට පත් වෙන්න කියා කියන්නේ ඔබගේ පියාමයි. දරුවනුත්: ඔව් බාබා, කියා කියනවා. අපි අනිවාර්යෙන්ම ඔබගේ උදව්කරුවන් බවට පත්වන්නෙමු. අපි අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් වී භාරතයත් පාරිශුද්ධ කරවන්නෙමු. අපි ඇවිත් ඉන්නේ ඔබෙන් සල්ලි ගන්න නොවෙයි කියා ඔවුන්ට කියන්න. අප පැමිණ සිටින්නේ පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්නයි. ඔබ සෑම කෙනෙක්ම පියාගේ සමගාමීන්, එහෙම නේද? පියා පැමිණ පණිවිඩයක් ලබා දෙනවා. ඔහු, දරුවනි, අන් සෑම කෙනෙක්වම ඔබගේ සිහියෙන් ඉවත් කර ගන්න යැයි කියා දරුවන්ට උපදෙස් දෙනවා. ඔබ පැමිණියේ අශාරීරිකවයි. පළමුවෙන්ම ඔබ සත් යුගයේදී ඔබගේ චරිත කොටස රඟපෑවා. ඔබ ලස්සනට සිටියා, එනම්, ඔබ පාරිශුද්ධව සිටියා. පසුව රාගය නම් වූ සෑය මත අසුන් ගැනීම නිසා ඔබ අවලස්සන වූවා. භාරතය ස්වර්ණමය යුගය වශයෙන් තිබුණා. දැන් භාරතය හඳුන්වන්නේ යකඩ යුගයක් වශයෙනුයි. දැන් ඔබ රාගය නම් වූ සෑයෙන් බිමට බැස ඥානය නම් වූ සෑය මත අසුන් ගත යුතුයි. පරම පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක්ම සිහිපත් කරන්න. පාරිශුද්ධත්වය සඳහා පොරොන්දුවක් වෙන්න. අපි සහෝදර සහෝදරියන්ය, එකම පියාගේ දරුවන්ය. ඔබ ඔහුගේත් දරුවන්, නමුත් ඔබව එසේ විය යුතු බව ඔබ සළකන්නේ නැහැ. බී. කේ. කෙනෙක් වූවාට පසුව පමණයි ඔබට ශිව බාබාගෙන් උරුමය දිනා ගත හැකි වන්නේ. මෙය අපිරිසිදු හා දූෂිත වූවන්ගෙන් පිරි ලෝකයකි. එකම එක උසස් කෙනෙක් වත් මෙහි නැහැ. සත් යුගයේ එකම එක දූෂිත කෙනෙක්වත් නැහැ. මෙය අසීමිතත්ත්වය පිළිබඳ වූ කරුණක්. මුළු උසස් ලෝකයම ස්ථාපනය කිරීම පරම පියාගේම පමණක් වන කාර්යයි. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් පියාගෙන් උරුමය දිනා ගන්නවා. අපි පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දු වෙනවා. එසේ පොරොන්දු වූ අයගේ ඡායාරූප පොතක් සෑදිය යුතුයි. පාරිශුද්ධත්වයට පත් වූයේ නැති නම් ඔබට පාරිශුද්ධ ලෝකය වෙත යා නොහැකියි. ඔබව වටිනා අය බවට පත් කරවා සහතික දෙන්නේ පරම පියා පමණයි. සෑම කෙනාගේම පාරිශුද්ධකරුවාණන්, මුක්තිය පිරිනමන්නා වන්නේ එකම එක පරම පියා පමණයි. අපිරිසිදු අය සුදුස්සන් නොවෙයි. අපිරිසිදුතාවය නිසා භාරතය පාඩු විඳින, අසතුටින් පිරි එකක් බවට පත්වෙලා. ස්වර්ණමය යුගයේදී භාරතය පාරිශුද්ධ හා සතුටින් පිරි එකක් වශයෙන් තිබුණා. පරම පියා කියනවා: දැන් පාරිශුද්ධත්වයට පත්වන්න! මෙම විධානය දෙන්න: පාරිශුද්ධත්වයට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටිනා අය කස පහරට ලක් නොවිය යුතුයි. පාපයන් නිසා පිරිමින් මහත් වියසන ඇති කරනවා. අන්න ඒ නිසා තමයි මව්වරුන්ටත් භාරතය උසස් ලෝකයක් බවට පත් කරවීමට නොහැකි වී තිබෙන්නේ. මේ ගැන හොඳ සෝදිසියක් කළ යුතුයි. කොහොමනමුත්, තවමත් දරුවන් එතරම් වර්ධනය වී නැහැ. ස්වර්ණමය ස්ථිතිය වෙත ළඟා වූ විට, ඔවුන් තුළ තවත් කෙනෙක්ට පැහැදිලි කිරීමේ හැකියාව ඇති දීප්තියක් ඇති වේවි. දවසින් දවස දරුවන්ට කරුණු රාශියක් ලැබෙනවා. දරුවනි, මෙය මහත් තියුණු නැග්මක් බව ඔබ දන්නවා. ඔබ මවත් පියාත් අනුගමනය කළ යුතුයි. මව සහ පියා කියා ඔබ කියනවා. ඒකායන ඔහු පියා වන නිසා මොහු මව වෙනවා. කොහොමනමුත්, ඔහු පිරිමි කෙනෙක් නිසා, කළස දී තිබෙන්නේ මව්වරුන්ටයි. ඔබත් මව්වරුන්ය. පුරුෂයින් සහෝදරවරුන්ය. පාරිශුද්ධත්වයේ පොරොන්දුවක් කරවීම සඳහා, සහෝදරවරුන් සහෝදරියන්වත්, සහෝදරියන් සහෝදරවරුන්වත් දිරි ගන්වනවා. මව්වරුන් ඉදිරියෙන්ම යාමට සකස් කරනවා. සාමාන්‍ය මිනිස්සුත් කාන්තාවන්ව ඉහළින් තබනවා. පෙර දිනවල කාන්තා ජනාධිපතිවරු හෝ අගමැතිවරු සිටියේ නැහැ. පෙර පැවතියේ, රජවරුන්ගේ රාජ්‍යයක් පමණයි. ඒ දිනවල, කුමක් හෝ අළුත් සොයා ගැනීමක් සොයා ගත් කල එරට රජුට ඒ ගැන දැනුම් දෙනවා. පසුව එහි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ඔහු උපදෙස් දෙනවා. මෙහි ඇත්තේ මිනිසුන් විසින් පාලනය වන මිනිසුන්ගේ ආණ්ඩුවක්. ඇතැම් අය ඒ ගැන විශ්වාස කරනවා, අනිත් අය විශ්වාස කරන්නේ නැහැ. ඔබ උත්සාහ දැරිය යුතුයි. ගීතාව තුළ පවා ශ්‍රී ක්‍රිෂ්ණාගේ නාමය තැබීමෙන් ලොකුම ලොකු වැරැද්ද කර ඇති ආකාරය ඔබ දන්නවා. අප කියනා දෙය එක් අයෙක් පිළිගනීවි, තවත් කෙනෙක් පිළිගන්නා එකක් නැහැ. ඉදිරියට වර්ධනය වන අතර, ඔබට ශක්තිය ලැබෙනු ඇත. ජිවාත්මය කියනවා: මම දැන් ස්වර්ණමය යුගය වෙත යා යුතුයි. බුද්ධියට දමා තිබූ අගුල දැන් විවෘත වෙලා. දැන් ඔබට ඉතාමත් හොඳින් ඥානය අවබෝධ කර ගත හැකියි. ක්‍රම ක්‍රමයෙන් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම මෙය අවබෝධ කර ගනු ඇත. අහිංසක අය ප්‍රහාර වලට එල්ල වෙනවා. ද්‍රවුපති කස පහරට ලක් වූවා කියා ග්‍රන්ථ වල සඳහන් වී තිබෙනවා. එමනිසා, ඒ මොහොතේදී, පියාගේ සිහියේ සිටිනවා වෙනුවට වෙන මොනවාද කළ හැක්කේ ? බාබාව ඇතුලාන්තයෙන්ම සිහි කළොත් එකී පාපය එකතු නොවනු අත. ඔබ සිටින්නේ අන් අයගේ බලපෑමට යටත්වයි. ඔව්, ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. එකිනෙකාගේ කර්ම බන්ධන එකිනෙකාට වෙනස්. ඇතැම් අය තම බිරින්දෑවරුන්ටත් පහර දෙනවා; ඉතින්, එයින් තේරුම් ගන්නවා ඇය, එහිදී හොඳ තත්ත්වයක් ලබනා බව. ඇය මොනවා කරන්නද? පාරිශුද්ධව සිටීමේ ඉතාමත් හොඳ විධි පරම පියා පෙන්වා දෙනවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් සහෝදර සහෝදරියන්. ඉතින්, එහි කිසිම ආකාරයක පාප දෘෂ්ටියක් නොතිබිය යුතුයි. පරම පියා කියනවා: ඔබ මෙම පොරොන්දුව කැඩුවොත්, ඔබට මහත් සේ වේදනා විඳින්න සිදු වේවි. බුද්ධියත් කියනවා: අසීමිත පියාට ඇහුම්කන් නොදුන්නොත් ඔබ බිම ඇද වැටී වේදනා විඳීවි. ඔබ දිගටම නැවත නැවතත් වැටුණොත්, ඔබ පරාජයට පත් වේවි. මෙය බොක්සිං ක්‍රීඩාවයි. මේ සෑම දෙයක්ම අදෘෂ්‍යමානයි. මෙහි ඇති ප්‍රධානම දේ නම්, පාරිශුද්ධත්වය හා අධ්‍යාපනයයි. වෙන කිසිම අධ්‍යාපනයක් නැහැ. භක්ති මාර්ගයේ ව්‍යාපාර රැසක් තිබෙනවා. භක්තිවන්තයින් භක්ති කර දෙවියන් සෑම අංශුවකම සිටිනවා කියා කියනවා. දැන් ඔබට ඥානය ලැබී තිබෙනවා. මීට පෙර දෙවියන් සර්ව ව්‍යාප්තියි කියා ඔබත් කිව්වා: මම කොහේ බැලුවත් මට පෙනෙන්නේ ඔබවමයි කියා ඔබ කිව්වා. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ ක්‍රීඩාවේ කොටස්. දෙවියන් නොයෙකුත් ස්වරූපයන් ගෙන මෙම ක්‍රීඩාව කරනවා. හොඳයි, සෑම අංශුවකම හිඳිමින් ඔහු කරන ක්‍රීඩා මොනවාද? ඔවුන් අසීමිත පියාව අපහාසයට ලක් කරනවා! මෙයත් ක්‍රීඩාවක්, ඒ නිසා තමයි පරම පියා පැමිණිය යුතු වන්නේ. දරුවන් වන ඔබ සතුටින් සිටිය යුතුයි. ඔබට පරම පියාගේ උපදෙස් ලැබෙනවා. පාරිශුද්ධ ලෝකයට යාමට අවශ්‍ය නම්, ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. කොහොමහරි තමන් ස්වර්ගයට යනවා නේ කියා සිතන්න එපා: එවිට ඔබට ලැබෙනා තත්ත්වය කුමක්ද? එය උත්සාහය නොවෙයි. රජවරුන් සහ රැජිනියන් වීම සඳහා ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි! නාටකයේ රහස් කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. තමන් සෑම කල්පයකදීම පියාගෙන් උරුමය දිනා ගන්නවා කියා ඔබ දැන් දන්නවා. බාබා එනවා. සාදා ඇති පින්තූර කෙතරම් ලස්සනද කියා බලන්න! ලොකු පින්තූර ඉදිරියට මිනිසුන්ව ගෙන එන්න. ඔබ සෑම කෙනෙක්ම ශල්‍ය වෛද්‍යවරයෙක් වන අතර ශිව් බාබා සදාතනික, ස්වර්ණමය ශල්‍ය වෛද්‍යවරයා වනවා. අනුපිළිවෙලට, ඔබලාත් ශල්‍ය වෛද්‍යවරුන් වනවා. තවමත් කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම ස්වර්ණමය යුගයේ අය බවට පත් වී නැහැ. ඔබ සේවය කළ යුතුයි. පැහැදිලි කරනා විට, සෑම කෙනෙකුගේම නාඩි අල්ලා බලන්න. මහාරාතීන්ලාට ඉතාමත් හොඳින් මේ දේ කළ හැකියි. ඔබ සම්පූර්ණයෙන්ම ස්වර්ණමය යුගයේ බවට පත් විය යුතුයි. ඔබ තවමත් ඒ තත්ත්වයට පත් වී නැහැ. ඒ තත්ත්වයට පත් වීමට ටික කලක් ගත වෙනවා. මායාගේ කුණාටු ඔබව පීඩාවට පත් කරවනවා. මේ සෑම දෙයක්ම අවබෝධ කර ගත යුතුයි. විශාල අවංක බවකින් යුතුව ඔහුව ආශ්‍රය කරමින් ඔබ ඔබගේ උරුමය පරම පියාගෙන් දිනා ගත යුතුයි. ඔබගේ ඇතුලාන්තයෙහි කිසිම නරක දෙයක් නොතිබිය යුතුයි. යෝගා බලයක් නොමැති නිසා මායා ඔබට හිරිහැර කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාට පොරොන්දුවක් වීමෙන් අනතුරුව කිසිම විටෙක ඔබ එම පොරොන්දුව කඩ නොකළ යුතුයි. පාරිශුද්ධත්වය තුළින් හා ඉගෙනීම මඟින් ජීවාත්මය ස්වර්ණමය යුග එකක් කරන්න.

2. සෑම කෙනෙක්වම ඔබගේ සිහියෙන් ඉවත් කර ගෙන අශාරීරික වීම පුහුණු කරන්න. යෝගා බලයෙන් මායාගේ කුණාටු පලවා හැර ජය ලබන්න.

වරදානය:
ඔබව ලෝක යහපත උදෙසා උපකරණයක් වශයෙන් සලකන නිසා ඔබ සියලු නිෂ්ඵල දේ වලින් නිදහස් වී පරම පියා හා සම වේවා.

හුදෙක් පරම පියා ලෝක පරිත්‍යාගශීලියා වූවා සේ, එලෙසින්ම, ලෝක යහපත උදෙසා ඔය දරුවනුත් උපකරණයන් වේ. උපකරණ ජීවාත්ම වන ඔබගේ ආකල්පය මඟින් වාතාවරණය වෙනස් විය යුතුයි. ඔබේ සිතිවිලි කෙසේ වේද ඔබේ ආකල්පය ද එසේ වේවි. එමනිසයි, ලෝක යහපත උදෙසා උපකරණ වුවන් හට ඔවුන්ගේ සිතිවිලි හෝ ආකල්පය මොහොතකට පවා අපතේ යැවිය නොහැක්කේ. අවස්ථාව කුමක් වුවත් පුද්ගලයා කෙබඳු වුවත් ඔබේ හැඟීම් සහ ආකල්පය පරහිතකාමී විය යුතුයි. ඔබට අවමන් කළ අයට පවා සුබ පතන්න. එවිට ඔබ පියා මෙන්ම නිෂ්ඵල දේ වලින් නිදහස් යැයි කියනු ඇත.

පාඨය:
සහයෝග වීමේ බලයෙන් කළ නොහැකි දෙය පවා කළ හැකි වනවා ඇත.